2. දුම්මෙධජාතකවණ්ණනා 122 අට්ඨකථා
2. දුම්මෙධජාතකවණ්ණනා (122)
2. දුම්මේධ ජාතකය (122)
යසං ලද්ධාන දුම්මෙධොති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. ධම්මසභායඤ්හි භික්ඛූ “ආවුසො දෙවදත්තො, තථාගතස්ස පුණ්ණචන්දසස්සිරිකමුඛං අසීතානුබ්යඤ්ජනද්වත්තිංසමහාපුරිසලක්ඛණපටිමණ්ඩිතං බ්යාමප්පභාපරික්ඛිත්තං ආවෙළාවෙළාභූතා යමකයමකභූතා ඝනබුද්ධරස්මියො විස්සජ්ජෙන්තං පරමසොභග්ගප්පත්තං අත්තභාවඤ්ච ඔලොකෙත්වා චිත්තං පසාදෙතුං න සක්කොති, උසූයමෙව කරොති. ‘බුද්ධා නාම එවරූපෙන සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන සමන්නාගතා’ති වුච්චමානෙ වණ්ණං සහිතුං න සක්කොති, උසූයමෙව කරොතී”ති දෙවදත්තස්ස අගුණකථං කථයිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ , ඉදානෙව දෙවදත්තො මම වණ්ණෙ භඤ්ඤමානෙ උසූයං කරොති, පුබ්බෙපි අකාසියෙවා”ති වත්වා අතීතං ආහරි.
“යසං ලද්ධාන දුම්මෙධොති” යන මේ දේශනාව බුදු රජහු වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, දෙව්දත් තෙරුන් අරබයා වදාළහ. දම් සභාවෙහි භික්ෂූහු ඇවැත්නි, දෙව්දත් තෙර තථාගතයන් වහන්සේගේ පුන්සඳ මඬල මෙන් ශෝභාවෙන් යුත් මුහුණ ඇති අසූවක් අනු ලක්ෂණ හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සැරසුණා වූ බඹයක් පමණ ප්‍රභාවෙන් වට කරන ලද ඇඹරි ඇඹරී යුගල වශයෙන් හටගත් ඝන බුදුරැස් විහිදුවන්නා වූ අතිසය ශෝභාවෙන් අග තැන්පත් ශරීරය දෙස බලා සිත පහදවා ගන්නට නො හැකි වෙයි. ඊර්ෂ්‍යාව ම කරයි. බුදුවරයෝ නම් මෙබඳු වූ ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්ති ඤාණ දර්ශනයෙන් ද යුක්තයැ යි කියනු ලබන්නේ, කීර්තිය ඉවසීමට නො හැකි වෙයි. ඊර්ෂ්‍යාව ම කරයි යනුවෙන් දෙව්දත් තෙරුන්ගේ අගුණ කථාව ම කීහ. බුදු රජහු වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවෙන්යැ යි කී කල්හි මහණෙනි, දෙව්දත් තෙර දැන් පමණක් නොව, මගේ කීර්තිය ද කියනු ලබද්දී ඊර්ෂ්‍යා කළේ පෙරත් එසේ කළේයැ යි වදාරා අතීත කතාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ මගධරට්ඨෙ රාජගහනගරෙ එකස්මිං මගධරාජෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො හත්ථියොනියං නිබ්බත්තිත්වා සබ්බසෙතො අහොසි හෙට්ඨා වණ්ණිතසදිසාය රූපසම්පත්තියා සමන්නාගතො. අථ නං “ලක්ඛණසම්පන්නො අය”න්ති සො රාජා මඞ්ගලහත්ථිං අකාසි. අථෙකස්මිං ඡණදිවසෙ සකලනගරං දෙවනගරං විය අලඞ්කාරාපෙත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං මඞ්ගලහත්ථිං අභිරුහිත්වා මහන්තෙන රාජානුභාවෙන නගරං පදක්ඛිණං අකාසි. මහාජනො තත්ථ තත්ථ ඨත්වා මඞ්ගලහත්ථිනො රූපසොභග්ගප්පත්තං සරීරං දිස්වා “අහො රූපං, අහො ගති, අහො ලීළා, අහො ලක්ඛණසම්පත්ති, එවරූපො නාම සබ්බසෙතවරවාරණො චක්කවත්තිරඤ්ඤො අනුච්ඡවිකො”ති මඞ්ගලහත්ථිමෙව වණ්ණෙසි.
පෙර මගධ රටේ රජගහ නුවර එක් මගධ රජකු රාජ්‍යය කැරද්දී බෝසත්හු ඇත් යෝනියෙහි ඉපදී සියලු අයුරින් සුදු වූයේ විය. යට වර්ණනා කළ පරිදි රූප සම්පත්තියෙන් යුක්ත විය. ඉක්බිති, ඒ ඇතා ලක්ෂණ සම්පත්තියෙන් මේ තෙමේ යුක්තයැ යි ඒ රජ මංගල ඇතා බවට පත් කළේය. ඉක්බිති, එක් උත්සව දිනයක මුළු නගරය ම දිව්‍යය නගරයක් මෙන් සරසා සියලු අලංකාරයෙන් සරසන ලද මංගල හස්තියා පිට නැඟී මහත් වූ රාජානුභාවයෙන් නගරය පැදකුණු කළේය. මහජනයා ඒ ඒ තැන සිට මඟුල් ඇතාගේ රූපයෙන් අග තැන්පත් සිරුර දැක අනේ රූපය, අනේ ගමන, අනේ ලීලාව ලකුණු සම්පත්තිය මෙබඳුය. සියලු අයුරින් සුදු වූ උතුම් ඇතා සක්විති රජ කෙනකුට සුදුසුයැ යි මඟුල් ඇතා ම වර්ණනා කරයි.
රාජා මඞ්ගලහත්ථිස්ස වණ්ණං සුත්වා සහිතුං අසක්කොන්තො උසූයං උප්පාදෙත්වා “අජ්ජෙව තං පබ්බතපාදෙ පාතෙත්වා ජීවිතක්ඛයං පාපෙස්සාමී”ති හත්ථාචරියං පක්කොසාපෙත්වා “කින්ති කත්වා තයා අයං නාගො සික්ඛාපිතො”ති ආහ. “සුසික්ඛාපිතො, දෙවා”ති. “න සුසික්ඛිතො, දුසික්ඛිතො”ති. “සුසික්ඛිතො, දෙවා”ති. “යදි සුසික්ඛිතො , සක්ඛිස්සසි නං වෙපුල්ලපබ්බතමත්ථකං ආරොපෙතු”න්ති. “ආම, දෙවා”ති. “තෙන හි එහී”ති සයං ඔතරිත්වා හත්ථාචරියං ආරොපෙත්වා පබ්බතපාදං ගන්ත්වා හත්ථාචරියෙන හත්ථිපිට්ඨියං නිසීදිත්වාව හත්ථිම්හි වෙපුල්ලපබ්බතමත්ථකං ආරොපිතෙ සයම්පි අමච්චගණපරිවුතො පබ්බතමත්ථකං අභිරුහිත්වා හත්ථිං පපාතාභිමුඛං කාරෙත්වා “ත්වං ‘මයා එස සුසික්ඛාපිතො’ති වදෙසි, තීහියෙව තාව නං පාදෙහි ඨපෙහී”ති ආහ. හත්ථාචරියො පිට්ඨියං නිසීදිත්වාව “භො තීහි පාදෙහි තිට්ඨා”ති හත්ථිස්ස පණ්හිකාය සඤ්ඤං අදාසි, මහාසත්තො තථා අකාසි. පුන රාජා “ද්වීහි පුරිමපාදෙහියෙව ඨපෙහී”ති ආහ, මහාසත්තො ද්වෙ පච්ඡිමපාදෙ උක්ඛිපිත්වා පුරිමපාදෙහි අට්ඨාසි. “පච්ඡිමපාදෙහියෙවා”ති වුත්තෙපි ද්වෙ පුරිමපාදෙ උක්ඛිපිත්වා පච්ඡිමපාදෙහි අට්ඨාසි, “එකෙනා”ති වුත්තෙපි තයො පාදෙ උක්ඛිපිත්වා එකෙනෙව අට්ඨාසි. අථස්ස අපතනභාවං ඤත්වා “සචෙ පහොසි, ආකාසෙ නං ඨපෙහී”ති ආහ.
රජතුමා මඟුල් ඇතාගේ වර්ණනාව අසා ඉවසීමට නො හැකි වන්නේ ඊර්ෂ්‍යාව උපදවා අධම වූ පර්වත ප්‍රපාතයේ හෙළා මරණයට පත් කරවන්නෙමි යි ඇත් ගොව්වා කැඳවා කුමක් කොට නුඹ විසින් මේ ඇතා හික්මවන ලද්දේදැ යි කීවේය. දේවයන් වහන්ස, මනාව හික්මවන ලදි. නරකට හික්මවන ලද්දේ නො වේ. නරකට හික්මවන ලද්දේ ද? දේවයන් වහන්ස, මනාව හික්මවන ලද්දේය. ඉදින්, මනාව හික්මවන ලද්දේ නම් ඒ ඇතා වේපුල්ල පර්වතය මුදුනට නැංගවීමට හැකි වන්නෙහි ද? දේවයන් වහන්ස, එසේය. එසේ නම් එව යි තමා බැස ඇත් ගොව්වා ඇතුපිට නංවා පර්වත පාදයට ගොස් ඇත් ආචාරිවරයා ඇතුපිට සිටිය දී ම ඇතු වේපුල්ල පර්වතය මුදුනට නැඟි කල්හි තෙමේත් ඇමැති ගණයා විසින් පිරිවරනා ලද්දේ, පර්වතය මුදුනට නැඟ ඇතා ප්‍රපාතයට අභිමුඛ කොට නුඹ මා විසින් මේ ඇතා හික්මවන ලදැ යි කීවේය. එසේ නම් තුන් පාදයෙන් තබව යි කීවේය. ඇත් ගොව්වා පිටෙහි හිඳගෙන ම, එම්බා හස්තිය, තුන් පාදයෙන් සිටව යි ඇතාට විලුඹෙන් සංඥා දුන්නේය. හෙතෙම තුන් පාදයෙන් සිටියේය. නැවත රජතුමා ඉදිරිපස දෙපයින් තබව යි කීවේය. මහා සත්ත්වයා පසුපස දෙපස උස්සා පෙර දෙපසින් සිටියේය. පසු පස දෙපයින් සිටුව යි සිටියේය. තනි පයින් තබව යි කී කල්හි පා තුනක් ඔසවා තනි පයින් සිටියේය. ඉක්බිති, ඇතා නො වැටෙන බව දැන ඉදින්, පුළුවන් නම් අහසෙහි ඌ තබව යි කීවේය.
ආචරියො චින්තෙසි – “සකලජම්බුදීපෙ ඉමිනා සදිසො සුසික්ඛිතො හත්ථී නාම නත්ථි, නිස්සංසයං පනෙතං එස පපාතෙ පාතෙත්වා මාරෙතුකාමො භවිස්සතී”ති. සො තස්ස කණ්ණමූලෙ මන්තෙසි “තාත, අයං රාජා තං පපාතෙ පාතෙත්වා මාරෙතුකාමො, න ත්වං එතස්ස අනුච්ඡවිකො. සචෙ තෙ ආකාසෙන ගන්තුං බලං අත්ථි, මං යථානිසින්නංයෙව ආදාය වෙහාසං අබ්භුග්ගන්ත්වා බාරාණසිං ගච්ඡා”ති. පුඤ්ඤිද්ධියා සමන්නාගතො මහාසත්තො තඞ්ඛණඤ්ඤෙව ආකාසෙ අට්ඨාසි. හත්ථාචරියො “මහාරාජ, අයං හත්ථී පුඤ්ඤිද්ධියා සමන්නාගතො, න තාදිසස්ස මන්දපුඤ්ඤස්ස දුබ්බුද්ධිනො අනුච්ඡවිකො, පණ්ඩිතස්ස පුඤ්ඤසම්පන්නස්ස රඤ්ඤො අනුච්ඡවිකො, තාදිසා නාම මන්දපුඤ්ඤා එවරූපං වාහනං ලභිත්වා තස්ස ගුණං අජානන්තා තඤ්චෙව වාහනං අවසෙසඤ්ච යසසම්පත්තිං නාසෙන්තියෙවා”ති වත්වා හත්ථික්ඛන්ධෙ නිසින්නොව ඉමං ගාථමාහ –
ඇත් ගොව්වා මෙසේ සිතුවේය. මුළු දඹදිවට මේ ඇතා හා සමාන මනාව හික්මවන ලද ඇතකු නම් නැත. නිසැකයෙන් ම මොහු මේ ඇතා ප්‍රපාතයට හෙළා මරනු කැමැත්තේ වන්නේ ය. ඇත් ගොව්වා ඇතාගේ කණමුලට කථාකොට, දරුව, මේ රජ නුඹ ප්‍රපාතයෙහි හෙලා මරනු කැමැත්තේය. නුඹ මේ රජුට සුදුසු නො වෙයි. ඉදින්, නුඹට අහසින් යන්නට බලය ඇත. මා රැගෙන අහසට පැන නැඟී බරණැසට යව යි කීවේය. පුණ්‍ය සෘද්ධියෙන් යුක්ත වූ මහා බෝධි සත්ත්වයෝ ඒ මොහොතෙහි ම අහසෙහි සිටියේය. ඇත් ගොව්වා මහරජතුමනි, මේ ඇතා පුණ්‍ය සෘද්ධියෙන් යුතුය. නුඹ වැනි මද පින් ඇති දුර්වල බුද්ධියක් ඇත්තකුට නුසුදුසුය. මද පින් ඇත්තා මෙබඳු වාහනයක් ලබා (එහි) ඒ ඇතාගේ ගුණ නො දන්නාහු. ඒ වාහනය ද සෙසු කීර්ති සම්පත්තිය ද නසා ගන්නාහුයැ යි කියා ඇතු පිට හිඳගෙන ම මේ ගාථාව කීවේය.
“යසං ලද්ධාන දුම්මෙධො, අනත්ථං චරති අත්තනො; අත්තනො ච පරෙසඤ්ච, හිංසාය පටිපජ්ජතී”ති.
“යසං ලද්ධාන දුම්මෙධො අනත්ථං චරති අත්තනො, අත්තනො ච පරෙසං ච හිංසාය පටිපජ්ජතීති”
“නුවණ නැත්තේ, යම් (පිරිවර සම්පත්) ලැබ තමනට අනර්ථය පිණිස හැසිරෙයි ද තමා හට ද මෙරමා හට ද හිංසා පිණිස පිළිපදී.”
තත්රායං සඞ්ඛෙපත්ථො – මහාරාජ, තාදිසො දුම්මෙධො නිප්පඤ්ඤො පුග්ගලො පරිවාරසම්පත්තිං ලභිත්වා අත්තනො අනත්ථං චරති. කිංකාරණා? සො හි යසමදමත්තො කත්තබ්බාකත්තබ්බං අජානන්තො අත්තනො ච පරෙසඤ්ච හිංසාය පටිපජ්ජති. හිංසා වුච්චති කිලමනං දුක්ඛුප්පාදනං, තදත්ථාය එව පටිපජ්ජතීති.
මේ එහි කෙටි අර්ථයයි. මහරජ, නුඹ වැනි, “දුම්මෙධො”, ප්‍රඥාව නැති පුද්ගලයා පිරිවර සම්පත් ලැබ, “අත්තනො අත්ථං චරති”, කුමක් නිසා ද, හෙතෙම කීර්තියෙන් මත් වූයේ කළ යුත්ත නො දන්නා බැවිනි. “අත්තනො ච පරෙසං ච හිංසාය පටිපජ්ජතීති”, අනුන්ට පීඩා කිරීම හිංසාවයැ යි කියයි. දුක් උපදවන්නක් ඒ සඳහා ම පිළිපදියි.
එවං ඉමාය ගාථාය රඤ්ඤො ධම්මං දෙසෙත්වා “තිට්ඨ දානි ත්ව”න්ති වත්වා ආකාසෙ උප්පතිත්වා බාරාණසිනගරං ගන්ත්වා රාජඞ්ගණෙ ආකාසෙ අට්ඨාසි. සකලනගරං සඞ්ඛුභිත්වා “අම්හාකං රඤ්ඤො ආකාසෙන සෙතවරවාරණො ආගන්ත්වා රාජඞ්ගණෙ ඨිතො”ති එකකොලාහලං අහොසි. වෙගෙන රඤ්ඤොපි ආරොචෙසුං. රාජා නික්ඛමිත්වා “සචෙ මය්හං උපභොගත්ථාය ආගතොසි, භූමියං පතිට්ඨාහී”ති ආහ. බොධිසත්තො භූමියං පතිට්ඨාසි, ආචරියො ඔතරිත්වා රාජානං වන්දිත්වා “කුතො ආගතොසි, තාතා”ති වුත්තෙ “රාජගහතො”ති වත්වා සබ්බං පවත්තිං ආරොචෙසි. රාජා “මනාපං තෙ, තාත, කතං ඉධාගච්ඡන්තෙනා”ති තුට්ඨහට්ඨො නගරං සජ්ජාපෙත්වා වාරණං මඞ්ගලහත්ථිට්ඨානෙ ඨපෙත්වා සකලරජ්ජං තයො කොට්ඨාසෙ කත්වා එකං බොධිසත්තස්ස අදාසි, එකං ආචරියස්ස, එකං අත්තනා අග්ගහෙසි. බොධිසත්තස්ස ආගතකාලතො පට්ඨායෙව පන රඤ්ඤො සකලජම්බුදීපෙ රජ්ජං හත්ථගතමෙව ජාතං. සො ජම්බුදීපෙ අග්ගරාජා හුත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං අගමාසි.
මෙසේ මේ ගාථාවෙන් රජුට දම් දෙසා නුඹ සිටිනු යි අහසට නැඟී බරණැස් නුවරට ගොස් රජ මිදුලේ අහසෙහි සිටියේය. මුළු නුවර කැළැඹී අපගේ රජතුමාට අහසින් සුදු උතුම් ඇතකු අවුත් රජ මිදුලෙහි (අහසෙහි) සිටියේයැ යි එක ම කැළැඹීමක් විය. වහා රජුට ද සැලකළාහුය. රජතුමා නික්මී ඉදින්, මට පරිහරණය පිණිස ආවේ නම් බිමට බසින්නැ යි කීවේය. බෝසත්හු බිමට බැස්සාහ. ඇත් ගොව්වා බැස රජුට වැඳ දරුව, කොහි සිට ආවේදැ යි කී කල්හි රජගහ නුවරින්යැ යි කියා සියලු පුවත සැල කළේය. රජතුමා දරුව, නුඹ මෙහි පැමිණීමෙන් හොඳ දෙයක් කරන ලදී යි තුටු පහටු ව නගරය සකස් කැරවා ඇතා මඟුල් ඇතු රඳවන තැන රඳවා මුළු රාජ්‍යය කොටස් තුනකට බෙදා එක් කොටසක් බෝසතුන්ට දුන්නේය. එක් කොටසක් ඇත් ගොව්වාට ද එක් කොටසක් තමන් ද තබා ගත්තේය. බෝධි සත්ත්වයන් පැමිණි කාලයේ සිට ම වනාහි රජුගේ මුළු දඹදිව රාජ්‍යය ම අතට පත් වූවක් මෙන් විය. හෙතෙම දඹදිව අග රජු වී දානාදී පිංකොට කම් වූ පරිදි මිය ගියේය. බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමාවට පත් කළහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා මගධරාජා දෙවදත්තො අහොසි, බාරාණසිරාජා සාරිපුත්තො, හත්ථාචරියො ආනන්දො, හත්ථී පන අහමෙව අහොසි”න්ති.
එකල මගධ රජ දෙව්දත් විය. බරණැස් රජ සැරියුත් මහා තෙරුන් වහන්සේය. ඇත් ගොව්වා ආනන්ද තෙරුන්ය. ඇතා වනාහි මම ම වීමි.
දුම්මෙධජාතකවණ්ණනා දුතියා.