යෙදුමෙන් කියවන්න

1. සුරාපානජාතකවණ‍්ණනා 81 අට‍්ඨකථා

1. සුරාපානජාතකවණ‍්ණනා (81)

1. සුරාපාන ජාතකය (81)

අපායිම‍්හ අනච‍්චිම‍්හාති ඉදං සත්‍ථා කොසම‍්බිං උපනිස‍්සාය ඝොසිතාරාමෙ විහරන‍්තො සාගතත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. භගවති හි සාවත්‍ථියං වස‍්සං වසිත්‍වා චාරිකාගමනෙන භද‍්දවතිකං නාම නිගමං සම‍්පත‍්තෙ ගොපාලකා පසුපාලකා කස‍්සකා පථාවිනො ච සත්‍ථාරං දිස‍්වා වන්‍දිත්‍වා “මා, භන‍්තෙ, භගවා අම‍්බතිත්‍ථං අගමාසි, අම‍්බතිත්‍ථෙ ජටිලස‍්ස අස‍්සමෙ අම‍්බතිත්‍ථකො නාම නාගො ආසීවිසො ඝොරවිසො, සො භගවන‍්තං විහෙඨෙය්‍යා”ති වාරයිංසු. භගවාපි තෙසං කථං අසුණන‍්තො විය තෙසු යාවතතියං වාරයමානෙසුපි අගමාසියෙව.

“අපායිම්හ අනිච්චිම්හාති” යන මේ දේශනාව බුදු රජහු කොසඹෑ නුවර ඇසුරු කොට ඝෝෂිතාරාමයේ වැඩ වසන්නේ, සාගත තෙරුන් මුල්කැර ගෙන දේශනා කළහ. බුදු රජහු සැවැත් නුවර වස් වැස චාරිකාවෙහි වඩින අතර භද්දවතික නම් නියම් ගමට පැමිණි කල්හි ගොපල්ලෝ ද පසු පල්ලෝ ද ගොවියෝ ද මඟියෝ ද බුදු රජුන් දැක වැඳ ස්වාමීනි, භගවත්හු අම්බතිත්‍ථියට නො වඩිත්වා. අම්බතිත්‍ථියෙහි ජටිලයාගේ අසපුවෙහි අම්බතිත්‍ථික නම් ඝෝර විෂ ඇති වහා පැතිරෙන විෂ ඇති නාගයෙක් වෙසෙයි. ඔහු බුදු රජුන්ට නපුරක් කැරෙති යන බියෙන් මෙසේ වැළකූහ. බුදු රජහු ඔවුන්ගේ කථාව නො ඇසුනාක් මෙන් ඔවුන් තුන් වරක් වළක්වත්දීත් වැඩියාහුය.

තත්‍ර සුදං භගවා භද‍්දවතිකාය අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ විහරති. තෙන ඛො පන සමයෙන බුද‍්ධූපට‍්ඨාකො සාගතො නාම ථෙරො පොථුජ‍්ජනිකාය ඉද‍්ධියා සමන‍්නාගතො තං අස‍්සමං උපසඞ‍්කමිත්‍වා තස‍්ස නාගරාජස‍්ස වසනට‍්ඨානෙ තිණසන්‍ථාරකං පඤ‍්ඤාපෙත්‍වා පල‍්ලඞ‍්කෙන නිසීදි. නාගො මක‍්ඛං අසහමානො ධූමායි, ථෙරොපි ධූමායි. නාගො පජ‍්ජලි, ථෙරොපි පජ‍්ජලි. නාගස‍්ස තෙජො ථෙරං න බාධති, ථෙරස‍්ස තෙජො නාගං බාධති. එවං සො ඛණෙන තං නාගරාජානං දමෙත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාපෙත්‍වා සත්‍ථු සන‍්තිකං අගමාසි.

එහි දී බුදු රජහු භද්දවතිකා නියම් ගම අබියස එක්තරා වන ලැහැබක වැඩ වසන කල්හි සාගත තෙරණුවෝ බුදු රජුන්ට උපස්ථාන කැරෙති. තෙරණුවෝ පුහුදුන් ඉදූහයෙන් යුක්ත වූවෝය. එසමයෙහි තෙරණුවෝ ඒ අසපුවට එළැඹ ඒ නා රජු වසන ස්ථානයේ තණ ඇතිරියක් පනවා පළක් බැඳ වැඩ හුන්හ. නාගයා ක්‍රෝධය මැඩ පවත්වාගත නො හැකි ව දුම් පිට කෙළේය. තෙරහු ද දුම් පිට කළාහුය. නාගයා ගිනි පිට කෙළේය. තෙරහු ද ගිනි පිට කළහ. නාගයාගේ තෙද තෙරුන්ට බාධා නො කළේය. එහෙත් තෙරුන්ගේ තෙද නාගයාට පීඩාවක් විය. මෙසේ ඒ තෙරණුවෝ සුළු කාලයකින් නා රජු දමනය කොට සරණ සිල්හි පිහිටුවා බුදු රජුන් වෙත ගියහ.

සත්‍ථා භද‍්දවතිකායං යථාභිරන‍්තං විහරිත්‍වා කොසම‍්බිං අගමාසි. සාගතත්‍ථෙරෙන නාගස‍්ස දමිතභාවො සකලජනපදං පත්‍ථරි. කොසම‍්බිනගරවාසිනො සත්‍ථු පච‍්චුග‍්ගමනං කත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා සාගතත්‍ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතා එවමාහංසු “භන‍්තෙ, යං තුම‍්හාකං දුල‍්ලභං, තං වදෙය්‍යාථ, තදෙව මයං පටියාදෙස‍්සාමා”ති. ථෙරො තුණ‍්හී අහොසි. ඡබ‍්බග‍්ගියා පනාහංසු “ආවුසො, පබ‍්බජිතානං නාම කාපොතිකා සුරා දුල‍්ලභා චෙව මනාපා ච. සචෙ තුම‍්හෙ ථෙරස‍්ස පසන‍්නා, කාපොතිකං සුරං පටියාදෙථා”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා සත්‍ථාරං ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා නගරං පවිසිත්‍වා අත‍්තනො අත‍්තනො ගෙහෙ “ථෙරස‍්ස දස‍්සාමා”ති කාපොතිකං සුරං පසන‍්නං පටියාදෙත්‍වා ථෙරං නිමන‍්තෙත්‍වා ඝරෙ ඝරෙ පසන‍්නං සුරං අදංසු. ථෙරො පිවිත්‍වා සුරාමදමත‍්තො නගරතො නික‍්ඛමන‍්තො ද‍්වාරන‍්තරෙ පතිත්‍වා විලපමානො නිපජ‍්ජි.

බුදු රජහු ද භද්දවතිකාවෙහි කැමැති පරිදි වාසය කොට කොසඹෑ නුවරට වැඩියහ. සාගත තෙරුන් නාගයා දමනය කළ බව මුළු ජනපදය පුරා පැතිරිණි. කොසඹෑ නුවර වාසීහු බුදු රජුන්ට පසු ගමන් කොට වැඳ සාගත තෙරුන් වෙත එළැඹ එකත් පසක සිටියාහු, මෙසේ කීවාහුය. ස්වාමීනි, යමක් ඔබ වහන්සේලාට දුර්ලභ නම් ඒ කියනු මැනවි. එයට අපි සපයා දෙන්නෙමු. තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. එහෙත් ජබ්බග්ගිය භික්‍ෂූහු මෙසේ කීවාහුය. ඇවැත්නි, පැවිද්දන්ට කාපෝතිකා නම් සුරාව දුලබ ද වෙයි. මනාප ද වෙයි. ඉදින් ඔබලා තෙරණුවන්ට පැහැදුනාහු නම් කාපොතිකා නම් සුරාව සපයා දෙනු මැනව. ඔවුහු ද මැනවැ යි පිළිගෙන සෙට දවස පිණිස බුදු රජුන්ට ආරාධනා කොට නගරයට පිවිස තම තමන්ගේ ගෙවල තෙරණුවන්ට දෙනු පිණිස කාපෝතිකා සුරාව යහපත් ලෙස පිළියෙල කොට තෙරුන්ට ආරාධනා කොට ගෙයක් පාසා මිහිරි කාපෝතිකා සුරාව පිළිගැන්වූහ. තෙරහු ද සුරාව පානය කොට මත් වූවාහු. නගරයෙන් නික්මෙන අතර දොරටුව අභියස දී වැටී දොඩවමින් හොත්තාහ.

සත්‍ථා කතභත‍්තකිච‍්චො නගරා නික‍්ඛමන‍්තො ථෙරං තෙනාකාරෙන නිපන‍්නං දිස‍්වා “ගණ‍්හථ, භික‍්ඛවෙ, සාගත”න‍්ති ගාහාපෙත්‍වා ආරාමං අගමාසි . භික‍්ඛූ ථෙරස‍්ස සීසං තථාගතස‍්ස පාදමූලෙ කත්‍වා තං නිපජ‍්ජාපෙසුං, සො පරිවත‍්තිත්‍වා පාදෙ තථාගතාභිමුඛෙ කත්‍වා නිපජ‍්ජි. සත්‍ථා භික‍්ඛූ පටිපුච‍්ඡි “කිං නු ඛො, භික‍්ඛවෙ, යං පුබ‍්බෙ සාගතස‍්ස මයි ගාරවං, තං ඉදානි අත්‍ථී”ති? “නත්‍ථි, භන‍්තෙ”ති. “භික‍්ඛවෙ, අම‍්බතිත්‍ථකං නාගරාජානං කො දමෙසී”ති. “සාගතො, භන‍්තෙ”ති. “කිං පනෙතරහි, භික‍්ඛවෙ, සාගතො උදකදෙඩ‍්ඩූභකම‍්පි දමෙතුං සක‍්කුණෙය්‍යා”ති. “නො හෙතං, භන‍්තෙ”. “අපි නු ඛො, භික‍්ඛවෙ, එවරූපං පාතුං යුත‍්තං, යං පිවිත්‍වා එවංවිසඤ‍්ඤී හොතී”ති. “අයුත‍්තං, භන‍්තෙ”ති. අථ ඛො භගවා ථෙරං ගරහිත්‍වා භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “සුරාමෙරයපානෙ පාචිත‍්තිය”න‍්ති (පාචි· 327) සික‍්ඛාපදං පඤ‍්ඤාපෙත්‍වා උට‍්ඨායාසනා ගන්‍ධකුටිං පාවිසි.

බුදු රජහු බත් කිස නිමවා නගරයෙන් නික්මෙන්නාහු, ඒ අයුරින් වැතිරී සිටින සාගත තෙරණුවන් දැක මහණෙනි, සාගත ඔසවා ගන්න යි භික්‍ෂූන් ලවා ඔසවාගෙන ආරාමයට වැඩියහ. භික්‍ෂූහු තෙරණුවන්ගේ හිස බුදු රජුන්ගේ පාමුල සිටින සේ කොට වැතිර වූහ. තෙරණුවෝ පාදයන් බුදු රජුන්ට අභිමුඛ වන සේ වැතිරුණාහ. බුදු රජහු භික්‍ෂූන්ගෙන් විචාළහ. මහණෙනි, කිම, සාගතයන්ට මා කෙරෙහි යම් ගෞරවයක් පෙර පැවතියේ ද දැන් එය තිබේ ද? ස්වාමීනි. නැත. මහණෙනි, අම්බතිත්‍ථික නාග රාජයා කවරෙක් දමනය කළේ ද? ස්වාමීනි, සාගත තෙරණුවෝය. කිම මහණෙනි, දැන් සාගතයන්ට දිය බරියෙකු හෝ දමනය කිරීමට ශක්තියක් තිබේ ද? ස්වාමීනි, නැත. මහණෙනි, යමක් පානය කොට සිහි විකල් වේ ද, එවැනි දෙයක් පානය කරන්නට සුදුසු ද? ස්වාමීනි, සුදුසු නැත. ඉක්බිති බුදුරදහු තෙරණුවන්ට දොස් පවරා භික්‍ෂූන් අමතා රහමෙර පානය කිරීමේ දී පචිති ඇවැත් වේයැ යි ශික්‍ෂා පද පනවා හුනස්නෙන් නැඟී ගඳකිළියට වැඩියහ.

ධම‍්මසභායං සන‍්නිපතිතා භික‍්ඛූ සුරාපානස‍්ස අවණ‍්ණං කථයිංසු “යාව මහාදොසඤ‍්චෙතං, ආවුසො, සුරාපානං නාම, තාව පඤ‍්ඤාසම‍්පන‍්නං නාම ඉද‍්ධිමන‍්තං සාගතං යථා සත්‍ථු ගුණමත‍්තම‍්පි න ජානාති, තථා අකාසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව සුරං පිවිත්‍වා පබ‍්බජිතා විසඤ‍්ඤිනො හොන‍්ති, පුබ‍්බෙපි අහෙසුංයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

දම් සභාවෙහි රැස්වූ භික්‍ෂූහු රහමෙර පානය කිරීමෙහි දොස් කියූහ. ඇවැත්නි, මේ රහමෙර පානය නම් මහා දොස් සහිතය. මෙසේ නැණවතා, සෘද්ධිමතා සාගත තෙරණුවන් පවා බුදු රජුන්ගේ ගුණ මාත්‍රයක් හෝ නො දනී ද? බුදු රජහු දම් සභාවට වඩමවා මහණෙනි, කවර කථාවකින් යුක්ත ව මෙහි හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, පැවිද්දෝ සුරා පානය කොට සිහි විකල් වූවෝ දැන් පමණක් නොව පෙරද වූයේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ උදිච‍්චබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච උප‍්පාදෙත්‍වා ඣානකීළං කීළන‍්තො හිමවන‍්තප‍්පදෙසෙ වසති පඤ‍්චහි අන‍්තෙවාසිකසතෙහි පරිවුතො. අථ නං වස‍්සානසමයෙ සම‍්පත‍්තෙ අන‍්තෙවාසිකා ආහංසු “ආචරිය, මනුස‍්සපථං ගන‍්ත්‍වා ලොණම‍්බිලං සෙවිත්‍වා ආගච‍්ඡාමා”ති. “ආවුසො, අහං ඉධෙව වසිස‍්සාමි, තුම‍්හෙ පන ගන‍්ත්‍වා සරීරං සන‍්තප‍්පෙත්‍වා වස‍්සං වීතිනාමෙත්‍වා ආගච‍්ඡථා”ති. තෙ “සාධූ”ති ආචරියං වන්‍දිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ බහිද‍්වාරගාමෙයෙව භික‍්ඛාය චරිත්‍වා සුහිතා හුත්‍වා පුනදිවසෙ නගරං පවිසිංසු. මනුස‍්සා සම‍්පියායමානා භික‍්ඛං අදංසු. කතිපාහච‍්චයෙන ච රඤ‍්ඤොපි ආරොචෙසුං “දෙව, හිමවන‍්තතො පඤ‍්චසතා ඉසයො ආගන‍්ත්‍වා උය්‍යානෙ වසන‍්ති ඝොරතපා පරමධිතින්‍ද්‍රියා සීලවන‍්තො”ති. රාජා තෙසං ගුණෙ සුත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා කතපටිසන්‍ථාරො වස‍්සානං චතුමාසං තත්‍ථෙව වසනත්‍ථාය පටිඤ‍්ඤං ගහෙත්‍වා නිමන‍්තෙසි, තෙ තතො පට‍්ඨාය රාජගෙහෙයෙව භුඤ‍්ජිත්‍වා උය්‍යානෙ වසන‍්ති.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු කසී රට උසස් බමුණු කුලයක ඉපිද වැඩි වියට පැමිණියේ, තවුස් පැවිද්දෙන් පැවිදි ව අභිඥා ද සමාපත්තීන් ද උපදවා ධ්‍යාන සුවයෙන් කල්ගත කරන්නේ, හිමාල වන පියසෙහි පන්සියයක් අතවැසියන් විසින් පිරිවරන ලදුව වාසය කරති. ඉක්බිති, ඔහුට වැසි කාලය පැමිණි කල්හි අතවැසියෝ කීවාහුය. ඇදුරුතුමනි, මිනිස් පියසට ගොස් ලුණු ඇඹුල් සොයාගෙන එන්නෙමු. ඇවැත්නි, මම මෙහි ම වාසය කරන්නෙමි. තොපි ගොස් සිරුර සතපවා ගෙන වැසි කාලය ගතකොට එව්. ඔවුහු යහපතැ යි ගුරුතුමා වැඳ බරණැස් නුවරට ගොස් රජ උයනේ වාසය කොට දෙවැනි දවසේ නුවරින් පිටත දොරටු ගම පිඬු පිණිස හැසිර තෘප්තිමත් වී දෙවැනි දවසේ නගරයට පිවිසියහ. මිනිස්සු සෙනෙහසින් භික්‍ෂාව දුන්හ. කීප දිනක් ගියවිට රජුට ද සැලකළාහුය. දේවයන් වහන්ස, හිමාල වනයෙන් පන්සියයක් සෘෂිවරු අවුත් උයනෙහි වාසය කරති. උග්‍ර තපස් ඇත්තෝය. සන්සිඳුවන ලද චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියන් ඇත්තාහ. සිල්වත්හුය. රජතුමා ඔවුන්ගේ ගුණ අසා උයනට ගොස් වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ, වැසි සාර මස එහි ම වාසය පිණිස ප්‍රතිඥා ගෙන ආරාධනා කළේය. ඔවුන් එතැන් පටන් රජ ගෙදර ම වළඳා උයනෙහි වසත්.

අථෙකදිවසං නගරෙ සුරානක‍්ඛත‍්තං නාම අහොසි. රාජා “පබ‍්බජිතානං සුරා දුල‍්ලභා”ති බහුං උත‍්තමසුරං දාපෙසි. තාපසා සුරං පිවිත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා සුරාමදමත‍්තා හුත්‍වා එකච‍්චෙ උට‍්ඨාය නච‍්චිංසු, එකච‍්චෙ ගායිංසු, නච‍්චිත්‍වා ගායිත්‍වා ඛාරිකාදීනි අවත්‍ථරිත්‍වා නිද‍්දායිත්‍වා සුරාමදෙ ඡින‍්නෙ පබුජ‍්ඣිත්‍වා තං අත‍්තනො විප‍්පකාරං දිස‍්වා “න අම‍්හෙහි පබ‍්බජිතසාරුප‍්පං කත”න‍්ති රොදිත්‍වා පරිදෙවිත්‍වා “මයං ආචරියෙන විනාභූතත‍්තා එවරූපං පාපකම‍්මං කරිම‍්හා”ති තඞ‍්ඛණඤ‍්ඤෙව උය්‍යානං පහාය හිමවන‍්තං ගන‍්ත්‍වා පටිසාමිතපරික‍්ඛාරා ආචරියං වන්‍දිත්‍වා නිසීදිත්‍වා “කිං නු ඛො, තාතා, මනුස‍්සපථෙ භික‍්ඛාය අකිලමමානා සුඛං වසිත්‍ථ, සමග‍්ගවාසඤ‍්ච පන වසිත්‍ථා”ති පුච‍්ඡිතා “ආචරිය, සුඛං වසිම‍්හ, අපිච ඛො පන මයං අපාතබ‍්බයුත‍්තකං පිවිත්‍වා විසඤ‍්ඤීභූතා සතිං පච‍්චුපට‍්ඨාපෙතුං අසක‍්කොන‍්තා නච‍්චිම‍්හ චෙව ගායිම‍්හ චා”ති එතමත්‍ථං ආරොචෙන‍්තා ඉමං ගාථං සමුට‍්ඨාපෙත්‍වා ආහංසු –

ඉක්බිති, එක් දිනක් නගරයෙහි සුරා නැකත් නම් උත්සවයක් විය. රජතුමා පැවිද්දන්ට සුරාව දුර්ලභයැ යි බොහෝ ඉහළට සුරාව දෙවීය. තාපසවරු සුරා පානය කොට උයනට ගොස් සුරා මදයෙන් මත්වී නැඟිට නැටූහ. සමහරු ගැයූහ. නටා, ගයා තවුස් පිරිකර අතුරා නිදා සුරා මදය සිඳුණු කල්හි පිබිදී ඒ තමාගේ විකාර දැක අප විසින් පැවිද්දන්ට නො ගැළපෙන දෙයක් කරන ලදැ යි හඬා වැළප අපි ගුරුතුමාගෙන් වෙන් වූ බැවින් මෙබඳු පාප ක්‍රියාවක් කළෙමු යි, එකෙණෙහි ම උයන අත්හැර හිමවතට ගොස් තවුස් පිරිකර ආදිය තැන්පත් කොට ගුරුන් වැඳ සිටි කල්හි කිම, දරුවනි, මිනිස් පියසෙහි ආහාරයෙන් ක්ලාන්ත නොව සුව සේ විසුවෝහු ද? සමගින් විසුවෝහුදැ යි විචාළේය. ගුරුතුමනි, අපි සුව සේ විසුවෝ වෙමු. එසේ වුවත් අපි පානය නො කළ යුත්තක් පානය කොට එහි සුන්වූවාහු, සිහි එළවාගත නො හැකි ව නැටුවෙමු. ගායනා කළෙමු යි එම කරුණ සැලකරුනු වස් මේ ගාථාව ඉදිරිපත් කොට කීවාහුය.

“අපායිම‍්හ අනච‍්චිම‍්හ, අගායිම‍්හ රුදිම‍්හ ච; විසඤ‍්ඤීකරණිං පිත්‍වා, දිට‍්ඨා නාහුම‍්හ වානරා”ති.

“අපායිම්හ අනච්චිම්හ අගායිම්හ රුදිම්හ ච, විසඤ්ඤකරණිං පීත්‍වා දිට්ඨා නාහුම්හ වානරාති”

“සුරා පීම්හ. (අත් ලෙළවමින්) නැටුම්හ. මහ හඬින් ගී කීම්හ. (සුරා පානය නපුරුයැ යි පසුව) හැඬූම්හ. සිහිසන් නැති කරන රා බී (යම් හෙයකින්) වඳුරෝ නොවූවෝ ද එය ම මැනවි යි තමාගේ නුගුණ කීහ.”

තත්‍ථ අපායිම‍්හාති සුරං පිවිම‍්හ. අනච‍්චිම‍්හාති තං පිවිත්‍වා හත්‍ථපාදෙ ලාළෙන‍්තා නච‍්චිම‍්හ. අගායිම‍්හාති මුඛං විවරිත්‍වා ආයතකෙන සරෙන ගායිම‍්හ. රුදිම‍්හ චාති පුන විප‍්පටිසාරිනො “එවරූපං නාම අම‍්හෙහි කත”න‍්ති රොදිම‍්හ ච. විසඤ‍්ඤීකරණිං පිත්‍වා, දිට‍්ඨා නාහුම‍්හ වානරාති එවරූපං සඤ‍්ඤාවිනාසනතො විසඤ‍්ඤීකරණිං සුරං පිවිත්‍වා “එතදෙව සාධු, යං වානරා නාහුම‍්හා”ති. එවං තෙ අත‍්තනො අගුණං කථෙසුං.

එහි, “අපායිම්හති”, සූරා බීවෙමු. “අනච්චිම්හාති”, ඒ සුරා පානය කොට අත්පා ලෙළවමින් නැටුවෙමු. “අගායිම්හාති”, මුඛය විවෘත කොට දික්වූ හඬින් ගායනා කළෙමු. “රුදිම්හ චාති”, නැවත විපිළිසර බවට පත්ව මෙබඳු දෙයක් අප විසින් කරන ලදැ යි හැඬීමු. “දිට්ඨා නාහුම්හ වානරාති”, මෙසේ සිහිය නසන හෙයින්, “විසඤ්ඤකරණිං”, නම් වූ සුරාව පානය කොට යම් හෙයකින් වානරයෝ නො වූවෝ වෙමු.

බොධිසත‍්තො “ගරුසංවාසරහිතානං නාම එවරූපං හොතියෙවා”ති තෙ තාපසෙ ගරහිත්‍වා “පුන එවරූපං මාකරිත්‍ථා”ති තෙසං ඔවාදං දත්‍වා අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ ඔවුහු තමන්ගේ අගුණ කීවාහුය. බෝසත්හු ගුරු ආශ්‍රය නැත්තවුන්ට මෙබඳු දේ වේමැ යි, ඒ තවුසන්ට දොස් පවරා නැවත මෙවැන්නක් නො කැරව යි ඔවුන්ට අවවාද දී නො පිරිහුණු ධ්‍යාන ඇත්තේ, බඹ ලොව පිහිට කොට ඇත්තකු විය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි. ඉතො පට‍්ඨාය හි “අනුසන්‍ධිං ඝටෙත්‍වා”ති ඉදම‍්පි න වක‍්ඛාම. තදා ඉසිගණො බුද‍්ධපරිසා අහොසි, ගණසත්‍ථා පන අහමෙව අහොසින‍්ති.

බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමා කළහ. එදින තවුස් සමූහයා බුදු පිරිස වූහ. නායක තවුසා මම වීමි.

සුරාපානජාතකවණ‍්ණනා පඨමා.