යෙදුමෙන් කියවන්න

7. තිත‍්තිරජාතකවණ‍්ණනා 117 අට‍්ඨකථා

7. තිත‍්තිරජාතකවණ‍්ණනා (117)

7. තිත්තිර ජාතකය (117)

අච‍්චුග‍්ගතාතිබලතාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොකාලිකං ආරබ‍්භ කථෙසි. තස‍්ස වත්‍ථු තෙරසකනිපාතෙ තක‍්කාරියජාතකෙ (ජා· 1.13.104 ආදයො) ආවි භවිස‍්සති. සත්‍ථා පන “න, භික‍්ඛවෙ, කොකාලිකො ඉදානෙව අත‍්තනො වාචං නිස‍්සාය නට‍්ඨො, පුබ‍්බෙපි නට‍්ඨොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“අච්චුග්ගතා අතිබලතාති” යන දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, කෝකාලික භික්‍ෂුව අරබයා වදාළහ. එහි කථා පුවත දහතුන් වැනි නිපාතයෙහි තක්කාරිය ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදු රජහු වනාහි මහණෙනි, කෝකාලික භික්‍ෂුව තමාගේ වචනය නිසා නැසුණේ දැන් පමණක් නොව, පෙරත් නැසුණේමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො උදිච‍්චබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පඤ‍්චාභිඤ‍්ඤා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙසි. හිමවන‍්තප‍්පදෙසෙ සබ‍්බො ඉසිගණො සන‍්නිපතිත්‍වා තං ඔවාදාචරියං කත්‍වා පරිවාරෙසි. සො පඤ‍්චන‍්නං ඉසිසතානං ඔවාදාචරියො හුත්‍වා ඣානකීළං කීළන‍්තො හිමවන‍්තෙ වසති. තදා එකො චෙත්‍ථ පණ‍්ඩුරොගී තාපසො කුඨාරිං ගහෙත්‍වා කට‍්ඨං ඵාලෙති. අථෙකො මුඛරතාපසො තස‍්ස සන‍්තිකෙ නිසීදිත්‍වා “ඉධ පහාරං දෙහි, ඉධ පහාරං දෙහී”ති තං තාපසං රොසෙසි. සො කුජ‍්ඣිත්‍වා “න දානි මෙ ත්‍වං දාරුඵාලනසිප‍්පං සික‍්ඛාපනකාචරියො”ති තිණ‍්හං කුඨාරිං උක‍්ඛිපිත්‍වා නං එකප‍්පහාරෙනෙව ජීවිතක‍්ඛයං පාපෙසි. බොධිසත‍්තො තස‍්ස සරීරකිච‍්චං කාරෙසි. තදා අස‍්සමතො අවිදූරෙ එකස‍්මිං වම‍්මිකපාදෙ එකො තිත‍්තිරො වසති. සො සායං පාතං තස‍්මිං වම‍්මිකමත්‍ථකෙ ඨත්‍වා මහාවස‍්සිතං වස‍්සති. තං සුත්‍වා එකො ලුද‍්දකො “තිත‍්තිරෙන භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා සද‍්දසඤ‍්ඤාය තත්‍ථ ගන‍්ත්‍වා තං වධිත්‍වා ආදාය ගතො.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරද්දී බෝසත්හු (නැගෙනහිර) උසස් බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තක්සලාවෙහි සියලු ශිල්ප ඉගෙන කම් සැප හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි ව පඤ්ච අභිඥා හා සමාපත්ති අට ද උපදවා ගත්හ. හිමවත් පෙදෙසෙහි සියලු තාපස පිරිස රැස් වී ඔහු අවවාද දායක ගුරුවරයා කොට පිරිවරා ගත්හ. හෙතෙම පන්සියයක් තාපසවරුන්ගේ අවවාද දායක ගුරුවරයා වී ධ්‍යාන සුවයෙන් යුක්ත ව හිමාල වනයෙහි විසීය. එකල එක් පාණ්ඩු රෝගී තාපසයෙක් පොරොව ගෙන දර පලයි. ඉක්බිති, එක් දොඩමළු තාපසයෙක් ඔහුගේ සමීපයෙහි හිඳ මෙතෙන්ට පහර දෙව. මෙතෙන්ට පහර දෙව යි ඒ තාපසයා තරහ ගැන්වීය. හෙතෙම කිපී දැන් නුඹ මගේ දර පලන ශිල්පය උගන්වන ගුරුවරයා නො වෙයි. මුවාත් පොරොව ඔසවා එක් පහරින් ම මරණයට පත් කළේය. බෝසත්හු ඔහුගේ අවසන් කටයුතු කැරවීය. එකල අසපුවට නුදුරෙහි එක් තුඹසක් ළඟ තිත් වටුවෙක් වසයි. හෙතෙම උදේ සවස තුඹස මත සිට මහත් සේ හඬලෑවේය. ඒ අසා එක් වැද්දෙක් තිත් වටුවකු විය යුතුයැ යි හඬ අනුව ගොස් ඌ මරා ගෙන ගියේය.

බොධිසත‍්තො තස‍්ස සද‍්දං අසුණන‍්තො “අසුකට‍්ඨානෙ තිත‍්තිරො වසති, කිං නු ඛො තස‍්ස සද‍්දො න සූයතී”ති තාපසෙ පුච‍්ඡි. තෙ තස‍්ස තමත්‍ථං ආරොචෙසුං. සො උභොපි තානි කාරණානි සංසන්‍දෙත්‍වා ඉසිගණමජ‍්ඣෙ ඉමං ගාථමාහ –

බෝසත් තෙම උගේ ශබ්දය නො අසන්නේ අසවල් තැන තිත් වටුවෙක් වසයි. කුමක් නිසා උගේ හඬ නො ඇසෙන්නේදැ යි තවුසන්ගෙන් විචාළේය. ඔවුහු ඒ කරුණ සැලකළාහුය. හෙතෙම දෙදෙනාගේ ම ඒ කාරණා සසඳා මේ ගාථාව කීවේය.

“අච‍්චුග‍්ගතාතිබලතා, අතිවෙලං පභාසිතා; වාචා හනති දුම‍්මෙධං, තිත‍්තිරං වාතිවස‍්සිත”න‍්ති.

“අච්චුග්ගතා අතිබලතා අතිවෙලං පභාසිතා, වාචාහනති දුම්මෙධං තිත්තිරං වාතිවස්සිතන්ති”

“ඉතා උස් වූ, (ඉතා මහත් කොට කියන ලද්දා වූ) ඉතා බලවත් වූ, ප්‍රමාණය ඉක්මවා ප්‍රකාශිත වචනය ප්‍රමාණය ඉක්මවා හැඬූ වටුවා මෙන් නුවණ නැත්තහු නසයි.”

තත්‍ථ අච‍්චුග‍්ගතාති අතිඋග‍්ගතා. අතිබලතාති පුනප‍්පුනං භාසනෙන අතිබලසභාවා. අතිවෙලං පභාසිතාති අතික‍්කන‍්තවෙලා පමාණාතික‍්කමෙන භාසිතා. තිත‍්තිරං වාතිවස‍්සිතන‍්ති යථා තිත‍්තිරං අතිවස‍්සිතං හනති, තථා එවරූපා වාචා දුම‍්මෙධං බාලපුග‍්ගලං හනතීති.

එහි, “අච්චුග්ගතාති”, ඉතා මහත් කොට කියන ලද, “අතිබලතාති”, නැවත නැවත කීමෙන් ඉතා බලවත් වූ ස්වභාවයෙන් “අතිවෙලං පභාසිතාති”, වේලාව ඉක්මවා, පමණ ඉක්මවා කියන ලදි. “තිත්තිරං වාතිවස්සිතන්ති”, යම් සේ තිත් වටුවා අධික ව හඬලන්නේ, නැසුණේය. එසේ ම එබඳු වචනය නුවණ නැති බාල පුද්ගලයා නසයි.

එවං බොධිසත‍්තො ඉසිගණස‍්ස ඔවාදං දත්‍වා චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ බෝසත්හු තාපස පිරිසට අවවාද දී සිව් බඹ විහරණ වඩා බඹ ලොව පිහිට කොට ගියේ විය.

සත්‍ථා “න, භික‍්ඛවෙ, කොකාලිකො ඉදානෙව අත‍්තනො වචනං නිස‍්සාය නට‍්ඨො, පුබ‍්බෙපි නට‍්ඨොයෙවා”ති වත්‍වා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මුඛරතාපසො කොකාලිකො අහොසි, ඉසිගණො බුද‍්ධපරිසා, ගණසත්‍ථා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුහු, මහණෙනි, කෝකාලික දැන් පමණක් තමාගේ වචනය නිසා නැසුණේ නො වේ. පෙරත් නැසුණේයැ යි මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමාවට පත්කළහ. එකල අකීකරු තාපසයා මේ කෝකාලික විය. තාපස පිරිස බුදු පිරිසයි. නායක තාපසයා වනාහි මම ම වෙමි යි වදාළහ.

තිත‍්තිරජාතකවණ‍්ණනා සත‍්තමා.