යෙදුමෙන් කියවන්න

2. මහාසාරජාතකවණ‍්ණනා 92 අට‍්ඨකථා

2. මහාසාරජාතකවණ‍්ණනා (92)

2. මහාසාර ජාතකය (92)

උක‍්කට‍්ඨෙ සූරමිච‍්ඡන‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ආයස‍්මන‍්තං ආනන්‍දත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි සමයෙ කොසලරඤ‍්ඤො ඉත්‍ථියො චින‍්තයිංසු “බුද‍්ධුප‍්පාදො නාම දුල‍්ලභො, තථා මනුස‍්සපටිලාභො, පරිපුණ‍්ණායතනතා ච. මයඤ‍්ච ඉමං දුල‍්ලභං ඛණසමවායං ලභිත්‍වාපි අත‍්තනො රුචියා විහාරං ගන‍්ත්‍වා ධම‍්මං වා සොතුං බුද‍්ධපූජං වා කාතුං දානං වා දාතුං න ලභාම, මඤ‍්ජූසාය පක‍්ඛිත‍්තා විය වසාම, රඤ‍්ඤො කථෙත්‍වා අම‍්හාකං ධම‍්මං දෙසෙතුං අනුච‍්ඡවිකං එකං භික‍්ඛුං පක‍්කොසාපෙත්‍වා තස‍්ස සන‍්තිකෙ ධම‍්මං සොස‍්සාම, තතො යං සක‍්ඛිස‍්සාම, තං උග‍්ගණ‍්හිස‍්සාම, දානාදීනි ච පුඤ‍්ඤානි කරිස‍්සාම. එවං නො අයං ඛණපටිලාභො සඵලො භවිස‍්සතී”ති. තා සබ‍්බාපි රාජානං උපසඞ‍්කමිත්‍වා අත‍්තනා චින‍්තිතකාරණං කථයිංසු. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

“උක්කට්ඨෙ සුරමිච්ජන්තීති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ආයුෂ්මත් ආනන්ද තෙරුන් අරබයා වදාළහ. එක් කලක කොසොල් රජුගේ ස්ත්‍රීහු මෙසේ සිතුවාහුය. බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිස් බවක් ලැබීම ද පිරිපුන් ඇස්, කන් ආදී ආයතන ඇති බව ද එසේ මය. අපි මේ දුර්ලභ අවස්ථා ලැබුව ද අපේ කැමැත්ත පරිදි විහාරයට ගොස් බණ අසන්නට හෝ පූජාවක් කරන්නට හෝ දානයක් දෙන්නට හෝ නො ලබමු. පෙට්ටියක දමන ලද්දෝ මෙන් වසමු. රජතුමාට කියා අපට දම් දෙසන්නට සුදුසු එක් භික්‍ෂුවක් කැඳවා උන් වහන්සේගේ සමීපයෙහි බණ අසන්නෙමු. එයින් යමක් ගත හැකිවන්නේ නම් එය ගන්නෙමු. දානාදී පිං කරන්නෙමු. මෙසේ අපට මේ ක්‍ෂණ සම්පත ලැබීම (මිනිසත් බව ලැබීම) සඵල වන්නේය. ඒ සියලු ස්ත්‍රීහු රජු වෙත එළැඹ තමන් සිතූ කරුණ කීවාහුය. රජතුමා යහපතැ යි පිළිගත්තේය.

අථෙකදිවසං රාජා උය්‍යානකීළං කීළිතුකාමො උය්‍යානපාලං පක‍්කොසාපෙත්‍වා “උය්‍යානං සොධෙහී”ති ආහ. උය්‍යානපාලො උය්‍යානං සොධෙන‍්තො සත්‍ථාරං අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසින‍්නං දිස‍්වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “සුද‍්ධං, දෙව, උය්‍යානං, අපිචෙත්‍ථ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ භගවා නිසින‍්නො”ති ආහ. රාජා “සාධු, සම‍්ම, සත්‍ථු සන‍්තිකෙ ධම‍්මම‍්පි සොස‍්සාමා”ති අලඞ‍්කතරථං අභිරුහිත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකං අගමාසි.

ඉක්බිති, එක් දිනක් රජතුමා උයන් කෙළි කෙළිනු කැමැත්තේ, උයන්පල්ලා කැඳවා උයන ශුද්ධ කරන්නැ යි කීවේය. උයන්පල්ලා උයන ශුද්ධ කරන්නේ, බුදු රජුන් එක් ගසක් මුල වැඩ සිටිනු දැක රජු සමීපයට ගොස් දේවයන් වහන්ස, ශුද්ධ කළෙමි. උයනෙහි එක් ගසක් මුල බුදු රජහු වැඩ සිටිතැ යි කීවේය. රජතුමා, යහළුව, යහපති. බුදු රජුන් සමීපයෙහි ධර්මය ද අසන්නෙමු යි අලංකාර රථයකට නැඟී උයනට ගොස් බුදුන් වෙතට ගියේය.

තස‍්මිඤ‍්ච සමයෙ ඡත‍්තපාණි නාමෙකො අනාගාමී උපාසකො සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණමානො නිසින‍්නො හොති. රාජා තං දිස‍්වා ආසඞ‍්කමානො මුහුත‍්තං ඨත්‍වා පුන “සචායං පාපකො භවෙය්‍ය, න සත්‍ථු සන‍්තිකෙ නිසීදිත්‍වා ධම‍්මං සුණෙය්‍ය, අපාපකෙන ඉමිනා භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. උපාසකො බුද‍්ධගාරවෙන රඤ‍්ඤො පච‍්චුට‍්ඨානං වා වන්‍දනං වා න අකාසි, තෙනස‍්ස රාජා අනත‍්තමනො අහොසි. සත්‍ථා තස‍්ස අනත‍්තමනභාවං ඤත්‍වා උපාසකස‍්ස ගුණං කථෙසි “අයං, මහාරාජ, උපාසකො බහුස‍්සුතො ආගතාගමො කාමෙසු වීතරාගො”ති රාජා “න ඉමිනා ඔරකෙන භවිතබ‍්බං, යස‍්ස සත්‍ථා ගුණං වණ‍්ණෙතී”ති චින‍්තෙත්‍වා “උපාසක, වදෙය්‍යාසි යෙන තෙ අත්‍ථො”ති ආහ. උපාසකො “සාධූ”ති සම‍්පටිච‍්ඡි. රාජා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා සත්‍ථාරං පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

ඒ අවස්ථාවෙහි ඡත්තපාණී නම් එක් අනාගාමී උපාසකයෙක් බුදු රජුන් සමීපයෙහි බණ අසමින් හුන්නේ වෙයි. රජතුමා ඔහු දැක සැක කැරෙමින් මොහොතක් සිට නැවත ඉදින්, මේ තෙමේ පවිටෙක් වන්නේ නම් බුදු රජුන් සමීපයේ සිට බණ නො අසන්නේය. මොහු පවිටකු නො විය යුතුයැ යි සිතා බුදු රජුන් වෙත එළැඹ වැඳ එකත්පසෙක හුන්නේය. උපාසකයා බුදුන් කෙරෙහි ගෞරවයෙන් රජුට පෙර ගමන් කිරීමක් හෝ වැඳීමක් හෝ නො කළේය. ඒ නිසා ඔහු කෙරෙහි රජතුමා නො සතුටු විය. බුදු රජහු, ඔහු අමනාප වූ බව දැන උපාසකයාගේ ගුණ කීවේය. මහරජ, මේ උපාසක තෙම බොහෝ ඇසූපිරූ තැන් ඇති, ධර්මය උගත්, කාමයන්හි නො ඇලුණේ වෙයි. රජ, බුදු රජ යමකුගේ ගුණ කියයි ද, මොහු ලාමක කෙනකු නො විය යුතුයැ යි සිතා උපාසකය, ඔබට යම් කිසි අවශ්‍යතාවක් ඇත්නම් කියන්න. උපාසකයා යහපතැ යි පිළිගත්තේය. රජ, බුදුන් සමීපයෙහි බණ අසා ශාස්තෲන් වහන්සේ පැදකුණු කොට ගියේය.

සො එකදිවසං උපරිපාසාදෙ මහාවාතපානං විවරිත්‍වා ඨිතො තං උපාසකං භුත‍්තපාතරාසං ඡත‍්තමාදාය ජෙතවනං ගච‍්ඡන‍්තං දිස‍්වා පක‍්කොසාපෙත්‍වා එවමාහ “ත්‍වං කිර, උපාසක, බහුස‍්සුතො, අම‍්හාකඤ‍්ච ඉත්‍ථියො ධම‍්මං සොතුකාමා චෙව උග‍්ගහෙතුකාමා ච, සාධු වතස‍්ස සචෙ තාසං ධම‍්මං වාචෙය්‍යාසී”ති. “දෙව, ගිහීනං නාම රාජන‍්තෙපුරෙ ධම‍්මං දෙසෙතුං වා වාචෙතුං වා නප‍්පතිරූපං, අය්‍යානං එව පතිරූප”න‍්ති. රාජා “සච‍්චං එස වදතී”ති උය්‍යොජෙත්‍වා ඉත්‍ථියො පක‍්කොසාපෙත්‍වා “භද‍්දෙ, අහං තුම‍්හාකං ධම‍්මදෙසනත්‍ථාය ච ධම‍්මවාචනත්‍ථාය ච සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා එකං භික‍්ඛුං යාචාමි, අසීතියා මහාසාවකෙසු කතරං යාචාමී”ති ආහ. තා සබ‍්බාපි මන‍්තෙත්‍වා ධම‍්මභණ‍්ඩාගාරිකං ආනන්‍දත්‍ථෙරමෙව ආරොචෙසුං. රාජා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො එවමාහ “භන‍්තෙ, අම‍්හාකං ගෙහෙ ඉත්‍ථියො ආනන්‍දත්‍ථෙරස‍්ස සන‍්තිකෙ ධම‍්මං සොතුඤ‍්ච උග‍්ගණ‍්හිතුඤ‍්ච ඉච‍්ඡන‍්ති, සාධු වත සචෙ ථෙරො අම‍්හාකං ගෙහෙ ධම‍්මං දෙසෙය්‍ය චෙව වාචෙය්‍ය චා”ති. සත්‍ථා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා ථෙරං ආණාපෙසි. තතො පට‍්ඨාය රඤ‍්ඤො ඉත්‍ථියො ථෙරස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුණන‍්ති චෙව උග‍්ගණ‍්හන‍්ති ච.

රජ එක් දිනක් ප්‍රාසාදයෙහි මතු මහලෙහි මහා වා කවුළු විහාර කොට සිටියේ, ඒ උපාසකයා ගන්නා ලද උදේ ආහාර ඇත්තේ, කුඩය රැගෙන ජේතවනයට යනු දැක කැඳවා මෙසේ කීවේය. උපාසකය, නුඹ වනාහි උගතෙක් වෙයි. අපගේ ස්ත්‍රීහු බණ අසනු කැමැත්තෝ ද ඉගෙන ගනු කැමැත්තෝ ද වෙති. ඉදින්, ඔවුන්ට ධර්මය කියා දෙන්නේ නම් යහපතකි. දේවයන් වහන්ස, රජ ගෙදර අන්තඃපුරයෙහි බණ කීමට හෝ ඉගැන්වීමට ගිහියන්ට සුදුසු නො වේ. පැවිදි භික්‍ෂූහු ම සුදුස්සෝ වෙති. රජතුමා ඔහු කියන්නේ සතයයකැ යි ඔහු යවා ස්ත්‍රීන් කැඳවා සොඳුරියනි, මම තොපට බණ කීමට ද ඉගැන්වීමට ද බුදුන් වෙත ගොස් එක් භික්‍ෂුවක් ඉල්ලමි. අසූ මහා ශ්‍රාවකයන් අතුරෙන් කවරකු නම් ඉල්ලන්නදැ යි ඇසීය. ඒ ස්ත්‍රීහු සියලු දෙන සාකච්ඡා කොට ධම්ම භාණ්ඩාගාරික ආනන්‍ද තෙරුන් ම කැමති වූහ. රජ, බුදුන් වෙත ගොස් වැද එකත් පසෙක හුන්නේ, මෙසේ කීවේය. ස්වාමීනි, අපගේ ගෙදර ස්ත්‍රීහු ආනන්‍ද තෙරුන්ගේ සමීපයෙහි බණ අසන්නට ද ඉගෙන ගන්නට ද කැමැති වෙත්. ඉදින්, තෙරුන් අපගේ ගෙයි බණ කීම හා ඉගැන්වීම කරන්නේ නම් ඒකාන්තයෙන් යහපති. බුදුහු යහපතැ යි පිළිගෙන තෙරුන්ට අණ කළහ. එතැන් පටන් රජුගේ ස්ත්‍රීහු තෙරුන් සමීපයෙහි බණ අසත්. උගනිත්.

අථෙකදිවසං රඤ‍්ඤො චූළාමණි නට‍්ඨො. රාජා තස‍්ස නට‍්ඨභාවං සුත්‍වා අමච‍්චෙ ආණාපෙසි “සබ‍්බෙ අන‍්තොවළඤ‍්ජනකෙ මනුස‍්සෙ ගහෙත්‍වා චූළාමණිං ආහරාපෙථා”ති. අමච‍්චා මාතුගාමෙ ආදිං කත්‍වා චූළාමණිං පරිපුච‍්ඡන‍්තා අදිස‍්වා මහාජනං කිලමෙන‍්ති. තං දිවසං ආනන්‍දත්‍ථෙරො රාජනිවෙසනං පවිට‍්ඨො. යථා තා ඉත්‍ථියො පුබ‍්බෙ ථෙරං දිස‍්වාව හට‍්ඨතුට‍්ඨා ධම‍්මං සුණන‍්ති චෙව උග‍්ගණ‍්හන‍්ති ච, තථා අකත්‍වා සබ‍්බා දොමනස‍්සප‍්පත‍්තාව අහෙසුං. තතො ථෙරෙන “කස‍්මා තුම‍්හෙ අජ‍්ජ එවරූපා ජාතා”ති පුච‍්ඡිතා එවමාහංසු “භන‍්තෙ, රඤ‍්ඤො චූළාමණිං පරියෙසාමාති අමච‍්චා මාතුගාමෙ උපාදාය අන‍්තොවළඤ‍්ජනකෙ කිලමෙන‍්ති, න ජානාම කස‍්ස ‘කිං භවිස‍්සතී’ති, තෙනම‍්හ දොමනස‍්සප‍්පත‍්තා”ති. ථෙරො “මා චින‍්තයිත්‍ථා”ති තා සමස‍්සාසෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිත්‍වා “මණි කිර තෙ, මහාරාජ, නට‍්ඨො”ති පුච‍්ඡි. “ආම, භන‍්තෙ”ති. “අසක‍්ඛි පන තං ආහරාපෙතු”න‍්ති. “භන‍්තෙ, සබ‍්බං අන‍්තොජනං ගහෙත්‍වා කිලමෙන‍්තොපි න සක‍්කොමි ආහරාපෙතු”න‍්ති. “මහාරාජ, මහාජනං අකිලමෙත්‍වාව ආහරණූපායො අත්‍ථී”ති. “කතරො, භන‍්තෙ”ති? “පිණ‍්ඩදානං, මහාරාජා”ති. “කතරං පිණ‍්ඩදානං, භන‍්තෙ”ති? “මහාරාජ, යත‍්තකෙසු ආසඞ‍්කා අත්‍ථි, තෙ ගහෙත්‍වා එකෙකස‍්ස එකෙකං පලාලපිණ‍්ඩං වා මත‍්තිකාපිණ‍්ඩං වා දත්‍වා ‘ඉමං පච‍්චූසකාලෙ ආහරිත්‍වා අසුකට‍්ඨානෙ නාම පාතෙථා’ති වත‍්තබ‍්බං. යෙන ගහිතො භවිස‍්සති, සො තස‍්මිං පක‍්ඛිපිත්‍වා ආහරිස‍්සති. සචෙ පඨමදිවසෙයෙව පාතෙන‍්ති, ඉච‍්චෙතං කුසලං. නො චෙ පාතෙන‍්ති, දුතියදිවසෙපි තතියදිවසෙපි තථෙව කාතබ‍්බං. එවං මහාජනො ච න කිලමිස‍්සති, මණිඤ‍්ච ලභිස‍්සසී”ති එවං වත්‍වා ථෙරො අගමාසි.

එක් දවසක් රජුගේ සිළුමිණ නැති විය. රජු එය නැති වූ බව අසා ඇමැතියන්ට මෙසේ අණ කළේය. සියලු රජ මැදුරු ඇතුළත පරිහරණය කරන ජනයා ගෙන සිළුමිණ සොයවු. ඇමැතියෝ ගැහැනුන් ආදීකොට සිළුමිණ ගැන විචාරන්නාහු, නො දැක මහජනයාට හිංසා කළහ. එදවස අනඳ තෙරණුවෝ රජ නිවසට වැඩියහ. පෙර ඒ ස්ත්‍රිහු තෙරුන් දැක සතුටු සිතින් දහම් අසත්. උගනිත්. මෙදින එසේ නො කොට සියලු ස්ත්‍රීහු දොම්නසට පත්වූවෝ වූහ. ඉක්බිති, අනඳ තෙරුන් විසින් කුමක් නිසා අද තොපි මෙසේ වූවාහුදැ යි විචාරණ ලද්දාහු, මෙසේ කීහ. ස්වාමීනි, රජුගේ සිළුමිණ සොයන්නෙමු. ඇමැතියෝ මාගමුන් පටන් රජගේ ඇතුළත සිටිනවුන් වෙහෙසෙත්. මේ නිසා කවරකුට කුමක් වේදෝ යි අපි නො දනිමු. ඒ නිසා දොම්නසට පැමිණියාහු වෙමු. එවිට තෙරණුවෝ ඒ ගැන ශෝක නො කැරනු යි, ඔවුන් සනසා රජු වෙතට ගොස් පනවන ලද ආසනයෙහි වැඩ හිඳ මහරජ, ඔබගේ මැණික නටුවේදැ යි විචාළහ. එසේය. ස්වාමීනි, එය ගෙන්වා ගැනීමට නො හැකි වූයෙහි ද? ස්වාමීනි, සියලු ඇතුළත ජනයා තැති ගැන්වුව ද මැණික ගෙන්වා ගැනීමට නො හැකි වූයේය. මහරජ, මැණික ගෙන්වා ගැනීමේ උපායක් ඇත. ස්වාමීනි, ඒ කවර උපායක් ද? මැටි පිඬු දීමයි. ස්වාමීනි, කුමන පිඬු දීමක් ද? ඔවුන් ගණන්කොට එක එකාට පිදුරු පිඬක් හෝ මැටි පිඬක් දී මෙය ඉතා අලුයම් කාලෙහි ගෙනවුත් අසවල් තැන දැමිය යුතුයැ යි කිය යුතුයි. යමකු විසින් මැණික ගන්නා ලද්දේ වී නම් හෙතෙම ඒ පිඬ තුළ මැණික ඇතුළත් කොට ගෙන එන්නේය. ඉදින්, පළමු වැනි දවසේ ම එහි දමයි, නම් ඒ ඉතා මැනවි. එසේ නො දැමුවේ නම් දෙවැනි, තුන් වැනි දිනවල ද එසේ කළ යුතුයි. මෙසේ කළ කල්හි මහජනයාට පීඩා නො වන්නේය. මැණික ද ලබන්නේය. මෙසේ වදාරා තෙරණුවෝ වැඩියහ.

රාජා වුත‍්තනයෙනෙව තයො දිවසෙ දාපෙසි, නෙව මණිං ආහරිංසු. ථෙරො තතියදිවසෙ ආගන‍්ත්‍වා “කිං, මහාරාජ, පාතිතො මණී”ති පුච‍්ඡි. “න පාතෙන‍්ති, භන‍්තෙ”ති. “තෙන හි, මහාරාජ, මහාතලස‍්මිංයෙව පටිච‍්ඡන‍්නට‍්ඨානෙ මහාචාටිං ඨපාපෙත්‍වා උදකස‍්ස පූරාපෙත්‍වා සාණිං පරික‍්ඛිපාපෙත්‍වා ‘සබ‍්බෙ අන‍්තොවළඤ‍්ජනකමනුස‍්සා ච ඉත්‍ථියො ච උත‍්තරාසඞ‍්ගං කත්‍වා එකෙකොව අන‍්තොසාණිං පවිසිත්‍වා හත්‍ථං ධොවිත්‍වා ආගච‍්ඡන‍්තූ’ති වදෙහී”ති ථෙරො ඉමං උපායං ආචික‍්ඛිත්‍වා පක‍්කාමි. රාජා තථා කාරෙසි. මණිචොරො චින‍්තෙසි “ධම‍්මභණ‍්ඩාගාරිකො ඉමං අධිකරණං ආදාය මණිං අදස‍්සෙත්‍වා ඔසක‍්කිස‍්සතීති අට‍්ඨානමෙතං, පාතෙතුං දානි වට‍්ටතී”ති මණිං පටිච‍්ඡන‍්නං කත්‍වා ආදාය අන‍්තොසාණිං පවිසිත්‍වා චාටියං පාතෙත්‍වා නික‍්ඛමි. සබ‍්බෙසං නික‍්ඛන‍්තකාලෙ උදකං ඡඩ‍්ඩෙත්‍වා මණිං අද‍්දසංසු. රාජා “ථෙරං නිස‍්සාය මහාජනං අකිලමෙත්‍වාව මෙ මණි ලද‍්ධො”ති තුස‍්සි, අන‍්තොවළඤ‍්ජනකමනුස‍්සාපි “ථෙරං නිස‍්සාය මහාදුක‍්ඛතො මුත‍්තම‍්හා”ති තුස‍්සිංසු. “ථෙරස‍්සානුභාවෙන රඤ‍්ඤො චූළාමණි ලද‍්ධො”ති ථෙරස‍්සානුභාවො සකලනගරෙ චෙව භික‍්ඛුසඞ‍්ඝෙ ච පාකටො ජාතො.

රජතුමා කියන ලද ක්‍රමයෙන් ම තුන් දවසක් දෙවීය. එහෙත් මැණික නො ගෙනාවාහුය. තෙරණුවෝ තුන් වැනි දවසේ අවුත් මහරජ, මැණික හෙළන ලද්දේදැ යි විචාළහ. නැත, ස්වාමීනි. එසේ නම් මහරජ, උඩුමහල් තලයෙහි ආවරණ වූ තැනක මහා සැළියක් තබවා ජලය පුරවා තිරයකින් වටකොට සියලු ඇතුළත වෙසෙන මිනිස්සු ද ස්ත්‍රීහු ද උතුරු සළුවෙන් වසාගෙන හුදකලා ව තිරයෙන් ඇතුළතට පිවිස අත් සෝදා ගෙන එනුව යි කියව. තෙරණුවෝ මේ උපාය ප්‍රකාශ කොට වැඩියහ. රජතුමා ද එසේ කැරවීය. මැණික් සොරා මෙසේ සිතීය. ධම්ම භාණ්ඩාගාරික අනඳ තෙරණුවෝ මේ මැණික් අවුල තමා අතට ගෙන මැණික නො පෙන්නා පසු බසින්නේය යන මේ කාරණය සිදු නොවන්නකි. එම නිසා මැණික ජලයෙහි දමන්නට සුදුසුයැ යි සිතා මැණික සඟවාගෙන ගොස් සැළියෙහි හෙළා නික්මුණේය. සියල්ලෝම නික්ම ගිය කල්හි ජලය බැහැර කොට මැණික දැක්කාහ. රජතුමා තෙරහු නිසා මහජනයාට පීඩා නො කොට මේ මැණික ලබන ලද්දේයැ යි සතුටු විය. ඇතුළත වසන මිනිස්සු ද තෙරුන් නිසා මහ දුකකින් මිදුණේ වෙමු යි සතුටු වූහ. තෙරුන්ගේ ආනුභාවයෙන් රජුගේ සිළුමිණ ලබන ලද්දේයැ යි තෙරුන්ගේ ආනුභාවය මුළු නගරයෙහි ද භික්‍ෂූන් අතර ද ප්‍රකට විය.

ධම‍්මසභායං සන‍්නිසින‍්නා භික‍්ඛූ ථෙරස‍්ස ගුණං වණ‍්ණයිංසු “ආවුසො, ආනන්‍දත්‍ථෙරො අත‍්තනො බහුස‍්සුතතාය පණ‍්ඩිච‍්චෙන උපායකුසලතාය මහාජනං අකිලමෙත්‍වා උපායෙනෙව රඤ‍්ඤො මණිං දස‍්සෙසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානි ආනන්‍දෙනෙව පරහත්‍ථගතං භණ‍්ඩං දස‍්සිතං, පුබ‍්බෙපි පණ‍්ඩිතා මහාජනං අකිලමෙත්‍වා උපායෙනෙව තිරච‍්ඡානහත්‍ථගතං භණ‍්ඩං දස‍්සයිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

දම් සභාවෙහි වැඩහුන් භික්‍ෂූහු ඇවැත්නි, අනඳ තෙරණුවෝ බහුශ්‍රැත බැවින් ද නුවණ ඇති බැවින් ද උපායෙහි දක්‍ෂ බැවින් ද මහජනයාට පීඩා නො කොට උපායෙන් ම රජුට මැණික ලබා දුන්හ. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙ නම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි මහණෙනි, ආනන්‍ද අනුන් අතට ගියා වූ භාණ්ඩාය දැක්වූවාහු, දැන් පමණක් නො වෙයි. පෙර ද පණ්ඩිතයෝ මහජනයා නො පෙළා උපායෙන් තිරිසනුන් අතට පත්වූ භාණ්ඩය දැක්වූහැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත‍්තො තස‍්සෙව අමච‍්චො අහොසි. අථෙකදිවසං රාජා මහන‍්තෙන පරිවාරෙන උය්‍යානං ගන‍්ත්‍වා වනන‍්තරානි විචරිත්‍වා උදකකීළං කීළිතුකාමො මඞ‍්ගලපොක‍්ඛරණිං ඔතරිත්‍වා ඉත්‍ථාගාරම‍්පි පක‍්කොසි. ඉත්‍ථියො අත‍්තනො අත‍්තනො සීසූපගගීවූපගාදීනි ආභරණානි ඔමුඤ‍්චිත්‍වා උත‍්තරාසඞ‍්ගෙසු පක‍්ඛිපිත්‍වා සමුග‍්ගපිට‍්ඨෙසු ඨපෙත්‍වා දාසියො පටිච‍්ඡාපෙත්‍වා පොක‍්ඛරණිං ඔතරිංසු. අථෙකා උය්‍යානමක‍්කටී සාඛන‍්තරෙ නිසින‍්නා දෙවිං පිළන්‍ධනානි ඔමුඤ‍්චිත්‍වා උත‍්තරාසඞ‍්ගෙ පක‍්ඛිපිත්‍වා සමුග‍්ගපිට‍්ඨෙ ඨපයමානං දිස‍්වා තස‍්සා මුත‍්තාහාරං පිළන්‍ධිතුකාමා හුත්‍වා දාසියා පමාදං ඔලොකයමානා නිසීදි, දාසීපි තං රක‍්ඛමානා තහං තහං ඔලොකෙත්‍වා නිසින‍්නායෙව නිද‍්දායිතුං ආරභි. මක‍්කටී තස‍්සා පමාදභාවං ඤත්‍වා වාතවෙගෙන ඔතරිත්‍වා මහාමුත‍්තාහාරං ගීවාය පටිමුඤ‍්චිත්‍වා වාතවෙගෙන උප‍්පතිත්‍වා සාඛන‍්තරෙ නිසීදිත්‍වා අඤ‍්ඤාසං මක‍්කටීනං දස‍්සනභයෙන එකස‍්මිං රුක‍්ඛසුසිරට‍්ඨානෙ ඨපෙත්‍වා උපසන‍්තූපසන‍්තා විය තං රක‍්ඛමානා නිසීදි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු සියලු ශිල්පයන්හි නිමාවට පැමිණියාහු, ඔහුගේ ම ඇමැතියා වූහ. ඉක්බිති, එක් දිනක් රජතුමා මහත් පිරිවරින් උයනට ගොස් වනය අතරින් ඇවිද දිය කෙළි කෙළනු කැමැත්තේ, මඟුල් පොකුණට බැස අන්තඃපුරය ද කැඳවීය. ස්ත්‍රීහු තම තමන්ගේ හිස් පළඳනා හා ගෙල පළඳනාවන් (ආභරණ) ගළවා උතුරු සළුවල බහා මංජුසා පිට තබා දාසියන්ට පවරා දී පොකුණට බැස්සාහ. ඉක්බිති, ඒ උයනේ වැඳිරියක් අතු අතරෙහි හුන්නී, දේවිය ආභරණ ගළවා උතුරු සලුවෙහි දමා සුමුග මතුයෙහි තබනු දැක ඇගේ මුතුහර පැළඳ ගනු කැමැති වී දාසියගේ ප්‍රමාදයක් බලමින් හුන්නාය. දාසිය ද එය රකිමින් ඒ මේ අත බලමින් හිඳිද්දී ම නිදි කිරන්නට පටන් ගත්තාය. වැඳිරිය ඇගේ ප්‍රමාද බව දැන වාත වේගයෙන් (වහා) ගසෙන් බැස මහමුතුහර බෙල්ලෙහි පැළඳගෙන වහා ගසට නැඟ අතු අතරෙහි හිඳ අනිත් වැඳිරියන්ට පෙනේය යන බියෙන් එක්තරා ගස් බෙනයක තබා තැන්පත් වූවෙක් සේ එය රකිමින් හුන්නාය.

සාපි ඛො දාසී පටිබුජ‍්ඣිත්‍වා මුත‍්තාහාරං අපස‍්සන‍්තී කම‍්පමානා අඤ‍්ඤං උපායං අදිස‍්වා “පුරිසො දෙවියා මුත‍්තාහාරං ගහෙත්‍වා පලාතො”ති මහාවිරවං විරවි. ආරක‍්ඛමනුස‍්සා තතො තතො සන‍්නිපතිත්‍වා තස‍්සා වචනං සුත්‍වා රඤ‍්ඤො ආරොචයිංසු. රාජා “චොරං ගණ‍්හථා”ති ආහ. පුරිසා උය්‍යානා නික‍්ඛමිත්‍වා “චොරං ගණ‍්හථ, චොරං ගණ‍්හථා”ති ඉතො චිතො ච ඔලොකෙන‍්ති. අථෙකො ජානපදො බලිකාරකපුරිසො තං සද‍්දං සුත්‍වා කම‍්පමානො පලායි. තං දිස‍්වා රාජපුරිසා “අයං චොරො භවිස‍්සතී”ති අනුබන්‍ධිත්‍වා තං ගහෙත්‍වා පොථෙත්‍වා “අරෙ, දුට‍්ඨචොර, එවං මහාසාරං නාම පිළන්‍ධනං අවහරිස‍්සසී”ති පරිභාසිංසු. සො චින‍්තෙසි “සචාහං ‘න ගණ‍්හාමී’ති වක‍්ඛාමි, අජ‍්ජ මෙ ජීවිතං නත්‍ථි, පොථෙන‍්තායෙව මං මාරෙස‍්සන‍්ති, සම‍්පටිච‍්ඡාමි න”න‍්ති. සො “ආම, සාමි, ගහිතං මෙ”ති ආහ. අථ නං බන්‍ධිත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ආනයිංසු. රාජාපි නං පුච‍්ඡි “ගහිතං තෙ මහාසාරපිළන්‍ධන”න‍්ති? “ආම, දෙවා”ති . “ඉදානි තං කහ”න‍්ති. “දෙව, මයා මහාසාරං නාම මඤ‍්චපීඨම‍්පි න දිට‍්ඨපුබ‍්බං, සෙට‍්ඨි පන මං මහාසාරපිළන්‍ධනං ගණ‍්හාපෙසි, සොහං තං ගහෙත්‍වාව තස‍්ස අදාසිං, සො නං ජානාතී”ති.

ඒ දාසිය වනාහි පිබිදී මුතුහර නො දකින්නී, වෙවුලමින් වෙනත් උපායක් නො දැක පුරුෂයකු දේවියගේ මුතුහර ගෙන පලා ගියේයැ යි මහත් සේ ශබ්ද කළාය. ආරක්‍ෂක මිනිස්සු ඒ ඒ තැනින් රැස්වී ඇගේ වචන අසා රජුට සැලකළාහුය. රජ සොරා ගනිවු යි කීවේය. මිනිස්සු උයනෙන් නික්මී සොරා ගනිවු, ගනිවුයැ යි ඒ මේ අතර සොයා බලත්. ඉක්බිති, එක් ජනපද වැසි බදු එකතු කරන මිනිසෙක් ඒ ශබ්දය අසා වෙවුලමින් පලා ගියේය. ඒ දැක රාජ පුරුෂයෝ මේ තෙමේ සොරකු වන්නේයැ යි ලුහුබැඳ ඔහු ගෙන තලා එම්බල දුෂ්ට සොර, මෙසේ මහාසාර නම් පළඳනාව පැහැර ගෙන යන්නේයැයි පරිභව කළාහුය. හෙතෙම මෙසේ සිතීය. ඉදින්, මම නො ගත්තෙමි යි කීවොත් මගේ ජීවිතය නැත. තලා පොඩි කිරීමෙන් ම මා මරන්නේය. එය පිළිගනිමි යි, හෙතෙම එසේය. ස්වාමීනි. මා විසින් ගන්නා ලදැ යි කීවේය. ඉක්බිති, ඔහු බැඳ රජු සමීපයට පැමිණවූහ. රජතුමා ද ඔහු විචාළේය. නුඹ විසින් මහාසාර පළඳනාව ගන්නා ලද්දේ ද? එසේය, දේවයන් වහන්ස, දැන් එය කොහි ද? දේවයන් වහන්ස, මා විසින් මහාසාර නම් ඇඳ, පුටුවක්ද පෙර නුදුටු විරූය. සිටුතුමා මා ලවා මහාසාර පළඳනාව අරගත්තේය. ඒ මම ගෙන ඔහුට දුන්නෙමි. හෙතෙම එය දනියි.

රාජා සෙට‍්ඨිං පක‍්කොසාපෙත්‍වා “ගහිතං තෙ ඉමස‍්ස හත්‍ථතො මහාසාරපිළන්‍ධන”න‍්ති පුච‍්ඡි. “ආම, දෙවා”ති. “කහං ත”න‍්ති. “පුරොහිතස‍්ස මෙ දින‍්න”න‍්ති. පුරොහිතම‍්පි පක‍්කොසාපෙත්‍වා තථෙව පුච‍්ඡි, සොපි සම‍්පටිච‍්ඡිත්‍වා “ගන්‍ධබ‍්බස‍්ස මෙ දින‍්න”න‍්ති ආහ. තම‍්පි පක‍්කොසාපෙත්‍වා “පුරොහිතස‍්ස හත්‍ථතො තෙ මහාසාරපිළන්‍ධනං ගහිත”න‍්ති පුච‍්ඡි. “ආම, දෙවා”ති. “කහං ත”න‍්ති. “කිලෙසවසෙන මෙ වණ‍්ණදාසියා දින‍්න”න‍්ති. තම‍්පි පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි, සා “න ගණ‍්හාමී”ති ආහ. තෙ පඤ‍්ච ජනෙ පුච‍්ඡන‍්තානඤ‍්ඤෙව සූරියො අත්‍ථං ගතො. රාජා “ඉදානි විකාලො ජාතො, ස‍්වෙ ජානිස‍්සාමා”ති තෙ පඤ‍්ච ජනෙ අමච‍්චානං දත්‍වා නගරං පාවිසි.

රජතුමා, සිටුතුමා කැඳවා මොහු අතින් මහාසාර පළඳනාව ගන්නා ලදදැ යි විචාළේය. එසේය, දේවයන් වහන්ස. දැන් එය කොහි ද? පුරෝහිතයාට දෙන ලද්දේය. පුරෝහිතයා ද කැඳවා එසේ ම විචාළේය. ඔහු ද පිළිගෙන මා විසින් එය ගාන්ධර්වයාට දෙන ලද්දේ යි කීය. ඔහු ද කැඳවා පුරෝහිතයාගේ අතින් නුඹ මහාසාර පළඳනාව ගත්තා ලදදැ යි විචාළේය. එසේය, දේවයන් වහන්ස. දැන් එය කොහි ද? ආසාවට වෙසඟනට දෙන ලදි. ඇය ද කැඳවා විචාළේය. ඈ නො ගත්තෙමි යි කීවාය. ඒ පස් දෙනා විමසද්දී ම හිරු අවරට ගියේය. රජතුමා දැන් අවේලාව පැමිණියේය. හෙට දැනගන්නෙමු යි ඒ පස් දෙනා ඇමැතියන්ට පවරා නගරයට පිවිසියේය.

බොධිසත‍්තො චින‍්තෙසි – “ඉදං පිළන්‍ධනං අන‍්තොවළඤ‍්ජෙ නට‍්ඨං, අයඤ‍්ච ගහපතිකො බහිවළඤ‍්ජො, ද‍්වාරෙපි බලවාරක‍්ඛො, තස‍්මා අන‍්තොවළඤ‍්ජනකානම‍්පි තං ගහෙත්‍වා පලායිතුං න සක‍්කා. එවං නෙව බහිවළඤ‍්ජනකානං, න අන‍්තො, උය්‍යානෙ වළඤ‍්ජනකානං ගහණූපායො දිස‍්සති. ඉමිනා දුග‍්ගතමනුස‍්සෙන ‘සෙට‍්ඨිස‍්ස මෙ දින‍්න’න‍්ති කථෙන‍්තෙන අත‍්තනො මොක‍්ඛත්‍ථාය කථිතං භවිස‍්සති, සෙට‍්ඨිනාපි ‘පුරොහිතස‍්ස මෙ දින‍්න’න‍්ති කථෙන‍්තෙන ‘එකතො හුත්‍වා නිත්‍ථරිස‍්සාමී’ති චින‍්තෙත්‍වා කථිතං භවිස‍්සති, පුරොහිතෙනාපි ‘ගන්‍ධබ‍්බස‍්ස මෙ දින‍්න’න‍්ති කථෙන‍්තෙන ‘බන්‍ධනාගාරෙ ගන්‍ධබ‍්බං නිස‍්සාය සුඛෙන වසිස‍්සාමා’ති චින‍්තෙත්‍වා කථිතං භවිස‍්සති, ගන්‍ධබ‍්බෙනාපි ‘වණ‍්ණදාසියා මෙ දින‍්න’න‍්ති කථෙන‍්තෙන ‘එකන‍්තෙන අනුක‍්කණ‍්ඨිතා භවිස‍්සාමා’ති චින‍්තෙත්‍වා කථිතං භවිස‍්සති, ඉමෙහි පඤ‍්චහිපි චොරෙහි න භවිතබ‍්බං, උය්‍යානෙ මක‍්කටා බහූ, පිළන්‍ධනෙන එකිස‍්සා මක‍්කටියා හත්‍ථෙ ආරුළ‍්හෙන භවිතබ‍්බ”න‍්ති. සො රාජානං උපසඞ‍්කමිත්‍වා “මහාරාජ, චොරෙ අම‍්හාකං නිය්‍යාදෙථ, මයං තං කිච‍්චං සොධෙස‍්සාමා”ති ආහ. රාජා “සාධු, පණ‍්ඩිත, සොධෙහී”ති තස‍්ස නිය්‍යාදෙසි.

බෝසත්හු මෙසේ සිතූහ. මේ පළඳනාව ඇතුළත පිරිවර ජනයාගෙන් නටුවේ විය. මේ ගෘහපති තෙම පිටත කෙනෙකි. දොරටුවෙහි ද ආරක්‍ෂාව දැඩිය. ඒ නිසා ඇතුළත පිරිවර ජනයාට එය ගෙන පලා යන්නට නො හැකිය. පිටත හැසිරෙන ජනයාට ඇතුළට පැමිණීමට නො හැකිය. උයනෙහි හැසිරෙන උන්ට ගතහැකි උපායක් පෙනෙයි. මේ දුගී මිනිසා විසින් මවිසින් සිටුවරයාට දෙන ලදැ යි කියන ලද්දේ තමාට වරදින් මිදීම සඳහා විය යුතුය. සිටුවරයා විසින් ද මවිසින් පුරෝහිතයාට දෙන ලදැ යි කියන ලද්දේ දෙදෙනා එකතු වී වරදින් එතැර වන්නෙමි යි සිතා විය යුතුය. පුරෝහිතයා විසින් ද මවිසින් ගඳබයාට දෙන ලදැ යි කියන ලද්දේ සිර ගෙදර දී ගඳබයා ඇසුරු කොට සුව සේ වෙමි යි සිතා විය යුතුයි. ගඳබයා විසින් ම විසින් වෙසඟනට දෙන ලදැ යි කියන ලද්දේ උකටලී නො වී වෙසෙමි යි සිතා විය යුතුය. එම නිසා මේ පස් දෙනා ම සොරුන් නො විය යුතුයි. උයනෙහි වඳුරෝ බොහෝය. එක් වැඳිරියකගේ අතෙහි මේ පළඳනාව රැඳුණා විය යුතුය. බෝසත්හු රජු වෙත එළැඹ මහරජ, සොරුන් අපට පාවා දෙනු මැනවි. අපි එම කාර්යය විසඳන්නෙමු යි කීහ. රජතුමා පණ්ඩිතයිනි, මැනවි. විසඳව යි සොරුන් ඔහුට පාවා දුන්නේය.

බොධිසත‍්තො අත‍්තනො දාසපුරිසෙ පක‍්කොසාපෙත්‍වා තෙ පඤ‍්ච ජනෙ එකස‍්මිංයෙව ඨානෙ වසාපෙත්‍වා සමන‍්තා ආරක‍්ඛං කත්‍වා කණ‍්ණං දත්‍වා “යං තෙ අඤ‍්ඤමඤ‍්ඤං කථෙන‍්ති, තං මය‍්හං ආරොචෙථා”ති වත්‍වා පක‍්කාමි. තෙ තථා අකංසු. තතො මනුස‍්සානං සන‍්නිසින‍්නවෙලාය සෙට‍්ඨි තං ගහපතිකං ආහ – “අරෙ, දුට‍්ඨගහපති, තයා අහං, මයා වා ත්‍වං කහං දිට‍්ඨපුබ‍්බො, කදා තෙ මය‍්හං පිළන්‍ධනං දින‍්න”න‍්ති ආහ. සො “සාමි මහාසෙට‍්ඨි, අහං මහාසාරං නාම රුක‍්ඛසාරපාදකං මඤ‍්චපීඨම‍්පි න ජානාමි, ‘තං නිස‍්සාය පන මොක‍්ඛං ලභිස‍්සාමී’ති එවං අවචං, මා මෙ කුජ‍්ඣ, සාමී”ති ආහ. පුරොහිතොපි සෙට‍්ඨිං ආහ “මහාසෙට‍්ඨි, ත්‍වං ඉමිනා අත‍්තනො අදින‍්නකමෙව මය‍්හං කථං අදාසී”ති? “මයම‍්පි ද‍්වෙ ඉස‍්සරා, අම‍්හාකං එකතො හුත්‍වා ඨිතකාලෙ කම‍්මං ඛිප‍්පං නිප‍්ඵජ‍්ජිස‍්සතී”ති කථෙසින‍්ති. ගන්‍ධබ‍්බොපි පුරොහිතං ආහ “බ්‍රාහ‍්මණ, කදා තයා මය‍්හං පිළන්‍ධනං දින‍්න”න‍්ති? “අහං තං නිස‍්සාය වසනට‍්ඨානෙ සුඛං වසිස‍්සාමී”ති කථෙසින‍්ති. වණ‍්ණදාසීපි ගන්‍ධබ‍්බං ආහ “අරෙ දුට‍්ඨගන්‍ධබ‍්බ, අහං කදා තව සන‍්තිකං ගතපුබ‍්බා, ත්‍වං වා මම සන‍්තිකං ආගතපුබ‍්බො, කදා තෙ මය‍්හං පිළන්‍ධනං දින‍්න”න‍්ති? භගිනි කිංකාරණා කුජ‍්ඣසි, “අම‍්හෙසු පඤ‍්චසු එකතො වසන‍්තෙසු ඝරාවාසො භවිස‍්සති, අනුක‍්කණ‍්ඨමානා සුඛං වසිස‍්සාමා”ති කථෙසින‍්ති. බොධිසත‍්තො පයොජිතමනුස‍්සානං සන‍්තිකා තං කථං සුත්‍වා තෙසං තථතො අචොරභාවං ඤත්‍වා “මක‍්කටියා ගහිතපිළන්‍ධනං උපායෙනෙව පාතෙස‍්සාමී”ති ගෙණ‍්ඩුමයානි බහූනි පිළන්‍ධනානි කාරෙත්‍වා උය්‍යානෙ මක‍්කටියො ගාහාපෙත්‍වා හත්‍ථපාදගීවාසු ගෙණ‍්ඩුපිළන්‍ධනානි පිළන්‍ධාපෙත්‍වා විස‍්සජ‍්ජෙසි. ඉතරා මක‍්කටී පිළන්‍ධනං රක‍්ඛමානා උය්‍යානෙ එව නිසීදි.

බෝසත්හු තමාගේ අතවැසි පුරුෂයන් කැඳවා ඒ මිනිසුන් පස් දෙනා එක ම ස්ථානයක රඳවා, අවට ආරක්‍ෂාව යොදා කන්යොමා සිට ඔවුනොවුන් කථා කරන දෙය මට කියව යි දාසයින්ට කියා ගියහ. ඔවුහු ද එසේ ම කළහ. ඉක්බිති, මිනිසුන් එකට හිඳින වේලාවෙහි සිටු තෙම ඒ ගෘහපතියා ගෙන් මෙසේ ඇසීය. එම්බල දුෂ්ට ගෘහපතිය, තා විසින් මා හෝ මා විසින් තා හෝ කොතනක දී හෝ පෙර දුටු විරූ ද? පළඳනාව මට කවදා දෙන ලද්දේ ද? හිමියනි, මහසිටුතුමනි, මම මහාසාර පළඳනාව තබා රුක් හරයෙන් කළ පා ඇති ඇද පුටුවක්වත් නො දනිමි. ඔබ නිසා මේ වරදින් මිදීම ලබමි යි, එසේ කීමි. ස්වාමීනි, මට නො කිපෙනු මැනවි. පුරෝහිතයා ද සිටුවරයාට මෙසේ කීය. මහසිටුවරය, මොහු විසින් තමාට නො දෙන ලද පළඳනාව කෙසේ නම් මට දුන්නේ ද? එවිට සිටුවරයා අපි දෙදෙනා ම අධිපතියෝ වෙමු. අප එකතුව සිටි කල්හි මේ කාර්යය වහා විසඳන්නේයැ යි, එසේ කීමි. ගඳබයා ද පුරෝහිතයාට මෙසේ කීය. බමුණ, ඔබ විසින් ඒ පළඳනාව මට කවදා දෙනු ලැබී ද? මම ඒ නිසා ඔබ වසන තැන සුවසේ වෙසෙමි යි, එසේ කීමි. වෙසඟන ද ගන්‍ධබ්බයාට මෙසේ කීවාය. එම්බල පවිටු ගඳබය, මම කවදා තා ළඟට ගියෙමි ද? තෝ හෝ මා වෙත කවදා ආවේ ද? කවදා මට ඒ පළඳනාව දෙන ලද්දේ ද? නැගනියනි, කුමකට කිපෙන්නෙහි ද? අප පස් දෙනා එකතුව වසන කල්හි ගෘහ වාසයක් හා සමාන වන්නේය. උකටලී නො වී අපි පස් දෙනා සුවසේ වෙසෙමු යි, එසේ කීවෙමි. බෝසත්හු තමා විසින් යොදන ලද ඒ මිනිසුන්ගෙන් මේ කථාව අසා ඒ පස් දෙනා ඇත්ත වශයෙන් ම සොරුන් නො වන බව දැන වැඳිරිය විසින් ගන්නා ලද ඒ පළඳනාව උපායෙන් හෙළන්නෙමි යි ඇටවලින් තැනූ බොහෝ පළඳනාවන් කැරවා උයනෙහි වැඳිරියන් අල්ලා අත් පා ගෙල ආදියෙහි ඇටමාල පළඳවා අතහැරියේය. අනෙක් වැඳිරිය රන් පළඳනාව රකිමින් උයනෙහි ම සිටියාය.

බොධිසත‍්තො මනුස‍්සෙ ආණාපෙසි “ගච‍්ඡථ තුම‍්හෙ, උය්‍යානෙ සබ‍්බා මක‍්කටියො උපධාරෙථ, යස‍්සා තං පිළන්‍ධනං පස‍්සථ, තං උත‍්තාසෙත්‍වා පිළන්‍ධනං ගණ‍්හථා”ති. තාපි ඛො මක‍්කටියො “පිළන්‍ධනං නො ලද‍්ධ”න‍්ති තුට‍්ඨපහට‍්ඨා උය්‍යානෙ විචරන‍්තියො තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා “පස‍්ස අම‍්හාකං පිළන්‍ධන”න‍්ති ආහංසු. සා මක‍්කටී අසහමානා “කිං ඉමිනා ගෙණ‍්ඩුපිළන්‍ධනෙනා”ති මුත‍්තාහාරං පිළන්‍ධිත්‍වා නික‍්ඛමි. අථ නං තෙ පුරිසා දිස‍්වා පිළන්‍ධනං ඡඩ‍්ඩාපෙත්‍වා ආහරිත්‍වා බොධිසත‍්තස‍්ස අදංසු. සො තං ආදාය රඤ‍්ඤො දස‍්සෙත්‍වා “ඉදං තෙ දෙව පිළන්‍ධනං, තෙ පඤ‍්චපි අචොරා, ඉදං පන උය්‍යානෙ මක‍්කටියා ආභත”න‍්ති ආහ. “කථං පන තෙ, පණ‍්ඩිත, මක‍්කටියා හත්‍ථං ආරුළ‍්හභාවො ඤාතො, කථං තෙ ගහිත”න‍්ති? සො සබ‍්බං ආචික‍්ඛි. රාජා තුට‍්ඨමානසො “සඞ‍්ගාමසීසාදීසු නාම සූරාදයො ඉච‍්ඡිතබ‍්බා හොන‍්තී”ති බොධිසත‍්තස‍්ස ථුතිං කරොන‍්තො ඉමං ගාථමාහ –

බෝසත්හු මිනිසුන්ට අණ කළහ. තෙපි යව්. උයනෙහි සියලු වැඳිරියන් පරීක්‍ෂා කරවු. යම් වැඳිරියක ළඟ ඒ පළඳනාව දකිවු ද, ඇය බසවා පළඳනාව ගතිවු. ඒ වැඳිරියෝ ද අපි පළඳනාවක් ලබත්යැ යි තුටු පහටු ව උයනෙහි හැසිරෙන්නාහු, ඇගේ සමීපයට ගොස් බලමු. අපගේ පළඳනාවයැ යි කීහ. ඈ ඊර්ෂ්‍යාවෙන් (ගුණමකු ව) නො ඉවසන්නී, මේ ඇට පළඳනාවෙන් ඇති ඵලය කුමක්දැ යි මුතුහර පැළඳ නික්මුණාය. ඉක්බිති, ඒ මිනිස්සු ඇගේ පළඳනාව දැක ගෙනවුත් බෝසතුන්ට දුන්නාහුය. හෙතෙම එය රැගෙන රජුට පෙන්වා දේවයන් වහන්ස, මේ ඒ පළඳනාවයි. ඒ පස් දෙනා ම සොරු නො වෙති. මේ උයනෙහි වැඳිරිය විසින් ගෙන එන ලදැ යි කීවේය. පඬිතුමනි, ඒ පළඳනාව වැඳිරියගේ අතට පැමිණියේ කෙසේ ද? ඔබ එය දැනගත්තේ කෙසේ ද? හෙතෙම සියල්ල ප්‍රකාශ කළේය. රජතුමා සතුටු සිත් ඇත්තේ, ශූරපාදීන් අපේක්‍ෂා කළ යුත්තේ යුද බිමේ දීය. බෝසතුන්ට ස්තුති කරන්නේ, මේ ගාථාව කීවේය.

“උක‍්කට‍්ඨෙ සූරමිච‍්ඡන‍්ති, මන‍්තීසු අකුතූහලං; පියඤ‍්ච අන‍්නපානම‍්හි, අත්‍ථෙ ජාතෙ ච පණ‍්ඩිත”න‍්ති.

“උක්කට්ඨෙ සුරමිච්ඡන්ති මන්තීසු අකුතූහලං, පියඤ්ච අන්නපාණම්හි අත්‍ථෙ ජාතෙ ච පණ්ඩිතන්ති”

“එළැඹ සිටි යුද්ධයෙහි හෙවත් යුද්ධයක් පැමිණි කල්හි ශූරයා ද (නිර්භය පුරුෂයා ද) මන්ත්‍රණය කරන කල්හි (රහස් හෙළි නො කරන හෙයින්) අකුතූහල පුරුෂයා ද මධුරාහාරාදීන් එළැවූ කල්හි (එක්ව පළඳනා) ප්‍රියයා ද (ප්‍රශ්න විසර්ජනා දී) අර්ථයක් උපන් කල්හි පණ්ඩිතයා ද කැමැති වෙති. පැතිය යුත්තෝය.”

තත්‍ථ උක‍්කට‍්ඨෙති උපකට‍්ඨෙ, උභතොබ්‍යූළ‍්හෙ සඞ‍්ගාමෙ සම‍්පහාරෙ වත‍්තමානෙති අත්‍ථො. සූරමිච‍්ඡන‍්තීති අසනියාපි මත්‍ථකෙ පතමානාය අපලායිනං සූරං ඉච‍්ඡන‍්ති, තස‍්මිං ඛණෙ එවරූපො සඞ‍්ගාමයොධො පත්‍ථෙතබ‍්බො හොති. මන‍්තීසු අකුතූහලන‍්ති කත‍්තබ‍්බාකත‍්තබ‍්බකිච‍්චං සම‍්මන‍්තනකාලෙ උප‍්පන‍්නෙ මන‍්තීසු යො අකුතූහලො අවිකිණ‍්ණවාචො මන‍්තං න භින්‍දති, තං ඉච‍්ඡන‍්ති, තාදිසො තෙසු ඨානෙසු පත්‍ථෙතබ‍්බො හොති. පියඤ‍්ච අන‍්නපානම‍්හීති මධුරෙ අන‍්නපානෙ පච‍්චුපට‍්ඨිතෙ සහපරිභුඤ‍්ජනත්‍ථාය පියපුග‍්ගලං පත්‍ථෙන‍්ති, තාදිසො තස‍්මිං කාලෙ පත්‍ථෙතබ‍්බො හොති. අත්‍ථෙ ජාතෙ ච පණ‍්ඩිතන‍්ති අත්‍ථගම‍්භීරෙ ධම‍්මගම‍්භීරෙ කිස‍්මිඤ‍්චිදෙව කාරණෙ වා පඤ‍්හෙ වා උප‍්පන‍්නෙ පණ‍්ඩිතං විචක‍්ඛණං ඉච‍්ඡන‍්ති. තථාරූපො හි තස‍්මිං සමයෙ පත්‍ථෙතබ‍්බො හොතීති.

එහි, “උක්කට්ඨෙති”, ළඟට පැමිණි දෙපසින් වැඩී ගිය යුද්ධයක් පවත්නා කල්හි යන අර්ථයි. “සුරමිච්ඡන්ති”, හිස පිට හෙණ වැටෙන කල්හිදු පලා නො යන්නා ශූරයැ යි කියනු ලැබේ. ඒ අවස්ථාවෙහි මෙබඳු යුද්ධ දක්‍ෂයකු බලාපොරොත්තු විය යුතුයි. “මන්තීසු අකුතූහලන්ති”, කටයුතු, නො කටයුතු පිළිබඳ සාකච්ඡා පැමිණි කල්හි මන්ත්‍රීන් අතුරෙන් යමකු සත්‍යය වචන ඇත්තේ ද සාකච්ඡාව නො බිඳී ද එබඳු පුද්ගලයා කැමැති වේ. ඔහු ඒ ඒ තන්හි පැතිය යුතු වෙයි. “පියඤ්ච අන්නපාණම්හි”, මිහිරි ආහාරපාන ඇති කල්හි තමා හා එකට අනුභවය සඳහා ප්‍රිය වූ පුද්ගලයකු පතත්. එබඳු වූ පුද්ගලයා ඒ මොහොතේ පැතිය යුතු වෙයි. “අත්‍ථෙ ජාතෙ ච පණ්ඩිතන්ති”, අර්ථ වශයෙන් ගැඹුරු වූ ද ධර්ම වශයෙන් ගැඹුරු වූ ද කරුණු හෝ එවැනි ප්‍රශ්නයක් හෝ උපන් කල්හි නැණවත්හු බුද්ධිමත් වූවකු කැමති වෙත්. එබඳු වූ පුද්ගලයා ඒ ඒ අවස්ථාවෙහි කැමැති විය යුත්තේ වෙයි.

එවං රාජා බොධිසත‍්තං වණ‍්ණෙත්‍වා ථොමෙත්‍වා ඝනවස‍්සං වස‍්සෙන‍්තො මහාමෙඝො විය සත‍්තාහි රතනෙහි පූජෙත්‍වා තස‍්සොවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො, බොධිසත‍්තොපි යථාකම‍්මං ගතො.

මෙසේ රජතුමා බෝසතුන් වර්ණනා කොට ස්තූති කොට මහා වැස්සක් වස්සන මහා මේඝයක් මෙන් සත් රුවනින් පුදා ඔහුගේ අවවාදයේ පිහිටා දානාදී පිංකොට කම් වූ පරිදි මිය ගියේය. බෝසත්හු ද කම් වූ පරිදි මිය ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ථෙරස‍්ස ගුණං කථෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා තෙරුන්ගේ ගුණ කියා ජාතකය නිම කළහ. එකල රජ ආනන්‍ද තෙරුන් විය. නුවණැති ඇමැතියා වනාහි මම ම වෙමි.

මහාසාරජාතකවණ‍්ණනා දුතියා.