යෙදුමෙන් කියවන්න

4. මිතචින‍්තීජාතකවණ‍්ණනා 114 අට‍්ඨකථා

4. මිතචින‍්තීජාතකවණ‍්ණනා (114)

4. මිතචින්තී ජාතකය (114)

බහුචින‍්තී අප‍්පචින‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ද‍්වෙ මහල‍්ලකත්‍ථෙරෙ ආරබ‍්භ කථෙසි. තෙ කිර ජනපදෙ එකස‍්මිං අරඤ‍්ඤාවාසෙ වස‍්සං වසිත්‍වා “සත්‍ථු දස‍්සනත්‍ථාය ගච‍්ඡිස‍්සාමා”ති පාථෙය්‍යං සජ‍්ජෙත්‍වා “අජ‍්ජ ගච‍්ඡාම, ස‍්වෙ ගච‍්ඡාමා”ති මාසං අතික‍්කාමෙත්‍වා පුන පාථෙය්‍යං සජ‍්ජෙත්‍වා තථෙව මාසං, පුන මාසන‍්ති එවං අත‍්තනො කුසීතභාවෙන චෙව නිවාසට‍්ඨානෙ ච අපෙක‍්ඛාය තයො මාසෙ අතික‍්කාමෙත්‍වා තතො නික‍්ඛම‍්ම ජෙතවනං ගන‍්ත්‍වා සභාගට‍්ඨානෙ පත‍්තචීවරං පටිසාමෙත්‍වා සත්‍ථාරං පස‍්සිංසු. අථ නෙ භික‍්ඛූ පුච‍්ඡිංසු “චිරං වො, ආවුසො, බුද‍්ධුපට‍්ඨානං අකරොන‍්තානං, කස‍්මා එවං චිරායිත්‍ථා”ති? තෙ තමත්‍ථං ආරොචෙසුං. අථ නෙසං සො ආලසියකුසීතභාවො භික‍්ඛුසඞ‍්ඝෙ පාකටො ජාතො. ධම‍්මසභායම‍්පි තෙසං භික‍්ඛූනමෙව ආලසියභාවං නිස‍්සාය කථං සමුට‍්ඨාපෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ තෙ පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර තුම‍්හෙ, භික‍්ඛවෙ, අලසා කුසීතා”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙවෙතෙ අලසා, පුබ‍්බෙපි අලසා චෙව නිවාසට‍්ඨානෙ ච සාලයා සාපෙක‍්ඛා”ති වත්‍වා අතීතං ආහරි.

“බහුචින්තී අප්පචින්තී චාති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, මහළු තෙරුන් දෙදෙනකුන් වහන්සේ අරබයා දෙසූහ. ඔවුහු වනාහි එක්තරා දනව්වක වනායතනයක වස් වැස බුදු රජුන් දැකීමට යන්නෙමු යි මාර්ගෝපකරණ පිළියෙල කොට අද යමු හෙට යමු යි මසක් ඉක්මවා නැවතත් මාර්ගෝපකරණ සකසා මාසයක් ද මේ අයුරින් නැවතත් මාසයක් ද වශයෙන් තමන්ගේ කුසීත බව නිසාත් සෙනසුන පිළිබඳ ආශාව නිසාත් තුන් මසක් ඉක්මවා එයින් නික්ම දෙව්රම් වෙහෙරට අවුත් තමන්ට ගැළපෙන තැනක පා සිවුරු තැන්පත් කොට බුදු රජුන් දුටහ. අනතුරු ව භික්‍ෂූහු ඔවුන්ගෙන් ඇවැත්නි, බුද්ධෝපස්ථානය සඳහා මෙපමණ කලක් අතපසු කළේ මන්දැ යි විචාළහ. ඔවුහු එකරුණ කීහ. මේ අයුරින් ඔවුන්ගේ කුසීත බව ප්‍රකට විය. දම් සභාවෙහි ද ඔවුන්ගේ කුසීත භාවය පිළිබඳ ව ම කථා මතු කළාහුය. බුදු රජුන් වැඩමවා මහණෙනි, මා එන්නට පළමු ව කවර කථාවකින් හුන්නාහුදැ යි විචාර මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, මොවුන් අලස වූවෝ, සෙනසුනෙහි ඇළුණෝ, දැන් පමණක් නොව, පෙර ද එසේ ම වූවෝ යි වදාරා අතීත කථාව දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බාරාණසිනදියං තයො මච‍්ඡා අහෙසුං, බහුචින‍්තී, අප‍්පචින‍්තී, මිතචින‍්තීති තෙසං නාමානි. තෙ අරඤ‍්ඤතො මනුස‍්සපථං ආගමිංසු. තත්‍ථ මිතචින‍්තී ඉතරෙ ද‍්වෙ එවමාහ “අයං මනුස‍්සපථො නාම සාසඞ‍්කො සප‍්පටිභයො, කෙවට‍්ටා නානප‍්පකාරානි ජාලකුමිනාදීනි ඛිපිත්‍වා මච‍්ඡෙ ගණ‍්හන‍්ති, මයං අරඤ‍්ඤමෙව ගච‍්ඡාමා”ති. ඉතරෙ ද‍්වෙ ජනා අලසතාය චෙව ආමිසගිද‍්ධතාය ච “අජ‍්ජ ගච‍්ඡාම, ස‍්වෙ ගච‍්ඡාමා”ති තයො මාසෙ අතික‍්කාමෙසුං. අථ කෙවට‍්ටා නදියං ජාලං ඛිපිංසු. බහුචින‍්තී ච අප‍්පචින‍්තී ච ගොචරං ගණ‍්හන‍්තා පුරතො ගච‍්ඡන‍්ති. තෙ අත‍්තනො අන්‍ධබාලතාය ජාලගන්‍ධං අසල‍්ලක‍්ඛෙත්‍වා ජාලකුච‍්ඡිමෙව පවිසිංසු. මිතචින‍්තී පච‍්ඡතො ආගච‍්ඡන‍්තො ජාලගන්‍ධං සල‍්ලක‍්ඛෙත්‍වා තෙසඤ‍්ච ජාලකුච‍්ඡිං පවිට‍්ඨභාවං ඤත්‍වා “ඉමෙසං කුසීතානං අන්‍ධබාලානං ජීවිතදානං දස‍්සාමී”ති චින‍්තෙත්‍වා බහිපස‍්සෙන ජාලකුච‍්ඡිට‍්ඨානං ගන‍්ත්‍වා ජාලකුච‍්ඡිං ඵාලෙත්‍වා නික‍්ඛන‍්තසදිසො හුත්‍වා උදකං ආලුළෙන‍්තො ජාලස‍්ස පුරතො පතිත්‍වා පුන ජාලකුච‍්ඡිං පවිසිත්‍වා පච‍්ඡිමභාගෙන ඵාලෙත්‍වා නික‍්ඛන‍්තසදිසො උදකං ආලුළෙන‍්තො පච‍්ඡිමභාගෙ පති. කෙවට‍්ටා “මච‍්ඡා ජාලං ඵාලෙත්‍වා ගතා”ති මඤ‍්ඤමානා ජාලකොටියං ගහෙත්‍වා උක‍්ඛිපිංසු. තෙ ද‍්වෙපි මච‍්ඡා ජාලතො මුච‍්චිත්‍වා උදකෙ පතිංසු. ඉති තෙහි මිතචින‍්තිං නිස‍්සාය ජීවිතං ලද‍්ධං.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බරණැස් ගඟෙහි මත්ස්‍යයෝ තිදෙනෙක් වූහ. බහුචින්තී, (වැඩියෙන් සිතන්නා) අප්පචින්ති, (අඩුවෙන් සිතන්නා) මිතචින්තී (පමණට සිතන්නා) උන්ගේ නම් විය. ඔවුහු වන පෙදෙසේ සිට මිනිස් පියසට ආහ. මෙයින් මිතචින්ති මත්ස්‍යයා අනෙක් දෙන්නාට, මේ මිනිස් පියස බිය ජනකය. සැක සහිතය. මසුන් මරන්නෝ විවිධ දැල් කෙමිණ දමා මසුන් අල්ලා ගනිත්. අපි වන පෙදෙසට ම යමු යි කීය. අනෙක් මසුන් දෙදෙනා අලස බැවින් හා ගොදුරු ලොල් බව නිසාත් අද යමු, හෙට යමු යි තුන් මසක් ඉක්මවූහ. දිනක් මසුන් මරන්නෝ දැල ගඟට දැමූහ. එවේලෙහි බහුචිත්තී, අප්පචිත්තී දෙදෙනා ගොදුරු සොයමින් ඉදිරියෙන් යති. එහෙත් දෙදෙනාගේ නො දැනීම නිසා දැලේ ඉව නො දැන දැල තුළට ගියහ. මිතචින්තී මත්ස්‍යයා පසුපසින් එන්නේ, දැල් ගඳ ඉව කොට අනෙක් දෙදෙනා දැලට පිවිසි බවත් දැන මේ කම්මැලි මෝඩ දෙදෙනාගේ ජීවිතය රැක දෙමි යි සිතා පිටුපසින් දැල් කුසට ගොස් දැල් කුස පලා නික්මුණාක් මෙන් හගවා දිය කළඹා නැවත දැල ඉදිරියට පැන දැල කුසට ගොස් පසු භාගය පලා නික්මී ගියාක් මෙන් හඟවා දිය කළඹා පසු භාගයට වැටුණේය. එවිට කෙවුලෝ මසුන් දැල පලා ගියෝ යි සිතා දැල් කෙළවරින් ගෙන එසවූහ. එවිට ඒ මසුන් දෙදෙනා ම දැලින් මිදී දියෙහි වැටුණහ. මේ අනුව මිතචින්තී නිසා දෙදෙනාගේ ජීවිත රැකුණි.

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

බුදු රජහු මේ ඉකුත් වත ගෙනහැර දක්වා මේ ගාථාව වදාළහ.

“බහුචින‍්තී අප‍්පචින‍්තී, උභො ජාලෙ අබජ‍්ඣරෙ; මිතචින‍්තී පමොචෙසි, උභො තත්‍ථ සමාගතා”ති.

“බහුචින්තී අප්පචින්තී ච උභො ජාලෙ අබජ්ඣරෙ, මිතචින්තී අමොචෙසි උභො තත්‍ථ සමාගතාති”

“මිතචින්ති, අප්පචින්ති මසුන් දෙදෙනා ම දැලෙහි බැඳුණහ. මිතචින්තී මත්ස්‍යයා ඔවුන් දැලේ මිදවීය. ඔවුන් දෙදෙනා ද මිතචින්ති සමග එක් වූවෝය.”

තත්‍ථ බහුචින‍්තීති බහුචින‍්තනතාය විතක‍්කබහුලතාය එවංලද‍්ධනාමො. ඉතරෙසුපි ද‍්වීසු අයමෙව නයො. උභො තත්‍ථ සමාගතාති මිතචින‍්තිං නිස‍්සාය ලද‍්ධජීවිතා තත්‍ථ උදකෙ පුන උභොපි ජනා මිතචින‍්තිනා සද‍්ධිං සමාගතාති අත්‍ථො.

එහි, “බහුචින්තී”, බොහෝ කොට සිතන බැවින් ද සැක බහුල බැවින් ද ලබන ලද නමයි. අනෙක් දෙපදයෙහි ද මේ ක්‍රමයමැ යි. “උභොතත්‍ථ සමගතා”, මිතචින්‍ති නිසා යලි පණ ලැබුවා වූ ඒ දෙදෙන නැවත දියෙහි ද මිතචින්‍ති සමග එක්වූහ, යන අර්ථයි.

එවං සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ මහල‍්ලකා භික‍්ඛූ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු. තදා බහුචින‍්තී ච අප‍්පචින‍්තී ච ඉමෙ ද‍්වෙ අහෙසුං, මිතචින‍්තී පන අහමෙව අහොසින‍්ති.

මෙසේ බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් ප්‍රකාශ කළහ. ඒ මහළු භික්‍ෂූහු ද සෝවාන් ඵලයෙහි පිහිටියහ. එදින බහුචින්ති, අප්පචින්ති මසුන් දෙදෙන මේ භික්‍ෂූ දෙන ම වූහ. මිතචින්තී මත්ස්‍යයා වනාහි මම ම වීමි.

මිතචින‍්තීජාතකවණ‍්ණනා චතුත්‍ථා.