යෙදුමෙන් කියවන්න

7. සාලිත‍්තකජාතකවණ‍්ණනා 107 අට‍්ඨකථා

7. සාලිත‍්තකජාතකවණ‍්ණනා (107)

7. සාලිත්තක ජාතකය (107)

සාධූ ඛො සිප‍්පකං නාමාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං හංසපහරනකං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො කිරෙකො සාවත්‍ථිවාසී කුලපුත‍්තො සාලිත‍්තකසිප‍්පෙ නිප‍්ඵත‍්තිං පත‍්තො. “සාලිත‍්තකසිප‍්ප”න‍්ති සක‍්ඛරාඛිපනසිප‍්පං වුච‍්චති. සො එකදිවසං ධම‍්මං සුත්‍වා සාසනෙ උරං දත්‍වා පබ‍්බජිත්‍වා උපසම‍්පදං ලභි, න පන සික‍්ඛාකාමො, න පටිපත‍්තිසාධකො අහොසි. සො එකදිවසං එකං දහරභික‍්ඛුං ආදාය අචිරවතිං ගන‍්ත්‍වා න‍්හායිත්‍වා නදීතීරෙ අට‍්ඨාසි. තස‍්මිං සමයෙ ද‍්වෙ සෙතහංසා ආකාසෙන ගච‍්ඡන‍්ති. සො තං දහරං ආහ “ඉමං පච‍්ඡිමහංසං සක‍්ඛරාය අක‍්ඛිම‍්හි පහරිත්‍වා පාදමූලෙ පාතෙමී”ති. ඉතරො “කථං පාතෙස‍්සසි, න සක‍්ඛිස‍්සසි පහරිතු”න‍්ති ආහ. ඉතරො “තිට‍්ඨතු තාවස‍්ස ඔරතො අක‍්ඛි, පරතො අක‍්ඛිම‍්හි තං පහරාමී”ති. ඉදානි පන ත්‍වං අසන‍්තං කථෙසීති. “තෙන හි උපධාරෙහී”ති එකං තිඛිණසක‍්ඛරං ගහෙත්‍වා අඞ‍්ගුලියා පරියන‍්තෙ කත්‍වා තස‍්ස හංසස‍්ස පච‍්ඡතො ඛිපි. සා “රු”න‍්ති සද‍්දං අකාසි, හංසො “පරිස‍්සයෙන භවිතබ‍්බ”න‍්ති නිවත‍්තිත්‍වා සද‍්දං සොතුං ආරභි. ඉතරො තස‍්මිං ඛණෙ එකං වට‍්ටසක‍්ඛරං ගහෙත්‍වා තස‍්ස නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තස‍්ස පරභාගෙ අක‍්ඛිං පහරි. සක‍්ඛරා ඉතරම‍්පි අක‍්ඛිං විනිවිජ‍්ඣිත්‍වා ගතා. හංසො මහාරවං රවන‍්තො පාදමූලෙයෙව පති. තතො තතො භික‍්ඛූ ආගන‍්ත්‍වා ගරහිත්‍වා “අනනුච‍්ඡවිකං තෙ කත”න‍්ති සත්‍ථු සන‍්තිකං නෙත්‍වා “භන‍්තෙ, ඉමිනා ඉදං නාම කත”න‍්ති තමත්‍ථං ආරොචෙසුං. සත්‍ථා තං භික‍්ඛුං ගරහිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙවෙස එතස‍්මිං සිප‍්පෙ කුසලො, පුබ‍්බෙපි කුසලොයෙව අහොසී”ති වත්‍වා අතීතං ආහරි.

“සාධු ඛො සිප්පකං නාමති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, හංසයකුට පහරදුන් භික්‍ෂුවක් අරබයා දේශනා කළහ. එක්තරා සැවැත් නුවර එක්තරා වැසියෙක් සාලිත්ත ශිල්පයෙහි කෙළවරට පැමිණ සිටියේය. සාලිත්ත ශිල්පය නම් ගල් කැට විදීමේ ශිල්පයයැ යි කියනු ලැබේ. හෙතෙම එක් දවසක් දහම් අසා බුදු සසුනෙහි පැවිදි ව උපසම්පදාව ලැබීය. ඔහු ශික්‍ෂාකාමී නො වීය. පිළිවෙතින් ද සරු වූවෙක් නො වූයේය. දිනක් ඔහු ළදරු භික්‍ෂුවක් සමග අචිරවතී නදියට ගොස් නා ගං ඉවුරෙහි සිටියේය. එවේලෙහි සුදු හංසයෝ දෙදෙනෙක් අහසින් යමින් සිටියහ. එවිට ඔහු ළදරු භික්‍ෂුව අමතා මම මේ පසු ව යන හංසයා කැටකින් ඇසට පහර දී පාමුල හෙළමි. ඔබට එය කළ නො හැකියි. හංසයාගේ මෙපස ඇස තිබේවා. එපිට ඇසට ගසා හෙළමි. ඔබට නො හැකි දෙයක් කියන්නෙහිය. එසේ නම් බලා සිටිනු. එක් තුන්හුලස් කැටයක් ගෙන ඇඟිල්ලෙහි පටලවා හංසයාගේ පසුපසට විද්දේය. කැටය රූං ශබ්දය නඟිමින් අහසට නැඟිණි. හංසයා උවදුරක් විය යුතුයැ යි නැවතී හඬ අසන්නේ, එවිට කැටය ඇස විදගෙන ගියේය. එවිට ම හංසයා විලාප නඟමින් පාමුල වැටුණේය. එවිට භික්‍ෂූන් රැස්ව ඔහු ගර්හා කොට නුසුදුසු ක්‍රියාවක් කළේයැ යි බුදු රජුන් වෙත ගෙන ගොස් මෙකරුණ සැලකළහ. බුදු රජහු ඔහුගේ ක්‍රියාව හෙළා දකිමින් මහණෙනි, මේ භික්‍ෂුව මේ ශිල්පයෙහි දක්‍ෂ වනුයේ දැන් පමණක් නො වේ. පෙරත් දක්‍ෂ වූයේමැ යි වදාරා ඉකුත් වත දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අමච‍්චො අහොසි. තස‍්මිං කාලෙ රඤ‍්ඤො පුරොහිතො අතිමුඛරො හොති බහුභාණී, තස‍්මිං කථෙතුං ආරද‍්ධෙ අඤ‍්ඤෙ ඔකාසමෙව න ලභන‍්ති. රාජා චින‍්තෙසි “කදා නු ඛො එතස‍්ස වචනුපච‍්ඡෙදකං කඤ‍්චි ලභිස‍්සාමී”ති. සො තතො පට‍්ඨාය තථාරූපං එකං උපධාරෙන‍්තො විචරති. තස‍්මිං කාලෙ බාරාණසියං එකො පීඨසප‍්පී සක‍්ඛරාඛිපනසිප‍්පෙ නිප‍්ඵත‍්තිං පත‍්තො හොති. ගාමදාරකා තං රථකං ආරොපෙත්‍වා ආකඩ‍්ඪමානා බාරාණසිනගරද‍්වාරමූලෙ එකො විටපසම‍්පන‍්නො මහානිග්‍රොධො අත්‍ථි, තත්‍ථ ආනෙත්‍වා සම‍්පරිවාරෙත්‍වා කාකණිකාදීනි දත්‍වා “හත්‍ථිරූපකං කර, අස‍්සරූපකං කරා”ති වදන‍්ති. සො සක‍්ඛරා ඛිපිත්‍වා ඛිපිත්‍වා නිග්‍රොධපණ‍්ණෙසු නානාරූපානි දස‍්සෙති, සබ‍්බානි පණ‍්ණානි ඡිද‍්දාවඡිද‍්දානෙව අහෙසුං.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු ඒ රජුගේ ඇමැතියෙක් වූහ. එකල රජුගේ පුරෝහිත බමුණා වාචාලයකු විය. බොහෝ කථා කරන්නේය. පුරෝහිත කථා කරන කල අනිකකුට ඉඩ නො ලැබේ. කවදා මොහුගේ වචන පැවැත්මක් වන්නේදැ යි සිතමින් සිටියේය. එකල එක කොර මිනිසකු කැට විදීමේ ශිල්පයෙහි කෙළ පැමිණියකු විය. ගම් දරුවෝ ඔහු රියක නංවා ඇදගෙන බරණැස් නුවර දොර අබියස වූ අතු විහිදුණ නුග රුක මුලට ගෙනගොස් ඔහු පිරිවරාගෙන පනම්, කහවනු ආදිය දී ඇත් රුවක් දක්වව්, අස් රුවක් දක්වව් කියත්. කොරු ද කැට විද නුග පත්වල විවිධ රූ සටහන් දක්වයි. මේ අයුරින් සියලු නුග කොළ සිදුරු විය.

අථ බාරාණසිරාජා උය්‍යානං ගච‍්ඡන‍්තො තං ඨානං පාපුණි. උස‍්සාරණාභයෙන සබ‍්බෙ දාරකා පලායිංසු, පීඨසප‍්පී තත්‍ථෙව නිපජ‍්ජි. රාජා නිග්‍රොධමූලං පත්‍වා රථෙ නිසින‍්නො පත‍්තානං ඡිද‍්දතාය ඡායං කබරකබරං දිස‍්වා ඔලොකෙන‍්තො සබ‍්බෙසං පත‍්තානං ඡිද‍්දභාවං දිස‍්වා “කෙනෙතානි එවං කතානී”ති පුච‍්ඡි. “පීඨසප‍්පිනා, දෙවා”ති. රාජා “ඉමං නිස‍්සාය බ්‍රාහ‍්මණස‍්ස වචනුපච‍්ඡෙදං කාතුං සක‍්කා භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා “කහං, භණෙ, පීඨසප‍්පී”ති පුච‍්ඡි. විචිනන‍්තා මූලන‍්තරෙ නිපන‍්නං දිස‍්වා “අයං, දෙවා”ති ආහංසු. රාජා නං පක‍්කොසාපෙත්‍වා පරිසං උස‍්සාරෙත්‍වා පුච‍්ඡි “අම‍්හාකං සන‍්තිකෙ එකො මුඛරබ්‍රාහ‍්මණො අත්‍ථි, සක‍්ඛිස‍්සසි තං නිස‍්සද‍්දං කාතු”න‍්ති. නාළිමත‍්තා අජලණ‍්ඩිකා ලභන‍්තො සක‍්ඛිස‍්සාමි, දෙවාති. රාජා පීඨසප‍්පිං ඝරං නෙත්‍වා අන‍්තොසාණියං නිසීදාපෙත්‍වා සාණියං ඡිද‍්දං කාරෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස ඡිද‍්දාභිමුඛං ආසනං පඤ‍්ඤපෙත්‍වා නාළිමත‍්තා සුක‍්ඛා අජලණ‍්ඩිකා පීඨසප‍්පිස‍්ස සන‍්තිකෙ ඨපාපෙත්‍වා බ්‍රාහ‍්මණං උපට‍්ඨානකාලෙ ආගතං තස‍්මිං ආසනෙ නිසීදාපෙත්‍වා කථං සමුට‍්ඨාපෙසි. බ්‍රාහ‍්මණො අඤ‍්ඤෙසං ඔකාසං අදත්‍වා රඤ‍්ඤා සද‍්ධිං කථෙතුං ආරභි. අථස‍්ස සො පීඨසප‍්පී සාණිච‍්ඡිද‍්දෙන එකෙකං අජලණ‍්ඩිකං පච‍්ඡියං පවෙසෙන‍්තො විය තාලුතලම‍්හියෙව පාතෙති, බ්‍රාහ‍්මණො ආගතාගතං නාළියං තෙලං පවෙසෙන‍්තො විය ගිලති, සබ‍්බා පරික‍්ඛයං ගමිංසු. තස‍්සෙතා නාළිමත‍්තා අජලණ‍්ඩිකා කුච‍්ඡිං පවිට‍්ඨා අඩ‍්ඪාළ‍්හකමත‍්තා අහෙසුං.

දිනක් බරණැස් රජු උයනට යන්නේ, එතැනට පැමිණියේය. සියලු ගම් දරුවෝ හඹා පියතැ යි යන බයින් බැහැර වූහ. කොරු එතැන ම වැතිරී සිටියේය. රජු නුග මුලට පැමිණ රියෙහි සිටියේ ම නුග පත් සිදුරුවීම නිසා වැටෙන සෙවණැල්ල ද සිදුරු වී තිබෙනු දැක උඩ බලනුයේ සියලු පත් සිදුරු වී තිබෙනු දැක මේ කරන ලද්දේ කවුරුන් විසින්දැ යි විචාළේය. දේවයිනි, කොරා විසින් විය යුතු යි අවට සිටියෝ කීහ. එවිට රජ මොහු උපයෝගී කොටගෙන පුරෝහිත බමුණාගේ වාචාල බව සිඳලන්ට හැකි වන්නේයැ යි සිතා කොරා කොහිදැ යි විමසීය. ගස මුල වැතිරී සිටි ඔහු දැක දේවයිනි, ඔහු මෙහි සිටී යි කීහ. රජු ඔහු ගෙන්වා පිරිස බැහැර කොට අප ළඟ එක් වාචාල බමුණකු සිටී. ඔහු නිහඬ කරන්ට හැකිදැ යි, කොරාගෙන් ඇසීය. දේවයිනි, නැළියක් පමණ එළු බෙටි ලැබෙන්නේ නම් හැකිවෙමි යි කීවේය. රජු කොරා රජ මැදුරට ගෙන ගොස් තිරයකින් පිටුපස හිඳුවා තිරයෙහි සිදුරක් කොට පුරෝහිත බමුණාට සිදුර එල්ලකොට අසුනක් පනවා නැළියක් පමණ වියළි එළු බෙටි කොරු ළඟ තබවා පුරෝහිත රාජ සේවයට පැමිණි කල්හි එම අසුනෙහි හිඳුවා කථා ඇරඹීය. බමුණා කිසිවකුට අවකාශ නො දී රජු සමග කථාව පටන් ගත්තේය. එවිට කොරු තිර සිදුරෙන් එක එක එළු බෙට්ටක් බැගින් මැස්සකු ප්‍රවේශ කරන්නාක් මෙන් මුව තොල් මත හෙළීය. පුරෝහිත ද එන එන එළු බෙටි නළයට තෙල් පුරවන්නාක් මේන ගිල දැම්මේය. සියලු එළු බෙටි අවසන් විය. ඒ එලු බෙටි කුසගත වූ කල්හි අඩලාහක් පමණ විය.

රාජා තාසං පරික‍්ඛීණභාවං ඤත්‍වා ආහ – “ආචරිය, තුම‍්හෙ අතිමුඛරතාය නාළිමත‍්තා අජලණ‍්ඩිකා ගිලන‍්තා කිඤ‍්චි න ජානිත්‍ථ, ඉතො දානි උත‍්තරි ජීරාපෙතුං න සක‍්ඛිස‍්සථ. ගච‍්ඡථ, පියඞ‍්ගුදකං පිවිත්‍වා ඡඩ‍්ඩෙත්‍වා අත‍්තානං අරොගං කරොථා”ති බ්‍රාහ‍්මණො තතො පට‍්ඨාය පිහිතමුඛො විය හුත්‍වා කථෙන‍්තෙනාපි සද‍්ධිං අකථනසීලො අහොසි. රාජා “ඉමිනා මෙ කණ‍්ණසුඛං කත”න‍්ති පීඨසප‍්පිස‍්ස සතසහස‍්සුට‍්ඨානකෙ චතූසු දිසාසු චත‍්තාරො ගාමෙ අදාසි. බොධිසත‍්තො රාජානං උපසඞ‍්කමිත්‍වා “දෙව, සිප‍්පං නාම ලොකෙ පණ‍්ඩිතෙහි උග‍්ගහිතබ‍්බං, පීඨසප‍්පිනා සාලිත‍්තකමත‍්තෙනාපි අයං සම‍්පත‍්ති ලද‍්ධා”ති වත්‍වා ඉමං ගාථමාහ –

රජු සියලු එළු බෙටි අවසන් බව දැන මෙසේ කීය. ගුරුතුමනි, ඔබගේ මුඛරි බව නිසා නැළියක් බෙටි ගිලුණ ද ඒ කිසිත් නො දන්නහුය. මීට වඩා එළු බෙටි දිරවාගත හැකි නො වේ. දැන් යනු මැනවි. පුවඟු ජලය බී වමාරවා සුවපත් වනු මැනවි. පුරෝහිත එතැන් සිට සංවර මුව ඇත්තකු වී තමා හා කථා කරන්නකු සමග ද කතා නො කරන ස්වභාව ඇත්තකු විය. ඉක්බිති, රජ කොරු විසින් මගේ කණට සුවයක් ලබාදෙන ලදැ යි සතර දිශාවෙන් ලක්‍ෂය බැගින් උපදනා ගම් සතරක් දුන්නේය. බෝසත්හු රජු වෙත එළැඹ දේවයිනි, නුවණැත්තන් විසින් ශිල්ප උගත යුතුයැ යි කොරු විසින් ගල් විදීමේ ශිල්ප මාත්‍රයෙන් මේ මහත් සැපත ලබන ලදී යි මේ ගාථාව කීහ.

“සාධුං ඛො සිප‍්පකං නාම, අපි යාදිස කීදිසං; පස‍්ස ඛඤ‍්ජප‍්පහාරෙන, ලද‍්ධා ගාමා චතුද‍්දිසා”ති.

“සාධුඛො සිප්පකං නාම අපි යාදිසකීදිසං, පස්ස ඛඤ්ජප්පහාරෙන ලද්ධා ගාම චතුද්දිසාති”

“යම්තම් ශිල්පයක් වුව ද යහපත්මැ යි බලව. කොරාගේ එළු බෙටි ගැසීමෙන් සතර දිගින් ගම් සතරක් ලදහ.”

තත්‍ථ පස‍්ස ඛඤ‍්ජප‍්පහාරෙනාති පස‍්ස, මහාරාජ, ඉමිනා ඛඤ‍්ජපීඨසප‍්පිනා අජලණ‍්ඩිකාපහාරෙන චතුද‍්දිසා චත‍්තාරො ගාමා ලද‍්ධා, අඤ‍්ඤෙසං සිප‍්පානං කො ආනිසංසපරිච‍්ඡෙදොති සිප‍්පගුණං කථෙසි.

එහි, “පස්ස ඛඤ්ජප්පහාරෙන”, මහරජ බලනු මැනවි. මේ කොරාගේ එළු බෙටි ගැසීමෙන් සතර දිශාවෙන් ගම් සතරක් ලබන ලදි. අනෙක් ශිල්පයන්ගේ යහපත් ප්‍රතිඵල කෙළවරක් නො වේ යි, ශිල්පයෙහි ගුණ ප්‍රකාශ කළහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පීඨසප‍්පී අයං භික‍්ඛු අහොසි, රාජා ආනන්‍දො, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමකළහ. එදින කොර මිනිසා වනාහි මේ භික්‍ෂුව විය. රජ අනඳ තෙරණුවෝය. පණ්ඩිත ඇමැතියා මම ම වීමි.

සාලිත‍්තකජාතකවණ‍්ණනා සත‍්තමා.