යෙදුමෙන් කියවන්න

5. අනුසාසිකජාතකවණ‍්ණනා 115 අට‍්ඨකථා

5. අනුසාසිකජාතකවණ‍්ණනා (115)

5. අනුශාසික ජාතකය (115)

යායඤ‍්ඤෙ මනුසාසතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං අනුසාසිකං භික‍්ඛුනිං ආරබ‍්භ කථෙසි. සා කිර සාවත්‍ථිවාසිනී එකා කුලධීතා පබ‍්බජිත්‍වා උපසම‍්පන‍්නකාලතො පට‍්ඨාය සමණධම‍්මෙ අනනුයුත‍්තා ආමිසගිද‍්ධා හුත්‍වා යත්‍ථ අඤ‍්ඤා භික‍්ඛුනියො න ගච‍්ඡන‍්ති, තාදිසෙ නගරස‍්ස එකදෙසෙ පිණ‍්ඩාය චරති. අථස‍්සා මනුස‍්සා පණීතපිණ‍්ඩපාතං දෙන‍්ති. සා රසතණ‍්හාය බජ‍්ඣිත්‍වා “සචෙ ඉමස‍්මිං පදෙසෙ අඤ‍්ඤාපි භික‍්ඛුනියො පිණ‍්ඩාය චරිස‍්සන‍්ති, මය‍්හං ලාභො පරිහායිස‍්සති. යථා එතං පදෙසං අඤ‍්ඤා නාගච‍්ඡන‍්ති, එවං මයා කාතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා භික‍්ඛුනූපස‍්සයං ගන‍්ත්‍වා “අය්‍යෙ, අසුකට‍්ඨානෙ චණ‍්ඩො හත්‍ථී, චණ‍්ඩො අස‍්සො, චණ‍්ඩො මෙණ‍්ඩො, චණ‍්ඩො කුක‍්කුරො චරති, සපරිස‍්සයට‍්ඨානං, මා තත්‍ථ පිණ‍්ඩාය චරිත්‍ථා”ති භික‍්ඛුනියො අනුසාසති. තස‍්සා වචනං සුත්‍වා එකා භික‍්ඛුනීපි තං පදෙසං ගීවං පරිවත‍්තෙත්‍වා න ඔලොකෙසි. තස‍්සා එකස‍්මිං දිවසෙ තස‍්මිං පදෙසෙ පිණ‍්ඩාය චරන‍්තියා වෙගෙනෙකං ගෙහං පවිසන‍්තියා චණ‍්ඩො මෙණ‍්ඩකො පහරිත්‍වා ඌරුට‍්ඨිකං භින්‍දි. මනුස‍්සා වෙගෙන උපධාවිත්‍වා ද‍්විධා භින‍්නං ඌරුට‍්ඨිකං එකතො බන්‍ධිත්‍වා තං භික‍්ඛුනිං මඤ‍්චෙනාදාය භික‍්ඛුනූපස‍්සයං නයිංසු. භික‍්ඛුනියො “අයං අඤ‍්ඤා භික‍්ඛුනියො අනුසාසිත්‍වා සයං තස‍්මිං පදෙසෙ චරන‍්තී ඌරුට‍්ඨිකං භින්‍දාපෙත්‍වා ආගතා”ති පරිහාසං අකංසු. තම‍්පි තාය කතකාරණං න චිරස‍්සෙව භික‍්ඛුසඞ‍්ඝෙ පාකටං අහොසි.

“යායඤ්ඤමනුසාසති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා අනුශාසනා කරන මෙහෙණක් අරබයා දෙසූහ. එතුමිය සැවැත් නුවර වැසි එක් කුල දුවක් වූවාය. පැවිදි ව උපසපන් කාලයෙහි පටන් මහණකමෙහි නො යෙදුනී, ආමිෂයෙහි ගිජු වී අන් මෙහෙණක වූ යම් පෙදෙසකට නො යයි ද එවැනි නගරයෙහි එක් පෙදෙසක පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු ද ප්‍රණීත පිණ්ඩපාත දෙති. රස තෘෂ්ණාවෙන් බැඳී ඉදින්, මේ පෙදෙසෙහි අන් මෙහෙණහු පිඬු පිණිස හැසිරෙද් ද, එවිට මගේ ලාභ පිරිහෙන්නේය. යම් අයුරකින් මෙපෙදෙසට අන් මෙහෙණියෝ නො එන්නෝ ද, එසේ කළ යුතු යි සිතා ආර්යාවනි, අසවල් තැන සැඩ ඇතකු සිටී. සැඬ අයෙක් සැඬ බල්ලෙක් සිටී. අසවල් තැන උවදුරු සහිතය. එහි පිඬු පිණිස නො හැසිරෙනු යි අවවාද දෙයි. මෙහෙණගේ අවවාද අසා මෙහෙණියෝ එදෙසට ගෙල හරවා බැලීම් පමණකුදු නො කළෝය. අනුශාසිකා මෙහෙණ දිනක් එපෙදෙසෙහි පිඬු පිණිස හැසිරෙන්නී, එක් ගෙයකට වේගයෙන් පිවිසෙන කල්හි සැඬ බූරුවෙක් පහර දී කලවා ඇටය බින්දේය. මිනිස්සු වේගයෙන් අවුත් දෙකට කැඩුණු කලවා ඇටය එකට තබා බැඳ ඇඳක හොවා මෙහෙණවරට ගෙන ගියහ. අනෙක් භික්‍ෂුණීහු, මැය අනුන්ට අවවාද කොට එම පෙදෙසෙහි හැසිර තමා ම කලවා ඇටය බිඳගත්තී අපවාද කීහ. මෙසේ අනුශාසිකා භික්‍ෂුණිය කළ ක්‍රියාව කල් නො ගොස් භික්‍ෂූන් අතර ප්‍රකට විය.

අථෙකදිවසං ධම‍්මසභායං භික‍්ඛූ “ආවුසො, අසුකා අනුසාසිකා භික‍්ඛුනී අඤ‍්ඤං අනුසාසිත්‍වා සයං තස‍්මිං පදෙසෙ චරමානා චණ‍්ඩෙන මෙණ‍්ඩකෙන ඌරුං භින්‍දාපෙසී”ති තස‍්සා අගුණකථං කථෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙසා අඤ‍්ඤෙ අනුසාසතියෙව, සයං පන න වත‍්තති, නිච‍්චකාලං දුක‍්ඛමෙව අනුභොතී”ති වත්‍වා අතීතං ආහරි.

දිනක් දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූහු ඇවැත්නි, අනුශාසිකා භික්‍ෂුණිය අනුන්ට අවවාද කොට තමා ම එම පෙදෙසේ හැසිර සැඬ බූරුවකුගෙන් පහර ලැබ කලවා ඇටය බිඳගත්තී ඇගේ අගුණ කථාව කීවාහුය. බුදු රජුන් දම් සභාවට වැඩ මහණෙනි, දැන් කවර කථාවෙකින් හුන්නාහුදැ යි අසා මේ කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, මේ මෙහෙණ අනුන්ට අනුශාසිකා වූයේ දැන් පමණක් නො වේ. පෙරත් එසේ ම වූවායැ යි වදාරා යමකු තමා දෙන අවවාදයෙහි නො පිහිටයි ද ඔහු නිරතුරු ව දුකට ම පත් වේයැ යි මේ අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අරඤ‍්ඤෙ සකුණයොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො සකුණජෙට‍්ඨකො හුත්‍වා අනෙකසකුණසහස‍්සපරිවාරො හිමවන‍්තං පාවිසි. තස‍්ස තත්‍ථ වසනකාලෙ එකා චණ‍්ඩසකුණිකා මහාවත‍්තනිමග‍්ගං ගන‍්ත්‍වා ගොචරං ගණ‍්හාති. සා තත්‍ථ සකටෙහි පතිතානි වීහිමුග‍්ගබීජාදීනි ලභිත්‍වා “යථා ඉදානි ඉමං පදෙසං අඤ‍්ඤෙ සකුණා නාගච‍්ඡන‍්ති, තථා කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා සකුණසඞ‍්ඝස‍්ස ඔවාදං දෙති “වත‍්තනිමහාමග‍්ගො නාම සප‍්පටිභයො, හත්‍ථිඅස‍්සාදයො චෙව චණ‍්ඩගොණයුත‍්තයානාදීනි ච සඤ‍්චරන‍්ති, සහසා උප‍්පතිතුම‍්පි න සක‍්කා හොති, න තත්‍ථ ගන‍්තබ‍්බ”න‍්ති. සකුණසඞ‍්ඝො තස‍්සා “අනුසාසිකා”තෙව නාමං අකාසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු වනයක කුරුළු යෝනියෙහි ඉපිද වැඩිවියට පත්ව කුරුළු නායකයෙක් වී නොයෙක් සියගණන් කුරුල්ලන් පිරිවරා හිමවතට ගියහ. එහි වසන කළ එහි සිටි සැඬ කිරිල්ලක් මහමඟට අවුත් ගොදුරු ගන්නීය. ගැල්වලින් වැටුණු වී, මුං ආදි බීජ ලැබ එහි ආශා කොට අනෙක් කුරුල්ලන් එහි පැමිණීම වැළැක්විය යුතු යි සිතා ඔවුන්ට අවවාද දෙමින් කුරුල්ලන්ට මේ මහා මාර්ගය වනාහි බිය ජනකය. නපුරු ගොනුන් යෙදූ ගැල් නිතර පවතී. වහා අහසට නැඟීමට අපහසුය. එම නිසා එහි නො යා යුතුයි. කුරුල්ලෝ ඇයට අනුශාසිකා නම දුන්හ.

සා එකදිවසං වත‍්තනිමහාමග‍්ගෙ චරන‍්තී අතිමහාවෙගෙන ආගච‍්ඡන‍්තස‍්ස යානස‍්ස සද‍්දං සුත්‍වා නිවත‍්තිත්‍වා ඔලොකෙත්‍වා “දූරෙ තාවා”ති චරතියෙව. අථ නං යානං වාතවෙගෙන සීඝමෙව සම‍්පාපුණි, සා උට‍්ඨාතුං නාසක‍්ඛි, චක‍්කෙන ද‍්විධා ඡින්‍දිත්‍වා ගතා. සකුණජෙට‍්ඨකො සකුණෙ සමානෙන‍්තො තං අදිස‍්වා “අනුසාසිකා න දිස‍්සති, උපධාරෙථ න”න‍්ති ආහ. සකුණා උපධාරෙන‍්තා තං මහාමග‍්ගෙ ද‍්විධා ඡින‍්නං දිස‍්වා සකුණජෙට‍්ඨකස‍්ස ආරොචෙසුං. සකුණජෙට‍්ඨකො “සා අඤ‍්ඤා සකුණිකා වාරෙත්‍වා සයං තත්‍ථ චරමානා ද‍්විධා ඡින‍්නා”ති වත්‍වා ඉමං ගාථමාහ –

දිනක් ඇය මහමඟ හැසිරෙන්නී, මහමඟ වේගයෙන් පැමිණි යානයක හඬ අසා, රථය තවත් දුරයැ යි සිතා ඔබිමොබ හැසිරෙමින් සිටියාය. යානය ද වාත වේගයෙන් පැමිණියේය. කිරිල්ලට උඩ නැඟීමට නො හැකි විය. රිය සකට අසුවීමෙන් දෙපලු වූවාය. කුරුළු නායක කුරුල්ලන් ගණන් ගන්නා විට, අනුශාසිකා කිරිල්ල නැත. ඇය සොයමු යි කීවේය. සෙසු කුරුල්ලෝ ද සොයන කල්හි, ඇය දෙපළු වී සිටින බව කීහ. කුරුලු නායක, ඇය අනෙක් කුරුල්ලන්ගේ ගමන වළකා තමා එහි හැසිරෙන්නී, දෙකට සිඳී මරණයට පත්වූවාය යි කියා මේ ගාථාව කීය.

“යායඤ‍්ඤෙ මනුසාසති, සයං ලොලුප‍්පචාරිනී; සායං විපක‍්ඛිකා සෙති, හතා චක‍්කෙන සාසිකා”ති.

“යායඤ්ඤමනුසාසති සයං ලොලුප්පචාරිණී, සායං විපක්‍ඛිකා සෙති හතා චක්කෙන සාළිකාති”

“ලොල්ව හැසිරෙන යම් කිරිල්ලක් අනුන්ට අවවාද කරන්නී ද, ඒ සැළලිහිණි කිරිල්ල රිය සකින් නැසී පියාපත් සිඳී මහමඟ හොත්තීය.”

තත්‍ථ යායඤ‍්ඤෙ මනුසාසතීති යකාරො පදසන්‍ධිකරො, යා අඤ‍්ඤෙ අනුසාසතීති අත්‍ථො. සයං ලොලුප‍්පචාරිනීති අත‍්තනා ලොලුප‍්පචාරිනී සමානා. සායං විපක‍්ඛිකා සෙතීති සා එසා විහතපක‍්ඛා හුත්‍වා මහාමග‍්ගෙ සයති. හතා චක‍්කෙන සාසිකාති යානචක‍්කෙන හතා සාසිකා සකුණිකාති.

එහි, “යායඤ්ඤමනුසාසති”, මෙහි ‘ය’ කාරය පද සන්ධි පිණිසයි. යම් කිරිල්ලක් අනුනට අනුශාසනා කරති යි, යන අර්ථයි. “සයං ලෝලුප්පචාරිණී”, තමා ලොල්ව හැසිරෙන්නී ම, “සායං විපක්‍ඛිකා සෙති”, ඕ පියාපත් ඇතිව මහමඟ වැතිර සිටී. “හතා චක්කෙන සාළිකාති”, රිය සකින් නැසුණු සැළලිහිණි කිරිල්ලියයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අනුසාසිකා සකුණිකා අයං අනුසාසිකා භික‍්ඛුනී අහොසි, සකුණජෙට‍්ඨකො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදා අනුශාසික කිරිල්ල දැන් අනුශාසික භික්‍ෂුණිය වූවාය. කුරුලු රජ මම ම වීය.

අනුසාසිකජාතකවණ‍්ණනා පඤ‍්චමා.