යෙදුමෙන් කියවන්න

9. පරොසහස‍්සජාතකවණ‍්ණනා 99 අට‍්ඨකථා

9. පරොසහස‍්සජාතකවණ‍්ණනා (99)

9. පරෝසහස්ස ජාතකය (99)

පරොසහස‍්සම‍්පි සමාගතානන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුථුජ‍්ජනපුච‍්ඡාපඤ‍්චකං ආරබ‍්භ කථෙසි . වත්‍ථු සරභජාතකෙ (ජා· 1.13.134 ආදයො) ආවි භවිස‍්සති. එකස‍්මිං පන සමයෙ භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිපතිත්‍වා “ආවුසො, දසබලෙන සංඛිත‍්තෙන කථිතං ධම‍්මසෙනාපති සාරිපුත‍්තො විත්‍ථාරෙන බ්‍යාකාසී”ති ථෙරස‍්ස ගුණං කථයමානා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, සාරිපුත‍්තො ඉදානෙව මයා සංඛිත‍්තෙන භාසිතං විත්‍ථාරෙන බ්‍යාකරොති, පුබ‍්බෙපි බ්‍යාකාසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“පරොසහස්සම්පි සමාගතානං” යන මේ ජාතක දේශනාව බුදුහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, පුහුදුන් පැන විචාරීමක් අරබයා දෙසූහ. මෙහි කථා පුවත සරභංග ජාතකයෙහි මතු වන්නේය. එක් සමයෙක්හි භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, බුදු රජුන් විසින් ලුහුඬින් දෙසන ලද ධර්මය දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ සවිස්තර ව දෙසූහැ යි තෙරුන්ගේ ගුණ කියමින් හුන්නාහුය. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් හුන්නාහුදැ යි වදාරා ස්වාමීනි, මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි මහණෙනි, සාරිපුත්ත මා විසින් ලුහුඬින් දෙසූ දහම් විස්තර වශයෙන් දේශනා කළේ දැන් පමණක් නො වේ. පෙර ද ප්‍රකාශ කළේමැ යි වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො උදිච‍්චබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පඤ‍්චාභිඤ‍්ඤා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තෙ විහාසි. පරිවාරොපිස‍්ස පඤ‍්ච තාපසසතානි අහෙසුං. අථස‍්ස ජෙට‍්ඨන‍්තෙවාසිකො වස‍්සාරත‍්තසමයෙ උපඩ‍්ඪං ඉසිගණං ආදාය ලොණම‍්බිලසෙවනත්‍ථාය මනුස‍්සපථං අගමාසි. තදා බොධිසත‍්තස‍්ස කාලකිරියාසමයො ජාතො. අථ නං අන‍්තෙවාසිකා “ආචරිය, කතරො වො ගුණො ලද‍්ධො”ති අධිගමං පුච‍්ඡිංසු. සො “නත්‍ථි කිඤ‍්චී”ති වත්‍වා ආභස‍්සරබ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති. බොධිසත‍්තා හි අරූපසමාපත‍්තිලාභිනො හුත්‍වාපි අභබ‍්බට‍්ඨානත‍්තා ආරුප‍්පෙ න නිබ‍්බත‍්තන‍්ති. අන‍්තෙවාසිකා “ආචරියස‍්ස අධිගමො නත්‍ථී”ති ආළාහනෙ සක‍්කාරං න කරිංසු.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයෙහි ඉපිද තක්සලාවෙන් සියලු ශිල්ප උගෙන කාමයන් අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව පඤ්ච අභිඥා සහ අෂ්ට සමාපත්ති උපදවා හිමවතෙහි විසූහ. ඔහුට පන්සියයක් තවුස් පිරිවර වූහ. දෙටු අතවැසි තවුසා වැසි කාලයෙහි අඩක් තවුස් පිරිවර ගෙන ලුණුඇඹුල් සොයනු සඳහා මිනිස් පියසට ගියේය. එකල්හි බෝසතුන්ගේ කලුරිය කරන කාලය පැමිණියේය. ඉක්බිති, අතවැසි තවුසෝ ඔබතුමන් ලැබූ විශේෂ ගුණය කුමක්දැ යි විමසූහ. බෝසත්හු ද කිසිවක් නැතැ යි ප්‍රකාශ කොට මිය ගොස් ආභස්සර බඹලොව උපන්හ. බෝසත්හු අරූපධ්‍යාන ලාභී වුව ද බෝසතුන්ට නුසුදුසු ලොවක් බැවින් අරූප බඹ ලොව නූපන්හ. අතවැස්සෝ ගුරුතුමන් ලබාගත් විශේෂ ගුණයක් නැතැ යි ශරීරය ආදාහනය කිරීමේ දී සත්කාර සම්මාන නො කළහ.

ජෙට‍්ඨන‍්තෙවාසිකො ආගන‍්ත්‍වා “කහං ආචරියො”ති පුච‍්ඡිත්‍වා “කාලකතො”ති සුත්‍වා “අපි ආචරියං අධිගමං පුච‍්ඡිත්‍ථා”ති ආහ. “ආම, පුච‍්ඡිම‍්හා”ති. “කිං කථෙසී”ති? “නත්‍ථි කිඤ‍්චීති තෙන වුත‍්තං, අථස‍්ස අම‍්හෙහි සක‍්කාරො න කතො”ති ආහංසු. ජෙට‍්ඨන‍්තෙවාසිකො “තුම‍්හෙ ආචරියස‍්ස වචනත්‍ථං න ජානාථ, ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිලාභී ආචරියො”ති ආහ. තෙ තස‍්මිං පුනප‍්පුනං කථෙන‍්තෙපි න සද‍්දහිංසු. බොධිසත‍්තො තං කාරණං ඤත්‍වා “අන්‍ධබාලා මම ජෙට‍්ඨන‍්තෙවාසිකස‍්ස වචනං න සද‍්දහන‍්ති. ඉමං තෙසං කාරණං පාකටං කරිස‍්සාමී”ති බ්‍රහ‍්මලොකා ආගන‍්ත්‍වා අස‍්සමපදමත්‍ථකෙ මහන‍්තෙනානුභාවෙන ආකාසෙ ඨත්‍වා ජෙට‍්ඨන‍්තෙවාසිකස‍්ස පඤ‍්ඤානුභාවං වණ‍්ණෙන‍්තො ඉමං ගාථමාහ –

දෙටු අතවැසි තවුසා ආපසු අවුත් ගුරුතුමා කොහිදැ යි විචාළහ. මියගිය බව දැන ගත් පසු ඇවැත්නි, ගුරුතුමා ලබාගත් විශේෂ ගුණ පිළිබඳ ව ඔබලා එතුමන්ගෙන් විමසුවහුදැ යි ඇසීය. එසේය අපි ඇසීමු. එතුමන් විසින් කිසිවක් නැතැ යි කියන ලදි. එම නිසා අපි එතුමන්ට කිසි සත්කාරයක් නො කළෙමු යි කීහ. ඔබලා ගුරුතුමන්ගේ වචනෙහි අරුත නො දන්නහුය. ගුරුතුමාණෝ ආකිඤ්චඤ්ඤායතන තෙවැනි අරූප ධ්‍යාන ලාභියෙකි. එහෙත් අතවැසි තවුසෝ දෙටු තවුසාගේ වචනය නො ඇදවූහ. බෝසත්හු බඹ ලොව සිට මෙකරුණ දැන, මේ අඳබාල තවුසෝ මගේ දෙටු තවුසාගේ වචනය නො අදහති. මම ඔවුන් දැනුවත් කැරවමි යි බඹ ලොවින් අවුත් අසපුව මත අහසෙහි මහත් තෙදින් පෙනී සිට තම දෙටු තවුසාගේ නැණවත් බව වනමින් මේ ගාථාව කීහ.

“පරොසහස‍්සම‍්පි සමාගතානං, කන්‍දෙය්‍යුං තෙ වස‍්සසතං අපඤ‍්ඤා; එකොව සෙය්‍යො පුරිසො සපඤ‍්ඤො, යො භාසිතස‍්ස විජානාති අත්‍ථ”න‍්ති.

“පරොසහස්සම්පි සමාගතානං, කන්‍දෙය්‍යුං තෙ වස්සසතං අපඤ්ඤා, එකොච සෙය්‍යො පුරිසො සපඤ්ඤ, යො භාසිතස්ස විජානාති අත්‍ථන්ති”

“එකට රැස්වූවන් අතුරින් දහසකට අධික වූ නුවණ නැති ඔවුහු සියවසක් හැඬුව ද වචනාර්ථය නො දනිති. යමකු ප්‍රකාශිතයෙහි අර්ථය දනී ද ඒ එක ම පුරුෂයා උතුම්ය.”

තත්‍ථ පරොසහස‍්සම‍්පීති අතිරෙකසහස‍්සම‍්පි. සමාගතානන‍්ති සන‍්නිපතිතානං භාසිතස‍්ස අත්‍ථං ජානිතුං අසක‍්කොන‍්තානං බාලානං. කන්‍දෙය්‍යුං තෙ වස‍්සසතං අපඤ‍්ඤාති තෙ එවං සමාගතා අපඤ‍්ඤා ඉමෙ බාලතාපසා විය වස‍්සසතම‍්පි වස‍්සසහස‍්සම‍්පි රොදෙය්‍යුං පරිදෙවෙය්‍යුං, රොදමානාපි පන අත්‍ථං වා කාරණං වා නෙව ජානෙය්‍යුන‍්ති දීපෙති. එකොව සෙය්‍යො පුරිසො සපඤ‍්ඤොති එවරූපානං බාලානං පරොසහස‍්සතොපි එකො පණ‍්ඩිතපුරිසොව සෙය්‍යො වරතරොති අත්‍ථො. කීදිසො සපඤ‍්ඤොති? යො භාසිතස‍්ස විජානාති අත්‍ථං අයං ජෙට‍්ඨන‍්තෙවාසිකො වියාති.

එහි, “පරොසහස්සම්පි”, දහසකට වැඩි වුව ද “සමාගතානං”, රැස්වූවන් භාෂිතයෙහි අර්ථය අවබෝධ කිරීමට අසමත් වූවන්ය. බාලයන්ය. “කන්‍දෙය්‍යුං තෙ වස්සසතං අපඤ්ඤා”, මෙසේ රැස්වූ නුවණ නැති මේ බාල ජනයා අතවැසි තවුසන් මෙන් වසර සියයක් වසර දහසක් හැඬුව ද අර්ථය හෙවත් කාරණය අවබෝධ නො කරතැ යි දක්වයි. “එකොච සෙය්‍යො පුරිසො සපඤ්ඤො”, එවැනි බාලයන් දහසකට වඩා එක් නුවණැති පුරුෂයා ම ඉතා උතුම් යන අර්ථයි. කෙබඳු නුවණැත්තෙක් ද? “යො භාසිතස්ස විජානාති අත්‍ථන්ති”, යමෙක් ප්‍රකාශිත වචනයෙහි අදහස දනිත් ද, ඔහු දෙටු අතවැසියා මෙනි.

එවං මහාසත‍්තො ආකාසෙ ඨිතොව ධම‍්මං දෙසෙත්‍වා තාපසගණං බුජ‍්ඣාපෙත්‍වා බ්‍රහ‍්මලොකමෙව ගතො. තෙපි තාපසා ජීවිතපරියොසානෙ බ්‍රහ‍්මලොකපරායණා අහෙසුං.

මෙසේ බෝසත්හු අහසෙහි වැඩ සිට ම දම් දෙසා තාපස සමූහය දැනුවත් කොට බඹ ලොවට ම වැඩියහ. ඒ තවුස් සමූහයා ද දිවි කෙළවර බඹ ලොව පිහිට කොට ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ජෙට‍්ඨන‍්තෙවාසිකො සාරිපුත‍්තො අහොසි, මහාබ්‍රහ‍්මා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම් දෙසුම වදාරා ජාතකය නිමවූහ. එදා දෙටු අතවැසියා සැරියුත් තෙරණුවෝ වූහ. මහා බ්‍රහ්මයා වනාහි මම ම වීමි.

පරොසහස‍්සජාතකවණ‍්ණනා නවමා.