යෙදුමෙන් කියවන්න

10. අසාතරූපජාතකවණ‍්ණනා 100 අට‍්ඨකථා

10. අසාතරූපජාතකවණ‍්ණනා (100)

10. අසාතරූප ජාතකය (100)

අසාතං සාතරූපෙනාති ඉදං සත්‍ථා කුණ‍්ඩියනගරං උපනිස‍්සාය කුණ‍්ඩධානවනෙ විහරන‍්තො කොලියරාජධීතරං සුප‍්පවාසං උපාසිකං ආරබ‍්භ කථෙසි. සා හි තස‍්මිං සමයෙ සත‍්ත වස‍්සානි කුච‍්ඡිනා ගබ‍්භං පරිහරිත්‍වා සත‍්තාහං මූළ‍්හගබ‍්භා අහොසි, අධිමත‍්තා වෙදනා පවත‍්තිංසු. සා එවං අධිමත‍්තවෙදනාභිභූතාපි “සම‍්මාසම‍්බුද‍්ධො වත සො භගවා, යො එවරූපස‍්ස දුක‍්ඛස‍්ස පහානාය ධම‍්මං දෙසෙති. සුප‍්පටිපන‍්නො වත තස‍්ස භගවතො සාවකසඞ‍්ඝො, යො එවරූපස‍්ස දුක‍්ඛස‍්ස පහානාය පටිපන‍්නො. සුසුඛං වත නිබ‍්බානං, යත්‍ථෙව රූපං දුක‍්ඛං නත්‍ථී”ති (උදා· 18) ඉමෙහි තීහි විතක‍්කෙහි අධිවාසෙසි. සා සාමිකං පක‍්කොසෙත්‍වා තඤ‍්ච අත‍්තනො පවත‍්තිං වන්‍දනසාසනඤ‍්ච ආරොචෙතුං සත්‍ථු සන‍්තිකං පෙසෙසි. සත්‍ථා වන්‍දනසාසනං සුත්‍වාව “සුඛිනී හොතු සුප‍්පවාසා කොලියධීතා, සුඛිනී අරොගා අරොගං පුත‍්තං විජායතූ”ති ආහ. සහ වචනෙනෙව පන භගවතො සුප‍්පවාසා කොලියධීතා සුඛිනී අරොගා අරොගං පුත‍්තං විජායි. අථස‍්සා සාමිකො ගෙහං ගන‍්ත්‍වා තං විජාතං දිස‍්වා “අච‍්ඡරියං වත, භො”ති අතිවිය තථාගතස‍්ස ආනුභාවෙන අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතො අහොසි.

“අසාතං සාතරූපෙනාති” යන මේ ජාතකය බුදු රජහු කුණ්ඩිය නම් නුවර ඇසුරු කොට කුණ්ඩධාන වනයෙහි වසන සේක්, කෝලිය රජ දියණිය වූ සුප්පවාසා උපාසිකාව අරබයා දේශනා කළහ. ඈ ඒ කල්හි සත් වසක් දරු ගැබ කුසින් දරා ප්‍රසව වේදනාවෙන් දරුවා බිහිකළ නො හැකි ව සිටියාය. මෙසේ මහත් වේදනා උපන. මෙසේ මහත් වේදනාවෙන් පීඩිත ව සිටිය ද සම්මා සම්බුදු වූ ඒ භගවත්හු මෙබඳු දුක් වේදනා දුරු කිරීම පිණිස දම් දෙසත්. ඒ බුදු රජුන්ගේ සුපිලිසන් ශ්‍රාවකයෝ ද මෙබඳු දුක් වේදනා දුරු කිරීමට පිළිපන්හ. යම් තැනක මෙබඳු දුක් නැද්ද ඒ නිවන ඒකාන්තයෙන් සැපය යන මේ තුන් සිතුවිලිවලින් ඒ දුක් වේදනා ඉවසා සිටියාය. ඇය තම සැමියා කැඳවා තමාගේ තත්ත්වත් තම වේදනාවත් බුදු රජුන්ට සැල කරනු පිණිස බුදු රජුන් වෙත යැව්වාය. බුදුහු පුවත අසා සුප්පවාසා කෝලිය රජ දියණියට නිදුක් නිරෝගී ව නීරෝගී පුතකු බිහිවේවා යි වදාළහ. බුදු රජුන්ගේ ඒ වචනය සමග ම ඇය තමා ද නිරෝගී ව නිරෝගී පුතකු බිහි කළාය. ඇගේ සැමියා ගෙදරට පැමිණෙන කල්හි ම ඇය දරුවා බිහි කළ බව දැක බුදු රජුන්ගේ මහිමය පිළිබඳ ව පුදුම වූයේය.

සුප‍්පවාසාපි පුත‍්තං විජායිත්‍වා සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස දානං දාතුකාමා පුන නිමන‍්තනත්‍ථාය තං පෙසෙසි. තෙන ඛො පන සමයෙන මහාමොග‍්ගල‍්ලානස‍්ස උපට‍්ඨාකෙන බුද‍්ධප‍්පමුඛො සඞ‍්ඝො නිමන‍්තිතො හොති. සත්‍ථා සුප‍්පවාසාය දානස‍්ස ඔකාසදානත්‍ථාය ථෙරං තස‍්ස සන‍්තිකං පෙසෙත්‍වා තං සඤ‍්ඤාපෙත්‍වා සත‍්තාහං තස‍්සා දානං පටිග‍්ගහෙසි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. සත‍්තමෙ පන දිවසෙ සුප‍්පවාසා පුත‍්තං සීවලිකුමාරං මණ‍්ඩෙත්‍වා සත්‍ථාරඤ‍්චෙව භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච වන්‍දාපෙසි. තස‍්මිං පටිපාටියා සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකං නීතෙ ථෙරො තෙන සද‍්ධිං “කච‍්චි තෙ, සීවලි, ඛමනීය”න‍්ති පටිසන්‍ථාරමකාසි. සො “කුතො මෙ, භන‍්තෙ, සුඛං, ස‍්වාහං සත‍්ත වස‍්සානි ලොහිතකුම‍්භියං වසි”න‍්ති ථෙරෙන සද‍්ධිං එවරූපං කථං කථෙසි. සුප‍්පාවාසා තස‍්ස වචනං සුත්‍වා “සත‍්තාහජාතො මෙ පුත‍්තො අනුබුද‍්ධෙන ධම‍්මසෙනාපතිනා සද‍්ධිං මන‍්තෙතී”ති සොමනස‍්සප‍්පත‍්තා අහොසි. සත්‍ථා “අපි නු සුප‍්පවාසෙ අඤ‍්ඤෙපි එවරූපෙ පුත‍්තෙ ඉච‍්ඡසී”ති ආහ. “සචෙ, භන‍්තෙ, එවරූපෙ අඤ‍්ඤෙ සත‍්ත පුත‍්තෙ ලභෙය්‍යං, ඉච‍්ඡෙය්‍යමෙවාහ”න‍්ති. සත්‍ථා උදානං උදානෙත්‍වා අනුමොදනං කත්‍වා පක‍්කාමි. සීවලිකුමාරොපි ඛො සත‍්තවස‍්සිකකාලෙයෙව සාසනෙ උරං දත්‍වා පබ‍්බජිත්‍වා පරිපුණ‍්ණවස‍්සො උපසම‍්පදං ලභිත්‍වා පුඤ‍්ඤවා ලාභග‍්ගප‍්පත‍්තො හුත්‍වා පථවිං උන‍්නාදෙත්‍වා අරහත‍්තං පත්‍වා පුඤ‍්ඤවන‍්තානං අන‍්තරෙ එතදග‍්ගට‍්ඨානං පාපුණි.

සුප්පවාසා ද දරු ප්‍රසූතිය කොට සත් දිනක් බුදුපාමොක් මහසඟනට දන් දෙනු කැමැති ව ආරාධනය සඳහා නැවත හිමියා වෙහෙරට යැව්වාය. ඒ වනවිට මහා මුගලන් තෙරණුවන්ගේ දායකයකු විසින් බුදුපාමොක් මහසඟන ආරාධනා කරන ලද්දේ වෙයි. බුදුහු සුප්පවාසාවගේ දානයට ඉඩ ලබා දෙනු සදහා ඔහු තෙරුන් වෙත යවා සත් දවසක් තුළ ඇගේ දානය භික්‍ෂු සංඝයා සමග පිළිගත්හ. සත්වැනි දින සුප්පාවාස සීවලී කුමරු සරසා බුදු රජුන්ට ද මහසඟනට ද වැන්දවූවාය. පිළිවෙලින් සැරියුත් තෙරුන් වෙත ගෙන එනු ලැබූ කල්හි, සීවලී කුමරුනි, සැපදුක් කෙසේදැ යි පිළිසඳර කථා කළහ. එවිට කුමරු ස්වාමීනි, සැපයක් නම් කොයින් ද? සත් වසක් ලොහො සැළියක විසුවෙමි. තෙරුන් සමග මෙබඳු කථා කළේය. සුප්පවාසා මෙවදන් අසා සත් දිනකට පෙර උපන් මගේ පුත්‍රයා දම් සභාවෙහි සැරියුත් තෙරණුවන් සමග කථා කරතැ යි සතුටු වූවාය. ඉක්බිති, බුදු රජහු, සුප්පවාසාවෙනි, මෙබඳු තවත් පුතුන් කැමැත්තෙහිදැ යි ඇසූහ. ස්වාමීනි, මම මෙබඳු පුතුන් තවත් සත් දෙනකු කැමැත්තෙමි යි කීවාය. බුදු රජහු සතුට ප්‍රකාශ කොට අනුමෙවන් දම් දෙසා වැඩියහ. සීවලී කුමරු ද සත් වස් කල්හි ම සසුනට ලැදි ව පැවිදි ව උපසපන් ව ප්‍රත්‍යලාභයෙන් අගතැන් පත්ව පොළොව කම්පා කැරවමින් රහත් බවට පැමිණ පුණ්‍යවන්තයන් අතරෙහි අග්‍ර ස්ථානගත ව පැමිණියේය.

අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිපතිත්‍වා “ආවුසො, සීවලිත්‍ථෙරො නාම එවරූපො මහාපුඤ‍්ඤො පත්‍ථිතපත්‍ථනො පච‍්ඡිමභවිකසත‍්තො සත‍්ත වස‍්සානි ලොහිතකුම‍්භියං වසිත්‍වා සත‍්තාහං මූළ‍්හගබ‍්භභාවං ආපජ‍්ජි, අහො මාතාපුත‍්තා මහන‍්තං දුක‍්ඛං අනුභවිංසු, කිං නු ඛො කම‍්මං අකංසූ”ති කථං සමුට‍්ඨාපෙසුං. සත්‍ථා තත්‍ථාගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “භික‍්ඛවෙ, සීවලිනො මහාපුඤ‍්ඤතොව සත‍්ත වස‍්සානි ලොහිතකුම‍්භියං නිවාසො ච සත‍්තාහං මූළ‍්හගබ‍්භභාවප‍්පත‍්ති ච අත‍්තනා කතකම‍්මමූලකාව, සුප‍්පවාසායපි සත‍්ත වස‍්සානි කුච‍්ඡිනා ගබ‍්භපරිහරණදුක‍්ඛඤ‍්ච සත‍්තාහං මූළ‍්හගබ‍්භදුක‍්ඛඤ‍්ච අත‍්තනා කතකම‍්මමූලකමෙවා”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

ඉක්බිති, එක් දවසක් භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, මේ සීවලී තෙරණුවෝ මෙබඳු මහා පිනැත්තෝය. කරන ලද සසර ප්‍රාර්ථනා ඇතියහ. මේ අන්තිම අත්බැව්හි සිටියෝය. එහෙත් සත් වසක් ලොහො සැළියක සිටියෝය. සත් දවසක් ගර්භ මුර්ජාවට පැමිණියහ. අහෝ! මව සහ පුතා මහත් දුකක් වින්දහ. ඔවුහු කිනම් පවක් කළෝදැ යි කථාවක් ඉපද වූහ. බුදු රජහු දම් සභාවට වැඩමවා මහණෙනි, කිනම් කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකිනැ යි කී කල්හි මහණෙනි, මහපිනැති වුව ද සීවලී සත් වසක් ලොහො සැළියක විසීම ද සත් දවසක් ගර්භ මූර්ඡාවෙන් විසීම ද පෙර කළ කර්මයක් මුල්කොට ඇත්තකි. සුප්පවාසාව ද සත් වසක් කුස දරු ගැබ දැරීමේ දුක ද සත් දවසක් ගර්භ මූර්ඡා දුක ද තම කර්මයක් මුල්කොට වූ බව වදාරා ඔවුන් විසින් අයදනා ලද ව අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා පිතු අච‍්චයෙන රජ‍්ජං පත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. තස‍්මිං සමයෙ කොසලමහාරාජා මහන‍්තෙන බලෙනාගන‍්ත්‍වා බාරාණසිං ගහෙත්‍වා රාජානං මාරෙත්‍වා තස‍්සෙව අග‍්ගමහෙසිං අත‍්තනො අග‍්ගමහෙසිං අකාසි. බාරාණසිරඤ‍්ඤො පන පුත‍්තො පිතු මරණකාලෙ නිද‍්ධමනද‍්වාරෙන පලායිත්‍වා බලං සංහරිත්‍වා බාරාණසිං ආගන‍්ත්‍වා අවිදූරෙ නිසීදිත්‍වා තස‍්ස රඤ‍්ඤො පණ‍්ණං පෙසෙසි “රජ‍්ජං වා දෙතු යුද‍්ධං වා”ති. සො “යුද‍්ධං දෙමී”ති පටිපණ‍්ණං පෙසෙසි. රාජකුමාරස‍්ස පන මාතා තං සාසනං සුත්‍වා “යුද‍්ධෙන කම‍්මං නත්‍ථි, සබ‍්බදිසාසු සඤ‍්චාරං පච‍්ඡින්‍දිත්‍වා බාරාණසිනගරං පරිවාරෙතු, තතො දාරූදකභත‍්තපරික‍්ඛයෙන කිලන‍්තමනුස‍්සං නගරං විනාව යුද‍්ධෙන ගණ‍්හිස‍්සසී”ති පණ‍්ණං පෙසෙසි. සො මාතු සාසනං සුත්‍වා සත‍්ත දිවසානි සඤ‍්චාරං පච‍්ඡින්‍දිත්‍වා නගරං රුන්‍ධි, නාගරා සඤ‍්චාරං අලභමානා සත‍්තමෙ දිවසෙ තස‍්ස රඤ‍්ඤො සීසං ගහෙත්‍වා කුමාරස‍්ස අදංසු. කුමාරො පන නගරං පවිසිත්‍වා රජ‍්ජං ගහෙත්‍වා ජීවිතපරියොසානෙ යථාකම‍්මං ගතො.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝසත්හු ඔහුගේ අත මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන වැඩිවියට පැමිණියාහු, තක්සලා නුවර දී සියලු ශිල්ප උගෙන පිය රජු ඇවෑමෙන් රාජ්‍යයට පැමිණ දැහැමින් රාජ්‍යය කළේය. එකල්හි, කොසොල් රජ මහත් සේනාවක් සමග අවුත් බරණැස් නුවර ගෙන රජු මරා ඔහුගේ ම අග මෙහෙසිය තමාගේ අග මෙහෙසිය කළේය. බරණැස් රජුගේ පුත්‍රයා පිය රජු මියයන කාලයේ දී දුම් කවුළුවෙන් නික්ම සෙනඟ රැස්කොට නගරයට නුදුරින් හිඳ ඒ රජුට හසුන් යැවීය. රාජ්‍යය දෙනු. නැතිනම් යුද්ධය වේවා. ඔහු යුද්ධය දෙමි යි පිළිහසුන් යැවීය. රජ කුමරුගේ මව ඒ හසුන අසා යුද්ධයෙන් කම් නැත. සියලු දිශාවන්හි සංචාරය නවත්වා බරණැස් නුවර වටලනු. ඉන්පසු දර දිය ආහාර නැතිවීමෙන් වෙහෙසට පත් මිනිසුන් ඇති නුවර යුද්ධයකින් තොරව අල්ලාගත හැකි වේ යි හසුන් යැව්වාය. ඔහු ද මවගේ හසුන අසා සත් දිනක් නුවර අවහිර කොට නගරය වැසීය. නුවර වැසියෝ ගමන් බිමන් නො ලබන්නාහු, සත් වැනි දින ඒ රජුගේ හිස ගෙන කුමරුට දුන්නාහ. කුමරු ද නුවරට පැමිණ රාජ්‍යය ගෙන ආයු කෙළවර කම් වූ පරිදි ගියේය.

සො එතරහි සත‍්ත දිවසානි සඤ‍්චාරං පච‍්ඡින්‍දිත්‍වා නගරං රුන්‍ධිත්‍වා ගහිතකම‍්මනිස‍්සන්‍දෙන සත‍්ත වස‍්සානි ලොහිතකුම‍්භියං වසිත්‍වා සත‍්තාහං මූළ‍්හගබ‍්භභාවං ආපජ‍්ජි. යං පන සො පදුමුත‍්තරස‍්ස භගවතො පාදමූලෙ “ලාභීනං අග‍්ගො භවෙය්‍ය”න‍්ති මහාදානං දත්‍වා පත්‍ථනං අකාසි, යඤ‍්ච විපස‍්සිබුද‍්ධකාලෙ නාගරෙහි සද‍්ධිං සහස‍්සග‍්ඝනකං ගුළදධිං දත්‍වා පත්‍ථනමකාසි, තස‍්සානුභාවෙන ලාභීනං අග‍්ගො ජාතො. සුප‍්පවාසාපි “නගරං රුන්‍ධිත්‍වා ගණ‍්හ, තාතා”ති පෙසිතභාවෙන සත‍්ත වස‍්සානි කුච‍්ඡිනා ගබ‍්භං පරිහරිත්‍වා සත‍්තාහං මූළ‍්හගබ‍්භා ජාතා.

ඔහු සත් දිනක් මිනිස් හසර නවත්වා නගරය අවහිර කොට අල්ලාගත් කර්මයෙහි විපාක වශයෙන් මේ අත් බැව්හි සත් වසක් ලොහෝ සැලියක වැස සත් දවසක් ගර්භ මූර්ඡා බවට පැමිණියේය. යම් දවසක හෙතෙම පියුමතුරා බුදුන් කල ලාභීන්ගෙන් අග තැන්පත් වෙමි යි ප්‍රාර්ථනාවක් කළේ ද විපස්සී බුදුන් කල උක් හකුරු හා වෙඬරු දන් දී යම් ප්‍රාර්ථනාවක් කළේ ද එහි විපාක වශයෙන් ලාභීන්ගෙන් අග්‍ර වූහ. සුප්පවාසාව ද, දරුව, නගරය අවහිර කොට ගනුව යි හසුන් යැවූ බැවින් සත් වසක් කුසින් දරු ගැබ දැරීමටත් සත් දවසක් ප්‍රසව වේදනා විඳීමටත් සිදුවූවාය.

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු මේ ජාතක කථාව ගෙන හැර දක්වා මේ ගාථාව වදාළහ.

“අසාතං සාතරූපෙන, පියරූපෙන අප‍්පියං; දුක‍්ඛං සුඛස‍්ස රූපෙන, පමත‍්තමතිවත‍්තතී”ති.

“අසාතං සාතරූපෙන පියරූපෙන අප්පියං, දුක්‍ඛං සුඛස්සරූපෙන පමත්තමතිවත්තීති”

“අමිහිරි දෙය මිහිරි ආකාරයෙන් ද අප්‍රිය දෙය ප්‍රිය වශයෙන් ද දුක සැප ආකාරයෙන් ද මුළා වූ පුද්ගලයා යටපත් කරයි.”

තත්‍ථ අසාතං සාතරූපෙනාති අමධුරමෙව මධුරපතිරූපකෙන. පමත‍්තමතිවත‍්තතීති අසාතං අප‍්පියං දුක‍්ඛන‍්ති එතං තිවිධම‍්පි එතෙන සාතරූපාදිනා ආකාරෙන සතිවිප‍්පවාසවසෙන පමත‍්තං පුග‍්ගලං අතිවත‍්තති අභිභවති අජ‍්ඣොත්‍ථරතීති අත්‍ථො. ඉදං භගවතා යඤ‍්ච තෙ මාතාපුත‍්තා ඉමිනා ගබ‍්භපරිහරණගබ‍්භවාසසඞ‍්ඛාතෙන අසාතාදිනා පුබ‍්බෙ නගරරුන්‍ධනසාතාදිපතිරූපකෙන අජ‍්ඣොත්‍ථටා, යඤ‍්ච ඉදානි සා උපාසිකා පුනපි සත‍්තක‍්ඛත‍්තුං එවරූපං අසාතං අප‍්පියං දුක‍්ඛං පෙමවත්‍ථුභූතෙන පුත‍්තසඞ‍්ඛාතෙන සාතාදිපතිරූපකෙන අජ‍්ඣොත්‍ථටා හුත්‍වා තථා අවච, තං සබ‍්බම‍්පි සන්‍ධාය වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

එහි, “අසාතං සාතරූපෙන”, අමිහිරි දෙය මිහිරි ස්වරුපයෙන් ද “පමත්තමතිවත්තතීති”, අමිහිරි, නො කැමැති, දුක් යන මේ ත්‍රිවිධ අවස්ථාව මිහිරි, කැමැති, සැප (ඝාත, පිය, සුඛ) වශයෙන් නුවණින් තොර වූ ප්‍රමාදී පුද්ගලයා ඉක්මවා යයි, මැඩ පවත්වයි, යටපත් කරයි. යන අර්ථයි. මෙහි දී මව්පුත් දෙදෙන සත් වසක් ගැබ් දැරීම, ගැබ තුළ විසීම් සංඛ්‍යාත අමිහිරි දෙයින් පෙර නගරය අවහිර කිරීම නම් වූ මිහිරියෙන් යටපත් කරන ලද්දේය. දැන් ඒ සුප්පවාසා උවැසිය, තවත් සත් වරක් මෙබඳු අමිහිරි, අප්‍රිය වූ, දුක් සමග ම මධුරප්‍රති රූපකයෙන් වැසී යන ලද්දී ව මේ ආකාරයෙන් කීවාය. මේ සියල්ල සඳහා බුදු රජහු මෙසේ වදාරණ ලදැ යි දතයුතුයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා නගරං රුන්‍ධිත්‍වා රජ‍්ජප‍්පත‍්තකුමාරො සීවලි අහොසි, මාතා සුප‍්පවාසා, පිතා පන බාරාණසිරාජා අහමෙව අහොසි”න‍්ති.

බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදා නගරය අවුරා රජ පැමිණි කුමරා සීවලී විය. මව සුප්පවාසා වූවාය. පියා වූ බරණැස් රජු මම ම වීමි.

අසාතරූපජාතකවණ‍්ණනා දසමා.

ලිත‍්තවග‍්ගො දසමො.

දස වැනි ලිත්ත වර්ගයයි.

තස‍්සුද‍්දානං –

ලිත‍්තතෙජං මහාසාරං, විස‍්සාස ලොමහංසනං; සුදස‍්සන තෙලපත‍්තං, නාමසිද‍්ධි කූටවාණිජං; පරොසහස‍්ස අසාතරූපන‍්ති.

මජ‍්ඣිමපණ‍්ණාසකො නිට‍්ඨිතො.

මැදුම් පණස නිමියේය.