යෙදුමෙන් කියවන්න

10. භීමසෙනජාතකවණ‍්ණනා 80 අට‍්ඨකථා

10. භීමසෙනජාතකවණ‍්ණනා (80)

10. භීමසේන ජාතකය (80)

යං තෙ පවිකත්‍ථිතං පුරෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං විකත්‍ථිතං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. එකො කිර භික‍්ඛු “ආවුසො, අම‍්හාකං ජාතිසමා ජාති, ගොත‍්තසමං ගොත‍්තං නාම නත්‍ථි, මයං එවරූපෙ නාම මහාඛත‍්තියකුලෙ ජාතා, ගොත‍්තෙන වා ධනෙන වා කුලප‍්පදෙසෙන වා අම‍්හෙහි සදිසො නාම නත්‍ථි, අම‍්හාකං සුවණ‍්ණරජතාදීනං අන‍්තො නත්‍ථි, දාසකම‍්මකරාපි නො සාලිමංසොදනං භුඤ‍්ජන‍්ති, කාසිකවත්‍ථං නිවාසෙන‍්ති, කාසිකවිලෙපනං විලිම‍්පන‍්ති. මයං පබ‍්බජිතභාවෙන එතරහි එවරූපානි ලූඛානි භොජනානි භුඤ‍්ජාම, ලූඛානි චීවරානි ධාරෙමා”ති ථෙරනවමජ‍්ඣිමානං භික‍්ඛූනං අන‍්තරෙ විකත්‍ථෙන‍්තො ජාතිආදිවසෙන වම‍්භෙන‍්තො ඛුංසෙන‍්තො විචරති. අථස‍්ස එකො භික‍්ඛු කුලප‍්පදෙසං පරිග‍්ගණ‍්හිත්‍වා තං විකත්‍ථනභාවං භික‍්ඛූනං ආරොචෙසි. භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිපතිතා “ආවුසො, අසුකො නාම භික‍්ඛු එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා විකත්‍ථෙන‍්තො වම‍්භෙන‍්තො ඛුංසෙන‍්තො විචරතී”ති එතස‍්ස අගුණං කථයිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, සො භික‍්ඛු ඉදානෙව විකත්‍ථෙන‍්තො වම‍්භෙන‍්තො ඛුංසෙන‍්තො විචරති, පුබ‍්බෙපි විකත්‍ථෙන‍්තො වම‍්භෙන‍්තො ඛුංසෙන‍්තො විචරී”ති වත්‍වා අතීතං ආහරි.

“යං තෙ පවිකත්‍ථිතං පුරෙති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක්තරා ආත්ම වර්ණනාවකට ගිජු භික්‍ෂුවක් අරබයා වදාළහ. එක් භික්‍ෂුවක් ඇවැත්නි, අපගේ ජාතියට සමාන ජාතියකුත් ගෝත්‍රයට සමාන ගෝත්‍රයකුත් නැත. අපි මෙබඳු වූ මහතැන් කුලයෙහි උපන්නෝ වෙමු. ගෝත්‍රයෙන් හෝ කුල තත්ත්වයෙන් අප හා සම වූවකු නැත. අපට රන් රිදී ආදියෙහි කෙළවරක් නැත. අපගේ දැසි දස් කම්කරුවෝ ද ඇල් හාලේ බත් අනුභව කරත්. කසී සළු අඳිත්. කසී රටෙහි වූ සුවඳ විලවුන් ගල්වත්. අපි දැන් පැවිදි වූ බැවින් මෙබඳු රළු බොජුන් වළඳමු. රළු සිවුරු දරමු යි තෙරුන් හා නවක, මධ්‍යම භික්‍ෂූන් අතර තමා ගුණ කියමින් මෙරමා ජාති ආදියෙන් අවමන් කැරෙමින් මුලා කැරෙමින් හැසිරෙයි. ඉක්බිති, එක් භික්‍ෂුවක් ඔහුගේ කුලය පිළිබඳ තොරතුරු පරීක්‍ෂා කොට ඔහුගේ ආත්ම වර්ණනයක් බව ප්‍රකාශ කළේය. භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, අසවල් භික්‍ෂුව මෙබඳු නිර්වාණ ගාමී සසුනෙහි පැවිදි ව තමා ගුණ ගයමින් මෙරමා ගරහමින් වංචා කැරෙමින් හැසිරෙතැ යි ඔහුගේ අගුණ කියමින් සිටියහ. බුදු රජහු වැඩමවා මහණෙනි, කවර නම් කථාවකින් මෙහි හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහුයැ යි කී කල්හි, මහණෙනි, මේ භික්‍ෂුව දැන් පමණක් තමා ගුණ ගයමින් මෙරමා ගරහමින් වංචා කැරෙමින් හැසිරෙන්නේ නො වෙයි. පෙරත් එසේ ම හැසිරෙන්නේ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං නිගමගාමෙ උදිච‍්චබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං දිසාපාමොක‍්ඛස‍්ස ආචරියස‍්ස සන‍්තිකෙ තයො වෙදෙ අට‍්ඨාරස විජ‍්ජට‍්ඨානානි උග‍්ගහෙත්‍වා සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත්‍වා චූළධනුග‍්ගහපණ‍්ඩිතො නාම අහොසි. සො තක‍්කසිලාතො නික‍්ඛමිත්‍වා සබ‍්බසමයසිප‍්පානි පරියෙසමානො මහිංසකරට‍්ඨං අගමාසි. ඉමස‍්මිං පන ජාතකෙ බොධිසත‍්තො ථොකං රස‍්සො ඔණතාකාරො අහොසි. සො චින‍්තෙසි “සචාහං කඤ‍්චි රාජානං උපසඞ‍්කමිස‍්සාමි, සො ‘එවං රස‍්සසරීරො ත්‍වං කිං අම‍්හාකං කම‍්මං කරිස‍්සසී’ති වක‍්ඛති, යංනූනාහං ආරොහපරිණාහසම‍්පන‍්නං අභිරූපං එකං පුරිසං ඵලකං කත්‍වා තස‍්ස පිට‍්ඨිච‍්ඡායාය ජීවිකං කප‍්පෙය්‍ය”න‍්ති. සො තථාරූපං පුරිසං පරියෙසමානො භීමසෙනස‍්ස නාමෙකස‍්ස තන‍්තවායස‍්ස තන‍්තවීතට‍්ඨානං ගන‍්ත්‍වා තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “සම‍්ම, ත්‍වං කින‍්නාමොසී”ති පුච‍්ඡි. “අහං භීමසෙනො නාමා”ති? “කිං පන ත්‍වං එවං අභිරූපො උපධිසම‍්පන‍්නො හුත්‍වා ඉමං ලාමකකම‍්මං කරොසී”ති? “ජීවිතුං අසක‍්කොන‍්තො”ති. “සම‍්ම, මා එතං කම‍්මං කරි, සකලජම‍්බුදීපෙ මයා සදිසො ධනුග‍්ගහො නාම නත්‍ථි. සචෙ පනාහං කඤ‍්චි රාජානං පස‍්සෙය්‍යං, සො මං ‘එවංරස‍්සො අයං කිං අම‍්හාකං කම‍්මං කරිස‍්සතී’ති කොපෙය්‍ය, ත්‍වං රාජානං දිස‍්වා ‘අහං ධනුග‍්ගහො’ති වක‍්ඛසි. රාජා තෙ පරිබ‍්බයං දත්‍වා වුත‍්තිං නිබද‍්ධං දස‍්සති. අහං තෙ උප‍්පන‍්නකම‍්මං කරොන‍්තො තව පිට‍්ඨිච‍්ඡායාය ජීවිස‍්සාමි. එවං උභොපි සුඛිතා භවිස‍්සාම. කරොහි මම වචන”න‍්ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු එක්තරා නියම් ගමෙක උසස් බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූයේ තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි ත්‍රිවේදය ද අටළොස් විද්‍යාවන් ද සියලු ශිල්පයන්හි නිමාවට පත්ව චුල්ල ධනුග්ගහ පණ්ඩිත නම් විය. ඔහු තක්සලාවෙන් නික්ම සියලු ශිල්ප ශාස්ත්‍රයන් සොයමින් මහිංසක රටට ගියේය. මේ ජාතකයෙහි බෝසත්හු මදක් මිටි නැමුණු සිරුරු ඇත්තෙක් වූහ. ඔහු මෙසේ සිතීය. ඉදින් මම කිසියම් රජකු වෙත යන්නෙම් නම් ඒ රජු මෙබඳු මිටි ශරීර ඇති ඔබ අපට කිනම් සේවයක් කරන්නෙහිදැ යි කියන්නේ, මම උස මහතින් යුත් දැකුම්කළු එක් පුරුෂයෙකි. පළිහක් කොට ඔහුගේ පිටිපස සිට ජීවිකාව කරන්නේ නම් මැනවි. හෙතෙම එවැනි පුරුෂයකු සොයමින් භීමසේන නම් එක් නූල් කටින්නකුගේ නූල් වියන තැනට ගොස් ඔහු සමග පිළිසඳර කොට යහළුව, ඔබගේ නම කුමක්දැ යි විචාළේය. මම භීමසේන නම් වෙමි. ඔබ මෙබඳු මනා රූ සපුවකින් යුක්ත වී මෙවැනි ලාමක ක්‍රියා කැරෙමින් ජීවත් වන්නේ මක් නිසා ද? යහළුව, ජීවත්වීමට මඟක් නැති හෙයිනි. මේ ක්‍රියාව නො කරනු. මේ මුළු දඹදිව මා සමාන දුනුවායෙක් නැත්තේය. ඉදින් මම යම්කිසි රජකු බැහැ දකින්නේ නම් ඔහු මට මෙසේ කියන්නේය. මෙවැනි මිටි අයකු අපට කවර නම් සේවයක් කරන්නේදැ යි අසන්නේය. එවිට ධනුර්ධර කියන්නේ ඔබ රජුන් බැහැ දැක තමා ධනුර්ධරයකු යි කියව. රජ ඔබට ජීවන වියදම් දී නිබඳ රැකියාවක් දෙන්නේය. මම ඔබට පැවරුණු කාරිය කැරෙමින් ඔබ පිටිපසෙහි සිට ජීවිකාව කරමි. එවිට අපි දෙදෙනා ම සැපවත් වන්නෙමු. ඔහු මගේ වචනය මැනවැ යි පිළිගත්තේය.

අථ නං ආදාය බාරාණසිං ගන‍්ත්‍වා සයං චූළූපට‍්ඨාකො හුත්‍වා තං පුරතො කත්‍වා රාජද‍්වාරෙ ඨත්‍වා රඤ‍්ඤො ආරොචාපෙසි. “ආගච‍්ඡන‍්තූ”ති වුත‍්තෙ උභොපි පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා අට‍්ඨංසු. “කිංකාරණා ආගතත්‍ථා”ති ච වුත‍්තෙ භීමසෙනො ආහ – “අහං ධනුග‍්ගහො, මයා සදිසො සකලජම‍්බුදීපෙ ධනුග‍්ගහො නත්‍ථී”ති. “කිං පන ලභන‍්තො මං උපට‍්ඨහිස‍්සසී”ති? “අඩ‍්ඪමාසෙ සහස‍්සං ලභන‍්තො උපට‍්ඨහිස‍්සාමි, දෙවා”ති. “අයං තෙ පුරිසො කිං හොතී”ති? “චූළූපට‍්ඨාකො, දෙවා”ති. “සාධු උපට‍්ඨහා”ති. තතො පට‍්ඨාය භීමසෙනො රාජානං උපට‍්ඨහති. උප‍්පන‍්නකිච‍්චං පනස‍්ස බොධිසත‍්තොව නිත්‍ථරති.

ඉක්බිති, ධනුර්ධර ඔහු සමග බරණැසට ගොස් තෙමේ ධනුර්ධරගේ සේවකයා වශයෙන් සිට ඔහු පෙරටු කොට රජ දොරටුවෙහි සිට රජුට දැන්වූයේය. එත්වා යි කී කල්හි දෙදෙනා ම පිවිස රජුන් වැඳ සිටියහ. කුමක් නිසා පැමිණියාහුදැ යි ඇසූ කල්හි භීමසේන මෙසේ කීය. මම දුනුවායෙක් වෙමි. මුළු දඹදිව ම මා හා සමාන වෙනත් දුනුවායෙක් නැත. එවිට රජ කොපමණ ලබන්නේ නම් මට සේවය කරන්නෙහිද? දේවයිනි, අඩ මසකට දහසක් ලබන්නේ නම් සේවය කරමි. රජ එවිට මේ ඔහුගේ අනිත් පුරුෂයා කවරෙක් ද? දේවයිනි, ඔහු මගේ සේවකයාය. එසේ නම් මැනවි. සේවය කරව. එතැන් පටන් භීමසේන රජුට සේවය කරයි. පැමිණෙන කාර්යය බෝසත්හු ද නිමවයි.

තෙන ඛො පන සමයෙන කාසිරට‍්ඨෙ එකස‍්මිං අරඤ‍්ඤෙ බහූනං මනුස‍්සානං සඤ‍්චරණමග‍්ගං බ්‍යග‍්ඝො ඡඩ‍්ඩාපෙති, බහූ මනුස‍්සෙ ගහෙත්‍වා ගහෙත්‍වා ඛාදති. තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසුං. රාජා භීමසෙනං පක‍්කොසාපෙත්‍වා “සක‍්ඛිස‍්සසි, තාත, නං බ්‍යග‍්ඝං ගණ‍්හිතු”න‍්ති ආහ. “දෙව, කිං ධනුග‍්ගහො නාමාහං , යදි බ්‍යග‍්ඝං ගහෙතුං න සක‍්කොමී”ති. රාජා තස‍්ස පරිබ‍්බයං දත්‍වා උය්‍යොජෙසි. සො ඝරං ගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස කථෙසි. බොධිසත‍්තො “සාධු, සම‍්ම, ගච‍්ඡා”ති ආහ. “ත්‍වං පන න ගමිස‍්සසී”ති? “ආම න ගමිස‍්සාමි, උපායං පන තෙ ආචික‍්ඛිස‍්සාමී”ති. “ආචික‍්ඛ, සම‍්මා”ති. ත්‍වං බ්‍යග‍්ඝස‍්ස වසනට‍්ඨානං සහසා එකකොව මා අගමාසි, ජනපදමනුස‍්සෙ පන සන‍්නිපාතෙත්‍වා එකං වා ද‍්වෙ වා ධනුසහස‍්සානි ගාහාපෙත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා බ්‍යග‍්ඝස‍්ස උට‍්ඨිතභාවං ඤත්‍වා පලායිත්‍වා එකං ගුම‍්බං පවිසිත්‍වා උරෙන නිපජ‍්ජෙය්‍යාසි, ජානපදාව බ්‍යග‍්ඝං පොථෙත්‍වා ගණ‍්හිස‍්සන‍්ති, තෙහි බ්‍යග‍්ඝෙ ගහිතෙ ත්‍වං දන‍්තෙහි එකං වල‍්ලිං ඡින්‍දිත්‍වා කොටියං ගහෙත්‍වා මතබ්‍යග‍්ඝස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “භො, කෙනෙස, බ්‍යග‍්ඝො මාරිතො, අහං ඉමං බ්‍යග‍්ඝං ගොණං විය වල‍්ලියා බන්‍ධිත්‍වා රඤ‍්ඤො සන‍්තිකං නෙස‍්සාමී’ති වල‍්ලිඅත්‍ථාය ගුම‍්බං පවිට‍්ඨො, මයා වල‍්ලියා අනාභතාය එව කෙනෙස මාරිතො”ති කථෙය්‍යාසි. අථ තෙ ජානපදා භීතතසිතා “සාමි, මා රඤ‍්ඤො ආචික‍්ඛී”ති බහුං ධනං දස‍්සන‍්ති, බ්‍යග‍්ඝො තයා ගහිතො භවිස‍්සති, රඤ‍්ඤොපි සන‍්තිකා බහුං ධනං ලභිස‍්සසීති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා බොධිසත‍්තෙන කථිතනියාමෙනෙව බ්‍යග‍්ඝං ගහෙත්‍වා අරඤ‍්ඤං ඛෙමං කත්‍වා මහාජනපරිවුතො බාරාණසිං ආගන‍්ත්‍වා රාජානං දිස‍්වා “ගහිතො මෙ, දෙව, බ්‍යග‍්ඝො, අරඤ‍්ඤං ඛෙමං කත”න‍්ති ආහ. රාජා තුට‍්ඨො බහුං ධනං අදාසි. පුනෙකදිවසං “එකමග‍්ගං මහිංසො ඡඩ‍්ඩාපෙතී”ති ආරොචෙසුං, රාජා තථෙව භීමසෙනං පෙසෙසි. සොපි බොධිසත‍්තෙන දින‍්නනයෙන බ්‍යග‍්ඝං විය තම‍්පි ගහෙත්‍වා ආගඤ‍්ඡි, රාජා පුන බහුං ධනං අදාසි, මහන‍්තං ඉස‍්සරියං ජාතං. සො ඉස‍්සරියමදමත‍්තො බොධිසත‍්තං අවමඤ‍්ඤං කත්‍වා තස‍්ස වචනං න ගණ‍්හාති, “නාහං තං නිස‍්සාය ජීවාමි, කිං ත්‍වඤ‍්ඤෙව පුරිසො”තිආදීනි ඵරුසවචනානි වදති.

එසමයෙහි කසී රට වනයක බොහෝ මිනිසුන් යන එන මාර්ගය ව්‍යාඝ්‍රයෙක් අහුරා ගෙන සිටියේය. ඒ ව්‍යාඝ්‍රයා බොහෝ මිනිසුන් අල්ලාගෙන කයි. එපුවත රජුට සැලකළහ. රජ භීමසේන කැඳවා දරුව, ඒ ව්‍යාඝ්‍රයා අල්ලා ගැනීමට හැකිදැ යි ඇසීය. දේවයිනි, ඉදින් ව්‍යාඝ්‍රයකු අල්ලා ගැනීමට නො හැකි නම් දුනු දරන්නම් ද? රජ ඔහුට වියදම් දී පිටත් කෙළේය. ඔහු ගෙට ගොස් බෝසතුන්ට කාරණය කීවේය. බෝසත්හු යහළුව, මැනවි. යව යි කීවේය. ඔබ නො යන්නේ ද? එසේය. මම නො යමි. ඔබට ව්‍යාඝ්‍රයා අල්ලා ගන්නා උපායක් කියමි. එසේ නම් යහළුව, කියනු මැනවි. යහළුව, ඔබ ව්‍යාඝ්‍රයා වසන තැනට තනිය ම වහා නො යනු. දනව් වැසි මිනිසුන් රැස් කැරවා දුනු එක් දහසක් හෝ දෙදහසක් ගෙන්වා ඔවුන් සමග එහි ගොස් ව්‍යාඝ්‍රයා හැසිරෙන බව දැන පලා ගොස් එක් ලැහැබකට පිවිස යටිකුරු ව වැතිරෙව්. එවිට දනව් වැසියෝ ම ව්‍යාඝ්‍රයා තලා පෙළා අල්ලා ගන්නේය. ඔවුන් ව්‍යාඝ්‍රයා අල්ලා ගත් කල්හි ඔබ දත්වලින් එක් වැලක් සිඳ කෙළවර ගෙන මළ ව්‍යාඝ්‍රයා ළඟට ගොස් පින්වත්නි, මේ ව්‍යාඝ්‍රයා කවුරුන් විසින් මරණ ලද්දේ ද? මම මේ ව්‍යාඝ්‍රයා ගොනකු මෙන් වැලෙන් බැඳ රජු සමීපයට ගෙන යන්නෙමි. වැලක් කැඩීම සඳහා ලැහැබට පිවිසියෙමි. මා වැල ගෙන ඒමට පෙර ම, මොහු කවරකු විසින් මරණ ලද්දේදැ යි කියමු. ඉක්බිති, ඒ දනව් වැසියෝ බියෙන් තැතිගෙන ස්වාමීනි, රජුට නො කියනු මැනවි. බොහෝ ධනය දෙන්නෝය. ව්‍යාඝ්‍රයා ඔබ විසින් අල්ලා ගන්නා ලද්දේයැ යි රජු සමීපයෙන් ද බොහෝ ධනය ලබන්නෙහිය. භීමසේන ද මැනවැ යි පිළිගෙන බෝසතුන් විසින් කියන ලද ක්‍රමයෙන් ම ව්‍යාඝ්‍රයා ගෙන වන මාර්ගය නිර්ණය කොට මහජනයා විසින් පිරිවරන ලදුව බරණැසට අවුත් රජු බැහැදැක දේවයිනි, මවිසින් ව්‍යාඝ්‍රයා අල්ලා ගන්නා ලද්දේය. වන මඟ බිය රහිත කළෙමි. රජ සතුටු ව බොහෝ ධන දුන්නේය. නැවත එක් දිනක් එක් මඟක් මීමකු විසින් අත්හරවන ලදැ යි රජුට සැලකළහ. රජ පෙර මෙන් ම භීමසේන යැවීය. ඔහු ද බෝසතුන් විසින් දෙන ලද උපදෙස් අනුව ව්‍යාඝ්‍රයා මෙන් මීමා ද අල්වා ගෙන ආවේය. රජ නැවත ද ඔහුට බොහෝ ධනය දුන්නේය. මෙසේ භීමසේන ධනයෙන් ආඪ්‍ය විය. ධන මදයෙන් මත් වූ ඔහු බෝසතුන්ට අවඥා කොට ඔවුන්ගේ වචනය නො පිළිගනී. මම ඔබ නිසා ජීවත් නො වෙමි. පුරුෂයා ඔබ පමණක් ද? ආදී රළු වචන කියයි.

අථ කතිපාහච‍්චයෙන එකො සාමන‍්තරාජා ආගන‍්ත්‍වා බාරාණසිං උපරුන්‍ධිත්‍වා “රජ‍්ජං වා දෙතු, යුද‍්ධං වා”ති රඤ‍්ඤො සාසනං පෙසෙසි. රාජා “යුජ‍්ඣාහී”ති භීමසෙනං පෙසෙසි. සො සබ‍්බසන‍්නාහසන‍්නද‍්ධො රාජවෙසං ගහෙත්‍වා සුසන‍්නද‍්ධස‍්ස වාරණස‍්ස පිට‍්ඨෙ නිසීදි. බොධිසත‍්තොපි තස‍්ස මරණභයෙන සබ‍්බසන‍්නාහසන‍්නද‍්ධො භීමසෙනස‍්සෙව පච‍්ඡිමාසනෙ නිසීදි. වාරණො මහාජනපරිවුතො නගරද‍්වාරෙන නික‍්ඛමිත්‍වා සඞ‍්ගාමසීසං පාපුණි. භීමසෙනො යුද‍්ධභෙරිසද‍්දං සුත්‍වාව කම‍්පිතුං ආරද‍්ධො. බොධිසත‍්තො “ඉදානෙස හත්‍ථිපිට‍්ඨිතො පතිත්‍වා මරිස‍්සතී”ති හත්‍ථික‍්ඛන්‍ධතො අපතනත්‍ථං භීමසෙනං යොත‍්තෙන පරික‍්ඛිපිත්‍වා ගණ‍්හි, භීමසෙනො සම‍්පහාරට‍්ඨානං දිස‍්වා මරණභයතජ‍්ජිතො සරීරවළඤ‍්ජෙන හත්‍ථිපිට‍්ඨිං දූසෙසි. බොධිසත‍්තො “න ඛො තෙ භීමසෙන පුරිමෙන පච‍්ඡිමං සමෙති, ත්‍වං පුබ‍්බෙ සඞ‍්ගාමයොධො විය අහොසි, ඉදානි හත්‍ථිපිට‍්ඨිං දූසෙසී”ති වත්‍වා ඉමං ගාථමාහ –

ඉක්බිති, කීප දවසක් ඇවෑමෙන් එක් සතුරු රජකු අවුත් බරණැස් නුවර වටකොට රාජ්‍යය හෝ දෙනු. යුද්ධය හෝ කරනු යි රජුට හසුනක් යැවීය. රජ යුද්ධ කැරව යි භීමසේන යැවීය. ඔහු සිය යුද ඇඳුමෙන් සැරසී යුද භටයෙකු සේ වෙස් ගෙන මනාව සරසන ලද ඇතුගේ පිටෙහි හිඳ ගත්තේය. බෝසත්හු ද ඔහු මිය යතැ යි යන බයෙන් සියලු යුද ඇඳුමෙන් සැරසී භීමසේනගේ පසු අසුනෙහි හුන්නේය. ඇතු මහජනයා පිරිවරන ලදුව නුවර දොරින් නික්ම යුද බිමට පැමිණියේය. යුද බෙර හඬ අසා ම භීමසේන සැලෙන්නට විය. බෝසත්හු දැන්ම ම මොහු ඇතු පිටින් වැටී මිය යතැ යි නො වැටීම සඳහා භීමසේන යොතකින් බැඳ ගත්තේය. භීමසේන යුද කෙරෙන තැන දැක මරණ බයෙන් බිය පත් ව තමාගේ මළයෙන් ඇතු පිට දූෂණය කළේය. ඉක්බිති, බෝසත්හු භීමසේන අමතා ඔබගේ පෙර වදන් හා පසු වදන් සම නො වේ. ඔබ පෙර යුද්ධ දක්‍ෂයකු මෙන් වූයේය. දැන් ඇත් පිට මළයෙන් දූෂිත කරන්නෙහි යි කියා මේ ගාථාව කීහ.

“යං තෙ පවිකත්‍ථිතං පුරෙ, අථ තෙ පූතිසරා සජන‍්ති පච‍්ඡා; උභයං න සමෙති භීමසෙන, යුද‍්ධකථා ච ඉදඤ‍්ච තෙ විහඤ‍්ඤ”න‍්ති.

“යං තෙ පවිකත්‍ථිතං පුරෙ, අථ තෙ පූතිඝරා සජන්ති පච්ඡා, උභායං නසමෙති භීමසෙන! යුද්ධකථා ච ඉදඤ්ච තෙ විභඤ්ඤන්ති”

“භීමසේනය, තොප විසින් පෙර සංග්‍රාමයෙහි යමක් කියන ලද ද නැවත පසුව හෙවත් යුද්ධයෙහි දී තාගේ පූතිඝර නම් සිරුරුවල වැගිරෙයි. තොපගේ යුද්ධ (පිළිබඳ ඔද වැඩි) කථා ද මේ පීඩාව ද යන දෙකරුණ සම නො වේ.”

තත්‍ථ යං තෙ පවිකත්‍ථිතං පුරෙති යං තයා පුබ‍්බෙ “කිං ත්‍වංයෙව පුරිසො, නාහං පුරිසො, අහම‍්පි සඞ‍්ගාමයොධො”ති විකත්‍ථිතං වම‍්භනවචනං වුත‍්තං, ඉදං තාව එකං. අථ තෙ පූතිසරා සජන‍්ති පච‍්ඡාති අථ තෙ ඉමෙ පූතිභාවෙන සරණභාවෙන ච “පූතිසරා”ති ලද‍්ධනාමා සරීරවළඤ‍්ජධාරා සජන‍්ති වළඤ‍්ජන‍්ති පග‍්ඝරන‍්ති. පච‍්ඡාති තතො පුරෙ විකත්‍ථිතතො අපරභාගෙ, ඉදානි ඉමස‍්මිං සඞ‍්ගාමසීසෙති අත්‍ථො. උභයං න සමෙති භීමසෙනාති ඉදං භීමසෙන උභයං න සමෙති. කතරං? යුද‍්ධකථා ච ඉදඤ‍්ච තෙ විහඤ‍්ඤන‍්ති, යා ච පුරෙ කථිතා යුද‍්ධකථා, යඤ‍්ච තෙ ඉදානි විහඤ‍්ඤං කිලමථො හත්‍ථිපිට‍්ඨිදූසනාකාරප‍්පත‍්තො විඝාතොති අත්‍ථො.

එහි, “යං තෙ පවිකත්‍ථිතං පුරෙ”, පෙර දී ඔබ විසින් ඔබ පමණක් ද පුරුෂයා මම යුද්ධ දක්‍ෂයෙක් නො වෙමිදැ යි යම් ආත්ම වර්ණනයක්, අවමන් වචනයක් කියන ලද ද, මේ එක් අවස්ථාවකි. “අථ තෙ පූතිඝරා සජන්ති පච්ඡාති”, මේ අපිරිසිදු ස්වභාවය නිසාත් වැගිරෙන ස්වභාවය නිසාත් පූතිඝර නාමය ලැබුවා වූ සිරුරු මළ දහර පිට වෙයි. වැගිරෙයි. “පච්ඡති”, පෙර දී කළ ආත්ම වර්ණනයට පසු කාලයෙහි හෙවත් දැන් මේ යුද බිමෙහි යන අර්ථයි. “උභයං නසමෙති භීමසෙන!” භීමසේනය, මේ අවස්ථා දෙක සම නො වේ. ඒ කුමක් ද? “යුද්ධකථා ච ඉදඤ්ච තෙ විහඤ්ඤන්ති”, යම් ඒ පෙර කළ යුද්ධ කථාව ද දැන් ඔබගේ පෙළීම ද ක්ලාන්තය ද ඇත් පිට දූෂණය කිරීම ආදිය ද, පීඩාව යන අර්ථයි.

එවං බොධිසත‍්තො තං ගරහිත්‍වා “මා භායි, සම‍්ම, කස‍්මා මයි ඨිතෙ විහඤ‍්ඤසී”ති භීමසෙනං හත්‍ථිපිට‍්ඨිතො ඔතාරෙත්‍වා “න‍්හායිත්‍වා ගෙහමෙව ගච‍්ඡා”ති උය්‍යොජෙත්‍වා “අජ‍්ජ මයා පාකටෙන භවිතුං වට‍්ටතී”ති සඞ‍්ගාමං පවිසිත්‍වා උන‍්නදිත්‍වා බලකොට‍්ඨකං භින්‍දිත්‍වා සපත‍්තරාජානං ජීවග‍්ගාහං ගාහාපෙත්‍වා බාරාණසිරඤ‍්ඤො සන‍්තිකං අගමාසි. රාජා තුට‍්ඨො බොධිසත‍්තස‍්ස මහන‍්තං යසං අදාසි. තතො පට‍්ඨාය “චූළධනුග‍්ගහපණ‍්ඩිතො”ති සකලජම‍්බුදීපෙ පාකටො අහොසි. සො භීමසෙනස‍්ස පරිබ‍්බයං දත්‍වා සකට‍්ඨානමෙව පෙසෙත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

මෙසේ බෝසත්හු ඔහු බිය ගන්වා යහළුව, මා සිටින කල්හි ඔබ වෙහෙසෙන්නේ කුමටදැ යි භීමසේන ඇතු පිටෙන් බස්සවා ස්නානය කොට ගෙට ම යවයි. පිටත් කොට මම අද ප්‍රකට වන්නට සුදුසුයැ යි යුද බිමට පිවිස මහහඬින් නාදකොට සතුරු රජු පණ පිටින් ගෙන බරණැස් රජු සමීපයට ගියේය. රජ සතුටු ව බෝසතුන්ට මහත් සම්පත් දුන්නේය. එතැන් පටන් චුල්ල ධනුග්ගහ පණ්ඩිත නමින් මුළු දඹදිව ප්‍රකට විය. හෙතෙම භීමසේනට ජීවන වියදම් දී ස්වකීය ස්ථානයට ම යවා දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියේය.

සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙවෙස භික‍්ඛු විකත්‍ථෙති, පුබ‍්බෙපි විකත්‍ථියෙවා”ති වත්‍වා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා භීමසෙනො විකත්‍ථිතභික‍්ඛු අහොසි, චූළධනුග‍්ගහපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

මහණෙනි, මේ භික්‍ෂුව ආත්ම වර්ණනය කැරනුයේ දැන් පමණක් නොව, පෙරත් ආත්ම වර්ණනය කළේ මයැ යි වදාරා බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. එකල භීමසේන මේ භික්‍ෂුව විය. චුල්ලධනුග්ගහ පණ්ඩිත නම් මම ම වෙමි.

භීමසෙනජාතකවණ‍්ණනා දසමා.

වරුණවග‍්ගො අට‍්ඨමො.

අට වැනි වරණ වර්ගයයි.

තස‍්සුද‍්දානං –

වරුණං සීලවනාගං, සච‍්චංකිර රුක‍්ඛධම‍්මං; මච‍්ඡරාජා අසඞ‍්කියං, මහාසුපිනඉල‍්ලිසං; ඛරස‍්සරං භීමසෙනන‍්ති.