යෙදුමෙන් කියවන්න

3. විස‍්සාසභොජනජාතකවණ‍්ණනා 93 අට‍්ඨකථා

3. විස‍්සාසභොජනජාතකවණ‍්ණනා (93)

3. විශ්වාස භෝජන ජාතකය (93)

න විස‍්සසෙ අවිස‍්සත්‍ථෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො විස‍්සාසභොජනං ආරබ‍්භ කථෙසි. තස‍්මිං කිර සමයෙ යෙභුය්‍යෙන භික‍්ඛූ “මාතරා නො දින‍්නං, පිතරා නො දින‍්නං, භාතරා, භගිනියා, චූළමාතරා, චූළපිතරා, මාතුලෙන, මාතුලානියා දින‍්නං. අම‍්හාකං ගිහිකාලෙපි භික‍්ඛුකාලෙපි එතෙ දාතුං යුත‍්තරූපාවා”ති ඤාතීහි දින‍්නෙ චත‍්තාරො පච‍්චයෙ විස‍්සත්‍ථා හුත්‍වා අපච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජන‍්ති. සත්‍ථා තං කාරණං ඤත්‍වා “භික‍්ඛූනං මයා ධම‍්මදෙසනං කාතුං වට‍්ටතී”ති භික‍්ඛූ සන‍්නිපාතාපෙත්‍වා “භික‍්ඛවෙ, භික‍්ඛුනා නාම ඤාතීහිපි අඤ‍්ඤාතීහිපි දින‍්නකෙ චත‍්තාරො පච‍්චයෙ පච‍්චවෙක‍්ඛිත්‍වාව පරිභොගො කාතබ‍්බො. අපච‍්චවෙක‍්ඛිත්‍වා පරිභොගං කත්‍වා හි කාලං කුරුමානො භික‍්ඛු යක‍්ඛපෙතඅත‍්තභාවතො න මුච‍්චති, අපච‍්චවෙක‍්ඛිතපරිභොගො නාමෙස විසපරිභොගසදිසො. විසඤ‍්හි විස‍්සාසිකෙන දින‍්නකම‍්පි අවිස‍්සාසිකෙන දින‍්නකම‍්පි මාරෙතියෙව. පුබ‍්බෙපි විස‍්සාසෙන දින‍්නං විසං පරිභුඤ‍්ජිත්‍වා ජීවිතක‍්ඛයං පත‍්තා”ති වත්‍වා අතීතං ආහරි.

“න විස්සසෙ අවිස්සත්‍ථෙති” යන මේ දේශනාව බුදුහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, විශ්වාස භෝජනයක් අරබයා වදාළහ. එසමයෙහි වනාහි බොහෝ සෙයින් භික්‍ෂූන්ට මව විසින් දෙන ලදි. පියා විසින් දෙන ලදි. සහෝදරයා, සහෝදරිය, සුළු පියා, සුළු මව, මාමා, නැන්දා ආදීන් විසින් දෙන ලදි. අපගේ ගිහි කාලයෙහි ද පැවිදි කාලයෙහි ද මොවුහු දෙන්නට සුදුසුයැ යි නෑයන් විසින් දෙන ලද සිව්පසෙහි විශ්වාස වී ප්‍රත්‍යවේක්‍ෂා නැති ව වළඳත්. බුදුහු ඒ කරුණ දැන භික්‍ෂූන්ට මා විසින් ධර්ම දේශනා කිරීමට වටීයැ යි භික්‍ෂූන් රැස් කැරවා, මහණෙනි, භික්‍ෂුව විසින් තම නෑයන් විසින් හෝ නො වන අය විසින් හෝ දෙන ලද සිව්පසය ප්‍රත්‍යවේක්‍ෂා කොට ම පරිභෝග කළ යුතුයි. ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝග කොට කලුරිය කරන භික්‍ෂුව යක්‍ෂ, ප්‍රේත ආත්ම භාවවලින් නො මිදෙයි. ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝගය විෂ පරිභෝගයක් සමානය. විෂ වනාහි විශ්වාසවන්තයා දුන්නත් අවිශ්වාසවන්තයා දුන්නත් මරන්නේ මය. පෙර ද විශ්වාසවන්තයා විසින් දෙන ලද විෂ පරිභෝග කොට මරණයට පත් විණැ යි කියා ඔවුන් විසින් අයදනා ලද්දේ, අතීතය ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො මහාවිභවො සෙට‍්ඨි අහොසි. තස‍්සෙකො ගොපාලකො කිට‍්ඨසම‍්බාධසමයෙ ගාවො ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා තත්‍ථ ගොසාලං කත්‍වා රක‍්ඛන‍්තො වසති. සෙට‍්ඨිනො ච කාලෙන කාලං ගොරසං ආහරති. අථස‍්ස ගොසාලාය අවිදූරෙ සීහො නිවාසං ගණ‍්හි. ගාවීනං සීහසන‍්තාසෙන මිලාතානං ඛීරං මන්‍දං අහොසි. අථ නං එකදිවසං සප‍්පිං ආදාය ආගතං සෙට‍්ඨි පුච‍්ඡි “කිං නු ඛො, සම‍්ම ගොපාලක, මන්‍දං සප‍්පී”ති? සො තං කාරණං ආචික‍්ඛි. “අත්‍ථි පන, සම‍්ම, තස‍්ස සීහස‍්ස කත්‍ථචි පටිබන්‍ධො”ති? “අත්‍ථිස‍්ස සාමි, එකාය මිගමාතුකාය සද‍්ධිං සංසග‍්ගො”ති. “සක‍්කා පන තං ගාහාපෙතු”න‍්ති? “සක‍්කා, සාමී”ති. “තෙන හි තං ගහෙත්‍වා තස‍්සා නලාටතො පට‍්ඨාය සරීරෙ ලොමානි විසෙන පුනප‍්පුනං රජිත්‍වා සුක‍්ඛාපෙත්‍වා ද‍්වෙ තයො දිවසෙ අතික‍්කාමෙත්‍වා තං මිගමාතුකං විස‍්සජ‍්ජෙහි, සො තස‍්සා සිනෙහෙන සරීරං ලෙහිත්‍වා ජීවිතක‍්ඛයං පාපුණිස‍්සති. අථස‍්ස චම‍්මනඛදාඨා චෙව වසඤ‍්ච මංසඤ‍්ච ගහෙත්‍වා ආගච‍්ඡෙය්‍යාසී”ති හලාහලවිසං දත්‍වා උය්‍යොජෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු මහා ධනවත් සිටුවරයකු විය. ඔහුගේ එක් ගොපල්ලෙක් ගොයම් හකුල් ඇති කල්හි ගවයන් ගෙන කැලයට පිවිස එහි ගාලක් කොට රකිමින් වාසය කරයි. සිටුතුමාට ද කලින් කලට ගොන් රසය (පස්ගෝ රසය) ගෙන එයි. ඉක්බිති, ඔහුගේ ගව ගාලට නුදුරෙහි සිංහයෙක් වාසය කළේය. දෙනුන්ට සිංහයා කෙරෙන් ඇති වන තැති ගැනීම නිසා මළානික වී කිරි මද විය. ඉක්බිති, එක් දිනක් ගිතෙල් රැගෙන ආවා වූ ඔහුගෙන් සිටුතුමා විචාළේය. යහළු ගවපාලකය, ගිතෙල් අඩු වූයේ කුමක් නිසා ද? හෙතෙම ඒ කරුණ කීවේය. යහළුව, ඒ සිංහයාගේ කිසියම් තැනක් පිළිබඳ සිත් ඇත්තේ ද? ඔහුට ඇත, ස්වාමීනි. එක් මුව දෙනක සමග සංසර්ගයක් ඇත. ඒ මුවැත්තිය ගෙන්වා ගන්නට හැකි ද? හැකිය, ස්වාමීනි. එසේ නම් ඒ මුවැත්තිය ගෙන ඇගේ නළලේ පටන් සිරුරෙහි ලොම්, විෂෙන් නැවත නැවතත් රංජනය කැරවා වියළවා දෙතුන් දිනක් ඉක්මවා ඒ මුවැත්තිය මුදා හරිවු. සිංහයා ඇය කෙරෙහි ස්නේහයෙන් සිරුර ලොවා මරණයට පැමිණෙන්නේය. ඉක්බිති, සිංහයාගේ හම, නිය, දළ මෙන් ම වසා තෙල් ද රැගෙන එන්නැ යි හලාහළ විෂ දී පිටත් කළේය.

සො ගොපාලකො ජාලං ඛිපිත්‍වා උපායෙන තං මිගමාතුකං ගණ‍්හිත්‍වා තථා අකාසි. සීහො තං දිස‍්වාව බලවසිනෙහෙන තස‍්සා සරීරං ලෙහිත්‍වා ජීවිතක‍්ඛයං පාපුණි. ගොපාලකොපි චම‍්මාදීනි ගහෙත්‍වා බොධිසත‍්තස‍්ස සන‍්තිකං අගමාසි. බොධිසත‍්තො තං කාරණං ඤත්‍වා “පරෙසු සිනෙහො නාම න කාතබ‍්බො, එවං බලසම‍්පන‍්නොපි සීහො මිගරාජා කිලෙසවසෙන සංසග‍්ගං නිස‍්සාය මිගමාතුකාය සරීරං ලෙහන‍්තො විසපරිභොගං කත්‍වා ජීවිතක‍්ඛයං පත‍්තො”ති වත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඒ ගොපල්ලා දැලක් දමා උපායෙන් ඒ මුවැත්තිය ගෙන එසේ කළේය. සිංහයා ඈ දැක ම බලවත් ස්නේහයෙන් ඇගේ සිරුර ලොවා මරණයට පත්විය. ගොපල්ලා ද සම් ආදිය ගෙන බෝසතාණන් සමීපයට ගියේය. බෝසත්හු ඒ කරුණ දැන අනුන්ට ස්නේහය නම් නො කළ යුතුයි. මෙසේ බලවත් මෘගරාජ සිංහයා කෙලෙස් වශයෙන් සංසර්ගය නිසා මුවැත්තියගේ සිරුර ලෙවකමින් විෂ පරිභෝග කොට මරණයට පත්වීයැ යි කියා පැමිණියා වූ පිරිසට දහම් දෙසන්නේ, මේ ගාථාව කීහ.

“න විස‍්සසෙ අවිස‍්සත්‍ථෙ, විස‍්සත්‍ථෙපි න විස‍්සසෙ; විස‍්සාසා භයමන්‍වෙති, සීහංව මිගමාතුකා”ති.

“න විස්සසෙ අවිස්සත්‍ථෙ විස්සත්‍ථෙපි න විස්සසෙ, විස්සාසා භයමන්‍වෙති සීහං ච මිගමාතුකාති”

“(පෙර විශ්වාසයෙන් සිට පසු ව) අවිශ්වාස වූවහු කෙරෙහි විශ්වාසය නො කරන්නේය. (පෙර අවිශ්වාස ව සිට) විශ්වාස වූවහු කෙරෙහි විශ්වාස නො කරන්නේය. එබඳු විශ්වාසයෙන් මුව දෙනගෙන් සිංහයාට මෙන් බය පැමිණේ.”

තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – යො පුබ‍්බෙ සභයො අත‍්තනි අවිස‍්සත්‍ථො අහොසි, තස‍්මිං අවිස‍්සත්‍ථෙ, යො පුබ‍්බෙපි නිබ‍්භයො අත‍්තනි විස‍්සාසිකොයෙව, තස‍්මිං විස‍්සත්‍ථෙපි න විස‍්සසෙ, නෙව විස‍්සාසං කරෙය්‍ය. කිංකාරණා? විස‍්සාසා භයමන්‍වෙති, යො හි මිත‍්තෙපි අමිත‍්තෙපි විස‍්සාසො, තතො භයමෙව ආගච‍්ඡති. කථං? සීහංව මිගමාතුකා, යථා මිත‍්තසන්‍ථවවසෙන කතවිස‍්සාසාය මිගමාතුකාය සන‍්තිකා සීහස‍්ස භයං අන්‍වෙති, උපගතං සම‍්පත‍්තන‍්ති අත්‍ථො. යථා වා විස‍්සාසවසෙන සීහං මිගමාතුකා අන්‍වෙතා උපගතාතිපි අත්‍ථො.

මේ එහි කෙටි අරුතයි. යමෙක් පෙර යහළුව සිට පසු ව තමා කෙරෙහි අවිශ්වාස වූයේ ද, ඒ “අවිස්සත්‍ථෙ”, අවිශ්වාසියා කෙරෙහි ද යමෙක් පෙර අවිශ්වාසී වී දැන් විශ්වාසවන්ත වූයේ ද, ඒ විශ්වාසවන්තයා කෙරෙහි ද විශ්වාස නො කරන්නෝය. “විස්සත්‍ථෙපි න විස්සසෙ”, ඔහු කෙරෙහි ද විශ්වාස නො කරන්නෝය. මක්නිසා ද “විස්සාසා භයමන්‍වෙති”, යමකු වනාහි මිත්‍රයා කෙරෙහි ද සතුරා කෙරෙහි ද විශ්වාස කළේ ද එයින් බය ම හට ගනී. කෙසේ ද “සීහං ච මිගමාතුකායි”, යම් සේ මිතුරු දම් වශයෙන් විශ්වාස කළ මුව දෙන නිසා සිංහයාට බය පැමිණියේය. බය තමා කරා ආයේය, යන අර්ථයි. යම් සේ මී දෙන විශ්වාස වශයෙන් සිංහයා අනුව ගියාය, යන අර්ථයි.

එවං බොධිසත‍්තො සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

මෙසේ බෝසත්හු පැමිණි පිරිසට දහම් දෙසා දානාදී පිංකොට කම් වූ පරිදි මිය ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මහාසෙට‍්ඨි අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළහ. එදා මහසිටු මම ම වූයෙමි.

විස‍්සාසභොජනජාතකවණ‍්ණනා තතියා.