12. හංසිවග‍්ගො
12. හංස වර්‍ගය
111. හංසි ත්‍වං එවමංඤ‍්ඤසි සෙය්‍යො පුත‍්තෙන පිතාති රාජසෙට‍්ඨ, හන්‍දස‍්සතරස‍්ස තෙ අයං අස‍්සතරස‍්ස හි ගද්‍රභො පිතා’ති.
111. රාජෝත්තමය, ඉදින් තෙපි පුතාට වඩා පියා උතුමැ යි මෙසේ හඟනහු ද එබැවින් තොපගේ අශ්වතරයාට වඩා මේ කොටළුවා උතුම් වන්නේ ය. යම් හෙයෙකින් කොටළු තෙම අශ්වතරයාට පිය වූයේ ද එහෙයිනි.
1. ගද්‍රභපඤ‍්හො.
1. ගද්‍රභපඤ්හ ජාතක යි.
112. යෙන සත‍්තුඛිලඞ‍්ගා ච දිගුණ පලාසො ච පුප‍්ඵිතො, යෙනාදාමි තෙන වදාමි යෙන නාදාමි න තෙන වදාමි එස මග‍්ගො යව මජ‍්ඣකසස එතං ඡන‍්නපථං විජානාහිති.
112. යම් තැනෙක්හි අත්සුණු ද කාඩි ද විකුණන අංගානියෙක් (කඩපිළක්) ඇද්ද, යම් තැනෙක්හි පිපුණා වූ දෙකක් ව මැදින් බෙදී ගිය පත් ඇති කොබෝලීල රුක ද යම් අතකින් බුදිම් ද ඒ (දකුණු) දිසාවෙන් මග කියමි. යම් අතකින් නො බුදිම් ද ඒ (වම්) දිසාවෙන් (මග) නො කියමි. යවමැදුම්ගමැ පිහිටි අපගේ ගෙට මේ මාර්‍ගය ය. මේ සඟවා කී කාරණය දැනැගනුව.
2. අමරාදෙවිපඤ‍්හො.
2. අමරාදේවිපඤ්හ ජාතක යි.
113. සද‍්දහාසි සිගාලස‍්ස සුරාපීතස‍්ස බ්‍රාහ‍්මණ, සිප‍්පිකානං සතං නත්‍ථි කුතො කංසසතා දුවෙති.
113. බ්‍රාහ්මණය, සුරා බොන ලද හිවලාගේ වචනය අදහන්නෙහි ද (මා ළඟ) බොල්ලන් (සිප්පි) සියයකුදු නැත, කහවණු දෙසියයක් කොයින් ද?
3. සිගාලජාතකං.
3. සිඟාල ජාතක යි.
114. බහුචින‍්තී අප‍්පචින‍්තී ච උභො ජාලෙ අබජ‍්ඣරෙ, මිතචින‍්ති අමොචෙසි උභො තත්‍ථ සමාගතා’ති.
114. බහුචින්තී නම් මත්ස්‍යයා ද අප්පචින්තී නම් මත්ස්‍යයා ද යන දෙදෙනා ම දැලෙහි බැඳුණාහ. මිතචින්තී නම් මත්ස්‍යයා (ඔහුත්) දැලෙහි මිදි ය. බහුචින්තී අප්පචින්තී දෙදෙනා ම දියෙහි මිතචින්තී හා එක්වූහ.
4. මිතචින‍්තීජාතකං.
4. මිතචින්තී ජාතක යි.
115. යායඤ‍්ඤමනුසාසති ලොලුප‍්පචාරිණි, සායං විපක‍්ඛිකා සෙති හතා චක‍්කෙන සාළිකාති.
115. යමක් තොමෝ ලොල් වැ හැසිරෙන්නී අන්‍යයනට අනුශාසනා කරන්නී ද ඒ මේ සැළලිහිණි රියසකින් නසන ලද්දී පහවූ පියාපත් ඇති වැ මාර්‍ගයෙහි හෝනී ය.
5. අනුසාසිකජාතකං.
5. අනුසාසික ජාතක යි.
116. අතිකරමකරාචරීය මය‍්හම‍්පෙතං න රුච‍්චති, චතුත්‍ථෙ ලඞ‍්ඝයිත්‍වාන පඤ‍්චමියස‍්මිං ආවුතොති.
116. ආචාර්‍ය්‍යය, තොපට නො පිළිවන් වූ අධික වූ ක්‍රියාවක් කෙළෙහි ය. මට ඒ කාරණය නො රුස්සයි. සතරවැනි ශස්ත්‍රයෙහි (නොවැටී සිරුර) පන්වා පස්වැන්නෙහි ඇවිණී ගියෙහි ය.
6. දුබ‍්බචජාතකං.
6. දුබ්බච ජාතක යි.
117. අච‍්චුග‍්ගතා අතිබලතා අතිවෙලං පහාසිතා, වාචා හන‍්ති දුම‍්මෙධං තිත‍්තිරංවාතිවස‍්සිත’න‍්ති.
117. ඉතා උස්වූ (ඉතා මහත් කොට කියන ලද්දා වූ) ඉතා බලවත් වූ ප්‍රමාණය ඉක්මවා ප්‍රකාශිත වචනය ප්‍රමාණය ඉක්මවා හැඬූ වටුවා මෙන්, නුවණ නැත්තහු නසයි.
7. තිත‍්තිරජාතකං.
7. තිත්තිර ජාතක යි.
118. නාචින‍්තයන‍්තො පුරිසො විසෙසමධිගච‍්ඡති, චින‍්තිතස‍්ස ඵලං පස‍්ස මුත‍්තොස‍්මි වධබන්‍ධනා’ති.
118. පුරුෂ තෙමේ (පැමිණි දුකින් මිදීමට උපාය) නො සිතන්නේ දුකින් මිදීම නම් වූ විශේෂයට නො පැමිණේ, (එසේ) චින්තිත කර්‍මයාගේ ප්‍රයෝජනය බලව. මම මරණයෙන් ද බන්‍ධනයෙන් ද මිදුණෙමි.
8. වට‍්ටකජාතකං.
8. වට්ටක ජාතක යි.
119. අමාතාපිතරි සංවද‍්ධො අනාචරියකුලෙ වසං, නායං කාලං අකාලං වා අභිජානාති කුක‍්කුටො’ති.
119. මවුපියන් සමීපයෙහි නො වැඩුණු ආචාර්‍ය්‍යකුලයෙහි නො වුසූ මේ කුකුළා හැඬුවමනා කාලය හෝ නො හැඬූවමනා කාලය හෝ නො දනී.
9. අකාලරාවීජාතකං.
9. අකාලරාවි ජාතක යි.
120. අබද‍්ධා තත්‍ථ බජ‍්ඣන‍්ති යත්‍ථ බාලා පභාසරෙ, බද‍්ධාපි තත්‍ථ මුච‍්චන‍්ති යත්‍ථ ධීරා පහාසරෙ’ති.
120. යම් තැනෙක් හි අඥානයෝ බෙණෙද්ද එතැන්හි බන්‍ධනයට නුසුදුස්සෝ ද බැඳෙති. යම් තැනෙක්හි නුවණැත්තෝ බෙණෙද්ද එතැන්හි බන්‍ධනයට සුදුස්සෝ ද මිදෙති.
10. බන්‍ධනමොක‍්ඛජාතකං.
10. බන්‍ධනමොක්ඛ ජාතක යි.
භංසවග‍්ගො ද‍්වාදසමො.
දොළොස්වැනි හංස වර්‍ග යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
අථගද්‍රභසත‍්තු චකංසසතං බහුචින‍්තිසාසිකායාතිකර, අතිවෙලවිසෙසමනාචරියො ච ධීරාපභාසරතෙන දස.
ගද්‍රභ - සත්තු (අමරාදේවිපඤ්හ) කාසසත (සිගාල) බහුචින්ති (මිතවින්ති) සාසික (අනුසාසිත) අතිකර දුබ්බච අතිබල (තිත්තිර) විසේස (වට්ටක) අනාචරිය (අකාලරාවි) ධීරාපහාසර (බන්‍ධනමොක්ඛ) යන දසය යි.