යෙදුමෙන් කියවන්න

3. වෙරිජාතකවණ‍්ණනා 103 අට‍්ඨකථා

3. වෙරිජාතකවණ‍්ණනා (103)

3. වේරි ජාතකය (103)

යත්‍ථ වෙරී නිවිසතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකං ආරබ‍්භ කථෙසි. අනාථපිණ‍්ඩිකො කිර භොගගාමං ගන‍්ත්‍වා ආගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ චොරෙ දිස‍්වා “අන‍්තරාමග‍්ගෙ වසිතුං න යුත‍්තං, සාවත්‍ථිමෙව ගමිස‍්සාමී”ති වෙගෙන ගොණෙ පාජෙත්‍වා සාවත්‍ථිමෙව ආගන‍්ත්‍වා පුනදිවසෙ විහාරං ගතො සත්‍ථු එතමත්‍ථං ආරොචෙසි. සත්‍ථා “පුබ‍්බෙපි ගහපති පණ‍්ඩිතා අන‍්තරාමග‍්ගෙ චොරෙ දිස‍්වා අන‍්තරා අවිලම‍්බමානා අත‍්තනො වසනට‍්ඨානමෙව ගමිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

“යත්‍ථ වෙරී නිවසති” යන මේ ජාතකය බුදු රජහු දෙවුරම් වෙහෙර වෙසෙන සේක්, අනේපිඬු මහසිටු අරබයා දෙසූහ. අනේපිඬු මහසිටු දිනක් තම භුක්ති ඇති ගමකට ගොස් ආපසු එන්නේ, අතරමග සොරුන් දැක අතරමග වසන්ට නුසුදුසුය. සැවැත් නුවරට ම යන්නෙමි යි ගොනුන් වේගයෙන් මෙහෙයවා සැවැත් නුවරට ම අවුත් දෙවැනි දවස් වෙහෙරට ගියේ, බුදුන්ට එම කරුණ සැල කළේය. බුදුහු, ගෘහපතිය, පෙර ද පඬිවරු අතරමඟ සොරුන් දැක අතර නො රැඳී තමන් වසන ස්ථානයට පැමිණියහැ යි වදාරා ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො මහාවිභවො සෙට‍්ඨි හුත්‍වා එකං ගාමකං නිමන‍්තනං භුඤ‍්ජනත්‍ථාය ගන‍්ත්‍වා පච‍්චාගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ චොරෙ දිස‍්වා අන‍්තරාමග‍්ගෙ අවසිත්‍වාව වෙගෙන ගොණෙ පාජෙන‍්තො අත‍්තනො ගෙහමෙව ආගන‍්ත්‍වා නානග‍්ගරසෙහි භුඤ‍්ජිත්‍වා මහාසයනෙ නිසින‍්නො “චොරානං හත්‍ථතො මුච‍්චිත්‍වා නිබ‍්භයට‍්ඨානං අත‍්තනො ගෙහං ආගතොම‍්හී”ති උදානවසෙන ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු මහත් සම්පත් ඇති සිටුවරයකු ව එක් කුඩා ගමකට ආරාධිත භෝජන අනුභවය සඳහා යන්නේ, අතරමඟ සොරුන් දැක අතරමඟ නො සිට වේගයෙන් ගොනුන් මෙහෙයවන්නේ තම ගෙදරට ම අවුත් නොයෙක් රසවත් අහර අනුභව කොට සිරියහනෙහි වැතිරී සිටියේ, සොරුන්ගේ අතින් මිදී නිර්භය ස්ථානය ම වූ තම ගෙදරට ම පැමිණියේ වෙමි යි ප්‍රීතිය ප්‍රකාශ කිරීම් වශයෙන් මේ ගාථාව කීය.

“යත්‍ථ වෙරී නිවිසති, න වසෙ තත්‍ථ පණ‍්ඩිතො; එකරත‍්තං දිරත‍්තං වා, දුක‍්ඛං වසති වෙරිසූ”ති.

“යත්‍ථ වෙරී නිවසති න වසෙ තත්‍ථ පණ්ඩිතො, එකරත්තං ද්විරත්තං වා දුක්‍ඛං වසති වෙරිසූති”

“යම් තැනක වෛරී කෙනෙක් වසත් ද නුවණැත්තේ එහි නො වසන්නේය. මක්නිසා ද යත්, වෛරීන් අතර එක් දවසක් හෝ දෙදවසක් වසන්නේ දුක සේ වෙසෙයි.”

තත්‍ථ වෙරීති වෙරචෙතනාසමඞ‍්ගිපුග‍්ගලො. නිවිසතීති පතිට‍්ඨාති. න වසෙ තත්‍ථ පණ‍්ඩිතොති සො වෙරීපුග‍්ගලො යස‍්මිං ඨානෙ පතිට‍්ඨිතො හුත්‍වා වසති, තත්‍ථ පණ‍්ඩිතො පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතො න වසෙය්‍ය. කිංකාරණා? එකරත‍්තං දිරත‍්තං වා, දුක‍්ඛං වසති වෙරිසූති, වෙරීනඤ‍්හි අන‍්තරෙ වසන‍්තො එකාහම‍්පි ද‍්වීහම‍්පි දුක‍්ඛමෙව වසතීති අත්‍ථො.

එහි, “වෙරීති”, ද්වෙෂ සහගත සිතිවිලිවලින් යුක්ත පුද්ගලයාය. “නිවසති”, වෙසෙයි. “න වසෙ තත්‍ථ පණ්ඩිතො”, වෛරී පුද්ගලයා යම් ස්ථානයක නිත්‍යය වාසී ව වසයි ද පාණ්ඩිත්‍යයෙන් යුත් පණ්ඩිතයන් වාසය නො කරන්නේය. මක් නිසා ද, “එකරත්තං ද්විරත්තං වා දුක්‍ඛං වසති වෙරිසූති”, විරුද්ධවාදීන් සමග වසන්නා එක් දවසක් දෙදවසක් හෝ දුක සේ ම වසයි යන අර්ථයි.

එවං මහාසත‍්තො උදානං උදානෙත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

මෙසේ බෝසත්හු ප්‍රීතිය ප්‍රකාශ කොට දානාදී පිංකම් කොට කම් වූ පරිදි ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අහමෙව බාරාණසිසෙට‍්ඨි අහොසි”න‍්ති.

බුදුහු මෙම දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. බරණැස් සිටු එදින මම ම වීමි.

වෙරිජාතකවණ‍්ණනා තතියා.