යෙදුමෙන් කියවන්න

3. නඞ‍්ගලීසජාතකවණ‍්ණනා 123 අට‍්ඨකථා

3. නඞ‍්ගලීසජාතකවණ‍්ණනා (123)

3. නඞ්ගලීස ජාතකය (123)

අසබ‍්බත්‍ථගාමිං වාචන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලාළුදායිත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. සො කිර ධම‍්මං කථෙන‍්තො “ඉමස‍්මිං ඨානෙ ඉදං කථෙතබ‍්බං, ඉමස‍්මිං ඨානෙ ඉදං න කථෙතබ‍්බ”න‍්ති යුත‍්තායුත‍්තං න ජානාති, මඞ‍්ගලෙ අවමඞ‍්ගලං වදන‍්තො “තිරොකුට‍්ටෙසු තිට‍්ඨන‍්ති, සන්‍ධිසිඞ‍්ඝාටකෙසු චා”ති ඉදං අවමඞ‍්ගලං මඞ‍්ගලං කත්‍වා අනුමොදනං කථෙති. අවමඞ‍්ගලෙසු අනුමොදනං කරොන‍්තො “බහූ දෙවා මනුස‍්සා ච, මඞ‍්ගලානි අචින‍්තයු”න‍්ති වත්‍වා “එවරූපානං මඞ‍්ගලානං සතම‍්පි සහස‍්සම‍්පි කාතුං සමත්‍ථා හොථා”ති වදති. අථෙකදිවසං ධම‍්මසභායං භික‍්ඛූ “ආවුසො, ලාළුදායී යුත‍්තායුත‍්තං න ජානාති, සබ‍්බත්‍ථ අභාසිතබ‍්බවාචං භාසතී”ති කථං සමුට‍්ඨාපෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ලාළුදායී ඉදානෙව දන්‍ධපරිසක‍්කනො යුත‍්තායුත‍්තං න ජානාති, පුබ‍්බෙපි එවරූපො අහොසි, නිච‍්චං ලාළකොයෙව එසො”ති වත්‍වා අතීතං ආහරි.

“සබ්බත්‍ථ ගාමිං වාචං” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, ලාළුදායි තෙරුන් අරබයා දේශනා කළහ. ඒ තෙරණුවෝ වනාහි දම් දෙසන්නාහු, මෙතැන මෙය කිය යුතුය. මෙතැන මෙය කිය යුතුය යි සුදුසු නුසුදුසු බව නො දනියි. මංගල අවස්ථාවන්හි තිරොකුඩ්ඩ සූත්‍රයෙහි, භින්තීන් පිටත සිටියි. සතර මංසන්‍ධි, තුන් මංසන්‍ධිවල සිටින්නේ, අවමංගලයට සුදුසු බණ කියත්. අවමංගල අවස්ථාවල දී අනුමෙවෙන් බණ දෙසන්නාහු, මංගල සූත්‍රයෙහි බොහෝ දෙවි මිනිස්සු මංගල කරුණු සිතූහැ යි කියා මෙබඳු මංගල කරුණු සියයක් දහසක් කිරීමට සමර්ථ වවු යි කියයි. ඉක්බිති, එක් දවසක් දම් සභාවෙහි භික්‍ෂූහු ඇවැත්නි, ලාළුදායි තෙරණුවෝ යුතු අයුතු විධි නො දනියි. සැම තැන නො කිය යුතු වදන් සැම තැන දී කියයි යැ යි කථාවක් ඉපදවූහ. බුදුහු දම් සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නෙහි යි කී කල්හි මහණෙනි, ලාළුදායි කථාවෙහි යුතු අයුතු නො දන්නාහු, දැන් පමණක් නො වේ. පෙර ද එවැනි අයෙක් වූහ. මොහු සැමදා ම දොඩමළු වූවෙක් ම වූයේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා බාරාණසියං දිසාපාමොක‍්ඛො ආචරියො හුත්‍වා පඤ‍්ච මාණවකසතානි සිප‍්පං වාචෙසි. තදා තෙසු මාණවෙසු එකො දන්‍ධපරිසක‍්කනො ලාළකො මාණවො ධම‍්මන‍්තෙවාසිකො හුත්‍වා සිප‍්පං උග‍්ගණ‍්හාති, දන්‍ධභාවෙන පන උග‍්ගණ‍්හිතුං න සක‍්කොති. බොධිසත‍්තස‍්ස පන උපකාරො හොති, දාසො විය සබ‍්බකිච‍්චානි කරොති. අථෙකදිවසං බොධිසත‍්තො සායමාසං භුඤ‍්ජිත්‍වා සයනෙ නිපන‍්නො තං මාණවං හත්‍ථපාදපිට‍්ඨිපරිකම‍්මානි කත්‍වා ගච‍්ඡන‍්තං ආහ “තාත, මඤ‍්චපාදෙ උපත්‍ථම‍්භෙත්‍වා යාහී”ති. මාණවො එකං පාදං උපත්‍ථම‍්භෙත්‍වා එකස‍්ස උපත්‍ථම‍්භකං අලභන‍්තො අත‍්තනො ඌරුම‍්හි ඨපෙත්‍වා රත‍්තිං ඛෙපෙසි.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරන කල්හි බෝසත්හු බමුණු මහසල් කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියාහු, තක්සලාවෙන් සියලු ශිල්ප උගෙන බරණැස් නුවර දිසාපාමොක් ඇදුරු ව පන්සියයක් මානවකයන්ට ශිල්ප උගන්වති. මෙවුනතුරින් එක් මද උත්සාහ ඇති නුවණ මද මානවකයෙක් ධර්මාන්තේවාසික ව පිනට උගන්නා ශිෂ්‍යයකු වශයෙන් ශිල්ප උගනී. නුවණ මද බැවින් ඉගෙනීමෙහි දක්‍ෂ නො වේ. බෝසතුන්ට උපකාරීය. දාසයකු මෙන් සියලු කෘත්‍යය කරයි. දිනක් බෝසත්හු රාත්‍රී භෝජනය වළඳා සයනගත ව සිටියාහු, අත්පා පිට සම්භාහනය කොට යන්නා වූ අතවැසි අමතා දරුව, ඇඳ පාදයන්හි ආධාරක තබා යන්නැ යි කීහ. මානවකයා එක පාදයකට ආධාරකයක් නො ලැබ ඒ වෙනුවට තම කලවය ආධාරකය වෙනුවට තබා මුළු රාත්‍රිය ගෙවීය.

බොධිසත‍්තො පච‍්චූසසමයෙ උට‍්ඨාය තං දිස‍්වා “කිං, තාත, නිසින‍්නොසී”ති පුච‍්ඡි. “ආචරිය, එකස‍්ස මඤ‍්චපාදස‍්ස උපත්‍ථම‍්භකං අලභන‍්තො ඌරුම‍්හි ඨපෙත්‍වා නිසින‍්නොම‍්හී”ති. බොධිසත‍්තො සංවිග‍්ගමානසො හුත්‍වා “අයං අති විය මය‍්හං උපකාරො, එත‍්තකානං පන මාණවකානං අන‍්තරෙ අයමෙව දන්‍ධො සිප‍්පං සික‍්ඛිතුං න සක‍්කොති, කථං නු ඛො අහං ඉමං පණ‍්ඩිතං කරෙය්‍ය”න‍්ති චින‍්තෙසි. අථස‍්ස එතදහොසි “අත්‍ථෙකො උපායො, අහං ඉමං මාණවං දාරුඅත්‍ථාය පණ‍්ණත්‍ථාය ච වනං ගන‍්ත්‍වා ආගතං ‘අජ‍්ජ තෙ කිං දිට‍්ඨං, කිං කත’න‍්ති පුච‍්ඡිස‍්සාමි. අථ මෙ ‘ඉදං නාම අජ‍්ජ මයා දිට‍්ඨං, ඉදං කත’න‍්ති ආචික‍්ඛිස‍්සති. අථ නං ‘තයා දිට‍්ඨඤ‍්ච කතඤ‍්ච කීදිස’න‍්ති පුච‍්ඡිස‍්සාමි, සො ‘එවරූපං නාමා’ති උපමාය ච කාරණෙන ච කථෙස‍්සති. ඉති නං නවං නවං උපමඤ‍්ච කාරණඤ‍්ච කථාපෙත්‍වා ඉමිනා උපායෙන පණ‍්ඩිතං කරිස‍්සාමී”ති. සො තං පක‍්කොසාපෙත්‍වා “තාත මාණව, ඉතො පට‍්ඨාය දාරුඅත්‍ථාය වා පණ‍්ණත්‍ථාය වා ගතට‍්ඨානෙ යං තෙ තත්‍ථ දිට‍්ඨං වා සුතං වා භුත‍්තං වා පීතං වා ඛාදිතං වා හොති, තං ආගන‍්ත්‍වා මය‍්හං ආරොචෙය්‍යාසී”ති ආහ.

බෝසත්හු අළුයම් කාලයෙහි නැගිට ඔහු දැක දරුව, මෙහි හිඳින්නේ ඇයිදැ යි ඇසුවේය. ගුරුතුමනි, ඇඳපාදයට ආධාරයක් නො ලබන්නේ, කලවයෙහි තබා හුන්නෙමි. බෝසත්හු සංවේගයට පත්ව, මේ මානවකයා මට මහත් උපකාරීය. මෙපමණ අතවැසියන් අතරෙහි මොහු ම ඉගෙනීමෙහි අදක්‍ෂය. එම නිසා ශිල්ප ඉගෙනීමට නො හැකිය, මම කෙසේ නම් මොහු උගතකු කරම්දැ යි සිතීය. ඔහුට මෙසේ සිතිණි. ඒ සඳහා උපායක් ඇත. මේ මානවකයා දර හා කොළ ගෙන ඒමට වනයට ගොස් ආපසු ආ කල්හි, මෙසේ විචාරමි. අද ඔබ කිනම් දෙයක් දුටුවෙහි ද? කිනම් දෙසක් කළෙහි ද? යි එවිට ඔහු අද මම මේ මේ දේ දුටිමි. මේ මේ දේ කළෙමි යි කියන්නේය. එවිට මම ඔබ දුටු කළ දේ කෙබඳුදැ යි අසන්නෙමි. එවිට ඔබ දුටු කළ දේ මෙබඳුයැ යි උපමා හා හේතු දක්වමින් කියන්නේය. මේ අනුව පඬිවරයකු කරන්නෙමි. ඉක්බිති, ගුරුතුමා ඔහු කැඳවා දරුව, මෙතැන් පටන් ඔබ දර පිණිස හෝ කොළ පිණිස ගිය තන්හි යමක් ඔබ අසන ලද ද දකින ලද ද බුදින ලද ද බොන ලද ද කන ලද ද ඒ සියල්ල මට දන්වන්නැ යි කීය.

සො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා එකදිවසං මාණවෙහි සද‍්ධිං දාරුඅත්‍ථාය අරඤ‍්ඤං ගතො තත්‍ථ සප‍්පං දිස‍්වා ආගන‍්ත්‍වා “ආචරිය, සප‍්පො මෙ දිට‍්ඨො”ති ආරොචෙසි. “සප‍්පො නාම, තාත, කීදිසො හොතී”ති? “සෙය්‍යථාපි නඞ‍්ගලීසා”ති. “සාධු, තාත, මනාපා තෙ උපමා ආහටා, සප‍්පා නාම නඞ‍්ගලීසසදිසාව හොන‍්තී”ති. අථ බොධිසත‍්තො “මාණවකෙන මනාපා උපමා ආහටා, සක‍්ඛිස‍්සාමි නං පණ‍්ඩිතං කාතු”න‍්ති චින‍්තෙසි. මාණවො පුන එකදිවසං අරඤ‍්ඤෙ හත්‍ථිං දිස‍්වා “හත්‍ථී මෙ ආචරිය දිට‍්ඨො”ති ආහ. “හත්‍ථී නාම, තාත, කීදිසො”ති? “සෙය්‍යථාපි, නඞ‍්ගලීසා”ති. බොධිසත‍්තො “හත්‍ථිස‍්ස සොණ‍්ඩා නඞ‍්ගලීසසදිසා හොන‍්ති, දන‍්තාදයො එවරූපා ච එවරූපා ච. අයං පන බාලතාය විභජිත්‍වා කථෙතුං අසක‍්කොන‍්තො සොණ‍්ඩං සන්‍ධාය කථෙසි මඤ‍්ඤෙ”ති තුණ‍්හී අහොසි. අථෙකදිවසං නිමන‍්තනෙ උච‍්ඡුං ලභිත්‍වා “ආචරිය, අජ‍්ජ මයං උච‍්ඡු ඛාදිම‍්හා”ති ආහ. “උච‍්ඡු නාම කීදිසො”ති වුත‍්තෙ “සෙය්‍යථාපි නඞ‍්ගලීසා”ති ආහ. ආචරියො “ථොකං පතිරූපං කාරණං කථෙසී”ති තුණ‍්හී ජාතො.

අතවැසි ද මැනවැ යි පිළිගෙන, දිනක් දර කොළ සඳහා අනෙක් මානවයන් සමග වනයට ගියේ, සර්පයකු දැක ආපසු අවුත් ගුරුතුමන් හමුවී ගුරුතුමනි, මම සර්පයකු දුටිමි යි දැන්වීය. දරුව, සර්පයා කෙබඳු ද? ගුරුතුමනි, සර්පයා නගුලිසක් වැනිය. දරුව, ඉතා මැනවි. ඔබ ගෙනහැර දැක්වූයේ මනහර උපමාවකි. සර්පයෝ නගුළිස සමාන වෙත් මැයි. ඉක්බිති, බෝසත්හු සිතන්නාහු, මානවකයා දැක්වූයේ ගැළපෙන උපමාවකි. මොහු පණ්ඩිතයකු කිරීමට හැකියැ යි මානවකයා නැවත එක් දවසක් වනයෙහි දී ඇතකු දැක ගුරුතුමනි, මම ඇතකු දුටුවෙමි යි කීය. දරුව, ඇතා කෙබඳු වේ ද? නගුලිසක් වැනිය. දළ ආදිය ද මෙබඳු මෙබඳු වෙයි. මොහු මෝඩ බැවින් වෙන් වෙන් කොට කියන්ට නො හැකිව සොඬ සඳහා මෙසේ කීවා විය හැකියැ යි සිතා නිශ්ශබ්ද විය. නැවත එක් දවසක් ආරාධනා ලැබ ගිය තැනක දී උක් ලැබ ගුරුතුමනි, අපි අද උක් කෑවෙමු. උක් කුමක් වැනිදැ යි ඇසූ කල්හි නගුලිසක් වැනියැ යි කීය. ගුරුතුමා තරමක් ගැළපෙන සේ කීවේයැ යි නිශ්ශබ්ද විය.

පුනෙකදිවසං නිමන‍්තනෙ එකච‍්චෙ මාණවා ගුළං දධිනා භුඤ‍්ජිංසු, එකච‍්චෙ ඛීරෙන. සො ආගන‍්ත්‍වා “ආචරිය, අජ‍්ජ මයං දධිනා ඛීරෙන ච භුඤ‍්ජිම‍්හා”ති වත්‍වා “දධිඛීරං නාම කීදිසං හොතී”ති වුත‍්තෙ “සෙය්‍යථාපි නඞ‍්ගලීසා”ති ආහ. ආචරියො “අයං මාණවො ‘සප‍්පො නඞ‍්ගලීසසදිසො’ති කථෙන‍්තො තාව සුකථිතං කථෙසි, ‘හත්‍ථී නඞ‍්ගලීසසදිසො’ති කථෙන‍්තෙනාපි සොණ‍්ඩං සන්‍ධාය ලෙසෙන කථිතං. ‘උච‍්ඡු නඞ‍්ගලීසසදිස’න‍්ති කථනෙපි ලෙසො අත්‍ථි, ‘දධිඛීරානි පන නිච‍්චං පණ‍්ඩරානි පක‍්ඛිත‍්තභාජනසණ‍්ඨානානී’ති ඉධ සබ‍්බෙන සබ‍්බං උපමං න කථෙසි, න සක‍්කා ඉමං ලාළකං සික‍්ඛාපෙතු”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

නැවත එක් දවසක් නිමන්ත්‍රණ භෝජනයක දී උක් හකුරු සමග වැළඳූහ. සමහරු කිරි සමඟ වැළඳූහ. ඔහු ගුරුන් වෙත අවුත් ගුරුතුමනි, මම අද දී සහ කිරි වැළඳුවෙමි යි කීය. දී සහ කිරි කෙබඳුදැ යි ඇසූ කල්හි නගුලිසක් හා සමානයැ යි කීය. එවිට ගුරුතුමා මෙසේ සිතීය. මේ මානවකයා පළමු ව සර්පයා නගුලිස වැනියැ යි කීම සුදුසුය. දෙවැනි ව ඇතා නගුලිස වැනි යි කීම සොඬය සඳහා ගැළපේ. තෙවැනි ව උක් ගස නගුලිසට සමාන කිරීම ලේෂ මාත්‍රයකින් සමානය. එහෙත් දී හා කිරි සුදුය. දැමූ භාජනය හා සමාන ව පවතී. සියලු ආකාරයෙන් උපමාව නො ගැළපේ. මේ මෝඩ අතවැසියාට ඉගැන්වීමට නො කළ හැකියැ යි කියා මේ ගාථාව කීය.

“අසබ‍්බත්‍ථගාමිං වාචං, බාලො සබ‍්බත්‍ථ භාසති; නායං දධිං වෙදි න නඞ‍්ගලීසං, දධිප‍්පයං මඤ‍්ඤති නඞ‍්ගලීස”න‍්ති.

“අසබ්බත්‍ථ ගාමිං වාචං, බාලො සබ්බත්‍ථ භාසති, නායං දධිං වෙදි න නඞ්ගලීසං, දධිම්පයං මඤ්ඤති නඞ්ගලීසන්ති”

“බාලයා හැම තැනට ම නුසුදුසු වචන හැම තැන දී ම බෙනෙයි. මේ තෙම දී කිරි ද නගුලිය ද නො දන්නේය. යම් හෙයකින් දී කිරි නගුලියයැ යි සිතා ද එහෙයිනි.”

තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – යා වාචා ඔපම‍්මවසෙන සබ‍්බත්‍ථ න ගච‍්ඡති, තං අසබ‍්බත්‍ථගාමිං වාචං බාලො දන්‍ධපුග‍්ගලො සබ‍්බත්‍ථ භාසති, “දධි නාම කීදිස”න‍්ති පුට‍්ඨොපි “සෙය්‍යථාපි, නඞ‍්ගලීසා”ති වදතෙව. එවං වදන‍්තො නායං දධිං වෙදි න නඞ‍්ගලීසං. කිංකාරණා? දධිප‍්පයං මඤ‍්ඤති නඞ‍්ගලීසං, යස‍්මා අයං දධිම‍්පි නඞ‍්ගලීසමෙව මඤ‍්ඤති. අථ වා දධීති දධිමෙව, පයන‍්ති ඛීරං, දධි ච පයඤ‍්ච දධිප‍්පයං. යස‍්මා දධිඛීරානිපි අයං නඞ‍්ගලීසමෙව මඤ‍්ඤති, එදිසො චායං බාලො, කිං ඉමිනාති අන‍්තෙවාසිකානං ධම‍්මකථං කථෙත්‍වා පරිබ‍්බයං දත්‍වා තං උය්‍යොජෙසි.

එහි, මේ සංක්‍ෂේප අර්ථයයි. යම් වචනයක් උපමා වශයෙන් හැමතැනම නොගැළපේද ඒ, “අසබ්බත්‍ථ ගාමිං වාචං බාලො”, බාලයා, “සබ්බත්‍ථ භාසති”, හැම තැන දී ම කියයි. දී කෙබඳුදැ යි විචාළ කල්හි නගුලිය වැනියැ යි කියයි. එසේ කියන විට, “නායං දධිං වෙදි න නඞ්ගලීසං”, මේ තෙම දී හෝ නගුලිය නො දනී. මක්නිසා ද? “දධිම්පයං මඤ්ඤති නඞ්ගලීසන්ති”, මේ තෙම දී ද නගුලිය මෙන් යැයි සිතන හෙයිනි. වෙනත් ක්‍රමයකින් “දධි” නම් දීය. “පය” නම් කිරිය. ඒ “දධිප්පයි”, නමි. යම් හෙයකින් දී හා කිරි නගුලිය වශයෙන් මොහු දකී ද, එබඳු මෝඩයකි. මොහුගෙන් ඇති ඵලය කිම යි අතවැසියන්ට ගාථාව කියා බාල අතවැසියාට මඟ වියදම් දී ඔහු පිටත් කළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ලාළකමාණවො ලාළුදායී අහොසි, දිසාපාමොක‍්ඛො ආචරියො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදින බාල මානවකයා ලාළුදායි විය. දිසාපාමොක් ඇදුරු වනාහි මම ම වීමි.

නඞ‍්ගලීසජාතකවණ‍්ණනා තතියා.