යෙදුමෙන් කියවන්න

9. කුහකජාතකවණ‍්ණනා 89 අට‍්ඨකථා

9. කුහකජාතකවණ‍්ණනා (89)

9. කුහක ජාතකය (89)

වාචාව කිර තෙ ආසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කුහකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. කුහකවත්‍ථු උද‍්දාලකජාතකෙ ආවි භවිස‍්සති.

“වාචාව කිර තෙ ආසිති” යන මේ ජාතක දේශනාව බුදුහු දෙව්රම වැඩ වසන සේක්, එක් නැති ගුණ පෙන්වන භික්‍ෂුවක් අරබයා වදාළහ. මෙහි කථා පුවත උද්දාළ ජාතකයෙහි මතු සඳහන් වන්නේය.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ එකං ගාමකං උපනිස‍්සාය එකො කූටජටිලො කුහකතාපසො වසති. එකො කුටුම‍්බිකො තස‍්ස අරඤ‍්ඤෙ පණ‍්ණසාලං කාරෙත්‍වා තත්‍ථ නං වාසෙන‍්තො අත‍්තනො ගෙහෙ පණීතාහාරෙන පටිජග‍්ගති. සො තං කූටජටිලං “සීලවා එසො”ති සද‍්දහිත්‍වා චොරභයෙන සුවණ‍්ණනික‍්ඛසතං තස‍්ස පණ‍්ණසාලං නෙත්‍වා භූමිගතං කත්‍වා “ඉදං ඔලොකෙය්‍යාසි, භන‍්තෙ”ති ආහ. අථ නං තාපසො “පබ‍්බජිතානං නාම, ආවුසො, එවරූපං කථෙතුං, න වට‍්ටති, අම‍්හාකං පන පරසන‍්තකෙ ලොභො නාම නත්‍ථී”ති ආහ. සො “සාධු, භන‍්තෙ”ති තස‍්ස වචනං සද‍්දහිත්‍වා පක‍්කාමි. දුට‍්ඨතාපසො “සක‍්කා එත‍්තකෙන ජීවිතු”න‍්ති කතිපාහං අතික‍්කමිත්‍වා තං සුවණ‍්ණං ගහෙත්‍වා අන‍්තරාමග‍්ගෙ එකස‍්මිං ඨානෙ ඨපෙත්‍වා ආගන‍්ත්‍වා පණ‍්ණසාලායමෙව වසිත්‍වා පුනදිවසෙ තස‍්ස ගෙහෙ භත‍්තකිච‍්චං කත්‍වා එවමාහ “ආවුසො, මයං තුම‍්හෙ නිස‍්සාය චිරං වසිම‍්හ, අතිචිරං එකස‍්මිං ඨානෙ වසන‍්තානං මනුස‍්සෙහි සද‍්ධිං සංසග‍්ගො හොති, සංසග‍්ගො ච නාම පබ‍්බජිතානං මලං, තස‍්මා ගච‍්ඡාමහ”න‍්ති වත්‍වා තෙන පුනප‍්පුනං යාචියමානොපි නිවත‍්තිතුං න ඉච‍්ඡි. අථ නං සො “එවං සන‍්තෙ ගච‍්ඡථ, භන‍්තෙ”ති යාව ගාමද‍්වාරං අනුගන‍්ත්‍වා නිවත‍්ති. තාපසොපි ථොකං ගන‍්ත්‍වාව “ඉමං කුටුම‍්බිකං මයා වඤ‍්චෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා ජටානං අන‍්තරෙ තිණං ඨපෙත්‍වා පටිනිවත‍්ති. කුටුම‍්බිකො “කිං, භන‍්තෙ, නිවත‍්තිත්‍ථා”ති පුච‍්ඡි. ආවුසො තුම‍්හාකං ගෙහච‍්ඡදනතො මෙ ජටාසු එකතිණං ලග‍්ගං, අදින‍්නාදානඤ‍්ච නාම පබ‍්බජිතානං න වට‍්ටති, තං ආදාය ආගතොම‍්හීති. කුටුම‍්බිකො “ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡථ, භන‍්තෙ”ති වත්‍වා “තිණසලාකම‍්පි නාම පරසන‍්තකං න ගණ‍්හාති, අහො කුක‍්කුච‍්චකො මෙ අය්‍යො”ති පසීදිත්‍වා වන්‍දිත්‍වා උය්‍යොජෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරද්දී එක් කුඩා ගමක් ඇසුරුකොට එක් කපටි ජටිල තවුසෙක් වාසය කරයි. එක් කෙළඹි පුත්‍රයෙක් ඔහුට කැලයෙහි පන්සලක් කැරවා එහි ඔහු වාසය කැරවා තමාගේ ගෙයි ප්‍රණීත ආහාරයෙන් පෝෂණය කරයි. හෙතෙම ඒ කපටි ජටිලයා, මොහු සිල්වත් කෙනකු යි අදහා සොර බියෙන් රන් නික සියයක් (රන් කලන් 1500 ක්) ඔහුගේ පන්සලට ගෙනවුත් නිදන් කොට පොළොවෙහි සඟවා මෙය රැකබලා ගන්නැ යි ස්වාමීන්ට කීවේය. ඉක්බිති, තාපසයා මිතුරු පැවිද්දන්ට නම් මෙසේ කියන්නට නො වටී. අපට අනුන්ගේ ධනය කෙරෙහි ලෝභයක් නැතැ යි ඔහුට කීවේය. ඔහු යහපතැ යි ඔහුගේ වදන අදහා ගියේය. දුෂ්ට තාපසයා මෙපමණකින් මට ජීවත් වීමට හැකිය. දින කීපයක් ඉක්මවා ඒ රන් ගෙන අතර මඟ එක් ස්ථානයක තබා ආපසු අවුත් පන්සලෙහි ම වැස දෙවැනි දිනයෙහි ඔහුගේ ගෙදර බත් කිස කොට මෙසේ කීය. සගය, අපි ඔබ ඇසුරුකොට කලක් මෙහි විසීමු. එක් තැනක දිගු කලක් වසන විට මිනිසුන් සමග ඇල්මක් ඇති වෙයි. බැඳීම වනාහි පැවිද්දන්ට කිලුටකි. එම නිසා අපි යමු යි කියා කෙළඹියා නැවත නැවතත් ආයාචනා කළ නමුදු නැවතීමට කැමැති නො වීය. ඉක්බිති, ඒ කෙළඹියා එසේ නම් ස්වාමීනි, යනු මැනව යි ගම් දොරටුව දක්වා පසුගමන් කොට නැවතුණේය. තවුසා ටික දුරක් ගොස් මේ කෙළඹියා වංචා කළ යුතුයැ යි සිතා දළ මඬුල්ල අතරෙහි තණ ගහක් තබා ආපසු හැරුණේය. කෙළඹියා ස්වාමීනි, කුමක් නිසා ආපසු වැඩියෙදැ යි විචාළේය. සගය, ඔබගේ ගෙපියස්සෙහි තණ ගසක් මගේ ජටාවෙහි රැඳුණේය. නුදුන් දේ ගැනීම පැවිද්දන්ට සුදුසු නො වේ. එම තණ ගස රැගෙන ආවෙමි. කෙළඹියා, ස්වාමීනි, එසේ නම් ඒ මෙහි දමා යනු මැනවි. කියා අන්සතු වූ තණ ගසක් වුව ද මේ තවුසා නො ගනී. අහෝ, මගේ තාපසතුමා අතිශයින් කුකුස් ඇත්තෙකි යි වඩාත් පැහැදී වැඳ පිටත් කළේය.

තදා පන බොධිසත‍්තෙන භණ‍්ඩත්‍ථාය පච‍්චන‍්තං ගච‍්ඡන‍්තෙන තස‍්මිං නිවෙසනෙ නිවාසො ගහිතො හොති. සො තාපසස‍්ස වචනං සුත්‍වාව “අද‍්ධා ඉමිනා දුට‍්ඨතාපසෙන ඉමස‍්ස කිඤ‍්චි ගහිතං භවිස‍්සතී”ති කුටුම‍්බිකං පුච‍්ඡි “අත්‍ථි පන තෙ, සම‍්ම, කිඤ‍්චි එතස‍්ස තාපසස‍්ස සන‍්තිකෙ නික‍්ඛිත‍්ත”න‍්ති? “අත්‍ථි, සම‍්ම, සුවණ‍්ණනික‍්ඛසත”න‍්ති. “තෙන හි ගච‍්ඡ, තං උපධාරෙහී”ති . සො පණ‍්ණසාලං ගන‍්ත්‍වා තං අදිස‍්වා වෙගෙනාගන‍්ත්‍වා “නත්‍ථි, සම‍්මා”ති ආහ. “න තෙ සුවණ‍්ණං අඤ‍්ඤෙන ගහිතං, තෙනෙව කුහකතාපසෙන ගහිතං, එහි, තං අනුබන්‍ධිත්‍වා ගණ‍්හාමා”ති වෙගෙන ගන‍්ත්‍වා කූටතාපසං ගණ‍්හිත්‍වා හත්‍ථෙහි ච පාදෙහි ච පොථෙත්‍වා සුවණ‍්ණං ආහරාපෙත්‍වා ගණ‍්හිංසු. බොධිසත‍්තො සුවණ‍්ණං දිස‍්වා “නික‍්ඛසතං හරමානො අසජ‍්ජිත්‍වා තිණමත‍්තෙ සත‍්තොසී”ති වත්‍වා තං ගරහන‍්තො ඉමං ගාථමාහ –

එකල බෝසතුන් භාණ්ඩ සඳහා පසල් දනව්වකට යන කල්හි එම නිවසෙහි නවාතැන් ගන්නා ලද්දේ වෙයි. ඔහු තාපසයාගේ වචන අසා මේ පවිටු තාපසයා විසින් මේ කෙළඹියාගේ යම්කිසි දෙයක් පැහැර ගන්නා ලද්දේය. කෙළඹියාගෙන් විචාළේය. යහළුව. මේ තවුසා ළඟ යම්කිසි දෙයක් තබන ලද්දේ ද? එසේය, යහළුව. රන් නික සියයක් ඔහු ළඟ තබන ලද්දෙමි. එසේ නම් යව. එය සොයා බලනු. කෙළඹියා පන්සලට ගොස් ඒ රන් නික සියය නො දැක වහා ආපසු අවුත් යහළුව, නැතැ යි කීය. ඒ රන් රැස අනිකකු විසින් ගන්නා ලද්දේ නො වෙයි. ඒ පවිටු තවුසා විසින් ගන්නා ලද්දේය. එව, තාපසයා ලුහුබැඳ එය ලබා ගනිමු. වේගයෙන් ගොස් පවිටු තාපසයා අල්ලාගෙන අත් පාවලින් ගසා රන් නික සියය ලබා ගත්තේය. බෝසත්හු රන් රැස දැක මේ පවිටු තවුසා රන් නික සියය පැහැර ගන්නේ එහි ඇල්මක් නො කොට තණ කොළ ගසෙහි ඇලෙන්නෙහි යි කියා ගර්හා කරමින් මේ ගාථාව කීවේය.

“වාචාව කිර තෙ ආසි, සණ‍්හා සඛිලභාණිනො; තිණමත‍්තෙ අසජ‍්ජිත්‍ථො, නො ච නික‍්ඛසතං හර”න‍්ති.

“වාචාව කිර තෙ ආසි සණ්හා සඛිලභාණිනො, තිණමත්තෙ අසජ්ජිත්‍ථො නො ච නික්‍ඛසතං හරන්ති”

“මෘදු වූ තෙපුල් කියන්නා වූ තොපගේ වචන ම මටසිලිටි වී, තණ කෙන්දක් පමණක් නො ඇලුණෙහි ය. (එහෙත්) නිෂ්ක සියයක් හැර ගෙන යන්නේ නො වෙහි ද?”

තත්‍ථ වාචාව කිර තෙ ආසි, සණ‍්හා සඛිලභාණිනොති “පබ‍්බජිතානං තිණමත‍්තම‍්පි අදින‍්නං ආදාතුං න වට‍්ටතී”ති එවං සඛිලං මුදුවචනං වදන‍්තස‍්ස වාචා එව කිර තෙ සණ‍්හා ආසි, වචනමත‍්තමෙව මට‍්ඨං අහොසීති අත්‍ථො. තිණමත‍්තෙ අසජ‍්ජිත්‍ථොති කූටජටිල එකිස‍්සා තිණසලාකාය කුක‍්කුච‍්චං කුරුමානො ත්‍වං සත‍්තො ආසත‍්තො ලග‍්ගො අහොසි. නො ච නික‍්ඛසතං හරන‍්ති ඉමං පන නික‍්ඛසතං හරන‍්තො අසත‍්තො නිල‍්ලග‍්ගොව ජාතොසීති.

එහි, “වාචාව කිර තෙ ආසි සණ්හා සකිලභාණිනොති”, පැවිද්දන්ට තණ ගහක් පමණකුදු නුදුන් දෙය ගැනීමට නො වටී. මෙසේ මිහිරි මෘදු වචන කියන ඔබගේ වචන මාත්‍රයට මටසිලිටු වූයේය යන අර්ථයි. “තිණමත්තෙ අසජ්ජිත්‍ථො”, කුළු තවුස, තණ පතක් පිළිබඳ සැක කරන්නේ, එහි ඇළුණේය. “නො ච නික්‍ඛසතං හරන්ති”, රන් නික සියයක් පැහැර ගන්නා ඔබ නො ඇළුණේ, ආශා නො කළේ වෙහිය.

එවං බොධිසත‍්තො තං ගරහිත්‍වා “මා පුන, කූටජටිල, එවරූපමකාසී”ති ඔවාදං දත්‍වා යථාකම‍්මං ගතො.

මෙසේ බෝසත්හු ඔහුට දොස් පවරා හොර තාපසය, මින්මතු මෙවැන්නක් නො කැරව යි, අවවාද කොට කම් වූ පරිදි මිය ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙවෙස භික‍්ඛු කුහකො, පුබ‍්බෙපි කුහකොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කූටතාපසො කුහකභික‍්ඛු අහොසි, පණ‍්ඩිතපුරිසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා මහණෙනි, මේ මහණ කුහක වූයේ දැන් පමණක් නො වේ. පෙර ද කුහකයකු වූයේයැ යි වදාරා ජාතකය නිමවූහ. එදා කුහක ජටිල තාපසයා දැන් කුහක භික්‍ෂුව විය. නුවණැති පුරුෂයා මම ම වීමි.

කුහකජාතකවණ‍්ණනා නවමා.