යෙදුමෙන් කියවන්න

1. ලිත‍්තජාතකවණ‍්ණනා 91 අට‍්ඨකථා

1. ලිත‍්තජාතකවණ‍්ණනා (91)

1. ලිත්ත ජාතකය (91)

ලිත‍්තං පරමෙන තෙජසාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අපච‍්චවෙක‍්ඛිතපරිභොගං ආරබ‍්භ කථෙසි. තස‍්මිං කිර කාලෙ භික‍්ඛූ චීවරාදීනි ලභිත්‍වා යෙභුය්‍යෙන අපච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජන‍්ති. තෙ චත‍්තාරො පච‍්චයෙ අපච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජමානා යෙභුය්‍යෙන නිරයතිරච‍්ඡානයොනිතො න මුච‍්චන‍්ති. සත්‍ථා තං කාරණං ඤත්‍වා භික‍්ඛූනං අනෙකපරියායෙන ධම‍්මිං කථං කථෙත්‍වා අපච‍්චවෙක‍්ඛිතපරිභොගෙ ආදීනවං දස‍්සෙත්‍වා “භික‍්ඛවෙ, භික‍්ඛුනා නාම චත‍්තාරො පච‍්චයෙ ලභිත්‍වා අපච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජිතුං න වට‍්ටති, තස‍්මා ඉතො පට‍්ඨාය චත‍්තාරො පච‍්චයෙ පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජෙය්‍යාථා”ති පච‍්චවෙක‍්ඛනවිධිං දස‍්සෙන‍්තො “ඉධ පන, භික‍්ඛවෙ, භික‍්ඛු පටිසඞ‍්ඛා යොනිසො චීවරං පටිසෙවති සීතස‍්ස පටිඝාතායා”තිආදිනා (ම· නි· 1.23; අ· නි· 6.58) නයෙන තන‍්තිං ඨපෙත්‍වා “භික‍්ඛවෙ, චත‍්තාරො පච‍්චයෙ එවං පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති, අපච‍්චවෙක‍්ඛිත්‍වා පරිභොගො නාම හලාහලවිසපරිභොගසදිසො. පොරාණකා හි අපච‍්චවෙක‍්ඛිත්‍වා දොසං අජානිත්‍වා විසං පරිභුඤ‍්ජිත්‍වා විපාකන‍්තෙ මහාදුක‍්ඛං අනුභවිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

“ලිත්තං පරමෙන තෙජසාති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ප්‍රත්‍යවේක්‍ෂා නො කොට කළ පරිභෝගයක් අරබයා වදාළහ. එකල්හි වනාහි භික්‍ෂූහු සිවුරු ආදිය ලැබ බොහෝ සෙයින් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝග කරත්. ඒ සිව්පසයෙහි ප්‍රත්‍යවේක්‍ෂා නොකොට පරිභෝග කරනු ලබන්නාහු, බොහෝ සෙයින් නිරය, තිරිසන් යෝනියෙන් නො මිදෙත්. බුදුහු ඒ කාරණය දැන භික්‍ෂූන්ට නොයෙක් ආකාරයෙන් ධර්ම කථා කියා ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝග කිරීමෙහි ආදීනව දක්වා, මහණෙනි, භික්‍ෂූන් විසින් සිව්පසය ලැබ ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝග කරන්නට නො වටියි. ඒ නිසා මෙතැන් පටන් ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝජනය කළ යුතුයැ යි ප්‍රත්‍යවේක්‍ෂා විදි දක්වන්නේ, මහණෙනි, මෙහි භික්‍ෂුව නුවනින් මෙනෙහි කොට සිවුරු පරිභෝග කරන්නේ ශීත නැසීම සඳහායි, ආදී නයින් පරියාප්තිය තබා මහණෙනි, සිව්පසෙහි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝග කරන්නට වටියි. ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝගය නම් හලාහල විෂ පරිභෝග කිරීමට සමාන වේ. පැරැන්නෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට එහි දොස් නො දැන විෂ පරිභෝග කොට විපාක දෙන කල්හි මහ දුක් අනුභව කළාහුයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අඤ‍්ඤතරස‍්මිං මහාභොගකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො අක‍්ඛධුත‍්තො අහොසි. අථාපරො කූටක‍්ඛධුත‍්තො බොධිසත‍්තෙන සද‍්ධිං කීළන‍්තො අත‍්තනො ජයෙ වත‍්තමානෙ කෙළිමණ‍්ඩලං න භින්‍දති, පරාජයකාලෙ පන අක‍්ඛං මුඛෙ පක‍්ඛිපිත්‍වා “අක‍්ඛො නට‍්ඨො”ති කෙළිමණ‍්ඩලං භින්‍දිත්‍වා පක‍්කමති. බොධිසත‍්තො තස‍්ස තං කාරණං ඤත්‍වා “හොතු, ජානිස‍්සාමෙත්‍ථ පතිරූපකාරණ”න‍්ති අක‍්ඛෙ ආදාය අත‍්තනො ඝරෙ හලාහලවිසෙන රඤ‍්ජිත්‍වා පුනප‍්පුනං සුක‍්ඛාපෙත්‍වා තෙ ආදාය තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “එහි, සම‍්ම, අක‍්ඛෙහි කීළාමා”ති ආහ. සො “සාධු, සම‍්මා”ති කෙළිමණ‍්ඩලං සජ‍්ජෙත්‍වා තෙන සද‍්ධිං කීළන‍්තො අත‍්තනො පරාජයකාලෙ එකං අක‍්ඛං මුඛෙ පක‍්ඛිපි. අථ නං බොධිසත‍්තො තථා කරොන‍්තං දිස‍්වා “ගිලාහි තාව, පච‍්ඡා ඉදං නාමෙතන‍්ති ජානිස‍්සසී”ති චොදෙතුං ඉමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කැරද්දී බෝසත්හු එක්තරා මහා භෝග සම්පත් ඇති කුලයක ඉපදී වැඩි වියට පත්ව අක්‍ෂ ධූර්තයකු විය. ඉක්බිති, වෙනත් කපටි අක්‍ෂ ධූර්තයෙක් බෝසතුන් සමග ක්‍රීඩා කරන්නේ, තමන්ට ජය ලැබෙන විට කෙළිමඬල නො බිඳියි. පැරදුනු කල්හි වනාහි පසැට කටේ දමාගෙන දාදු කෙළිය නැසුනේයැ යි කෙළිමඬල බිඳ යයි. බෝසත්හු ඔහුගේ ඒ කරුණා දැන මෙහි කළ යුතු සුදුසු දෙය දනිමු යි පසැට රැගෙන තමාගේ ගෙට ගොස් හලාහල විෂ ආලේප කොට නැවත නැවත වියලවා ඒ රැගෙන ඔහු වෙත ගොස් යහළුව, එව. පසැට ක්‍රීඩා කරමු යි කීය. ඔහු ද මැනවැ යි පිළිගෙන කෙළිමඬල සකසා ඔහු සමග ක්‍රීඩා කරන කල්හි තමාට පරාජය පැමිණෙන කල එක් අතක් මුවෙහි දැමීය. බෝසත්හු එසේ කරනු දැක පසැට ගිලදැමූ පසුව තට වන දේ දැන ගන්නෙහියැ යි චෝදනා කිරීම සඳහා මේ ගාථාව කීහ.

“ලිත‍්තං පරමෙන තෙජසා, ගිලමක‍්ඛං පුරිසො න බුජ‍්ඣති; ගිල රෙ ගිල පාපධුත‍්තක, පච‍්ඡා තෙ කටුකං භවිස‍්සතී”ති.

“ලිත්තං පරමෙන තෙජසා, ගිලමක්‍ඛං පුරිසො න බුජ්ඣති, ගිලරෙ ගිල පාපධුත්තක, පච්ඡා තෙ කටුකං භවිස්සතීති”

“මහා තේජස් ඇති හලාහල විෂයෙන් රැඳුණු පස ඇට ගිලින්නා වූ පුරුෂ තෙමේ (එහි විෂ රැඳුණු බව) නො දනී. නීචය. (පස ඇට) ගිල, පාපධූර්තය ගිල පසුව හෙවත් මෙය ගිල දැමූ කල තට කටුක විපාකයෙක් වන්නේය.”

තත්‍ථ ලිත‍්තන‍්ති මක‍්ඛිතං රඤ‍්ජිතං. පරමෙන තෙජසාති උත‍්තමතෙජසම‍්පන‍්නෙන හලාහලවිසෙන. ගිලන‍්ති ගිලන‍්තො. අක‍්ඛන‍්ති ගුළකං. න බුජ‍්ඣතීති “අයං මෙ ගිලතො ඉදං නාම කරිස‍්සතී”ති න ජානාති. ගිල රෙති ගිලාහි අරෙ. ගිලාති පුනපි චොදෙන‍්තො වදති. පච‍්ඡා තෙ කටුකං භවිස‍්සතීති ඉමස‍්මිං තෙ අක‍්ඛෙ ගිලිතෙ පච‍්ඡා එතං විසං තිඛිණං භවිස‍්සතීති අත්‍ථො.

එහි, “ලිත්තන්ති”, ගාන ලද, රංජනය කරන ලද, “පරමෙන තෙජසාති”, උතුම් තේජසින් යුක්ත වූ හලාහල විෂ, “ගිලන්ති”, ගිලින්නේ, “අක්‍ඛන්ති”, පස ඇට, “න බුජ්ඣති”, මේ පසැටය. ගිලුණු විට මෙනම් දෙයක් වන්නේයැ යි නො දනිමි. “ගිලරෙති”, එම්බල, ගිල දමව. “ගිලාති” නැවතත් චෝදනා කැරෙමින් කියයි. “පච්ඡා තෙ කටුකං භවිස්සතීති”, මේ පසැට ගිලුන කල්හි පසු ව මේ විෂ තියුණු වන්නේය යන අර්ථයි.

සො බොධිසත‍්තස‍්ස කථෙන‍්තස‍්සෙව විසවෙගෙන මුච‍්ඡිතො අක‍්ඛීනි පරිවත‍්තෙත්‍වා ඛන්‍ධං නාමෙත්‍වා පති. බොධිසත‍්තො “ඉදානිස‍්ස ජීවිතදානං දාතුං වට‍්ටතී”ති ඔසධපරිභාවිතං වමනයොගං දත්‍වා වමෙත්‍වා සප‍්පිඵාණිතමධුසක‍්කරාදයො ඛාදාපෙත්‍වා අරොගං කත්‍වා “පුන එවරූපං මා අකාසී”ති ඔවදිත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

හෙතෙම බෝසතුන් මෙසේ කියද්දී ම විෂ වේගයෙන් මුසපත් වී ඇස් පෙරළී සිරුර නැමී වැටුණේය. බෝසත්හු දැන් මොහුට ජීවිත දානය කළ යුතුයැ යි ඖෂධ යෙදූ වෘත කාරකයක් දී වමනය කැරවා ගිතෙල්, මී පැණි, හකුරු ආදිය කවා සුවපත් කැරවා නැවත මෙබඳු දෙයක් නො කැරව යි අවවාද කොට දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “භික‍්ඛවෙ, අපච‍්චවෙක‍්ඛිතපරිභොගො නාම අපච‍්චවෙක‍්ඛිත්‍වා කතවිසපරිභොගසදිසො හොතී”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පණ‍්ඩිතධුත‍්තො අහමෙව අහොසිං, කූටධුත‍්තො පනෙත්‍ථ න කථීයති, යථා ච එත්‍ථ, එවං සබ‍්බත්‍ථ. යො පන ඉමස‍්මිං කාලෙ න පඤ‍්ඤායති, සො න කථීයතෙවා”ති.

බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ප්‍රත්‍යවේක්‍ෂා නො කොට කළ පරිභෝගය නම් නුවණින් නො විමසා කළ විෂ පරිභෝගය සමාන වෙයි. වදාරා ජාතක කථාව නිමවූහ. එදින නුවණ ඇති ධූර්තයා නම් මම ම වෙමි යි. කපටි ධූර්තයා ගැන මෙහි නො කියැ වේ. මෙපරිද්දෙන් සියලු තන්හි ම ගත යුතුයි. යමකු වර්තමාන කථාවෙහි නො පෙනේ ද, ඔහු ගැන නො කියනු ලැබේ.

ලිත‍්තජාතකවණ‍්ණනා පඨමා.