10. ලිත්තවග්ගො
10. ලිත්ත වර්ගය
91. ලිත්තං පරමෙන තෙජසා ගිලමක්ඛං පුරිසො න බුජ්ඣති, ගිල රෙ ගිල පාපධූත්තක පච්ඡා තෙ කටුකං භවිස්සතීති.
91. මහාතේජස් ඇති හලාහලවිෂයෙන් රැඳුණු පසඇට ගිලින්නා වූ පුරුෂ තෙමේ (එහි විෂ රැඳුණු බව) නො දනී, නීචය, (පසඇට) ගිල, පාපධුර්තය ගිල, පසුව හෙවත් මෙය ගිලූ කලැ තට කටුක විපාකයෙක් වන්නේ ය.
1. ලිත්තජාතකං
1. ලිත්ත ජාතක යි.
92. උක්කට්ඨෙ සූරමිච්ඡන්ති මන්තීසු අකුතූහලං, පියඤ්ච අන්නපානම්හි අත්ථෙ ජාතෙ ච පණ්ඩිතන්ති.
92. එළඹසිටි යුද්ධයෙහි හෙවත් යුද්ධයක් පැමිණි කල්හි ශුරයා (නිර්භය පුරිෂයා ද) මන්ත්‍රණය කරන කල්හි (රහස් හෙළි නො කරන හෙයින්) අකුතුහල පුරුෂයා ද මධුරාහරාදීන් එළවූ කල්හි (එක් වැ වළඳනා) ප්‍රියයා ද (ප්‍රශ්න විසර්ජනාදි) අථියක් උපන් කල්හි පණ්ඩිතයා ද කැමති වෙති. (පැතිය යුත්තේ ය.)
2. මහාසාරජාතකං.
2. මහාසාර ජාතක යි.
93. න විස්සසෙ අවිසසත්ථෙ විස්සත්ථෙපි න විස්සසෙ, විස්සාසා භයමන්වෙති සීහංව මිගමාතුකා’ති.
93. (පෙරැ විශ්වාසයෙන් සිට පසුව) අවිශ්වාස වූවහු කෙරෙහි විශ්වාසය නො කරන්නේ ය. (පෙරැ අවිශ්වාස ව සිටැ) විශ්වාස වූවහු කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. එබඳු විශ්වාසයෙන් මීවින්න (මෘගමාතෘ) ගෙන් සිංහයාට මෙන් භය පැමිණේ.
3. විස්සාසභොජනජාතකං.
3. විශ්වාස භෝජන ජාතක යි.
94. සො තත්තො සොසීනො එකො භිංසනකෙ වනෙ නග්ගො න චග්ගිමාසීනො එසනා පසුතො මුනී’ති.
94. (හිරුරැසින්) විශේෂයෙන් තැවුණෙමි, (හිමදියෙන්) විශේෂයෙන් තෙත් වූයෙම්, බියකරු වෙනෙහි හුදකලා වූයෙම්, නග්න වූයෙම්, ගිනි සමීපයෙහි නො හිදිනෙම්. (බ්‍රහ්මචර්‍ය්‍යා) සෙවීමෙහි යෙදුණෙම්. (මුනිභාවය පිණිස පිළිපන්නෙකැ යි) ලෝකයාගේ සැලකුම් ලැබීමි.
4. ලොමහංසජාතකං.
4. ලෝමහංස ජාතක යි.
95. අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති.
95. සංස්කාරයෝ හෙවත් හේතුප්‍රත්‍යයයෙන් හටගත් වස්තූහු ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපද නස්නා ස්වභාවය ඇත්තාහ. ඉපැද නැති වෙති. ඒ සංස්කාරයන්ගේ සන්හිඳීම නම් වූ නිවන් ම සුව ය යි.
5. මහාසුදස්සනජාතකං.
5. මහාසුදස්සන ජාතක යි.
96. සමතිත්තිකං අනවසෙසකං තෙලපත්තං යථා පරිහරෙය්ය, එවං සචිත්තමනුරක්ඛෙ පත්ථයානො දිසං අගතපුබ්බන්ති.
96. මුවවිට දක්වා සමව පිරුණු නො වැගිරෙන්නා වූ තලතෙල් පාත්‍රය යම්සේ ගෙනැ යන්නේ ද, එසේ ම නො ගියවිරූ නිවන් දිසාව පතන්නේ ස්වකීය සිත (භාවනාවෙක යොදා) විසිර යා නො දි රක්නේ ය.
6. තෙලපත්තජාතකං
6. තෙලපත්ත ජාතක යි.
97. ජිවකඤ්ච මතං දිස්වා ධනපාලිඤ්ච දුග්ගතං, පන්ථකඤ්ච වනෙ මූළ්හං පාපකො පුනරාගතො’ති.
97. ජීවකයා ද මළහු දැක ධනපාලී ද දුගී වූවා දැක පන්ථකයා ද වෙනෙහි මංමුළා වූවකු දැක පාපක නමැත්තා නැවත (ආපසු) ආවේ ය.
7. නාමසිද්ධිජාතකං.
7. නාමසිද්ධි ජාතක යි.
98. සාධු ඛො පණ්ඩිතො නාම නත්වෙව අතිපණ්ඩිතො. අතිපණ්ඩිතෙන පුත්තෙන මනම්හි උපකූලිතො’ති,
98. පණ්ඩිතයා නම් යහපත, උතුම් ය. (නාම මාත්‍රයෙන්) අති පණ්ඩිතයා උතුම් නො වේ ම ය. අතිපණ්ඩිත පුත්‍රයා විසින් ඇසිල්ලෙකින් දවන ලද්දෙම් වෙමි.
8. කූටවාණිජජාතකං.
8. කූටවාණිජ ජාතක යි.
99. පරොසභස්සම්පි සමාගතානං කන්දෙය්යුං තෙ වස්සසතං අපඤ්ඤා, එකොව සෙය්යො පුරිසො සපඤ්ඤො යො භාසිතස්ස විජානාති අත්ථ’න්ති.
99. රැස්වූවන් අතුරෙහි දහසකට අධික වූ ප්‍රඥා රහිත වු ඔවුහු අවුරුදු සියයක් හඬන්නාහු නමුදු (කාරණය වටහා නො ගනිති. එහෙයින් උතුම් නො වේ.) යමෙක් ප්‍රකාශිත වචනයාගේ අර්ත්ථය දනී ද ඒ එක ප්‍රඥාවත් පුරුෂ තෙමේ ම උතුම් වේ.
9. පරොසහස්සජාතකං.
9. පරොසහස්ස ජාතක යි.
100. අසාතං සාතරූපෙන පියරූපෙන අප්පියං දුක්ඛං සුඛස්ස රූපෙන පමත්තමතිවත්තතී’ති.
100. අමධුරය (අකුශලකර්ම විපාක දෙන තුරු) මධුර ස්වරූපයෙන් ද අප්රියවස්තුව ප්රියස්වරූපයෙන් ද දුඃඛය සුඛස්වරූපයෙන් ද ප්‍රමත්ත (මුළාසිහි ඇති) පුරුෂයා යටපත් කෙරෙයි.
10. අසාතරූපජාතකං.
10. අසාතරූප ජාතක යි.
ලිත්තවග්ගො දසමො.
දසවැනි ලිත්ත වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දාන:
ගිලමක්ඛකුතූහලමාතුකස්සා මුනිනා ච අනිච්චතපත්ථවරං, ධනපාලිවරො අතිපණ්ඩිතකො සපරොසහස්සඅසාත දස.
ගිලමක්ඛ (ලිත්ත) අකුතුහල (මහාසාර) මාතුක (විස්සාසභෝජන) මුනි (ලෝමහංස) අනිච්චත (මහාසුදස්සන) පත්ථවර (තෙල පත්ත) ධනපාලිවර (නාමසිද්ධි) අතිපණ්ඩිත (කූටවාණිජ) පරොසහස්ස සාත (රූප) යන දසය යි.
මජ්ඣිමපණ්ණාසකො.
මජිඣිම පණ්ණාසක යි.