2. මිත්තවින්දකජාතකවණ්ණනා 82 අට්ඨකථා
2. මිත්තවින්දකජාතකවණ්ණනා (82)
2. මිත්තවින්ද ජාතකය (82)
අතික්කම්ම රමණකන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං දුබ්බචභික්ඛුං ආරබ්භ කථෙසි. ඉමස්ස පන ජාතකස්ස කස්සපසම්මාසම්බුද්ධකාලිකං වත්ථු, තං දසකනිපාතෙ මහාමිත්තවින්දකජාතකෙ (ජා· 1.1.82; 1.5.100 ආදයො) ආවි භවිස්සති. තදා පන බොධිසත්තො ඉමං ගාථමාහ –
“අතික්කම්ම රමණකන්ති” යන මේ ජාතකය බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් අකීකරු භික්ෂුවක් අරබයා වදාළහ. මේ ජාතකයේ වනාහි කාශ්‍යප සම්බුදු කාලයට අයත් කථා වස්තු දහවන නිපාතයෙහි මහා මිත්තවින්ද ජාතකයේ මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි බෝසත්හු මේ ගාථාව කීහ.
“අතික්කම්ම රමණකං, සදාමත්තඤ්ච දූභකං; ස්වාසි පාසාණමාසීනො, යස්මා ජීවං න මොක්ඛසී”ති.
“අතික්කම්ම රමණකං සදාමත්තං ච දුභකං, ස්වාසි පාසාණමාසීනො යස්මා ජීවං න මොක්ඛසීති”
“පළිඟු පහය ද රිදී පහය ද මැණික් පහය ද ඉක්ම තෙපි (පාපක්ෂය වන තෙක්) ජීවත් වන්නහු, (යම් උරචක්රයකින්) නො මිදෙන්නහු ද එබඳු පාෂාණ උරචක්රයකින් මඩනා ලද්දාහුය.”
තත්ථ රමණකන්ති තස්මිං කාලෙ ඵලිකස්ස නාමං, ඵලිකපාසාදඤ්ච අතික්කන්තොසීති දීපෙති. සදාමත්තඤ්චාති රජතස්ස නාමං, රජතපාසාදඤ්ච අතික්කන්තොසීති දීපෙති. දූභකන්ති මණිනො නාමං, මණිපාසාදඤ්ච අතික්කන්තොසීති දීපෙති. ස්වාසීති සො අසි ත්වං. පාසාණමාසීනොති ඛුරචක්කං නාම පාසාණමයං වා හොති රජතමයං වා මණිමයං වා, තං පන පාසාණමයමෙව. සො ච තෙන ආසීනො අතිනිවිට්ඨො අජ්ඣොත්ථටො. තස්මා පාසාණෙන ආසීනත්තා “පාසාණාසීනො”ති වත්තබ්බෙ බ්යඤ්ජනසන්ධිවසෙන මකාරං ආදාය “පාසාණමාසීනො”ති වුත්තං. පාසාණං වා ආසීනො, තං ඛුරචක්කං ආසජ්ජ පාපුණිත්වා ඨිතොති අත්ථො. යස්මා ජීවං න මොක්ඛසීති යස්මා ඛුරචක්කා යාව තෙ පාපං න ඛීයති, තාව ජීවන්තොයෙව න මුච්චිස්සසි, තං ආසීනොසීති.
එහි, “රමණකං”, ඒ කාලයේ පළිඟුවට නමකි. පළිඟු ප්‍රාසාදය ද ඉක්ම වූ බව දක්වයි. “සදාමන්තං චාති”, රිදියට නමකි. රිදී ප්‍රාසාදය ද ඉක්ම වූ බව පෙන්වයි. “දුභකන්ති”, මැණික්වලට නමකි. මැණික් ප්‍රාසාදය ද ඉක්ම වූ බව පෙන්වයි. “ස්වාසීති”, ඒ ඔබ වෙහි. “පාසාණමාසීනො” උරචක්‍රය වනාහි පාසාණමය හෝ වෙයි. රිදීමය හෝ වෙයි. මැණික්මය හෝ වෙයි. ඔහු ද එහි හුන්නේ එහෙයින් පාසාණයෙහි හුන් බැවින් “පාසාණසීන” යැයි කිව යුතු තැන ව්‍යඤ්ජන සන්ධි වශයෙන් ‘ම’ කාරය ගෙන “පාසාණමාසීන” යැයි කියන ලදි. පාෂාණය හෝ එහි හුන්නේ, ඒ උරචක්‍රය පැමිණ සිටියේ යන අර්ථයි. “යස්මා ජීවං න මොක්ඛසීති”, යම් හෙයකින් උරචක්‍රය යම්තාක් ඔබේ පාප කර්මය ක්ෂය වේ ද ඒතාක් ජීවත් වෙමින් නො මදින්නේ වෙයි.
ඉමං ගාථං වත්වා බොධිසත්තො අත්තනො වසනට්ඨානංයෙව ගතො. මිත්තවින්දකොපි ඛුරචක්කං උක්ඛිපිත්වා මහාදුක්ඛං අනුභවමානො පාපකම්මෙ පරික්ඛීණෙ යථාකම්මං ගතො.
මේ ගාථාව කියා බෝසත්හු තමාගේ දේවස්ථානයට ම ගියහ. මිත්තවින්දක උරචක්‍රය ඔසවාගෙන මහා දුක් අනුභව කැරෙමින් පව්කම් ක්ෂය වූ කල්හි කම් වූ පරිදි ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා මිත්තවින්දකො දුබ්බචභික්ඛු අහොසි, දෙවරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා ජාතකය නිමා කළහ. එකල මිත්තවින්දක අකීකරු භික්ෂුව විය. දේවරාජයා වනාහි මම ම වීමි.
මිත්තවින්දකජාතකවණ්ණනා දුතියා.