යෙදුමෙන් කියවන්න

1. කුසනාළිජාතකවණ‍්ණනා 121 අට‍්ඨකථා

1. කුසනාළිජාතකවණ‍්ණනා (121)

1. කුසනාළි ජාතකය (121)

කරෙ සරික‍්ඛොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකස‍්ස මිත‍්තං ආරබ‍්භ කථෙසි. අනාථපිණ‍්ඩිකස‍්ස හි මිත‍්තසුහජ‍්ජඤාතිබන්‍ධවා එකතො හුත්‍වා “මහාසෙට‍්ඨි අයං තයා ජාතිගොත‍්තධනධඤ‍්ඤාදීහි නෙව සදිසො, න උත‍්තරිතරො, කස‍්මා එතෙන සද‍්ධිං සන්‍ථවං කරොසි, මා කරොහී”ති පුනප‍්පුනං නිවාරෙසුං. අනාථපිණ‍්ඩිකො පන “මිත‍්තසන්‍ථවො නාම හීනෙහිපි සමෙහිපි අතිරෙකෙහිපි කත‍්තබ‍්බොයෙවා”ති තෙසං වචනං අග‍්ගහෙත්‍වා භොගගාමං ගච‍්ඡන‍්තො තං කුටුම‍්බරක‍්ඛකං කත්‍වා අගමාසීති සබ‍්බං කාළකණ‍්ණිවත්‍ථුස‍්මිං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉධ පන අනාථපිණ‍්ඩිකෙන අත‍්තනො ඝරෙ පවත‍්තියා ආරොචිතාය සත්‍ථා “ගහපති, මිත‍්තො නාම ඛුද‍්දකො නත්‍ථි, මිත‍්තධම‍්මං රක‍්ඛිතුං සමත්‍ථභාවොවෙත්‍ථ පමාණං, මිත‍්තො නාම අත‍්තනා සමොපි හීනොපි සෙට‍්ඨොපි ගහෙතබ‍්බො. සබ‍්බෙපි හෙතෙ අත‍්තනො පත‍්තභාරං නිත්‍ථරන‍්තියෙව, ඉදානි තාව ත්‍වං අත‍්තනො නීචමිත‍්තං නිස‍්සාය කුටුම‍්බස‍්ස සාමිකො ජාතො, පොරාණා පන නීචමිත‍්තං නිස‍්සාය විමානසාමිකා ජාතා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

“කරෙ සරික්‍ඛොති” යන මේ ජාතක දේශනාව බුදුහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අනේපිඬු මහා සිටුහුගේ දිළිඳු මිතුරකු අරබයා දෙසූහ. සිටාණන්ගේ මතු යහළු නෑසියෝ එක්ව ඔහු වෙත එළැඹ සිටුතුමනි, මේ දිළිඳු මිතුරා ජාත, ගෝත්‍ර, ධනධාන්‍ය ආදියෙන් සමාන නො වේ. ඔබට වඩා උසස් ද නො වේ. මක්නිසා ඔබ ඔහු සමග මිතු දම් පවත්වන්නෙහි ද? එසේ නො කැරව යි නැවත නැවත වැළකූහ. සිටුහු, මිතු දම් වනාහි තමාට වඩා අඩු, තමා හා සම, තමාට වඩා වැඩි හැමදෙනා සමග කළ යුතුයැ යි ඔවුන් වචනය නො පිළිගෙන තම අයබදු ගමකට යන විට ඒ දිළිඳු මිතුරා ධනය ආරක්‍ෂකයා ලෙස යොදවා ගියේය. මෙහි විස්තර සියල්ල කාලකණ්ණි කථා පුවතෙහි කී ලෙසින් දත යුතුයි. මෙහි අනේපිඬු සිටු විසින් තම ගෘහ ප්‍රවෘත්ති දන්වා සිටි කල්හි බුදු රජහු, ගැහැවිය, මිත්‍රයා නම් හීන නො වේ. මිතුරු දම රැකීමට හැකි බව ම ප්‍රමාණ වේ. මිත්‍රයා තමා හා සම වුව ද හීන වුව ද උසස් වුව ද පිළිගත යුතුය. ඒ සියලු මිතුරෝ ම තමා හට පැමිණි කාර්යය භාරය ඉටු කරත්මය. දැන් වනාහි ඔබගේ දිළිඳු මිතුරා නිසා ගෘහ අයිතිකරුවෙක් වූයේය. පැරණියෝ දිළිඳු මිතුරා නිසා විමනක හිමිකරුවෙක් වූයේ යි වදාරා ඔහු විසින් අයදිනා ලද බුදුහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො රඤ‍්ඤො උය්‍යානෙ කුසනාළිගච‍්ඡෙ දෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්මිංයෙව ච උය්‍යානෙ මඞ‍්ගලසිලං නිස‍්සාය උජුගතක‍්ඛන්‍ධො පරිමණ‍්ඩලසාඛාවිටපසම‍්පන‍්නො රඤ‍්ඤො සන‍්තිකා ලද‍්ධසම‍්මානො රුචමඞ‍්ගලරුක‍්ඛො අත්‍ථි, “මුඛකො”තිපි වුච‍්චති. තස‍්මිං එකො මහෙසක‍්ඛො දෙවරාජා නිබ‍්බත‍්ති. බොධිසත‍්තස‍්ස තෙන සද‍්ධිං මිත‍්තසන්‍ථවො අහොසි. තදා රාජා එකස‍්මිං එකත්‍ථම‍්භකෙ පාසාදෙ වසති, තස‍්ස සො ථම‍්භො චලි. අථස‍්ස චලිතභාවං රඤ‍්ඤො ආරොචෙසුං. රාජා වඩ‍්ඪකී පක‍්කොසාපෙත්‍වා “තාතා, මම එකත්‍ථම‍්භකස‍්ස මඞ‍්ගලපාසාදස‍්ස ථම‍්භො චලිතො, එකං සාරත්‍ථම‍්භං ආහරිත්‍වා තං නිච‍්චලං කරොථා”ති ආහ. තෙ “සාධු, දෙවා”ති රඤ‍්ඤො වචනං සම‍්පටිච‍්ඡිත්‍වා තදනුච‍්ඡවිකං රුක‍්ඛං පරියෙසමානා අඤ‍්ඤත්‍ථ අදිස‍්වා උය්‍යානං පවිසිත්‍වා තං මුඛකරුක‍්ඛං දිස‍්වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “කිං, තාතා, දිට‍්ඨො වො තදනුච‍්ඡවිකො රුක‍්ඛො”ති වුත‍්තෙ “දිට‍්ඨො, දෙව, අපිච තං ඡින්‍දිතුං න විසහාමා”ති ආහංසු. “කිංකාරණා”ති? මයඤ‍්හි අඤ‍්ඤත්‍ථ රුක‍්ඛං අපස‍්සන‍්තා උය්‍යානං පවිසිම‍්හ, තත්‍රපි ඨපෙත්‍වා මඞ‍්ගලරුක‍්ඛං අඤ‍්ඤං න පස‍්සාම. ඉති නං මඞ‍්ගලරුක‍්ඛතාය ඡින්‍දිතුං න විසහාමාති. ගච‍්ඡථ, තං ඡින්‍දිත්‍වා පාසාදං ථිරං කරොථ, මයං අඤ‍්ඤං මඞ‍්ගලරුක‍්ඛං කරිස‍්සාමාති. තෙ “සාධූ”ති බලිකම‍්මං ගහෙත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා “ස‍්වෙ ඡින්‍දිස‍්සාමා”ති රුක‍්ඛස‍්ස බලිකම‍්මං කත්‍වා නික‍්ඛමිංසු.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු රජුගේ උයනෙහි කුසනාළි පඳුරක දෙවියෙක් වී උපන්හ. එම උයනෙහි ම මඟුල් ගල් තලාව ඇසුරු කොට සෘජු ව වැඩුණු කඳින් හා ශාඛා, අනුශාඛාවලින් වට වූ රජුගෙන් පවා පූජා ලැබූ බුරුත රුකක් වෙයි. තෙළඹු ගසයැ යි ද කියයි. එහි මහානුභාව ඇති දෙවියෙක් සිටියේය. බෝසත් දෙවි ඔහු සමග මිතුරු දම් පැවැත්වීය. එකල රජු එක්ටැම් මාලිගයක විසීය. ඒ ටැඹ සෙලවිණි. ටැඹ සෙලවුණු බව රජුට දැන්වූහ. රජු වඩුවා ගෙන්වා දරුව, මගේ එක්ටැම් මඟුල් පහය සෙලවේ. හර ඇති ටැඹක් ගෙනවුත් එය නිසල කැරව. ඔහු ද දේවයිනි, මැනවැ යි පිළිවදන් දී ඒ සඳහා සුදුසු රුකක් සොයන්නේ, වෙනත් තැනක නො දැක උයනෙහි තෙළඹු ගස දැක රජු වෙත ගොස් දරුව, ඔබ විසින් සුදුසු එකක් දක්නා ලද්දේ ද? දේවයිනි, උයනෙහි ඒ සඳහා සුදුසු ගසක් දක්නා ලදි. එහෙත් එය කැපීමට අපි අපොහොසත් වෙමු. මක්නිසා ද ඒ රජුගේ මංගල වෘක්‍ෂයයි. එවිට රජු යවු. ඒ ගස කපා පහය නිසල කැරවු. වෙනත් මංගල වෘක්‍ෂයක් කරමු. වඩුවෝ ගස මුල බලි පූජා කොට හෙට දිනයෙහි ගස සිඳිමු යි නික්ම ගියහ.

රුක‍්ඛදෙවතා තං කාරණං ඤත්‍වා “ස‍්වෙ මය‍්හං විමානං නාසෙස‍්සන‍්ති, දාරකෙ ගහෙත්‍වා කුහිං ගමිස‍්සාමී”ති ගන‍්තබ‍්බට‍්ඨානං අපස‍්සන‍්තී පුත‍්තකෙ ගීවාය ගහෙත්‍වා පරොදි. තස‍්සා සන්‍දිට‍්ඨසම‍්භත‍්තා රුක‍්ඛදෙවතා ආගන‍්ත්‍වා “කිං එත”න‍්ති පුච‍්ඡිත්‍වා තං කාරණං සුත්‍වා සයම‍්පි වඩ‍්ඪකීනං පටික‍්කමනූපායං අපස‍්සන‍්තියො තං පරිස‍්සජිත්‍වා රොදිතුං ආරභිංසු. තස‍්මිං සමයෙ බොධිසත‍්තො “රුක‍්ඛදෙවතං පස‍්සිස‍්සාමී”ති තත්‍ථ ගන‍්ත්‍වා තං කාරණං සුත්‍වා “හොතු, මා චින‍්තයිත්‍ථ, අහං රුක‍්ඛං ඡින්‍දිතුං න දස‍්සාමි, ස‍්වෙ වඩ‍්ඪකීනං ආගතකාලෙ මම කාරණං පස‍්සථා”ති තා දෙවතා සමස‍්සාසෙත්‍වා පුනදිවසෙ වඩ‍්ඪකීනං ආගතවෙලාය කකණ‍්ටකවෙසං ගහෙත්‍වා වඩ‍්ඪකීනං පුරතො ගන‍්ත්‍වා මඞ‍්ගලරුක‍්ඛස‍්ස මූලන‍්තරං පවිසිත්‍වා තං රුක‍්ඛං සුසිරං විය කත්‍වා රුක‍්ඛමජ‍්ඣෙන අභිරුහිත්‍වා ඛන්‍ධමත්‍ථකෙන නික‍්ඛමිත්‍වා සීසං කම‍්පයමානො නිපජ‍්ජි. මහාවඩ‍්ඪකී තං කකණ‍්ටකං දිස‍්වා රුක‍්ඛං හත්‍ථෙන පහරිත්‍වා “සුසිරරුක‍්ඛො එසො නිස‍්සාරො, හිය්‍යො අනුපධාරෙත්‍වාව බලිකම‍්මං කරිම‍්හා”ති එකඝනං මහාරුක‍්ඛං ගරහිත්‍වා පක‍්කාමි. රුක‍්ඛදෙවතා බොධිසත‍්තං නිස‍්සාය විමානස‍්ස සාමිනී ජාතා.

රුක් දෙවි මෙකරුණ දැන මගේ විමන හෙට නසින්නේය. දරුවන් ගෙන මම කොහි යම්දැ යි යා යුතු තැනක් නො දැක කුඩා දරුවන් ගෙළෙහි එල්ලා ගෙන හැඬීය. දෙවියාගේ යහළු වූ රුක් දෙවියෝ වන දෙවියෝ අවුත් කාරණය කිම්දැ යි විචාරා කරුණ දැන ඔවුහු ද වඩුවන් වළක්වන උපායක් නො දැන හඬන්ට පටන් ගත්හ. එකල බෝසත්හු රුක් දෙවියා බලන්නෙමු යි එහි අවුත් කාරණය අසා එසේ වේවා. මම වඩුවන්ට ගස සිඳීමට ඉඩ නොදෙමි. හෙට වඩුවන් ආ කල මා කරන ක්‍රියාව බලවු යි, ඒ දෙවියා අස්වසා දෙවැනි දවසෙහි ගස කැපීමට වඩුවන් ආ කල කටුසු වේශයක් ගෙන ඔවුන් ඉදිරියෙන් ම ගොස් මංගල වෘක්‍ෂයේ මුල් අතරට ගොස් ඒ ගස කඳ තුළ සිදුරක් මෙන් පෙන්වා කඳ මැදින් ගොස් ගස් කඳ මුදුනින් නික්ම හිස සොලවමින් සිටියේය. මහවඩුවා ඒ කටුස්සා දැක අතින් ගසට ගසා මේ සිදුරු සහිත ගසකි. හරයක් නැත. ඊට අපි තතු නො දැන බලිපූජා කළෙමු යි හරවත් මහගසට නින්දා කොට ගියහ. මෙසේ රුක් දෙවියා බෝසතුන් නිසා විමානයට හිමිකරු විය.

තස‍්සා පටිසන්‍ථාරත්‍ථාය සන්‍දිට‍්ඨසම‍්භත‍්තා බහූ දෙවතා සන‍්නිපතිංසු. රුක‍්ඛදෙවතා “විමානං මෙ ලද‍්ධ”න‍්ති තුට‍්ඨචිත‍්තා තාසං දෙවතානං මජ‍්ඣෙ බොධිසත‍්තස‍්ස ගුණං කථයමානා “භො, දෙවතා, මයං මහෙසක‍්ඛා හුත්‍වාපි දන්‍ධපඤ‍්ඤතාය ඉමං උපායං න ජානිම‍්හ, කුසනාළිදෙවතා පන අත‍්තනො ඤාණසම‍්පත‍්තියා අම‍්හෙ විමානසාමිකෙ අකාසි, මිත‍්තො නාම සදිසොපි අධිකොපි හීනොපි කත‍්තබ‍්බොව. සබ‍්බෙපි හි අත‍්තනො ථාමෙන සහායකානං උප‍්පන‍්නං දුක‍්ඛං නිත්‍ථරිත්‍වා සුඛෙ පතිට‍්ඨාපෙන‍්තියෙවා”ති මිත‍්තධම‍්මං වණ‍්ණෙත්‍වා ඉමං ගාථමාහ –

ඔහු ඇසුරු කළ යහලුවෝ රුක් දෙවියාගේ තොරතුරු විමසීම සඳහා රැස්වූහ. රුක් දෙවියා තමාගේ විමානය ලැබීම නිසා සතුටු ව ඒ දේව සභාවෙහි බෝසතුන්ගේ ගුණ ගයමින් පින්වත්නි, අපි තෙදැති දෙවියන් වී උපන් නමුත් නුවණ නැති බැවින් මේ උපාය නො දැන සිටියෙමු. දිය බෙරලිය රුක් දෙවියා තමාගේ නුවණ වැඩි බැවින් අප විමාන හිමියන් කළේය. තමාට වඩා අඩු වූ ද තමා සමාන වූ ද තමාට වඩා උසස් වූ ද මිතුරා ඇසුරු කළ යුතු මය. ඔවුහු සිය ශක්තියෙන් යහළුවන්ට ඇති වූ දුක් නිවා සැප ලබාදෙන්නාහු මයැ යි මිතුරු දහම වර්ණනා කොට මේ ගාථාව කීහ.

“කරෙ සරික‍්ඛො අථ වාපි සෙට‍්ඨො, නිහීනකො වාපි කරෙය්‍ය එකො; කරෙය්‍යුමෙතෙ බ්‍යසනෙ උත‍්තමත්‍ථං, යථා අහං කුසනාළි රුචාය”න‍්ති.

“කරෙ සරික්‍ඛො අථාවාපි සෙට්ඨා, නිහීනකො චාපි කරෙය්‍ය එකො, කරෙය්‍යුං තෙ ව්‍යසනෙ උත්තමත්‍ථං, යථා අයං කුසනාළී රුචායන්ති”

“ජාති ආදියෙන් සමාන වූයේ ද උසස් වූයේ ද හීන වූයේ ද ඔහු සමග මිතුරු දම් කරන්නේය. එකල ඔහු විපතේ දී යහපතක් ම කරන්නේය. බුරුත ගසෙහි උපන් මා ද දිය බෙරළිය ගස උපන් කුසනාළී ද මෙනි.”

තත්‍ථ කරෙ සරික‍්ඛොති ජාතිආදීහි සදිසොපි මිත‍්තධම‍්මං කරෙය්‍ය. අථ වාපි සෙට‍්ඨොති ජාතිආදීහි අධිකොපි කරෙය්‍ය. නිහීනකො වාපි කරෙය්‍ය එකොති එකො ජාතිආදීහි හීනොපි මිත‍්තධම‍්මං කරෙය්‍ය. තස‍්මා සබ‍්බෙපි එතෙ මිත‍්තා කාතබ‍්බායෙවාති දීපෙති. කිංකාරණා? කරෙය්‍යුමෙතෙ බ්‍යසනෙ උත‍්තමත්‍ථන‍්ති සබ‍්බෙපෙතෙ සහායස‍්ස බ්‍යසනෙ උප‍්පන‍්නෙ අත‍්තනො අත‍්තනො පත‍්තභාරං වහමානා උත‍්තමත්‍ථං කරෙය්‍යුං, කායිකචෙතසිකදුක‍්ඛතො තං සහායකං මොචෙය්‍යුමෙවාති අත්‍ථො. තස‍්මා හීනොපි මිත‍්තො කාතබ‍්බොයෙව, පගෙව ඉතරෙ. තත්‍රිදං ඔපම‍්මං – යථා අහං කුසනාළි රුචායන‍්ති, යථා අහං රුචායං නිබ‍්බත‍්තදෙවතා අයඤ‍්ච කුසනාළිදෙවතා, අප‍්පෙසක‍්ඛාපි මිත‍්තසන්‍ථවං කරිම‍්හ, තත්‍රපාහං මහෙසක‍්ඛාපි සමානා අත‍්තනො උප‍්පන‍්නදුක‍්ඛං බාලතාය අනුපායකුසලතාය හරිතුං නාසක‍්ඛිං, ඉමං පන අප‍්පෙසක‍්ඛම‍්පි සමානං පණ‍්ඩිතදෙවතං නිස‍්සාය දුක‍්ඛතො මුත‍්තොම‍්හි. තස‍්මා අඤ‍්ඤෙහිපි දුක‍්ඛා මුච‍්චිතුකාමෙහි සමවිසිට‍්ඨභාවං අනොලොකෙත්‍වා හීනොපි පණ‍්ඩිතො මිත‍්තො කාතබ‍්බොති.

එහි, “කරෙසරික්‍ඛො”, ජාති ආදියෙන් සම වූවහු මිතුදම් කරන්නේය. “අථාවාපි සෙට්ඨා”, ජාති ආදිය උසස් වූවහු, අධික වූවහු මිතුදම් කරන්නේය. ඒ සියල්ලෝ ම මිත්‍රයෝ කළ යුත්තෝය යි දක්වයි. මක්නිසා ද, “කරෙය්‍යුං තෙ ව්‍යසනෙ”, මේ සියල්ලෝ ම මිතුරාට විපතක් පැමිණි කල්හි තම තමන්ට පැමිණි බර උසුලමින් යහපතක් කරන්නාහුය. සිරුර පිළිබඳ වූ, මනස පිළිබඳ වූ දුක්වලින් මිතුරා මුදවන්නාහුය යන අර්ථය එම නිසා හීනයා ද මිතුරු කළ යුත්තේය. අනෙක් දෙදෙනා පිළිබඳ කියනු ම කිම? ඒ ගැන මේ උපමාවයි. “යථා අයං කුසනාළී රුචායන්ති”, මම බුරුත ගසෙහි උපන් දෙවියා වෙමි. මොහු දිය බෙරලියගසෙහි උපන් තෙද අඩු දෙවියෙකි. අපි මිතුරු දම් රැකීමු. එහි දී ම තෙදැති වුව ද මට උපන් දුක නුවණ අඩු බැවින්, උපායෙහි දක්‍ෂ නො වූ බැවින් ඉවත් කිරීමට නොහැකි වීමි. මොහු වනාහි අඩු තෙද ඇති වුව ද නුවණැති දෙවියා නිසා දුකින් මිදුණේ වෙමි. එහෙයින් අන්‍යය වූ දුකින් මිදෙනු කැමැත්තන් විසින් සම උසස් බව නො සලකා නුවණැති හීනයා ද මිතුරු කළ යුත්තේය.

රුචාදෙවතා ඉමාය ගාථාය දෙවසඞ‍්ඝස‍්ස ධම‍්මං දෙසෙත්‍වා යාවතායුකං ඨත්‍වා සද‍්ධිං කුසනාළිදෙවතාය යථාකම‍්මං ගතා.

බුරුත රුක් දෙවියා මේ ගාථාවෙන් දේව සමූහයාට දම් දෙසා ආයු ඇතිතාක් සිට දිය බෙරලිය රුක් දෙවියා සමග කම් වූ පරිදි ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රුචාදෙවතා ආනන්‍දො අහොසි, කුසනාළිදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. බුරුත රුක් දෙවියා ආනන්ද තෙරණුවෝ වූහ. කුසනාළී හෙවත් දිය බෙරලිය රුක් දෙවියා මම ම වීමි.

කුසනාළිජාතකවණ‍්ණනා පඨමා.