5. කිංපක්කජාතකවණ්ණනා 85 අට්ඨකථා
5. කිංපක්කජාතකවණ්ණනා (85)
5. කිම්පක්ක ජාතකය (85)
ආයතිං දොසං නාඤ්ඤායාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. අඤ්ඤතරො කිර කුලපුත්තො බුද්ධසාසනෙ උරං දත්වා පබ්බජිතො එකදිවසං සාවත්ථියං පිණ්ඩාය චරන්තො එකං අලඞ්කතඉත්ථිං දිස්වා උක්කණ්ඨි. අථ නං ආචරියුපජ්ඣායා සත්ථු සන්තිකං ආනයිංසු. සත්ථා “සච්චං කිර ත්වං භික්ඛු උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්ච”න්ති වුත්තෙ “පඤ්ච කාමගුණා නාමෙතෙ භික්ඛු පරිභොගකාලෙ රමණීයා. සො පන තෙසං පරිභොගො නිරයාදීසු පටිසන්ධිදායකත්තා කිංපක්කඵලපරිභොගසදිසො හොති. කිංපක්කඵලං නාම වණ්ණගන්ධරසසම්පන්නං, ඛාදිතං පන අන්තානි ඛණ්ඩිත්වා ජීවිතක්ඛයං පාපෙති. පුබ්බෙ බහූ බාලජනා තස්ස දොසං අදිස්වා වණ්ණගන්ධරසෙසු බජ්ඣිත්වා තං ඵලං පරිභුඤ්ජිත්වා ජීවිතක්ඛයං පාපුණිංසූ”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
“ආයතිදොසං නාඤ්ඤායාති” යන මේ ධර්ම දේශනාව බුදු රජහු දෙව්රමෙහි වැඩ වසන සේක්, එක් උකටලී භික්ෂුවක් අරබයා දේශනා කළහ. එක්තරා කුල පුත්‍රයෙක් බුදු සසුනෙහි උරදී පැවිදි ව එක් දවසක් සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන්නේ, මනා රූසපුවෙන් යුත් ස්ත්‍රියක දැක කළකිරුණේය. ඉක්බිති, ආචාර්ය උපාධ්‍යායයෝ ඔහු රැගෙන බුදු රජුන් වෙත ගියහ. බුදු රජහු මහණ, ඔබ උකටලී වූයේ සැබෑදැ යි විචාරා ස්වාමීනි, සත්‍යයැ යි කී කල්හි, මහණ, මේ පඤ්ච කාම සම්පත් විඳින කල්හි මනහරය. එහෙත් ඒ විඳීමෙන් නිරය ආදියෙහි ඉපදීමට හේතුවන බැවින් කිම්පක්ක නම් ගෙඩි අනුභව කිරීම හා සමාන වේ. කිම්පක්ක ඵල වනාහි පැහැයෙන්, සුවඳින්, රසයෙන් යුක්තය. එහෙත් අනුභව කළ පසු බඩවැල් කඩ කඩ කොට මරණයට පමුණුවයි. පෙර බොහෝ මිනිස්සු මෙහි දොස් නො දැක පැහැයට, සුවඳට, රසයට ආසා කොට ඒ ඵල අනුභව කොට මරණයට පැමිණියහැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සත්ථවාහො හුත්වා පඤ්චහි සකටසතෙහි පුබ්බන්තාපරන්තං ගච්ඡන්තො අටවිමුඛං පත්වා මනුස්සෙ සන්නිපාතෙත්වා “ඉමිස්සා අටවියා විසරුක්ඛා නාම අත්ථි, මා ඛො මං අනාපුච්ඡා පුබ්බෙ අඛාදිතපුබ්බානි ඵලාඵලානි ඛාදිත්ථා”ති ඔවදි. මනුස්සා අටවිං අතික්කමිත්වා අටවිමුඛෙ එකං කිංපක්කරුක්ඛං ඵලභාරඔණමිතසාඛං අද්දසංසු. තස්ස ඛන්ධසාඛාපත්තඵලානි සණ්ඨානවණ්ණරසගන්ධෙහි අම්බසදිසානෙව. තෙසු එකච්චෙ වණ්ණගන්ධරසෙසු බජ්ඣිත්වා අම්බඵලසඤ්ඤාය ඵලානි ඛාදිංසු, එකච්චෙ “සත්ථවාහං පුච්ඡිත්වා ඛාදිස්සාමා”ති ගහෙත්වා අට්ඨංසු. බොධිසත්තො තං ඨානං පත්වා යෙ ගහෙත්වා ඨිතා, තෙ ඵලානි ඡඩ්ඩාපෙත්වා, යෙ ඛාදමානා අට්ඨංසු, තෙ වමනං කාරෙත්වා තෙසං භෙසජ්ජං අදාසි. තෙසු එකච්චෙ අරොගා ජාතා, පඨමමෙව ඛාදිත්වා ඨිතා පන ජීවිතක්ඛයං පත්තා. බොධිසත්තොපි ඉච්ඡිතට්ඨානං සොත්ථිනා ගන්ත්වා ලාභං ලභිත්වා පුන සකට්ඨානමෙව ආගන්ත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු සාත්තු නායකයෙක් ව ඉපිද ගැල් පන්සියයක් ගෙන පෙරදිගින් අපර දිගට යන්නාහු, වන දොරටුවට පැමිණ මිනිසුන් රැස් කැරවා මේ වනයෙහි විෂ ගස් ඇත. පෙර අනුභවකොට නුපුරුදු ගෙඩි මගෙන් නො විචාරා නො කවු යි අවවාද කළහ. මිනිස්සු වනය ඉක්මවා වන දොරටුවට පැමිණි කල්හි ඵල බරින් නැමුණු අතු ඇති කිම්පක්ක ගසක් දුටහ. එහි කඳ, අතු, කොළ, ගෙඩි ආදිය හැඩයෙන්, වර්ණයෙන්, රසයෙන්, ගඳින් අඹ ඵල සමාන විය. ඔවුන්ගෙන් සමහරු පැහැය සුවඳ රස නිසා ආසා කොට අඹ ඵල යන හැඟීමෙන් ඒ ගසෙහි ගෙඩි කෑහ. සමහරු ගැල් නායකයන්ගෙන් විමසා කමු යි ගෙඩි, කොළ ආදිය ගෙන බෝසතුන් වෙත ගියහ. බෝසත්හු එතැනට පැමිණ නෙලන ලද ගෙඩි බැහැරට දමා යමෙක් ගෙඩි කමින් සිටියේ ද ඔවුන් වමනය කැරවා ඔවුන්ට බෙහෙත් දෙවූහ. එයින් සමහරු නිරෝගී වූහ. පළමු ව ගෙඩි කෑ මිනිස්සු මරණයට පත්වූහ. බෝසත්හු ද තමා කැමැති ස්ථානයට සුව සේ ගොස් ලාභ ලැබ නැවත තමන්ගේ ස්ථානවලට ම පැමිණ දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියේය.
සත්ථා තං වත්ථුං කථෙත්වා අභිසම්බුද්ධො හුත්වා ඉමං ගාථමාහ –
බුදු රජහු මේ කථා පුවත ගෙනහැර දක්වා මේ ගාථාව දේශනා කළහ.
“ආයතිං දොසං නාඤ්ඤාය, යො කාමෙ පටිසෙවති; විපාකන්තෙ හනන්ති නං, කිංපක්කමිව භක්ඛිත”න්ති.
“ආයතිදොසං නාඤ්ඤාය යො කාමෙ පතිසෙවති, විපාකන්තෙ හනන්ති නං කිම්පක්කමිව භාක්ඛිතන්ති”
“මතුවන්නා වූ දෝෂය නො දැන යමෙක් කාමයෙන් සෙවුණේ ද කන ලද කිම්පක්ක නම් විෂ ඵලය මෙන් (ඒ කාමයෙන්) ඒ පුරුෂයා විපාක සංඛ්‍යාත අන්තයෙහි නිරයෙහි නොයෙක් දුක්දී නසත්.”
තත්ථ ආයතිං දොසං නාඤ්ඤායාති අනාගතෙ දොසං න අඤ්ඤාය, අජානිත්වාති අත්ථො. යො කාමෙ පටිසෙවතීති යො වත්ථුකාමෙ ච කිලෙසකාමෙ ච පටිසෙවති. විපාකන්තෙ හනන්ති නන්ති තෙ කාමා තං පුරිසං අත්තනො විපාකසඞ්ඛාතෙ අන්තෙ නිරයාදීසු උප්පන්නං නානප්පකාරෙන දුක්ඛෙන සංයොජයමානා හනන්ති. කථං? කිංපක්කමිව භක්ඛිතන්ති, යථා පරිභොගකාලෙ වණ්ණගන්ධරසසම්පත්තියා මනාපං කිංපක්කඵලං අනාගතදොසං අදිස්වා භක්ඛිතං අන්තෙ හනති, ජීවිතක්ඛයං පාපෙති, එවං පරිභොගකාලෙ මනාපාපි කාමා විපාකකාලෙ හනන්තීති දෙසනං යථානුසන්ධිං පාපෙත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලං පාපුණි. සෙසපරිසායපි කෙචි සොතාපන්නා, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, කෙචි අරහන්තො අහෙසුං.
එහි, “ආයතිදොසං නාඤ්ඤායති”, මතු ඇතිවන දෝෂ නො දැන - දන්නේ නැතුව යන අර්ථයි. “යො කාමෙ පතිසෙවති”, යමෙක් වස්තු කාම, ක්ලේශ කාමයන් සේවනය කරයි ද, “විපාකන්තෙ හනන්ති නං”, ඒ කාමයෝ, ඒ පුරුෂයෝ තමාගේ විපාක සංඛ්‍යාත කෙළවර දී නිරයාදියෙහි උපදවමින් නොයෙක් විවිධ දුක් ගෙන දෙමින් නසත්. කෙසේ ද?, “කිම්පක්කමිව භාක්ඛිතන්ති”, යම් සේ අනුභව කරන කාලයෙහි පැහැය, සුවඳ, රස නිසා ප්‍රිය වූ කිම්පක්ක ගෙඩිය අනාගත දොස් නො දැක අනුභව කරන ලද්දේ අතුනු මහත් ව මරණයට පමුණුවයි. මෙසේ අනුභව කරන කාලයෙහි මිහිරි වුව ද කාමයෝ විපාක දෙන කාලයේ නසත්. මෙසේ මේ දේශනාව සන්ධි ගළපා සිව්සස් ප්‍රකාශ කළේය. සත්‍යය දේශනාව කෙළවර කළකිරුණු භික්ෂුව සෝවාන් ඵලයට පැමිණියේය. සෙසු පිරිසෙන් සමහරෙක් සෝවාන් වූහ. සමහරෙක් සකෘදාගාමී වූහ. සමහරෙක් අනාගාමී වූහ. ඇතැමෙක් රහත් වූහ.
සත්ථාපි ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා පරිසා බුද්ධපරිසා අහොසි, සත්ථවාහො පන අහමෙව අහොසි”න්ති.
බුදුහු ද මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළහ. එකල පිරිස බුදු පිරිස විය. සත්ථුවාහකයා වනාහි මම ම වෙමි.
කිංපක්කජාතකවණ්ණනා පඤ්චමා.