11. පරොසතවග්ගො
11. පරොසත වර්ගය
101. පරොසතඤ්චෙපි සමාගතානං ඣායෙය්යුං තෙ වස්සසතං අපඤ්ඤා, එකොව සෙය්යො පුරිසො සපඤ්ඤො යො භාසිතස්ස විජානාති අත්ථ’න්ති.
101. රැස්වූවන් අතුරෙහි සියයකට අධික වූ ද ප්රඥා රහිත වූ ඔවුහු අවුරුදු සියයක් පරික්ෂා කොට බලන්නාහු නමුදු (කාරණය වටහා නො ගනිති. එහෙයින් උතුම් නොවේ.) යමෙක් ප්රකාශිත වචනයෙන් අර්ත්ථය දනී ද ඒ ප්රඥාවත් එක පුරුෂයා ම උතුම් වේ.
1. පරොසතජාතකං.
1. පරොසත ජාතක යි.
102. යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණං සො මෙ පිතා දූභි වනෙ කරොති, සා කස්ස කන්දාමි වනස්ස මජ්ඣෙ යො තායිතා සො සහසා කරොතීති.
102. යමෙක් දුකින් පහරන ලද තැනැත්තියට පිහිට වන්නේ ද මාගේ ඒ පියා වෙනෙහි මිත්රද්රෝහි කර්මය කෙරෙයි. වෙනෙහි මැදැ ඒ මම කවරක් හට (පිහිට සොයා) හඬම් ද, යමෙක් (මට) පිහිට වන්නට සුදුසු ද හෙතෙමේ ම සාහසික කර්මයක් කෙරෙයි.
2. පණ්ණිකජාතකං.
2. පණ්ණික ජාතක යි.
103. යත්ථ වෙරී නිවසති න වසෙ තත්ථ වසෙ තත්ථ පණ්ඩිතො, එකරත්තං දිරත්තං වා දුක්ඛං වසති වෙරිසූති.
103. යම් තැනෙක්හි වෛරී පුද්ගලයා වෙසේ ද එතන්හි නුවණැත්තේ නො වසන්නේ ය. (කුමක් හෙයින් ද යත්:) එක දවසක් හො දෙකක් හො වෛරීන් අතුරෙහි (වසන්නේ) දුකින් (ම) වෙසේ.
3. වෙරීජාතකං.
3. වේරී ජාතක යි.
104. චතුබ්භිඅට්ඨජ්ඣගමා අට්ඨාහි-පි ච සොළස, සොළසාහි ච බත්තිංස අත්රිච්ඡං චක්කමාසදො. ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙති.
104. සතර දෙනකුගෙන් අසන්තුෂ්ට වැ අටදෙනකුන් කරා ගියේ ය. අටදෙනකුන්ගෙන් අසන්තුෂ්ට වැ සොළොස්දෙනකුන් කරා ද සොළොස්දෙනකුගෙන් අසන්තුෂ්ට වැ දෙතිස්දෙනකුන් කරා ද ගියේ ය. (ලද දෙයින් නො සතුටු වැ) වැඩියක් පතන්නේ උරචක්රයට පැමිණියේ ය. තෘෂ්ණාවෙන් පෙළන ලද පුරුෂයාගේ මස්තකයෙහි උරචක්රය (නැවත නැවත වැටීමෙන්) බමයි.
4. මිත්තවින්දජාතකං.
4. මිත්තවින්දක ජාතක යි.
105. බහුං පෙතං වනෙ කට්ඨං වාතො භඤ්ජති දුබ්බලං; තස්ස චෙ භායසී නාග කිසො නූන භවිස්සසීති.
105. වෙනෙහි බොහෝ වූ (යම්) මේ දුර්වල කාෂ්ටයක් (දණ්ඩක්) සුළඟ බිඳී ද, නාගය, ඉදින් එයට බියපත් වෙහි නම් ඒකාන්තයෙන් කෘෂ වූවෙක් වන්නෙහි ය.
5. දුබ්බලකට්ඨජාතකං.
5. දුබ්බලකට්ඨ ජාතක යි.
106. සුසුඛං වත මං ජීවන්තං පචමානා උදඤ්චනී චොරී ජායප්පවාදෙන තෙලං ලොණඤ්ච යාචතීති.
106. ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වන්නා වූ මා පෙළන්නාවූ දිය ඉස්නා ඝටිකාවක් මෙන් අන්සතු දෑ පැහැර ගන්නා වූ භාර්ය්යා නාමයෙන් යුක්ත සෙරක් තෙල් ද ලුණු ද (ආදි කැමැති කැමැති වස්තුව) ඉල්ලයි.
6. උදඤ්චනීජාතකං.
6. උදඤ්චනී ජාතක යි.
107. සාධු ඛො සිප්පකං නාම අපි යාදිසකීදිසං, පස්ස ඛඤ්ජප්පහාරෙන ලද්ධා ගාමා චතුද්දිසාති.
107. යම්තම් වූ ශිල්පය නමුදු යහපත් ම ය. බලව කොරා ගේ (එළුබෙටි) ගැසීමෙන් සතර දිගින් සතරක් ගම්හු ලබන ලදහ.
7. සාලිත්තකජාතකං.
7. සාලිත්තක ජාතක යි.
108. සික්ඛෙය්ය සික්ඛිතබ්බානි සන්ති සච්ඡන්දිනො ජනා, බාහියා හි සුභන්තෙන රජානමභිරාධයීති.
108. හික්මෙන්නට සුදුසු ශිල්පයන් හික්මෙන්නේ ය, (ඉගෙන ගන්නේය) ඒ ඒ ශිල්පයෙහි කැමැති ජනයෝ ඇත්තාහ. යම් හෙයෙකින් බිහි ජනපදයෙහි උපන් ස්ත්රී මනා කොට කළ පුරිෂසර්ගයෙන් රජහු සිත් ගත්තී ද (එහෙයිනි).
8. බාහියජාතකං.
8. බාහිය ජාතක යි.
109. යථන්නො පුරිසො හොති තථන්නා තස්ස දෙවතා, ආහරෙතං කණං පූවං මා මෙ භාගං විනාසයාති
109. පුරුෂ තෙමේ යම්බඳු ආහාරයක් ඇත්තේ වේ ද ඔහු ගේ දේවතාවා ද එබඳු ම ආහාර ඇත්තේ ය, මේ කුඩුපූව (කුඩුකැවුම) ගෙනෙව, මාගේ කොටස නො නසව.
9. කුණ්ඩපූවජාතකං.
9. කුණ්ඩපූව ජාතක යි.
110. සබ්බසංහාරකො නත්ථි සුද්ධං කඞ්ගු පවායති. අලිකං භාසති යං ධුත්තී සච්චමාහ මහල්ලිකාති.
110. මෙහි සර්වසංහාර (සියල්ල එකතු වූ) සුවඳ නැත්තේ ය. (අනෙක් සුවඳෙකින් අමිශ්ර හෙයින්) පිරිසිදු පුවඟුමල්සුවඳ ද විහිදෙයි. ධූර්ත වූ මෝ තොමෝ බොරු කියයි. මහල්ලිකා (මැහැලි) තොමෝ සැබවක් කිව.
10. සබ්බසංහාරකපඤ්හො.
10. සබ්බසංහාරක ජාතක යි.
පරොසතවග්ගො එකාදසමො.
එකළොස්වැනි පරොසත වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දාන:
සපරොසතතායිතවෙරී පුන භමචක්කථ නාගසිරිව්හයවනො, සුඛකඤ්චවතසිප්පකබාහියා කුණ්ඩපූවමහල්ලිකකා ච දස.
පරොසත - තායිත (පණ්ණික) වේරී හමචක්ක (මිත්තවින්දක) නාගසිරි (දුබ්බලකට්ඨ) සුඛ (උදඤ්චනී) සිප්පක (සාලිත්තක) බාහිය කුණඩපූව මහල්ලික (සබ්බසංහාරක) යන දසය යි.