4. අම්බජාතකවණ්ණනා 124 අට්ඨකථා
4. අම්බජාතකවණ්ණනා (124)
4. අම්බ ජාතකය (124)
වායමෙථෙව පුරිසොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං වත්තසම්පන්නං භික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථිවාසී කුලපුත්තො සාසනෙ උරං දත්වා පබ්බජිතො වත්තසම්පන්නො අහොසි, ආචරියුපජ්ඣායවත්තානි පානීයපරිභොජනීයඋපොසථාගාරජන්තාඝරාදිවත්තානි ච සාධුකං කරොති, චුද්දසසු මහාවත්තෙසු අසීතිඛන්ධකවත්තෙසු ච පරිපූරකාරීයෙව හොති, විහාරං සම්මජ්ජති, පරිවෙණං විතක්කමාළකං විහාරමග්ගං සම්මජ්ජති, මනුස්සානං පානීයං දෙති. මනුස්සා තස්ස වත්තසම්පත්තියං පසීදිත්වා පඤ්චසතමත්තානි ධුවභත්තානි අදංසු, මහාලාභසක්කාරො උප්පජ්ජි. තං නිස්සාය බහූනං ඵාසුවිහාරො ජාතො. අථෙකදිවසං ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “ආවුසො, අසුකො නාම භික්ඛු අත්තනො වත්තසම්පත්තියා මහන්තං ලාභසක්කාරං නිබ්බත්තෙසි, එතං එකං නිස්සාය බහූනං ඵාසුවිහාරො ජාතො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ , එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපායං භික්ඛු වත්තසම්පන්නො, පුබ්බෙපෙතං එකං නිස්සාය පඤ්ච ඉසිසතානි ඵලාඵලත්ථාය අරඤ්ඤං අගන්ත්වා එතෙනෙව ආනීතඵලාඵලෙහි යාපෙසු”න්ති වත්වා අතීතං ආහරි.
“වායමෙථෙව පුරිසොති” යන මේ දේශනාව බුදු රජහු දෙව්රම වැඩ වාසය කරන කල්හි එක්තරා සිරිත් විරිත් ගරු කරන බමුණකු අරබයා වදාළහ. හෙතෙම වනාහි සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙක් සසුනට ළය දී (හිතැති ව) පැවිදි වූයේ වත පිළිවෙතින් සම්පූර්ණ වූයේ විය. ආචාර්ය උපාධ්‍යාය වත් ද බොන පැන්, පරිභෝග කරන පැන්, පොහොය ගෙයි ගිනිහල් ගෙයි වත් ද මනාව ඉටු කරයි. දහ හතරක් මහා වත් ද අසූවක් ඛන්ධක වත් ද සම්පූර්ණ කරන්නේ විය. විහාරය අමදියි. පන්සල, භික්ෂූහු සිඟන්නට යා යුතු තැන් තීරණය කරන, මළුව හා විහාර මාර්ගය ද අමදියි. මිනිසුන්ට පැන් දෙයි. මිනිස්සු උන් වහන්සේගේ වත් පිළිවෙත් කෙරෙහි පැහැදී පන්සියයක් පමණ වූ ධ්‍රර (වාර) බත් දුන්හ. මහත් ලාභා සත්කාර උපන්නේය. ඒ නිසා බොහෝ දෙනකුට පහසුකම් හට ගත්තේය. ඉක්බිති, එක් දිනක් දම් සභාවෙහි භික්ෂූහු කථාවක් ඉපදවූහ. මහණෙනි, අසවල් නම් භික්ෂුව තමන්ගේ වත් පිළිවෙත් නිසා මහත් ලාභ සත්කාර ඉපදවීය. මේ එක ම පුද්ගලයා නිසා බොහෝ අයට පහසුකම් ඇතිවිය. බුදු රජහු වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්ත ව හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොව, පෙරත් මේ භික්ෂුව වත් පිළිවෙත් සපුරන්නෙකි. පෙරත් මෙසේය. එක ම පුද්ගලයා නිසා පන්සියයක් තාපසවරු පලාඵල සඳහා අවුත් මොහු විසින් ම ගෙනෙන ලද ඵලවැලින් ම යැපුණාහුයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො උදිච්චබ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා පඤ්චසතඉසිපරිවාරො පබ්බතපාදෙ විහාසි. තදා හිමවන්තෙ චණ්ඩො නිදාඝො අහොසි, තත්ථ තත්ථ පානීයානි ඡිජ්ජිංසු, තිරච්ඡානා පානීයං අලභමානා කිලමන්ති. අථ තෙසු තාපසෙසු එකො තාපසො තෙසං පිපාසදුක්ඛං දිස්වා එකං රුක්ඛං ඡින්දිත්වා දොණිං කත්වා පානීයං උස්සිඤ්චිත්වා දොණිං පූරෙත්වා තෙසං පානීයං අදාසි. බහූසු සන්නිපතිත්වා පානීයං පිවන්තෙසු තාපසස්ස ඵලාඵලත්ථාය ගමනොකාසො නාහොසි. සො නිරාහාරොපි පානීයං දෙතියෙව. මිගගණා චින්තෙසුං “අයං අම්හාකං පානීයං දෙන්තො ඵලාඵලත්ථාය ගන්තුං ඔකාසං න ලභති, නිරාහාරතාය අතිවිය කිලමති, හන්දමයං කතිකං කරොමා”ති. තෙ කතිකං අකංසු “ඉතො පට්ඨාය පානීයං පිවනත්ථාය ආගච්ඡන්තෙන අත්තනො බලානුරූපෙන ඵලාඵලං ගහෙත්වාව ආගන්තබ්බ”න්ති. තෙ තතො පට්ඨාය එකෙකො තිරච්ඡානො අත්තනො අත්තනො බලානුරූපෙන මධුරමධුරානි අම්බජම්බුපනසාදීනිගහෙත්වාව ආගච්ඡති. එකස්ස අත්ථාය ආභතං ඵලාඵලං අඩ්ඪතෙය්යසකටභාරප්පමාණං අහොසි. පඤ්චසතතාපසා තදෙව පරිභුඤ්ජන්ති. අතිරෙකං ඡඩ්ඩියිත්ථ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු නැගෙනහිර උසස් බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියෝ, තවුස් පැවිද්දෙන් පැවිදි ව පන්සියයක් තාපසවරුන් විසින් පිරිවරන ලද්දෝ, පර්වත බෑවුමක විසූහ. එකල හිමාලය වනයෙහි දරුණු නිහඟයක් ඇතිවිය. ඒ ඒ තැන දිය සිඳී ගියේය. තිරිසන්ගත සත්තු පැන් නො ලබා ක්ලාත් වෙත්. ඉක්බිති, ඒ තාපසයන් අතුරෙන් එක් තාපසයෙක් ඔවුන්ගේ පිපාස දුක දැක එක් ගසක් කපා ඔරුවක් කොට පැන් ඉස ඔරුව පුරවා ඔවුන්ට පැන් දුන්නේය. බොහෝ දෙනා එක් රැස්වී පැන් බොන කල්හි තාපසයාට පලාඵල පිණිස යන්නට ඉඩක් නො වීය. ඔහු නිරාහාරව පැන් දෙන්නේ මය. මෘග සමූහයා මෙසේ සිතූහ. මේ තෙමේ අපට පැන් දෙන්නේ, පලාඵල පිණිස යන්නට අවකාශයක් නො ලබයි. ආහාර නොමැතිකමින් අතිශයින් ක්ලාන්ත වෙයි. අපි ගිවිසුමක් කරමු නම් යහපති. ඔවුහු කතිකාවක් කළහ. මෙතැන් පටන් පැන් බීමට එන්නවුන් විසින් තමන්ගේ හැකියාවට ගැළපෙන පරිදි පලාඵල රැගෙන ආ යුත්තාහ. එතැන් පටන් එක් එක් තිරිසන්ගත සත්ත්වයන් තමාගේ බලයට ගැලපෙන පරිදි මිහිරි අඹ, ජම්බු, කොස් ආදිය රැගෙන ම එයි. එකකු සඳහා ගෙනඑන ලද පලතුරු ප්‍රමාණය ගැල් එක හමාරක් පුරවන්නට තරම් සෑහෙයි. තාපසවරු පන්සියය ම ඒවා අනුභව කරත්. වැඩි කොටස් ඉවතලූහ.
බොධිසත්තො තං දිස්වා “එකං නාම වත්තසම්පන්නං නිස්සාය එත්තකානං තාපසානං ඵලාඵලත්ථාය අගන්ත්වා යාපනං උප්පන්නං, වීරියං නාම කාතබ්බමෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
බෝසත්හු එය දැක එක් පුරන්නකු නිසා මෙපමණක් තවුසන්ට පලාඵල සඳහා නො ගොස් යැපීම් උපන්නේය. වීර්යය නම් කළ යුතු මයැ යි කියා මේ ගාථව කීහ.
“වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; වායාමස්ස ඵලං පස්ස, භුත්තා අම්බා අනීතිහ”න්ති.
“වායමෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, වායමස්ස ඵලං පස්ස භූත්තා අම්බා අනීතිහන්ති”
“නුවණ ඇති පුරුෂ තෙමේ වෑයම් කෙරේ මය. නො කළ කිරෙන්නේය. වෑයම් කිරීමේ ප්‍රයෝජනය බලය. (රස) මෙසේ ද වීයැ යි, මෙසේ ද වීයැ යි ඇසීම් මාත්‍රයෙන් නොවැ (ප්රත්යක්ෂයෙන්ම) අඹ අනුභව කරන ලද්දහුය.”
තත්රායං සඞ්ඛෙපත්ථො – පණ්ඩිතො අත්තනො වත්තපූරණාදිකෙ කම්මස්මිං වායමෙථෙව, න උක්කණ්ඨෙය්ය. කිංකාරණා? වායාමස්ස නිප්ඵලතාය අභාවතො. ඉති මහාසත්තො “වායාමො නාමෙස සඵලොව හොතී”ති ඉසිගණං ආලපන්තො “වායාමස්ස ඵලං පස්සා”ති ආහ. කීදිසං? භුත්තා අම්බා අනීතිහං. තත්ථ අම්බාති දෙසනාමත්තං, තෙහි පන නානප්පකාරානි ඵලාඵලානි ආභතානි. තෙසු සම්පන්නතරානං උස්සන්නතරානං වා වසෙන “අම්බා”ති වුත්තං. යෙ ඉමෙහි පඤ්චහි ඉසිසතෙහි සයං අරඤ්ඤං අගන්ත්වා එකස්ස අත්ථාය ආනීතා අම්බා භුත්තා, ඉදං වායාමස්ස ඵලං. තඤ්ච ඛො පන අනීතිහං, “ඉති ආහ ඉති ආහා”ති එවං ඉතිහීතිහෙන ගහෙතබ්බං න හොති, පච්චක්ඛමෙව තං ඵලං පස්සාති. එවං මහාසත්තො ඉසිගණස්ස ඔවාදං අදාසි.
මේ එහි කෙටි අර්ථයයි. “පණ්ඩිතො”, තමන්ගේ වත් පිරීම් ආදී ක්‍රියාවන්හි, “වායමෙථෙම”, උත්සාහ කරන්නේමය. නො කළකිරෙන්නේ මක්නිසා ද? උත්සාහයේ නිශ්ඵල බවක් නැති හෙයිනි. මෙසේ මහා සත්හු උත්සාහය නම් සඵල වීමයැ යි තවුස් සමූහයා අමතමින්, “වායමස්ස ඵලං පස්සාති”, උත්සාහයේ ඵලය බලවයි කීහ. කෙබඳු ද? “භූත්තා අම්බා අනීතිහන්ති”, ප්රත්යක්ෂයෙන් අඹ අනුභව කරන ලද්දහුය. මෙහි අඹ යනු දේශනා ක්‍රමයයි. ඒ වඳුරන් විසින් විවිධ වූ කුඩා මහත් ඵල ගෙනෙන ලද්දේ වෙයි එහෙත් රසයෙන් වඩාත් රස වූ හෙයින් අඹ ම මෙහි දී කියන ලදි. මේ පන්සියයක් තාපසයන් විසින් තම තමන් වනයට නො ගොස් එකකු සඳහා ගෙනෙන ලද අඹ යම් කෙනෙක් අනුභව කළෝ ද මේ උත්සාහයේ ඵලයයි. එය වනාහි මෙසේ වීලු. මෙසේ වීලු ආදී වශයෙන් නො ගෙන ප්රත්යක්ෂයෙන් ම එහි ඵලය බලව යි, බෝසත්හු තවුස් සමූහයට අවවාද දුන්හ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා වත්තසම්පන්නො තාපසො අයං භික්ඛු අහොසි, ගණසත්ථා පන අහමෙව අහොසි”න්ති.
බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළහ. එකල වත් පිරූ තාපසයා මේ භික්ෂුව විය. තාපස නායකයා වනාහි මම ම වීමි.
අම්බජාතකවණ්ණනා චතුත්ථා.