යෙදුමෙන් කියවන්න

8. සාරම‍්භජාතකවණ‍්ණනා 88 අට‍්ඨකථා

8. සාරම‍්භජාතකවණ‍්ණනා (88)

8. සාරම්භ ජාතකය (88)

කල්‍යාණිමෙව මුඤ‍්චෙය්‍යාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඔමසවාදසික‍්ඛාපදං (පාචි· 15) ආරබ‍්භ කථෙසි. ද‍්වෙපි වත්‍ථූනි හෙට‍්ඨා නන්‍දිවිසාලජාතකෙ වුත‍්තසදිසානෙව. ඉමස‍්මිං පන ජාතකෙ බොධිසත‍්තො ගන්‍ධාරරට‍්ඨෙ තක‍්කසිලායං අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස සාරම‍්භො නාම බලිබද‍්දො අහොසි. සත්‍ථා ඉදං අතීතවත්‍ථුං කථෙත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

“කල්‍යාණිමෙව මුඤ්චෙය්‍යති” යන මේ ජාතක දේශනාව බුදුහු සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ඕමසවාද ශික්‍ෂා පදය අරබයා වදාළහ. කථාව වස්තු දෙක ම යට නන්‍දිවිසාල ජාතකයෙහි කියන ලද පරිදි ම වේ. මේ ජාතකයෙහි වනාහි බෝසත්හු ගන්‍ධාර රටෙහි තක්සලා නුවර එක්තරා බමුණකුට සාරම්භ නම් ගොනකු වූහ. බුදු රජහු මේ අතීත කථාව වදාරා මේ ගාථාව වදාළහ.

“කල්‍යාණිමෙව මුඤ‍්චෙය්‍ය, න හි මුඤ‍්චෙය්‍ය පාපිකං; මොක‍්ඛො කල්‍යාණියා සාධු, මුත්‍වා තප‍්පති පාපික”න‍්ති.

“කල්‍යාණිමෙව මුඤ්චෙය්‍ය නහි මුඤ්චෙය්‍ය පාපිකං, මෙක්ඛො කල්‍යාණියා සාධු මුත්‍ථා තපති පාපිකන්ති”

“යහපත් වූ වචන ම මුවින් පිට කරන්නේය. ලාමක වචනයක් නොම නිකුත් කරන්නේය. යහපත් වචනයාගේ (කීම) යහපති. ලාමක තෙපුල් බැණ (දෙලොව) තැවෙන්නේය.”

තත්‍ථ කල්‍යාණිමෙව මුඤ‍්චෙය්‍යාති චතුදොසවිනිමුත‍්තං කල්‍යාණිං සුන්‍දරං අනවජ‍්ජං වාචමෙව මුඤ‍්චෙය්‍ය විස‍්සජ‍්ජෙය්‍ය කථෙය්‍ය. න හි මුඤ‍්චෙය්‍ය පාපිකන‍්ති පාපිකං ලාමිකං පරෙසං අප‍්පියං අමනාපං න මුඤ‍්චෙය්‍ය න කථෙය්‍ය. මොක‍්ඛො කල්‍යාණියා සාධූති කල්‍යාණවාචාය විස‍්සජ‍්ජනමෙව ඉමස‍්මිං ලොකෙ සාධු සුන්‍දරං භද‍්දකං. මුත්‍වා තප‍්පති පාපිකන‍්ති පාපිකං ඵරුසවාචං මුඤ‍්චිත්‍වා විස‍්සජ‍්ජෙත්‍වා කථෙත්‍වා සො පුග‍්ගලො තප‍්පති සොචති කිලමතීති.

එහි, “කල්‍යාණිමෙව මුඤ්චෙය්‍යති”, සිව් දෝෂයන්ගෙන් මිදුණු යහපත් සුන්දර නිවැරදි වචන ම පිටකරන්නේය. විහිදුවන්නේය. කියන්නේය. “නහි මුඤ්චෙය්‍ය පාපිකන්ති”, පවිටු පහත් අනුන්ට අප්‍රිය වූ අමනාප වූ වචන නො මුදන්නේය. නො කියන්නේය. “මෙක්ඛො කල්‍යාණියා සාධුති”, යහපත් වචන පිට කිරීම ම මෙලොව මැනවි. සුන්දරය. යහපත්ය. “මුත්‍ථා තපති පාපිකන්ති”, පවිටු, රළු වචන පිටකොට, විසුරුවා කියා ඒ පුද්ගලයා තැවෙයි. ශෝක කරයි. වැළපෙයි.

එවං සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බ්‍රාහ‍්මණො ආනන්‍දො අහොසි, බ්‍රාහ‍්මණී උප‍්පලවණ‍්ණා, සාරම‍්භො පන අහමෙව අහොසි”න‍්ති.

මෙසේ බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමා කළහ. එකල බමුණා ආනන්ද විය. බැමිණිය උප්පලවණ්ණාවයි. සාරම්භ වනාහි මම ම වීමි.

සාරම‍්භජාතකවණ‍්ණනා අට‍්ඨමා.