8. බාහියජාතකවණ්ණනා 108 අට්ඨකථා
8. බාහියජාතකවණ්ණනා (108)
8. බාහිය ජාතකය (108)
සික්ඛෙය්ය සික්ඛිතබ්බානීති ඉදං සත්ථා වෙසාලිං උපනිස්සාය මහාවනෙ කූටාගාරසාලායං විහරන්තො එකං ලිච්ඡවිං ආරබ්භ කථෙසි. සො කිර ලිච්ඡවිරාජා සද්ධො පසන්නො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා අත්තනො නිවෙසනෙ මහාදානං පවත්තෙසි. භරියා පනස්ස ථූලඞ්ගපච්චඞ්ගා උද්ධුමාතකනිමිත්තසදිසා අනාකප්පසම්පන්නා අහොසි. සත්ථා භත්තකිච්චාවසානෙ අනුමොදනං කත්වා විහාරං ගන්ත්වා භික්ඛූනං ඔවාදං දත්වා ගන්ධකුටිං පාවිසි. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, තස්ස නාම ලිච්ඡවිරඤ්ඤො තාව අභිරූපස්ස තාදිසා භරියා ථූලඞ්ගපච්චඞ්ගා අනාකප්පසම්පන්නා, කථං සො තාය සද්ධිං අභිරමතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, එස ඉදානෙව, පුබ්බෙපි ථූලසරීරාය එව ඉත්ථියා සද්ධිං අභිරමී”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
“සික්ඛෙය්ය සික්ඛිතබ්බානීති” යන මේ ජාතක දේශනාව බුදුහු විශාලාව ඇසුරු කොට මහා වනයෙහි කූටාගාර ශාලාවක වසන සේක්, ලිච්ඡවි කුමරකු අරබයා වදාළහ. ඒ ලිච්ඡවි රජ බුදු සසුනෙහි පහන් සිත් ඇත්තේ, බුදුපාමොක් මහා සඟනට ආරාධනා කොට නිවසෙහි මහදන් පැවැත්වීය. ඔහුගේ බිරිය වනාහි ස්ථුල අගපසඟ ඇත්තීය. ඉදිමී ගිය මළ මිනියක ස්වරූපය ඇත්තී, ආචාරශීලී නො වූවාය. බුදු රජහු බත් කිස අවසානයෙහි අනුමෙවෙන් බණ දේශනා කොට විහාරයට වැඩමවා භික්ෂූන්ට අවවාද දී ගඳකිළියට වැඩියහ. දම් සභාවෙහි රැස්වූ භික්ෂූහු, ඇවැත්නි, එවැනි රූසපුවෙන් හෙබි ලිච්ඡවි රජුගේ බිරිය ස්ථුල අගපසඟ ඇත්තීය. නො මනා පැවතුම් ඇත්තීය. ඒ රජු කෙසේ නම් ඇයට සිත් අලවා වසන්නේ ද? දම් සභාවට වැඩි බුදු රජහු මහණෙනි, මෙතැන කිනම් කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහුයැ කී කල්හි, මහණෙනි, මේ රජ දැන් පමණක් නොව පෙරත් ඉමහත් සිරුරැති ස්ත්‍රියක සමග සිත් අලවා විසීයැ යි වදාරා ඔවුන් විසින් අයදනා ලද බුදු රජහු ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අමච්චො අහොසි. අථෙකා ජනපදිත්ථී ථූලසරීරා අනාකප්පසම්පන්නා භතිං කුරුමානා රාජඞ්ගණස්ස අවිදූරෙන ගච්ඡමානා සරීරවළඤ්ජපීළිතා හුත්වා නිවත්ථසාටකෙන සරීරං පටිච්ඡාදෙත්වා නිසීදිත්වා සරීරවළඤ්ජං මුඤ්චිත්වා ඛිප්පමෙව උට්ඨාසි. තස්මිං ඛණෙ බාරාණසිරාජා වාතපානෙන රාජඞ්ගණං ඔලොකෙන්තො තං දිස්වා චින්තෙසි “අයං එවරූපෙ අඞ්ගණට්ඨානෙ සරීරවළඤ්ජං මුඤ්චමානා හිරොත්තප්පං අප්පහාය නිවාසනෙනෙව පටිච්ඡන්නා හුත්වා සරීරවළඤ්ජං මොචෙත්වා ඛිප්පං උට්ඨිතා, ඉමාය නිරොගාය භවිතබ්බං, එතිස්සා වත්ථු විසදං භවිස්සති, විසදෙ පන වත්ථුස්මිං එකො පුත්තො ලබ්භමානො විසදො පුඤ්ඤවා භවිස්සති, ඉමං මයා අග්ගමහෙසිං කාතුං වට්ටතී”ති. සො තස්සා අපරිග්ගහිතභාවං ඤත්වා ආහරාපෙත්වා අග්ගමහෙසිට්ඨානං අදාසි. සා තස්ස පියා අහොසි මනාපා, න චිරස්සෙව එකං පුත්තං විජායි. සො පනස්සා පුත්තො චක්කවත්තී රාජා අහොසි.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු ඒ රජුගේ ඇමැති වූහ. ඉක්බිති, දනව් වැසි මහත් සිරුරු ඇති, මනාව නො පිහිටි අගපසඟ ඇති ස්ත්‍රියක් කුලීවැඩ කැරෙමින් රජ මිදුල අබියසින් යන්නී, සිරුරු කිස කිරීමේ අවශ්‍යතාවයෙන් පීඩාවට පත්වූවා, හැඳිවතින් සිරුර පිළිසන් කොට හිඳ සිරුරු කිස කොට වහා නැඟී සිටියාය. එකෙණෙහි බරණැස් රජු වා කවුළුවෙන් රාජාංගනය දෙස බලන්නේ, ඇය දැක මෙසේ සිතීය. මෙවැනි එළිමහන් භූමියක සිරුර කිස කරන මේ ස්ත්‍රිය හිරිඔතප් රැකෙන සේ හැඳිවතින් ආවරණය වී සිරුරු මළ පහකොට වහා ම නැඟී සිටියාය. එම නිසා මැය නිරෝගී විය යුතුය. මැගේ ගර්භාෂය ද නිදොස් සමනයෙන් නිර්මල විය යුතුය. එවැනි කුසක පුතකු උපදින විට ඔහු ද නිරෝගී පින්වත් පුතකු වන්නේය. මවිසින් මැය අග මෙහෙසිය කළයුතු වන්නේය. ඉක්බිති, රජු ඇය අස්වාමික බව දැන රජ අණින් ඇය ගෙන්වා අග මෙහෙසිය කළේය. ඕ රජුට ප්‍රිය මනාප වූවාය. නොබෝ කලකින් ම ඕ පුතකු ප්‍රසූත කළාය. ඒ පුත්‍රයා ද සක්විති රජෙක් වූයේය.
බොධිසත්තො තස්සා සම්පත්තිං දිස්වා තථාරූපං වචනොකාසං ලභිත්වා “දෙව, සික්ඛිතබ්බයුත්තකං නාම සිප්පං කස්මා න සික්ඛිතබ්බං, යත්ර හි නාමායං මහාපුඤ්ඤා හිරොත්තප්පං අප්පහාය පටිච්ඡන්නාකාරෙන සරීරවළඤ්ජං කුරුමානා තුම්හෙ ආරාධෙත්වා එවරූපං සම්පත්තිං පත්තා”ති වත්වා සික්ඛිතබ්බයුත්තකානං සිප්පානං වණ්ණං කථෙන්තො ඉමං ගාථමාහ –
බෝසත්හු ඇගේ ඒ මහත් සම්පත් දැක කථා කිරීමට සුදුසු අවස්ථාවක් බලා දේවයිනි, කුඩා වුව ද හික්මිය යුතු කාර්යයෙහි හික්මිය යුතුය. කෙසේ ද යත්, මහා පිනැති එතුමිය හිරිඔතප් රැකෙන සේ ආවරණය වී ශරීර මළ බැහැර කිරීම කරන්නී, ඔබගේ සිත් ගෙන මෙබඳු මහත් සැපතක් ලැබුවාය යි කියා සංවර භාවයෙහි ගුණ ප්‍රකාශ කරන්නාහු, මේ ගාථාව කීහ.
“සික්ඛෙය්ය සික්ඛිතබ්බානි, සන්ති සච්ඡන්දිනො ජනා; බාහියා හි සුහන්නෙන, රාජානමභිරාධයී”ති.
“සික්ඛෙය්ය සික්ඛිතබ්බානි සන්ති සච්ඡන්දිනො ජනා, බාහියාපි සුහන්නෙන රාජානමභිරාධයීති”
“හික්මිය යුතු ශිල්පයන් හික්මෙන්නේය. ඒ ශිල්පයන්හි කැමැති ජනයෝ ඇත්තාහ. ජනපද වැසියක වූ ඒ ස්ත්‍රිය සංවරව කළ පුරීක්ෂයන් සර්ගය නිසා රජුගේ සිත් ගත්තීය.”
තත්ථ සන්ති සච්ඡන්දිනො ජනාති තෙසු තෙසු සිප්පෙසු සච්ඡන්දා ජනා අත්ථියෙව. බාහියාති බහිජනපදෙ ජාතා සංවඩ්ඪා ඉත්ථී. සුහන්නෙනාති හිරොත්තප්පං අප්පහාය පටිච්ඡන්නෙනාකාරෙන හන්නං සුහන්නං නාම, තෙන සුහන්නෙන. රාජානමභිරාධයීති දෙවං අභිරාධයිත්වා ඉමං සම්පත්තිං පත්තාති. එවං මහාසත්තො සික්ඛිතබ්බයුත්තකානං සිප්පානං ගුණං කථෙසි.
එහි, “සන්ති සච්ඡන්දිනො”, ඒ ඒ ශිල්පයන්හි කැමැති ජනයෝ ඇත්තාහ. “බාහියා”, (නගරයෙන්) පිට දනව්වක ඉපදී වැඩුණු ස්ත්‍රිය, “සුභන්නන”, හිරිඔතප් අත් නො හැර පිළිසන් ආකාරයෙන් සිරුරු මළ බැහැර කිරීම “සුහන්න” නමි. “රාජානමභිරාධයී”, රජුගේ සිත් ගෙන මේ සැපත ලැබුවාය. මේ අයුරින් බෝසත්හු හික්මිය යුතු ශිල්පයන්ගේ ගුණ ප්‍රකාශ කළහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ජයම්පතිකා එතරහිපි ජයම්පතිකාව, පණ්ඩිතාමච්චො පන අහමෙව අහොසි”න්ති.
බුදුහු මේ ජාතකය ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදින අඹුසැමි යුවල මෙදින අඹුසැමි යුවළ මැයි. පණ්ඩිත ඇමැතියෝ මම ම වීමි.
බාහියජාතකවණ්ණනා අට්ඨමා.