7. මඞ්ගලජාතකවණ්ණනා 87 අට්ඨකථා
7. මඞ්ගලජාතකවණ්ණනා (87)
7. මඞ්ගල ජාතකය (87)
යස්ස මඞ්ගලා සමූහතාති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො එකං සාටකලක්ඛණබ්රාහ්මණං ආරබ්භ කථෙසි. රාජගහවාසිකො කිරෙකො බ්රාහ්මණො කොතුහලමඞ්ගලිකො තීසු රතනෙසු අප්පසන්නො මිච්ඡාදිට්ඨිකො අඩ්ඪො මහද්ධනො මහාභොගො, තස්ස සමුග්ගෙ ඨපිතං සාටකයුගං මූසිකා ඛාදිංසු. අථස්ස සීසං න්හායිත්වා “සාටකෙ ආහරථා”ති වුත්තකාලෙ මූසිකාය ඛාදිතභාවං ආරොචයිංසු. සො චින්තෙසි “සචෙ ඉදං මූසිකාදට්ඨං සාටකයුගං ඉමස්මිං ගෙහෙ භවිස්සති, මහාවිනාසො භවිස්සති. ඉදඤ්හි අවමඞ්ගලං කාළකණ්ණිසදිසං පුත්තධීතාදීනං වා දාසකම්මකරාදීනං වා න සක්කා දාතුං. යො හි ඉදං ගණ්හිස්සති, සබ්බස්ස මහාවිනාසො භවිස්සති, ආමකසුසානෙ තං ඡඩ්ඩාපෙස්සාමි, න ඛො පන සක්කා දාසකම්මකරාදීනං හත්ථෙ දාතුං. තෙ හි එත්ථ ලොභං උප්පාදෙත්වා ඉමං ගහෙත්වා විනාසං පාපුණෙය්යුං, පුත්තස්ස තං හත්ථෙ දස්සාමී”ති. සො පුත්තං පක්කොසාපෙත්වා තමත්ථං ආරොචෙත්වා “ත්වම්පි නං, තාත, හත්ථෙන අඵුසිත්වා දණ්ඩකෙන ගහෙත්වා ආමකසුසානෙ ඡඩ්ඩෙත්වා සීසං න්හායිත්වා එහී”ති පෙසෙසි.
“යස්ස මඞ්ගලා සමූහතාති” යන මේ දේශනාව බුදුහු වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් සාටක ලක්ඛණ නම් බමුණකු අරබයා වදාළහ. ශුභ නිමිති මංගල වශයෙන් ගත් රජගහ නුවර වැසි එක් බමුණෙක් තුණුරුවන් කෙරෙහි නො පැහැදුණු මිසදිටුවෙක් විය. ඔහුට මහත් ධන ඇත්තේය. මහත් භෝග ඇත්තේය. ඔහුගේ පසුම්බියෙහි තබන ලද සළු යුවල මීයෝ කෑහ. ඔහු ස්නානය කොට සළු ගෙනෙනා ලෙස කී කල්හි මීයන් විසින් කන ලද බව කීවාහුය. ඔහු මෙසේ සිතීය. ඉදින්, මේ මීයන් විසින් කන ලද සළු යුවල මේ ගෘහයෙහි තබන්නේ නම් මහත් විනාශයක් වන්නේය. මෙය අවමඟුලකි. කාළකණ්ණියකු සමානය. දූදරු ආදීන්ට ද දස්කම්කරු ආදීන්ට ද දීමට නො හැකිය. යමෙක් මෙය ගන්නේ නම් මහත් විනාශයක් වන්නේය. එය අමු සොහොනෙහි දමන්නෙමි. එහෙත් දාසාදීන්ගේ අත එය යැවීමට නො හැකිය. ඔවුන් එහි ලෝභ උපදවා එය ගත්තේ නම් විනාශයකට පැමිණෙන්නේය. එම නිසා තම පුතුගේ අතින් එය අමු සොහොනකට යවමි යි පුතා කැඳවා මෙකරුණ පැහැදිලි කොට අතින් ස්පර්ශ නො කොට දඬුවකින් ගෙන අමු සොහොනෙහි දමා ස්නානය කොට එව යි යැවීය.
සත්ථාපි ඛො තං දිවසං පච්චූසසමයෙ බොධනෙය්යබන්ධවෙ ඔලොකෙන්තො ඉමෙසං පිතාපුත්තානං සොතාපත්තිඵලස්ස උපනිස්සයං දිස්වා මිගවීථිං ගහෙත්වා මිගලුද්දකො විය ගන්ත්වා ආමකසුසානද්වාරෙ නිසීදි ඡබ්බණ්ණබුද්ධරස්මියො විස්සජ්ජෙන්තො. මාණවොපි පිතු වචනං සම්පටිච්ඡිත්වා අජගරසප්පං විය තං යුගසාටකං යට්ඨිකොටියා ගහෙත්වා ආමකසුසානද්වාරං පාපුණි. අථ නං සත්ථා “කිං කරොසි මාණවා”ති ආහ. “භො ගොතම, ඉදං සාටකයුගං මූසිකාදට්ඨං කාළකණ්ණිසදිසං හලාහලවිසූපමං, මම පිතා ‘අඤ්ඤො එතං ඡඩ්ඩෙන්තො ලොභං උප්පාදෙත්වා ගණ්හෙය්යා’ති භයෙන මං පහිණි, අහමෙතං ඡඩ්ඩෙත්වා සීසං න්හායිස්සාමීති ආගතොම්හි, භො ගොතමා”ති. “තෙන හි ඡඩ්ඩෙහී”ති. මාණවො ඡඩ්ඩෙසි, සත්ථා “අම්හාකං දානි වට්ටතී”ති තස්ස සම්මුඛාව ගණ්හි. “අවමඞ්ගලං, භො ගොතම, එතං කාළකණ්ණිසදිසං, මා ගණ්හි මා ගණ්හී”ති තස්මිං වාරයමානෙයෙව තං ගහෙත්වා වෙළුවනාභිමුඛො පායාසි.
බුදු රජහු ද එදවස අළුයම් වේලෙහි විනේය ජනයන් බලන්නාහු, මේ පිය පුතුන්ගේ සෝවාන් වීමට ඇති හේතු සම්පත් දැක මුවා යන එන මඟෙහි මුව වැද්දෙක් මෙන් ගොස් අමු සොහොන් දොරටුව අබියස සවනක් රැස් විහිදුවමින් වැඩ සිටියහ. මානවකයා පියාගේ වචනය පිළිගෙන ගේ තුළ සිටි සර්පයකු මෙන් ඒ සළු යුගලය දඬු කෙළවරින් නෙ අමු සොහොන දොරටුව අසලට පැමිණියේය. ඉක්බිති, බුදුහු, මානවකය, ඔබ කුමක් කරන්නේදැ යි වදාළහ. භවත් ගෞතමයෙනි, මේ සළු යුගල මීයන් විසින් කන ලදි. කාළකණ්ණියකු සමානය. තද විෂක් හා සමානය. මගේ පියා අනිකකු මෙය ඉවත දමන්නේ නම් ලෝභ උපදවා මෙය ගන්නේය යන බියෙන් මා එවන ලදි. මම මෙය ඉවත දමා ස්නානය කරන්නෙමි. භවත් ගෞතමයෙනි, ඒ සඳහා ආවේ වෙමි. එසේ නම් ඉවත දමව. මානවකයා ඉවත දැමීය. බුදු රජහු අපට දැන් වටීයැ යි ඔහුගේ ඉදිරියේ දී ම සළු යුගල ගන්නේ, භවත් ගෞතමයනි, මේ කාළකණ්ණි සමානය. නො ගන්න නො ගන්නැ යි ඔහු විසින් වළක්වනු ලබද්දී ම රැගෙන වේළුවනාරාමය දෙසට වැඩම කළහ.
මාණවො වෙගෙන ගන්ත්වා පිතු ආරොචෙසි “තාත, මයා ආමකසුසානෙ ඡඩ්ඩිතං සාටකයුගං සමණො ගොතමො ‘අම්හාකං වට්ටතී’ති මයා වාරියමානොපි ගහෙත්වා වෙළුවනං ගතො”ති. බ්රාහ්මණො චින්තෙසි “තං සාටකයුගං අවමඞ්ගලං කාළකණ්ණිසදිසං, තං වළඤ්ජෙන්තො සමණොපි ගොතමො නස්සිස්සති, විහාරොපි නස්සිස්සති, තතො අම්හාකං ගරහා භවිස්සති, සමණස්ස ගොතමස්ස අඤ්ඤෙ බහූ සාටකෙ දත්වා තං ඡඩ්ඩාපෙස්සාමී”ති. සො බහූ සාටකෙ ගාහාපෙත්වා පුත්තෙන සද්ධිං වෙළුවනං ගන්ත්වා සත්ථාරං දිස්වා එකමන්තං ඨිතො එවමාහ “සච්චං කිර වො, භො ගොතම, ආමකසුසානෙ සාටකයුගං ගහිත”න්ති? “සච්චං, බ්රාහ්මණා”ති. “භො ගොතම, තං සාටකයුගං අවමඞ්ගලං, තුම්හෙ තං පරිභුඤ්ජමානා නස්සිස්සථ, සකලවිහාරොපි නස්සිස්සති. සචෙ වො නිවාසනං වා පාරුපනං වා නප්පහොති, ඉමෙ සාටකෙ ගහෙත්වා තං ඡඩ්ඩාපෙථා”ති. අථ නං සත්ථා “මයං බ්‍රාහ්මණ පබ්බජිතා නාම, අම්හාකං ආමකසුසානෙ අන්තරවීථියං සඞ්කාරට්ඨානෙ න්හානතිත්ථෙ මහාමග්ගෙති එවරූපෙසු ඨානෙසු ඡඩ්ඩිතා වා පතිතා වා පිලොතිකා වට්ටති, ත්වං පන න ඉදානෙව එවංලද්ධිකො, පුබ්බෙපි එවංලද්ධිකොයෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
මානවකයා වේගයෙන් ගොස් පියාට දැන්වීය. පියාණෙනි, මා විසින් අමු සොහොනෙහි ඉවත දමන ලද සාටක යුගලය ශ්‍රමණ භවත් ගෞතමයෝ අපට වටීයැ යි මා විසින් වළක්වද්දී ම ගෙන වේළුවනාරාමයට ගියහ. බමුණා මෙසේ සිතුවේය. ඒ සළු යුගල අවමඟුලකි. කාළකණ්ණි සමානය. එය පරිහරණය කිරීමෙන් ශ්‍රමණ භවත් ගෞතමයෝ ද නැසෙන්නේය. විහාරය ද නැසෙන්නේය. එයින් අපට නින්දාවක් වන්නේය. ශ්‍රමණ භවත් ගෞතමයන්ට වෙනත් බොහෝ සළු දී එය බැහැර කරවන්නෙමි. හෙතෙම බොහෝ සළු ගෙන්වාගෙන පුතා සමග වේළුවනයට ගොස් බුදු රජුන් දැක එකත්පසෙක සිටියේ, මෙසේ කීවේය. ඇත්ත ද භවත් ගෞතමයෙනි, ඔබ වහන්සේ විසින් අමු සොහොනෙන් සළු යුගලක් ගන්නා ලද්දේ ද? බමුණ, ඇත්තයි. භවත් ගෞතමයෙනි, ඒ සළු යුගල අවමංගල්‍යයකි. නුඹ වහන්සේ එය පරිභෝග කිරීමෙන් නැසෙන්නහුය. මුළු විහාරය ම නැසෙන්නේය. ඉදින්, නුඹ වහන්සේට ඇඳුමක් හෝ පොරෝණයක් හෝ ප්‍රමාණවත් නො වේ නම් මේ සළු ගෙන එය ඉවත දමනු මැනවි. ඉක්බිති, ඔහුට බුදුහු බමුණ, අපි පැවිද්දෝ වෙමු. අපට අමු සොහොනෙහි හෝ ඇතුල් වීදියෙහි හෝ කසල ගොඩෙහි හෝ නාන තොටෙහි හෝ මහමඟෙහි හෝ මෙබඳු ස්ථානවල ඉවත දමන ලද හෝ වැටුණු හෝ වස්ත්‍ර (රෙදි) වටියි. නුඹ වනාහි දැන් පමණක් නොව පෙරත් මෙබඳු පිළිගැනීම් ඇත්තකු යි වදාරා ඔහු විසින් අයැදින ලද්දහු, අතීතය ගෙනහැර දැක්වූහ.
අතීතෙ මගධරට්ඨෙ රාජගහනගරෙ ධම්මිකො මගධරාජා රජ්ජං කාරෙසි. තදා බොධිසත්තො එකස්මිං උදිච්චබ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා හිමවන්තෙ වසමානො එකස්මිං කාලෙ හිමවන්තතො නික්ඛමිත්වා රාජගහනගරෙ රාජුය්යානං පත්වා තත්ථ වසිත්වා දුතියදිවසෙ භික්ඛාචාරත්ථාය නගරං පාවිසි. රාජා තං දිස්වා පක්කොසාපෙත්වා පාසාදෙ නිසීදාපෙත්වා භොජෙත්වා උය්යානෙයෙව වසනත්ථාය පටිඤ්ඤං ගණ්හි. බොධිසත්තො රඤ්ඤො නිවෙසනෙ භුඤ්ජිත්වා උය්යානෙ වසති. තස්මිං කාලෙ රාජගහනගරෙ දුස්සලක්ඛණබ්රාහ්මණො නාම අහොසි. තස්ස සමුග්ගෙ ඨපිතං සාටකයුගන්ති සබ්බං පුරිමසදිසමෙව.
යටගිය දවස මගධ රටේ රජගහ නුවර දැහැමි මගධ රජෙක් රාජ්‍යය කළේය. එකල බෝසත්හු එක්තරා උසස් බමුණු කුලයක ඉපදී නුවණ මුහුකුරා යාමට පැමිණියේ තවුස් පැවිද්දෙන් පැවිදි ව අභිඥා ද සමාපත්තීන් ද උපදවා ගෙන හිමවතෙහි වෙසෙමින් එක් කලෙක හිමවතෙන් නික්මී රජගහ නුවර රජ උයනට පැමිණ එහි වාසය කොට දෙවැනි දවසේ පිඬු පිණිස නගරයට පිවිසියේය. රජතුමා ඒ තවුසා දැක කැඳවා ප්‍රාසාදයෙහි හිඳුවා වළඳවා උයනෙහි ම විසීම පිණිස ප්‍රතිඥා ගත්තේය. බෝසත්හු රජ නිවසින් වළඳා උයනෙහි වසති. ඒ කාලයෙහි රජගහ නුවර දුස්ස ලක්ඛණ නම් බමුණකු විය. ඔහුගේ සුමුගුවෙන් තබන ලද සළු යුගල සියල්ල පෙර පරිදි මය.
මාණවෙ පන සුසානං ගච්ඡන්තෙ බොධිසත්තො පඨමතරං ගන්ත්වා සුසානද්වාරෙ නිසීදිත්වා තෙන ඡඩ්ඩිතං සාටකයුගං ගහෙත්වා උය්යානං අගමාසි. මාණවො ගන්ත්වා පිතු ආරොචෙසි. පිතා “රාජකුලූපකො තාපසො නස්සෙය්යා”ති බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා “තාපස, තයා ගහිතසාටකෙ ඡඩ්ඩෙහි, මා නස්සී”ති ආහ. තාපසො “අම්හාකං සුසානෙ ඡඩ්ඩිතපිලොතිකා වට්ටති, න මයං කොතුහලමඞ්ගලිකා, කොතුහලමඞ්ගලං නාමෙතං න බුද්ධපච්චෙකබුද්ධබොධිසත්තෙහි වණ්ණිතං, තස්මා පණ්ඩිතෙන නාම කොතුහලමඞ්ගලිකෙන න භවිතබ්බ”න්ති බ්රාහ්මණස්ස ධම්මං දෙසෙසි. බ්රාහ්මණො ධම්මං සුත්වා දිට්ඨිං භින්දිත්වා බොධිසත්තං සරණං ගතො. බොධිසත්තොපි අපරිහීනජ්ඣානො බ්රහ්මලොකපරායණො අහොසි.
මානවකයන් වනාහි සොහොනට යන කල්හි බෝසත්හු පෙරාතුව ගොස් සොහොන් දොරටුවෙහි හිඳගෙන ඔහු විසින් ඉවත ලන ලද සළු යුවල ගෙන උයනට ගියහ. මානවකයා ගොස් පියාට සැලකළේය. පියා රජතුමාගේ හිතවත් තාපසයා නසින්නේයැ යි බෝසතාණන්ගේ ළඟට ගොස් තාපසතුමනි, නුඹ වහන්සේ විසින් ගන්නා ලද සළු ඉවතලන්න. නො නැසෙන්නේයැ යි කීවේය. තාපසයා, අවට සොහොනෙහි ඉවත ලන ලද රෙදි වටියි. අපි කෝතුහල මංගලික නො වෙමු. මේ කෝතුහල මංගලය, බුදු, පසේ බුදු, බෝධි සත්ත්වයන් විසින් වර්ණනා නො කරන ලද්දකි. ඒ නිසා නුවණ ඇත්තා විසින් කෝතුහල මංගලිකයකු නො විය යුතුයැ යි බමුණාට දහම් දෙසීය. බමුණා දහම් අසා දෘෂ්ටිය අත්හැර බෝසතුන් සරණ ගියේය. බෝසත් තෙමේ ද නො පිරිහුණු ධ්‍යාන ඇත්තේ, බඹ ලොව පිහිටකොට ඇත්තකු විය.
සත්ථාපි ඉමං අතීතං ආහරිත්වා අභිසම්බුද්ධො හුත්වා බ්රාහ්මණස්ස ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
බුදු රජහු ද මේ අතීතය ගෙනහැර දක්වා බමුණාට දහම් දේශනා කැරෙමින් මේ ගාථාව වදාළහ.
“යස්ස මඞ්ගලා සමූහතා, උප්පාතා සුපිනා ච ලක්ඛණා ච; සො මඞ්ගලදොසවීතිවත්තො, යුගයොගාධිගතො න ජාතුමෙතී”ති.
“යස්ස මඞ්ගලා සමූහතා, උප්පාතා සුපිනා ච ලක්ඛණා ච, ස මඞ්ගලදොසවීතිවත්තො, යුගයොගාධිගතො න ජාතු මෙතීති”
“යම් රහත් කෙනකුගේ (දිට්ඨ, සුත, මුත ආදී) මංගලයෝ ද (සූර්යය ග්රහණාදී) උප්පාතයෝ ද ස්වජනයෝ ද ලක්ෂණයෝ ද මනාකොට නසන ලද්දාහු ද මංගල දෝෂයන් ඉක්ම සිටියේ ද යුග ධර්මයන් ද යෝග ධර්මයන් ද යටපත් කොට සිටියේ ද ඒ රහත් උතුමා ඒකාන්තයෙන් (ප්රතිසන්ධි වශයෙන් මේ ලෝකයට) නො එන්නේය.”
තත්ථ යස්ස මඞ්ගලා සමූහතාති යස්ස අරහතො ඛීණාසවස්ස දිට්ඨමඞ්ගලං, සුතමඞ්ගලං, මුතමඞ්ගලන්ති එතෙ මඞ්ගලා සමුච්ඡින්නා. උප්පාතා සුපිනා ච ලක්ඛණා චාති “එවරූපො චන්දග්ගාහො භවිස්සති, එවරූපො සූරියග්ගාහො භවිස්සති, එවරූපො නක්ඛත්තග්ගාහො භවිස්සති, එවරූපො උක්කාපාතො භවිස්සති, එවරූපො දිසාඩාහො භවිස්සතී”ති ඉමෙ පඤ්ච මහාඋප්පාතා, නානප්පකාරා සුපිනා, සුභගලක්ඛණං, දුබ්භගලක්ඛණං, ඉත්ථිලක්ඛණං, පුරිසලක්ඛණං, දාසිලක්ඛණං, දාසලක්ඛණං, අසිලක්ඛණං, හත්ථිලක්ඛණං, අස්සලක්ඛණං, උසභලක්ඛණං, ආවුධලක්ඛණං, වත්ථලක්ඛණන්ති එවමාදිකානි ලක්ඛණානි ඉමෙ ච දිට්ඨිට්ඨානා යස්ස සමූහතා, න එතෙහි උප්පාතාදීහි අත්තනො මඞ්ගලං වා අවමඞ්ගලං වා පච්චෙති. සො මඞ්ගලදොසවීතිවත්තොති සො ඛීණාසවො සබ්බමඞ්ගලදොසෙ වීතිවත්තො අතික්කන්තො පජහිත්වා ඨිතො. යුගයොගාධිගතොති “කොධො ච උපනාහො ච, මක්ඛො ච පළාසො චා”තිආදිනා (විභ· 833) නයෙන ද්වෙ ද්වෙ එකතො ආගතකිලෙසා යුගා නාම. කාමයොගො, භවයොගො, දිට්ඨියොගො, අවිජ්ජායොගොති ඉමෙ සංසාරෙ යොජනභාවතො චත්තාරො යොගා නාම. තෙ යුගෙ ච යොගෙ චාති යුගයොගෙ අධිගතො අභිභවිත්වා ගතො වීතිවත්තො සමතික්කන්තො ඛීණාසවො භික්ඛු. න ජාතුමෙතීති පුන පටිසන්ධිවසෙන එකංසෙනෙව ඉමං ලොකං න එති නාගච්ඡතීති.
එහි, “යස්ස මඞ්ගලා සමූහතාති”, යම් අරහත් වූ ක්ෂීණාශ්රවයන් වහන්සේ නමක් දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල යන මේ මංගලයෝ මුලින් ම උපුටා හරින ලද්දේය. “උප්පාතා සුපිනා ච ලක්ඛණා චාති”, මෙබඳු චන්ද්‍ර ග්‍රහණයක් වන්නේය. මෙබඳු සූර්යය ග්‍රහණයක්, මෙබඳු නැකත් ග්‍රහණයක්, මෙබඳු උල්කාපාතයක්, මෙබඳු ලැව් ගින්නක්, මේ පස් මහා පහළවීම්, නොයෙක් ආකාර සිහින, ඉටු ලකුණු හා අනිටු ලකුණු, ස්ත්‍රී ලක්ෂණ, පුරුෂ ලක්ෂණ, දාසයන්ගේ ලක්ෂණ, දාසීන්ගේ ලක්ෂණ, කඩු ලක්ෂණ, ගොන් ලක්ෂණ, වස්ත්‍ර පිළිබඳ ලක්ෂණ මේ ආදී වූ ලක්ෂණ ද මේ දෘෂ්ටි පිහිටන ස්ථාන ද යමකු විසින් නසන ලද්දේ ද මේ පහළවීම් ආදියෙන් තමන්ගේ මඟුල් අවමඟුල් දෙක ම නො සලකයි. “ස මඞ්ගලදොසවීතිවත්තොති”, ඒ ක්ෂීණාශ්රව තෙමේ සියලු මංගල දෝෂයන් ඉක්මවා සිටියේ, පැන සිටියේ, අත්හැර සිටියේ, “යුගයොගාධිගතො න ජාතු මෙතීති”, ක්‍රෝධය, වෛරය, ගුණමකු බව, ගුණවතුන් සම ව සිතීම ආදී වශයෙන් යුගල වශයෙන් පවතින එකට ආවා වූ කෙලෙස් යුවල නමි. කාම යෝගය නම් කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන මේවාය. සත්ත්වයා සසර බැඳ තබන බැවින් මේවා සතර යෝග නමි. ඒ යුග ක්ලේශ හා යෝග ක්ලේශයන් ඉක්මවා ගිය හැම ආකාරයෙන් ම අතහැර ගිය රහත් භික්ෂුව කිසි කලෙක ප්රතිසන්ධි වශයෙන් මේ ලෝකයට නො එයි. නො පැමිණෙයි.
එවං සත්ථා ඉමාය ගාථාය බ්රාහ්මණස්ස ධම්මං දෙසෙත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ බ්රාහ්මණො සද්ධිං පුත්තෙන සොතාපත්තිඵලෙ පතිට්ඨහි. සත්ථා ජාතකං සමොධානෙසි – “තදා එතෙව පිතාපුත්තා ඉදානි පිතාපුත්තා අහෙසුං, තාපසො පන අහමෙව අහොසි”න්ති.
මෙසේ බුදුහු මේ ගාථාවෙන් බමුණාට දම් දෙසා නැවත සත්‍යය ප්‍රකාශ කළහ. සත්‍යය දේශනාවගේ කෙළවර පුතා සමග බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුහු ජාතකය නිමා කළහ. එකල මේ දෙදෙනා ම පිය පුත් වූහ. තාපසයා වනාහි මම ම වීමි.
මඞ්ගලජාතකවණ්ණනා සත්තමා.