යෙදුමෙන් කියවන්න

4. ලොමහංසජාතකවණ‍්ණනා 94 අට‍්ඨකථා

4. ලොමහංසජාතකවණ‍්ණනා (94)

4. ලෝමහංස ජාතකය (94)

සොතත‍්තො සොසින‍්නො චෙවාති ඉදං සත්‍ථා වෙසාලිං උපනිස‍්සාය පාටිකාරාමෙ විහරන‍්තො සුනක‍්ඛත‍්තං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි සමයෙ සුනක‍්ඛත‍්තො සත්‍ථු උපට‍්ඨාකො හුත්‍වා පත‍්තචීවරමාදාය විචරමානො කොරක‍්ඛත‍්තියස‍්ස ධම‍්මං රොචෙන‍්තො දසබලස‍්ස පත‍්තචීවරං නිය්‍යාදෙත්‍වා කොරක‍්ඛත‍්තියං නිස‍්සාය වසති. තස‍්ස කාලකඤ‍්ජිකඅසුරයොනියං නිබ‍්බත‍්තකාලෙ ගිහි හුත්‍වා “නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරි මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො, තක‍්කපරියාහතං සමණො ගොතමො ධම‍්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභානං. යස‍්ස ච ඛ‍්වාස‍්ස අත්‍ථාය ධම‍්මො දෙසිතො, න සො නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායා”ති (ම· නි· 1.146) වෙසාලියං තිණ‍්ණං පාකාරානං අන‍්තරෙ විචරන‍්තො සත්‍ථු අවණ‍්ණං භාසති.

“සො තත්තො සො සීතොති” යන මේ ධර්ම දේශනාව බුදුහු විශාලා මහනුවර වාළුකාරාමයේ වැඩ වාසය කරන සේක්, සුනක්‍ඛත්ත අරබයා දේශනා කළහ. එක් කලෙක සුනක්‍ඛත්ත බුදු රජුන්ගේ උපස්ථායක වූයේ, පා සිවුරු ගෙන හැසිරෙන්නේ, කෝරක්‍ඛත්තිය නම් ජටිලයාගේ ධර්මය රුචි කරන්නේ, බුදු රජුන්ගේ පා සිවුරු උන් වහන්සේට ම බාර දී කෝරක්‍ඛත්තිය ඇසුරු කොට වාසය කොට ඒ ජටිලයා කාලකඤ්ජක නම් අසුරු යෝනියෙහි උපන් කල්හි ගිහි බවට පැමිණ ශ්‍රමණ භවත් ගෞතමයාට උතුම් මිනිස් දහම් නැත. ආර්යයන්ට සුදුසු වූ නැණ විශේෂයක් ද නැත. තර්කයෙන් ගොනු කොට නුවණින් මෙහෙයවා තම වැටහීම අනුව ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්ම දේශනා කරති. යමකු සඳහා ඔහු දහම් දෙසුවේ ද එය කරන්නා හට මනා දුක් කෙළවර කිරීමකට නො පමුණුවයි යි, විශාලා මහනුවර තුන් පවුරු අතර හැසිරෙමින් බුදු රජුන්ගේ නුගුණ ප්‍රකාශ කරයි.

අථායස‍්මා සාරිපුත‍්තො පිණ‍්ඩාය චරන‍්තො තස‍්සෙවං අවණ‍්ණං භාසන‍්තස‍්ස සුත්‍වා පිණ‍්ඩපාතපටික‍්කන‍්තො තමත්‍ථං භගවතො ආරොචෙසි. භගවා “කොධනො, සාරිපුත‍්ත, සුනක‍්ඛත‍්තො මොඝපුරිසො, කොධවසෙනෙවමාහ, කොධවසෙනාපි පන ‘න සො නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායා’ති වදන‍්තො අජානිත්‍වාපි මය‍්හං ගුණමෙව භාසති. න ඛො පන සො මොඝපුරිසො මය‍්හං ගුණං ජානාති. මය‍්හඤ‍්හි, සාරිපුත‍්ත, ඡ අභිඤ‍්ඤා නාම අත්‍ථි, අයම‍්පි මෙ උත‍්තරිමනුස‍්සධම‍්මොව. දසබලඤාණානි අත්‍ථි, චතුවෙසාරජ‍්ජඤාණං අත්‍ථි, චතුයොනිපරිච‍්ඡෙදකඤාණං අත්‍ථි, පඤ‍්චගතිපරිච‍්ඡෙදකඤාණං අත්‍ථි, අයම‍්පි මෙ උත‍්තරිමනුස‍්සධම‍්මොව. එවං උත‍්තරිමනුස‍්සධම‍්මසමන‍්නාගතං පන මං යො එවං වදෙය්‍ය ‘නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මො’ති, සො තං වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ”ති එවං අත‍්තනො විජ‍්ජමානං උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස ගුණං කථෙත්‍වා “සුනක‍්ඛත‍්තො කිර, සාරිපුත‍්ත, කොරක‍්ඛත‍්තියස‍්ස දුක‍්කරකාරිකාය මිච‍්ඡාතපෙ පසන‍්නො, මිච‍්ඡාතපෙ පසීදන‍්තෙන පන මයි එව පසීදිතුං වට‍්ටති. අහඤ‍්හි ඉතො එකනවුතිකප‍්පමත්‍ථකෙ ‘අත්‍ථි නු ඛො එත්‍ථ සාරො’ති බාහිරකං මිච‍්ඡාතපං වීමංසන‍්තො චතුරඞ‍්ගසමන‍්නාගතං බ්‍රහ‍්මචරියවාසං වසිං, තපස‍්සී සුදං හොමි පරමතපස‍්සී, ලූඛො සුදං හොමි පරමලූඛො, ජෙගුච‍්ඡී සුදං හොමි පරමජෙගුච‍්ඡී, පවිවිත‍්තො සුදං හොමි පරමපවිවිත‍්තො”ති වත්‍වා ථෙරෙන යාචිතො අතීතං ආහරි.

ඉක්බිති, සැරියුත් තෙරණුවෝ පිඬු පිණිස හැසිරෙන්නාහු, සුනක්‍ඛත්තගේ නුගුණ කථාව අසා පිණ්ඩපාතයෙන් පසු එකරුණ බුදු රජුන්ට සැලකළහ. සාරිපුත්‍රය, සුනක්‍ඛත්ත නම් හිස් පුරුෂයා ක්‍රෝධ බහුලය. ක්‍රෝධ වශයෙන් මෙසේ කීවේය. ක්‍රෝධ වශයෙන් ම ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ධර්මය එය කරන්නා හට මනාකොට දුක් නැති කිරීමකට නො පමුණුවයි කියන්නේ, මගේ ගුණ ම කියයි. සාරිපුත්‍රය, සුනක්‍ඛත්ත මගේ ගුණ නො දනී. සාරිපුත්‍රය, මට ජලභිඤ්ඤා ඇත. ඒ උතුරු මිනිස් දහමකි. දශ බල ඇත. සතර විශාරද ඥාන ඇත. සිව් සත්ත්ව යෝනි පිරිසිඳ දන්නා නුවණ ඇත. පඤ්ච ගති පිරිසිඳ දන්නා නුවණ ඇත. මෙය ද මගේ උතුරු මිනිස් දහම්ය. මෙසේ උතුරු මිනිස් දහම්වලින් යුත් මට යමකු ශ්‍රමණ ගෞතමයන් හට උතුරු මිනිස් දහම් නැතැ යි කියන්නේ නම් ඔහු ඒ වචනය අත්නොහැර ඒ සිතුවිල්ල අත්නොහැර, ඒ දෘෂ්ටිය අත් නොහැර ගෙනෙන ලද බරක් බිම තබන්නාක් මෙන් නිරයෙහි උපදින්නේය. මෙසේ තමන්ගේ ඇත්තා වූ ම උතුරු මිනිස් දම් ගුණය ප්‍රකාශ කොට සාරිපුත්‍රය, සුනක්‍ඛත්ත කෝරක්‍ඛත්තියගේ දුෂ්කර ක්‍රියා නම් මිථ්‍යා තපසෙහි පැහැදුණේය. සාරිපුත්‍රය, යමකු මිථ්‍යා තපසෙහි පහදින්නේ නම් මා කෙරෙහි ම පැහැදිය යුතුයි. සාරිපුත්‍රය, මම මෙයින් එක් අනූ කල්පයකට පෙර මෙහි සාරයක් ඇත්තේදැ යි බාහිර වූ මිථ්‍යා තපස් විමසමින් සිව් අඟකින් යුක්ත වූ බඹසර වාසයක් විසුවෙමි. මම තපසුන් අතර උසස් ම තපසෙක් වීමි. රළු ප්‍රතිපත්ති ඇත්තවුන් අතරින් මම උසස් ම රළු ප්‍රතිපත්ති ඇත්තෙක් වීමි. පාපය පිළිකුල් කරන්නවුන් අතරින් මම උසස් ම පාපය පිළිකුල් කරන්නෙක් වීමි. විවේක වූවන් අතුරෙන් පරම විවේක වූවෙක් වීමි යි වදාරා තෙරුන් විසින් අයදිනා ලද බුදු රජහු අතීත කථාව දෙසූහ.

අතීතෙ එකනවුතිකප‍්පමත්‍ථකෙ බොධිසත‍්තො “බාහිරකතපං වීමංසිස‍්සාමී”ති ආජීවකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අචෙලකො අහොසි රජොජල‍්ලිකො, පවිවිත‍්තො අහොසි එකවිහාරී. මනුස‍්සෙ දිස‍්වා මිගො විය පලායි, මහාවිකතිභොජනො අහොසි, වච‍්ඡකගොමයාදීනි පරිභුඤ‍්ජි, අප‍්පමාදවිහාරත්‍ථාය අරඤ‍්ඤෙ එකස‍්මිං භිංසනකෙ වනසණ‍්ඩෙ විහාසි. තස‍්මිම‍්පි විහරන‍්තො හිමපාතසමයෙ අන‍්තරට‍්ඨකෙ රත‍්තිං වනසණ‍්ඩා නික‍්ඛමිත්‍වා අබ‍්භොකාසෙ විහරිත්‍වා සූරියෙ උග‍්ගතෙ වනසණ‍්ඩං පවිසති. සො යථා රත‍්තිං අබ‍්භොකාසෙ හිමොදකෙන තින‍්තො, තථෙව දිවා වනසණ‍්ඩතො පග‍්ඝරන‍්තෙහි උදකබින්‍දූහි තෙමයි. එවං අහොරත‍්තං සීතදුක‍්ඛං අනුභොති. ගිම‍්හානං පන පච‍්ඡිමෙ මාසෙ දිවා අබ‍්භොකාසෙ විහරිත්‍වා රත‍්තිං වනසණ‍්ඩං පවිසති. සො යථා දිවා අබ‍්භොකාසෙ ආතපෙන පරිළාහප‍්පත‍්තො, තථෙව රත‍්තිං නිවාතෙ වනසණ‍්ඩෙ පරිළාහං පාපුණාති, සරීරා සෙදධාරා මුච‍්චන‍්ති. අථස‍්ස පුබ‍්බෙ අස‍්සුතපුබ‍්බා අයං ගාථා පටිභාසි –

පෙර මෙයින් අනූඑක් වැනි කල්පයෙහි බෝසත්හු බාහිර තපස් ක්‍රම විමසන්නෙමි යි ආජීවක පැවිද්දෙන් පැවිදි ව අචේලකයෙක් හෙවත් වස්ත්‍ර නැත්තෙක් වීමි. සිරුරෙහි දූලි තැවරී පැවතුණි. එසේ ම එකලාව විහරණ ඇති ජනයාගෙන් වෙන්වූවෙක් වූයේය. මිනිසුන් දුටුවිට මුවෙක් මෙන් පලා ගියේය. මිනිස් මළ ම ආහාර කොට ගත්තේය. වසු පැටියන්ගේ ගොම ද අනුභව කළේය. නො පමා විහරණය සඳහා බිහිසුණු වන ලැහැබක වාසය කළේය. එහි වසනුයේ, හිම වැටෙන කාලයෙහි නවම් මැදින් අතර අට දිනයෙහි රැය වන ලැහැබින් නික්ම එළිමහනෙහි වාසය කොට හිරු උදාවූ කල්හි වන ලැහැබට පිවිසෙයි. ඔහු රාත්‍රියෙහි එළිමහනෙහි යම් සේ හිම දියෙන් තෙමේ ද එසේ ම දවල් කාලයෙහි වන ලැහැබින් වැගිරෙන්නා වූ දිය බිඳුවලින් තෙමෙයි. මෙසේ රෑ දාවල් ශීතලින් එන දුක් අනුභව කරයි. ගිම්හාන සෘතුවෙහි අන්තිම මාසයෙහි එළිමහනෙහි වැස රාත්‍රියෙහි වන ලැහැබට පිවිසෙයි. හෙතෙම යම් සේ දවල් කාලයෙහි එළිමහනෙහි සූර්යය තාපයෙන් තැවුණේ ද, එසේ ම රාත්‍රී කාලයෙහි සුළඟ නැති වන ලැහැබෙහි තැවීමට පත්වෙයි. සිරුරින් දහදිය වැල් වැගිරෙයි. ඉක්බිති, ඔහුට පෙර නො ඇසූ විරූ මේ ගාථා සිහියට නැඟුණි.

“සොතත‍්තො සොසින‍්නො චෙව, එකො භිංසනකෙ වනෙ; නග‍්ගො න චග‍්ගිමාසීනො, එසනාපසුතො මුනී”ති.

“සොසත්තො සොසීතො එකො භිංසණකෙ වනෙ, නග්ගො නචග්ගිමාසීනො එසනාපසුතො මුනීති”

“(හිරු රැසින්) විශේෂයෙන් තැවුණෙමි. (හිම දියෙන්) විශේෂයෙන් තෙත් වූයෙමි. බියකරු වනෙහි හුදකලා වූයෙමි. නග්න වූයේ, ගිනි සමීපයෙහි නො හිඳිනෙමි. (බ්‍රහ්මචාර්ය) සෙවීමහෙි යෙදුණෙමි. (මුනි භාවය පිණිස පිළිපන්නෙකැ යි) ලෝකයාගේ සැලකුම් ලැබීමි.”

තත්‍ථ සොතත‍්තොති සූරියසන‍්තාපෙන සුට‍්ඨු තත‍්තො. සොසින‍්නොති හිමොදකෙන සුසින‍්නො සුට‍්ඨු තින‍්තො. එකො භිංසනකෙ වනෙති යත්‍ථ පවිට‍්ඨානං යෙභුය්‍යෙන ලොමානි හංසන‍්ති, තථාරූපෙ භිංසනකෙවනසණ‍්ඩෙ එකො අදුතියොව අහොසින‍්ති දීපෙති. නග‍්ගො න චග‍්ගිමාසීනොති නග‍්ගො ච න ච අග‍්ගිමාසීනො. තථා සීතෙන පීළියමානොපි නෙව නිවාසනපාරුපනං වා ආදියිං, න ච අග‍්ගිං ආගම‍්ම නිසීදින‍්ති දීපෙති. එසනාපසුතොති අබ්‍රහ‍්මචරියෙපි තස‍්මිං බ්‍රහ‍්මචරියසඤ‍්ඤී හුත්‍වා “බ්‍රහ‍්මචරියමෙවෙතං එසනා ගවෙසනා උපායො බ්‍රහ‍්මලොකස‍්සා”ති එවං තාය බ්‍රහ‍්මචරියෙසනාය පසුතො අනුයුත‍්තො උස‍්සුක‍්කං ආපන‍්නො අහොසින‍්ති දස‍්සෙති. මුනීති “මුනි ඛො එස මොනත්‍ථාය පටිපන‍්නො”ති එවං ලොකෙන සම‍්භාවිතො අහොසින‍්ති දීපෙති.

එහි, “සොතත්තොති”, සූර්යය තාපයෙන් වඩාත් තැවුණේ “සොසීතොති”, හිම දියෙන් වඩාත් ශීත වූයේ, වඩාත් තෙත් වුයේ, “එකො භිංසණකෙ වනෙ”, යම් තැනකට පිවිසියවුන්ට බෙහෙවින් ලොම් ඩැහැ ගැනේ ද එබඳු වූ බිය ජනක වූ වන ලැහැබ, දෙවැන්නකු නැති ව එකලාව විසුවෙමි යි දක්වයි. “නග්ගො නචග්ගිමාසීනොති”, නග්න ව එහෙත් ගිනි ඇසුරු නො කරන්නේ එසේ ම ශීතෙන් පීඩා වුව ද හැඳීම් පෙරවීම් නො ගත්තෙමි. ගිනි සමීපයෙහි නො සිටියෙමි යි දක්වයි. “එසනාපසුතොති”, බඹසර නො වුව ද බඹසර යන හැඟීම් ඇත්තෙක් වී මෙය බ්‍රහ්මචරියයි. බ්‍රහ්මලෝකය සඳහා උපාය යි ද සිතා මේ බ්‍රහ්මචරිය සෙවීමෙහි යෙදුණේ, උත්සාහවත් වූයේ වෙමි යි දක්වයි. “මුනීති”, මේ බ්‍රහ්මචරිය වාසය තිදොර සංවරය සඳහා පිළිපන්නෙක්යැ යි ලෝකයා විසින් පිළිගත් අයෙක් වූයේ වෙමි යි දක්වයි.

එවං චතුරඞ‍්ගසමන‍්නාගතං බ්‍රහ‍්මචරියං චරිත්‍වා බොධිසත‍්තො මරණකාලෙ උපට‍්ඨිතං නිරයනිමිත‍්තං දිස‍්වා “ඉදං වතසමාදානං නිරත්‍ථක”න‍්ති ඤත්‍වා තඞ‍්ඛණඤ‍්ඤෙව තං ලද‍්ධිං භින්‍දිත්‍වා සම‍්මාදිට‍්ඨිං ගහෙත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්ති.

මෙසේ සිව් අගකින් යුත් බඹසරෙහි වැස බෝසත්හු මරණ මොහොතෙහි නිරය නිමිත්ත දැක මේ ව්‍රත සමාදානය නිශ්ඵලයැ යි දැන එකෙණෙහි ම ඒ දෘෂ්ටිය බිඳ දමා සම්මා දිට්ඨිය ගෙන දෙව්ලොව උපන්හ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “අහං තෙන සමයෙන සො ආජීවකො අහොසි”න‍්ති.

බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළහ. මම එසමයෙහි ඒ ආජීවකයා වුණෙමි.

ලොමහංසජාතකවණ‍්ණනා චතුත්‍ථා.