යෙදුමෙන් කියවන්න

4. අත්‍ථස‍්සද‍්වාරජාතකවණ‍්ණනා 84 අට‍්ඨකථා

4. අත්‍ථස‍්සද‍්වාරජාතකවණ‍්ණනා (84)

4. අත්‍ථස්සද්වාර ජාතකය (84)

ආරොග්‍යමිච‍්ඡෙ පරමඤ‍්ච ලාභන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං අත්‍ථකුසලං කුලපුත‍්තං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියඤ‍්හි එකස‍්ස මහාවිභවස‍්ස සෙට‍්ඨිනො පුත‍්තො ජාතියා සත‍්තවස‍්සො පඤ‍්ඤවා අත්‍ථකුසලො. සො එකදිවසං පිතරං උපසඞ‍්කමිත්‍වා අත්‍ථස‍්ස ද‍්වාරපඤ‍්හං නාම පුච‍්ඡි, සො තං න ජානාති. අථස‍්ස එතදහොසි “අයං පඤ‍්හො අතිසුඛුමො, ඨපෙත්‍වා සබ‍්බඤ‍්ඤුබුද‍්ධං අඤ‍්ඤො උපරි භවග‍්ගෙන, හෙට‍්ඨා ච අවීචිනා පරිච‍්ඡින‍්නෙ ලොකසන‍්නිවාසෙ එතං පඤ‍්හං කථෙතුං සමත්‍ථො නාම නත්‍ථී”ති. සො පුත‍්තමාදාය බහුං මාලාගන්‍ධවිලෙපනං ගාහාපෙත්‍වා ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො භගවන‍්තං එතදවොච “අයං, භන‍්තෙ, දාරකො පඤ‍්ඤවා අත්‍ථකුසලො මං අත්‍ථස‍්ස ද‍්වාරපඤ‍්හං නාම පුච‍්ඡි, අහං තං පඤ‍්හං අජානන‍්තො තුම‍්හාකං සන‍්තිකං ආගතො, සාධු මෙ, භන‍්තෙ, භගවා තං පඤ‍්හං කථෙතූ”ති. සත්‍ථා “පුබ‍්බෙපාහං, උපාසක, ඉමිනා කුමාරකෙනෙතං පඤ‍්හං පුට‍්ඨො, මයා චස‍්ස කථිතො, තදා නං එස ජානාති, ඉදානි පන භවසඞ‍්ඛෙපගතත‍්තා න සල‍්ලක‍්ඛෙතී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

“අරොග්‍යමිච්ඡෙ පරමං ච ලාභන්ති” යන මේ දේශනාව බුදු රජහු දෙව්රමෙහි වැඩ වාසය කරන සේක්, එක් අභිවෘද්ධියෙහි දක්‍ෂ පුත්‍රයකු අරබයා වදාළහ. සැවැත් නුවර එක් මහා ධනය ඇති සිටුවරයකුගේ පුත්‍රයකු විය. උපතින් සත් හැවිරිදි වියේදී ම නුවණ ඇත්තේ, දියුණුවෝ දක්‍ෂ වූයේය. හෙතෙම එක් දිනක් පියා වෙත එළැඹ දියුණුවේ දොරටු පිළිබඳ ප්‍රශ්න දෙකක් විචාළේය. පියා එය නො දනියි. ඉක්බිති, ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. මේ ප්‍රශ්නය ඉතා සියුම්ය. සර්වඥ බුදු රජුන් හැර අනිකකු මතු භවාග්‍රය දක්වා ද යට අවීචිය පරිච්ඡේදකොට ඇති ලෝකය තුළ මේ ප්‍රශ්නය කියන්නට සමර්ථයකු නම් නැත. ඔහු පුතා රැගෙන බොහෝ මල්, සුවඳ විලවුන් ගෙන්වා ගෙන දෙව්රමට ගොස් බුදු රජුන් පුදා වැඳ එකත් පසෙක හුන්නේ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. ස්වාමීනි, මේ දරුවා නුවණ ඇත්තේය. අභිවෘද්ධියෙහි දක්‍ෂය. මගෙන් දියුණුවෝ දොරටු පිළිබඳ ප්‍රශ්නය විචාළේය. මම ඒ ප්‍රශ්නය නො දන්නා බැවින් නුඹ වහන්සේ සමීපයට ආවෙමි. භාග්‍යවතුන් වහන්සේ මට ඒ ප්‍රශ්නය කියා දෙන සේක් නම් යහපති. බුදු රජහු උපාසකය, පෙර ද මම මේ කුමාරයා විසින් විචාරන ලද මේ ප්‍රශ්නය විසඳා දුනිමි. මේ කුමාරයා එදා එය දැන ගත්තේය. භවයෙන් වැසී ගිය බැවින් දැන් එය නො පැහැදිලියැ යි වදාරා ඔහු විසින් අයදනා ලදුව ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො මහාවිභවො සෙට‍්ඨි අහොසි. අථස‍්ස පුත‍්තො සත‍්තවස‍්සිකො ජාතියා පඤ‍්ඤවා අත්‍ථකුසලො. සො එකදිවසං පිතරං උපසඞ‍්කමිත්‍වා “තාත, අත්‍ථස‍්ස ද‍්වාරං නාම කි”න‍්ති අත්‍ථස‍්ස ද‍්වාරපඤ‍්හං පුච‍්ඡි. අථස‍්ස පිතා තං පඤ‍්හං කථෙන‍්තො ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරවන කල්හි බෝසත්හු මහත් සම්පත් ඇති සිටු කෙනෙක් වූහ. ඉක්බිති, ඔහුගේ උපතින් සත් හැවිරිදි පුත්‍රයා නැණ ඇත්තේ, දියුණුවෙහි දක්‍ෂ වූයේ දිනක් පියා වෙත එළැඹ පියාණනි, අභිවෘද්ධියට දොරටු කෙතෙක්දැ යි “අත්‍ථස්සද්වාර පුඤ්හයි” විචාළේය. එවිට ඔහුගේ පියා මේ ප්‍රශ්නය විසඳමින් මේ ගාථාව කීය.

“ආරොග්‍යමිච‍්ඡෙ පරමඤ‍්ච ලාභං, සීලඤ‍්ච වුද‍්ධානුමතං සුතඤ‍්ච; ධම‍්මානුවත‍්තී ච අලීනතා ච, අත්‍ථස‍්ස ද‍්වාරා පමුඛා ඡළෙතෙ”ති.

“ආරොග්‍යමිච්ඡෙ පරමං ච ලාභං, සීලං ච වුද්ධානුමතං සුතං ච, ධම්මානුවත්තී ච අලීනතා ච, අත්‍ථස්ස ද්වාරා පමුඛා ඡළෙතෙති”

“ආරෝග්‍යය නම් වූ උතුම් ලාභය කැමැති වන්නේය. ආචාර ශීලය ද (ගුණයෙන්) වැඩිහිටියන්ගේ අනුමතය ද බහුශ්‍රැත බව ද ධර්මය අනුව පැවැත්ම ද චිත්තයාගේ නො හැකුළුණු බව ද යන මේ සදෙන දියුණුවට ප්‍රධාන වූ ද්වාරයෝය.”

තත්‍ථ ආරොග්‍යමිච‍්ඡෙ පරමඤ‍්ච ලාභන‍්ති ච-කාරො නිපාතමත‍්තං. තාත, පඨමමෙව ආරොග්‍යසඞ‍්ඛාතං පරමං ලාභං ඉච‍්ඡෙය්‍යාති ඉමමත්‍ථං දීපෙන‍්තො එවමාහ. තත්‍ථ ආරොග්‍යං නාම සරීරස‍්ස චෙව චිත‍්තස‍්ස ච අරොගභාවො අනාතුරතා. සරීරෙ හි රොගාතුරෙ නෙව අලද‍්ධං භොගලාභං උප‍්පාදෙතුං සක‍්කොති, න ලද‍්ධං පරිභුඤ‍්ජිතුං, අනාතුරෙ පන උභයම‍්පෙතං සක‍්කොති. චිත‍්තෙ ච කිලෙසාතුරෙ නෙව අලද‍්ධං ඣානාදිභෙදං ලාභං උප‍්පාදෙතුං සක‍්කොති, න ලද‍්ධං පුන සමාපත‍්තිවසෙන පරිභුඤ‍්ජිතුං. එතස‍්මිං අනාරොග්‍යෙ සති අලද‍්ධොපි ලාභො න ලබ‍්භති, ලද‍්ධොපි නිරත්‍ථකො හොති, අසති පනෙතස‍්මිං අලද‍්ධොපි ලාභො ලබ‍්භති, ලද‍්ධොපි සාත්‍ථකො හොතීති ආරොග්‍යං පරමො ලාභො නාම. තං සබ‍්බපඨමං ඉච‍්ඡිතබ‍්බං. ඉදමෙකං අත්‍ථස‍්ස ද‍්වාරන‍්ති අයමෙත්‍ථ අත්‍ථො. සීලඤ‍්චාති ආචාරසීලං. ඉමිනා ලොකචාරිත‍්තං දස‍්සෙති. වුද‍්ධානුමතන‍්ති ගුණවුද‍්ධානං පණ‍්ඩිතානං අනුමතං. ඉමිනා ඤාණසම‍්පන‍්නානං ගරූනං ඔවාදං දස‍්සෙති. සුතඤ‍්චාති කාරණනිස‍්සිතං සුතං. ඉමිනා ඉමස‍්මිං ලොකෙ අත්‍ථනිස‍්සිතං බාහුසච‍්චං දස‍්සෙති. ධම‍්මානුවත‍්තී චාති තිවිධස‍්ස සුචරිතධම‍්මස‍්ස අනුවත‍්තනං. ඉමිනා දුච‍්චරිතධම‍්මං වජ‍්ජෙත්‍වා සුචරිතධම‍්මස‍්ස අනුවත‍්තනභාවං දස‍්සෙති. අලීනතා චාති චිත‍්තස‍්ස අලීනතා අනීචතා. ඉමිනා චිත‍්තස‍්ස අසඞ‍්කොචතං පණීතභාවං උත‍්තමභාවං දස‍්සෙති. අත්‍ථස‍්ස ද‍්වාරා පමුඛා ඡළෙතෙති අත්‍ථො නාම වුඩ‍්ඪි, තස‍්ස වුඩ‍්ඪිසඞ‍්ඛාතස‍්ස ලොකියලොකුත‍්තරස‍්ස අත්‍ථස‍්ස එතෙ පමුඛා උත‍්තමා ඡ ද‍්වාරා උපායා අධිගමමුඛානීති.

එහි, “ආරොග්‍ය මිච්ඡෙ පරමං ච ලාභන්ති” යනු නිපාත මාත්‍රයකි. දරුව, පළමු කොට ම නිරෝගිකම නැමැති උසස් ම ලාභය කැමැති විය යුතුයැ යි යන මේ අර්ථය දක්වනු සඳහා මෙසේ කීය. එහි ද ආරෝග්‍යය නම් ශරීරයෙහි ද සිතෙහි ද නිරෝගී බව, ලෙඩ නැති බවය. ශරීරයෙහි රෝග හටගත් විට නො ලැබූ ධනය උපදවීමට නො හැක්කේය. ලැබූ ධනය පරිභෝග කිරීමට ද නො හැක්කේය. නිරෝගී බව ඇති කල්හි මේ උභය සම්පත්තිය ම ලබා ගැනීමට හැකි වෙයි. සිත කෙළෙස්වලින් ගිලන් වූ කල්හි නො ලැබූ ධ්‍යානාදී ලාභ උපදවීමට නො හැක්කේය. ලැබුවා වූ ධ්‍යානය ද නැවත සමාපත්ති වශයෙන් පරිභෝග කරන්නට ද නො හැක්කේය. මේ ගිලන් බව ඇති කල්හි නො ලැබූ ලාභය ද නො ලබයි. ලැබුවා වූ ධ්‍යානය ද අර්ථ රහිත වෙයි. මේ ගිලන් බව නැති කල්හි නො ලැබුවා වූ ලාභය වෙයි. ලැබුවා වූ ලාභය සාර්ථක වෙයි. මේ නිසා නිරෝගී බව උසස් ම ලාභය වෙයි. එය පළමුවෙන් ම කැමැති විය යුතුයි. මේ දියුණුවට එක් මඟකි යන අර්ථයි. “සීලං චාති”, මෙහි ආචාර ශීලයයි. මෙයින් ලෝක චාරිත්‍ර දක්වයි. “වුද්ධානුමතන්ති”, ගුණයෙන් වැඩිහිටියන්ගේ ද නුවණ ඇත්තන්ගේ ද අනුදැනීමයි. මෙයින් ගුණවත් ගුරුවරුන්ගේ අවවාද දක්වයි. “සුතං චාති”, හේතු කාරණා සහිත දැනීමයි. මෙයින් මේ ලෝකයෙහි දියුණුවට හේතු වූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවයි. “ධම්මානුවත්තී චාති”, ත්‍රිවිධ වූ සුචරිත ධර්මයට අනුගත වීමයි. මෙයින් දුසිරිත්කම් හැර සුචරිත ධර්මයෙහි යෙදෙන බව දක්වයි. “අලීනතා චාති”, සිතෙහි නො මැළි බව, උසස් බව, උසස් බවයි. “අත්‍ථස්ස ද්වාරා පමුඛා ඡළෙතෙති”, හි, “අත්‍ථ”, යනු දියුණුවයි. ඒ වැඩීම් සංඛ්‍යාත වූ ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධියට ප්‍රමුඛය. යහපත්ය. එම නිසා මේ දොරටු සය දියුණුව ලබා ගැනීමේ උපාය නම් වේ.

එවං බොධිසත‍්තො පුත‍්තස‍්ස අත්‍ථස‍්ස ද‍්වාරපඤ‍්හං කථෙසි. සො තතො පට‍්ඨාය තෙසු ඡසු ධම‍්මෙසු වත‍්ති. බොධිසත‍්තොපි දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

මෙසේ බෝසත්හු පුත්‍රයාට දියුණුවේ දොරටු ප්‍රශ්නය ප්‍රකාශ කළහ. ඔහු එතැන් පටන් ඒ සය ධර්මයන්හි අනුව ක්‍රියා කළේය. බෝසත්හු ද දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පුත‍්තොව පච‍්චුප‍්පන‍්නපුත‍්තො, මහාසෙට‍්ඨි පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමා කළහ. එදා පුත්‍රයා දැන් පුත්‍රයා මය. මහ සිටුහු මම ම වීමි.

අත්‍ථස‍්සද‍්වාරජාතකවණ‍්ණනා චතුත්‍ථා.