9. අකාලරාවිජාතකවණ්ණනා 119 අට්ඨකථා
9. අකාලරාවිජාතකවණ්ණනා (119)
9. අකාලරාවී ජාතකය (119)
අමාතාපිතරසංවද්ධොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං අකාලරාවිං භික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථිවාසී කුලපුත්තො සාසනෙ පබ්බජිත්වා වත්තං වා සික්ඛං වා න උග්ගණ්හි. සො “ඉමස්මිං කාලෙ මයා වත්තං කාතබ්බං, ඉමස්මිං කාලෙ උපට්ඨාතබ්බං, ඉමස්මිං කාලෙ උග්ගහෙතබ්බං, ඉමස්මිං කාලෙ සජ්ඣායිතබ්බ”න්ති න ජානාති, පඨමයාමෙපි මජ්ඣිමයාමෙපි පච්ඡිමයාමෙපි පබුද්ධපබුද්ධක්ඛණෙයෙව මහාසද්දං කරොති, භික්ඛූ නිද්දං න ලභන්ති. ධම්මසභායං භික්ඛූ “ආවුසො, අසුකො නාම භික්ඛු එවරූපෙ රතනසාසනෙ පබ්බජිත්වා වත්තං වා සික්ඛං වා කාලං වා අකාලං වා න ජානාතී”ති තස්ස අගුණකථං කථෙසුං. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ , භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙවෙස අකාලරාවී, පුබ්බෙපි අකාලරාවීයෙව, කාලාකාලං අජානනභාවෙන ච ගීවාය වට්ටිතාය ජීවිතක්ඛයං පත්තො”ති වත්වා අතීතං ආහරි.
“අමාතාපිතරි සංවද්ධොති” යන මේ ජාතක දේශනා බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, දොඩමළු භික්ෂුවක් අරබයා දේශනා කළහ. සැවැත් නුවර වැසි කුල පුතෙක් වූ ඔහු සසුනෙහි පැවිදි ව වත් පිළිවෙත හෝ ශික්ෂා හෝ නො උගත්තේය. ඒ භික්ෂුව, මා මේ වේලාවෙහි වත් කළ යුතුය. මේ වේලාවේ උවටැන් කළ යුතුය. මේ වේලාවෙහි ඉගෙනීම කළ යුතුයැ යි නො දනී. ප්‍රථම, මැදි, පැසුළු යන කාලත්‍රයෙහි පිබිදුණු කවර වේලාවක හෝ මහත් ශබ්ද කරයි. අනෙක් භික්ෂූහු මේ නිසා නිදි නො ලබත්. දම් සභාවෙහි රැස්වූ භික්ෂූහු, ඇවැත්නි, අසවල් භික්ෂුව මෙවැනි රුවන් වැනි සසුනක පැවිදි ව වතක් හෝ ශික්ෂාවක් හෝ කළ හෝ නො කළ දෙය නො දනිතැ යි ඔහුගේ අගුණ කථා කැරෙමින් හුන්නාහුය. බුදු රජහු දම් සභාවට වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුතුව හුන්නාහුදැ යි විචාරා ස්වාමීනි, මෙනම් කථාවකින් හුන්නෙමුයැ යි කී කල්හි, මේ කල් නොදැන රැව්දෙන භික්ෂුව පෙරත් එසේ ම විය. කල් නො කල් නො දන්නා බැවින් ගෙල ඇඹරී මරණයට පත් වූයේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො උදිච්චබ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො සබ්බසිප්පෙසු පාරං ගන්ත්වා බාරාණසියං දිසාපාමොක්ඛො ආචරියො හුත්වා පඤ්චසතෙ මාණවෙ සිප්පං වාචෙති. තෙසං මාණවානං එකො කාලරාවී කුක්කුටො අත්ථි, තෙ තස්ස වස්සිතසද්දෙන උට්ඨාය සිප්පං සික්ඛන්ති. සො කාලමකාසි. තෙ අඤ්ඤං කුක්කුටං පරියෙසන්තා චරන්ති. අථෙකො මාණවකො සුසානවනෙ දාරූනි උද්ධරන්තො එකං කුක්කුටං දිස්වා ආනෙත්වා පඤ්ජරෙ ඨපෙත්වා පටිජග්ගති. සො සුසානෙ වඩ්ඪිතත්තා “අසුකවෙලාය නාම වස්සිතබ්බ”න්ති අජානන්තො කදාචි අතිරත්තිං වස්සති, කදාචි අරුණුග්ගමනෙ. මාණවා තස්ස අතිරත්තිං වස්සිතකාලෙ සිප්පං සික්ඛන්තා යාව අරුණුග්ගමනා සික්ඛිතුං න සක්කොන්ති, නිද්දායමානා ගහිතට්ඨානම්පි න පස්සන්ති. අතිපභාතෙ වස්සිතකාලෙ සජ්ඣායස්ස ඔකාසමෙව න ලභන්ති. මාණවා “අයං අතිරත්තිං වා වස්සති අතිපභාතෙ වා, ඉමං නිස්සාය අම්හාකං සිප්පං න නිට්ඨායිස්සතී”ති තං ගහෙත්වා ගීවං වට්ටෙත්වා ජීවිතක්ඛයං පාපෙත්වා “අකාලරාවී කුක්කුටො අම්හෙහි ඝාතිතො”ති ආචරියස්ස කථෙසුං. ආචරියො “ඔවාදං අග්ගහෙත්වා සංවඩ්ඪිතභාවෙන මරණං පත්තො”ති වත්වා ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයක ඉපිද වැඩි වියට පැමිණ සියලු ශිල්පයන්හි පරතෙරට ගොස් බරණැස් නුවර දිසාපාමොක් ඇදුරු වී පන්සියයක් මානවකයන්ට ශිල්ප ඉගැන්වූහ. ඒ මානවකයන්ට නියම වේලාවට හඬලන කුකුලෙක් සිටියේය. මානවකයෝ කුකුළා හැඬලූ හඬින් නැඟිට අධ්‍යයන කටයුතු කරති. කුකුළා මළේය. මානවකයෙක් දර කඩමින් සොහොන් බිමෙහි යන්නේ, කුකුළකු දැක ගෙනැවුත් කූඩුවක තබා ඇතිදැඩි කළේය. සොහොනෙහි වැඩුණු බැවින් අසවල් වේලෙහි හඬලිය යුතුයැ යි නො දන්නේ, සමහර දිනක මහරාත්‍රියේ ද හඬලයි. තවත් දිනක අරුණ නැගෙත් ම හඬලයි. මහා රාත්‍රියෙහි හැඬලූ කල්හි ශිල්ප හදාරන්නාහු අරුණ නැඟීම දක්වා හැදෑරිය නො හැකි වෙත්. නිද්‍රෝපගත වීම නිසා පටන්ගත් තැන් ද නො දනිත්. ඉතා අළුයම හැඬූ කල්හි ඉගෙනීමට කාලය මද වේ. එවිට මානවකයෝ මේ කුකුළා මහා රෑ හෝ අළුයම හඬලයි. මේ නිසා අපගේ ඉගෙනීම් කාර්යයන් අවසන් නො වේ. මෙසේ සිතූ මානවකයෝ කුකුළා ගෙන ගෙල අඹරවා මරණයට පත්කොට නො කල්හි හඬලන කුකුළා අප විසින් මරණ ලද්දේ යි ගුරුතුමාට දැන්වූහ. එවිට ගුරුතුමා ඔවදන් ලබා නො වැඩුණු බැවින් මරණයට පැමිණියේ යි කියා මේ ගාථාව කීය.
“අමාතාපිතර-සංවද්ධො, අනාචෙරකුලෙ වසං; නායං කාලං අකාලං වා, අභිජානාති කුක්කුටො”ති.
“අමාතාපිතරි සංවද්ධො අනාචරියකුලෙ වසං, නායං කාලං අකාලං වා අභිජානාති කුක්කුටොති”
“මව්පියන් සමීපයෙහි නො වැඩුණු, ඇදුරු කුලයක නො විසූ මේ කුකුළා හැඬිය යුතු කාලය හෝ නො හැඬිය යුතු කාලය නො දනී.”
තත්ථ අමාතාපිතරසංවද්ධොති මාතාපිතරො නිස්සාය තෙසං ඔවාදං අග්ගහෙත්වා සංවඩ්ඪො. අනාචෙරකුලෙ වසන්ති ආචරියකුලෙපි අවසමානො, ආචාරසික්ඛාපකං කඤ්චි නිස්සාය අවසිතත්තාති අත්ථො. නායං කාලං අකාලං වාති “ඉමස්මිං කාලෙ වස්සිතබ්බං, ඉමස්මිං න වස්සිතබ්බ”න්ති එවං වස්සිතබ්බයුත්තකං කාලං වා අකාලං වා එස කුක්කුටො න ජානාති, අජානනභාවෙනෙව ජීවිතක්ඛයං පත්තොති. ඉදං කාරණං දස්සෙත්වා බොධිසත්තො යාවතායුකං ඨත්වා යථාකම්මං ගතො.
එහි, “අමාතාපිතරි සංවද්ධො”, මව්පියන් ඇසුරු කොට ඔවුන්ගේ අවවාද ගෙන නො වැඩුණු තෙමේ, “අනාචරිය කුලෙ වසං”, ඇදුරු කුලයක නො වැස, සිරිත් උගන්වන්නකු ඇසුරු කොට නො විසූ බැවින් යන අර්ථයි. “කාලං අකාලං වා”, මෙවෙලාවෙහි හැඬලිය යුතුය. මෙවෙලාවෙහි නො හැඬලිය යුතුයැ යි මේ කුකුළා නො දනී. ඒ නො දන්නා නිසා ම මරණයට පැමිණියේය. මේ කරුණු දක්වා බෝසත්හු දිවි ඇතිතාක් සිට කම් වූ පරිදි ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා අකාලරාවී කුක්කුටො අයං භික්ඛු අහොසි, අන්තෙවාසිකා බුද්ධපරිසා, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදා නො කල්හි හැඬූ කුකුළා මේ භික්ෂුව වූයේය. අතවැසියෝ බුදුපිරිස වූහ. ගුරුතුමා මම ම වීමි.
අකාලරාවිජාතකවණ්ණනා නවමා.