යෙදුමෙන් කියවන්න

8. කූටවාණිජජාතකවණ‍්ණනා 98 අට‍්ඨකථා

8. කූටවාණිජජාතකවණ‍්ණනා (98)

8. කූටවාණිජ ජාතකය (98)

සාධු ඛො පණ‍්ඩිතො නාමාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කූටවාණිජං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියඤ‍්හි ද‍්වෙ ජනා එකතො වණිජ‍්ජං කරොන‍්තා භණ‍්ඩං සකටෙනාදාය ජනපදං ගන‍්ත්‍වා ලද‍්ධලාභා පච‍්චාගමිංසු. තෙසු කූටවාණිජො චින‍්තෙසි “අයං බහූ දිවසෙ දුබ‍්භොජනෙන දුක‍්ඛසෙය්‍යාය කිලන‍්තො, ඉදානි අත‍්තනො ඝරෙ නානග‍්ගරසෙහි යාවදත්‍ථං සුභොජනං භුඤ‍්ජිත්‍වා අජීරකෙන මරිස‍්සති. අථාහං ඉමං භණ‍්ඩං තයො කොට‍්ඨාසෙ කත්‍වා එකං තස‍්ස දාරකානං දස‍්සාමි, ද‍්වෙ කොට‍්ඨාසෙ අත‍්තනා ගහෙස‍්සාමී”ති. සො “අජ‍්ජ භාජෙස‍්සාම, ස‍්වෙ භාජෙස‍්සාමා”ති භණ‍්ඩං භාජෙතුං න ඉච‍්ඡි. අථ නං පණ‍්ඩිතවාණිජො අකාමකං නිප‍්පීළෙත්‍වා භාජාපෙත්‍වා විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා කතපටිසන්‍ථාරො “අතිපපඤ‍්චො තෙ කතො, ඉධාගන‍්ත්‍වාපි චිරෙන බුද‍්ධුපට‍්ඨානං ආගතොසී”ති වුත‍්තෙ තං පවත‍්තිං භගවතො ආරොචෙසි. සත්‍ථා “න ඛො සො, උපාසක, ඉදානෙව කූටවාණිජො, පුබ‍්බෙපි කූටවාණිජොයෙව. ඉදානි පන තං වඤ‍්චෙතුකාමො ජාතො, පුබ‍්බෙ පණ‍්ඩිතෙපි වඤ‍්චෙතුං උස‍්සහී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

“සාධු ඛො පණ්ඩිතො නාමාති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් කපටි වෙළෙන්දකු අරබයා වදාළහ. සැවැත්නුවර වැසි දෙදෙනෙක් එකට වෙළඳාම් කරන්නාහු, බඩු ගෙන ජනපදයට ගොස් අලෙවි කොට ලබන ලද ලාභ ඇත්තාහු, ආපසු ආවාහුය. ඔවුන් දෙදෙනාගෙන් කපටි වෙළෙන්දා මෙසේ සිතීය. මේ තෙම බොහෝ දිනක් නිසියාකාර ආහාරයක් හෝ හරි නින්දක් ද නැතිකමින් ක්ලාන්ත වූයේ, දැන් තමාගේ නිවසෙහි නොයෙක් රසයෙන් යුක්ත වූ ආහාර ඇති තරම් අනුභව කොට නො දිරවීමෙන් මැරෙන්නේය. ඉක්බිති, මම මේ සියලු බඩු කොටස් තුනකට බෙදා එක් කොටසක් ඔහුගේ අඹු දරුවන්ට දෙන්නෙමි. කොටස් දෙකක් මා සඳහා ගන්නෙමි. හෙතෙම අද බෙදන්නෙමි. හෙට බෙදන්නෙමි යි බඩු බෙදන්නට කැමැති නො වීය. ඉක්බිති, ඔහු අකැමැති ව සිටිය දී ම නුවණැති වෙළෙන්දා ඔහුට බල කොට බෙදවා විහාරයට ගොස් බුදුන් වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ, බොහෝ ප්‍රමාද ව කොහි සිට මෙහි අවුත් කලකින් බුද්ධෝපස්ථානයට ආවාදැ යි කී කල්හි ඒ පුවත බුදු රජුන්ට සැල කළහ. බුදු රජහු ඔහු කපටි වෙළෙන්දකු වූයේ දැන් පමණක් නොව පෙරත් කපටි වෙළෙන්දෙක් වූයේමැ යි දැන් වනාහි අනුන් රවටනු කෙනකු ම වූයේය. පෙර ද පණ්ඩිතයන් වංචා කරන්නට උත්සාහ කළේයැ යි වදාරා ඔහු විසින් අයදනා ලද බුදු රජහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බාරාණසියං වාණිජකුලෙ නිබ‍්බත‍්ති, නාමග‍්ගහණදිවසෙ චස‍්ස “පණ‍්ඩිතො”ති නාමං අකංසු. සො වයප‍්පත‍්තො අඤ‍්ඤෙන වාණිජෙන සද‍්ධිං එකතො හුත්‍වා වණිජ‍්ජං කරොති, තස‍්ස “අතිපණ‍්ඩිතො”ති නාමං අහොසි. තෙ බාරාණසිතො පඤ‍්චහි සකටසතෙහි භණ‍්ඩං ආදාය ජනපදං ගන‍්ත්‍වා වණිජ‍්ජං කත්‍වා ලද‍්ධලාභා පුන බාරාණසිං ආගමිංසු. අථ නෙසං භණ‍්ඩභාජනකාලෙ අතිපණ‍්ඩිතො ආහ “මයා ද‍්වෙ කොට‍්ඨාසා ලද‍්ධබ‍්බා”ති. “කිංකාරණා”ති? “ත්‍වං පණ‍්ඩිතො, අහං අතිපණ‍්ඩිතො. පණ‍්ඩිතො එකං ලද‍්ධුං අරහති, අතිපණ‍්ඩිතො ද‍්වෙ”ති. “නනු අම‍්හාකං ද‍්වින‍්නං භණ‍්ඩමූලකම‍්පි ගොණාදයොපි සමසමායෙව, ත්‍වං කස‍්මා ද‍්වෙ කොට‍්ඨාසෙ ලද‍්ධුං අරහසී”ති. “අතිපණ‍්ඩිතභාවෙනා”ති. එවං තෙ කථං වඩ‍්ඪෙත්‍වා කලහං අකංසු.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු බරණැස් නුවර වෙළඳ කුලයක උපන්හ. නම් තබන දවසෙහි ඔහුට පණ්ඩිත යි නම් කළහ. වැඩිවියපත් වූ ඔහු දිනක් වෙළෙන්දකු සමග එකතු වී වෙළඳාම් කරයි. ඔහුගේ නම අතිපණ්ඩිත නමි. ඒ දෙදෙනා බරණැසින් ගැල් පන්සියයකින් භාණ්ඩ ගෙන පසල් දනව්වලට ගොස් වෙළඳාම් කොට ලබන ලද ලාභ ඇත්තෝ, නැවත බරණැසට ම ආවාහුය. ඉක්බිති, ඔවුන් භාණ්ඩ බෙදන කල්හි අතිපණ්ඩිත, මා විසින් කොටස් දෙකක් ලැබිය යුතුයැ යි කීවේය. ඊට හේතු කවරේ ද? ඔබ පණ්ඩිතය. මම අතිපණ්ඩිත වෙමි. පණ්ඩිතයා එක් කොසටක් ලැබීමට සුදුසුය. එවිට පණ්ඩිතයා, යහළුව, අපි දෙදෙනාගේ භාණ්ඩ මිල සමානය. එසේ ම ගොන් ගැල් ආදිය ද සම සමය. එසේ තිබිය දී ඔබ කොටස් දෙකක් ලැබීමට සුදුසු වන්නේ කෙසේ ද? මා අතිපණ්ඩිත බැවිනි. මෙසේ ඔවුන් වාදවිවාද කොට කෝලාහල කළහ.

තතො අතිපණ‍්ඩිතො “අත්‍ථෙකො උපායො”ති චින‍්තෙත්‍වා අත‍්තනො පිතරං එකස‍්මිං සුසිරරුක‍්ඛෙ පවෙසෙත්‍වා “ත්‍වං අම‍්හෙසු ආගතෙසු ‘අතිපණ‍්ඩිතො ද‍්වෙ කොට‍්ඨාසෙ ලද‍්ධුං අරහතී’ති වදෙය්‍යාසී”ති වත්‍වා බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා “සම‍්ම, මය‍්හං ද‍්වින‍්නං කොට‍්ඨාසානං යුත‍්තභාවං වා අයුත‍්තභාවං වා එසා රුක‍්ඛදෙවතා ජානාති, එහි, තං පුච‍්ඡිස‍්සාමා”ති තං තත්‍ථ නෙත්‍වා “අය්‍යෙ රුක‍්ඛදෙවතෙ, අම‍්හාකං අට‍්ටං පච‍්ඡින්‍දා”ති ආහ. අථස‍්ස පිතා සරං පරිවත‍්තෙත්‍වා “තෙන හි කථෙථා”ති ආහ. “අය්‍යෙ, අයං පණ‍්ඩිතො, අහං අතිපණ‍්ඩිතො. අම‍්හෙහි එකතො වොහාරො කතො, තත්‍ථ කෙන කිං ලද‍්ධබ‍්බන‍්ති. පණ‍්ඩිතෙන එකො කොට‍්ඨාසො, අතිපණ‍්ඩිතෙන පන ද‍්වෙ කොට‍්ඨාසා ලද‍්ධබ‍්බා”ති. බොධිසත‍්තො එවං විනිච‍්ඡිතං අට‍්ටං සුත්‍වා “ඉදානි දෙවතාභාවං වා අදෙවතාභාවං වා ජානිස‍්සාමී”ති පලාලං ආහරිත්‍වා සුසිරං පූරෙත්‍වා අග‍්ගිං අදාසි, අතිපණ‍්ඩිතස‍්ස පිතා ජාලාය ඵුට‍්ඨකාලෙ අඩ‍්ඪජ‍්ඣාමෙන සරීරෙන උපරි ආරුය‍්හ සාඛං ගහෙත්‍වා ඔලම‍්බන‍්තො භූමියං පතිත්‍වා ඉමං ගාථමාහ –

මෙහි දී අතිපණ්ඩිත එක්තරා උපායක් ඇතැ යි සිතා තමන්ගේ පියා වෙතට ගොස් ඔහු එක් ගස් සිදුරක සඟවා මෙසේ කීය. ඔබ අප අවුත් විමසූ කල්හි අතිපණ්ඩිතට දෙකොටසක් හා පණ්ඩිතයට එක් කොටසක් ලැබීමට සුදුසුයැ යි කියන්නැ යි කියා බෝසතුන් වෙත එළැඹ යහළුව, මට කොටස් දෙකක් ලැබීමට යුතු බව හෝ අයුතු බව හෝ මේ රුක් දෙවියා දනීය. එව. ඔහු විචාරන්නෙමි යි ඔහු එහි පමුණුවා ආර්යය රුක් දෙවියාණෙනි, අපගේ නඩුව පසිඳනු මැනවැ යි කීවේය. ඉක්බිති, ඔහුගේ පියා ස්වරය වෙනස් කොට එසේ නම් කියව යි කීවේය. ආර්යයෙහි, මොහු පණ්ඩිතය. මම අතිපණ්ඩිතය. අප විසින් එකට වෙළඳාම් කරන ලදි. එහි දී කවරකු කොපමණක් ලැබිය යුතු ද? පණ්ඩිතයා එක් කොටසක් ද අතිපණ්ඩිතයා කොටස් දෙකක් ද ලැබිය යුතුයි. බෝසත්හු මෙසේ විසඳන ලද නඩුව අසා ඔහු දෙවියකු වන්නේ ද දෙවියකු නො වන්නේ ද යන්න දැන ගන්නෙමි යි පිදුරු ගෙනවුත් සිදුර පුරවා ගිනි දැල්වීය. අතිපණ්ඩිතයාගේ පියා ගිනි දැල් ලත් කල්හි අඩක් දැවීමෙන් සිදුරෙන් උඩට නැඟී අත්තක් ගෙන එල්ලෙන්නේ, බිමට වැටී මේ ගාථා කීවේය.

“සාධු ඛො පණ‍්ඩිතො නාම, න ත්‍වෙව අතිපණ‍්ඩිතො; අතිපණ‍්ඩිතෙන පුත‍්තෙන, මනම‍්හි උපකූළිතො”ති.

“සාධුඛො පණ්ඩිතො නාම නත්‍වෙව අතිපන්‍ඩිතො, අතිපන්‍ඩිතෙන පුත්තෙන මනම්හි උපකුලිතොති”

“පණ්ඩිතයා යහපති. අතිපණ්ඩිතයා උතුම් නො වේ. අතිපණ්ඩිත පුත්‍රයා නිසා අඩක් දැවුණේ වෙමි.”

තත්‍ථ සාධු ඛො පණ‍්ඩිතො නාමාති ඉමස‍්මිං ලොකෙ පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතො කාරණාකාරණඤ‍්ඤූ පුග‍්ගලො සාධු සොභනො. අතිපණ‍්ඩිතොති නාමමත‍්තෙන අතිපණ‍්ඩිතො කූටපුරිසො න ත්‍වෙව වරං. මනම‍්හි උපකූළිතොති ථොකෙනම‍්හි ඣාමො, අඩ‍්ඪජ‍්ඣාමකොව මුත‍්තොති අත්‍ථො. තෙ උභොපි මජ‍්ඣෙ භින්‍දිත්‍වා සමඤ‍්ඤෙව කොට‍්ඨාසං ගණ‍්හිත්‍වා යථාකම‍්මං ගතා.

එහි, “සාධුඛො පණ්ඩිතො නාම”, ලෝකයෙහි දැනඋගත් කාරණ අකාරණ දන්නා මැනවි. හොබනේය. “අතිපන්‍ඩිතො”, නාම මාත්‍රයෙන් අතිපණ්ඩිත වූ කපටි පුරුෂයා උතුම් නො වේ. “මනම්හි උපකුලිතො”, අඩක් දැවී මිදුනෙමි යි යන අර්ථයි. පසු ව ඒ දෙදෙනා සම සේ කොටස් බෙදා ගත්හ. මරණින් පසු කම් වූ පරිදි ගියහ.

සත්‍ථා “පුබ‍්බෙපි එස කූටවාණිජොයෙවා”ති ඉමං අතීතං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කූටවාණිජො පච‍්චුප‍්පන‍්නෙපි කූටවාණිජොයෙව, පණ‍්ඩිතවාණිජො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මොහු පෙරත් සොර වෙළෙන්දකු වූයේමැ යි ජාතක කථාව නිමවූහ. එදින සොර වෙළෙන්දා දැන් සොර වෙළෙන්දා ම විය. පණ්ඩිත වෙළෙන්දා මම ම වීමි.

කූටවාණිජජාතකවණ‍්ණනා අට‍්ඨමා.