යෙදුමෙන් කියවන්න

6. උදඤ‍්චනීජාතකවණ‍්ණනා 106 අට‍්ඨකථා

6. උදඤ‍්චනීජාතකවණ‍්ණනා (106)

6. උදඤ්චනී ජාතකය (106)

සුඛං වත මං ජීවන‍්තන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ථුල‍්ලකුමාරිකාපලොභනං ආරබ‍්භ කථෙසි. වත්‍ථු තෙරසකනිපාතෙ චූළනාරදකස‍්සපජාතකෙ (ජා· 1.13.40 ආදයො) ආවි භවිස‍්සති. තං පන භික‍්ඛුං සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භගවා”ති වුත‍්තෙ “කත්‍ථ තෙ චිත‍්තං පටිබද‍්ධ”න‍්ති පුච‍්ඡි. සො “එකිස‍්සා ථුල‍්ලකුමාරිකායා”ති ආහ. අථ නං සත්‍ථා “අයං තෙ භික‍්ඛු අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි ත්‍වං එතං නිස‍්සාය සීලබ්‍යසනං පත්‍වා කම‍්පන‍්තො විචරමානො පණ‍්ඩිතෙ නිස‍්සාය සුඛං ලභී”ති වත්‍වා අතීතං ආහරි.

“සුඛං වත මං ජීවන්තන්ති” යන මෙම ජාතකය බුදු රජුන් දෙවුරම් වෙහෙර වසන සේක්, පතිකුලයට නො ගොස් කල් ඉක්ම වූ කුමරියකගේ පෙළඹවීමක් අරබයා දෙසූහ. මෙහි කථා පුවත තෙළෙස් වැනි නිපාතයේ චුල්ලනාරද කස්සප ජාතකයෙහි එන්නේය. බුදුහු ඒ භික්‍ෂුවගෙන් මහණ, ඔබ කළකිරුණේ සැබෑදැ යි විමසීය. ස්වාමීනි, එසේය, කී කල්හි මහණ, ඔබ සිත බැඳුණේ කවර අරමුණක ද? ස්වාමීනි, එක්තරා චුල්ල කුමාරිකාවක කෙරෙහි බැඳුණේය. මහණ, මැය ඔබගේ සැතිරියකි. පෙර මැය නිසා ඔබ ශීලයෙන් පිරිහී කම්පාවෙමින් සිටි කල්හි නුවණැත්තන් නිසා සැප ලැබීයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙති අතීතවත්‍ථුපි චූළනාරදකස‍්සපජාතකෙයෙව ආවි භවිස‍්සති. තදා පන බොධිසත‍්තො සායං ඵලාඵලෙ ආදාය ආගන‍්ත්‍වා පණ‍්ණසාලාද‍්වාරං විවරිත්‍වා පවිසිත්‍වා පුත‍්තං චූළතාපසං එතදවොච “තාත, ත්‍වං අඤ‍්ඤෙසු දිවසෙසු දාරූනි ආහරසි, පානීයං පරිභොජනීයං ආහරසි, අග‍්ගිං කරොසි, අජ‍්ජ පන එකම‍්පි අකත්‍වා කස‍්මා දුම‍්මුඛො පජ‍්ඣායන‍්තො නිපන‍්නොසී”ති? “තාත, තුම‍්හෙසු ඵලාඵලත්‍ථාය ගතෙසු එකා ඉත්‍ථී ආගන‍්ත්‍වා මං පලොභෙත්‍වා ආදාය ගන‍්තුං ආරභි, අහං පන ‘තුම‍්හෙහි විස‍්සජ‍්ජිතො ගමිස‍්සාමී’ති න ගච‍්ඡිං, අසුකට‍්ඨානෙ පන නං නිසීදාපෙත්‍වා ආගතොම‍්හි, ඉදානි ගච‍්ඡාමහං තාතා”ති. බොධිසත‍්තො “න සක‍්කා එතං නිවත‍්තෙතු”න‍්ති ඤත්‍වා “තෙන හි, තාත, ගච‍්ඡ, එසා පන තං නෙත්‍වා යදා මච‍්ඡමංසාදීනි වා ඛාදිතුකාමා භවිස‍්සති, සප‍්පිලොණතණ‍්ඩුලාදීහි වා පනස‍්සා අත්‍ථො භවිස‍්සති, තදා ‘ඉදඤ‍්චිදඤ‍්චාහරා’ති තං කිලමෙස‍්සති. තදා මය‍්හං ගුණං සරිත්‍වා පලායිත්‍වා ඉධෙව ආගච‍්ඡෙය්‍යාසී”ති විස‍්සජ‍්ජෙසි. සො තාය සද‍්ධිං මනුස‍්සපථං අගමාසි. අථ නං සා අත‍්තනො වසං ගමෙත්‍වා “මංසං ආහර, මච‍්ඡං ආහරා”ති යෙන යෙන අත්‍ථිකා හොති, තං තං ආහරාපෙති. තදා සො “අයං මං අත‍්තනො දාසං විය කම‍්මකාරං විය ච කත්‍වා පීළෙතී”ති පලායිත්‍වා පිතු සන‍්තිකං ආගන‍්ත්‍වා පිතරං වන්‍දිත්‍වා ඨිතකොව ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර රාජ්‍යය කැරවන කල්හි, අතීත කථාව ද චුල්ලනාරද කස්සප ජාතකයෙහි ම එන්නේය. එදින සවස් කාලයෙහි බෝසත්හු පලවැල ගෙන අවුත් පන්සලට පිවිස දොර විවෘත කොට පුත් වූ චුල්ල තාපසට මෙසේ කීය. දරුව, ඔබ වෙන දිනවල දරදිය ගෙනෙන්නෙහිය. ගිනි දල්වන්නෙහිය. අද ඒ කිසිවක් නො කොට දුක් මුහුණින් කල්පනා කැරෙමින් සිටින්නේ මක්නිසා ද? පියාණෙනි, ඔබතුමා පලවැල පිණිස ගිය කල්හි එක් ස්ත්‍රියක් අවුත් මා පොළඹවා මා ගෙනයන්නට තැත් කළාය. ඔබතුමා මා නිදහස් කරන්නේ නම් යන්නෙමි යි නො ගියෙමි. අසවල් තැන ඇය හිඳුවා ආවෙමි. පියාණෙනි, මම දැන් ඇය වෙත යමි. බෝසත්හු ඔහු නැවැත්වීමට නොහැකි බව දැන එසේ නම් දරුව, යව. ඔබ මැය රැගෙන ගොස් යම් දවසක මැය මස්, මාංශ කෑමට ආශා වන්නේ ද ගිතෙල්, ලුණු, සහල් ආදිය ඇයට අවශ්‍ය වන්නේ ද එදාට මේ මේ දේ ගෙන එව යි ඔබ වෙහෙස කරන්නීය. එදින ඔබ මගේ ගුණ සිහිකොට එයින් පිටවී මෙහි ම එව යි ඔහු නිදහස් කළේය. චුල්ල තාපස ද ඇය සමග මිනිස් පියසට ගියේය. ඉක්බිති, ඕ ඔහු තම වසඟයට ගෙන මස් ගෙන එව. මාළු ගෙන එව ආදී වශයෙන් යමක් ඇයට අවශ්‍ය ද ඒ ඒ දෙය ගෙන්වා ගනී. එවිට තවුසා මෙසේ සිතීය. මෑ ඇගේ දාසයකු - කම්කරුවකු ලෙස සිතා මට වඩාත් පීඩා කරතැයි පලා අවුත් පියා වෙත ම පැමිණ පියා වැඳ සිටියේ, මේ ගාථාව කීය.

“සුඛං වත මං ජීවන‍්තං, පචමානා උදඤ‍්චනී; චොරී ජායප‍්පවාදෙන, තෙලං ලොණඤ‍්ච යාචතී”ති.

“සුඛං වත මං ජීවන්තං පචමානා උදඤ්චනී, චොරී ජායප්පවාදෙන තෙලං ලොණඤ්ච යාචතීති”

“ඒකාන්තයෙන් සුව සේ වෙසෙන මා පෙළමින් දිය ඉස්නා යන්ත්‍රයක් (ඝටිකාවක්) මෙන් භාර්යා නමින් සිටිමින් සෙරක් තෙල් ලුණු ආදිය ඉල්ලයි.”

තත්‍ථ සුඛං වත මං ජීවන‍්තන‍්ති තාත, තුම‍්හාකං සන‍්තිකෙ මං සුඛං ජීවන‍්තං. පචමානාති තාපයමානා පීළයමානා, යං යං වා ඛාදිතුකාමා හොති, තං තං පචමානා. උදකං අඤ‍්චන‍්ති එතායාති උදඤ‍්චනී, චාටිතො වා කූපතො වා උදකඋස‍්සිඤ‍්චනඝටිකායෙතං නාමං. සා පන උදඤ‍්චනී විය, උදකං විය ඝටිකා, යෙන යෙනත්‍ථිකා හොති, තං තං ආකඩ‍්ඪතියෙවාති අත්‍ථො. චොරී ජායප‍්පවාදෙනාති “භරියා”ති නාමෙන එකා චොරී මං මධුරවචනෙන උපලාපෙත්‍වා තත්‍ථ නෙත්‍වා තෙලං ලොණඤ‍්ච යඤ‍්ච අඤ‍්ඤං ඉච‍්ඡති, තං සබ‍්බං යාචති, දාසං විය කම‍්මකාරං විය ච කත්‍වා ආහරාපෙතීති තස‍්සා අගුණං කථෙසි.

එහි, “සුඛං වත මං ජීවන්තන්ති”, පියාණෙනි, ඔබතුමන් සමීපයෙහි සුව සේ ජීවත් වූ මා “පචමානා”, පීඩා හා සිත් තැවීම් කැරෙමින් යමක් කනු කැමැත්තී වන්නී ද ඒ ඒ දේ පිසන්නේය. යමකින් දිය ඉසිනු ලැබේද ඒ, “උදඤ්චනී” සැළියෙන් හෝ ළිඳකින් ජලය උඩට අදින යන්ත්‍රයයි. එයින් ජලය අදින්නාක් මේන ඇය යමක් කැමැති වන්නී ද ඒ ඒ දෙය ඇද ගනී, යන අර්ථයි. “චොරී ජායප්පවාදෙන”, භාර්යා නමින් එක් සෙරක් මා මිහිරි වචනයෙන් පොළඹවා එතැනට ගොස් තෙල් හා ලුණු ද වෙනත් කැමැති සියලු දේ ද ඉල්ලයි. මා දාසයකු මෙන් සලකා ගෙන්වා ගනිතැ යි ඇගේ අගුණ කීවේය.

අථ නං බොධිසත‍්තො අස‍්සාසෙත්‍වා “හොතු, තාත, එහි ත්‍වං මෙත‍්තං භාවෙහි, කරුණං භාවෙහී”ති චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ ආචික‍්ඛි, ආචික‍්ඛිත්‍වා කසිණපරිකම‍්මං ආචික‍්ඛි. සො න චිරස‍්සෙව අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච උප‍්පාදෙත්‍වා බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා සද‍්ධිං පිතරා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති.

ඉක්බිති, බෝසත්හු පුතු සනසා දරුව, එනු මැනවි. ඔබ මෙත් වඩන්න. කරුණාව වඩන්න යි සතර බ්‍රහ්ම විහරණ ඉගැන්වූහ. කසිණු පිරිකම් ද කීහ. ඔහු ද ටික දිනකින් ම අභිඤ්ඤා සමාපත්ති උපදවා බඹ විහරණ වඩා පියා සමග බඹ ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ සො භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

බුදුහු ද මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. ඒ භික්‍ෂුව සෝවාන් විය.

“තදා ථුල‍්ලකුමාරිකාව එතරහි ථුල‍්ලකුමාරිකා. චූළතාපසො උක‍්කණ‍්ඨිතභික‍්ඛු අහොසි, පිතා පන අහමෙව අහොසි”න‍්ති.

එදා චුල්ල කුමාරිකාව දැන් චුල්ල කුමාරිකාව වූවාය. චුල්ල තාපස කළකිරුණු භික්‍ෂුව විය. පියා වනාහි මම ම වීමි.

උදඤ‍්චනීජාතකවණ‍්ණනා ඡට‍්ඨා.