6. දුබ්බචජාතකවණ්ණනා 116 අට්ඨකථා
6. දුබ්බචජාතකවණ්ණනා (116)
6. දුබ්බච ජාතකය (116)
අතිකරමකරාචරියාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං දුබ්බචභික්ඛුං ආරබ්භ කථෙසි. තස්ස වත්ථු නවකනිපාතෙ ගිජ්ඣජාතකෙ (ජා· 1.9.1 ආදයො) ආවි භවිස්සති. සත්ථා පන තං භික්ඛුං ආමන්තෙත්වා “භික්ඛු න ත්වං ඉදානෙව දුබ්බචො, පුබ්බෙපි දුබ්බචොයෙව. දුබ්බචභාවෙනෙව පණ්ඩිතානං ඔවාදං අකරොන්තො සත්තිප්පහාරෙන ජීවිතක්ඛයං පත්තොසී”ති වත්වා අතීතං ආහරි.
“අතිකරමකරාචරියාති” යන දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් අකීකරු භික්ෂුවක් අරබයා වදාළහ. ඒ කථා පුවත නව වැනි නිපාතයෙහි ගිජ්ඣ ජාතකයෙහි ප්රකට වන්නේය. බුදුහු වනාහි ඒ භික්ෂුව අමතා, මහණ, නුඹ දැන් පමණක් අකීකරු වූයේ නොව, අපරත් අකීකරු වූයේය. අකීකරු කම නිසා ම නුවණ ඇත්තන්ගේ අවවාදය නො සලකන්නේ, අඩයටි පහරින් මරණයට පැමිණියේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ලඞ්ඝනටකයොනියං පටිසන්ධිං ගහෙත්වා වයප්පත්තො පඤ්ඤවා උපායකුසලො අහොසි. සො එකස්ස ලඞ්ඝනකස්ස සන්තිකෙ සත්තිලඞ්ඝනසිප්පං සික්ඛිත්වා ආචරියෙන සද්ධිං සිප්පං දස්සෙන්තො විචරති. ආචරියො පනස්ස චතුන්නංයෙව සත්තීනං ලඞ්ඝනසිප්පං ජානාති, න පඤ්චන්නං. සො එකදිවසං එකස්මිං ගාමකෙ සිප්පං දස්සෙන්තො සුරාමදමත්තො “පඤ්ච සත්තියො ලඞ්ඝිස්සාමී”ති පටිපාටියා ඨපෙසි. අථ නං බොධිසත්තො ආහ “ආචරිය, ත්වං පඤ්චසත්තිලඞ්ඝනසිප්පං න ජානාසි, එකං සත්තිං හර. සචෙ ලඞ්ඝිස්සසි, පඤ්චමාය සත්තියා විද්ධො මරිස්සසී”ති. සො සුට්ඨු මත්තතාය “ත්වඤ්හි මය්හං පමාණං න ජානාසී”ති තස්ස වචනං අනාදියිත්වා චතස්සො ලඞ්ඝිත්වා පඤ්චමාය සත්තියා දණ්ඩකෙ මධුකපුප්ඵං විය ආවුතො පරිදෙවමානො නිපජ්ජි. අථ නං බොධිසත්තො “පණ්ඩිතානං වචනං අකත්වා ඉමං බ්යසනං පත්තොසී”ති ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී බෝසත් තෙම අඩයටි පනින ශිල්ප දත් කුලයක ගෙන වැඩිවියට පැමිණියේ, නුවණ ඇත්තේ, උපායශීලී විය. හෙතෙම එක් නළුවකුගේ සමීපයෙහි අඩයටි පනින ශිල්පය පුහුණු වී ගුරුවරයා සමග ශිල්ප දක්වමින් හැසිරෙයි. මොහුගේ ගුරුවරයා වනාහි සිව් අඩයටියකින් පැන යන ශිල්පය දනිතත් පසෙකින් පැන යන ශිල්ප නො දනී. හෙතෙම එක් දිනක් කුඩා ගමක ශිල්ප දක්වන්නේ, සුරා මදයෙන් මත් ව පස් අඩයටියකින් පනින්නෙමි යි පිළිවෙලින් අඩයටි තැබීය. ඉක්බිති, ඔහුට බෝසත්හු කීහ. ගුරුතුමනි, නුඹ පස් අඩයටි ශිල්පය නො දන්නෙහිය. එක් අඩයටියක් බැහැර කරව. එසේ නො කළ හොත් පස් වැනි අඩයටියෙහි ඇණී මරණයට පැමිණෙන්නෙහිය. හෙතෙම අධික ලෙස මත් වී සිටි බැවින් ඔබ මගේ තරම නො දන්නෙහි යි, ඔහුගේ කීම නො පිළිගෙන අඩයටි සතරක් පැන පස් වැනි අඩයටියෙහි රිටක ඇමුණු මී මලක් මෙන් ඇමිණී වැළපෙමින් හොත්තේය. ඉක්බිති, ඔහුට බෝසත්හු නුවණ ඇත්තන්ගේ කීම නො කොට මේ විපතට පැමිණියේයැ යි මේ ගාථාව කීහ.
“අතිකරමකරාචරිය , මය්හම්පෙතං න රුච්චති; චතුත්ථෙ ලඞ්ඝයිත්වාන, පඤ්චමායසි ආවුතො”ති.
“අතිකරමකරාචරිය, මය්හම්පෙතං න රුච්චති, චතුත්ථෙ ලඞ්ඝයිත්වාන පඤ්චමියස්මිං ආවුතොති”
“ඇදුරුතුමනි, තොපට නො පිළිවන් වූ අධික වූ ක්රියාවක් කළෙහිය. මට ඒ කාරණය නුරුස්සයි. සතර වැනි ශස්ත්රයෙහි (නො වැටී සිරුර) පන්වා පස් වැන්නෙහි ඇවිණී ගියෙහිය.”
තත්ථ අතිකරමකරාචරියාති ආචරිය අජ්ජ ත්වං අතිකරං අකරි, අත්තනො කරණතො අතිරෙකං කරණං අකරීති අත්ථො. මය්හම්පෙතං න රුච්චතීති මය්හං අන්තෙවාසිකස්සපි සමානස්ස එතං තව කරණං න රුච්චති, තෙන තෙ අහං පඨමමෙව කථෙසින්ති දීපෙති. චතුත්ථෙ ලඞ්ඝයිත්වානාති චතුත්ථෙ සත්තිථලෙ අපතිත්වා අත්තානං ලඞ්ඝයිත්වා. පඤ්චමායසි ආවුතොති පණ්ඩිතානං වචනං අග්ගණ්හන්තො ඉදානි පඤ්චමාය සත්තියා ආවුතොසීති. ඉදං වත්වා ආචරියං සත්තිතො අපනෙත්වා කත්තබ්බයුත්තකං අකාසි.
එහි, “අතිකරමකරාචරියාති”, ගුරුතුමනි, අද ඔබ නො කළ යුතු දෙය කළෙහිය. තමාගේ දැනුමට වඩා වැඩි දෙයක් කළේය, යන අර්ථයි. “මය්හම්පෙතං න රුච්චති”, අතවැසියකු වූ මට ද මෙකරුණ රුචි නො වේ. එම නිසා පළමු කොට ම මා ඔබට මෙකරුණ කීවෙමි යි දක්වයි. “චතුත්ථෙ ලඞ්ඝයිත්වානති” අඩයටි සතරක් පැන “පඤ්චමියස්මිං ආවුතොති”, නුවණ ඇත්තන්ගේ වචන නො පිළිගෙන දැන් පස් වැනි අඩයටියෙහි ඇමිණියෙහිය.
සත්ථා ඉමං අතීතං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ආචරියො අයං දුබ්බචො අහොසි, අන්තෙවාසිකො පන අහමෙව අහොසි”න්ති.
මෙය කියා ගුරුතුමා අඩයටියෙන් වෙන් කොට කළ යුතු දේ කළහ. බුදු රජහු මේ කථාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදින ගුරුතුමා මේ අකීකරු භික්ෂුව විය. අතවැසියා වනාහි මම ම වීමි.
දුබ්බචජාතකවණ්ණනා ඡට්ඨා.