යෙදුමෙන් කියවන්න

4. මිත‍්තවින්‍දකජාතකවණ‍්ණනා 104 අට‍්ඨකථා

4. මිත‍්තවින්‍දකජාතකවණ‍්ණනා (104)

4. මිත්තවින්‍දක ජාතකය (104)

චතුබ‍්භි අට‍්ඨජ‍්ඣගමාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං දුබ‍්බචභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා මිත‍්තවින්‍දකජාතකෙ වුත‍්තනයෙන විත්‍ථාරෙතබ‍්බං. ඉදං පන ජාතකං කස‍්සපබුද‍්ධකාලිකං. තස‍්මිඤ‍්හි කාලෙ උරචක‍්කං උක‍්ඛිපිත්‍වා නිරයෙ පච‍්චමානො එකො නෙරයිකසත‍්තො “භන‍්තෙ, කිං නු ඛො පාපකම‍්මං අකාසි”න‍්ති බොධිසත‍්තං පුච‍්ඡි. බොධිසත‍්තො “තයා ඉදඤ‍්චිදඤ‍්ච පාපකම‍්මං කත”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

“චතුබ්හි අට්ඨජ්ඣගමාති” යන මේ ජාතක දේශනා බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අකීකරු භික්‍ෂුවක් අරබයා දේශනා කළහ. මෙහි කථා පුවත යට මිත්තවින්ද ජාතකයෙහි කී අයුරින් විස්තර කළ යුතුය. මේ ජාතකය කස්සප බුදු රජුන්ගේ කාලයට අයත් වේ. එකල අපාගත සත්ත්වයෙක් උරචක්‍රය ඔසවාගෙන නිරයෙහි පැසෙන්නේ, ස්වාමීනි, මම කිනම් පවක් කළේ වෙම්දැ යි බෝසතුන්ගෙන් විචාළේය. එවිට බෝසත්හු තා විසින් මේ මේ පව්කම් කරන ලදැ යි මේ ගාථාව කීහ.

“චතුබ‍්භි අට‍්ඨජ‍්ඣගමා, අට‍්ඨාහිපි ච සොළස; සොළසාහි ච බාත‍්තිංස, අත්‍රිච‍්ඡං චක‍්කමාසදො; ඉච‍්ඡාහතස‍්ස පොසස‍්ස, චක‍්කං භමති මත්‍ථකෙ”ති.

“චතුබ්හි අට්ඨජ්ඣගමා අට්ඨාහිපි ච සොළස, සොළසාහි ච බත්තිංස අත්‍රිච්ඡං චක්කමාසදො, ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමති මත්‍ථකෙති”

“සතර දෙනාගෙන් නො සතුටු ව අට දෙනකු වෙත ගියේය. අට දෙනාගෙන් නො සතුටු ව සොළොස් දෙනකු කරා ගියේය. සොළොස් දෙනාගෙන් නො සතුටු ව දෙතිස් දෙනකු කරා ගියේය. එයින් නො සතුටු ව වැඩියෙන් පතන්නේ, උරචක්‍රයට ගියේය. ආශාවෙන් පහර ලැබූ පුරුෂයාගේ හිස මුදුනෙහි උරචක්‍රය කැරකෙයි.”

තත්‍ථ චතුබ‍්භි අට‍්ඨජ‍්ඣගමාති සමුද‍්දන‍්තරෙ චතස‍්සො විමානපෙතියො ලභිත්‍වා තාහි අසන‍්තුට‍්ඨො අත්‍රිච‍්ඡතාය පරතො ගන‍්ත්‍වා අපරා අට‍්ඨ අධිගතොසීති අත්‍ථො. සෙසපදද‍්වයෙපි එසෙව නයො. අත්‍රිච‍්ඡං චක‍්කමාසදොති එවං සකලාභෙන අසන‍්තුට‍්ඨො අත්‍ර අත්‍ර ඉච‍්ඡන‍්තො පරතො පරතො ලාභං පත්‍ථෙන‍්තො ඉදානි චක‍්කමාසදො ඉදං උරචක‍්කං පත‍්තොසි. තස‍්ස තෙ එවං ඉච‍්ඡාහතස‍්ස පොසස‍්ස තණ‍්හාය හතස‍්ස උපහතස‍්ස තව චක‍්කං භමති මත්‍ථකෙ. පාසාණචක‍්කං, අයචක‍්කන‍්ති ඉමෙසු ද‍්වීසු ඛුරධාරං අයචක‍්කං තස‍්ස මත්‍ථකෙ පුනප‍්පුනං පතනවසෙන භමන‍්තං දිස‍්වා එවමාහ. වත්‍වා ච පන අත‍්තනො දෙවලොකමෙව ගතො. සොපි නෙරයිකසත‍්තො අත‍්තනො පාපෙ ඛීණෙ යථාකම‍්මං ගතො.

එහි, “චතුබ්හි අට්ඨජ්ඣගමාති”, මුහුද මැද විමාන ප්‍රේතයන් සිව් දෙනකු ලැබ ඔවුන්ගෙන් සතුටු නො වී වැඩි ආශාව නිසා ඉදිරියට ගොස් විමාන ප්‍රේතියන් අට දෙනකුන් ලැබීය යන අර්ථයි. සෙසු පද දෙකෙහි ද මේ ක්‍රමය මැයි. “අත්‍රිච්ඡං චක්කමාසදො” මෙසේ ලද දෙයින් නො සතුටු ව මහත් ආශාව නිසා තව තවත් පතමින් දැන් උරචක්‍රය ලැබීය. මේ උරචක්‍රයට පැමිණියෙහි. මෙසේ වූ ඔහුට, “ඉච්ඡාහතස්ස පොසස්ස”, තෘෂ්ණාවෙන් පීඩා වූ පහර ලැබූ ඒ ඔබගේ “චක්කං භමති මත්‍ථකෙති”, ගලින් කළ චක්‍රය යකඩින් කළ චක්‍රය යන ද්විධ වූ මුවහත් ඇති යකඩ චක්‍රය ඒ පුරුෂයාගේ හිස මුදුනෙහි භ්‍රමණය වෙමින් වැටෙනු දැක මෙසේ කීය. මෙසේ ද කියා තමන්ගේ දෙව් ලොවට ම ගියේය. ඒ නිරි සතා ද තම පව් ගෙවුණු පසු කම් වූ පරිදි ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මිත‍්තවින්‍දකො දුබ‍්බචභික‍්ඛු අහොසි, දෙවපුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදින මිත්තවින්දක දැන් අකීකරු භික්‍ෂුව විය. දෙව් පුත් වනාහි මම ම වීමි.

මිත‍්තවින්‍දකජාතකවණ‍්ණනා චතුත්‍ථා.