යෙදුමෙන් කියවන්න

9. කුණ‍්ඩකපූවජාතකවණ‍්ණනා 109 අට‍්ඨකථා

9. කුණ‍්ඩකපූවජාතකවණ‍්ණනා (109)

9. කුණ්ඩකපූව ජාතකය (109)

යථන‍්නො පුරිසො හොතීති ඉදං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො මහාදුග‍්ගතං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියඤ‍්හි කදාචි එකමෙව කුලං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දෙති, කදාචි තීණි චත‍්තාරි එකතො හුත්‍වා, කදාචි ගණබන්‍ධනෙන, කදාචි වීථිසභාගෙන, කදාචි සකලනගරං ඡන්‍දකං සංහරිත්‍වා. තදා පන වීථිභත‍්තං නාම අහොසි. අථ මනුස‍්සා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස යාගුං දත්‍වා “ඛජ‍්ජකං ආහරථා”ති ආහංසු. තදා පනෙකො පරෙසං භතිකාරකො දුග‍්ගතමනුස‍්සො තස‍්සං වීථියං වසමානො චින‍්තෙසි “අහං යාගුං දාතුං න සක‍්ඛිස‍්සාමි, ඛජ‍්ජකං පන දස‍්සාමී”ති සණ‍්හසණ‍්හං කුණ‍්ඩකං වඩ‍්ඪාපෙත්‍වා උදකෙන තෙමෙත්‍වා අක‍්කපණ‍්ණෙන වෙඨෙත්‍වා කුක‍්කුළෙ පචිත්‍වා “ඉදං බුද‍්ධස‍්ස දස‍්සාමී”ති තං ආදාය ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකෙ ඨිතො “ඛජ‍්ජකං ආහරථා”ති එකස‍්මිං වචනෙ වුත‍්තමත‍්තෙ සබ‍්බපඨමං ගන‍්ත්‍වා තං පූවං සත්‍ථු පත‍්තෙ පතිට‍්ඨාපෙසි, සත්‍ථා අඤ‍්ඤෙහි දීයමානං ඛජ‍්ජකං අග‍්ගහෙත්‍වා තමෙව පූවඛජ‍්ජකං පරිභුඤ‍්ජි.

“යථන්නො පුරිසො හොති”, යන මේ ජාතක දේශනාව බුදු රජහු සැවැත් නුවර දෙව්රම් වෙහෙර වසන සේක්, මඟ දුගියකු අරබයා දෙසූහ. සැවැත් නුවර සමහර දිනවල එක ම කුලයක් බුදුපාමොක් මහසඟනට දන් දෙති. තවත් දිනවල තුන් හතර දෙන එකතුව ද සමූහ වශයෙන් ද වීථි වශයෙන් ද මුළු නගරයෙහි කැමැත්ත ගෙන ද දන් දෙත්. එදින වීථි වශයෙන් පිරිනැමෙන දානයකි. එහි දී මිනිස්සු බුදුන් ප්‍රමුඛ සංඝයාට කැඳ පිළිගන්වා කැවිලි ගෙන එවු යි කීවාහ. එකල්හි එම වීථියෙහි වෙසෙන අනුන්ට බැල මෙහෙවර කොට ජීවත් වන දුගී මිනිසෙක් මෙසේ සිතීය. මට කැඳ දෙන්ට නො හැකිය. කැවිලි දෙමි යි සියුම් සහල් කුඩු දියෙන් තෙමා වටකොට වරා කොළයෙහි ඔතා උණු අළුයෙහි පිස මේ බුදු රජුන්ට පුදමි යි එය රැගෙන බුදු රජුන් ඉදිරියෙහි සිට කැවිලි ගෙන එව යි කී මොහොතෙහි ම සියල්ලන්ට ම පෙරටු ව ගොස් බුදු රජුන්ගේ පාත්‍රයෙහි ම තැබීය. බුදුහු අන් අය විසින් දෙන ලද කැවිලි නො පිළිගෙන එම කැවුම් වැළඳූහ.

තස‍්මිංයෙව පන ඛණෙ “සම‍්මාසම‍්බුද‍්ධෙන කිර මහාදුග‍්ගතස‍්ස කුණ‍්ඩකඛජ‍්ජකං අජිගුච‍්ඡිත්‍වා අමතං විය පරිභුත‍්ත”න‍්ති සකලනගරං එකකොලාහලං අහොසි. රාජරාජමහාමත‍්තාදයො අන‍්තමසො දොවාරිකෙ උපාදාය සබ‍්බෙව සන‍්නිපතිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා මහාදුග‍්ගතං උපසඞ‍්කමිත්‍වා “හන්‍ද භො, සතං ගහෙත්‍වා, ද‍්වෙ සතානි ගහෙත්‍වා, පඤ‍්ච සතානි ගහෙත්‍වා අම‍්හාකං පත‍්තිං දෙහී”ති වදිංසු. සො “සත්‍ථාරං පටිපුච‍්ඡිත්‍වා ජානිස‍්සාමී”ති සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙසි. සත්‍ථා “ධනං ගහෙත්‍වා වා අග‍්ගහෙත්‍වා වා සබ‍්බසත‍්තානං පත‍්තිං දෙහී”ති ආහ. සො ධනං ගහෙතුං ආරභි. මනුස‍්සා දිගුණචතුග‍්ගුණඅට‍්ඨගුණාදිවසෙන දදන‍්තා නව හිරඤ‍්ඤකොටියො අදංසු. සත්‍ථා අනුමොදනං කත්‍වා විහාරං ගන‍්ත්‍වා භික‍්ඛූහි වත‍්තෙ දස‍්සිතෙ සුගතොවාදං දත්‍වා ගන්‍ධකුටිං පාවිසි. රාජා සායන‍්හසමයෙ මහාදුග‍්ගතං පක‍්කොසාපෙත්‍වා සෙට‍්ඨිට‍්ඨානෙන පූජෙසි.

එකෙණෙහි ම සම්මා සම්බුදුහු මඟ දුගියාගේ කුඩු කැවිලි පිළිකුල් නො කොට වැළඳූහැ යි මුළු නගරය ම එක ම කෝලාහලයක් බවට පත්විය. රාජ රාජමහා මාත්‍යයෝ ද අන් පිරිසෙන් දොරටුපාලයන් දක්වා සියල්ලෝ ම බුදුරදුන් වැඳ මඟ දුගියා වෙත එළැඹ අහෝ පින්වත, සියයක් ගෙන දෙසියක් ගෙන පන්සියයක් ගෙන අපට පින් දෙව යි කීවාහුය. මඟ දුගියා ද බුදු රජුන්ගෙන් විමසා දැනගන්නෙමි යි බුදු රජුන්ට මෙකරුණ සැල කළේය. එවිට බුදුහු ධනය ගෙන හෝ නො ගෙන සියලු සත්ත්වයන්ට පින් දෙව යි වදාළහ. ඔහු ධනය ගන්ට ඇරඹීය. මිනිස්සු දෙගුණ, සිව්ගුණ, අටගුණ ආදී වශයෙන් දුන්නා වූ ධනය රන් නව කෙළක් විය. ඉක්බිති, බුදුහු අනුමෙවෙන් බණ දෙසා විහාරයට වැඩ භික්‍ෂූන් විසින් වත් දක්වනු ලැබූ කල්හි බුද්ධාවවාදය කොට ගඳකිළියට වැඩියහ. රජ සවස් භාගයෙහි මඟ දුගියා කැඳවා සිටු තනතුරෙන් පිදීය.

භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, සත්‍ථා මහාදුග‍්ගතෙන දින‍්නං කුණ‍්ඩකපූවං අජිගුච‍්ඡන‍්තො අමතං විය පරිභුඤ‍්ජි, මහාදුග‍්ගතොපි බහුධනඤ‍්ච සෙට‍්ඨිට‍්ඨානඤ‍්ච ලභිත්‍වා මහාසම‍්පත‍්තිං පත‍්තො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව මයා අජිගුච‍්ඡන‍්තෙන තස‍්ස කුණ‍්ඩකපූවො පරිභුත‍්තො, පුබ‍්බෙපි රුක‍්ඛදෙවතාය හුත්‍වා පරිභුත‍්තොයෙව, තදාපි චෙස මං නිස‍්සාය සෙට‍්ඨිට‍්ඨානං අලත්‍ථෙවා”ති වත්‍වා අතීතං ආහරි.

භික්‍ෂූහු දම් සභාවෙහි දී මේ කථාව උපදවා ඇවැත්නි, බුදුහු මඟ දුගියා විසින් පිරිනමන ලද කුඩු කැවුම පිළිකුල් නො කොට අමාවක් මෙන් වැළඳූහ. මඟ දුගියා ද බොහෝ ධනය ද සිටු තනතුර ද ලැබ මහත් සැපතකට පැමිණියේය. බුදුහු දම් සභාවට වැඩ මහණෙනි, දැන් කිනම් කථාවකින් හුන්නාහුදැ යි විචාළහ. මෙනම් කථාවකිනැ යි කී කල්හි මහණෙනි, මා විසින් මොහු පිදූ කුඩු කැවුම් වළඳන ලදුයේ දැන් පමණක් නො වේ. පෙර රුක් දේවතාවකු ව සිටිය දී ද වළඳන ලද්දේයැ යි ද එදා ද මොහු සිටු තනතුර ලැබුවේයැ යි ද වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං ඨානෙ එරණ‍්ඩරුක‍්ඛෙ රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. තදා තස‍්මිං ගාමකෙ මනුස‍්සා දෙවතාමඞ‍්ගලිකා හොන‍්ති. අථෙකස‍්මිං ඡණෙ සම‍්පත‍්තෙ මනුස‍්සා අත‍්තනො අත‍්තනො රුක‍්ඛදෙවතානං බලිකම‍්මං අකංසු. අථෙකො දුග‍්ගතමනුස‍්සො තෙ මනුස‍්සෙ රුක‍්ඛදෙවතා පටිජග‍්ගන‍්තෙ දිස‍්වා එකං එරණ‍්ඩරුක‍්ඛං පටිජග‍්ගි. තෙ මනුස‍්සා අත‍්තනො අත‍්තනො දෙවතානං නානප‍්පකාරානි මාලාගන්‍ධවිලෙපනාදීනි චෙව ඛජ‍්ජභොජ‍්ජානි ච ආදාය ගච‍්ඡිංසු. සො පන කුණ‍්ඩකපූවඤ‍්චෙව උළුඞ‍්කෙන ච උදකං ආදාය ගන‍්ත්‍වා එරණ‍්ඩරුක‍්ඛස‍්ස අවිදූරෙ ඨත්‍වා චින‍්තෙසි “දෙවතා නාම දිබ‍්බඛජ‍්ජකානි ඛාදන‍්ති, මය‍්හං දෙවතා ඉමං කුණ‍්ඩකපූවං න ඛාදිස‍්සති, කිං ඉමං අකාරණෙන නාසෙමි, අහමෙව නං ඛාදිස‍්සාමී”ති තතොව නිවත‍්ති. බොධිසත‍්තො ඛන්‍ධවිටපෙ ඨත්‍වා “භො පුරිස, සචෙ ත්‍වං ඉස‍්සරො භවෙය්‍යාසි, මය‍්හං මධුරඛජ‍්ජකං දදෙය්‍යාසි. ත්‍වං පන දුග‍්ගතො, අහං තව පූවං න ඛාදිත්‍වා අඤ‍්ඤං කිං ඛාදිස‍්සාමි, මා මෙ කොට‍්ඨාසං නාසෙහී”ති වත්‍වා ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු එරඬු ගසක රුක් දෙවියෙක් වී උපන්හ. එකල්හි එගම මිනිස්සු දෙවියන් අදහන්නෝ වෙත්. ඉක්බිති, එක් උත්සවයක් පැමිණි කල්හි මිනිස්සු තමතමන්ගේ රුක් දෙවියන්ට බලිපූජා කළහ. එකල්හි එක්තරා දුගී මිනිසෙක් අනෙක් මිනිසුන් තමතමන්ගේ දෙවියන්ට උපහාර දක්වනු දැක ඔහු ද එරඬු ගසකට උපහාර දැක්වීය. මිනිස්සු තම තමන්ගේ දෙවියන් සඳහා විවිධ මල්, සුවඳ විලවුන්, ආහාරපාන ගෙන ගියහ. දුගී මිනිසා කුඩු කැවුමක් ද සරථ මෙන් දිය ද ගෙන එරඬු ගස අබියස සිට මෙසේ සිතී. දෙවියෝ වනාහි දිව්‍ය ආහාරපාන බුදිත්. මගේ දෙවියා ද කුඩු කැවුම් නො බුදියි. මෙය නිකරුණේ විනාශ වීමෙන් ඇති ඵලය කිම? මම ම එය කමි යි එතැනින් ම නැවැත්තේය. එකෙණෙහි බෝසත්හු රුක් දෙබලක සිට පින්වත, ඉදින්, ඔබ පොහොසත් නම් මට මිහිරි කැවිලි දෙන්නෙහිය. ඔබ වනාහි දුගියෙකි. මම ඔබගේ කැවුම් නො පිළිගෙන වෙන කිනම් දෙයක් බුදින්නෙමි ද? මට වෙන් වූ කොටස නො නසන්නැ යි කියා මේ ගාථාව කීහ.

“යථන‍්නො පුරිසො හොති, තථන‍්නා තස‍්ස දෙවතා; ආහරෙතං කුණ‍්ඩපූවං, මා මෙ භාගං විනාසයා”ති.

“යථන්නො පුරිසො හොති තථන්නා තස්ස දෙවතා, අහරෙතං කණං පූවං මා මෙ භාගං විනාසායාති”

“පුරුෂයා යම්බඳු ආහාරයක් ඇත්තේ වේ ද, ඔහුගේ දෙවියා ද එබඳු ආහාර ඇත්තකු වේ. මේ කුඩු කැවුම ගෙන එව. මගේ කොටස නො නසත්වා.”

තත්‍ථ යථන‍්නොති යථාරූපභොජනො හොති. තථන‍්නාති තස‍්ස පුරිසස‍්ස දෙවතාපි තථාරූපභොජනාව හොති. ආහරෙතං කුණ‍්ඩපූවන‍්ති එතං කුණ‍්ඩකෙන පක‍්කපූවං ආනෙහි, මය‍්හං භාගං මා විනාසෙහීති.

එහි, “යථන්නො” යම්බඳු භෝජනයක් ඇත්තේ වේ ද, “තථන්නො” ඒ පුරුෂයාගේ දෙවියා ද එබඳු භෝජන ඇත්තකු ම වේ. “ආහරෙතං කණං පූවං”, මේ (සහල්) කුඩුවලින් පිසූ කැවුම ගෙන එව. මගේ කොටස නො නසව.

සො නිවත‍්තිත්‍වා බොධිසත‍්තං ඔලොකෙත්‍වා බලිකම‍්මමකාසි. බොධිසත‍්තො තතො ඔජං පරිභුඤ‍්ජිත්‍වා “පුරිස, ත්‍වං කිමත්‍ථං මං පටිජග‍්ගසී”ති ආහ. “දුග‍්ගතොම‍්හි, සාමි, තං නිස‍්සාය දුග‍්ගතභාවතො මුච‍්චිතුකාමතාය පටිජග‍්ගාමී”ති. “භො පුරිස, මා චින‍්තයි, තයා කතඤ‍්ඤුස‍්ස කතවෙදිනො පූජා කතා, ඉමං එරණ‍්ඩං පරික‍්ඛිපිත්‍වා නිධිකුම‍්භියො ගීවාය ගීවං ආහච‍්චඨිතා. ත්‍වං රඤ‍්ඤො ආචික‍්ඛිත්‍වා සකටෙහි ධනං ආහරාපෙත්‍වා රාජඞ‍්ගණෙ රාසිං කාරෙහි, රාජා තෙ තුස‍්සිත්‍වා සෙට‍්ඨිට‍්ඨානං දස‍්සතී”ති වත්‍වා බොධිසත‍්තො අන‍්තරධායි. සො තථා අකාසි. රාජාපි තස‍්ස සෙට‍්ඨිට‍්ඨානං අදාසි. ඉති සො බොධිසත‍්තං නිස‍්සාය මහාසම‍්පත‍්තිං පත්‍වා යථාකම‍්මං ගතො.

ඒ දුගී මිනිසා නැවතී බෝසතුන් දැක බලි පූජාව කළේය. බෝසත්හු ද එහි රසය වළඳා පින්වත පුරුෂය, කුමක් නිසා මට උපහාර දක්වන්නේහිදැ යි විචාළේය. දේවයිනි, මම දුගියෙක් වෙමි. ඔබ පිහිටෙන් දුගී බවෙන් මිදීම සඳහා උපහාර දක්වමි යි කීය. පින්වත් පුරුෂය, ඔබ නො තැවෙනු. ඔබ විසින් පූජා කරනු ලැබුවේ හොඳින් කෙළෙහි ගුණ දන්නා දෙවියකුට ය. මේ එරඬු ගස වටකොට මුවපිටින් මුවවිට හැපෙන සේ නිදන් සැළි ඇත. ඔබ රජුට දන්වා ගැලින් ඒ ධනය ගෙනගොස් රජ මිදුලෙහි එක්රැස් කැරව. රජු ඔබට සතුටු ව සිටු තනතුර දෙන්නේය කියා බෝසත්හු අතුරුදන් වූය. දුගී මිනිසා ද දෙවියා කී ලෙස කළේය. රජ ද ඔහුට සිටු තනතුර දුන්නේය. මෙසේ දුගී මිනිසා බෝසතුන් නිසා මහත් සම්පතට පැමිණ කම් වූ පරිදි ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දුග‍්ගතො එතරහි දුග‍්ගතොව, එරණ‍්ඩරුක‍්ඛදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුහු මේ දම් දෙසුම ගෙනැහර දක්වා ජාතකය නිමවූහ. එකල දුගියා මේ දුගියා මය. එරඬු රුක් දෙවියා නම් මම ම වීමි.

කුණ‍්ඩකපූවජාතකවණ‍්ණනා නවමා.