6. සීලවීමංසකජාතකවණ‍්ණනා 86 අට‍්ඨකථා
6. සීලවීමංසකජාතකවණ‍්ණනා (86)
6. සීලවීමංස ජාතකය (86)
සීලං කිරෙව කල්‍යාණන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං සීලවීමංසකං බ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි. සො කිර කොසලරාජානං නිස‍්සාය ජීවති තිසරණං ගතො අඛණ‍්ඩපඤ‍්චසීලො තිණ‍්ණං වෙදානං පාරගූ. රාජා “අයං සීලවා”ති තස‍්ස අතිරෙකසම‍්මානං කරොති. සො චින‍්තෙසි “අයං රාජා මය‍්හං අඤ‍්ඤෙහි බ්‍රාහ‍්මණෙහි අතිරෙකසම‍්මානං කරොති, අතිවිය මං ගරුං කත්‍වා පස‍්සති, කිං නු ඛො එස මම ජාතිගොත‍්තකුලප‍්පදෙසසිප‍්පසම‍්පත‍්තිං නිස‍්සාය ඉමං සම‍්මානං කරොති, උදාහු සීලසම‍්පත‍්තිං, වීමංසිස‍්සාමි තාවා”ති. සො එකදිවසං රාජූපට‍්ඨානං ගන‍්ත්‍වා ඝරං ආගච‍්ඡන‍්තො එකස‍්ස හෙරඤ‍්ඤිකස‍්ස ඵලකතො අනාපුච‍්ඡිත්‍වා එකං කහාපණං ගහෙත්‍වා අගමාසි, හෙරඤ‍්ඤිකො බ්‍රාහ‍්මණෙ ගරුභාවෙන කිඤ‍්චි අවත්‍වා නිසීදි. පුනදිවසෙ ද‍්වෙ කහාපණෙ ගණ‍්හි, හෙරඤ‍්ඤිකො තථෙව අධිවාසෙසි. තතියදිවසෙ කහාපණමුට‍්ඨිං අග‍්ගහෙසි, අථ නං හෙරඤ‍්ඤිකො “අජ‍්ජ තෙ තතියො දිවසො රාජකුටුම‍්බං විලුම‍්පන‍්තස‍්සා”ති “රාජකුටුම‍්බවිලුම‍්පකචොරො මෙ ගහිතො”ති තික‍්ඛත‍්තුං විරවි. අථ නං මනුස‍්සා ඉතො චිතො ච ආගන‍්ත්‍වා “චිරංදානි ත්‍වං සීලවා විය විචරී”ති ද‍්වෙ තයො පහාරෙ දත්‍වා බන්‍ධිත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං.
“සීලං කිරෙච කල්‍යාණන්ති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වසන සේක්, එක් සිල් විමසන බමුණකු අරබයා වදාළහ. හෙතෙම වනාහි කොසොල් රජතුමා නිසා ජීවත් වෙයි. තෙරුවන් සරණ ගියේ නො කඩවා පන්සිල් රකින්නේ, වේදයෙහි පරතෙරට ගියේය. රජතුමා මේ තෙමේ සිල්වත්යැ යි අමතර ව ගරු කරයි. හෙතෙමේ මෙසේ සිතුවේය. මේ රජ තෙමේ මට අනිත් බමුණන්ට වඩා අමතර සම්මානයක් කරයි. අතිශයින් මා ගරුකොට සිතයි. කිම, මොහු මගේ ජාතිය, ගෝත්‍රය, කුල ප්‍රදේශය හා දැන උගත්කම් නිස මේ සම්මාන කරන්නේ ද, නැති නම් සිල්වත් කම විමසන්නෙමි යි සිතූහ. හෙතෙම එක් දවසක් රාජ්‍ය සේවයට ගොස් ගෙට එන්නේ, එක් රන්කරුවකුගේ පුවරුවකින් නො දන්වා එක් කහවණුවක් ගෙන ගියේය. රන්කරුවා බමුණා කෙරෙහි ගෞරවයෙන් කිසිවක් නො කියා හුන්නේය. දෙවැනි දවසෙහි කහවණු දෙකක් ගත්තේය. රන්කරුවා එසේ ම ඉවසා සිටියේය. තෙවැනි දිනයේ මිටක් පමණ කහවණු ගත්තේය. ඉක්බිති, රන්කරුවා අද ඔබගේ තෙවැනි දවසයි. රාජ භාණ්ඩාගාරය පහරන සොරා මා විසින් අල්ලා ගන්නා ලද්දේය. තෙවරක් හද ගැසීය. එවිට මිනිස්සු වටින් පිටින් අවුත් ඔමුට, ඔබ මෙතෙක් කල් සිල්වතකු මෙන් හැසිරුණෙහිය. පහර දෙක තුනක් දී බැඳ රජුට දැන්වූහ.
රාජා විප‍්පටිසාරී හුත්‍වා “කස‍්මා, බ්‍රාහ‍්මණ, එවරූපං දුස‍්සීලකම‍්මං කරොසී”ති වත්‍වා “ගච‍්ඡථ, තස‍්ස රාජාණං කරොථා”ති ආහ. බ්‍රාහ‍්මණො “නාහං, මහාරාජ, චොරො”ති ආහ. අථ “කස‍්මා රාජකුටුම‍්බිකස‍්ස ඵලකතො කහාපණෙ ගණ‍්හී”ති? “එතං මයා තයි මම අතිසම‍්මානං කරොන‍්තෙ ‘කිං නු ඛො රාජා මම ජාතිආදීනි නිස‍්සාය අතිසම‍්මානං කරොති, උදාහු සීලං නිස‍්සායා’ති වීමංසනත්‍ථාය කතං, ඉදානි පන මයා එකංසෙන ඤාතං. යථා සීලමෙව නිස‍්සාය තයා මම සම‍්මානො කතො, න ජාතිආදීනි. තථා හි මෙ ඉදානි රාජාණං කාරෙසි, ස‍්වාහං ඉමිනා කාරණෙන ‘ඉමස‍්මිං ලොකෙ සීලමෙව උත‍්තමං සීලං පමුඛ’න‍්ති සන‍්නිට‍්ඨානං ගතො. ඉමස‍්ස පනාහං සීලස‍්ස අනුච‍්ඡවිකං කරොන‍්තො ගෙහෙ ඨිතො කිලෙසෙ පරිභුඤ‍්ජන‍්තො න සක‍්ඛිස‍්සාමි කාතුං, අජ‍්ජෙව ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමි, පබ‍්බජ‍්ජං මෙ දෙථ, දෙවා”ති වත්‍වා රාජානං අනුජානාපෙත්‍වා ජෙතවනාභිමුඛො පායාසි.
රජතුමා විපිළිසර වී බමුණ, ඔබ මෙබඳු පවිටු ක්‍රියාවක් කුමක් නිසා කළෙහිදැ යි කියා මොහුට රාජාඥාව පනව යි කීය. බමුණා මහරජ, මම සොරෙක් නො වෙමි යි කීය. එසේ නම් කුමක් නිසා පුවරුවෙන් කහවණු ගත්තෙහි ද? ඔබ මා කෙරෙහි ඉතා මහත් ගෞරවයක් කරන්නෙහිය. කිමෙක් ද? රජ මාගේ කුල ගෝත්‍ර ආදිය නිසා මහත් සම්මාන කරයි ද? නැතිනම් ශීලය නිසාදැයි විමසනු පිණිස කරන ලදි. දැන් මවිසින් නිත්‍යය වශයෙන් දැන ගන්නා ලදි. ශීලය නිසා ම ඔබ විසින් මට සම්මාන කරන ලද්දේය. ජාත්‍යාදිය නිසා නො වෙයි. ඒ එසේ මැයි. දැන් මට රාජාඥාව පනවනු මැනව. ඒ මම මේ කාරණයෙන් මේ ලෝකයෙහි ශීලය ම උතුම්ය. ශීලය ම ශ්‍රේෂ්ඨ මයැ යි තීරණය කළෙමි. මේ ශීලයට සුදුසු ලෙස හැසිරීමට නම් ගිහි ගෙයි සිට කාම සම්පත් විඳිමින් නො හැක්කෙමි. අද ම දෙව්රම් වෙහෙරට ගොස් බුදුන් සමීපයේ පැවිදි වන්නෙමි. දේවයිනි, මට පැවිදිවීමට ඉඩ දෙනු මැනවි යි කීහ. රජුගෙන් අනුමැතිය ලබා දෙව්රම් වෙහෙර දෙසට ගියේය.
අථ නං ඤාතිසුහජ‍්ජබන්‍ධවා සන‍්නිපතිත්‍වා නිවාරෙතුං අසක‍්කොන‍්තා නිවත‍්තිංසු. සො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච ලභිත්‍වා අවිස‍්සට‍්ඨකම‍්මට‍්ඨානො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “භන‍්තෙ, මය‍්හං පබ‍්බජ‍්ජා මත්‍ථකං පත‍්තා”ති අඤ‍්ඤං බ්‍යාකාසි. තස‍්ස තං අඤ‍්ඤබ්‍යාකරණං භික‍්ඛුසඞ‍්ඝෙ පාකටං ජාතං. අථෙකදිවසං ධම‍්මසභායං සන‍්නිපතිතා භික‍්ඛූ “ආවුසො, අසුකො නාම රඤ‍්ඤො උපට‍්ඨාකබ්‍රාහ‍්මණො අත‍්තනො සීලං වීමංසිත්‍වා රාජානං ආපුච‍්ඡිත්‍වා පබ‍්බජිත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨිතො”ති තස‍්ස ගුණං කථයමානා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානි අයමෙව බ්‍රාහ‍්මණො අත‍්තනො සීලං වීමංසිත්‍වා පබ‍්බජිත්‍වා අත‍්තනො පතිට‍්ඨං අකාසි, පුබ‍්බෙපි පණ‍්ඩිතා අත‍්තනො සීලං වීමංසිත්‍වා පබ‍්බජිත්‍වා අත‍්තනො පතිට‍්ඨං කරිංසූ”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.
ඉක්බිති, ඔහුගේ ඤාති මිත්‍රාදීහු රැස්ව ඔහු නැවැත්වීමට නො හැකි ව නැවතුණහ. ඔහු බුදු රජුන් වෙත එළැඹ පැවිදි බව ඉල්ලා පැවිදි උපසම්පදා ලැබ දැඩි උත්සාහ ඇත්තේ, විදසුන් වඩා රහත් බවට පැමිණ බුදු රජුන් වෙත එළැඹ ස්වාමීනි, මගේ පැවිද්ද සාර්ථක බවට පැමිණියේයැ යි රහත් බව ප්‍රකාශ කෙළේය. ඔහුගේ ඒ රහත් බව ප්‍රකාශ කිරීම මහසඟන අතර ප්‍රකට විය. ඉක්බිති, එක් දවසක් දම් සභාවෙහි රැස්වූ භික්‍ෂූහු ඇවැත්නි, අසවල් නම් ඇති රාජ උපස්ථායක බමුණා තමාගේ සිල් විමසා රජුන් අනු දන්වා පැවිදි ව රහත් බවෙහි පිහිටියේයැ යි, ඔහු පිළිබඳ ගුණය කියමින් හුන්නාහුය. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් යුතුව හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි මහණෙනි, මේ බමුණු තෙම තමාගේ ශීලය විමසවා පැවිදි ව තමාට පිහිටක් කළේ දැන් පමණක් නො වේ. පෙර ද නුවණ ඇත්තෝ තමාගේ ශීලය විමසවා පැවිදි ව තමා හට පිහිටක් කළාහුමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස පුරොහිතො අහොසි දානාධිමුත‍්තො සීලජ‍්ඣාසයො අඛණ‍්ඩපඤ‍්චසීලො. රාජා සෙසබ්‍රාහ‍්මණෙහි අතිරෙකං තස‍්ස සම‍්මානං කරොතීති සබ‍්බං පුරිමසදිසමෙව. බොධිසත‍්තෙ පන බන්‍ධිත්‍වා රඤ‍්ඤො සන‍්තිකං නීයමානෙ අහිතුණ‍්ඩිකා අන‍්තරවීථියං සප‍්පං කීළාපෙන‍්තා නඞ‍්ගුට‍්ඨෙ ගණ‍්හන‍්ති, ගීවාය ගණ‍්හන‍්ති, ගලෙ වෙඨෙන‍්ති. බොධිසත‍්තො තෙ දිස‍්වා “මා, තාතා, එවං සප‍්පං නඞ‍්ගුට‍්ඨෙ ගණ‍්හථ, මා ගීවාය ගණ‍්හථ, මා ගලෙ වෙඨෙථ. අයඤ‍්හි වො ඩංසිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙය්‍යා”ති ආහ. අහිතුණ‍්ඩිකා “අයං, බ්‍රාහ‍්මණ, සප‍්පො සීලවා ආචාරසම‍්පන‍්නො තාදිසො දුස‍්සීලො න හොති, ත්‍වං පන අත‍්තනො දුස‍්සීලතාය අනාචාරෙන රාජකුටුම‍්බවිලුම‍්පකචොරොති බන්‍ධිත්‍වා නීයසී”ති ආහංසු.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කැරද්දී බෝසත්හු ඒ රජුගේ පුරෝහිත බමුණා විය. හේ දන්දීමෙහි ඇලුණේය. ශීලයෙන් සපිරුණේය. නො කැඩුණු පන්සිල් ඇත්තාහ. රජ සෙසු බමුණන්ට වඩා වැඩියෙන් ඔහුට සම්මාන කරයි. සෙසු සියල්ල පෙර කථාව මෙනි. බෝසතුන් බැඳ රජු ළඟට ගෙන යනු ලබන කල්හි ඇතුළු වීදියෙහි අහිගුණ්ඨිකයෝ නාගයකු ලවා ක්‍රීඩා කැරවමින් ඔහුගේ වලිගයෙන් ගනිති. ගෙලෙන් ගනිත්. තමාගේ ගෙලෙහි වෙලි ගනිත්. බෝසත්හු ඔවුන් දැක දරුවනි, මේ නාගයා නගුටෙන් නො ගනිවු. බෙල්ලෙන් නො ගනිවු. බෙල්ලෙහි වෙලා නො ගනිවු. මේ නාගයා තොපට දෂ්ට කොට මරණයට පමුණුවන්නේය. එවිට අහිගුණ්ඨිකයෝ බමුණ, මේ නාගයා සිල්වත්ය. සිරිත් විරිත් දන්නේය. තොප මෙන් දුශ්ශීලයෙක් නො වෙයි. තොප වනාහි තමාගේ දුසිල් බව නිසාත් නො සිරිත් බව නිසාත් රාජ භාණ්ඩාගාරය පහරා සොරකු ලෙස බැඳගෙන යනු ලබතැ යි කීවාහ.
සො චින‍්තෙසි “සප‍්පාපි තාව අඩංසන‍්තා අවිහෙඨෙන‍්තා ‘සීලවන‍්තො’ති නාමං ලභන‍්ති, කිමඞ‍්ගං පන මනුස‍්සභූතා. සීලමෙව ඉමස‍්මිං ලොකෙ උත‍්තමං, නත්‍ථි තතො උත‍්තරිතර”න‍්ති. අථ නං නෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං. රාජා “කිං ඉදං, තාතා”ති පුච‍්ඡි. “රාජකුටුම‍්බවිලුම‍්පකො චොරො, දෙවා”ති. “තෙන හිස‍්ස රාජාණං කරොථා”ති. බ්‍රාහ‍්මණො “නාහං, මහාරාජ, චොරො”ති ආහ. “අථ කස‍්මා කහාපණෙ අග‍්ගහෙසී”ති ච වුත‍්තෙ පුරිමනයෙනෙව සබ‍්බං ආරොචෙන‍්තො “ස‍්වාහං ඉමිනා කාරණෙන ‘ඉමස‍්මිං ලොකෙ සීලමෙව උත‍්තමං, සීලං පාමොක‍්ඛ’න‍්ති සන‍්නිට‍්ඨානං ගතො”ති වත්‍වා “තිට‍්ඨතු තාව ඉදං, ආසීවිසොපි තාව අඩංසන‍්තො අවිහෙඨෙන‍්තො ‘සීලවා’ති වත‍්තබ‍්බතං ලභති. ඉමිනාපි කාරණෙන සීලමෙව උත‍්තමං, සීලං පවර”න‍්ති සීලං වණ‍්ණෙන‍්තො ඉමං ගාථමාහ –
බෝසත්හු මෙසේ සිතූහ. නාගයෝ ද දෂ්ට නො කරන කල්හි අනුන්ට හිංසා නො කරන කල්හි සිල්වත් නාමය ලබයි. මනුෂ්‍යය්න ගැන කියනු කිම? ශීලය ම ලොව උතුම් වේ. ඊට වඩා උසස් දෙයක් ලොව නැත. ඉක්බිති, මිනිස්සු ඔවුන් ගෙන ගොස් රජුට දැක්වූහ. රජ, දරුවනි, මේ කවරෙක්දැ යි විචාළේය. දේවයිනි, මොහු රාජ වස්තුව සොරකම් කරන්නෙකි. එසේ නම් මොහුට රජ අණ පනවමු. බමුණා, මහරජ, මම සොරෙක් නො වෙමි. එසේ නම් කුමක් නිසා කහවණු ගත්තෙහි ද? මෙතැන් සිට පෙර මෙන් සියල්ල ප්‍රකාශ කළහ. ඒ මම මේ කාරණයෙන් මේ ලෝකයෙහි සිල් ම උසස් බවත් ශීලය ම පෙරටුව සිටින බවත් නිගමනය කළෙමි යි කියා මේ නාගයා පවා දෂ්ට නො කරන්නේ, අනුන් නො වෙහෙසන්නේ, සිල්වත්යැ යි කිවයුතු බව ලබයි. මේ කාරණයෙන් ද ශීලය ම උසස් වේ. ශීලය ම ශ්‍රේෂ්ඨ වේ. ශීලය වර්ණනා කරන්නාහු, මේ ගාථාව කීහ.
“සීලං කිරෙව කල්‍යාණං, සීලං ලොකෙ අනුත්තරං; පස්ස ඝොරවිසො නාගො, සීලවාති න හඤ‍්ඤතී”ති.
“සීලං කිරෙව කල්‍යාණං සීලං ලොකෙ අනුත්තරං, පස්ස ඝොරවිසො නාගො සීලවාති න හඤ්ඤතීති”
“ආචාර ශීලය ම යහපත්ය. ලෝකයෙහි ශීලය ශ්‍රේෂ්ඨය. බලව. නපුරු විෂ ඇති සර්ප තෙමේ සිල්වත් වෙමි යි (අන්‍යයන්ට) හිංසාවක් නො කැරේ.”
තත්‍ථ සීලං කිරෙවාති කායවාචාචිත‍්තෙහි අවීතික‍්කමසඞ‍්ඛාතං ආචාරසීලමෙව. කිරාති අනුස‍්සවවසෙන වදති. කල්‍යාණන‍්ති සුන්‍දරතරං. අනුත‍්තරන‍්ති ජෙට‍්ඨකං සබ‍්බගුණදායකං. පස‍්සාති අත‍්තනා දිට‍්ඨකාරණං අභිමුඛං කරොන‍්තො කථෙති. සීලවාති න හඤ‍්ඤතීති ඝොරවිසොපි සමානො අඩංසනඅවිහෙඨනමත‍්තකෙන සීලවාති පසංසං ලභති, න හඤ‍්ඤති න විහඤ‍්ඤතීති. ඉමිනාපි කාරණෙන සීලමෙව උත‍්තමන‍්ති.
එහි, “සීලං කිරෙවාති”, කය, වචන, හිත යන තුන් දොර නො ඉක්මවීම නම් වූ ආධාර ශීලය මයි. “කිරාති”, සුති සූචනාර්ථය කියයි. “කල්‍යාණන්ති”, යනු වඩාත් යහපත් යනුයි. “අනුත්තරන්ති”, සියලු ගුණයෙන් හෙබි ප්‍රධානියා, “පස්සති”, තමා විසින් දක්නා ලද පුවත පෙරටු කොට කීවේය. “සීලවාති න හඤ්ඤතීති”, ඝෝර විෂ ඇති සර්පයකු වුව ද දෂ්ට නො කරන නො වෙහෙසන පමණකින් සිල්වත්නම් පැසසුම් ද ලබයි. නො නසයි. නො වෙහෙසයි, යන මේ කාරණයෙන් ශීලය උතුම් වේ.
එවං බොධිසත‍්තො ඉමාය ගාථාය රඤ‍්ඤො ධම‍්මං දෙසෙත්‍වා කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා පඤ‍්චාභිඤ‍්ඤා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.
මෙසේ බෝසත්හු මේ ගාථාවෙන් රජුට දහම් දෙසා පස්කම් සැප හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමවතට ගොස් පඤ්ච අභිඥා, අෂ්ට සමාපත්තීන් උපදවා බඹලොව පිහිටකොට ඇත්තෙක් වූහ.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, රාජපරිසා බුද‍්ධපරිසා, පුරොහිතො පන අහමෙව අහොසි”න‍්ති.
බුදුහු මේ ජාතක දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළහ. එදා රජ පිරිස මෙකල බුදු පිරිස විය. බමුණා මම ම වීමි.
සීලවීමංසකජාතකවණ‍්ණනා ඡට‍්ඨා.