යෙදුමෙන් කියවන්න

6. තෙලපත‍්තජාතකවණ‍්ණනා 96 අට‍්ඨකථා

6. තෙලපත‍්තජාතකවණ‍්ණනා (96)

6. තෙලපත්ත ජාතකය (96)

සමතිත‍්තිකං අනවසෙසකන‍්ති ඉදං සත්‍ථා සුම‍්භරට‍්ඨෙ සෙදකං නාම නිගමං උපනිස‍්සාය අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ විහරන‍්තො ජනපදකල්‍යාණිසුත‍්තං ආරබ‍්භ කථෙසි. තත්‍ර හි භගවා – “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, ‘ජනපදකල්‍යාණී ජනපදකල්‍යාණී’ති ඛො, භික‍්ඛවෙ, මහාජනකායො සන‍්නිපතෙය්‍ය, සා ඛො පනස‍්ස ජනපදකල්‍යාණී පරමපාසාවිනී නච‍්චෙ, පරමපාසාවිනී ගීතෙ. ‘ජනපදකල්‍යාණී නච‍්චති ගායතී’ති ඛො, භික‍්ඛවෙ, භිය්‍යොසොමත‍්තාය මහාජනකායො සන‍්නිපතෙය්‍ය. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක‍්ඛපටිකූලො. තමෙනං එවං වදෙය්‍ය “අයං තෙ, අම‍්භො පුරිස, සමතිත‍්තිකො තෙලපත‍්තො අන‍්තරෙන ච මහාජනකායස‍්ස අන‍්තරෙන ච ජනපදකල්‍යාණියා පරිහරිතබ‍්බො, පුරිසො ච තං උක‍්ඛිත‍්තාසිකො පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධිස‍්සති ‘යත්‍ථෙව නං ථොකම‍්පි ඡඩ‍්ඩෙස‍්සසි, තත්‍ථෙව තෙ සීසං පාතෙස‍්සාමී’”ති. “තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, අපි නු සො පුරිසො අමුං තෙලපත‍්තං අමනසිකරිත්‍වා බහිද‍්ධා පමාදං ආහරෙය්‍යා”ති? “නො හෙතං, භන‍්තෙ”. උපමා ඛො ම්‍යායං, භික‍්ඛවෙ, කතා අත්‍ථස‍්ස විඤ‍්ඤාපනාය. අයමෙවෙත්‍ථ අත්‍ථො – ‘සමතිත‍්තිකො තෙලපත‍්තො’ති ඛො, භික‍්ඛවෙ, කායගතායෙතං සතියා අධිවචනං. තස‍්මාතිහ , භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං ‘කායගතා නො සති භාවිතා භවිස‍්සති සුසමාරද‍්ධා’ති එවඤ‍්හි වො, භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බ”න‍්ති (සං· නි· 5.386) –

“සමතිත්තිකං අනවසෙසකන්ති” යන මේ දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සුම්හ රට සේනක නම් නියම් ගම ඇසුරු කොට වන ලැහැබක වසන්නාහු, ජනපදකල්‍යාණී සූත්‍රය අරබයා දේශනා කළහ. එහිදී බුදුරජහු මහණෙනි, රූ රැජිනක, රූ රැජිනකැ යි මහජනයා රැස්වන්නේය. ඒ රෑ රැජින වනාහි නැටීමෙහි ඉතා දක්‍ෂය. ගායනයෙහි ද එසේ මය. මහජනයා රෑ රැජින නටතැ යි, ගයතැ යි වඩ වඩාත් රැස් වන්නේය. මේ අතර ජීවත් වීමට කැමැති මරණයට අකැමැති සැප කැමැති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහ. පින්වත් පුරුෂය, පාමුව දක්වා පිරුණු මේ තෙල් පාත්‍රය මහජන සමාගමටත් රෑ රැජිනටත් අතරින් ගෙන යා යුතුය. ඔබ පිටුපසින් කඩුවක් ඔසවාගත් පුරුෂයෙක් එයි. ඉදින්, ඔබ මඳක් හෝ තෙල් පිටතට වැගුරුවේ නම් එතැන දී ම තගේ හිස හෙළන්නෙමි. මහණෙනි, කුමක් සිතන්නහු ද? ඒ පුරුෂයා තෙල් පාත්‍රයෙන් සිත බැහැර කරන්නේ ද? සිත මුළා කරන්නේ ද? ස්වාමීනි, එසේ නො වන්නේය. මහණෙනි, මෙහි අර්ථය නම්, පාමුව දක්වා පිරුණු තෙල් බඳුන නම් තම සිරුරු පිළිබඳ මෙහෙය වූ සිහියට නමකි. මහණෙනි, ඔබලා මෙසේ හික්මිය යුතුය. අපගේ කායගතා සතිය මනාව ආරම්භ කොට වැඩුණේ වන්නේය. මහණෙනි, ඔබලා විසින් මෙසේ හික්මිය යුතුයැ යි,

ඉදං ජනපදකල්‍යාණිසුත‍්තං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කථෙසි.

මේ ජනපදකල්‍යාණී සූත්‍රය අර්ථ සහිත ව මනා පදයෙන් යුක්ත කොට දෙසූහ.

තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – ජනපදකල්‍යාණීති ජනපදම‍්හි කල්‍යාණී උත‍්තමා ඡසරීරදොසරහිතා පඤ‍්චකල්‍යාණසමන‍්නාගතා. සා හි යස‍්මා නාතිදීඝා, නාතිරස‍්සා, නාතිකිසා, නාතිථූලා, නාතිකාළා, නාච‍්චොදාතා, අතික‍්කන‍්තා මානුසකවණ‍්ණං, අපත‍්තා දිබ‍්බවණ‍්ණං, තස‍්මා ඡසරීරදොසරහිතා. ඡවිකල්‍යාණං, මංසකල්‍යාණං, න‍්හාරුකල්‍යාණං, අට‍්ඨිකල්‍යාණං, වයොකල්‍යාණන‍්ති ඉමෙහි පන පඤ‍්චහි කල්‍යාණෙහි සමන‍්නාගතත‍්තා පඤ‍්චකල්‍යාණසමන‍්නාගතා නාම. තස‍්සා හි ආගන‍්තුකොභාසකිච‍්චං නාම නත්‍ථි, අත‍්තනො සරීරොභාසෙනෙව ද‍්වාදසහත්‍ථෙ ඨානෙ ආලොකං කරොති, පියඞ‍්ගුසාමා වා හොති සුවණ‍්ණසාමා වා. අයමස‍්සා ඡවිකල්‍යාණතා. චත‍්තාරො පනස‍්සා හත්‍ථපාදා මුඛපරියොසානඤ‍්ච ලාඛාරසපරිකම‍්මකතං විය රත‍්තපවාළරත‍්තකම‍්බලසදිසං හොති. අයමස‍්සා මංසකල්‍යාණතා. වීසති නඛපත‍්තානි මංසතො අමුත‍්තට‍්ඨානෙ ලාඛාරසපූරිතානි විය, මුත‍්තට‍්ඨානෙ ඛීරධාරාසදිසානි. අයමස‍්සා න‍්හාරුකල්‍යාණතා. ද‍්වත‍්තිංස දන‍්තා සුඵුසිතා සුධොතවජිරපන‍්ති විය ඛායන‍්ති. අයමස‍්සා අට‍්ඨිකල්‍යාණතා. වීසතිවස‍්සසතිකාපි පන සමානා සොළසවස‍්සුද‍්දෙසිකා විය හොති නිබ‍්බලිපලිතා. අයමස‍්සා වයොකල්‍යාණතා.

මේ එහි සංක්‍ෂිප්ත අදහසයි. ජනපදකල්‍යාණී නම් ජනපදයෙහි ම සුන්‍දරියයි. සිරුරු දොස් සයෙන් විනිර්මුක්ත වූ යහපත් අංග පහකින් යුත් ඕ වඩාත් උස නො වූ, වඩාත් මිටි නො වූ, වඩාත් සිහින් නො වූ, වඩාත් මහත නො වූ, වඩාක් කලු නො වූ, වඩාත් සුදු නො වූ, මිනිස් පැහැය ඉක්ම වූ දිව්‍ය පැහැයට නො පැමිණි මෙකී සවැදෑරුම් සිරුරු දොසින් මිදුණා වූවාය. ඡවි, මාංශ නහර, අට්ඨි, වයෝ යන පඤ්ච කල්‍යාණයෙන් යුක්ත වූවාය. ඇයට අමුතුවෙන් ආලෝකයක් අවශ්‍ය නො වේ. තම සිරුරේ ආලෝකයෙන් දොළොස් රියනක් ප්‍රභාවත් කැරේ. පියඟුමල් වන්නෝ රන්වන් හෝ වෙයි. මේ ඇගේ ඡවි කල්‍යාණයයි. ඇගේ අත්පා සතර, මුහුණ, දෙතොල කෙළවර කොට ලහසෙන් පිරිකම් කළාක් මෙන් ද රන් පබලු පළසක් වැනිය. මේ ඇගේ මංශ කල්‍යාණියයි. ඇගේ නිය පෙළ මසින් නො මිදුණු තන්හි ලහ රසයෙන් පිරුණාක් මෙන් ද මසින් සම්බන්ධ නැති තන්හි කිරිදහට මෙනි. මේ ඇගේ නහර (නිය) කල්‍යාණයයි. ඇගේ දෙතිස දත් පෙළ එකට එකක් සම්බන්ධ ව ඔබ කළ දියමන්ති පෙළක් මෙන් පෙනේ. මේ ඇගේ අට්ඨි කල්‍යාණියයි. සියවස් වුව ද සොළොස් විය ඇත්තියක මෙන් පෙනේ. ඇඟ රැලි හෝ පැසුණු කෙස් නො වේ. මේ ඇගේ වය කල්‍යාණියයි.

පරමපාසාවිනීති එත්‍ථ පන පසවනං පසවො, පවත‍්තීති අත්‍ථො. පසවො එව පාසාවො, පරමො පාසාවො පරමපාසාවො, සො අස‍්සා අත්‍ථීති පරමපාසාවිනී. නච‍්චෙ ච ගීතෙ ච උත‍්තමප‍්පවත‍්ති සෙට‍්ඨකිරියා. උත‍්තමමෙව නච‍්චං නච‍්චති, ගීතඤ‍්ච ගායතීති වුත‍්තං හොති.

“පරමපාසාවිනී”, මෙහි පැවැත්ම - ‘පසාව’ නම් පවතී යන අර්ථයි. පසව ම, පාසාව නම් උතුම් පැවැත්ම, පරම පාසාව නමි. ඇයට එය ඇත්තේ, “පරමපාසාවිනී”, නමි. නැටීමෙහි හා ගැයීමෙහි මනහර පැවැත්ම ශ්‍රේෂ්ඨ පැවැත්මයි. මනහර ලෙස නටයි. ගී ගයයි.

අථ පුරිසො ආගච‍්ඡෙය්‍යාති න අත‍්තනො රුචියා ආගච‍්ඡෙය්‍ය, අයං පනෙත්‍ථ අධිප‍්පායො – අථෙවං මහාජනමජ‍්ඣෙ ජනපදකල්‍යාණියා නච‍්චමානාය “සාධු සාධූ”ති සාධුකාරෙසු අඞ‍්ගුලිඵොටනෙසු චෙලුක‍්ඛෙපෙසු ච පවත‍්තමානෙසු තං පවත‍්තිං සුත්‍වා රාජා බන්‍ධනාගාරතො එකං චොරපුරිසං පක‍්කොසාපෙත්‍වා නිගළානි ඡින්‍දිත්‍වා සමතිත‍්තිකං සුපරිපුණ‍්ණං තෙලපත‍්තං තස‍්ස හත්‍ථෙ දත්‍වා උභොහි හත්‍ථෙහි දළ‍්හං ගාහාපෙත්‍වා එකං අසිහත්‍ථං පුරිසං ආණාපෙසි “එතං ගහෙත්‍වා ජනපදකල්‍යාණියා සමජ‍්ජට‍්ඨානං ගච‍්ඡ. යත්‍ථෙව චෙස පමාදං ආගම‍්ම එකම‍්පි තෙලබින්‍දුං ඡඩ‍්ඩෙති, තත්‍ථෙවස‍්ස සීසං ඡින්‍දා”ති. සො පුරිසො අසිං උක‍්ඛිපිත්‍වා තං තජ‍්ජෙන‍්තො තත්‍ථ නෙසි. සො මරණභයතජ‍්ජිතො ජීවිතුකාමතාය පමාදවසෙන තං අමනසිකරිත්‍වා සකිම‍්පි අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා තං ජනපදකල්‍යාණිං න ඔලොකෙසි. එවං භූතපුබ‍්බමෙවෙතං වත්‍ථු, සුත‍්තෙ පන පරිකප‍්පවසෙනෙතං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

“අථ පුරිසො ආගච්ඡෙය්‍යාති” යනු සිය කැමැත්තෙන් එන්නේ වෙයි. මෙහි අදහස මෙයයි. මහජනයා මැද රෑ රැජින නටන කල්හි, සාධු නාදය පවත්වද්දී අසුරු ගැසීම්, සළුවැනීම් පවතිද්දී රජ එපවත් අසා දඟ ගෙයින් එක් පුරුෂයකු කැඳවා බන්‍ධන ඉවත් කොට මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රයක් ඔහු අත තබා දෙඅතින් එය දැඩිකොට ගන්වා එක් කඩු ගත් අත් ඇති පුරුෂයකුට අණ කළේය. මේ කඩුව ගෙන රෑ රැජිනගේ නෘත්‍යය භූමියට යන අතර සිත වෙනස් ව එක් තෙල් බිඳක් හෝ පිටතට ගියහොත් එහි දී ම ඔහුගේ හිස සිඳුව. ඒ වධකයා ද කඩුව ඔසවාගෙන තැති ගන්වමින් ඔහු ගෙන ගියේය. ඒ පුරුෂයා ද මරණ බියෙන් බියපත් ව ජීවත්වීමට ඇති කැමැත්ත නිසා සිත වෙනතකට නො යොමා ඇස ඇර ඒ රූ රැජින දෙස නො බැලීය. මේ කථා පුවත පෙර සිදුවූවකි. සූත්‍රයෙහි සිතින් පරිකල්පනය කළ පුවතක් මෙන් දක්වා ඇතිබව දත යුතුයි.

උපමා ඛො ම්‍යායන‍්ති එත්‍ථ පන තෙලපත‍්තස‍්ස තාව කායගතාසතියා ඔපම‍්මසංසන්‍දනං කතමෙව. එත්‍ථ පන රාජා විය කම‍්මං දට‍්ඨබ‍්බං, අසි විය කිලෙසා, උක‍්ඛිත‍්තාසිකපුරිසො විය මාරො, තෙලපත‍්තහත්‍ථො පුරිසො විය කායගතාසතිභාවකො විපස‍්සකයොගාවචරො. ඉති භගවා “කායගතාසතිං භාවෙතුකාමෙන භික‍්ඛුනා තෙලපත‍්තහත්‍ථෙන තෙන පුරිසෙන විය සතිං අවිස‍්සජ‍්ජෙත්‍වා අප‍්පමත‍්තෙන කායගතාසති භාවෙතබ‍්බා”ති ඉමං සුත‍්තං ආහරිත්‍වා දස‍්සෙසි.

“උපමා ඛො ම්‍යායන්ති”, මෙහි දී තෙල් පාත්‍රය කායගතා සති භාවනාව හා උපමා සැසඳීමක් කරන ලදි. මෙහි රජ මෙන් කර්මය දත යුතුයි. කෙළෙස් කඩුව මෙනි. කඩුගත් පුරුෂයා මාරයාය. තෙල් පාත්‍රය ගත් පුරුෂයා මෙන් කායගතා සති විදසුන් වඩනා යෝගාවචරයා දත යුතුයි. මෙහි දී බුදු රජහු කායගතාසති විදර්ශනා වඩන භික්‍ෂුව විසින් තෙල් පාත්‍රය ගත් ඒ පුරුෂයා මෙන් සිහිය අත්නොහැර මනා නුවණින් භාවනාව කළ යුතු යි, මේ සූත්‍රය දක්වා වදාළහ.

භික‍්ඛූ ඉමං සුත‍්තඤ‍්ච අත්‍ථඤ‍්ච සුත්‍වා එවමාහංසු – “දුක‍්කරං, භන‍්තෙ, තෙන පුරිසෙන කතං තථාරූපිං ජනපදකල්‍යාණිං අනොලොකෙත්‍වා තෙලපත‍්තං ආදාය ගච‍්ඡන‍්තෙනා”ති. සත්‍ථා “න, භික‍්ඛවෙ, තෙන දුක‍්කරං කතං, සුකරමෙවෙතං. කස‍්මා? උක‍්ඛිත‍්තාසිකෙන පුරිසෙන සන‍්තජ‍්ජෙත්‍වා නීයමානතාය. යං පන පුබ‍්බෙ පණ‍්ඩිතා අප‍්පමාදෙන සතිං අවිස‍්සජ‍්ජෙත්‍වා අභිසඞ‍්ඛතං දිබ‍්බරූපම‍්පි ඉන්‍ද්‍රියානි භින්‍දිත්‍වා අනොලොකෙත්‍වාව ගන‍්ත්‍වා රජ‍්ජං පාපුණිංසු, එතං දුක‍්කර”න‍්ති වත්‍වා අතීතං ආහරි.

භික්‍ෂූහු මේ සූත්‍රයත් එහි අර්ථයත් අසා මෙසේ කීවාහුය. ස්වාමීනි, එදෙස නො බලා තෙල් පාත්‍රය ගෙන යන ඒ පුරුෂයා විසින් කරන ලද්දේ මහත් දුෂ්කර කාර්යයකි. මහණෙනි, ඔහු කළේ අමාරු කාර්යයක් නො වේ. ඉතා පහසු කාර්යයකි. මක්නිසා ද? කඩුගත් පුරුෂයා විසින් ඔහු බිය ගන්වා ගමනට මෙහෙය වූ බැවිනි. මහණෙනි, පෙර පණ්ඩිතයෝ නුවණින් සිහිය අත්නොහැර මවන ලද දිව්‍ය ස්ත්‍රී රූප ද ඉන්‍ද්‍රියන් බිඳ එදෙස නො බලා ගොස් රාජ්‍යයට ද පැමිණියහ. ඒ පහසු කාර්යයක් නොවෙති යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස රඤ‍්ඤො පුත‍්තසතස‍්ස සබ‍්බකනිට‍්ඨො හුත්‍වා නිබ‍්බත‍්ති, සො අනුපුබ‍්බෙන විඤ‍්ඤුතං පාපුණි. තදා ච රඤ‍්ඤො ගෙහෙ පච‍්චෙකබුද‍්ධා භුඤ‍්ජන‍්ති, බොධිසත‍්තො තෙසං වෙය්‍යාවච‍්චං කරොති. සො එකදිවසං චින‍්තෙසි “මම බහූ භාතරො, ලච‍්ඡාමි නු ඛො අහං ඉමස‍්මිං නගරෙ කුලසන‍්තකං රජ‍්ජං, උදාහු නො”ති? අථස‍්ස එතදහොසි “පච‍්චෙකබුද‍්ධෙ පුච‍්ඡිත්‍වා ජානිස‍්සාමී”ති. සො දුතියදිවසෙ පච‍්චෙකබුද‍්ධෙසු ආගතෙසු ධමකරණං ආදාය පානීයං පරිස‍්සාවෙත්‍වා පාදෙ ධොවිත්‍වා තෙලෙන මක‍්ඛෙත්‍වා තෙසං අන‍්තරඛජ‍්ජකං ඛාදිත්‍වා නිසින‍්නකාලෙ වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො තමත්‍ථං පුච‍්ඡි. අථ නං තෙ අවොචුං – කුමාර, න ත්‍වං ඉමස‍්මිං නගරෙ රජ‍්ජං ලභිස‍්සසි, ඉතො පන වීසයොජනසතමත්‍ථකෙ ගන්‍ධාරරට‍්ඨෙ තක‍්කසිලානගරං නාම අත්‍ථි, තත්‍ථ ගන‍්තුං සක‍්කොන‍්තො ඉතො සත‍්තමෙ දිවසෙ රජ‍්ජං ලච‍්ඡසි. අන‍්තරාමග‍්ගෙ පන මහාවත‍්තනිඅටවියං පරිපන්‍ථො අත්‍ථි, තං අටවිං පරිහරිත්‍වා ගච‍්ඡන‍්තස‍්ස යොජනසතිකො මග‍්ගො හොති, උජුකං ගච‍්ඡන‍්තස‍්ස පඤ‍්ඤාස යොජනානි හොන‍්ති. සො හි අමනුස‍්සකන‍්තාරො නාම. තත්‍ථ යක‍්ඛිනියො අන‍්තරාමග‍්ගෙ ගාමෙ ච සාලායො ච මාපෙත්‍වා උපරි සුවණ‍්ණතාරකවිචිත‍්තවිතානං මහාරහසෙය්‍යං පඤ‍්ඤාපෙත්‍වා නානාවිරාගපටසාණියො පරික‍්ඛිපිත්‍වා දිබ‍්බාලඞ‍්කාරෙහි අත‍්තභාවං මණ‍්ඩෙත්‍වා සාලාසු නිසීදිත්‍වා ආගච‍්ඡන‍්තෙ පුරිසෙ මධුරාහි වාචාහි සඞ‍්ගණ‍්හිත්‍වා “කිලන‍්තරූපා විය පඤ‍්ඤායථ, ඉධාගන‍්ත්‍වා නිසීදිත්‍වා පානීයං පිවිත්‍වා ගච‍්ඡථා”ති පක‍්කොසිත්‍වා ආගතාගතානං ආසනානි දත්‍වා අත‍්තනො රූපලීලාවිලාසෙහි පලොභෙත්‍වා කිලෙසවසිකෙ කත්‍වා අත‍්තනා සද‍්ධිං අජ‍්ඣාචාරෙ කතෙ තත්‍ථෙව නෙ ලොහිතෙන පග‍්ඝරන‍්තෙන ඛාදිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙන‍්ති. රූපගොචරං සත‍්තං රූපෙනෙව ගණ‍්හන‍්ති, සද‍්දගොචරං මධුරෙන ගීතවාදිතසද‍්දෙන, ගන්‍ධගොචරං දිබ‍්බගන්‍ධෙහි, රසගොචරං දිබ‍්බෙන නානග‍්ගරසභොජනෙන, ඵොට‍්ඨබ‍්බගොචරං උභතොලොහිතකූපධානෙහි දිබ‍්බසයනෙහි ගණ‍්හන‍්ති. සචෙ ඉන්‍ද්‍රියානි භින්‍දිත්‍වා තා අනොලොකෙත්‍වා සතිං පච‍්චුපට‍්ඨාපෙත්‍වා ගමිස‍්සසි, සත‍්තමෙ දිවසෙ තත්‍ථ රජ‍්ජං ලච‍්ඡසීති.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු ඒ රජුගේ පුතුන් සිය දෙනා අතුරින් කනිටු පුතු වී ඉපිද පිළිවෙලින් දැනුවත් බවට පැමිණියේය. එකල්හි ඒ රජ මැදුරෙහි පන්සියයක් පසේ බුදුවරු දන් වළඳත්. බෝසත්හු ඔවුන්ට වතාවත් කරත්. බෝසත්හු දිනක් මෙසේ සිතූහ. මට බොහෝ සොහොයුරෝ සිටිති. පියා සතු රාජ්‍යය මට ලැබේ ද, නො ලැබේ දැ යි පසේ බුදුවරුන්ගෙන් අසා දැන ගනිමි යි දෙවැනි දවස්හි රජ මැදුරට ඔවුන් වැඩි කල්හි, ඩබරාව ගෙන පැන් පෙරහා පා සෝදා තෙල් ආලේප කොට අතුරුපස වළඳා සිටි කල්හි, වැඳ එකත් පසෙක හිඳ එකරුණ සැලකළහ. ඔවුහු බෝසතුන්ට මෙසේ කීහ. කුමාරය, ඔබ මෙම නුවර රාජ්‍යය නො ලබන්නෙහිය. මෙහි සිට එක්සියවිසි යොදුනකින් ඈත ගන්‍ධාර රට තක්සලා නම් නුවරක් ඇත. එහි යන්ට හැකි නම් මෙයින් සත් වැනි දින එහි රාජ්‍යය ලබන්නේය. වන මඟ අතරෙහි උවදුරු ඇත. ඒ වන මඟ අතහැර යන්නේ නම් සියක් යොදුන් මඟ වෙයි. සෘජුව යන්නේ නම් පණස් යොදුනකි. ඒ අමනුෂ්‍ය කාන්තාරයකි. එහි යකින්නියෝ ගම් ද ශාලා ද මවා උඩට රන් තරුයෙන් විසිතුරු මා හැඟි වියන් ඇති ශයනයන් පනවා විවිධ වර්ණ පට වස්ත්‍ර තිරවලින් වටකොට දිව අබරණයෙන් තමන් සැරසී ශාලාවල හිඳ යන එන මිනිසුන්ට මිහිරි වචනයෙන් සංග්‍රහ කොට ඔබලා මාර්ග ක්ලාන්ත වූ බව පෙනේ. මෙහි අවුත් හිඳ පැන් බී විඩාහැර යනු මැනවැ යි කැඳවා පැමිණි අයට අසුන් දී රූ සපුවෙන් පොළඹයා කාමයෙන් වසඟ කොට තමා සමග සමහම් කළ කල්හි ඒ යක්‍ෂණියෝ ඔවුන් ලේ ධාරා වගුරුවමින් කා දමා මරණයට පත් කරත්. රූපයට ගොදුරු වූ පුරුෂයා රූපයෙන් ද අල්ලා ගනිති. ශබ්දයට ගොදුරු වනු මිහිරි ගී වැයුම් හඬින් ද සුවඳට ගොදුරු වනු දිව ගඳින් ද රසයට ගිජු වූවන් නොයෙක් රස ඇති දිව බොජුනෙන් ද පහසට ගොදුරු වූවන් හිස්දොර පාමුල රන් කහවසින් ඇති දිව්‍යය පානින් ද අල්ලා ගනිති. ඉදින්, ඉඳුරන් පුබුදුවා ඔවුන් දෙස නො බලා සිහිය පෙරටු කොට ඔබ යන්නෙහි නම් මෙයින් සත් වැනි දින එනුවර රාජ්‍යය ලබන්නේය.

බොධිසත‍්තො “හොතු, භන‍්තෙ, තුම‍්හාකං ඔවාදං ගහෙත්‍වා කිං තා ඔලොකෙස‍්සාමී”ති පච‍්චෙකබුද‍්ධෙහි පරිත‍්තං කාරාපෙත්‍වා පරිත‍්තවාලුකඤ‍්චෙව පරිත‍්තසුත‍්තඤ‍්ච ආදාය පච‍්චෙකබුද‍්ධෙ ච මාතාපිතරො ච වන්‍දිත්‍වා නිවෙසනං ගන‍්ත්‍වා අත‍්තනො පුරිසෙ ආහ – “අහං තක‍්කසිලායං රජ‍්ජං ගහෙතුං ගච‍්ඡාමි, තුම‍්හෙ ඉධෙව තිට‍්ඨථා”ති. අථ නං පඤ‍්ච ජනා ආහංසු “මයම‍්පි අනුගච‍්ඡාමා”ති. “න සක‍්කා තුම‍්හෙහි අනුගන‍්තුං, අන‍්තරාමග‍්ගෙ කිර යක‍්ඛිනියො රූපාදිගොචරෙ මනුස‍්සෙ එවඤ‍්චෙවඤ‍්ච රූපාදීහි පලොභෙත්‍වා ගණ‍්හන‍්ති, මහා පරිපන්‍ථො, අහං පන අත‍්තානං තක‍්කෙත්‍වා ගච‍්ඡාමී”ති. “කිං පන, දෙව, මයං තුම‍්හෙහි සද‍්ධිං ගච‍්ඡන‍්තා අත‍්තනො පියානි රූපාදීනි ඔලොකෙස‍්සාම, මයම‍්පි තථෙව ගමිස‍්සාමා”ති. බොධිසත‍්තො “තෙන හි අප‍්පමත‍්තා හොථා”ති තෙ පඤ‍්ච ජනෙ ආදාය මග‍්ගං පටිපජ‍්ජි.

එවිට බෝසත්හු, ස්වාමීනි, එසේ ම වේවා. ඔබතුමන්ගෙන් අවවාද ලබා මා කෙසේ නම් ඔවුන් දෙස බලම් ද? පසේ බුදුවරුන්ගෙන් පිරිත් කැරවා පිරිත් වැලි ද පිරිත් ජලය ද පිරිත් හුය ද ගෙන පසේ බුදුවරුන් ද මව්පියන් ද වැඳ තම නිවහනට ගොස් තමාගේ පුරුෂයන්ට මෙසේ කීහ. මම තක්සලා නුවර රාජ්‍යය ගැනීමට එමි. ඔබලා මෙහි ම සිටිනු. ඉක්බිති, පුරුෂයෝ පස් දෙනෙක් කීහ. අපි ද එන්නෙමු. තොපට එහි යා නො හැකිය. අතරමග යකින්නියෝ රූපාදියෙහි ගිජු වූ මිනිසුන් විවිධ වූ රූපාදියෙන් පොළඹවා තම ග්‍රහණයට ගනිත්. මහමඟ උවදුරු බොහෝය. මම වනාහි තමා ගැන විශ්වාසය තබා යන්නෙමි. දේවයිනි, අපි ඔබතුමන් සමග යන කල්හි කෙසේ නම් ප්‍රිය රූපාදිය බලන්නෙමු ද? අපි ද ඔබතුමන් සමග ම එන්නෙමු. එසේ නම් සිහි නුවණින් එනු යි බෝසත්හු ඒ පුරුෂයන් පස් දෙනා සමග ම මහමඟට පිළිපන්හ.

යක‍්ඛිනියො ගාමාදීනි මාපෙත්‍වා නිසීදිංසු. තෙසු රූපගොචරො පුරිසො තා යක‍්ඛිනියො ඔලොකෙත්‍වා රූපාරම‍්මණෙ පටිබද‍්ධචිත‍්තො ථොකං ඔහීයි. බොධිසත‍්තො “කිං භො, ථොකං ඔහීයසී”ති ආහ. “දෙව, පාදා මෙ රුජ‍්ජන‍්ති, ථොකං සාලායං නිසීදිත්‍වා ආගච‍්ඡාමී”ති. “අම‍්භො, එතා යක‍්ඛිනියො, මා ඛො පත්‍ථෙසී”ති. “යං හොති, තං හොතු, න සක‍්කොමි, දෙවා”ති. “තෙන හි පඤ‍්ඤායිස‍්සසී”ති ඉතරෙ චත‍්තාරො ආදාය අගමාසි. සොපි රූපගොචරකො තාසං සන‍්තිකං අගමාසි. තා අත‍්තනා සද‍්ධිං අජ‍්ඣාචාරෙ කතෙ තං තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපෙත්‍වා පුරතො ගන‍්ත්‍වා අඤ‍්ඤං සාලං මාපෙත්‍වා නානාතූරියානි ගහෙත්‍වා ගායමානා නිසීදිංසු, තත්‍ථ සද‍්දගොචරකො ඔහීයි. පුරිමනයෙනෙව තම‍්පි ඛාදිත්‍වා පුරතො ගන‍්ත්‍වා නානප‍්පකාරෙ ගන්‍ධකරණ‍්ඩකෙ පූරෙත්‍වා ආපණං පසාරෙත්‍වා නිසීදිංසු, තත්‍ථ ගන්‍ධගොචරකො ඔහීයි. තම‍්පි ඛාදිත්‍වා පුරතො ගන‍්ත්‍වා නානග‍්ගරසානං දිබ‍්බභොජනානං භාජනානි පූරෙත්‍වා ඔදනිකාපණං පසාරෙත්‍වා නිසීදිංසු, තත්‍ථ රසගොචරකො ඔහීයි. තම‍්පි ඛාදිත්‍වා පුරතො ගන‍්ත්‍වා දිබ‍්බසයනානි පඤ‍්ඤාපෙත්‍වා නිසීදිංසු, තත්‍ථ ඵොට‍්ඨබ‍්බගොචරකො ඔහීයි. තම‍්පි ඛාදිංසු, බොධිසත‍්තො එකකොව අහොසි.

යක්‍ෂණියෝ ද ගම් ආදිය මවා හුන්හ. ඔවුනතර සිටි රූපයට ගිජු පුරුෂයා ඒ යක්‍ෂණියන් දැක රූපයෙහි ඇලී මදක් පසුබසින්ට විය. බෝසත්හු ඔහුගෙන් කරුණු විමසූහ. දේවයිනි, මගේ පා රිදෙයි. මේ ශාලාවෙහි මද වේලාවක් හිඳ එමි යි කීය. යහළුව, මොවුහු යක්‍ෂණියෝ වෙති. ඔවුන් නො පතනු. දේවයිනි, මේවා තබා එන්ට නො හැක්කෙමි. එසේ නම් ප්‍රතිවිපාක පෙනෙයි යි, ඉතිරි සිව් දෙනා සමග ගියහ. ඒ රූපයට ගිජු පුරුෂයා යක්‍ෂණියන් වෙත ගියේය. ඔවුන් ඔහු සමග නො දහම් හැසිරීම කළ කල්හි ඔහු එතැන ම මරා පෙරටුව ගොස් වෙනත් ශාලාවක් මවා නොයෙක් තූර්ය භාණ්ඩ ගෙන ගයමින් සිටියාහ. එහි දී ශබ්දයට ගිජු පුරුෂයා ද පසු බැස්සේය. පෙර සේ ම ඔහු ද කා දමා පෙරටුව ගොස් විවිධාකාර සුවඳ විලවුන් භාජන පුරවා අවන්හලක් විවෘත කොට හුන්හ. එහි දී සුවඳට ගිජු පුරුෂයා නැවතුණේය. ඔහු ද මරා දැමූ යක්‍ෂණියෝ පෙරටුව ගොස් නොයෙක් රස ඇති දිව බොජුන් හල්ක පෙන්වා හුන්හ. රසයට ගිජු පුරුෂයා එහි රැඳුණේය. පෙර මෙන් ඔහු ද කා දැමූ යක්‍ෂණියෝ දිව්‍ය ශයනාසන පනවාගෙන හුන්හ. පහසට ගිජු පුරුෂයා එයට ගොදුරු විය. බෝසත්හු හුදකලා වූහ.

අථෙකා යක‍්ඛිනී “අතිඛරමන‍්තො වතායං, අහං තං ඛාදිත්‍වාව නිවත‍්තිස‍්සාමී”ති බොධිසත‍්තස‍්ස පච‍්ඡතො පච‍්ඡතො අගමාසි. අටවියා පරභාගෙ වනකම‍්මිකාදයො යක‍්ඛිනිං දිස‍්වා “අයං තෙ පුරතො ගච‍්ඡන‍්තො පුරිසො කිං හොතී”ති පුච‍්ඡිංසු. “කොමාරසාමිකො මෙ, අය්‍යා”ති. “අම‍්භො, අයං එවං සුකුමාලා පුප‍්ඵදාමසදිසා සුවණ‍්ණවණ‍්ණා කුමාරිකා අත‍්තනො කුලං ඡඩ‍්ඩෙත්‍වා භවන‍්තං තක‍්කෙත්‍වා නික‍්ඛන‍්තා, කස‍්මා එතං අකිලමෙත්‍වා ආදාය න ගච‍්ඡසී”ති? “නෙසා, අය්‍යා, මය‍්හං පජාපති, යක‍්ඛිනී එසා, එතාය මෙ පඤ‍්ච මනුස‍්සා ඛාදිතා”ති. “අය්‍යා, පුරිසා නාම කුද‍්ධකාලෙ අත‍්තනො පජාපතියො යක‍්ඛිනියොපි කරොන‍්ති පෙතිනියොපී”ති. සා ගච‍්ඡමානා ගබ‍්භිනිවණ‍්ණං දස‍්සෙත්‍වා පුන සකිං විජාතවණ‍්ණං කත්‍වා පුත‍්තං අඞ‍්කෙන ආදාය බොධිසත‍්තං අනුබන්‍ධි, දිට‍්ඨදිට‍්ඨා පුරිමනයෙනෙව පුච‍්ඡන‍්ති. බොධිසත‍්තොපි තථෙව වත්‍වා ගච‍්ඡන‍්තො තක‍්කසිලං පාපුණි. සා පුත‍්තං අන‍්තරධාපෙත්‍වා එකිකාව අනුබන්‍ධි. බොධිසත‍්තො නගරද‍්වාරං ගන‍්ත්‍වා එකිස‍්සා සාලාය නිසීදි. සා බොධිසත‍්තස‍්ස තෙජෙන පවිසිතුං අසක‍්කොන‍්තී දිබ‍්බරූපං මාපෙත්‍වා සාලාද‍්වාරෙ අට‍්ඨාසි.

එවිට එක් යකින්නියක් මේ පුරුෂයා දැඩි සිත් ඇත්තෙකි. ඔහු නො නවතියි බෝසතුන් පසුපස ගියාය. වනයෙහි පසු භාගයෙහි වනයෙහි හැසිරෙන්නේ, යකිණිය දැක පින්වතිය, පෙරටුව යන පුරුෂයා ඔබගේ කවරෙක්දැ යි විමසූහ. මහතුනි, ඔහු මගේ බාල කල සිට ම හිමියා වන්නේය. එවිට වනකැමියෝ බෝසතුන්ට පින්වත, මේ සිව්මැලි මල් දමක් සමාන රන්වන් කුමරිය කුල ගෙදර අතහැර ඔබ ම තකා එන්නීය. ඇය වෙහෙසවා ඇය මඟහැර යන්නේ මක්නිසා ද? මහතුනි, මැය මගේ බිරිය නො වේ. ඇය යකින්නියකි. මැය විසින් මගේ පුරුෂයන් පස් දෙනෙක් කා දමන ලදහ. එවිට යකින්න, මහතුනි, පුරුෂයෝ කිපුණු කල තම බිරියන් යකින්නියන් කෙරෙති. ප්‍රේතියන් ද කෙරෙත්. මෙසේ යන අතර යකිණිය ගැබිණි වෙසක් ගෙන නැවත වරක් වැදූ ගැහැනියක මෙන් දරුවා කයෙන් ගෙන බෝසතුන් ලුහුබැන්දාය. දුටු දුටුවෝ පෙර මෙන් ම විචාරත්. බෝසත්හු පෙර මෙන් පිළිතුරු දෙමින් තක්සලා නුවරට ගියහ. ඇය ද පුතු අතුරුදන් කොට එකලා ව ලුහුබැන්දාය. බෝසත්හු නුවර දොරටුව ළඟ ශාලාවකට පිවිසියහ. යකිණිය බෝසතුන්ගේ තෙදින් පිවිසීමට නො හැකි ව දිව්‍ය ශරීරයක් මවාගෙන ශාලා දොරටුවෙහි සිටියාය.

තස‍්මිං සමයෙ තක‍්කසිලරාජා උය්‍යානං ගච‍්ඡන‍්තො තං දිස‍්වා පටිබද‍්ධචිත‍්තො හුත්‍වා “ගච‍්ඡ, ඉමිස‍්සා සස‍්සාමිකඅස‍්සාමිකභාවං ජානාහී”ති මනුස‍්සං පෙසෙසි. සො තං උපසඞ‍්කමිත්‍වා “සස‍්සාමිකාසී”ති පුච‍්ඡි. “ආම, අය්‍ය, අයං මෙ සාලාය නිසින‍්නො සාමිකො”ති. බොධිසත‍්තො “නෙසා මය‍්හං පජාපති, යක‍්ඛිනී එසා, එතාය මෙ පඤ‍්ච මනුස‍්සා ඛාදිතා”ති ආහ. සාපි “පුරිසා නාම අය්‍යා කුද‍්ධකාලෙ යං ඉච‍්ඡන‍්ති, තං වදන‍්තී”ති ආහ. සො උභින‍්නම‍්පි වචනං රඤ‍්ඤො ආරොචෙසි. රාජා “අස‍්සාමිකභණ‍්ඩං නාම රාජසන‍්තකං හොතී”ති යක‍්ඛිනිං පක‍්කොසාපෙත්‍වා එකහත්‍ථිපිට‍්ඨෙ නිසීදාපෙත්‍වා නගරං පදක‍්ඛිණං කත්‍වා පාසාදං අභිරුය‍්හ තං අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි.

එවෙලාවෙහි රජ, නුවර සිට උයනට යන්නේ, ඇය දැක ඇළුණු සිතැත්තේ, ඇයට හිමියකු ඇති නැති බව දැන ගැනීම සඳහා මිනිසකු යැවීය. ඔහු ඇය ළඟට ගොස් හිමියකු ඇති නැති බව විචාළේය. මම හිමියකු ඇත්තියක වෙමි. මේ ශාලාවෙහි සිටින්නේ මගේ හිමියාය. එවිට බෝසත්හු ඇය මගේ බිරිය නො වෙයි ඇය විසින් මගේ යහළුවන් පස් දෙනෙක් කන ලද්දාහැ යි කීහ. මහතාණෙනි, හිමියෝ කිපුණු කල කැමැති කැමැති දේ කියත්. රාජ පුරුෂයා ඒ දෙදෙනාගේ ම කථා පුවත් රජුට සැල කළේය. රජ අයිතිකරුවකු නැති භාණ්ඩය රාජ සන්තක වෙතැ යි යකිණිය කැඳවා අසු පිටෙහි තබා නුවර පැදකුණු කොට පහයට නැඟී ඇය අග මෙහෙසි තනතුරෙහි තැබීය. අනතුරු ව රජ නා සුවඳ ආලේප කොට රාත්‍රී භෝජනය වළඳා සිරියහනට නැංගේය.

සො න‍්හාතවිලිත‍්තො සායමාසං භුඤ‍්ජිත්‍වා සිරීසයනං අභිරුහි. සාපි යක‍්ඛිනී අත‍්තනො උපකප‍්පනකං ආහාරං ආහරිත්‍වා අලඞ‍්කතපටියත‍්තා සිරිසයනෙ රඤ‍්ඤා සද‍්ධිං නිපජ‍්ජිත්‍වා රඤ‍්ඤො රතිවසෙන සුඛං සමප‍්පිතස‍්ස නිපන‍්නකාලෙ එකෙන පස‍්සෙන පරිවත‍්තිත්‍වා පරොදි. අථ නං රාජා “කිං, භද‍්දෙ, රොදසී”ති පුච‍්ඡි. “දෙව, අහං තුම‍්හෙහි මග‍්ගෙ දිස‍්වා ආනීතා, තුම‍්හාකඤ‍්ච ගෙහෙ බහූ ඉත්‍ථියො, අහං සපත‍්තීනං අන‍්තරෙ වසමානා කථාය උප‍්පන‍්නාය ‘කො තුය‍්හං මාතරං වා පිතරං වා ගොත‍්තං වා ජාතිං වා ජානාති, ත්‍වං අන‍්තරාමග‍්ගෙ දිස‍්වා ආනීතා නාමා’ති සීසෙ ගහෙත්‍වා නිප‍්පීළියමානා විය මඞ‍්කු භවිස‍්සාමි. සචෙ තුම‍්හෙ සකලරජ‍්ජෙ ඉස‍්සරියඤ‍්ච ආණඤ‍්ච මය‍්හං දදෙය්‍යාථ, කොචි මය‍්හං චිත‍්තං කොපෙත්‍වා කථෙතුං න සක‍්ඛිස‍්සතී”ති . “භද‍්දෙ, මය‍්හං සකලරට‍්ඨවාසිනො න කිඤ‍්චි හොන‍්ති, නාහං එතෙසං සාමිකො. යෙ පන රාජාණං කොපෙත්‍වා අකත‍්තබ‍්බං කරොන‍්ති, තෙසඤ‍්ඤෙවාහං සාමිකො. ඉමිනා කාරණෙන න සක‍්කා තුය‍්හං සකලරට‍්ඨෙ වා නගරෙ වා ඉස‍්සරියඤ‍්ච ආණඤ‍්ච දාතු”න‍්ති. “තෙන හි, දෙව, සචෙ රට‍්ඨෙ වා නගරෙ වා ආණං දාතුං න සක‍්කොථ, අන‍්තොනිවෙසනෙ අන‍්තොවළඤ‍්ජනකානං උපරි මම වසං වත‍්තනත්‍ථාය ආණං දෙථා”ති. රාජා දිබ‍්බඵොට‍්ඨබ‍්බෙන බද‍්ධො තස‍්සා වචනං අතික‍්කමිතුං අසක‍්කොන‍්තො “සාධු, භද‍්දෙ, අන‍්තොවළඤ‍්ජනකෙසු තුය‍්හං ආණං දම‍්මි, ත්‍වං එතෙ අත‍්තනො වසෙ වත‍්තාපෙහී”ති ආහ. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා රඤ‍්ඤො නිද‍්දං ඔක‍්කන‍්තකාලෙ යක‍්ඛනගරං ගන‍්ත්‍වා යක‍්ඛෙ පක‍්කොසිත්‍වා අත‍්තනා රාජානං ජීවිතක‍්ඛයං පාපෙත්‍වා අට‍්ඨිමත‍්තං සෙසෙත්‍වා සබ‍්බං න‍්හාරුචම‍්මමංසලොහිතං ඛාදි, අවසෙසා යක‍්ඛා මහාද‍්වාරතො පට‍්ඨාය අන‍්තොනිවෙසනෙ කුක‍්කුටකුක‍්කුරෙ ආදිං කත්‍වා සබ‍්බෙ ඛාදිත්‍වා අට‍්ඨිමත‍්තසෙසෙ අකංසු.

ඒ යකින්න ද තමාට ගැලපෙන අහරක් ගෙන සව්බරණින් සැරසී සිරියහනෙහි රජු සමග නිදන්නී, රජු කාම සුවපහසින් සිටින කල්හි එක් පසකට නැඟී හඬන්ට වූවාය. ඉක්බිති, රජ, සොඳුර, මක්නිසා හඬන්නෙහි ද? දේවයිනි, මම ඔබ විසින් මඟ දී දැක ගෙනෙන ලද්දී වෙමි. ඔබතුමාගේ මැදුරෙහි බොහෝ ස්ත්‍රීහු සිටිති. ඒ මට සපන්නීන් හෙවත් බහු භාර්යාවන් අතර ජීවත් වෙමින් සිටින්නී, ඔවුනතර මෙබඳු කථා ඇතිවිය හැක. තිගේ මව්පියෝ කවරහුද? තිගේ කුලගොත් කෙසේ දනිමු ද? අතරමඟ දී දැක රැගෙන ආ බව දනිමු. මගේ හිසින් ගෙන පෙළන්නාක් මෙන් වූ කල්හි මම ලජ්ජා වන්නෙමි. ඉදින් ඔබතුමා සියලු නුවර ආධිපත්‍යය හා ආඥාදායකත්වයන් මට දෙන්නේ නම් කිසිවකුට මගේ හිත රිදවා කථා කැරන්ට නො හැකි වන්නේය. සොඳුරිය, රට වැසියන්ගෙන් මට කිසිවක් නැත. මම රට වැසියන්ගේ ස්වාමියා නො වෙයි. යමෙක් රජ අණ නො තකා වරද කරත් ද මම ඔවුන්ගේ ස්වාමියා වෙමි. මෙකරුණ නිසා මුළු රටෙහි අධිපති බව හෝ අණ කිරීමේ බලය දීමට නො හැකිය. එසේ නම් දේවයිනි, මුළු රටෙහි හෝ නුවරෙහි ආධිපත්‍යය හා ආඥාබලය දීමට නො හැකි නම් රජ මැදුර ඇතුළත් රජ මැදුරු ඇසුරු කරන ජනයා කෙරෙහිත් මගේ අණසක පැවැත්වීමට අණ දෙනු මැනවි. දිවපහසින් බැඳුණු රජ ඇගේ ඉල්ලීම ඉවත දැමීමට නො හැකි ව මැනවි, සොඳුරිය. රජ මැදුරු ඇතුළත සහ අභ්‍යන්තර ජනයා තම වසයෙහි පවත්වනු යි කීය. ඇය ද සතුටින් පිළිගෙන රජු නිද්‍රෝපගත වූ කල්හි යක්‍ෂ පුරයට ගොස් යකුන් කැඳවාගෙන අවුත් යකිණිය විසින් ම රජු මරනු ලැබ ඇට පමණක් ඉතිරි කොට නහර, සම්, මස්, ලේ සියල්ලම කෑවාය. ඉතිරි යක්‍ෂයෝ මහදොරටුවෙහි පටන් රජ මැදුර ඇතුළත කුකුල්, බලු ආදී සියල්ලෝම කා දමා ඇට පමණක් ඉතිරි කළහ.

පුනදිවසෙ ද‍්වාරං යථාපිහිතමෙව දිස‍්වා මනුස‍්සා ඵරසූහි කවාටානි කොට‍්ටෙත්‍වා අන‍්තො පවිසිත්‍වා සබ‍්බං නිවෙසනං අට‍්ඨිකපරිකිණ‍්ණං දිස‍්වා “සච‍්චං වත සො පුරිසො ආහ ‘නායං මය‍්හං පජාපති, යක‍්ඛිනී එසා’ති. රාජා පන කිඤ‍්චි අජානිත්‍වා තං ගහෙත්‍වා අත‍්තනො භරියං අකාසි, සා යක‍්ඛෙ පක‍්කොසිත්‍වා සබ‍්බං ජනං ඛාදිත්‍වා ගතා භවිස‍්සතී”ති ආහංසු. බොධිසත‍්තොපි තං දිවසං තස‍්සායෙව සාලායං පරිත‍්තවාලුකං සීසෙ කත්‍වා පරිත‍්තසුත‍්තඤ‍්ච පරික‍්ඛිපිත්‍වා ඛග‍්ගං ගහෙත්‍වා ඨිතකොව අරුණං උට‍්ඨාපෙසි. මනුස‍්සා සකලරාජනිවෙසනං සොධෙත්‍වා හරිතූපලිත‍්තං කත්‍වා උපරි ගන්‍ධෙහි විලිම‍්පිත්‍වා පුප‍්ඵානි විකිරිත්‍වා පුප‍්ඵදාමානි ඔසාරෙත්‍වා ධූමං දත්‍වා නවමාලා බන්‍ධිත්‍වා සම‍්මන‍්තයිංසු “අම‍්භො, යො පුරිසො දිබ‍්බරූපං මාපෙත්‍වා පච‍්ඡතො ආගච‍්ඡන‍්තිං යක‍්ඛිනිං ඉන්‍ද්‍රියානි භින්‍දිත්‍වා ඔලොකනමත‍්තම‍්පි න අකාසි, සො අතිවිය උළාරසත‍්තො ධිතිමා ඤාණසම‍්පන‍්නො, තාදිසෙ පුරිසෙ රජ‍්ජං අනුසාසන‍්තෙ සබ‍්බරට‍්ඨං සුඛිතං භවිස‍්සති, තං රාජානං කරොමා”ති. අථ සබ‍්බෙ අමච‍්චා ච නාගරා ච එකච‍්ඡන්‍දා හුත්‍වා බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා “දෙව, තුම‍්හෙ ඉමං රජ‍්ජං කාරෙථා”ති නගරං පවෙසෙත්‍වා රතනරාසිම‍්හි ඨපෙත්‍වා අභිසිඤ‍්චිත්‍වා තක‍්කසිලරාජානං අකංසු. සො චත‍්තාරි අගතිගමනානි වජ‍්ජෙත්‍වා දස රාජධම‍්මෙ අකොපෙත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

දෙවැනි දවස්හි දොරවල් වැසූ පරිදි ම තිබෙනු දුටු මිනිස්සු පොරව ආදියෙන් දොර ජනෙල් විවෘතකොට ඇතුළට පිවිස ඇටවලින් පිරුණු ගෙය දැක ඇය මගේ බිරිය නො වෙයි. ඇය යක්‍ෂණියකැ යි ඒ පුරුෂයා කී කථාව ඇත්තකි. රජතුමා කිසිවක් නො දැන ඇය තම මෙහෙසිය කළේය. ඇය යකුන් කැඳවා සියලු දෙනා කා දමා ගියා විය යුතු යි කීවාහුය. බෝසත්හු ද එදවස එම ශාලාවෙහි ම පිරිත් වැලි හිසෙහි විසුරුවාගෙන පිරිත් හුයෙන් වටකොට කඩුව ගෙන නිදි වර්ජිතව අරුණ නැංවූහ. නුවර වැසියෝ රැස්ව රජ මැදුර පිරිසිදු කොට පිරිබඩ කොට මත්තෙහි සුවඳ විලවුන් උළා මල් විසුරුවා මල් දම් එල්වා සුවඳ දුම් දී අලුත් මල් දම් එල්වා සාකච්ඡා කළහ. පින්වත්නි, දෙවඟනක් සේ පෙන්වා පසුපසින් එන යකිණිය දෙස ඇස ඇර බැලීම් පමණකුදු නො කළ ඒ පුරුෂයා මහාත්මයකි. ධෛර්යය සම්පන්න සිටි නැණවතෙකි. එවැනි උතුමකු රාජ්‍ය අනුශාසනා කරන කල්හි සියලු රට සුඛිත වන්නේය. එවුන් රාජ්‍යාභිෂේක කරමු යි සියලු ඇමැතිවරු ද නුවර වැසියෝ ද ඒකමතික ව බෝසතුන් වෙත එළැඹ දේවයිනි, ඔබතුමා රාජ්‍යය කැරවනු මැනවැ යි නගරයට කැඳවා රුවන් රැසක් මත හිඳවා අභිෂේක කොට තක්සලා නුවර රජ කැරවීය. ඔහු සිව් අගතියෙන් තොරව දශ රාජ ධර්ම නො ඉක්මවා දැහැමින් රාජ්‍යය කැරවමින් දානාදී පින් කොට කම් වූ පරිදි මිය ගියේය.

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

බුදු රජහු මේ ඉකුත්වත ගෙනහැර දක්වා මේ ගාථාව වදාළහ.

“සමතිත‍්තිකං අනවසෙසකං, තෙලපත‍්තං යථා පරිහරෙය්‍ය; එවං සචිත‍්තමනුරක‍්ඛෙ, පත්‍ථයානො දිසං අගතපුබ‍්බ”න‍්ති.

“සමතිත්තිකං අනවසෙසකං තෙලපත්තං යථා පරිහරෙය්‍ය, එවං සචිත්තමනුරක්‍ඛෙ පත්‍ථයානො දිසං අගතපුබ්බන්ති”

“මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රය නො වැගිරෙන සේ ගෙන යන්නේ ද පෙර නො ගිය දිශාවට (නිවනට) යනු කැමැත්තේ, ස්වකීය සිත විසිර යා නො දී ආරක්‍ෂා කරන්නේය.”

තත්‍ථ සමතිත‍්තිකන‍්ති අන‍්තොමුඛවට‍්ටිලෙඛං පාපෙත්‍වා සමභරිතං. අනවසෙසකන‍්ති අනවසිඤ‍්චනකං අපරිස‍්සාවනකං කත්‍වා. තෙලපත‍්තන‍්ති පක‍්ඛිත‍්තතිලතෙලපත‍්තං. පරිහරෙය්‍යාති හරෙය්‍ය, ආදාය ගච‍්ඡෙය්‍ය. එවං සචිත‍්තමනුරක‍්ඛෙති තං තෙලභරිතං පත‍්තං විය අත‍්තනො චිත‍්තං කායගතාසතියා ගොචරෙ චෙව සම‍්පයුත‍්තසතියා චාති උභින‍්නං අන‍්තරෙ පක‍්ඛිපිත්‍වා යථා මුහුත‍්තම‍්පි බහිද‍්ධා ගොචරෙ න වික‍්ඛිපති, තථා පණ‍්ඩිතො යොගාවචරො රක‍්ඛෙය්‍ය ගොපෙය්‍ය. කිංකාරණා? එතස‍්ස හි –

එහි, “සමතිත්තිකං”, ඇතුළත මුවවිට දක්වා පිරුණු “අනවසෙසකං”, නො වැගිරෙන සේ, නො පෙරී යන සේ කොට, “තෙලපත්තං”, තෙල් පිරුණු පාත්‍රය “පරිහරෙය්‍ය”, ගෙන යන්නේය. රැගෙන යන්නේය. “එවං සචිත්තමනුරක්‍ඛෙ”, තෙල් පිරුණු බඳුන මෙන් තමාගේ සිතත් තම කයත් අරමුණු කොට ගත් සිහිය ද යන දෙ අතර තබා මොහොතක් වත් බැහැර අරමුණු නො ගෙන නුවණැති යෝගාවචරයා ආරක්‍ෂා කරන්නේ, සඟවන්නේ, මක්නිසා ද? මේ සිත වනාහි,

“දුන‍්නිග‍්ගහස‍්ස ලහුනො, යත්‍ථකාමනිපාතිනො; චිත‍්තස‍්ස දමථො සාධු, චිත‍්තං දන‍්තං සුඛාවහ”න‍්ති. (ධ· ප· 35);

“දුන්නිග්ගහස්ස ලහුනො යත්‍ථ කාමනිපාතිනො, චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං”

“මැඩ පැවැත්වීමට අපහසු වූ, ඉක්මන් කමක් ඇති කුමන හෝ අරමුණක එල්බගන්නා වූ සිත දමනය කිරීම යහපති. දමනය කිරීම සැප එළවන්නේය.”

තස‍්මා –

එසේ ම,

“සුදුද‍්දසං සුනිපුණං, යත්‍ථකාමනිපාතිනං; චිත‍්තං රක‍්ඛෙථ මෙධාවී, චිත‍්තං ගුත‍්තං සුඛාවහං”. (ධ· ප· 36);

“සුදුද්දසං සුනිපුනං යත්‍ථ කාමනිපාතිනං, චිත්තං රක්‍ඛෙථ මෙධාවී චිත්තං ගුත්තං සුඛාවහං”

“දැකීමට ඉතා අපහසු වූ, ඉතා සියුම් වූ, කැමැති අරමුණක වැටෙන්නා වූ සිත නුවණැත්තා ආරක්‍ෂා කරන්නේය. එසේ රැකගත් සිත සැප එළවන්නේය.”

ඉදඤ‍්හි –

තව ද මේ සිත වනාහි,

“දූරඞ‍්ගමං එකචරං, අසරීරං ගුහාසයං; යෙ චිත‍්තං සංයමෙස‍්සන‍්ති, මොක‍්ඛන‍්ති මාරබන්‍ධනා”. (ධ· ප· 37);

“දූරඞ්ගම එකචරං අසරීරං ගුහාසයං, යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්‍ඛන්ති මාරබන්‍ධනා”

“දුර ගමන් කරන, එකලාව හැසිරෙන, පෙනෙන රූපයක් නැති, හෘදය නැමැති ගුහාවෙහි වසන්නා වූ සිත යම් කෙනෙක් සංවර කරත් ද ඔහු මාරයාගේ බැමිවලින් මිදෙති.”

ඉතරස‍්ස පන –

ආදීන ව වශයෙන් සිත සලකන විට,

“අනවට‍්ඨිතචිත‍්තස‍්ස, සද‍්ධම‍්මං අවිජානතො; පරිප‍්ලවපසාදස‍්ස, පඤ‍්ඤා න පරිපූරති”. (ධ· ප· 38);

“අනවට්ඨිතචිත්තස්ස සද්ධම්මං අවිජානතො, පරිප්ලවපසාදස්ස පඤ්ඤා න පරිපූරති”

“එක අරමුණක නො සිටියා වූ, සත්‍යය ධර්මය නො දන්නා වූ, සැලෙන සැදැහැ ඇත්තාහුගේ නුවණ නො වැඩේ.”

ථිරකම‍්මට‍්ඨානසහායස‍්ස පන –

ස්ථිර කමටහන් ඇත්තහුගේ සිත වනාහි,

“අනවස‍්සුතචිත‍්තස‍්ස, අනන්‍වාහතචෙතසො; පුඤ‍්ඤපාපපහීනස‍්ස, නත්‍ථි ජාගරතො භයං”. (ධ· ප· 39);

“අනවස්සුතචිත්තස්ස අනන්‍වාහතචෙතසො, පුඤ්ඤපාපපහීනස්ස නත්‍ථි ජාගරතො භයං”

“රාගයෙන් තෙත් නො වූ සිත් ඇති, ද්වේශයෙන් දළ නො වූ සිත් ඇති, පින්පව් දුරු කළ කෙළෙස් නිධි නැති පුද්ගලයාට බයක් නැත.”

තස‍්මා එතං –

මෙය ද දැක්විය හැක.

“ඵන්‍දනං චපලං චිත‍්තං, දූරක‍්ඛං දුන‍්නිවාරයං; උජුං කරොති මෙධාවී, උසුකාරොව තෙජනං”. (ධ· ප· 33);

“ඵන්‍දනං චපලං චිත්තං දුරක්‍ඛං දුන්නිවාරයං, උජුං කරොති මෙධාවී උසුකාරොව තෙජනං”

“ඒ මේ අත පනින, එක් තැනක නො සිටින, රැකීමට අපහසු, වැළැක්වීමට දුෂ්කර වූ (සිත) නුවණැත්තා සෘජු කරයි. කෙසේ ද යත්, ඊ වඩුවා ලීයෙහි ඇද හරින්නාක් මෙනි.”

එවං උජුං කරොන‍්තො සචිත‍්තමනුරක‍්ඛෙ.

මෙසේ ඇද හරිමින් තම සිත ආරක්‍ෂා කරන්නේය.

පත්‍ථයානො දිසං අගතපුබ‍්බන‍්ති ඉමස‍්මිං කායගතාසතිකම‍්මට‍්ඨානෙ කම‍්මං ආරභිත්‍වා අනමතග‍්ගෙ සංසාරෙ අගතපුබ‍්බං දිසං පත්‍ථෙන‍්තො පිහෙන‍්තො වුත‍්තනයෙන සකං චිත‍්තං රක‍්ඛෙය්‍යාති අත්‍ථො. කා පනෙසා දිසා නාම? –

“පත්‍ථයානො දිසං අගතපුබ්බන්ති”, මේ කය අනුව නිසා කමටහන අරඹා මේ අක්මුල නැති සසරෙහි පෙර නො ගියා වූ දිශාව ප්‍රාර්ථනා කැරෙමින් බලාපොරොත්තු වෙමින් තම සිත රැකගත යුතුය යන අර්ථයි. මෙහි මේ දිශාව නම් කුමක් ද?

“මාතාපිතා දිසා පුබ‍්බා, ආචරියා දක‍්ඛිණා දිසා; පුත‍්තදාරා දිසා පච‍්ඡා, මිත‍්තාමච‍්චා ච උත‍්තරා.

“මාතා පිතා දිසාපුබ්බා ආචරියා දක්‍ඛිණා දිසා, පුත්තදාරා දිසා පච්ඡා මිත්තාමච්චා ව උත්තරා

“දාසකම‍්මකරා හෙට‍්ඨා, උද‍්ධං සමණබ්‍රාහ‍්මණා; එතා දිසා නමස‍්සෙය්‍ය, අලමත‍්තො කුලෙ ගිහී”ති. (දී· නි· 3.273) –

දාසකම්මකරා හෙට්ඨා උද්ධං සමණබ්‍රාහ්මණා, එතා දිසා නමස්සෙය්‍ය අලමත්‍ථො කුලෙ ගිහීති”

“මව්පියෝ පෙර දිගය. ගුරුවරු දකුණු දිශාය. අඹුදරුවෝ යට දිශාය. යහළු මිතුරන් උතුරු දිශාය. මහණ බමුණෝ උඩ දිශාය. දැසිදස් ආදීහු යට දිශාය. යන මේ සදිශාවන් ගිහි ගෙහි වසන, දියුණුව කැමැත්තහු විසින් නමස්කාර කළ යුතුය.”

එත්‍ථ තාව පුත‍්තදාරාදයො “දිසා”ති වුත‍්තා.

මෙහි දී ඒ ඒ පුද්ගලයන් දිශා වශයෙන් කියන ලදි.

“දිසා චතස‍්සො විදිසා චතස‍්සො, උද‍්ධං අධො දස දිසා ඉමායො; කතමං දිසං තිට‍්ඨති නාගරාජා, යමද‍්දසා සුපිනෙ ඡබ‍්බිසාණ”න‍්ති. (ජා· 1.16.104) –

“දිසා චතස්සො විදිසා චතස්සො, උද්ධං අධො දසදිසා ඉමායො, කතමං දිසං තිට්ඨති නාගරාජා, යමද්දසා සුපිනෙ ඡබ්බිසාණන්ති”

“සිහිනෙන් දුටු දළ සයක් ඇති ඒ ඇත් රාජයා සිව් දිශා සිව් අනුදිශා, උඩ, යට යන මේ දශ දිශාවන්ගෙන් කවර දිශාවක සිටී ද?”

එත්‍ථ පුරත්‍ථිමාදිභෙදා දිසාව “දිසා”ති වුත‍්තා.

මෙහි දී පෙරදිග ආදී සාමාන්‍ය දිශාවන් පිළිබඳ ව කියන ලදි.

“අගාරිනො අන‍්නදපානවත්‍ථදා, අව‍්හායිකා තම‍්පි දිසං වදන‍්ති; එසා දිසා පරමා සෙතකෙතු, යං පත්‍වා දුක‍්ඛී සුඛිනො භවන‍්තී”ති. (ජා· 1.6.9) –

“අගාරිනො අන්නදපාණවත්‍ථදා, අව්හායිකා නම්පි දිසං වදන්ති, එසා දිසා පරමා සෙතකෙතු, යං පත්‍වා දුක්‍ඛී සුඛිනො භවන්ති”

“පින්වත් සේත කේතු, ගිහි ගෙයි වෙසෙමින් ආහාර පාන වස්ත්‍ර දෙන්නෝ ද සුගති ලෝකවලට කැඳවන හෙයින් මහණ, බමුණෝ ද ඒ දිශාවයැ යි කියති. යම් දිශාවකට පැමිණ දුකට පත්වූවෝ සැපවත් වෙත් ද? ඒ දිශාව ඉතා උසස්ය.

එත්‍ථ පන නිබ‍්බානං “දිසා”ති වුත‍්තං. ඉධාපි තදෙව අධිප‍්පෙතං. තඤ‍්හි “ඛයං විරාග”න‍්තිආදීහි දිස‍්සති අපදිස‍්සති, තස‍්මා “දිසා”ති වුච‍්චති. අනමතග‍්ගෙ පන සංසාරෙ කෙනචි බාලපුථුජ‍්ජනෙන සුපිනෙනපි අගතපුබ‍්බතාය අගතපුබ‍්බා දිසා නාමාති වුත‍්තං. තං පත්‍ථයන‍්තෙන කායගතාසතියා යොගො කරණීයොති.

මෙහි නිවන දිශා වශයෙන් කියන ලදි. මෙහි දී දිශා වශයෙන් නිවන දක්වන ලදි. එහි රාගය නැසීම ආදී ලක්‍ෂණ දක්නා ලැබේ. එම නිසා දිශා යි කියති. අක් මුල් නැති සසරෙහි කිසිම බාල පුහුදුන් අයකු විසින් සිහිනෙන් හෝ නො ගිය විරූ බැවින් “අගතපුබ්බා දිසා” නැමැයි කියන ලදි. එය පතන්නහු විසින් කය පිළිබඳ සිහිය කටයුතුය.

එවං සත්‍ථා නිබ‍්බානෙන දෙසනාය කූටං ගහෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජපරිසා බුද‍්ධපරිසා අහොසි, රජ‍්ජප‍්පත‍්තකුමාරො පන අහමෙව අහොසි”න‍්ති.

මෙසේ බුදු රජහු නිවන කුළුගන්වා ජාතකය නිමවූහ. එදා රජ පිරිස බුදු පිරිස විය. රජ පැමිණි කුමරු මම ම වීමි.

තෙලපත‍්තජාතකවණ‍්ණනා ඡට‍්ඨා.