2. පණ්ණිකජාතකවණ්ණනා 102 අට්ඨකථා
2. පණ්ණිකජාතකවණ්ණනා (102)
2. පණ්ණික ජාතකය (102)
යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං පණ්ණිකං උපාසකං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථිවාසී උපාසකො නානප්පකාරානි මූලපණ්ණාදීනි චෙව ලාබුකුම්භණ්ඩාදීනි ච වික්කිණිත්වා ජීවිකං කප්පෙති. තස්සෙකා ධීතා අභිරූපා පාසාදිකා ආචාරසීලසම්පන්නා හිරොත්තප්පසමන්නාගතා කෙවලං නිච්චප්පහසිතමුඛා. තස්සා සමානකුලෙසු වාරෙය්යත්ථාය ආගතෙසු සො චින්තෙසි “ඉමිස්සා වාරෙය්යං වත්තති, අයඤ්ච නිච්චප්පහසිතමුඛා. කුමාරිකාධම්මෙ පන අසති කුමාරිකාය පරකුලං ගතාය මාතාපිතූනං ගරහා හොති, ‘අත්ථි නු ඛො ඉමිස්සා කුමාරිකාධම්මො, නත්ථී’ති වීමංසිස්සාමි න”න්ති. සො එකදිවසං ධීතරං පච්ඡිං ගාහාපෙත්වා පණ්ණත්ථාය අරඤ්ඤං ගන්ත්වා වීමංසනවසෙන කිලෙසසන්නිස්සිතො විය හුත්වා රහස්සකථං කථෙත්වා තං හත්ථෙ ගණ්හි. සා ගහිතමත්තාව රොදන්තී කන්දන්තී “අයුත්තමෙතං, තාත, උදකතො අග්ගිපාතුභාවසදිසං, මා එවරූපං කරොථා”ති ආහ. “අම්ම, මයා වීමංසනත්ථාය ත්වං හත්ථෙ ගහිතා, න ච කිලෙසවසෙන. වදෙහි, අත්ථි දානි තෙ කුමාරිකාධම්මො”ති. “ආම, තාත, අත්ථි . මයා හි ලොභවසෙන න කොචි පුරිසො ඔලොකිතපුබ්බො”ති. සො ධීතරං අස්සාසෙත්වා ඝරං නෙත්වා මඞ්ගලං කත්වා පරකුලං පෙසෙත්වා “සත්ථාරං වන්දිස්සාමී”ති ගන්ධමාලාදිහත්ථො ජෙතවනං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා පූජෙත්වා එකමන්තං නිසීදි, “චිරස්සමාගතොසී”ති ච වුත්තෙ තමත්ථං භගවතො ආරොචෙසි. සත්ථා “උපාසක, කුමාරිකා චිරං පට්ඨාය ආචාරසීලසම්පන්නාව, ත්වං පන න ඉදානෙව එවං වීමංසසි, පුබ්බෙපි වීමංසියෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
“යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, පළා වෙළඳාම් කරන උපාසකයකු අරබයා දෙසූහ. සැවැත්නුවර වැසි ඒ උපාසකයා විවිධ මුල්, කොළ වර්ග ද ලබු, කොමඩු ආදිය ද විකුණා ජීවිකාව කළේය. ඔහුට පැහැපත්, රූමත්, ආචාර ශීලයෙන් යුත්, ලජ්ජා බය ඇති දුවක් වූවාය. ඕ නිරතුරු සිනහ මුහුණින් යුතු වූවාය. මැයට සම කුලයන්හි විවාහය සඳහා කැඳවීමක් පැමිණි කල්හි උපාසකයා මෙසේ සිතීය. මැයට විවාහ කැඳවීමක් ඇත. මැය නිතර ම සිනා මුහුණින් සිටින්නීය. කුමරියකට කුමරියක් නැති කල්හි වෙනත් කුලයකට ගිය කල්හි මව්පියන්ට නින්දා වන්නේය. ඇයට කුමාරි ධර්ම ඇත්ද නැද්දැ යි විමසමි යි දියණිය ලවා පැස ගෙන්වා ගෙන පළා නෙලනු සඳහා වනයට ගොස් විමසීම් වශයෙන් කාමයෙන් ආකූල වූවකු මෙන් රහස්‍යය කථා කියමින් ඇය අතින් ගති. එකෙණෙහි ඕ අඬමින් වැළපෙමින් පියාණෙනි, මේ නුසුදුසුය. දියෙහි ගිනි දැල් මතුවූවාක් වැනිය. මෙවන් දෙයක් නොකරනු මැනවැ යි කීවාය. දියණිය, මා ඔබ විමසනු සදහා මෙසේ අතින් ගතිමි. දැන් මට කියනු ඇත්ත වශයෙන් ම ඔබට කුමාරිකා ධර්ම තිබේ ද? එසේය, පියාණෙනි. මවිසින් රාගිත සිතින් කිසියම් පුරුෂයකු නො බලන ලද්දාය. ඉක්බිති, උපාසකයා දියණිය අස්වසා ගෙට ගොස් විවාහ මංගල්‍යය සිදුකොට ඇය හිමියන් සමග යවා බුදුරජුන් මල්, තෙල්, ගඳමල් අතැති ව දෙවුරට ම ගොස් බුදු රජුන් වැඳපුදා එකත් පසෙක සිටි කල්හි, බොහෝ කලකින් පැමිණියේ නො වේදැ යි බුදුහු වදාළහ. උපාසකයා ඒ සියලු පුවත් සැල කළේය. බුදු රජහු, උපාසකය, කුමරිය බොහෝ කලක පටන් ආචාර ශීල ඇත්තීය. ඔබ ඇය විමසනුයේ දැන් පමණක් නො වේ. පෙරත් විමසුවේ ම වීයැ යි වදාරා ඔහු විසින් අයදින ලද බුදුහු ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අරඤ්ඤෙ රුක්ඛදෙවතා හුත්වා නිබ්බත්ති. අථෙකො බාරාණසියං පණ්ණිකඋපාසකොති අතීතවත්ථු පච්චුප්පන්නසදිසමෙව. තෙන පන සා වීමංසනත්ථාය හත්ථෙ ගහිතමත්තා පරිදෙවමානා ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත්හු වනයක රුක් දෙවියෙක් වී උපන්හ. එකල්හි බරණැස් නුවර පලා වෙළෙන්දෙක් විය. මෙහි සියලු කථාව වර්තමාන කථාව හා සමානයි. එදවස පියා විසින් දියණියගේ අත ගත් කල්හි ඈ වැළපෙමින් මේ ගාථාව කීවාය.
“යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණං, සො මෙ පිතා දුබ්භි වනෙ කරොති; සා කස්ස කන්දාමි වනස්ස මජ්ඣෙ, යො තායිතා සො සහසං කරොතී”ති.
“යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණං, සො මෙ පිතා දුහි වනෙ කරෝති, සා කස්ස කන්දාමි වනස්ස මජ්ඣෙ, යො තායිතා සො සහසා කරොතීති”
“යමෙක් දුකට පත් මා හට පිහිට වන්නේ ද ඒ මගේ පියා වනයෙහි දී සතුරු කම් කරයි. වන මැද ඒ මම කවරකුගේ පිහිට පතා හඬම් ද යමෙක් මගේ ආරක්ෂකයා වෙයි ද ඔහු ම සැහැසිකම් කරයි.”
තත්ථ යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණන්ති කායිකචෙතසිකෙහි දුක්ඛෙහි ඵුට්ඨාය තායිතා පරිතායිතා පතිට්ඨා භවෙය්ය. සො මෙ පිතා දුබ්භි වනෙ කරොතීති සො මය්හං දුක්ඛපරිතායකො පිතාව ඉමස්මිං වනෙ එවරූපං මිත්තදුබ්භි කම්මං කරොති, අත්තනො ජාතාය ධීතරි වීතික්කමං කාතුං මඤ්ඤතීති අත්ථො. සා කස්ස කන්දාමීති කස්ස රොදාමි, කො මෙ පතිට්ඨා භවිස්සතීති දීපෙති. යො තායිතා සො සහසං කරොතීති යො මය්හං තායිතා රක්ඛිතා අවස්සයො භවිතුං අරහති, සො පිතායෙව සාහසිකකම්මං කරොතීති අත්ථො.
එහි, “යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණං”, කායික හෝ මානසික වශයෙන් දුකකින් පීඩාවට පත් කල්හි යමෙක් ආරක්ෂක වෙයි ද පිහිට වන්නා වෙයි ද “සො මෙ පිතා දූහී වනෙ කරෝති”, ඒ මගේ දුකෙහි දී ආරක්ෂකයා වූ පියා ම මෙතැන දී මෙවැනි මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් කරයි. තමා නිසා උපන් දියණියට සිරිත් ඉක්මවීමක් කිරීමට සිතයි. “සා කස්ස කන්දාමි”, මම කවරකුට හඬා කියම් ද? කවරෙක් මට පිහිට වන්නේදැ යි දක්වයි. “යො තායිතා සො සහසා කරොතීති”, යමෙක් මගේ ආරක්ෂකයා - පිහිටවන්නා වීමට සුදුසු ද ඒ පියා ම සැහැසි කම් කරයි යන අර්ථයි.
අථ නං පිතා අස්සාසෙත්වා “අම්ම, රක්ඛිතත්තාසී”ති පුච්ඡි. “ආම, තාත රක්ඛිතො මෙ අත්තා”ති. සො තං ඝරං නෙත්වා මණ්ඩෙත්වා මඞ්ගලං කත්වා පරකුලං පෙසෙසි.
ඉක්බිති, පියා ඇය සනසා දියණිය ඔබ රැකුණු තැනැත්තියක් වේවාදැ යි විචාළේය. එසේය, පියාණෙනි, මගේ ආත්මය රැකුණේය. පියා දියනිය ගෙට ගෙන ගොස් මංගල විධි පවත්වා හිමියකුට සරණපාවා දුන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උපාසකො සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
බුදුහු මේ ජාතකය වදාරා සිව්සස් දැක්වූහ. උපාසකයා සෝවාන් විය.
තදා පිතා එතරහි පිතාව, ධීතා ච එතරහි ධීතාව, තං කාරණං පච්චක්ඛතො දිට්ඨරුක්ඛදෙවතා පන අහමෙව අහොසින්ති.
එකල්හි පියා දැන් පියා ම විය. දියණිය දැන් දියණිය ම වූවාය. මේ කාරණය සියසින් දුටු රුක් දෙවියා මම ම වීමි.
පණ්ණිකජාතකවණ්ණනා දුතියා.