යෙදුමෙන් කියවන්න

5. මහාසුදස‍්සනජාතකවණ‍්ණනා 95 අට‍්ඨකථා

5. මහාසුදස‍්සනජාතකවණ‍්ණනා (95)

5. මහා සුදස්සන ජාතකය (95)

අනිච‍්චා වත සඞ‍්ඛාරාති ඉදං සත්‍ථා පරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නො ආනන්‍දත්‍ථෙරස‍්ස “මා, භන‍්තෙ, භගවා ඉමස‍්මිං ඛුද‍්දකනගරකෙ”ත්‍යාදිවචනං (දී· නි· 2.210) ආරබ‍්භ කථෙසි. තථාගතෙ හි ජෙතවනෙ විහරන‍්තෙ සාරිපුත‍්තත්‍ථෙරො කත‍්තිකපුණ‍්ණමායං නාළකගාමකෙ ජාතොවරකෙ පරිනිබ‍්බායි, මහාමොග‍්ගල‍්ලානො කත‍්තිකමාසස‍්සෙව කාළපක‍්ඛඅමාවසියං. එවං පරිනිබ‍්බුතෙ අග‍්ගසාවකයුගෙ “අහම‍්පි කුසිනාරායං පරිනිබ‍්බායිස‍්සාමී”ති අනුපුබ‍්බෙන චාරිකං චරමානො තත්‍ථ ගන‍්ත්‍වා යමකසාලානමන‍්තරෙ උත‍්තරසීසකෙ මඤ‍්චකෙ අනුට‍්ඨානසෙය්‍යාය නිපජ‍්ජි. අථ නං ආයස‍්මා ආනන්‍දත්‍ථෙරො “මා, භන‍්තෙ, භගවා ඉමස‍්මිං ඛුද‍්දකනගරකෙ විසමෙ උජ‍්ජඞ‍්ගලනගරකෙ, සාඛානගරකෙ පරිනිබ‍්බායි, අඤ‍්ඤෙසං චම‍්පාරාජගහාදීනං මහානගරානං අඤ‍්ඤතරස‍්මිං භගවා පරිනිබ‍්බායතූ”ති යාචි. සත්‍ථා “මා, ආනන්‍ද, ඉමං ‘ඛුද‍්දකනගරකං, උජ‍්ජඞ‍්ගලනගරකං සාඛානගරක’න‍්ති වදෙහි, අහඤ‍්හි පුබ‍්බෙ සුදස‍්සනචක‍්කවත‍්තිරාජකාලෙ ඉමස‍්මිං නගරෙ වසිං, තදා ඉදං ද‍්වාදසයොජනිකෙන රතනපාකාරෙන පරික‍්ඛිත‍්තං මහානගරං අහොසී”ති වත්‍වා ථෙරෙන යාචිතො අතීතං ආහරන‍්තො මහාසුදස‍්සනසුත‍්තං (දී· නි· 2.241 ආදයො) කථෙසි.

“අනිච්චා වත සඞ්ඛාරාති” යන මේ දේශනාව බුදුහු පිරිනිවන් මඤ්චකයේ සැතපුණාහු, ආනන්‍ද තෙරුන්, ස්වාමීනි, මේ කුඩා නගරයේ ආදී වචන අරබයා වදාළහ. බුදුරදුන් දෙව්රමෙහි වැඩ වසන කල්හි සැරියුත් තෙරණුවෝ ඉල් මස පුණු පොහෝ දින නාලක ගමෙහි උපන් ගෘහයේ දී ම පිරිනිවියහ. මහා මුගලන් තෙරණුවෝ එම ඉල් මසෙහි ම අමාවක් දිනයෙහි පිරිනිවියහ. මෙසේ අගසව් දෙතෙරණුවන් පිරිනිවි කල්හි බුදු රජහු ද මමත් කුසිනාරාවෙහි පිරිනිවෙන්නෙමි යි පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙමින් කුසිනාරාවට වැඩමවා සල් ගස් දෙක අතරේ උතුරට හිසලා පැනවූ මඤ්චකයෙහි නො නැඟිටින සෙය්‍යාවෙන් සැතපුනහ. ඉක්බිති, අනඳ මහා තෙරණුවෝ බුදු රජුන්ට ස්වාමීනි, බුදු රජහු මේ විෂම වු රළු වූ කුඩා නගරයක වූ අතුරු නගරයක පිරිනිවන් නො පානු මැනව. වෙනත් චම්පා, රාජගහ ආදී මහා නගරයක පිරිනිවා යි අයැද සිටියහ. ආනන්‍දය, මෙය කුඩා නගරයකැ යි, රළු නගරයකැ යි, අතුරු නගරයකැ යි නො කියව. මම පෙර සුදස්සන නම් සක්විති රජ කාලයේ මේ නගරයහෙි විසුවෙමි. එකල්හි මේ නගරය දොළොස් යොදුනක් වූ රන් පවුරකින් වට වූ මහා නගරයක් වීයැ යි වදාරා තෙරුන් විසින් අයදනා ලදුව අතීත කථාව ගෙන හැර දක්වමින් මහා සුදස්සන සූත්‍රය දෙසූහ.

තදා පන මහාසුදස‍්සනං සුධම‍්මපාසාදා ඔතරිත්‍වා අවිදූරෙ සත‍්තරතනමයෙ තාලවනෙ පඤ‍්ඤත‍්තස‍්මිං කප‍්පියමඤ‍්චකෙ දක‍්ඛිණෙන පස‍්සෙන අනුට‍්ඨානසෙය්‍යාය නිපන‍්නං දිස‍්වා “ඉමානි තෙ, දෙව, චතුරාසීති නගරසහස‍්සානි කුසාවතිරාජධානිප‍්පමුඛානි, එත්‍ථ ඡන්‍දං කරොහී”ති සුභද‍්දාය දෙවියා වුත‍්තෙ මහාසුදස‍්සනො “මා දෙවි එවං අවච, අථ ඛො ‘එත්‍ථ ඡන්‍දං විනෙහි, මා අපෙක‍්ඛං අකාසී’ති එවං මං ඔවදා”ති වත්‍වා “කිංකාරණා, දෙවා”ති පුච‍්ඡිතො “අජ‍්ජාහං කාලකිරියං කරිස‍්සාමී”ති. අථ නං දෙවී රොදමානා අක‍්ඛීනි පුඤ‍්ඡිත්‍වා කිච‍්ඡෙන කසිරෙන තථා වත්‍වා රොදි පරිදෙවි. සෙසාපි චතුරාසීතිසහස‍්සඉත්‍ථියො රොදිංසු පරිදෙවිංසු. අමච‍්චාදීසුපි එකොපි අධිවාසෙතුං නාසක‍්ඛි, සබ‍්බෙපි රොදිංසු. බොධිසත‍්තො “අලං, භණෙ, මා සද‍්දමකත්‍ථා”ති සබ‍්බෙ නිවාරෙත්‍වා දෙවිං ආමන‍්තෙත්‍වා “මා ත්‍වං දෙවි රොදි, මා පරිදෙවි. තිලඵලමත‍්තොපි හි සඞ‍්ඛාරො නිච‍්චො නාම නත්‍ථි, සබ‍්බෙපි අනිච‍්චා භෙදනධම‍්මා එවා”ති වත්‍වා දෙවිං ඔවදන‍්තො ඉමං ගාථමාහ –

එකල්හි මහා සුදස්සන සුධම්ම ප්‍රාසාදයෙන් බැස නුදුරෙන් පිහිටි සත් රුවන් මය තල් වනයෙහි පනවන ලද කුඩා ඇඳෙහි දකුණු පසින් නො නැඟිටින සෙය්‍යාවෙන් හොත්තාවූ මහා සුදස්සන සක්විති රජු දැක, සුභද්‍ර නම් දේවිය විසින් දේවයිනි, ඔබගේ මේ කුසාවතී රාජධානිය ප්‍රමුඛ වූ අසූහාර දහසක් නගර වෙයි ද ඒවාට ආසා කරනු මැනවැ යි කියන ලද කල්හි සුදස්සන මහරජහු දේවිය, එසේ නො කියව. ඒ වෙනුවට මෙසේ අවවාද කරනු මැනවි. දේවයිනි, මේ කුසාවතී ආදී සම්පත් කෙරෙහි ආශා නො කරනු මැනවි. ඒ පිළිබඳ ආශා අපේක්‍ෂා සිඳලනු මැනවි. දේවයිනි, එසේ කියන්නේ මක්නිසා ද? අද මම කලුරිය කරන්නෙමි. ඉක්බිති, දේවිය ඉතා දුක සේ දෑස පිස අපහසුවෙන් එසේ කියා හඬන්නට වූවාය. වැළපුණාය. අසූහාර දහසක් ස්ත්‍රීහු ද හඬන්ට වූහ. වැළපුණහ. ඇමැති ආදී කිසිවකුටත් ඉවසීමට නො හැකි ව සියල්ලෝ ම හැඬූහ. එවිට බෝසත්හු සගයිනි, ශබ්ද නො කරවු යි, සියල්ලන් වළකා දේවිය අමතා දේවිය, නො හඬනු, නො වැළපෙනු. තලටැක් පමණ වූ ද හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නිත්‍යය නො වේ. බිඳීමේ ස්වභාව කොට ඇත්තේයැ යි කියා දේවියට ඔවදන් වශයෙන් මේ ගාථාව කීහ.

“අනිච‍්චා වත සඞ‍්ඛාරා, උප‍්පාදවයධම‍්මිනො; උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති, තෙසං වූපසමො සුඛො”ති.

“අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්‍වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති”

“සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයි. ඉපදීම, නැතිවීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නැති වෙත්. ඔවුන්ගේ සංසිඳීම සැපයයි.”

තත්‍ථ අනිච‍්චා වත සඞ‍්ඛාරාති භද‍්දෙ සුභද‍්දාදෙවි, යත‍්තකා කෙහිචි පච‍්චයෙහි සමාගන‍්ත්‍වා කතා ඛන්‍ධායතනාදයො සඞ‍්ඛාරා, සබ‍්බෙ තෙ අනිච‍්චායෙව නාම. එතෙසු හි රූපං අනිච‍්චං…පෙ… විඤ‍්ඤාණං අනිච‍්චං. චක‍්ඛු අනිච‍්චං…පෙ… ධම‍්මා අනිච‍්චා. යංකිඤ‍්චි සවිඤ‍්ඤාණකං අවිඤ‍්ඤාණකං රතනං, සබ‍්බං තං අනිච‍්චමෙව. ඉති “අනිච‍්චා වත සඞ‍්ඛාරා”ති ගණ‍්හ. කස‍්මා? උප‍්පාදවයධම‍්මිනොති, සබ‍්බෙ හෙතෙ උප‍්පාදධම‍්මිනො චෙව වයධම‍්මිනො ච උප‍්පජ‍්ජනභිජ‍්ජනසභාවායෙව, තස‍්මා “අනිච‍්චා”ති වෙදිතබ‍්බා. යස‍්මා ච අනිච‍්චා, තස‍්මා උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති, උප‍්පජ‍්ජිත්‍වා ඨිතිං පත්‍වාපි නිරුජ‍්ඣන‍්තියෙව. සබ‍්බෙව හෙතෙ නිබ‍්බත‍්තමානා උප‍්පජ‍්ජන‍්ති නාම, භිජ‍්ජමානා නිරුජ‍්ඣන‍්ති නාම. තෙසං උප‍්පාදෙ සතියෙව ච ඨිති නාම හොති, ඨිතියා සතියෙව භඞ‍්ගො නාම හොති, න හි අනුප‍්පන‍්නස‍්ස ඨිති නාම , නාපි ඨිතං අභිජ‍්ජනකං නාම අත්‍ථි. ඉති සබ‍්බෙපි සඞ‍්ඛාරා තීණි ලක‍්ඛණානි පත්‍වා තත්‍ථ තත්‍ථෙව නිරුජ‍්ඣන‍්ති, තස‍්මා සබ‍්බෙපිමෙ අනිච‍්චා ඛණිකා ඉත‍්තරා අධුවා පභඞ‍්ගුනො චලිතා සමීරිතා අනද‍්ධනියා පයාතා තාවකාලිකා නිස‍්සාරා, තාවකාලිකට‍්ඨෙන මායාමරීචිඵෙණසදිසා. තෙසු භද‍්දෙ සුභද‍්දාදෙවි, කස‍්මා සුඛසඤ‍්ඤං උප‍්පාදෙසි, එවං පන ගණ‍්හ තෙසං වූපසමො සුඛොති, සබ‍්බවට‍්ටවූපසමනතො තෙසං වූපසමො නාම නිබ‍්බානං, තදෙවෙකං එකන‍්තතො සුඛං, තතො අඤ‍්ඤං සුඛං නාම නත්‍ථීති.

එහි, “අනිච්චා වත සඞ්ඛාරා”, ප්‍රිය සුභද්‍ර දේවියනි, යම්කිසි හේතූන් එකතුව නිපයුණු ඛන්‍ධ, ආයතන ආදී යම් පමණ සංඛාරයෝ වෙත් ද ඒ සියල්ල අනිත්‍ය වේ. මේ අනුව රූපය නැසෙන සුළුය. ඇස ද නැසෙන සුළුය. එසේ ම විඤ්ඤාණය ද ධර්මය ද අනිත්‍යය. යම්කිසි සිත් ඇති නැති සියලු රුවන් ද නැසෙන සුළුය. මේ නිසා හේතු ධර්ම සමවායෙන් හටගත් සියලු සංඛාර ඒකාන්තයෙන් අනිත්‍යය වේ. මක්නිසා ද? “උප්පාදවයධම්මිනො” යි ඉහත කී සියලු ධර්ම ඇතිවීම හා නැතිවීම ස්වභාව කොට පවතී. යම් හෙයකින් ඒවා ඉපදීම, බිඳීම ස්වභාව කොට ඇත්තේ ද එම නිසා අනිත්‍යයැ යි දතයුතුයි. “උප්පජ්ජිත්‍වා නිරුජ්ඣන්ති”, ඉපදී පැවැතී නැති වේ. මේ සියලු ධර්ම ඉපදීම ඇති කල්හි ම පැවැතීම හෙවත් ‘ඨිතිය’ වේ. මේ පැවැත්ම ම නැතිවීම වේ. මෙසේ සියලු ධර්ම ඉපදීම, පැවැත්ම, නැතිවීම යන අවස්ථා තුනට පත්වන නිසා අනිත්‍යය. ක්‍ෂණිකය. ස්ථිර නැත. කෙටි කාලයක් පවතී. නැසෙන සුළුය. සැලෙන සුළුය. කල් නො පවතී. තාවකාලිකය. හරයක් නැත. තාවකාලික නිසා ම මායාම, මිරිඟු පෙන පිඬු සමාන වේ. ප්‍රිය සුභද්‍රා දේවිය කුමක් නිසා සැප හැඟීම් උපදවන්නෙහි ද? මෙය පිළිගන්න. “තෙසං වූපසමො සුඛොති”, සියලු සසර දුක් සංසිඳුවන හෙයින් ඒ සංඛාර සංසිඳීම වූ නිවන ඒකාන්තයෙන් සැපයැ යි සලකත්.

එවං මහාසුදස‍්සනො අමතමහානිබ‍්බානෙන දෙසනාය කූටං ගහෙත්‍වා අවසෙසස‍්සපි මහාජනස‍්ස “දානං දෙථ, සීලං රක‍්ඛථ, උපොසථකම‍්මං කරොථා”ති ඔවාදං දත්‍වා දෙවලොකපරායණො අහොසි.

මෙසේ මහා සුදස්සන රජ අමාමහ නිවනින් දේශනය මුදුන් පමුණුවා, සෙසු ජනයාට ද දන් දෙවු. සිල් රකිවු. පෙහෙවස් රකිවු යි අවවාද කොට දෙව්ලොව බලා ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සුභද‍්දා දෙවී රාහුලමාතා අහොසි, පරිණායකරතනං රාහුලො, සෙසපරිසා බුද‍්ධපරිසා, මහාසුදස‍්සනො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම්දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එකල සුභද්‍රා දේවිය නම් රාහුල මාතාවෝ වූහ. පුත්‍ර රත්නය රාහුලය. සෙසු පිරිස බුදු පිරිසය. මහා සුදස්සන රජු වනාහි මම ම වීමි.

මහාසුදස‍්සනජාතකවණ‍්ණනා පඤ‍්චමා.