10. අකතඤ්ඤුජාතකවණ්ණනා 90 අට්ඨකථා
10. අකතඤ්ඤුජාතකවණ්ණනා (90)
10. අකතඤ්ඤ ජාතකය (90)
යො පුබ්බෙ කතකල්යාණොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අනාථපිණ්ඩිකං ආරබ්භ කථෙසි. තස්ස කිරෙකො පච්චන්තවාසිකො සෙට්ඨි අදිට්ඨසහායො අහොසි. සො එකදා පච්චන්තෙ උට්ඨානකභණ්ඩස්ස පඤ්ච සකටසතානි පූරෙත්වා කම්මන්තිකමනුස්සෙ ආහ – “ගච්ඡථ, භො, ඉමං භණ්ඩං සාවත්ථිං නෙත්වා අම්හාකං සහායකස්ස අනාථපිණ්ඩිකමහාසෙට්ඨිස්ස පච්චග්ඝෙන වික්කිණිත්වා පටිභණ්ඩං ආහරථා”ති. තෙ “සාධූ”ති තස්ස වචනං සම්පටිච්ඡිත්වා සාවත්ථිං ගන්ත්වා මහාසෙට්ඨිං දිස්වා පණ්ණාකාරං දත්වා තං පවත්තිං ආරොචෙසුං. මහාසෙට්ඨි “ස්වාගතං වො”ති තෙසං ආවාසඤ්ච පරිබ්බයඤ්ච දාපෙත්වා සහායකස්ස සුඛං පුච්ඡිත්වා භණ්ඩං වික්කිණිත්වා පටිභණ්ඩං දාපෙසි. තෙ පච්චන්තං ගන්ත්වා තමත්ථං අත්තනො සෙට්ඨිස්ස ආරොචෙසුං.
“යො පුබ්බෙ කතකල්යාණොති”, යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, අනේපිඬු සිටුතුමා අරබයා වදාළහ. ඔහුට වනාහි පසල් දනව්වක වැසි එක් සිටුවරයකු නො දුටු මිත්‍රයකු විය. හෙතෙම එක් දිනක් පසල් ගමක උපදනා භාණ්ඩවලින් ගැල් පන්සියයක් පුරවාගෙන කර්මාන්තයෙහි නියුක්ත මිනිසුන්ට කීවේය. භවතුනි, යවු. මේ බඩු සැවැත් නුවරට ගෙනගොස් අපගේ යහළු අනේපිඬු මහා සිටුහුගේ අධීක්ෂණයෙන් විකුණා වෙනත් බඩු ගෙන එවු. ඔවුහු යහපතැ යි ඔහුගේ වචනය පිළිගෙන සැවැත් නුවරට ගොස් මහසිටුතුමා දැක පඬුරු, තෑගි බෝග දී ඒ පුවත සැල කළාහුය. මහසිටුතුමා තොපගේ පැමිණීම යහපතැ යි ඔවුන්ට නවාතැන් දී මඟ වියදම් ද දෙවා යහළුවාගේ සැපදුක් විචාරා බඩු විකුණා වෙනත් බඩු දෙවීය. ඔවුන් පිටිසර ගමට ගොස් ඒ බව තමන්ගේ සිටුතුමාට සැල කළාහුය.
අපරභාගෙ අනාථපිණ්ඩිකොපි තථෙව පඤ්ච සකටසතානි තත්ථ පෙසෙසි. මනුස්සා තත්ථ ගන්ත්වා පණ්ණාකාරං ආදාය පච්චන්තවාසිකසෙට්ඨිං පස්සිංසු. සො “කුතො ආගච්ඡථා”ති පුච්ඡිත්වා “සාවත්ථිතො තුම්හාකං සහායකස්ස අනාථපිණ්ඩිකස්ස සන්තිකා”ති වුත්තෙ “අනාථපිණ්ඩිකොති කස්සචි පුරිසස්ස නාමං භවිස්සතී”ති පරිහාසං කත්වා පණ්ණාකාරං ගහෙත්වා “ගච්ඡථ තුම්හෙ”ති උය්යොජෙසි, නෙව නිවාසං, න පරිබ්බයං දාපෙසි. තෙ සයමෙව භණ්ඩං වික්කිණිත්වා පටිභණ්ඩං ආදාය සාවත්ථිං ආගන්ත්වා සෙට්ඨිස්ස තං පවත්තිං ආරොචෙසුං.
ඉක්බිති, පසු කලෙක අනේපිඬු සිටුතුමා ද එසේ ම පන්සියයක් ගැල් එහි යැවීය. මිනිස්සු එහි ගොස් පුද පඬුරු ගෙන පසල් ගම් වැසි සිටුතුමා බැහැ දැක්කාහ. හෙතෙම කොහි සිට ආවාහුදැ යි විචාරා සැවැත් නුවර සිට නුඹ වහන්සේගේ යහළු අනාථ පිණ්ඩික සිටුතුමාගේ සමීපයේ සිටයැ යි කී කල්හි, අනේපිඬු සිටු යනු කිසියම් පුරුෂයකුගේ නමක් විය යුතු වන්නේයැ යි අපහාස කොට තෑගිබෝග ගෙන නුඹලා යවුයැ යි පිටත් කළේය. නවාතැන් නුදුන්නේය. මඟ වියදම් නො දෙවීය. ඔවුන් තෙමේ ම බඩු විකුණා පෙරළා බඩු ගෙන සැවැත් නුවරට ගොස් සිටුතුමාට ඒ ප්‍රවෘත්තිය සැලකළාහුය.
අථ සො පච්චන්තවාසී පුනපි එකවාරං තථෙව පඤ්ච සකටසතානි සාවත්ථිං පෙසෙසි, මනුස්සා පණ්ණාකාරං ආදාය මහාසෙට්ඨිං පස්සිංසු. තෙ පන දිස්වා අනාථපිණ්ඩිකස්ස මනුස්සා “මයං, සාමි, එතෙසං නිවාසඤ්ච භත්තඤ්ච පරිබ්බයඤ්ච ජානිස්සාමා”ති වත්වා තෙසං සකටානි බහිනගරෙ තථාරූපෙ ඨානෙ මොචාපෙත්වා “තුම්හෙ ඉධෙව වසථ, අම්හාකං වො ඝරෙ යාගුභත්තඤ්ච පරිබ්බයො ච භවිස්සතී”ති ගන්ත්වා දාසකම්මකරෙ සන්නිපාතෙත්වා මජ්ඣිමයාමසමනන්තරෙ පඤ්ච සකටසතානි විලුම්පිත්වා නිවාසනපාරුපනානිපි නෙසං අච්ඡින්දිත්වා ගොණෙ පලාපෙත්වා සකටානි විචක්කානි කත්වා භූමියං ඨපෙත්වා චක්කානිපි ගණ්හිත්වාව අගමංසු. පච්චන්තවාසිනො නිවාසනමත්තස්සපි සාමිකා අහුත්වා භීතා වෙගෙන පලායිත්වා පච්චන්තමෙව ගතා. සෙට්ඨිමනුස්සාපි තමත්ථං මහාසෙට්ඨිනො ආරොචෙසුං. සො “අත්ථි දානිදං කථාපාභත”න්ති සත්ථු සන්තිකං ගන්ත්වා ආදිතො පට්ඨාය සබ්බං තං පවත්තිං ආරොචෙසි. සත්ථා “න ඛො, ගහපති, සො පච්චන්තවාසී ඉදානෙව එවංසීලො, පුබ්බෙපි එවංසීලොයෙව අහොසී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
ඉක්බිති, ඒ පසල් දනව් වැසියා නැවත එක්වරක් එසේ ම ගැල් පන්සියයක් සැවැත් නුවරට යැවීය. මිනිස්සු පඬුරු ගැල් පන්සියයක් සැවැත් නුවරට යැවීය. මිනිස්සු පඬුරු ආදිය ගෙන මහසිටුහු බැහැ දුටහ. ඔවුන් දැක අනේපිඬු සිටුහුගේ ගෙයි මිනිස්සු ස්වාමීනි, අපි මොවුන්ට නවාතැන් ද බත් ද මඟ වියදම් ද දෙන්නෙමු යි කියා ඔවුන්ගේ ගැල් නගරයෙන් පිට තැනක මුදවා තෙපි මෙහි ම වසවු. අපගේ ගෙයි තොපට කැඳ ද බත් ද මඟ වියදම් ද වන්නේයැ යි ගොස් දාස කම්කරුවන් රැස්කැරවා මැදුම් යමට ඉතා ආසන්නයේ පන්සියයක් ගැල් පහරා ඇඳ පෙරවූ දේ ද ඔවුන්ට අහිමිකැරවා ගොනුන් පලවා හැර ගැලින් වෙන්කොට බිම තබා රෝද ද රැගෙන ම ගියාහුය. පිටිසර ගම් වැස්සෝ ද ඇඳිවතට පවා අහිමි ව බියෙන් වේගයෙන් පලාගොස් පසල් දනව්වට ම ගියහ. සිටුතුමාගේ මිනිස්සු ද එපවත් අසා ඔහුට සැලකළහ. හෙතෙම මට දැන් කථා පඬුරක් ඇතැ යි බුදු රජුන් වෙතට එළැඹ මුලු පටන් ඒ පුවත සැල කළේය. එවිට බුදු රජහු ගෘහපතිය, මේ පිටිසර වැසියා මෙබඳු පැවතුම් ඇත්තෙක් වනුයේ දැන් පමණක් නොව, පෙරත් මෙබඳු පැවතුම් ඇත්තෙක්යැ යි වදාරා, ඔහු විසින් අයදනා ලද බුදු රජහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බාරාණසියං මහාවිභවො සෙට්ඨි අහොසි. තස්සෙකො පච්චන්තවාසිකො සෙට්ඨි අදිට්ඨසහායො අහොසි. සබ්බං අතීතවත්ථු පච්චුප්පන්නවත්ථුසදිසමෙව බොධිසත්තො පන අත්තනො මනුස්සෙහි “අජ්ජ අම්හෙහි ඉදං නාම කත”න්ති ආරොචිතෙ “පඨමං අත්තනො කතං උපකාරං අජානන්තා පච්ඡා එවරූපං ලභන්තියෙවා”ති වත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු බරණැස් නුවර මහත් සම්පත් ඇති සිටු කෙනෙක් වූහ. ඔහුට එක නුදුටු යහළුවකු වූ පසල් දනව්වාසී සිටුවරයකු විය. මෙතැන් පටන් අතීත කථා පුවත ද වත්මන් කථා පුවත හා සමාන මය. බෝසත්හු වනාහි තමාගේ මිනිසුන් විසින් අද අප විසින් මේ මේ දේ කරන ලදැ යි කියන ලද කල්හි පළමු කොට තමාට කරන ලද උපකාරය නො දැන අදත් මෙබඳු උදව් ලැබෙතැ යි වදාරා පැමිණි පිරිසට දම් දෙසනු. මේ ගාථාව වදාළහ.
“යො පුබ්බෙ කතකල්යාණො, කතත්ථො නාවබුජ්ඣති; පච්ඡා කිච්චෙ සමුප්පන්නෙ, කත්තාරං නාධිගච්ඡතී”ති.
“යො පුබ්බෙ කතකල්යාණො කතත්ථො නාවබුජ්ඣති, පච්ඡා කිච්චෙ සමුප්පන්තෙ කත්තාරං නාධිගච්ඡතීති”
“යමෙක් පෙර කරන ලද යහපත් උපකාර ඇත්තෝ කරන ලද යහපත නො දනී ද පසු ව කටයුත්තක් පැමිණි කල්හි (ඔහුට) එය කරන්නා අවබෝධ කැර නො ගනිත්.”
තත්රායං පිණ්ඩත්ථො – ඛත්තියාදීසු යො කොචි පුරිසො පුබ්බෙ පඨමතරං අඤ්ඤෙන කතකල්යාණො කතූපකාරො කතත්ථො නිප්ඵාදිතකිච්චො හුත්වා තං පරෙන අත්තනි කතං කල්යාණඤ්චෙව අත්ථඤ්ච න ජානාති, සො පච්ඡා අත්තනො කිච්චෙ සමුප්පන්නෙ තස්ස කිච්චස්ස කත්තාරං නාධිගච්ඡති න ලභතීති.
මේ එහි කැටිකළ අරුතයි. ක්ෂත්රිය ආදීන් අතුරෙහි, “යො”, යම්කිසි පුරුෂයෙක්, “පුබ්බෙ”, පළමු කොට අනෙකකු විසින්, “කතකල්යාණො”, කරන ලද උපකාර ඇත්තකු, “කතත්ථො”, කරන ලද යහපත ඇත්තකු වී එය අනුන් විසින් තමාට කරන ලද යහපතක් ද උපකාරයක්දැ යි නො දනී ඔහු, “කිච්චෙ සමුප්පන්තෙ”, ඒ කාර්යයට, “කත්තාරං නාධිගච්ඡති”, කරන්නා අවබෝධ කැර නො ගනී.
එවං බොධිසත්තො ඉමාය ගාථාය ධම්මං දෙසෙත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
මෙසේ බෝසත්හු මේ ගාථාවෙන් දම් දෙසා දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා පච්චන්තවාසී ඉදානීපි පච්චන්තවාසීයෙව, බාරාණසිසෙට්ඨි පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා පසල් දනව් වැසියා නම් දැන් පසල් දනව් වැසියා මය. බරණැස් සිටුතුමා වනාහි මම ම වෙමි.
අකතඤ්ඤුජාතකවණ්ණනා දසමා.
අපායිම්හවග්ගො නවමො.
නව වැනි අපායිම්හ වර්ගයයි.
තස්සුද්දානං –
සුරාපානං මිත්තවින්දං, කාළකණ්ණී අත්ථද්වාරං; කිංපක්කසීලවීමංසං, මඞ්ගලඤ්චාපි සාරම්භං; කුහකං අකතඤ්ඤූ චාති.