5. දුබ්බලකට්ඨජාතකවණ්ණනා 105 අට්ඨකථා
5. දුබ්බලකට්ඨජාතකවණ්ණනා (105)
5. දුබ්බලකට්ඨ ජාතකය (105)
බහුම්පෙතං වනෙ කට්ඨන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උත්තසිතභික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථිවාසී එකො කුලපුත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පබ්බජිත්වා මරණභීරුකො අහොසි, රත්තිට්ඨානදිවාට්ඨානෙසු වාතස්ස වා වීජන්තස්ස සුක්ඛදණ්ඩකස්ස වා පතන්තස්ස පක්ඛිචතුප්පදානං වා සද්දං සුත්වා මරණභයතජ්ජිතො මහාරවං රවන්තො පලායති. තස්ස හි “මරිතබ්බං මයා”ති සතිමත්තම්පි නත්ථි. සචෙ හි සො “අහං මරිස්සාමී”ති ජානෙය්ය, න මරණං භායෙය්ය. මරණස්සතිකම්මට්ඨානස්ස පන තස්ස අභාවිතත්තාව භායති . තස්ස සො මරණභීරුකභාවො භික්ඛුසඞ්ඝෙ පාකටො ජාතො.
“බහුම්පෙතං වනෙ කට්ඨන්ති” යන මේ ජාතක දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්, එක් තැතිගත් භික්ෂුවක් අරබයා දෙසූහ. ඔහු වනාහි සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙකි. බුදු රජුන්ගෙන් බණ අසා පැවිදි විය. ඔහු මරණ බයින් තැති ගත්තකු විය. රෑ වසන තැන හා දවල් වසන තැන්වල දී සුළං හඬ, වියළි දඬු වැටෙන හඬ, කුරුළු සිව්පා ආදීන්ගේ හඬ අසා මරණ බයින් තැතිගෙන මහහඬ නංවමින් පැන යයි. තමා මැරෙන අයකු බවට හැඟීම් මාත්‍රයක්වත් නො වීය. ඉදින්, හේ මම කවදා හෝ මරණයට පත්වෙමි යි දැන සිටියේ නම් මරණයට බිය නො වන්නේය. මරණානුස්සති කමටහන නො වැඩූ බැවින් ම එසේ බය වෙයි. ඒ භික්ෂුවගේ මේ මරණයට බිය වීමේ ස්වභාවය භික්ෂූන් අතර ප්‍රකට විය.
අථෙකදිවසං ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “ආවුසො, අසුකො නාම භික්ඛු මරණභීරුකො මරණං භායති, භික්ඛුනා නාම ‘අවස්සං මයා මරිතබ්බ’න්ති මරණස්සතිකම්මට්ඨානං භාවෙතුං වට්ටතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ තං භික්ඛුං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං මරණභීරුකො”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “භික්ඛවෙ, මා එතස්ස භික්ඛුනො අනත්තමනා හොථ, නායං ඉදානෙව මරණභීරුකො, පුබ්බෙපි මරණභීරුකොයෙවා”ති වත්වා අතීතං ආහරි.
භික්ෂූහු දිනක් දම් සභාවෙහි දී මේ කථාව මතු කළහ. ඇවැත්නි, අසවල් භික්ෂුව මරණයට බිය වූවෙකි. භික්ෂුව අවශ්‍යතාක් මා මිය යා යුතුයැ යි නිරතුරු මරණ සති භාවනාව වැඩිය යුතුය. බුදු රජහු දම් සභාවට ම වැඩි කල්හි, භික්ෂූහු එම කාරණය සැලකැර සැටියහ. බුදුහු ඒ භික්ෂුව කැඳවා මහණ, ඔබ මරණ බියෙන් තැතිගෙන සිටින්නෙහි ද? එසේය, ස්වාමීනි. ඉක්බිති, බුදුහු, මහණෙනි, මේ භික්ෂුව පිළිබඳ ව අමනාප නො වෙනු. මොහු මරණ භීරුක වනුයේ දැන් පමණක් නො වේ. පෙර ද මරණයට බිය වූයේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො හිමවන්තෙ රුක්ඛදෙවතා හුත්වා නිබ්බත්ති. තස්මිං කාලෙ බාරාණසිරාජා අත්තනො මඞ්ගලහත්ථිං ආනෙඤ්ජකාරණං සික්ඛාපෙතුං හත්ථාචරියානං අදාසි. තං ආළානෙ නිච්චලං බන්ධිත්වා තොමරහත්ථා මනුස්සා පරිවාරෙත්වා ආනෙඤ්ජකාරණං කාරෙන්ති. සො තං කාරණං කාරියමානො වෙදනං අධිවාසෙතුං අසක්කොන්තො ආළානං භින්දිත්වා මනුස්සෙ පලාපෙත්වා හිමවන්තං පාවිසි. මනුස්සා තං ගහෙතුං අසක්කොන්තා නිවත්තිංසු. සො තත්ථ මරණභීරුකො අහොසි, වාතසද්දානි සුත්වා කම්පමානො මරණභයතජ්ජිතො සොණ්ඩං විධුනිත්වා වෙගෙන පලායති, ආළානෙ බන්ධිත්වා ආනෙඤ්ජකාරණං කරණකාලො වියස්ස හොති, කායස්සාදං වා චිත්තස්සාදං වා අලභන්තො කම්පමානො විචරති.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු හිමවත් පෙදෙසෙහි රුක් දෙවියෙක් වී උපන්හ. එකල බරණැස් රජ තම මඟුළැති යුද්ධයේ දී නො සැලී සිටින සේ හික්මවීමට ඇත් ගුරුන්ට දුන්නේය. ඔවුහු ඇතු වැටෙහි බැඳ තෝමර ගත් අත් ඇති මිනිස්සු පිරිවරා යුදට වන් විට බිය ව පලා නො යනු සඳහා ආලනයෙහි බැඳ හික්මීම කරත්. මිනිස්සු ඒ කාර්යය කරන කල්හි අධික වේදනාව ඉවසීමට නො හැකි ඇතු ටැඹ බිඳ දමා මිනිසුන් එළවා හිමවතට ම පැන ගියේය. මිනිස්සු ඇතු අල්ලාගැනීමට නො හැක්කාහු, නැවතුණහ. ඌ එහි මරණයෙහි බියපත් විය. ඇතා සුළං හඬට පවා සැලෙමින් මරණ බියෙන් බියපත් ව සොඬ වනමින් වේගයෙන් පැන යයි. එහි දී ද ඇතුට ටැඹෙහි බැඳ නො සැලී සිටින හික්මවීම කරන්නාක් මෙන් දැනෙයි. කයට හෝ සිතට අස්වැසිල්ලක් නොලැබ වෙවුලමින් ඒ මේ අතර හැසිරෙයි.
රුක්ඛදෙවතා තං දිස්වා ඛන්ධවිටපෙ ඨත්වා ඉමං ගාථමාහ –
ඒ දුටු රුක් දෙවියා ගසෙහි කඳ අත්තක සිට මේ ගාථාව කීය.
“බහුම්පෙතං වනෙ කට්ඨං, වාතො භඤ්ජති දුබ්බලං; තස්ස චෙ භායසි නාග, කිසො නූන භවිස්සසී”ති.
“බහුම්පෙතං වනෙ කට්ඨං වාතො භඤ්ජති දුබ්බලං, තස්ස චෙ භායසි නාග, කිසො නූන භවිස්සසීති”
“වනයෙහි දුර්වල යම් කාෂ්ඨයක් සුළඟ විසින් බිඳී ද ඇතුන් ඉදින්, එයට බිය වන්නේ නම් ඒකාන්තයෙන් කෘෂ වූවෙක් වන්නෙහිය.”
තත්ථායං පිණ්ඩත්ථො – යං එතං දුබ්බලං කට්ඨං පුරත්ථිමාදිභෙදො වාතො භඤ්ජති, තං ඉමස්මිං වනෙ බහුං සුලභං, තත්ථ තත්ථ සංවිජ්ජති. සචෙ ත්වං තස්ස භායසි, එවං සන්තෙ නිච්චං භීතො මංසලොහිතක්ඛයං පත්වා කිසො නූන භවිස්සසි, ඉමස්මිං පන වනෙ තව භයං නාම නත්ථි, තස්මා ඉතො පට්ඨාය මා භායීති.
එහි, මේ ලුහුඬු අර්ථයයි. යම් ඒ දුබල දර කඩක් පෙරදිග ආදී දිශාවලින් හමන වාතය විසින් සිඳී ද ඒ මේ වනයෙහි සුලබ දෙයකි. තැන් තැන්වල එවැනි දේ පවතී. ඔබ ඊට බය වන්නේ නම් ඒකාන්තයෙන් කෘෂ වූවෙක් වන්නේය. මේ වනයෙහි ඔබට බියක් නැත. එම නිසා මෙතැන් සිට බිය නො වෙමි.
එවං දෙවතා තස්ස ඔවාදං අදාසි, සොපි තතො පට්ඨාය නිබ්භයො අහොසි.
මෙසේ දෙවියා ඔහුට ඔවදන් දුන්නේය. ඇතු ද එතැන් සිට බිය නො වූයේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. “තදා නාගො අයං භික්ඛු අහොසි, රුක්ඛදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුහු මේ ජාතක දේශනය නිමකොට සිව්සස් වදාළහ. ඒ භික්ෂුව ද සෝවාන් විය. එදින ඇතා මේ භික්ෂුව විය. රුක් දෙවියා මම ම වීමි.
දුබ්බලකට්ඨජාතකවණ්ණනා පඤ්චමා.