යෙදුමෙන් කියවන්න

9. අපායිම‍්හවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

9. අපායිම්හ වර්‍ගය

81. අපායිම‍්හ අනවචිම‍්හ අගායිම‍්හ රුදිම‍්හ ච, විසඤ‍්ඤකරණිං පීත්‍වා දිට‍්ඨා නාහුම‍්හ වානරා’ති.

81. සුරා පිම්හ, (අත් ලෙළවමින්) නැටුම්හ. මහහඬින් ගී කීම්හ, (සුරාපානය නපුරු ය යි පසුව) හැඬුම්හ. සිහිසන් නැති කරන රා බී (යම් හෙයෙකින්) වඳුරෝ නො වූවමෝ ද එය ම මැනැවි (යි තමාගේ නුගුණ කීවේ ය.)

1. සුරාපානජාතකං.

1. සුරාපාන ජාතක යි.

82. අතික‍්කම‍්ම රමණකං සදාමන‍්තඤ‍්ච දූභකං, ස‍්වාසි පාසාණමාසීනො යස‍්මා ජීවං න මොක‍්ඛසී’ති.

82. පළිඟු පහය ද රිදී පහය ද මැණික් පහය ද ඉක්ම තෙපි (පාපක්‍ෂය වන තෙක්) ජීවත් වන්නහු (යම් උරචක්‍රයෙකින්) නො මිදෙන්නහු ද එබඳු පාෂාණ උරචක්‍රයෙකින් මඩනා ලද්දහු.

2. මිත‍්තවින්‍දජාතකං.

2. මිත්තවින්‍ද ජාතක යි.

83. මිත‍්තො හවෙ සත‍්තපදෙන හොති සහායො පන ද‍්වාදසකෙන හොති, මාසද‍්ධමාසෙන ච ඤාති හොති තතුත‍්තරිං අන‍්තසමොපි හොති. සොහං කථං අන‍්තසුඛස‍්ස හෙතු චිරසන්‍ථුතං කාලකණ‍්ණිං ජහෙය්‍යන‍්ති.

83. එක් වැ සත්පියවරක් යෑමෙන් මිත්‍රයෙක් වන්නේ ය. දොළොස් දිනක් එක් වැ විසීමෙන් යහළුවෙක් වන්නේ ය. මසෙකින් ද අඩමසෙකින් ද නෑයකු හා සම වන්නේ ය. එයින් අධික කාලයක් එක් වැ විසීමෙන් ප්‍රාණසමයෙක් ද වන්නේ ය. ඒ මම තමාගේ සුවය කරණ කොටගෙනැ බොහෝ කාලයක් එක් වැ වාසය කොට පුරුදු වූ කාලකණ්ණි නම් යහළුවා කෙසේ හරනෙම් ද?

3. කාලකණ‍්ණිජාතකං.

3. කාලකණ්ණි ජාතක යි.

84. ආරොග්‍යමිච‍්ඡෙ පරමඤ‍්ච ලාභං සීලඤ‍්ච වුද‍්ධානුමතං සුතඤ‍්ච, ධම‍්මානුවත‍්තී ච අලීනතා ච අත්‍ථස‍්ස ද‍්වාරා පමුඛා ඡළෙතෙ’ති.

84. ආරෝග්‍ය නම් වු උතුම් ලාභය කැමැති වන්නේ ය, ආචාර ශීලය ද (ගුණයෙන්) වැඩිහිටියන්ගේ අනුමතය ද බහුශ්‍රැතබව ද ධර්‍මය අනුවැ පැවැත්ම ද චිත්තයාගේ නො හැකුළුණු බව ද යන මේ සදෙන දියුණුවට ප්‍රධාන වූ ද්වාරයෝ ය.

4. අත්‍ථස‍්සද‍්වාරජාතකං.

4. අත්‍ථස්සද්වාර ජාතක යි.

85. ආයතිදොසං නාඤ‍්ඤාය යො කාමෙ පතිසෙවති, විපාකන‍්තෙ හනන‍්ති නං කිංපක‍්කමිව භක‍්ඛිතන‍්ති.

85. මතු වන්නා වු දෝෂය නො දැන යමෙක් කාමයන් සෙවුනේ ද කන ලද කිම්පක්ක නම් විෂඵලය මෙන් (ඒ කාමයෝ) ඒ පුරුෂයා විපාක සඞ්ඛ්‍යාත අන්තයෙහි (නිරයෙහි නොයෙක් දුක් දී) නසත්.

5. කිම‍්පක‍්කජාතකං.

5. කිම්පක්ක ජාතක යි.

86. සීලං කිරෙව කල්‍යාණං සීලං ලොකෙ අනුත‍්තරං, පස‍්ස ඝොරවිසො නාගො සීලවාති න හඤ‍්ඤතී’ති.

86. ආචාර සීලය ම යහපත් ල, ලෝකයෙහි සීලය ශ්‍රේෂ්ඨ ය. බලව, නපුරු විෂ ඇති සර්‍ප තෙමේ සිල්වත් වෙමි යි (අන්‍යයනට) හිංසාවක් නො කෙරේ.

6. සීලවීමංසජාතකං.

6. සීලවීමංස ජාතකය යි.

87. යස‍්ස මඞ‍්ගලා සමූහතා උප‍්පාතා සුපිනා ච ලක‍්ඛණා ච, සමඞ‍්ගලදොසවීතිවත‍්තො යුගයොගාධිගතො න ජාතුමෙතීති.

87. යම් රහත් කෙනකුගේ (දිට්ඨ-සුත-මුත ආදී) මංගලයෝ ද (සූර්‍ය්‍යග්‍රහණාදී) උත්පාතයෝ ද ස්වප්නයෝ ද ලක්‍ෂණයෝ ද මනාකොට නසන ලද්දහු ද මංගලදෝෂයන් ඉක්ම සිටියේ ද යුගධර්‍මයන් ද යෝගධර්‍මයන් ද යටපත් කොට සිටියේ ද ඒ රහත් උතුමා ඒකාන්තයෙන් (ප්‍රතිසන්‍ධි වශයෙන් මේ ලෝකයට) නො එන්නේ යි.

7. මඞ‍්ගලජාතකං.

7. මංගල ජාතක යි.

88. කල්‍යාණිමෙව මුඤ‍්චෙය්‍ය නහි මුඤ‍්චෙය්‍ය පාපිකං, මොක‍්ඛො කල්‍යාණියා සාධු මුත්‍වා තපති පාපිකන‍්ති.

88. කල්‍යාණ වූ වචන ම කටින් නිකුත් කරන්නේ ය. ලාමක වචනයක් නො ම නිකුත් කරන්නේ ය. කල්‍යාණ වචනයාගේ (බිණීම) යහපති, ලාමක තෙපුල් බැණැ (දෙලොව) තැවෙන්නේ යි.

8. සාරම‍්හජාතකං.

8. සාරම්භ ජාතක යි.

89. වාචාව කිර තෙ ආසි සණ‍්හා සඛිලභාණිනො, තිණමත‍්තෙ අසජ‍්ජිත්‍ථො නො ච නික‍්ඛසතං හරන‍්ති.

89. මෘදු වූ තෙපුල් බණන්නා වූ තොපගේ වචන ම මට සිලිටි වී, තණකෙන්‍දක් පමණෙකැ නො ඇලුණෙහි ය, (එහෙත්) නිෂ්ක සියයක් හැරැ ගෙනැ යන්නේ නො වෙහි ද?

9. කුහකජාතකං

9. කුහක ජාතක යි.

90. යො පුබ‍්බෙ කතකල්‍යාණො කතත්‍ථො නාවබුජ‍්ඣති, පච‍්ඡා කිච‍්චෙ සමුප‍්පන‍්නෙ කත‍්තාරං නාධිගච‍්ඡති.

90. යමෙක් පෙරැ කරන ලද උපකාර ඇති වැ නිෂ්පාදිත කෘත්‍ය ඇත්තේ (කළ උපකාරය) නො දනී ද පසුව කටයුත්තක් පැමිණි කල්හි (ඔහුට) එය කැරැදෙන්නකු නො ලබා යී.

10. අකතඤ‍්ඤුජාතකං.

10. අකතඤ්ඤ ජාතක යි.

අපායිම‍්හවග‍්ගො නවමො.

නවවැනි අපායිම්හ වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දාන:

අපායිම‍්හ ච දූභකසත‍්තපදං ඡළද‍්වාර ච ආයතිනා ච පුන, අහිසීලවමඞ‍්ගලිපාපිකස‍්සා සතනික‍්ඛකතත්‍ථවරෙන දස.

අපායිම්හ (සුරාපාන) දූහක (මිත්තවින්‍දක) සත්තපද (කාලකණ්ණි) ජළද්වාර (අත්‍ථස්ස ද්වාර) ආයති (කිම්පක්ක) අභිසීලව (සීලවිමංස) මංගල පාපික (සාරම්භ) සතනික්ඛ (කුහක) කතත්‍ථවර (අකතඤ්ඤ) යන දසය යි.