යෙදුමෙන් කියවන්න

10. බන්‍ධනමොක‍්ඛජාතකවණ‍්ණනා 120 අට‍්ඨකථා

10. බන්‍ධනමොක‍්ඛජාතකවණ‍්ණනා (120)

10. බන්‍ධනමොක්ඛ ජාතකය (120)

අබද‍්ධා තත්‍ථ බජ‍්ඣන‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො චිඤ‍්චමාණවිකං ආරබ‍්භ කථෙසි. තස‍්සා වත්‍ථු ද‍්වාදසකනිපාතෙ මහාපදුමජාතකෙ (ජා· 1.12.106 ආදයො) ආවි භවිස‍්සති. තදා පන සත්‍ථා “න, භික‍්ඛවෙ, චිඤ‍්චමාණවිකා ඉදානෙව මං අභූතෙන අබ‍්භාචික‍්ඛති, පුබ‍්බෙපි අබ‍්භාචික‍්ඛියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“අබද්ධා තත්‍ථ බජ්ඣන්ති” යන මේ දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, චිඤ්චි මානවිකාව අරබයා වදාළහ. ඇගේ කථා පුවත දොළොස් වැනි නිපාතයෙහි මහා පදුම ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි බුදු රජහු, මහණෙනි, චිඤ්චි මානවිකාව මට අභූත චෝදනා කළේ දැන් පමණක් නොව, පෙරත් බොරු චෝදනා කළේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො පුරොහිතස‍්ස ගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො පිතු අච‍්චයෙන තස‍්සෙව පුරොහිතො අහොසි. තෙන අග‍්ගමහෙසියා වරො දින‍්නො හොති “භද‍්දෙ, යං ඉච‍්ඡසි, තං වදෙය්‍යාසී”ති. සා එවමාහ “න මය‍්හං අඤ‍්ඤො වරො නාම දුල‍්ලභො, ඉතො පන තෙ පට‍්ඨාය අඤ‍්ඤා ඉත්‍ථී කිලෙසවසෙන න ඔලොකෙතබ‍්බා”ති. සො පටික‍්ඛිපිත්‍වා පුනප‍්පුනං නිප‍්පීළියමානො තස‍්සා වචනං අතික‍්කමිතුං අසක‍්කොන‍්තො සම‍්පටිච‍්ඡිත්‍වා තතො පට‍්ඨාය සොළසසු නාටකිත්‍ථිසහස‍්සෙසු කිලෙසවසෙන එකිත්‍ථිම‍්පි න ඔලොකෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු පුරෝහිත බමුණාගේ ගෙදර ඉපදී වැඩිවියට පත් කල්හි පියාගේ ඇවෑමෙන් ඔහුගේ ම පුරෝහිතයා වූහ. රජතුමා විසින් අග මෙහෙසියට වරයක් දෙන ලද්දේ වෙයි. සොඳුරිය, යමක් කැමැති ද එය කියව. ඈ මෙසේ කීවාය. මට වෙනත් වරයක් නම් දුර්ලභ නොවේ. මෙතැන් පටන් ඔබතුමා වෙනත් ස්ත්‍රියක් කෙලෙස් වශයෙන් නො බැලිය යුතුයි. රජතුමා එය ප්‍රතික්ෂේප කොට නැවත නැවතත් ඇවිටිලි කරන නිසා ඇගේ වචනය ඉක්මවා සිටීමට නො හැකි වන්නේ, පිළිගෙන එතැන් පටන් සොළොස් දහසක් පමණ වූ නාටක ස්ත්‍රීන් අතරින් කෙලෙස් වශයෙන් එක් ස්ත්‍රියක් දෙසවත් නො බැලුවේය.

අථස‍්ස පච‍්චන‍්තො කුප‍්පි, පච‍්චන‍්තෙ ඨිතා යොධා චොරෙහි සද‍්ධිං ද‍්වෙ තයො සඞ‍්ගාමෙ කත්‍වා “ඉතො උත‍්තරි මයං න සක‍්කොමා”ති රඤ‍්ඤො පණ‍්ණං පෙසෙසුං. රාජා තත්‍ථ ගන‍්තුකාමො බලකායං සංහරිත්‍වා තං පක‍්කොසාපෙත්‍වා “භද‍්දෙ, අහං පච‍්චන‍්තං ගච‍්ඡාමි, තත්‍ථ නානප‍්පකාරානි යුද‍්ධානි හොන‍්ති, ජයපරාජයොපි අනිබද‍්ධො, තාදිසෙසු ඨානෙසු මාතුගාමො දුප‍්පරිහාරො, ත්‍වං ඉධෙව නිවත‍්තාහී”ති ආහ. සා “න සක‍්කා, දෙව, මයා නිවත‍්තිතු”න‍්ති පුනප‍්පුනං රඤ‍්ඤා පටික‍්ඛිත‍්තා ආහ “තෙන හි එකෙකං යොජනං ගන‍්ත්‍වා මය‍්හං සුඛදුක‍්ඛජානනත්‍ථං එකෙකං මනුස‍්සං පෙසෙය්‍යාථා”ති. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා බොධිසත‍්තං නගරෙ ඨපෙත්‍වා මහන‍්තෙන බලකායෙන නික‍්ඛමිත්‍වා ගච‍්ඡන‍්තො යොජනෙ යොජනෙ එකෙකං පුරිසං “අම‍්හාකං ආරොග්‍යං ආරොචෙත්‍වා දෙවියා සුඛදුක‍්ඛං ජානිත්‍වා ආගච‍්ඡා”ති පෙසෙසි. සා ආගතාගතං පුරිසං “රාජා කිමත්‍ථං තං පෙසෙතී”ති පුච‍්ඡිත්‍වා “තුම‍්හාකං සුඛදුක‍්ඛජානනත්‍ථායා”ති වුත‍්තෙ “තෙන හි එහී”ති තෙන සද‍්ධිං අසද‍්ධම‍්මං පටිසෙවති. රාජා ද‍්වත‍්තිංසයොජනමග‍්ගං ගච‍්ඡන‍්තො ද‍්වත‍්තිංස ජනෙ පෙසෙසි, සා සබ‍්බෙහිපි තෙහි සද‍්ධිං තථෙව අකාසි.

ඉක්බිති, ඔහුගේ පසල් දනව්වක් කිපුණේය. පසල් දනව්වෙහි සිටි යෝධයෝ සොරුන් සමග දෙන්නා තුන් දෙනා වශයෙන් යුදකොට එයින් මත්තෙහි අපට නො හැක්කේයැ යි හසුන් යැවූහ. රජතුමා එහි යනු කැමැත්තේ, බල සෙනග රැස් කැරවා අග බිසව කැඳවා සොඳුරිය, මම පසල් දනව්වට යමි. එහි නොයෙක් ආකාර යුද්ධ ඇති වේ. ජය පරාජය ද අස්ථිරය. එබඳු තැනක ස්ත්‍රියකගේ රැකවරණය දුෂ්කරය. ඒ නිසා නුඹ මෙහි ම නවතින්නැ යි කීවේය. ඈ නවතින්න නො හැකි යි කීවාය. රජතුමා විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කරනු ලබන විට ඈ මෙසේ කීවාය. එසේ නම් එක් එක් යොදුනක් ගොස් මට සැප දුක් දැන ගැනීම පිණිස එක් එක් මිනිසා එවන්නේ නම් මැනවි. රජතුමා යහපතැ යි පිළිගෙන බෝසතුන් නුවර තබා මහත් බල සෙනඟින් යුතුව නික්මී යන්නේ, යොදුනෙන් යොදුන එක් එක් පුරුෂයා අපගේ සුවදුක් දන්වා දේවියගේ සුවදුක් ද දැනගෙන එව යි යැවීය. ඈ ආ ආ පුරුෂයා රජතුමා නුඹ කුමක් සඳහා එව්වේදැ යි විමසා නුඹ වහන්සේගේ සුවදුක් දැන ගැනීම පිණිසයැ යි කී කල්හි එසේ නම් එව යි ඔහු සමග අසත් ධර්මය (අනාචාර) සේවනය කරයි.

රාජා පච‍්චන‍්තං වූපසමෙත්‍වා ජනපදං සමස‍්සාසෙත්‍වා පුන ආගච‍්ඡන‍්තොපි තථෙව ද‍්වත‍්තිංස ජනෙ පෙසෙසි, සා තෙහිපි සද‍්ධිං තථෙව විප‍්පටිපජ‍්ජියෙව. රාජා ආගන‍්ත්‍වා ජයක‍්ඛන්‍ධාවාරට‍්ඨානෙ ඨත්‍වා “නගරං පටිජග‍්ගාපෙතූ”ති බොධිසත‍්තස‍්ස පණ‍්ණං පෙසෙසි. බොධිසත‍්තො සකලනගරං පටිජග‍්ගාපෙත්‍වා රාජනිවෙසනං පටිජග‍්ගාපෙන‍්තො දෙවියා වසනට‍්ඨානං අගමාසි. සා බොධිසත‍්තස‍්ස රූපසොභග‍්ගප‍්පත‍්තං කායං දිස‍්වා සණ‍්ඨාතුං අසක‍්කොන‍්තී “එහි , බ්‍රාහ‍්මණ, සයනං අභිරුහා”ති ආහ. බොධිසත‍්තො “මා එවං අවච, රාජාපි ගරු, අකුසලම‍්පි භායාමි, න සක‍්කා මයා එවං කාතු”න‍්ති ආහ. “චතුසට‍්ඨියා පාදමූලිකානං නෙව රාජා ගරු, න අකුසලං භායන‍්ති. තවෙව රාජා ගරු, ත්‍වංයෙව ච අකුසලං භායසී”ති. “ආම, දෙවි, සචෙ තෙසම‍්පි එවං භවෙය්‍ය, න එවරූපං කරෙය්‍යුං”. “අහං පන ජානමානො එවරූපං සාහසියකම‍්මං න කරිස‍්සාමී”ති. “කිං බහුං විප‍්පලපසි, සචෙ මෙ වචනං න කරොසි, සීසං තෙ ඡින්‍දාපෙස‍්සාමී”ති. “තිට‍්ඨතු තාව එකස‍්මිං අත‍්තභාවෙ සීසං, අත‍්තභාවසහස‍්සෙපි සීසෙ ඡිජ‍්ජන‍්තෙ න සක‍්කා මයා එවරූපං කාතු”න‍්ති. සා “හොතු, ජානිස‍්සාමී”ති බොධිසත‍්තං තජ‍්ජෙත්‍වා අත‍්තනො ගබ‍්භං පවිසිත්‍වා සරීරෙ නඛවළඤ‍්ජං දස‍්සෙත්‍වා තෙලෙන ගත‍්තානි අබ‍්භඤ‍්ජිත්‍වා කිලිට‍්ඨවත්‍ථං නිවාසෙත්‍වා ගිලානාලයං කත්‍වා දාසියො ආණාපෙසි ‘රඤ‍්ඤා කහං දෙවී’ති වුත‍්තෙ ‘ගිලානා’ති කථෙය්‍යාථා”ති.

රජතුමා දෙතිස් යොදුන් මඟ යන්නේ, තිස් දෙකක් ජනයා යැවීය. ඈ ඒ සියලු දෙනා සමග ම එසේ කළාය. රජතුමා පසල් දනව්ව සංසිඳුවා ජනපදය අස්වසා නැවත එන්නේ ද, එසේ ම තිස් දෙදෙනකු යැවීය. ඈ ඔවුන් සමග ද එසේ ම අනාචාරයේ හැසිරුණේය. රජතුමා අවුත් ජය ටැඹ දොරටුව ළඟ සිට නගරය සරසා පිළියෙල කැරවයි බෝසතාණන් වහන්සේට තල්පතක් යැවීය. බෝසත්හු සියලු නගරය සරසවා රජ ගෙදර ද සරසා පිළියෙල කැරවන්නේ දේවිය වසන තැනට ගියහ. ඈ බෝසතාණන් වහන්සේගේ රූපයෙන් අග තැන්පත් සිරුර දැක ඉවසා දරා ගැනීමට නො හැකි වන්නී, එව බමුණ, ඇඳට නඟින්නැ යි කීවාය. බෝසත්හු එසේ නො කියන්න. රජතුමාට ගරු කරමි. පවට ද බිය වෙමි. මා විසින් මෙසේ කරන්නට නො හැකිය යි කීහ. හැට හතරක් සේවක ජනයන්ට රජතුමාට ගරු කිරීමක් නැත. අකුසලයට බිය වීමක් ද නැත. රජතුමාට ගරු කරන්නේ නුඹ විතරද? අකුසලයට බිය වන්නේ ඔබ විතර ද? එසේය. ඉදින්, ඔවුන්ටත් එසේ වූයේ නම් මෙසේ නො කරන්නේය. මම වනාහි දන්නා නිසා මෙබඳු සැහැසි ක්‍රියාවක් නො කරන්නෙමි. වැඩිපුර කථා කුමට ද? ඉදින්, මගේ කීම නො කරන්නේ නම් නුඹේ හිස සිඳ වන්නෙමි. සිටීවා. එක් ආත්ම භාවයක හිස තබා ආත්ම භාව දහසක හිස් ගසා දැම්මත් මා විසින් මෙබන්දක් කරන්නට නො හැකිය. ඈ, වේවා. කළ යුත්ත දනිමි යි බෝසතුන්ට තර්ජනය කොට තමන්ගේ කාමරයට ගොස් සිරුරෙහි නිය පහරවල් දක්වා තෙලින් සිරුර ගල්වා කිලිටි කඩක් ඇද ගිලන් ස්වභාවයක් ඇති කොට දාසියන්ට අණ කළාය. රජතුමා, දේවිය කොහිදැ යි ඇසූවිට අසනීප බව කියවු.

බොධිසත‍්තොපි රඤ‍්ඤො පටිපථං අගමාසි. රාජා නගරං පදක‍්ඛිණං කත්‍වා පාසාදං ආරුය‍්හ දෙවිං අපස‍්සන‍්තො “කහං, දෙවී”ති පුච‍්ඡි. “ගිලානා, දෙවා”ති. සොපි සිරිගබ‍්භං පවිසිත්‍වා තස‍්සා පිට‍්ඨිං පරිමජ‍්ජන‍්තො “කිං තෙ, භද‍්දෙ, අඵාසුක”න‍්ති පුච‍්ඡි. සා තුණ‍්හී අහොසි. තතියවාරෙ රාජානං ඔලොකෙත්‍වා “ත්‍වම‍්පි, මහාරාජ, ජීවසි නාම, මාදිසාපි ඉත්‍ථියො සස‍්සාමිකායෙව නාමා”ති ආහ. “කිං එතං, භද‍්දෙ”ති? තුම‍්හෙහි නගරං රක‍්ඛනත්‍ථාය ඨපිතො පුරොහිතො “තුම‍්හාකං නිවෙසනං පටිජග‍්ගාමී”ති ඉධාගන‍්ත්‍වා අත‍්තනො වචනං අකරොන‍්තිං මං පහරිත්‍වා අත‍්තනො මනං පූරෙත්‍වා ගතොති. රාජා අග‍්ගිම‍්හි පක‍්ඛිත‍්තලොණසක‍්ඛරා විය කොධෙන තටතටායන‍්තො සිරිගබ‍්භා නික‍්ඛමිත්‍වා දොවාරිකපාදමූලිකාදයො පක‍්කොසාපෙත්‍වා “ගච‍්ඡථ, භණෙ, පුරොහිතං පච‍්ඡාබාහං බන්‍ධිත්‍වා වජ‍්ඣභාවප‍්පත‍්තං කත්‍වා නගරා නීහරිත්‍වා ආඝාතනං නෙත්‍වා සීසමස‍්ස ඡින්‍දථා”ති ආහ. තෙ වෙගෙන ගන‍්ත්‍වා තං පච‍්ඡාබාහං බන්‍ධිත්‍වා වජ‍්ඣභෙරිං චරාපෙසුං.

බෝසත්හු ද රජු ඉදිරියට ගියහ. රජතුමා නගරය පැදකුණු කොට ප්‍රාසාදයට නැඟී දේවිය නො දකින්නේ, දේවිය කොහිදැ යි විචාළේය. දේවයන් වහන්ස, ඇය ගිලන් වී ඇත. රජතුමා සිරියහන් ගැබට පිවිස ඇගේ පිට පිරි මදිමින් සොඳුරිය, ඇති අපහසුතාව කුමක්දැ යි විචාළේය. ඈ නිහඬ වූවාය. තුන්වැනි වර රජු දෙස බලා මහරජ, ඔබ ද ජීවත්ව සිටිය දී මා වැනි ස්ත්‍රියක් ස්වාමික නම් වේ. ඒ කුමක් ද සොඳුරිය, නුඹ වහන්සේ විසින් නගරය ආරක්‍ෂා කිරීම පිණිස පත්කළ පෙරවී බමුණා නිවස පිළියෙල කරමි යි මෙහි අවුත් තමාගේ වචනය නො කරන්නා වූ මට පහර දී තමාගේ අදහස (පුරවා) ඉටු කැරගෙන ගියේය. රජතුමා ගින්නෙහි දමන ලද ලුණු කැට මෙන් කෝපයෙන් පුපුරමින් සිරි යහනින් නික්මී දොරටුපාල සේවකාදීන් කැඳවා බොලව්, යවු. පෙරවි බමුණාගේ දෑත් පිටිපසට තබා බැඳ වධයට සුදුස්සකු කොට නගරයෙන් බැහැර කොට වධක ස්ථානයට පමුණුවා මොහුගේ හිස සිඳවු. ඔවුන් වේගයෙන් ගොස් ඔහුගේ දෑත් පිටිපසට තබා බැඳ වද බෙරය වාදනය කැරවූහ.

බොධිසත‍්තො චින‍්තෙසි – “අද‍්ධා තාය දුට‍්ඨදෙවියා රාජා පුරෙතරමෙව පරිභින‍්නො, අජ‍්ජ දානාහං අත‍්තනො බලෙනෙව අත‍්තානං මොචෙස‍්සාමී”ති. සො තෙ පුරිසෙ ආහ “භො, තුම‍්හෙ මං මාරෙන‍්තා රඤ‍්ඤො දස‍්සෙත්‍වාව මාරෙථා”ති. “කිංකාරණා”ති? “අහං රාජකම‍්මිකො, බහු මෙ කම‍්මං කතං, බහූනි මහානිධිට‍්ඨානානි ජානාමි, රාජකුටුම‍්බං මයා විචාරිතං. සචෙ මං රඤ‍්ඤො න දස‍්සෙස‍්සථ, බහුධනං නස‍්සිස‍්සති, මයා රඤ‍්ඤො සාපතෙය්‍යෙ ආචික‍්ඛිතෙ පච‍්ඡා කාතබ‍්බං කරොථා”ති. තෙ තං රඤ‍්ඤො දස‍්සයිංසු. රාජා තං දිස‍්වාව “කස‍්මා භො, බ්‍රාහ‍්මණ, මයි ලජ‍්ජං න අකාසි, කස‍්මා තෙ එවරූපං පාපකම‍්මං කත”න‍්ති ආහ. “මහාරාජ, අහං සොත්‍ථියකුලෙ ජාතො, මයා කුන්‍ථකිපිල‍්ලිකමත‍්තොපි පාණාතිපාතො න කතපුබ‍්බො, තිණසලාකමත‍්තම‍්පි අදින‍්නං නාදින‍්නපුබ‍්බං, ලොභවසෙන පරෙසං ඉත්‍ථී අක‍්ඛීනි උම‍්මීලෙත්‍වාපි න ඔලොකිතපුබ‍්බා, හස‍්සවසෙනාපි මුසා න භාසිතපුබ‍්බා, කුසග‍්ගෙනාපි මජ‍්ජං න පීතපුබ‍්බං, අහං තුම‍්හෙසු නිරපරාධො. සා පන බාලා ලොභවසෙන මං හත්‍ථෙ ගහෙත්‍වා මයා පටික‍්ඛිත‍්තා මං තජ‍්ජෙත්‍වා අත‍්තනා කතං පාපං උත‍්තානං කත්‍වා මම ආචික‍්ඛිත්‍වා අන‍්තොගබ‍්භං පවිට‍්ඨා. අහං නිරපරාධො, පණ‍්ණං ගහෙත්‍වා පන ආගතා චතුසට‍්ඨි ජනා සාපරාධා, තෙ පක‍්කොසාපෙත්‍වා “තාය වො වචනං කතං, න කත”න‍්ති පුච‍්ඡ, දෙවාති. රාජා තෙ චතුසට‍්ඨි ජනෙ බන්‍ධාපෙත්‍වා දෙවිං පක‍්කොසාපෙත්‍වා “තයා එතෙහි සද‍්ධිං පාපං කතං, න කත”න‍්ති පුච‍්ඡි. “කතං, දෙවා”ති වුත‍්තෙ තෙ පච‍්ඡාබාහං බන්‍ධාපෙත්‍වා “ඉමෙසං චතුසට‍්ඨිජනානං සීසානි ඡින්‍දථා”ති ආණාපෙසි.

බෝසත්හු මෙසේ සිතූහ. ඒකාන්තයෙන් ඒ දුෂ්ට දේවිය විසින් රජතුමා කල්තියා ම බිඳවන ලදි. අද දැන් මම තමන්ගේ බලයෙන් ම මිදෙන්නෙමි යි හෙතෙම ඒ පුරුෂයන්ට කීවේය. පින්වත්නි, තොප මාව මරන්නේ නම් රජතුමාට පළමු ව පෙන්වා මරවු. කුමක් නිසා ද? මම රාජ්‍ය සේවකයෙකි. මා විසින් බොහෝ කටයුතු කරන ලදි. බොහෝ මහා නිධානයන් දනිමි. මා විසින් ඒවා පාලනය කරන ලදි. ඉදින්, මා රජතුමාට නො පෙන්වන්නේ නම් බොහෝ ධනය විනාශ වන්නේය. මා රජතුමාට ධනය ගැන කී කල්හි පසුව කළ යුත්තක් කරවු. ඔවුහු ඒ බව රජතුමාට දැක්වූහ. රජතුමා ඔහු දැක ම එම්බා බමුණ, කුමක් නිසා මට ලජ්ජා කළෙහි ද? කුමක් නිසා නුඹ මෙබඳු පාප ක්‍රියාවක් කළේදැ යි කීවේය. මහරජතුමනි, මම සොත්‍ථිය නම් බමුණු කුලයේ උපන්නෙමි. මා විසින් කුඩා කූඹියකු පමණවත් ප්‍රාණ ඝාතයක් පෙර නො කළවිරූය. තණකොළ ගහක දෙයක් සොරා නො ගත්තෙමි. කාමුක හැඟීමෙන් අනුන්ගේ ස්ත්‍රියක දෙස ඇස ඇරවත් නො බැලූ විරූය. විහිලුවටවත් බොරුවක් පෙර නො කියන ලද්දෙමි. කුස තණ අගතින් තරම්වත් මත්පැන් පෙර නො බොන ලද්දෙමි. මම නුඹ වහන්සේ කෙරෙහි අපරාධ නැත්තෙක්මි. ඈ වනාහි මෝඩය. ලේභ වශයෙන් මගේ අතින් ගෙන මා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූවිට මට තර්ජනය කොට තමා විසින් කරන ලද පාපය මතුකොට මට කියා ඇතුල් කාමරයට පිවිසි මම අපරාධ නැත්තෙක්මි. පත් (ලියුම්) ගෙන ආවා වූ හැට හතරක් ජනයා අපරාධ කළහ. ඔවුන් කැඳවා දේවයිනි, ඇගේ වචනය කරන ලද ද නො කරන ලදදැ යි විචාරනු මැනවි. රජතුමා ඒ හැට හතර දෙනා ගෙන්නවා දේවිය කැඳවා තී මොවුන් සමග පාපයක් කළා ද? නො කළාදැ යි විචාළේය. දේවයන් වහන්ස, කරන ලද්දෙමි යි කී කල්හි ඔවුන් අත් පිටිපසට තබා බන්දවා මේ හැට හතර දෙනාගේ සිස් සිඳව යි අණ කෙළේය.

අථ නං බොධිසත‍්තො ආහ – “නත්‍ථි, මහාරාජ, එතෙසං දොසො, දෙවී අත‍්තනො රුචිං කාරාපෙසි. නිරපරාධා එතෙ, තස‍්මා නෙසං ඛමථ. තස‍්සාපි දොසො නත්‍ථි, ඉත්‍ථියො නාම මෙථුනධම‍්මෙන අතිත‍්තා. ජාතිසභාවො හි එස. එතාසං ඛමිතබ‍්බයුත‍්තමෙව හොති. තස‍්මා එතිස‍්සාපි ඛමථා”ති නානප‍්පකාරෙන රාජානං සඤ‍්ඤාපෙත්‍වා තෙ චතුසට‍්ඨිපි ජනෙ තඤ‍්ච බාලං මොචාපෙත්‍වා සබ‍්බෙසං යථාසකානි ඨානානි දාපෙසි. එවං තෙ සබ‍්බෙ මොචෙත්‍වා සකට‍්ඨානෙ පතිට‍්ඨාපෙත්‍වා බොධිසත‍්තො රාජානං උපසඞ‍්කමිත්‍වා “මහාරාජ, අන්‍ධබාලානං නාම අවත්‍ථුකෙන වචනෙන අබන්‍ධිතබ‍්බයුත‍්තකාපි පණ‍්ඩිතා පච‍්ඡාබාහං බද‍්ධා, පණ‍්ඩිතානං කාරණයුත‍්තෙන වචනෙන පච‍්ඡාබාහං බද‍්ධාපි මුත‍්තා. එවං බාලා නාම අබන්‍ධිතබ‍්බයුත‍්තකෙපි බන්‍ධාපෙන‍්ති, පණ‍්ඩිතා බද‍්ධෙපි මොචෙන‍්තී”ති වත්‍වා ඉමං ගාථමාහ –

ඉක්බිති, ඔහුට බෝසත්හු කීහ. මහරජතුමනි, මොවුන් අත දෝෂයක් නැත. දේවිය තමාගේ කැමැත්ත කැරවූවාය. මොවුන් නිරපරාධියි. ඒ නිසා මොවුන්ට සමාව දෙනු. ඇගේ ද දෝෂයක් නැත. ස්ත්‍රීහු නම් මෙවුන් දම් සෙවීමෙහි සෑහීමක් නැත. මෙය ඔවුන්ගේ ස්වභාව දහමකි. ඔවුන් තුළ මෙය විය යුතු දෙයක් මය. ඒ නිසා ඇයටත් සමාව දෙනු මැනවැ යි නොයෙක් ආකාරයෙන් රජුට කරුණු අවබෝධ කැරවා ඒ හැට හතර දෙනා ද ඒ බාල තැනැත්තිය ද මුදවා සියල්ලන්ට ම යම් සේ සිය පැරණි තනතුරු දෙවීය. මෙසේ ඒ සියලු දෙනා ම නිදහස් කැරවා ස්වකීය ස්ථානවල පිහිටුවා බෝසත්හු රජු වෙත එළැඹ මහරජතුමනි, අන්‍ධ බාලයන්ගේ නිරර්ථක වචනයෙන් නො බැඳිය යුතු නුවණ ඇත්තේ, දෑත් පිටුපසට කොට බඳින ලදි. නුවණ ඇත්තන්ගේ සහේතුක වචනයෙන් පිටුපසට කොට බැඳි දෑත් මුදන ලදි. මෙසේ බාලයෝ නම් නො බැඳිය යුත්තන් බන්දවත්. නුවණ ඇත්තෝ බැන්දත් මුදා හරිත්යැ යි කියා මේ ගාථාව කීය.

“අබද‍්ධා තත්‍ථ බජ‍්ඣන‍්ති, යත්‍ථ බාලා පභාසරෙ; බද‍්ධාපි තත්‍ථ මුච‍්චන‍්ති, යත්‍ථ ධීරා පභාසරෙ”ති.

“අබද්ධා තත්‍ථ බජ්ඣන්ති යත්‍ථි බාලා පභාසරෙ, බද්ධාපි තත්‍ථ මුච්චන්ති යත්‍ථ ධීරා පභාසරෙති”

“යම් තැනෙක්හි අඥානයෝ බෙනෙත් ද, එතැන්හි බන්ධනයට නුසුදුස්සෝ ද බැඳෙති. යම් තැනෙක්හි නුවණැත්තෝ බෙනෙත් ද එතැන්හි බන්‍ධනයට සුදුස්සෝ ද මිදෙති.”

තත්‍ථ අබද‍්ධාති අබන්‍ධිතබ‍්බයුත‍්තා. පභාසරෙති පභාසන‍්ති වදන‍්ති කථෙන‍්ති.

එහි, “අබද්ධාති”, නො බැඳිය යුත්තෝ, “පභාසරෙති”, කියත්. තෙපලත්.

එවං මහාසත‍්තො ඉමාය ගාථාය රඤ‍්ඤො ධම‍්මං දෙසෙත්‍වා “මයා ඉමං දුක‍්ඛං අගාරෙ වසනභාවෙන ලද‍්ධං, ඉදානි මෙ අගාරෙන කිච‍්චං නත්‍ථි, පබ‍්බජ‍්ජං මෙ අනුජාන, දෙවා”ති පබ‍්බජ‍්ජං අනුජානාපෙත්‍වා අස‍්සුමුඛං ඤාතිජනං මහන‍්තඤ‍්ච විභවං පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තෙ වසන‍්තො අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ මහසත්හු මේ ගාථාවෙන් රජුට දම් දෙසා මා විසින් මේ දුක ගිහි ගෙයි වසන නිසා ලබන ලද්දකි. දැන් මට ගිහි ගෙයින් කාරියක් නැත. දේවයන් වහන්ස, මට පැවිද්ද අනුදැන වදාළ මැනවි. පැවිද්ද අනුමත කැරවා කඳුළු මුහුණ ඇති ඤාති ජනයා ද මහත් වූ සම්පත් ද හැර දමා තාපස පැවිද්දෙන් පැවිදි ව හිමාලය වනයෙහි වාසය කරන්නේ, පඤ්ච අභිඥා ද සමාපත්ති අට ද උපදවා බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දුට‍්ඨදෙවී චිඤ‍්චමාණවිකා අහොසි, රාජා ආනන්‍දො, පුරොහිතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා ජාතකය නිමාකළහ. එදා දුෂ්ට දේවිය චිඤ්චි මානවිකාව වූවාය. රජ ආනන්ද තෙරණුය. පෙරෙවි බමුණා වනාහි මම ම වෙමි.

බන්‍ධනමොක‍්ඛජාතකවණ‍්ණනා දසමා.

හංචිවග‍්ගො ද‍්වාදසමො.

දොළොස් වැනි හංසී වර්ගයයි.

තස‍්සුද‍්දානං –

ගද්‍රභපඤ‍්හා අමරා, සිඞ‍්ගාලං මිතචින‍්ති ච; අනුසාසිකදුබ‍්බචං, තිත‍්තිරං වට‍්ටකං පුන; අකාලරාවි බන්‍ධනන‍්ති.