යෙදුමෙන් කියවන්න

8. වට‍්ටජාතකවණ‍්ණනා 118 අට‍්ඨකථා

8. වට‍්ටජාතකවණ‍්ණනා (118)

8. වට්ටක ජාතකය (118)

නාචින‍්තයන‍්තො පුරිසොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උත‍්තරසෙට‍්ඨිපුත‍්තං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිර උත‍්තරසෙට‍්ඨි නාම අහොසි මහාවිභවො. තස‍්ස භරියාය කුච‍්ඡියං එකො පුඤ‍්ඤවා සත‍්තො බ්‍රහ‍්මලොකා චවිත්‍වා පටිසන්‍ධිං ගහෙත්‍වා වයප‍්පත‍්තො අභිරූපො පාසාදිකො අහොසි බ්‍රහ‍්මවණ‍්ණී. අථ එකදිවසං සාවත්‍ථියං කත‍්තිකඡණෙ නක‍්ඛත‍්තෙ ඝුට‍්ඨෙ සබ‍්බො ලොකො නක‍්ඛත‍්තනිස‍්සිතො අහොසි. තස‍්ස සහායකා අඤ‍්ඤෙ සෙට‍්ඨිපුත‍්තා සපජාපතිකා අහෙසුං. උත‍්තරසෙට‍්ඨිපුත‍්තස‍්ස පන දීඝරත‍්තං බ්‍රහ‍්මලොකෙ වසිතත‍්තා කිලෙසෙසු චිත‍්තං න අල‍්ලීයති. අථස‍්ස සහායකා “උත‍්තරසෙට‍්ඨිපුත‍්තස‍්සපි එකං ඉත්‍ථිං ආනෙත්‍වා නක‍්ඛත‍්තං කීළිස‍්සාමා”ති සම‍්මන‍්තයිත්‍වා තං උපසඞ‍්කමිත්‍වා “සම‍්ම, ඉමස‍්මිං නගරෙ කත‍්තිකඡණො ඝුට‍්ඨො, තුය‍්හම‍්පි එකං ඉත්‍ථිං ආනෙත්‍වා නක‍්ඛත‍්තං කීළිස‍්සාමා”ති ආහංසු. “න මෙ අත්‍ථො ඉත්‍ථියා”ති ච වුත‍්තෙපි පුනප‍්පුනං නිබන්‍ධිත්‍වා සම‍්පටිච‍්ඡාපෙත්‍වා එකං වණ‍්ණදාසිං සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතං කත්‍වා තස‍්ස ඝරං නෙත්‍වා “ත්‍වං සෙට‍්ඨිපුත‍්තස‍්ස සන‍්තිකං ගච‍්ඡා”ති සයනිඝරං පෙසෙත්‍වා නික‍්ඛමිංසු. තං සයනිඝරං පවිට‍්ඨම‍්පි සෙට‍්ඨිපුත‍්තො නෙව ඔලොකෙති, නාලපති. සා චින‍්තෙසි “අයං එවං රූපසොභග‍්ගප‍්පත‍්තං උත‍්තමවිලාසසම‍්පන‍්නං මං නෙව ඔලොකෙති, නාලපති, ඉදානි නං අත‍්තනො ඉත්‍ථිකුත‍්තලීලාය ඔලොකාපෙස‍්සාමී”ති ඉත්‍ථිලීලං දස‍්සෙන‍්තී පහට‍්ඨාකාරෙන අග‍්ගදන‍්තෙ විවරිත්‍වා හසිතං අකාසි. සෙට‍්ඨිපුත‍්තො ඔලොකෙත්‍වා දන‍්තට‍්ඨිකෙ නිමිත‍්තං ගණ‍්හි. අථස‍්ස අට‍්ඨිකසඤ‍්ඤා උප‍්පජ‍්ජි, සකලම‍්පි තං සරීරං අට‍්ඨිකසඞ‍්ඛලිකා විය පඤ‍්ඤායි. සො තස‍්සා පරිබ‍්බයං දත්‍වා “ගච‍්ඡා”ති උය්‍යොජෙසි.

“නචින්තයන්තො පුරිසොති” යන දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, උත්තර නම් සිටු පුත්‍රයා අරබයා වදාළහ. සැවැත් නුවර මහත් ධනයක් ඇති උත්තර නම් සිටුවරයකු විය. ඔහුගේ බිරිඳගේ කුසෙහි එක් පින් ඇති සත්ත්වයකු බඹ ලොවින් චුත වී පිළිසිඳ ගෙන වැඩිවියට පැමිණියේ, උතුම් පැහැයෙන් මනා රූ ඇත්තේ විය. ඉක්බිති, එක් දිනක් සැවැත් නුවර කැති නැකැත් සැණකෙළිය - නැකැත් ක්‍රීඩාව ප්‍රකාශයට පත් කළ කල්හි සියලු රටවැසියා නැකත් කෙළියේ යෙදුණේ විය. ඒ සිටු පුත්‍රයාගේ අනිත් යහළු සිටු පුත්‍රයෝ භාර්යාවන් සහිත වූහ. උත්තර සිටු පුත්‍රයා බොහෝ කලක් බඹලොව විසූ හෙයින් කාමයන්හි නො ඇලේ. ඉක්බිති, ඔහුගේ යහළුවෝ උත්තර සිටු පුත්‍රයාට ද එක් ස්ත්‍රියක් ගෙනවුත් නැකත් කෙළි කෙළිමු යි මන්ත්‍රණය කොට ඔහු වෙත එළැඹ යහළුව, මේ නගරයෙහි කැති නැකත් සැණකෙළියයැ යි ඝෝෂා කරන ලද්දේ වෙයි. ඔබට ද එක් ස්ත්‍රියක ගෙන අවුත් නැකත් කෙළි කෙළෙමු යි කීවාහුය. එවිට සිටු පුත් මට ස්ත්‍රියකගෙන් වැඩක් නැතැ යි කී කල්හි නැවත නැවත ඇවිටිලි කිරීමෙන් මැනවැ යි පිළිගන්වා එක් වෙසඟනක් සියලු අලංකාරයන්ගෙන් සරසවා ඔහුගේ ගෙදරට ගෙන ගොස් සිටු පුත්‍රයාගේ ගෙදරට යවයි. ඔහු නිදන ගෙයට යවා නික්ම ගියහ. සිටු පුත්‍රයා ඇය නිදන ගෙට පිවිසිය ද ඇය දෙස නො බලයි. කථා නො කරයි. ඇය මෙසේ සිතුවාය. මෙතෙම සුවෙන් අග තැන්පත් ස්ත්‍රී විලාශයන්ගෙන් යුක්ත වූ මා නො බලයි. කථා නො කරයි. දැන් තමාගේ ස්ත්‍රී විලාශයන්ගෙන් ඔහු බලවමි යි, ස්ත්‍රී ලීලා දක්වන්නී, සතුටු වූ ආකාරයෙන් අග දත් පෙන්වා සිනාසුණාය. එවිට සිටු පුත් දත් දෙස බලා ඇට යන සංඥාව උපදවා ගත්තේය. ඇගේ සියලු සිරුර ඇට සැකිල්ලක් මෙන් පෙනුණේය. සිටු පුත් ඇයට වියදම් දී යව යි පිටත් කළේය.

තං තස‍්ස ඝරා ඔතිණ‍්ණං එකො ඉස‍්සරො අන‍්තරවීථියං දිස‍්වා පරිබ‍්බයං දත්‍වා අත‍්තනො ඝරං නෙසි, සත‍්තාහෙ වීතිවත‍්තෙ නක‍්ඛත‍්තං ඔසිතං. වණ‍්ණදාසියා මාතා ධීතු ආගමනං අදිස‍්වා සෙට‍්ඨිපුත‍්තානං සන‍්තිකං ගන‍්ත්‍වා “කහං සා”ති පුච‍්ඡි. තෙ උත‍්තරසෙට‍්ඨිපුත‍්තස‍්ස ඝරං ගන‍්ත්‍වා “කහං සා”ති පුච‍්ඡිංසු. “තඞ‍්ඛණඤ‍්ඤෙව තස‍්සා පරිබ‍්බයං දත්‍වා උය්‍යොජෙසි”න‍්ති. අථස‍්සා මාතා රොදන‍්තී “ධීතරං මෙ න පස‍්සාමි, ධීතරං මෙ සමානෙථා”ති උත‍්තරසෙට‍්ඨිපුත‍්තං ආදාය රඤ‍්ඤො සන‍්තිකං අගමාසි. රාජා අට‍්ටං විනිච‍්ඡිනන‍්තො “ඉමෙ තෙ සෙට‍්ඨිපුත‍්තා වණ‍්ණදාසිං ආනෙත්‍වා තුය‍්හං අදංසූ”ති පුච‍්ඡි. “ආම, දෙවා”ති. “ඉදානි සා කහ”න‍්ති? “න ජානාමි, තඞ‍්ඛණඤ‍්ඤෙව නං උය්‍යොජෙසි”න‍්ති. “ඉදානි තං සමානෙතුං සක‍්කොසී”ති? “න සක‍්කොමි, දෙවා”ති. රාජා “සචෙ සමානෙතුං න සක‍්කොති, රාජාණමස‍්ස කරොථා”ති ආහ. අථ නං පච‍්ඡාබාහං බන්‍ධිත්‍වා “රාජාණං කරිස‍්සාමා”ති ගහෙත්‍වා පක‍්කමිංසු. “සෙට‍්ඨිපුත‍්තං කිර වණ‍්ණදාසිං සමානෙතුං අසක‍්කොන‍්තං රාජා රාජාණං කාරෙතී”ති සකලනගරං එකකොලාහලං අහොසි. මහාජනො උරෙ හත්‍ථෙ ඨපෙත්‍වා “කිං නාමෙතං, සාමි, අත‍්තනො තෙ අනනුච‍්ඡවිකං ලද‍්ධ”න‍්ති පරිදෙවති. සෙට‍්ඨිපි පුත‍්තස‍්ස පච‍්ඡතො පච‍්ඡතො පරිදෙවන‍්තො ගච‍්ඡති.

ඇය සිටු පුත්ගේ ගෙදරින් පිටත් ව යන විට එක්තරා ධනවතෙක් වීථිය අතර දී ඇයට වියදම් දී තමාගේ ගෙදරට ගෙන ගියේය. හත් දවසක් ඉක්ම ගිය කල්හි නැකත් කෙළිය අවසන් විය. වෙසඟනගේ මව දුවගේ පැමිණීම නො දැක සිටු පුත්‍රයා වෙත ගොස් ඇය කොහිදැ යි විචාළාය. ඔවුහු උත්තර සිටු පුත්‍රයාගේ ගෙට ගොස් ඈ කොහිදැ යි විචාළාහ. ඒ අවස්ථාවෙහි ම ඇගේ වියදම් දී පිටත් කළේයැ යි කීවේය. ඉක්බිති, ඇගේ මව හඬන්නී, මගේ දුව නො දකිමි. මගේ දුව ගෙනෙව යි උත්තර සිටු පුත්‍රයා ද රැගෙන රජු සමීපයට ගියාය. රජතුමා ද නඩුව විනිශ්චය කරන්නේ, මේ සිටු පුත්‍රයෝ වෙසඟනක් ගෙනවුත් දුන්නාහුදැ යි විචාළේය. දේවයන් වහන්ස, එසේය. දැන් ඇය කොහි ද? නො දනිමි. එකෙණෙහි ම ඇයව පිටත් කළෙමි. දැන් ඈ කැඳවාගෙන එන්නට හැකි වෙයි ද? දේවයන් වහන්ස, නො හැක්කෙමි. රජතුමා, ඉදින්, කැඳවාගෙන එන්නට නො හැකි වන්නේ නම් ඔහුට රජ අණ ක්‍රියාත්මක කළ යුතුයැ යි කීවේය. ඉක්බිති, ඔහු අත් පිටිපසට කැර බැඳ රජ අණ ක්‍රියාත්මක කරන්නෙමැ යි ගෙන ගියාහුය. සිටු පුත්‍රයා වනාහි වෙසඟන කැඳවා ගෙන එන්නට නො හැකි වන්නේ, රජතුමා රජ අණ කැරව යි කී විට මුළු නගරය ම කැළඹෙන්නට විය. මහජනයා ළයෙහි අත් තබාගෙන මේ කුමක් ද ස්වාමීනි, ඔබට නුසුදුසු දඬුවමක් ලැබුණේයැ යි වැළපෙයි. සිටුතුමා ද පුත්‍රයාගේ පසුපස වැළපෙමින් යයි.

සෙට‍්ඨිපුත‍්තො චින‍්තෙසි “ඉදං මය‍්හං එවරූපං දුක‍්ඛං අගාරෙ වසනභාවෙන උප‍්පන‍්නං. සචෙ ඉතො මුච‍්චිස‍්සාමි, මහාගොතමසම‍්මාසම‍්බුද‍්ධස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී”ති. සාපි ඛො වණ‍්ණදාසී තං කොලාහලසද‍්දං සුත්‍වා “කිංසද‍්දො නාමෙසො”ති පුච‍්ඡිත්‍වා තං පවත‍්තිං සුත්‍වා වෙගෙන ඔතරිත්‍වා “උස‍්සරථ, උස‍්සරථ, සාමී, මං රාජපුරිසානං දට‍්ඨුං දෙථා”ති අත‍්තානං දස‍්සෙසි. රාජපුරිසා තං දිස‍්වා මාතරං පටිච‍්ඡාපෙත්‍වා සෙට‍්ඨිපුත‍්තං මුඤ‍්චිත්‍වා පක‍්කමිංසු. සො සහායකපරිවුතොව නදිං ගන‍්ත්‍වා සසීසං න‍්හායිත්‍වා ගෙහං ගන‍්ත්‍වා භුත‍්තපාතරාසො මාතාපිතරො වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජං අනුජානාපෙත්‍වා චීවරසාටකෙ ආදාය මහන‍්තෙන පරිවාරෙන සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච ලභිත්‍වා අවිස‍්සට‍්ඨකම‍්මට‍්ඨානො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා න චිරස‍්සෙව අරහත‍්තෙ පතිට‍්ඨාසි.

සිටු පුත්‍රයා මෙසේ සිතුවේය. මේ මට මෙබඳු දුකක් ගිහි ගෙයි වසන නිසා උපන්නේය. ඉදින්, මෙයින් මිදින්නෙමි නම් මහා ගෞතම සම්මා සම්බුදුන්ගේ සමීපයෙහි පැවිදි වන්නෙමි. ඒ වෙසඟන ද වනාහි ඒ කැළඹිලි හඬ අසා මේ කිනම් ශබ්දයක්දැ යි විචාරා ඒ පුවත අසා වේගයෙන් බැස පහවන්න. පහවන්න ස්වාමීනි, මා රාජ පුරුෂයන්ට දකින්නට දෙව තමා පෙනී සිටියාය. රාජ පුරුෂයෝ ඇය දැක මව කැඳවා සිටු පුත්‍රයා නිදහස් කැරවා ගියාහුය. හෙතෙම සහායකයන් පිරිවරා ගඟට ගොස් ජල ස්නානය කොට ගෙට ගොස් හීල ආහාරය ගෙන මව්පියන්ගෙන් පැවිද්දට අවසර ලබාගෙන සිවුරු සළුගෙන මහ පිරිවරින් බුදු රජුන් වෙත ගොස් වැඳ පැවිද්ද ඉල්ලා පැවිද්ද හා උපසම්පදාව ලැබ නො හළ කමටහන් ඇත්තේ, විදසුන් වඩා නොබෝ දිනකින් රහත් බැව්හි පිහිටියේය.

අථෙකදිවසං ධම‍්මසභායං සන‍්නිපතිතා භික‍්ඛූ “ආවුසො, උත‍්තරසෙට‍්ඨිපුත‍්තො අත‍්තනො භයෙ උප‍්පන‍්නෙ සාසනස‍්ස ගුණං ජානිත්‍වා ‘ඉමම‍්හා දුක‍්ඛා මුච‍්චමානො පබ‍්බජිස‍්සාමී’ති චින‍්තෙත්‍වා තෙන සුචින‍්තිතෙන මරණමුත‍්තො චෙව, පබ‍්බජිතො ච අග‍්ගඵලෙ පතිට‍්ඨිතො”ති තස‍්ස ගුණකථං කථෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, උත‍්තරසෙට‍්ඨිපුත‍්තොව අත‍්තනො භයෙ උප‍්පන‍්නෙ ‘ඉමිනා උපායෙන ඉමම‍්හා දුක‍්ඛා මුච‍්චිස‍්සාමී’ති චින‍්තෙත්‍වා මරණභයා මුත‍්තො, අතීතෙ පණ‍්ඩිතාපි අත‍්තනො භයෙ උප‍්පන‍්නෙ ‘ඉමිනා උපායෙන ඉමම‍්හා දුක‍්ඛා මුච‍්චිස‍්සාමා’ති චින‍්තෙත්‍වා මරණභයතො මුච‍්චිංසුයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

ඉක්බිති, එක් දිනක් දම් සභාවෙහි රැස්වූ භික්‍ෂූහු ඇවැත්නි, උත්තර සිටු පුත්‍රයා තමන්ට බයක් උපන් කල්හි ශාසනයෙහි අගය දැන මේ දුකින් මිදෙන්නේ, පැවිදි වන්නෙමි යි සිතා ඔහු විසින් මනා කොට සිතීමෙන් මිදුණේ මෙන් ම පැවිදි අග්‍ර ඵලයෙහි පිහිටියේයැ යි ඔහුගේ ගුණ කථාව කීවාහුය. බුදු රජහු අවුත් මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, උත්තර සිටු පුත්‍රයා මෙන් තමාට බය උපන් කල්හි මේ ක්‍රමයෙන් මේ දුකින් මිදෙන්නෙමි යි සිතන්නේ, මරණ බයින් මිදුණේ, පෙර නුවණ ඇත්තෝ ද තමන්ට බය උපන් කල්හි මේ ක්‍රමයෙන් මේ දුකින් මිදෙන්නෙමු යි සිතා මරණ බය දුකින් මිදුණාහුයැ යි කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො චුතිපටිසන්‍ධිවසෙන පරිවත‍්තන‍්තො වට‍්ටකයොනියං නිබ‍්බත‍්ති. තදා එකො වට‍්ටකලුද‍්දකො අරඤ‍්ඤා බහූ වට‍්ටකෙ ආහරිත්‍වා ගෙහෙ ඨපෙත්‍වා ගොචරං දත්‍වා මූලං ගහෙත්‍වා ආගතාගතානං හත්‍ථෙ වට‍්ටකෙ වික‍්කිණන‍්තො ජීවිකං කප‍්පෙති. සො එකදිවසං බහූහි වට‍්ටකෙහි සද‍්ධිං බොධිසත‍්තම‍්පි ගහෙත්‍වා ආනෙසි. බොධිසත‍්තො චින‍්තෙසි “සචාහං ඉමිනා දින‍්නං ගොචරඤ‍්ච පානීයඤ‍්ච පරිභුඤ‍්ජිස‍්සාමි, අයං මං ගහෙත්‍වා ආගතානං මනුස‍්සානං දස‍්සති. සචෙ පන න පරිභුඤ‍්ජිස‍්සාමි, අහං මිලායිස‍්සාමි, අථ මං මිලායන‍්තං දිස‍්වා මනුස‍්සා න ගණ‍්හිස‍්සන‍්ති. එවං මෙ සොත්‍ථි භවිස‍්සති, ඉමං උපායං කරිස‍්සාමී”ති. සො තථා කරොන‍්තො මිලායිත්‍වා අට‍්ඨිචම‍්මමත‍්තො අහොසි. මනුස‍්සා තං දිස‍්වා න ගණ‍්හිංසු. ලුද‍්දකො බොධිසත‍්තං ඨපෙත්‍වා සෙසෙසු වට‍්ටකෙසු පරික‍්ඛීණෙසු පච‍්ඡිං නීහරිත්‍වා ද‍්වාරෙ ඨපෙත්‍වා බොධිසත‍්තං හත්‍ථතලෙ කත්‍වා “කිං නු ඛො අයං වට‍්ටකො”ති චින‍්තෙත්‍වා ඔලොකෙතුං ආරද‍්ධො. අථස‍්ස පමත‍්තභාවං ඤත්‍වා බොධිසත‍්තො පක‍්ඛෙ පසාරෙත්‍වා උප‍්පතිත්‍වා අරඤ‍්ඤමෙව ගතො. අඤ‍්ඤෙ වට‍්ටකා තං දිස‍්වා “කිං නු ඛො න පඤ‍්ඤායසි, කහං ගතොසී”ති පුච‍්ඡිත්‍වා “ලුද‍්දකෙන ගහිතොම‍්හී”ති වුත‍්තෙ “කින‍්ති කත්‍වා මුත‍්තොසී”ති පුච‍්ඡිංසු. බොධිසත‍්තො “අහං තෙන දින‍්නං ගොචරං අග‍්ගහෙත්‍වා පානීයං අපිවිත්‍වා උපායචින‍්තාය මුත‍්තො”ති වත්‍වා ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු චුත වීම හා පිළිසිඳ ගැනීම් වශයෙන් පෙරළෙන්නේ, වටු යෝනියෙහි උපන්හ. එකල එක් වටු වැද්දෙක් කුලයෙහි බොහෝ වටුවන් ගෙනවුත් ගෙයි තබා ගොදුරු වී මුදල් ගෙන ආවවුන්ගේ අතෙහි වටුවන් විකුණන්නේ, දිවි ගෙවයි. ඔහු එක් දිනක් බොහෝ වටුවන් සමග බෝසතුන් ද ගෙන ආවේය. බෝසත්හු මෙසේ සිතූහ. ඉදින්, මම මොහු විසින් දෙන ලද ගොදුරු ද පැන් ද පරිභෝග කරන්නෙමි නම් මෙතෙම මා අල්ලාගෙන ආ මිනිසුන්ට දෙන්නේය. ඉදින්, පරිභෝග නො කළෙමි නම් මම මැළවෙන්නෙමි. මා මළානික වූ කල්හි මා නො ගන්නේය. එයින් මගේ මිදීම වන්නේය. මෙය උපාය කරන්නෙමි යි සිතා එසේ කරමින් තමා මළානික කොට ඇට සම් පමණක් ඇත්තෙක් වූයේය. මිනිස්සු ඌ දැක නො ගත්තාහුය. වැද්දා බෝසතුන් හැර සෙසු වටුවන් අවසන් වූ පසු පැස ගෙන අවුත් දොරටුව අබියස තබා බෝසතුන් තම අල්ලට ගෙන මෙතෙම කුමක් කරන ලද්දේදැ යි විමසීමට පටන් ගත්තේය. බෝසත්හු වැද්දාගේ ප්‍රමාදය දැක පියාපත් විදහා උඩට නැඟ වනයට ම ගියේය. වටුවෝ ඔහු දැක කිමෙක් ද? මෙතෙක් කල් කොහි ගියේදැ යි විචාරා වැද්දකු විසින් අල්ලා ගන්නා ලදිමි යි කී කල්හි කෙසේ නම් මිදුණේදැ යි ඇසූහ. එවිට බෝසත්හු මම ඔහු විසින් දෙන ලද ගොදුරු නො ගෙන පැන් නො බී හළ උපායෙන් මිදුණේ වෙමි යි කියා මේ ගාථාව කීවේය.

“නාචින‍්තයන‍්තො පුරිසො, විසෙසමධිගච‍්ඡති; චින‍්තිතස‍්ස ඵලං පස‍්ස, මුත‍්තොස‍්මි වධබන්‍ධනා”ති.

“නචින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡති, චින්තිතස්ස ඵලං පස්ස මුත්තොස්මි වධබන්‍ධනාති”

“පුරුෂ තෙමේ (පැමිණි දුකින් මිදීමට උපාය) නො සිතන්නේ දුකින් මිදීම නම් විශේෂයට නො පැමිණේ. (එසේ) චින්තිත කර්මයාගේ ප්‍රයෝජනය බලව. මම මරණයෙන් ද බන්‍ධනයෙන් ද මිදුණෙමි.”

තත්‍ථායං පිණ‍්ඩත්‍ථො – පුරිසො දුක‍්ඛං පත්‍වා “ඉමිනා නාම උපායෙන ඉමම‍්හා දුක‍්ඛා මුච‍්චිස‍්සාමී”ති අචින‍්තයන‍්තො අත‍්තනො දුක‍්ඛා මොක‍්ඛසඞ‍්ඛාතං විසෙසං නාධිගච‍්ඡති. ඉදානි පන මයා චින‍්තිතකම‍්මස‍්ස ඵලං පස‍්ස. තෙනෙව උපායෙන මුත‍්තොස‍්මි වධබන්‍ධනා, මරණතො ච බන්‍ධනතො ච මුත‍්තොස‍්මි අහන‍්ති. එවං බොධිසත‍්තො අත‍්තනා කතකාරණං ආචික‍්ඛි.

එහි පිණ්ඩාර්ථයයි. “පුරිසො”, පුරුෂයා දුකට පැමිණ මෙනම් උපායෙන් මිදෙමි යි, “නාචින්තයන්තො”, නො සිතන්නේ, තමා පැමිණි දුකින් මිදීම නම් වූ, “විසෙසංමධිගච්ඡති”, විශේෂයකට නො පැමිණේ. දැන් වනාහි මා විසින් සිතන ලද කර්මයාගේ ඵලය බලව. එම උපායෙන් ම, “මුත්තොස්මි වධබන්‍ධනාති”, මරණයෙන් ද බන්ධනයෙන් ද මම මිදුණේ වෙමි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මරණමුත‍්තො වට‍්ටකො අහමෙව අහොසි”න‍්ති.

මෙසේ බෝසත්හු තමා විසින් කැරන ලද උපාය කීහ. බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමා කළහ. එදා මරණයෙන් මිදුණු වටුවා නම් මම ම වීමි.

වට‍්ටජාතකවණ‍්ණනා අට‍්ඨමා.