යෙදුමෙන් කියවන්න

3. සිඞ‍්ගාලජාතකවණ‍්ණනා 113 අට‍්ඨකථා

3. සිඞ‍්ගාලජාතකවණ‍්ණනා (113)

3. සිඟාල ජාතකය (113)

සද‍්දහාසි සිඞ‍්ගාලස‍්සාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. තස‍්මිඤ‍්හි සමයෙ භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිපතිත්‍වා “ආවුසො, දෙවදත‍්තෙන පඤ‍්ච භික‍්ඛුසතානි ආදාය ගයාසීසං ගන‍්ත්‍වා ‘යං සමණො ගොතමො කරොති, න සො ධම‍්මො. යමහං කරොමි, අයමෙව ධම‍්මො’ති තෙ භික‍්ඛූ අත‍්තනො ලද‍්ධිං ගාහාපෙත්‍වා ඨානප‍්පත‍්තං මුසාවාදං කත්‍වා සඞ‍්ඝං භින්‍දිත්‍වා එකසීමාය ද‍්වෙ උපොසථා කතා”ති දෙවදත‍්තස‍්ස අගුණකථං කථෙන‍්තා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, දෙවදත‍්තො ඉදානෙව මුසාවාදී, පුබ‍්බෙපි මුසාවාදීයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“සද්දහාසි සිඟාලස්සාති” යන මේ ජාතකය බුදු රජහු වේළුවනයෙහි වසන සේක්, දෙව්දත් අරබයා දෙසූහ. එකල්හි භික්‍ෂූහු ඇවැත්නි, දෙව්දත් විසින් පන්සියයක් භික්‍ෂූන් ගෙන ගයා සීසයට ගොස් මා කරන දේ ධර්මය වේ. මහණ ගොයම්හු කරන දේ ධර්මය නො වේ යි ඒ භික්‍ෂූන්ට තලබ්ධිය ගන්වා බොරුව මුදුන්පත් කොට මහසඟන භේද කොට එක් සීමාවක් තුළ උපෝසථ දෙකක් කරන ලදැ යි, දෙව්දත්ගේ අගුණ කථා කියමින් හුන්නාහුය. බුදු රජුන් දම් සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවක් කැරෙමින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, දෙව්දත් මුසාවාදී වූයේ දැන් පමණක් නො වේ. පෙර ද වූයේමැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සුසානවනෙ රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. තදා බාරාණසියං නක‍්ඛත‍්තං ඝුට‍්ඨං අහොසි. මනුස‍්සා “යක‍්ඛබලිකම‍්මං කරොමා”ති තෙසු තෙසු චච‍්චරරච‍්ඡාදිට‍්ඨානෙසු මච‍්ඡමංසාදීනි විප‍්පකිරිත්‍වා කපාලකෙසු බහුං සුරං ඨපයිංසු. අථෙකො සිඞ‍්ගාලො අඩ‍්ඪරත‍්තසමයෙ නිද‍්ධමනෙන නගරං පවිසිත්‍වා මච‍්ඡමංසං ඛාදිත්‍වා සුරං පිවිත්‍වා පුන‍්නාගගච‍්ඡන‍්තරං පවිසිත්‍වා යාව අරුණුග‍්ගමනා නිද‍්දං ඔක‍්කමි. සො පබුජ‍්ඣිත්‍වා ආලොකං දිස‍්වා “ඉදානි නික‍්ඛමිතුං න සක‍්කා”ති මග‍්ගසමීපං ගන‍්ත්‍වා අදිස‍්සමානො නිපජ‍්ජිත්‍වා අඤ‍්ඤෙ මනුස‍්සෙ දිස‍්වාපි කිඤ‍්චි අවත්‍වා එකං බ්‍රාහ‍්මණං මුඛධොවනත්‍ථාය ගච‍්ඡන‍්තං දිස‍්වා චින‍්තෙසි “බ්‍රාහ‍්මණා නාම ධනලොලා හොන‍්ති, ඉමං ධනෙන පලොභෙත්‍වා යථා මං උපකච‍්ඡකන‍්තරෙ කත්‍වා උත‍්තරාසඞ‍්ගෙන පටිච‍්ඡාදෙත්‍වා නගරා නීහරති, තථා කරිස‍්සාමී”ති. සො මනුස‍්සභාසාය “බ්‍රාහ‍්මණා”ති ආහ. සො නිවත‍්තිත්‍වා “කො මං පක‍්කොසතී”ති ආහ. “අහං, බ්‍රාහ‍්මණා”ති. “කිංකාරණා”ති. “බ්‍රාහ‍්මණ, මය‍්හං ද‍්වෙ කහාපණසතානි අත්‍ථි. සචෙ මං උපකච‍්ඡකන‍්තරෙ කත්‍වා උත‍්තරාසඞ‍්ගෙන පටිච‍්ඡාදෙත්‍වා යථා න කොචි පස‍්සති, තථා නගරා නික‍්ඛාමෙතුං සක‍්කොසි, තුය‍්හං තෙ කහාපණෙ දස‍්සාමී”ති. බ්‍රාහ‍්මණො ධනලොභෙන “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තං තථා කත්‍වා ආදාය නගරා නික‍්ඛමිත්‍වා ථොකං අගමාසි. අථ නං සිඞ‍්ගාලො පුච‍්ඡි “කතරට‍්ඨානං, බ්‍රාහ‍්මණා”ති? “අසුකං නාමා”ති. “අඤ‍්ඤං ථොකං ඨානං ගච‍්ඡා”ති. එවං පුනප‍්පුනං වදන‍්තො මහාසුසානං පත්‍වා “ඉධ මං ඔතාරෙහී”ති ආහ. තත්‍ථ නං ඔතාරෙසි. අථ සිඞ‍්ගාලො “තෙන හි, බ්‍රාහ‍්මණ, උත‍්තරිසාටකං පත්‍ථරා”ති ආහ. සො ධනලොභෙන “සාධූ”ති පත්‍ථරි. අථ නං “ඉමං රුක‍්ඛමූලං ඛණාහී”ති පථවිඛණනෙ යොජෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස උත‍්තරිසාටකං අභිරුය‍්හ චතූසු කණ‍්ණෙසු ච මජ‍්ඣෙ චාති පඤ‍්චසු ඨානෙසු සරීරනිස‍්සන්‍දං පාතෙත්‍වා මක‍්ඛෙත්‍වා චෙව තෙමෙත්‍වා ච සුසානවනං පාවිසි. බොධිසත‍්තො රුක‍්ඛවිටපෙ ඨත්‍වා ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු සොහොනක් අසල වනයක රුක් දෙවියෙක් වී උපන්හ. එදවස බරණැස් නුවර නැකැත් කෙළිය දන්වන ලදි. මිනිස්සු සක්බලියක් කරමු යි කුඩාවේ, මහවේ ආදී තැන්වල මත්ස්‍ය මාංශ විසුරුවා මිනී හිස් කබල්වල බොහෝ සුරා තැබූහ. එකල්හි සිවලෙක් මධ්‍යම රාත්‍රියෙහි ජල මාර්ගයක් නගරයට පිවිස මස් මාංශ කා සුරා බී දොඹ ගස් පඳුරක් අතර විසීය. පහන්වන තුරු නිදි ගත්තේය. සිවලා එළිය දැක පිබිදී දැන් පිටත යා නො හැකියත මඟ ළඟට ගොස් සැඟවී සිට මිනිසුන් දැක ද කිසිවක් නො කියා මුව දෙවීම සඳහා යන එක් බමුණකු දැක මෙසේ සිතීය. බමුණෝ වනාහි ධන ලෝභියෝ වෙති. මොහු ධනයෙන් පොළඹවා, යම් සේ මොහු මා උතුරු සළුවෙන් පිළිසන් කොට කිසිළි අතුරෙහි තබාගෙන යයි ද එසේ කරන්නෙමි යි සිවලා මිනිස් බසින්, ‘බමුණා’ යි කීහ. ඔහු ද ආපසු හැරී මා කැඳවන්නේ කවරෙක්දැ යි ඇසීය. බමුණානෙනි, මම වෙමි. කාරණය කුමක් ද? බමුණාණෙනි, මට කහවණු දෙසීයක් තිබේ. ඉදින්, ඔබ මා කිසිලි අතරෙහි තබා උතුරු සළුවෙන් වසා කිසිවකුට නො පෙනෙන සේ නගරයෙන් පිටත්ව ගෙනයන්ට හැක්කේ නම් මම ඒ කහවණු ඔබට දෙමි. බමුණා ද ධන ලෝභයෙන් මැනවැ යි පිළිගෙන සිවලා කී පරිදි නුවරින් නික්ම මද දුරක් ගියේය. සිවලා බමුණා, දැන් කොහිදැ යි ඇසීය. අසවල් නම් ඇති තැනයි. තවත් මද දුරක් යනු මෙසේ නැවත නැවත කියමින් මහසොහොන් බිමට පැමිණ සිවලා දැන් මා මෙහි තබනු කීය. ඔහු ද එසේ කළේය. එසේ නම් බමුණ, උතුරු සළුව මෙහි එලනු. ධන ලෝභයෙන් බමුණා ද මැනවැ යි පිළිගෙන සළුව දිගහැරීය. දැන් බමුණ, මේ ගස මුල සාරනු. බමුණා පොළොව සෑරීමෙහි යොදවා සිවලා සළුවට නැඟ සිව්කොණ හා මැද යන පස් තැනක සිරුර මළ පහකොට අසූචි තවරා මුත්‍රකොට තෙමා සොහොන් වනයට ම වැදුණේය. බෝසත්හු ගස් දෙබලෙහි සිට මේ ගාථාව කීහ.

“සද‍්දහාසි සිඞ‍්ගාලස‍්ස, සුරාපීතස‍්ස බ්‍රාහ‍්මණ; සිප‍්පිකානං සතං නත්‍ථි, කුතො කංසසතා දුවෙ”ති.

“සද්දහාසි සිඟාලස්ස සූරාපීතස්ස බ්‍රාහ්මණ, සිප්පිකානං සතං නත්‍ථි කුතො කංසසතා දූවෙති”

“බ්‍රාහ්මණය, සුරා බී සිවලුගේ වචනය අදහන්නෙහි ද, ඔහු ළඟ බෙල්ලන් සියයකුදු නැත. කහවණු දෙසීයක් කොයින් ද?”

තත්‍ථ සද‍්දහාසීති සද‍්දහසි, අයමෙව වා පාඨො, පත‍්තියායසීති අත්‍ථො. සිප‍්පිකානං සතං නත්‍ථීති එතස‍්ස හි සිප‍්පිකාසතම‍්පි නත්‍ථි. කුතො කංසසතා දුවෙති ද‍්වෙ කහාපණසතානි පනස‍්ස කුතො එවාති.

එහි, “සද්දහාසි”, අදහන්නෙහි ද? “සද්දහෙසි” යනු ද කැමැති වන්නෙහි ද යන අර්ථයි. “සිප්පිකානං සතං නත්‍ථි”, මොහුට බෙල්ලන් සියයකුදු නැත. “කුතො කංසසතා දූවෙ”, ඔහුට කහවණු දෙසීයක් කොයින් ද?

බොධිසත‍්තො ඉමං ගාථං වත්‍වා “ගච‍්ඡ, බ්‍රාහ‍්මණ, තව සාටකං ධොවිත්‍වා න‍්හායිත්‍වා අත‍්තනො කම‍්මං කරොහී”ති වත්‍වා අන‍්තරධායි. බ්‍රාහ‍්මණො තථා කත්‍වා “වඤ‍්චිතො වතම‍්හී”ති දොමනස‍්සප‍්පත‍්තො පක‍්කාමි.

බෝසත්හු මේ ගාථාව කියා බමුණ, යව. ඔබගේ සළුව සොයා ස්නානය කොට තමාගේ කාර්යයක් කරනු යි කියා අතුරුදන් වූහ. බමුණා ද එසේ කොට ඒකාන්තයෙන් මම රැවටුණෙමි යි නො සතුටට පත්ව ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ‍්ගාලො දෙවදත‍්තො අහොසි, රුක‍්ඛදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදා සිවලා දෙව්දත් විය. රුක් දෙවියා නම් මම ම වීමි.

සිඞ‍්ගාලජාතකවණ‍්ණනා තතියා.