යෙදුමෙන් කියවන්න

3. කාළකණ‍්ණිජාතකවණ‍්ණනා 83 අට‍්ඨකථා

3. කාළකණ‍්ණිජාතකවණ‍්ණනා (83)

3. කාළකණ්ණි ජාතකය (83)

මිත‍්තො හවෙ සත‍්තපදෙන හොතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං අනාථපිණ‍්ඩිකස‍්ස මිත‍්තං ආරබ‍්භ කථෙසි. සො කිර අනාථපිණ‍්ඩිකෙන සද‍්ධිං සහපංසුකීළිකො එකාචරියස‍්සෙව සන‍්තිකෙ උග‍්ගහිතසිප‍්පො නාමෙන කාළකණ‍්ණී නාම. සො ගච‍්ඡන‍්තෙ කාලෙ දුග‍්ගතො හුත්‍වා ජීවිතුං අසක‍්කොන‍්තො සෙට‍්ඨිස‍්ස සන‍්තිකං අගමාසි. සො තං සමස‍්සාසෙත්‍වා පරිබ‍්බයං දත්‍වා අත‍්තනො කුටුම‍්බං පටිච‍්ඡාපෙසි. සො සෙට‍්ඨිනො උපකාරකො හුත්‍වා සබ‍්බකිච‍්චානි කරොති. තං සෙට‍්ඨිස‍්ස සන‍්තිකං ආගතකාලෙ “තිට‍්ඨ, කාළකණ‍්ණි, නිසීද, කාළකණ‍්ණි, භුඤ‍්ජ කාළකණ‍්ණී”ති වදන‍්ති. අථෙකදිවසං සෙට‍්ඨිනො මිත‍්තාමච‍්චා සෙට‍්ඨිං උපසඞ‍්කමිත්‍වා එවමාහංසු “මහාසෙට‍්ඨි, මා එතං තව සන‍්තිකෙ කරි, ‘තිට‍්ඨ, කාළකණ‍්ණි, නිසීද කාළකණ‍්ණි, භුඤ‍්ජ කාළකණ‍්ණී’ති හි ඉමිනා සද‍්දෙන යක‍්ඛොපි පලායෙය්‍ය, න චෙස තයා සමානො, දුග‍්ගතො දුරූපෙතො, කිං තෙ ඉමිනා”ති. අනාථපිණ‍්ඩිකො “නාමං නාම වොහාරමත‍්තං, න තං පණ‍්ඩිතා පමාණං කරොන‍්ති, සුතමඞ‍්ගලිකෙන නාම භවිතුං න වට‍්ටති, න සක‍්කා මයා නාමමත‍්තං නිස‍්සාය සහපංසුකීළිකං සහායං පරිච‍්චජිතු”න‍්ති තෙසං වචනං අනාදාය එකදිවසං අත‍්තනො භොගගාමං ගච‍්ඡන‍්තො තං ගෙහරක‍්ඛකං කත්‍වා අගමාසි.

“මින්තො හවෙ සත්තපදෙන හොතීති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අනේපිඬු මහා සිටුහුගේ යහළුවකු අරබයා දේශනා කළහ. ඔහු වනාහි මහසිටුහු සමග වැලිකෙළියේ පටන් එක ම ඇදුරකු ළඟ සිප්සතර හදාළ නමින් කාළකණ්ණි නම් විය. කල්යත් ම ඔහු දුගී බවට පත්ව දිවි රැකුමට නො හැකි ව මහසිටු වෙත ගියේය. මහසිටු ඔහු අස්වසා ජීවන වියදම් දී ආරක්‍ෂාව සඳහා තම ධනය ද පැවරුවේය. ඔහු මහසිටු හට උපකාරකයෙක් වී සියලු කටයුතු කරයි. මහසිටු ළඟට ඔහු පැමිණි කල්හි කාළකණ්ණිය සිටුව, කාළකණ්ණිය හිඳුව, කාළකණ්ණිය කව යි කියත්. එක් දවසක් සිටුහුගේ යහළු මිත්‍රයෝ ඔහු වෙත පැමිණ මෙසේ කීහ. සිටුතුමනි, මොහු ඔබ ළඟ සිටුවා නො ගත යුතුය. කාළකණ්ණිය, සිටුව. හිඳුව. කව ආදී වශයෙන් නිතර නිතර කියන කල්හි යක්‍ෂයා පවා පලා යන්නේය. තව ද ඔහු ඔබ හා සමත් නො වේ. දුගීය. විරූපය. ඔහුගෙන් ඔබට ඇති ඵලය කිම. එවිට මහසිටුහු, නම වනාහි ව්‍යවහාර මාත්‍රයකි. නුවණැත්තෝ නම ම ප්‍රමාණ නො කරත්. ඇසූ දෙය සුබ වශයෙන් ගත්හ. සුබ මංගලයකු විය යුතු නො වේ. වැලිකෙළියෙහි පටන් යහළුවකු වූ මොහු නම නිසා අත්හරින්ට නො හැකිය. ඔවුන්ගේ වදන් නො පිළිගෙන දිනක් තමාගේ නුදුරු ගමකට යන්නේ කාළකණ්ණියා ගෙයි ආරක්‍ෂකයා කොට ගියේය.

චොරා “සෙට‍්ඨි කිර භොගගාමං ගතො, ගෙහමස‍්ස විලුම‍්පිස‍්සාමා”ති නානාවුධහත්‍ථා රත‍්තිභාගෙ ආගන‍්ත්‍වා ගෙහං පරිවාරෙසුං. ඉතරොපි චොරානඤ‍්ඤෙව ආගමනං ආසඞ‍්කමානො අනිද‍්දායන‍්තොව නිසීදි. සො චොරානං ආගතභාවං ඤත්‍වා මනුස‍්සෙ පබොධෙතුං “ත්‍වං සඞ‍්ඛං ධම, ත්‍වං මුදිඞ‍්ගං වාදෙහී”ති මහාසමජ‍්ජං කරොන‍්තො විය සකලනිවෙසනං එකසද‍්දං කාරෙසි. චොරා “සුඤ‍්ඤං ගෙහන‍්ති දුස‍්සුතං අම‍්හෙහි, අත්‍ථෙව ඉධ මහාසෙට‍්ඨී”ති පාසාණමුග‍්ගරාදීනි තත්‍ථෙව ඡඩ‍්ඩෙත්‍වා පලායිංසු.

සොරු සිටුතුමා වෙනත් ගමකට ගියේය. ඔහුගේ ගෙය පහරන්නමැ යි නොයෙක් ආයුධ ගත් අතැති ව රාත්‍රී කාලයෙහි අවුත් ගෙය වැටලූහ. කාළකණ්ණි ද සොරුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නො නිදා ම සිටියේය. ඔහු සොරුන් ආ බව දැන මිනිසුන් පුබුදුවා, ඔබ සක පිඹින්න. ඔබ මිහිඟු බෙර වයන්න ආදී වශයෙන් මහා සැණකෙළියක් කරන්නාක් මෙන් මුළු නිවනස ම නින්නාද කළේය. එවිට සොරු සිටු ගෙය හිස්යැ යි සිතූ අප වැරදි වෙමු. මහසිටු මෙහි ම සිටිතැ යි ගල්, මුගුරු ආදිය එහි ම දමා පලා ගියහ.

පුනදිවසෙ මනුස‍්සා තත්‍ථ තත්‍ථ ඡඩ‍්ඩිතෙ පාසාණමුග‍්ගරාදයො දිස‍්වා සංවෙගප‍්පත‍්තා හුත්‍වා “සචෙ අජ‍්ජ එවරූපො බුද‍්ධිසම‍්පන‍්නො ඝරවිචාරකො නාභවිස‍්ස, චොරෙහි යථාරුචියා පවිසිත්‍වා සබ‍්බං ගෙහං විලුත‍්තං අස‍්ස, ඉමං දළ‍්හමිත‍්තං නිස‍්සාය සෙට‍්ඨිනො වුඩ‍්ඪි ජාතා”ති තං පසංසිත්‍වා සෙට‍්ඨිස‍්ස භොගගාමතො ආගතකාලෙ සබ‍්බං තං පවත‍්තිං ආරොචයිංසු. අථ නෙ සෙට‍්ඨි අවොච “තුම‍්හෙ එවරූපං මම ගෙහරක‍්ඛකං මිත‍්තං නික‍්කඩ‍්ඪාපෙථ, සචායං තුම‍්හාකං වචනෙන මයා නික‍්කඩ‍්ඪිතො අස‍්ස, අජ‍්ජ මෙ කුටුම‍්බං කිඤ‍්චි නාභවිස‍්ස, නාමං නාම අප‍්පමාණං, හිතචිත‍්තමෙව පමාණ”න‍්ති තස‍්ස උත‍්තරිතරං පරිබ‍්බයං දත්‍වා “අත්‍ථි දානි මෙ ඉදං කථාපාභත”න‍්ති සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ආදිතො පට‍්ඨාය සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි. සත්‍ථා “න ඛො, ගහපති, ඉදානෙව කාළකණ‍්ණිමිත‍්තො අත‍්තනො මිත‍්තස‍්ස ඝරෙ කුටුම‍්බං රක‍්ඛති, පුබ‍්බෙපි රක‍්ඛියෙවා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

දෙවැනි දවස්හි මිනිස්සු ඒ ඒ තැන දමන ලද ගල්, මුගුරු ආදිය දැක සංවේගයට පත්ව ඉදින් අද මෙබඳු වූ නැණවත් ගෘහ ආරක්‍ෂකයෙක් නො සිටියේ නම් සොරුන් විසින් කැමැති පරිදි ගෙට පිවිස මුළු ගෙය පහරන්නට තිබිණි. මේ හිතවත් මිත්‍රයා නිසා සිටුතුමාට අභිවෘද්ධියක් ම වූයේයැ යි ඔහුට ප්‍රශංසා කොට සිටුතුමා ගොදුරු ගමින් ආ විට ඒ සියලු පුවත් සැල කළහ. ඉක්බිති, ඒ සිටු මෙසේ කීවේය. ඔබලා මෙබඳු ගෘහාරක්‍ෂක මිතුරා බැහැර කළාහු නම් අද මගේ ධනය කිසිවක් ඉතිරි නො වන්නේය. නම වනාහි සැලකිය යුතු නො වේ. හිතවත් බව ම ප්‍රමාණ වෙයි. ඔහුට වඩ වඩාත් ජීවන වියදම් දී අද මම පුවත් පඬුරක් ඇතැ යි බුදු රජුන් වෙත එළැඹ මුලපටන් ඒ පුවත සැල කළේය. ගෘහපතිය, මේ කාළකණ්ණි නම් මිත්‍රයා තමාගේ මිතුරාගේ ගෘහය ආරක්‍ෂා කරනුයේ දැන් පමණක් නොව, පෙර ද ආරක්‍ෂා කළේයැ යි වදරා ඔහු විසින් අයදනා ලදුව අතීතය ගෙන හැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො මහායසො සෙට‍්ඨි අහොසි. තස‍්ස කාළකණ‍්ණී නාම මිත‍්තොති සබ‍්බං පච‍්චුප‍්පන‍්නවත්‍ථුසදිසමෙව. බොධිසත‍්තො භොගගාමතො ආගතො තං පවත‍්තිං සුත්‍වා “සචෙ මයා තුම‍්හාකං වචනෙන එවරූපො මිත‍්තො නික‍්කඩ‍්ඪිතො අස‍්ස, අජ‍්ජ මෙ කුටුම‍්බං කිඤ‍්චි නාභවිස‍්සා”ති වත්‍වා ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු මහත් සම්පත් ඇති සිටුවරයෙක් වූහ. ඔහුට කාළකණ්ණි නම් මිත්‍රයකු විය. සෙසු සියල්ල වර්තමානය හා සමානය. බෝසත්හු ගොදුරු ගමින් අවුත් ඒ පුවත අසා ඉදින් ඔබගේ වචනයෙන් මා විසින් මෙබඳු වූ මිත්‍රයා බැහැර කරනු ලැබුණේ නම් අද මගේ සම්පත් කිසිවක් නො වන්නේ යි කියා මේ ගාථාව කීහ.

“මිත‍්තො හවෙ සත‍්තපදෙන හොති, සහායො පන ද‍්වාදසකෙන හොති; මාසඩ‍්ඪමාසෙන ච ඤාති හොති, තතුත‍්තරිං අත‍්තසමොපි හොති; සොහං කථං අත‍්තසුඛස‍්ස හෙතු, චිරසන්‍ථුතං කාළකණ‍්ණිං ජහෙය්‍ය”න‍්ති.

“මිත්තො හවෙ සත්තපදෙන හොති, සහායො පන ද්වාදසකෙන හොති, මාසද්ධමාසෙන ච ඤාති හොති තතුත්තරි අත්තසමොපි හොති, සොහං කථං අත්තසුඛස්ස හෙතු, චිරසන්‍ථුතං කාළකණ්ණිං ජහෙය්‍යන්ති”

“එක්ව සත් පියවරක් යෑමෙන් මිත්‍රයෙක් වන්නේය. දොළොස් දිනක් එක්ව විසීමෙන් යහළුවෙක් වන්නේය. මසකින් ද අඩ මසකින් ද නෑයෙක් හා සම වන්නේය. එයින් අධි කාලයක් එක්ව විසීමෙන් ප්‍රාණසමයෙක්ද වන්නේය. ඒ මම තමාගේ සුවය කරණ කොටගෙන බොහෝ කාලයක් එක්ව වාසය කොට පුරුදු වූ කාළකණ්ණි නම් යහළුවා කෙසේ හරනෙම් ද?”

තත්‍ථ හවෙති නිපාතමත‍්තං. මෙත‍්තායතීති මිත‍්තො, මෙත‍්තං පච‍්චුපට‍්ඨාපෙති, සිනෙහං කරොතීති අත්‍ථො. සො පනෙස සත‍්තපදෙන හොති, එකතො සත‍්තපදවීතිහාරගමනමත‍්තෙන හොතීති අත්‍ථො. සහායො පන ද‍්වාදසකෙන හොතීති සබ‍්බකිච‍්චානි එකතො කරණවසෙන සබ‍්බිරියාපථෙසු සහ ගච‍්ඡතීති සහායො. සො පනෙස ද‍්වාදසකෙන හොති, ද‍්වාදසාහං එකතො නිවාසෙන හොතීති අත්‍ථො. මාසඩ‍්ඪමාසෙන චාති මාසෙන වා අඩ‍්ඪමාසෙන වා. ඤාති හොතීති ඤාතිසමො හොති. තතුත‍්තරින‍්ති තතො උත‍්තරිං එකතො වාසෙන අත‍්තසමොපි හොතියෙව. ජහෙය්‍යන‍්ති “එවරූපං සහායං කථං ජහෙය්‍ය”න‍්ති මිත‍්තස‍්ස ගුණං කථෙසි. තතො පට‍්ඨාය පුන කොචි තස‍්ස අන‍්තරෙ වත‍්තා නාම නාහොසීති.

එහි, “හවෙති”, නිපාත මාත්‍රයකි. මෙත් කැරේනු යි මිත්‍ර නමි. මෛත්‍රිය සිතෙහි එළවාගෙන සෙනෙහස කළැ යි යන අර්ථයි. මේ මිත්‍රයා වනාහි, “සත්තපදෙන හොතීති”, එකතු ව සත් පියවරක් ගමන් කළ පමණකින් වේ, යන අර්ථයි. “සහායො වන ද්වාදසකෙන හොති”, සියලු කටයුතු එකට කිරීමෙන් හා සියලු ඉරියව්වල සමග සිටින්නේ, “සහාය” නමි. මේ සහායකයා දොළොස් දිනක් එකට විසීමෙන් වේ, යන අර්ථයි. “මාසද්ධමාසෙත චාති”, මසකින් හෝ අඩ මසකින්, “ඤාති හොති”, නෑයෙක් සමාන වන්නේය. “තතුත්තරින්ති”, ඉන් මත්තෙහි එකට විසුවෙහි, “අත්තසමොපි හොති”, ප්‍රාණ සමයෙක් වන්නේය. “ජහෙය්‍යන්ති”, මෙබඳු යහළුවකු කෙසේ නම් අත් හරින්නේ ද? මිතුරු බවේ අගය ප්‍රකාශ කළේය. එතැන් පටන් නැවත කිසිවෙක් මේ පිළිබඳව කථා නො කළෝය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කාළකණ‍්ණී ආනන්‍දො අහොසි, බාරාණසිසෙට‍්ඨි පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ ජාතකය ගෙනහැර දක්වා මේ ජාතකය නිමවා වදාළහ. එදා කාළකණ්ණි නම් මිතුරා ආනන්ද විය. බරණැස් සිටු නම් මම ම වීමි.

කාළකණ‍්ණිජාතකවණ‍්ණනා තතියා.