7. නාමසිද්ධිජාතකවණ්ණනා 97 අට්ඨකථා
7. නාමසිද්ධිජාතකවණ්ණනා (97)
7. නාමසිද්ධි ජාතකය (97)
ජීවකඤ්ච මතං දිස්වාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං නාමසිද්ධිකං භික්ඛුං ආරබ්භ කථෙසි. එකො කිර කුලපුත්තො නාමෙන පාපකො නාම. සො සාසනෙ උරං දත්වා පබ්බජිතො භික්ඛූහි “එහාවුසො, පාපක, තිට්ඨාවුසො, පාපකා”ති වුච්චමානො චින්තෙසි “ලොකෙ පාපකං නාම ලාමකං කාළකණ්ණිභූතං වුච්චති, අඤ්ඤං මඞ්ගලපටිසංයුත්තං නාමං ආහරාපෙස්සාමී”ති. සො ආචරියුපජ්ඣායෙ උපසඞ්කමිත්වා “භන්තෙ, මය්හං නාමං අවමඞ්ගලං, අඤ්ඤං මෙ නාමං කරොථා”ති ආහ. අථ නං තෙ එවමාහංසු – “ආවුසො, නාමං නාම පණ්ණත්තිමත්තං, නාමෙන කාචි අත්ථසිද්ධි නාම නත්ථි, අත්තනො නාමෙනෙව සන්තුට්ඨො හොහී”ති. සො පුනප්පුනං යාචියෙව. තස්සායං නාමසිද්ධිකභාවො භික්ඛුසඞ්ඝෙ පාකටො ජාතො. අථෙකදිවසං ධම්මසභායං සන්නිසින්නා භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “ආවුසො, අසුකො කිර භික්ඛු නාමසිද්ධිකො මඞ්ගලං නාමං ආහරාපෙතී”ති. අථ සත්ථා ධම්මසභං ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, සො ඉදානෙව, පුබ්බෙපි නාමසිද්ධිකොයෙවා”ති වත්වා අතීතං ආහරි.
“ජීවකඤ්ච මතං දිස්වාති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් නමින්ම වැඩ කැමැති එක් භික්ෂුවක් අරබයා වදාළහ. එක් කුල පුත්‍රයෙක් නමින් පාපක නමි. හෙතෙම සසුනෙහි ළය දී පැවිදි වූයේ භික්ෂූන් විසින් ඇවැත්නි පාපක, එව. ඇවැත්නි පාපක, සිටු යි කියනු ලබන්නේ මෙසේ සිතුවේය. ලොවෙහි පාපක නම ලාමකය. කාලකණ්ණි වූවන්යැ යි කියයි. වෙනත් මංගල සම්මත නමක් ගෙන එන්නෙමි. හෙතෙම ගුරුවර උපාධ්‍යායන් වෙත එළැඹ ස්වාමීනි, මගේ නම අවමංගලයකි. මට වෙනත් නමක් තබනු මැනවැ යි කීවේය. ඉක්බිති, ඔහුට මෙසේ කීවාහුය. ඇවැත්නි, නාමය නම් පැනවීම් මාත්‍රයකි. නමින් කිසියම් ප්‍රයෝජනයක් නම් නැත. තමන්ගේ නමින් ම සතුටු වෙනු. ඔහු නැවත නැවතත් ඉල්ලුවේය. ඔහුගේ මේ නමින් කාර්යය සිද්ධිය අපේක්ෂා කරන්නෙක් බව භික්ෂු සංඝයා අතර ප්‍රකට විය. ඉක්බිති, එක් දිනක් දම් සභාවෙහි හුන් භික්ෂූහු මේ කථාව ඉපදවූහ. ඇවැත්නි, අසවල් භික්ෂුව නමින් කාර්යය සිද්ධිය අපේක්ෂා කරන්නෙකි. යහපත් නමක් ආරෝපණය කැර ගැනීමට කැමැති වේ. ඉක්බිති, බුදුහු දම් සභාවට වඩමවා මහණෙනි, කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවක් කරමින් හුන්නෙහු යි කී කල්හි මහණෙනි, ඒ භික්ෂුව නමින් කාර්යය සිද්ධිය බලාපොරොත්තු වූයේ දැන් පමණක් නො වෙයි. මෙතෙම පෙර ද නමින් කාර්යය සිද්ධිය බලාපොරොත්තු වූයේ ම යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ තක්කසිලායං බොධිසත්තො දිසාපාමොක්ඛො ආචරියො හුත්වා පඤ්ච මාණවකසතානි මන්තෙ වාචෙසි. තස්සෙකො මාණවො පාපකො නාම නාමෙන. සො “එහි, පාපක, යාහි, පාපකා”ති වුච්චමානො චින්තෙසි “මය්හං නාමං අවමඞ්ගලං, අඤ්ඤං නාමං ආහරාපෙස්සාමී”ති. සො ආචරියං උපසඞ්කමිත්වා “ආචරිය, මය්හං නාමං අවමඞ්ගලං, අඤ්ඤං මෙ නාමං කරොථා”ති ආහ. අථ නං ආචරියො අවොච “ගච්ඡ, තාත, ජනපදචාරිකං චරිත්වා අත්තනො අභිරුචිතං එකං මඞ්ගලනාමං ගහෙත්වා එහි, ආගතස්ස තෙ නාමං පරිවත්තෙත්වා අඤ්ඤං නාමං කරිස්සාමී”ති. සො “සාධූ”ති පාථෙය්‍යං ගහෙත්වා නික්ඛන්තො ගාමෙන ගාමං චරන්තො එකං නගරං පාපුණි. තත්ථ චෙකො පුරිසො කාලකතො ජීවකො නාම නාමෙන. සො තං ඤාතිජනෙන ආළාහනං නීයමානං දිස්වා “කිං නාමකො එස පුරිසො”ති පුච්ඡි. “ජීවකො නාමෙසො”ති. “ජීවකොපි මරතී”ති? “ජීවකොපි මරති, අජීවකොපි මරති, නාමං නාම පණ්ණත්තිමත්තං, ත්වං බාලො මඤ්ඤෙ”ති. සො තං කථං සුත්වා නාමෙ මජ්ඣත්තො හුත්වා අන්තොනගරං පාවිසි.
පෙර තක්සලාවෙහි බෝසත්හු දිසාපාමොක් ඇදුරු ව පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර ඉගැන්වීය. ඔහුගේ එක් මානවකයෙක් නමින් පාපක නම් විය. හෙතෙම එව පාපක, යව පාපක යි කියනු ලබන්නේ මෙසේ සිතුවේය. මගේ නම අශුභයි. වෙනත් නමක් ලබා ගන්නෙමි. හෙතෙම ගුරුතුමා වෙත එළැඹ ගුරුතුමනි, මගේ නම අශුභයි. මට වෙනත් නමක් තබන්නැ යි කීවේය. ඉක්බිති, ඔහුට ඇදුරුතුමා මෙසේ කීවේය. දරුව! යව. ජනපදයෙහි සැරිසරා තමන්ට මනාප එක් ශුභ නමක් ගෙන එව. ආවිට ඒ නම වෙනස් කොට වෙනත් නමක් කරන්නෙමි. හෙතෙම යහපතැ යි මඟ වියදම් රැගෙන නික්මුණේ, ගමින් ගම හැසිරෙන්නේ, එක් නගරයකට පැමිණියේය. එහි එක් පුරුෂයෙක් කලුරිය කළේය. නමින් ජීවක නම් විය. හෙතෙම ඔහු නෑ ජනයා විසින් මිනී දමන තැනට ගෙන යනු දැක මේ පුරුෂයා කුමන නමකින් යුතුදැ යි විචාළේය. මොහු ජීවක නම් විය. ජීවක ද මැරෙයි ද? ජීවකයා ද මැරෙයි. අජීවකයාත් මැරෙයි. නම නම් පැනවීම් මාත්‍රයක් පමණි. නුඹ මෝඩයකුයැ යි හැඟෙයි. ඔහු ඒ කථාව අසා නම ගැන මැදහත් වී ඇතුල් නගරයට පිවිසියේය.
අථෙකං දාසිං භතිං අදදමානං සාමිකා ද්වාරෙ නිසීදාපෙත්වා රජ්ජුයා පහරන්ති, තස්සා ච “ධනපාලී”ති නාමං හොති. සො අන්තරවීථියා ගච්ඡන්තො තං පොථියමානං දිස්වා “කස්මා ඉමං පොථෙථා”ති පුච්ඡි. “භතිං දාතුං න සක්කොතී”ති. “කිං පනස්සා නාම”න්ති? “ධනපාලී නාමා”ති. නාමෙන ධනපාලී සමානාපි භතිමත්තං දාතුං න සක්කොතීති ධනපාලියොපි අධනපාලියොපි දුග්ගතා හොන්ති, නාමං නාම පණ්ණත්තිමත්තං, ත්වං බාලො මඤ්ඤෙති. සො නාමෙ මජ්ඣත්තතරො හුත්වා නගරා නික්ඛම්ම මග්ගං පටිපන්නො අන්තරාමග්ගෙ මග්ගමූළ්හපුරිසං දිස්වා “අම්භො කිං කරොන්තො විචරසී”ති පුච්ඡි. “මග්ගමූළ්හොම්හි, සාමී”ති. “කිං පන තෙ නාම”න්ති? “පන්ථකො නාමා”ති. “පන්ථකොපි මග්ගමූළ්හො හොතී”ති? “පන්ථකොපි අපන්ථකොපි මග්ගමූළ්හො හොති, නාමං නාම පණ්ණත්තිමත්තං ත්වං පන බාලො මඤ්ඤෙති”. සො නාමෙ අතිමජ්ඣත්තො හුත්වා බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා “කිං, තාත, නාමං රොචෙත්වා ආගතොසී”ති වුත්තෙ “ආචරිය, ජීවකාපි නාම මරන්ති අජීවකාපි, ධනපාලියොපි දුග්ගතා හොන්ති අධනපාලියොපි, පන්ථකාපි මග්ගමූළ්හා හොන්ති අපන්ථකාපි, නාමං නාම පණ්ණත්තිමත්තං, නාමෙන සිද්ධි නත්ථි, කම්මෙනෙව සිද්ධි. අලං මය්හං අඤ්ඤෙන නාමෙන, තදෙව මෙ නාමං හොතූ”ති ආහ. බොධිසත්තො තෙන දිට්ඨඤ්ච කතඤ්ච සංසන්දෙත්වා ඉමං ගාථමාහ –
ඉක්බිති, එක් දාසියකට කුලිය නො දෙන ස්වාමීවරු දොරටුවෙහි ඇය හිඳුවා ලණුවෙන් පහර දෙත්. ඇයට ද ධනපාලී යි නමක් විය. හෙතෙම ඇතුල් වීථියෙහි යන්නේ, ඇයට තලනු දැක කුමක් නිසා ඇයට පහර දෙන්නේදැ යි විචාළේය. කුලිය දෙන්නට නො හැක්කේය. මැගේ නම කුමක්ද? ධනපාලී නම් වෙයි. නමින් ධනය පාලනය කරන්නියක් වුව ද කුලිය පමණවත් දෙන්නට නො හැක්කේ ද? ධනපාලියෝ ද අධනපාලියෝ මෙන් දුප්පත් වෙත්. නාමය නම් පැනවීම් මාත්‍රයක් පමණි. නුඹ වනාහි බලායකුයැ යි හඟී. ඔහු නාමයෙහි මධ්යස්ථතර වී නුවරින් නික්මී මඟට පිළිපන්නේ, අතරමඟ දී මංමුළා වූ පුරුෂයකු දැක එම්බා, කුමක් කැරෙමින් හැසිරෙන්නේදැ යි විචාළේය. මංමුළා වූයෙමි. ස්වාමීනි, ඔබගේ නම කුමක් ද? පන්ථක නම් විය. පන්ථකටත් මඟ වරදින්නේ ද? (පන්ථක-මඟෙහි උපන්) පන්ථක වුවත් අපන්ථක වුවත් මංමුළා වෙයි. නාමය නම් පැනවීම් මාත්‍රයකි. නුඹ බාලයකුයැ යි හඟිමි. හෙතෙම බෝසතුන් වෙතට ගොස් කිම දරුව, නමට රුචි කොට ආවේදැ යි කී කල්හි ගුරුතුමනි, ජීවකයෝත් මැරෙති. අජීවකයෝත් මැරෙති. ධනපාලියෝත් දුප්පත් වෙති. අධනපාලියෝත් දුප්පත් වෙති. පන්ථකයෝත් අපන්ථකයෝත් මංමුළා වෙති. නාමය නම් පැනවීම් මාත්‍රයකි. නාමයෙන් විශේෂ අභිවෘද්ධියක් නැත. ක්‍රියාවෙන් ම අභිවෘද්ධියක් වෙන්නේය. මට වෙනත් නමකින් ඵලක් නැත. ඒ නම ම මට වේවා යි කීවේය. බෝසත්හු ඔහු දුටු දේත් කළ දේත් සසඳා මේ ගාථාව කීහ.
“ජීවකඤ්ච මතං දිස්වා, ධනපාලිඤ්ච දුග්ගතං; පන්ථකඤ්ච වනෙ මූළ්හං, පාපකො පුනරාගතො”ති.
“ජීවකඤ්ච මතං දිස්වා ධනපාලිඤ්ච දුග්ගතං, පන්ථකඤ්ච වනෙ මූළ්හං පාපකො පුනරාගතොති”
“ජීවකයා ද මළ වූවා දැක ධනපාලී ද දුගී වූවා දැක පන්ථකයා ද මඟෙහි මංමුළා වූවා දැක පාපක නැමැත්තා (ආපසු) ආවේය.”
තත්ථ පුනරාගතොති ඉමානි තීණි කාරණානි දිස්වා පුන ආගතො, ර-කාරො සන්ධිවසෙන වුත්තො.
එහි, “පුනරාගතො”, මේ කාරණා තුන දැක නැවත ආවේය. ‘ර’ කාරය සන්ධි වශයෙන් කියන ලදි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස නාමසිද්ධිකොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා නාමසිද්ධිකො ඉදානිපි නාමසිද්ධිකොයෙව, ආචරියපරිසා බුද්ධපරිසා, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදුහු මේ අතීත කථාව ගෙනහැර දක්වා මහණෙනි, මොහු නාමයෙන් කාර්යය සිද්ධිය අපේක්ෂා කරන්නකු වූයේ දැන් පමණක් නො වේ. පෙරත් නාම සිද්ධියකු වූයේයැ යි කියා ජාතක කථාව නිම කළහ. එකල නාම සිද්ධිකයා දැනුත් නාම සිද්ධික විය. ඇදුරු පිරිස බුදු පිරිස වූහ. ඇදුරුතුමා වනාහි මම ම වීමි.
නාමසිද්ධිජාතකවණ්ණනා සත්තමා.