5. කටාහකජාතකවණ්ණනා 125 අට්ඨකථා
5. කටාහකජාතකවණ්ණනා (125)
5. කටාහක ජාතකය (125)
බහුම්පි සො විකත්ථෙය්යාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං විකත්ථකභික්ඛුං ආරබ්භ කථෙසි. තස්ස වත්ථු හෙට්ඨා කථිතසදිසමෙව.
“බහුම්පි සො විකතේථය්යති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, එක තමා ගුණ වණන භික්ෂුවකු අරබයා දෙසූහ. මෙහි කථා පුවත යට කියන ලද පරිදි ම වේ.
අතීතෙ පන බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො මහාවිභවො සෙට්ඨි අහොසි. තස්ස භරියා පුත්තං විජායි, දාසීපිස්ස තං දිවසඤ්ඤෙව පුත්තං විජායි. තෙ එකතොව වඩ්ඪිංසු. සෙට්ඨිපුත්තෙ ලෙඛං සික්ඛන්තෙ දාසොපිස්ස ඵලකං වහමානො ගන්ත්වා තෙනෙව සද්ධිං ලෙඛං සික්ඛි, ගණනං සික්ඛි, ද්වෙ තයො වොහාරෙ අකාසි. සො අනුක්කමෙන වචනකුසලො වොහාරකුසලො යුවා අභිරූපො අහොසි, නාමෙන කටාහෙකො නාම. සො සෙට්ඨිඝරෙ භණ්ඩාගාරිකකම්මං කරොන්තො චින්තෙසි “න මං ඉමෙ සබ්බකාලං භණ්ඩාගාරිකකම්මං කාරෙස්සන්ති, කිඤ්චිදෙව දොසං දිස්වා තාළෙත්වා බන්ධිත්වා ලක්ඛණෙන අඞ්කෙත්වා දාසපරිභොගෙනපි පරිභුඤ්ජිස්සන්ති. පච්චන්තෙ ඛො පන සෙට්ඨිස්ස සහායකො සෙට්ඨි අත්ථි, යංනූනාහං සෙට්ඨිස්ස වචනෙන ලෙඛං ආදාය තත්ථ ගන්ත්වා ‘අහං සෙට්ඨිපුත්තො’ති වත්වා තං සෙට්ඨිං වඤ්චෙත්වා තස්ස ධීතරං ගහෙත්වා සුඛං වසෙය්ය”න්ති. සො සයමෙව පණ්ණං ගහෙත්වා “අහං අසුකං නාම මම පුත්තං තව සන්තිකං පහිණිං, ආවාහවිවාහසම්බන්ධො නාම මය්හඤ්ච තයා, තුය්හඤ්ච මයා සද්ධිං පතිරූපො, තස්මා ත්වං ඉමස්ස දාරකස්ස අත්තනො ධීතරං දත්වා එතං තත්ථෙව වසාපෙහි, අහම්පි ඔකාසං ලභිත්වා ආගමිස්සාමී”ති ලිඛිත්වා සෙට්ඨිස්සෙව මුද්දිකාය ලඤ්ජෙත්වා යථාරුචිතං පරිබ්බයඤ්චෙව ගන්ධවත්ථාදීනි ච ගහෙත්වා පච්චන්තං ගන්ත්වා සෙට්ඨිං දිස්වා වන්දිත්වා අට්ඨාසි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු මහත් සම්පත් ඇති සිටු කෙනෙක් වූහ. ඔහුගේ බිරිය පුතකු වැදුවාය. ඔහුගේ දාසිය ද එදින ම පුතකු වැදුවාය. සිටු පුත් අකුර කරන විට ම දාස පුතු ද පුවරුවක් ඔසවාගෙන ගොස් ඔහු සමග ම අකුරු ඉගෙන ගනී. ගණිතය ද උගත්තේය. දෙක, තුන ආදී වශයෙන් ගනුදෙනු කළේය. ඔහු ක්‍රමයෙන් වචන ව්‍යවහාරයෙහි දක්ෂ ව වෙළඳාමෙහි ද දක්ෂ විය. එසේ ම තරුණ වූ කල මනා රූ ඇත්තකු ද විය. නමින් කටාහක විය. ඔහු සිටු ගෘහයෙහි භාණ්ඩාගාරික තනතුර ද කැරෙමින් මෙසේ සිතී. මොවුහු හැමදා මෙගෙදර භාණ්ඩාගාරික කාර්යය නො කැරවන්නේය. කිසියම් දොසක් පෙන්වා තලාපෙළා බැඳ ඇඟ ලකුණු ඔබ්බවා දාසයකු ලෙස ම තබා ගන්නේය. පසල් දනව්වක මේ සිටුගේ යහළු සිටුවරයෙක් සිටී, මම සිටුතුමාගේ වචනය ලෙස හැඟෙන පරිදි හසුනක් ගෙන එහි ගොස් මම සිටුතුමාගේ පුත්‍රයා වෙමි යි කියා ඒ සිටු රවටා ඔහුගේ දියණිය පාවා ගෙන සුව සේ වසන්නේ නම් මැනවි යි සිතී. ඔහු තමා ම හසුනක් සකසා මෙම අසවල් නම් ඇති මගේ පුතු ඔබ වෙත එවමි. ආවාහ විවාහ සම්බන්ධය මා ඔබ සමග ද ඔබ මා සමග ද සුදුසුය. එම නිසා මේ පුතුට තමාගේ දියණිය පාවා දී මොහු ඔබ ම වස්වා ගනු මැනවි. මම ද අවකාශයක් ලැබුණු විට එන්නෙමි යි ලියා සිටුගේ මුද්දෙන් හස් තබා කැමැති පරිදි මඟ වියදම් හා සුවඳ වස්ත්‍රාදිය ද ගෙන පසල් රට ගොස් සිටුතුමා දැක වැඳ සිටියේය.
අථ නං සෙට්ඨි “කුතො ආගතොසි, තාතා”ති පුච්ඡි. “බාරාණසිතො”ති. “කස්ස පුත්තොසී”ති? “බාරාණසිසෙට්ඨිස්සා”ති. “කෙනත්ථෙනාගතොසී”ති? තස්මිං ඛණෙ කටාහකො “ඉදං දිස්වා ජානිස්සථා”ති පණ්ණං අදාසි. සෙට්ඨි පණ්ණං වාචෙත්වා “ඉදානාහං ජීවාමි නාමා”ති තුට්ඨචිත්තො ධීතරං දත්වා පතිට්ඨාපෙසි. තස්ස පරිවාරො මහන්තො අහොසි. සො යාගුඛජ්ජකාදීසු වා වත්ථගන්ධාදීසු වා උපනීතෙසු “එවම්පි නාම යාගුං පචන්ති, එවං ඛජ්ජකං, එවං භත්තං, අහො පච්චන්තවාසිකා නාමා”ති යාගුආදීනි ගරහති. “ඉමෙ පච්චන්තවාසිභාවෙනෙව අහතසාටකෙ වළඤ්ජිතුං න ජානන්ති, ගන්ධෙ පිසිතුං, පුප්ඵානි ගන්ථිතුං න ජානන්තී”ති වත්ථකම්මන්තිකාදයො ගරහති.
ඉක්බිති, සිටු, දරුව, කොහි සිට ආවෙහිදැ යි ඇසීය. බරණැස සිට ආවෙමි. කාගේ පුත්‍රයෙක් වෙහි ද? බරණැස් සිටුහුගේ පුත වෙමි. කුමක් නිසා ආවෙහි ද? එකෙණෙහි කටාහක මේ බලා දනු මැනවැ යි හසුන දුන්නේය. සිටු හසුන කියවා, දැන් මම පණ ලද්දේ වෙමි යි සතුටු ව දියණිය පාවා දී නැවතීමට සැලැස්වීය. ඔහුගේ පිරිවර ද සතුටු ව දියණිය පාවා දී නැවතීමට සැලැස්වීය. ඔහුගේ පිරිවර ද මහත් විය. කැඳ, කැවිලි ආදිය හෝ වස්ත්‍ර, සුවඳ විලවුන් ආදිය එළවූ කල්හි, කැඳ පිසින්නේ මෙසේ ද? කැවිලි බත් පිසින්නේ මෙසේ ද? අහෝ පිටිසර වැසියන්ගේ හැටි යි නින්දා කරයි. පිටිසර වැසියන් නිසා සළුපිළි හකුළා හදින්ට නො දනිති. සුවඳ විලවුන් ඉලීමට හෝ මල්මාලා ගෙතීමට නො දනිති යි පෙහෙකම් කරන්නවුන්ට ගරහයි.
බොධිසත්තොපි දාසං අපස්සන්තො “කටාහකො න දිස්සති, කහං ගතො, පරියෙසථ න”න්ති සමන්තා මනුස්සෙ පයොජෙසි. තෙසු එකො තත්ථ ගන්ත්වා තං දිස්වා සඤ්ජානිත්වා අත්තානං අජානාපෙත්වා ආගන්ත්වා බොධිසත්තස්ස ආරොචෙසි. බොධිසත්තො තං පවත්තිං සුත්වා “අයුත්තං තෙන කතං, ගන්ත්වා නං ගහෙත්වා ආගච්ඡිස්සාමී”ති රාජානං ආපුච්ඡිත්වා මහන්තෙන පරිවාරෙන නික්ඛමි. “සෙට්ඨි කිර පච්චන්තං ගච්ඡතී”ති සබ්බත්ථ පාකටො ජාතො. කටාහකො “සෙට්ඨි කිර ආගච්ඡතී”ති සුත්වා චින්තෙසි “න සො අඤ්ඤෙන කාරණෙන ආගච්ඡිස්සති, මං නිස්සායෙවස්ස ආගමනෙන භවිතබ්බං. සචෙ පනාහං පලායිස්සාමි, පුන ආගන්තුං න සක්කා භවිස්සති. අත්ථි පනෙස උපායො. මම සාමිකස්ස පටිපථං ගන්ත්වා දාසකම්මං කත්වා තමෙව ආරාධෙස්සාමී”ති. සො තතො පට්ඨාය පරිසමජ්ඣෙ එවං භාසති “අඤ්ඤෙ බාලමනුස්සා අත්තනො බාලභාවෙන මාතාපිතූනං ගුණං අජානන්තා තෙසං භොජනවෙලාය අපචිතිකම්මං අකත්වා තෙහි සද්ධිංයෙව භුඤ්ජන්ති, මයං පන මාතාපිතූනං භොජනකාලෙ පටිග්ගහං උපනෙම, ඛෙළමල්ලකං උපනෙම, භාජනානි උපනෙම, පානීයම්පි බීජනිම්පි ගහෙත්වා උපතිට්ඨාමා”ති යාව සරීරවළඤ්ජනකාලෙ උදකකලසං ආදාය පටිච්ඡන්නට්ඨානගමනා සබ්බං දාසෙහි සාමිකානං කත්තබ්බකිච්චං පකාසෙසි.
ඉක්බිති, බෝසත්හු ද දාසයා නො දැක කටාහක පෙනෙන්ට නැත. කොහි ගියේ ද? ඔහු සොයව්. හාත්පස මිනිසුන් යෙදවූහ. ඔවුන්ගෙන් එකෙක් එහි ගොස් කටාහක දැක හැඳින තමා නොදන්වා අවුත් බෝසතුන්ට සැලකළේය. බෝසත්හු ද එපවත් අසා දාසයා කළේ අයුත්තකි. ඔහු ද රැගෙන ආපසු එමි යි රජුන් විචාරා මහත් පිරිවරින් නික්මුණහ. සිටුතුමා පසල් දනව්වට යතැ යි හැමතැන පතළ විය. කටාහක සිටුතුමන් එතැ යි අසා සිතන්ට විය. සිටුතුමා පැමිණෙන්නේ අන් කරුණක් නිසා නො වේ. ඔහුගේ පැමිණීම මා නිසා ම විය යුතුයි. ඉදින්, මම පලා ගියේ නම් නැවත පැමිණීමට නො හැකිය. දැන් එක්තරා උපායක් ඇත. සිටුතුමාට පෙර ගමන් කොට දාසයකු කළ යුතු දේ කොට ඔහු සිත් ගනිමි. එතැන් පටන් තම පිරිස් මැද මෙසේ කියයි. සමහර නුවණ මද මිනිස්සු තමන්ගේ නො දැනීම නිසා මව්පියන්ගේ ගුණ නො දැන ඔවුන් ආහාර අනුභව කරන වේලාවෙහි ගෞරවාදර නො කොට ඔවුන් සමග ම අනුභව කරති. අපි වනාහි මව්පියන් අනුභව කරන වේලාවෙහි අත් දෝනා භාජනය එළවමු. කෙළ පඩික්කම භාජන එළවා තබමි. පැන් හා විජිනිපත ගෙන එළැඹ සිටිමු. ශරීර කෘත්‍යය කරන කල දිය බඳුන ගෙන පිළිසන් තැනට යෑම දක්වා දාසයකු තම ස්වාමියාට කළයුතු සියලු කටයුතු ප්‍රකාශ කළේය.
සො එවං පරිසං උග්ගණ්හාපෙත්වා බොධිසත්තස්ස පච්චන්තසමීපං ආගතකාලෙ සසුරං අවොච “තාත, මම කිර පිතා තුම්හාකං දස්සනත්ථාය ආගච්ඡති, තුම්හෙ ඛාදනීයභොජනීයං පටියාදාපෙථ, අහං පණ්ණාකාරං ගහෙත්වා පටිපථං ගමිස්සාමී”ති. සො “සාධු, තාතා”ති සම්පටිච්ඡි. කටාහකො බහුං පණ්ණාකාරමාදාය මහන්තෙන පරිවාරෙන ගන්ත්වා බොධිසත්තං වන්දිත්වා පණ්ණාකාරං අදාසි. බොධිසත්තොපි පණ්ණාකාරං ගහෙත්වා තෙන සද්ධිං පටිසන්ථාරං කත්වා පාතරාසකාලෙ ඛන්ධාවාරං නිවාසෙත්වා සරීරවළඤ්ජනත්ථාය පටිච්ඡන්නට්ඨානං පාවිසි. කටාහකො අත්තනො පරිවාරං නිවත්තෙත්වා කලසං ආදාය බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා උදකකිච්චපරියොසානෙ පාදෙසු පතිත්වා “සාමි, අහං තුම්හාකං යත්තකං ඉච්ඡථ, තත්තකං ධනං දස්සාමි, මා මෙ යසං අන්තරධාපයිත්ථා”ති ආහ. බොධිසත්තො තස්ස වත්තසම්පදාය පසීදිත්වා “මා භායි, නත්ථි තෙ මම සන්තිකා අන්තරායො”ති සමස්සාසෙත්‍වා පච්චන්තනගරං පාවිසි. මහන්තො සක්කාරො අහොසි, කටාහකොපිස්ස නිරන්තරං දාසෙන කත්තබ්බකිච්චං කරොති. අථ නං එකාය වෙලාය සුඛනිසින්නං පච්චන්තසෙට්ඨි ආහ “මහාසෙට්ඨි, මයා තුම්හාකං පණ්ණං දිස්වාව තුම්හාකං පුත්තස්ස දාරිකා දින්නා”ති බොධිසත්තො කටාහකං පුත්තමෙව කත්වා තදනුච්ඡවිකං පියවචනං වත්වා සෙට්ඨිං තොසෙසි. තතො පට්ඨාය කටාහකස්ස මුඛං උල්ලොකෙතුං සමත්ථො නාම නාහොසි.
හෙතෙම මෙසේ ඒ පිරිස දැනුවත් කොට බෝසතුන් ගම් දොරට පැමිණි කල මයිලණුවන්ට මෙසේ කීය. පියාණෙනි, මගේ පියා ඔබතුමන් දැකීම පිණිස එන්නේය. කන බොන දෑ පිළියෙල කරනු මැනවි. මම පඬුරු ගෙන පෙර මඟට යන්නෙමි. සිටු ද දරුව, මැනවැ යි පිළිගත්තේය. කටාහක ද බොහෝ පඬුරු ගෙන මහත් පිරිවරින් ගොස් බෝසතුන් වැඳ පඬුරු පිළිගැන්වීය. පඬුරු පිළිගත් බෝසත්හු ඔහු සමග පිළිසඳර කථා කොට උදය භෝජන කාලයෙහි කඳවුරෙහි වැස ශරීර කෘත්‍යය සඳහා පිළිසන් පෙදෙසකට ගියහ. කටාහක එවිට තම පිරිවර නවතා දිය බඳුන ගෙන බෝසතුන් වෙත ගොස් දිය කිස අවසානයෙහි පාමුල වැටී ස්වාමීනි, ඔබතුමා යම් පමණ ධනය කැමැත්තේ ද එපමණ දෙන්නෙමි. මගේ කීර්තිය ගෙන නො යනු මැනවැ යි කීය. බෝසත්හු ද ඔහුගේ ගති පැවතුම් පිළිබඳ පැහැදී බිය නො වන්න. මා නිසා ඔබට බියක් හෝ අනතුරක් නො වන්නේ යි පවසා පසල් ගමට පිවිසියේය. ඔහුට මහත් සත්කාර විය. කටාහක ද සිටුතුමන්ට කළයුතු සියලු දේ දාසයකු මෙන් කරයි. ඉක්බිති එක් වේලාවක බරණැස සිටු හා පසල් ගම් වැසි සිටු සතුටු සාමීචියේ යෙදී සිටින විට පසල් දනව් වැසි සිටු මහසිටුතුමනි, මම ඔබගේ හසුන දැක ඔබ පුතුට මගේ දියණිය දුනිමි. එවිට බෝසත් සිටු, කටාහක තමාගේ ම පුතෙකු කොට ඊට සුදුසු වන්නේ පිය තෙපුල් කියා සන්තෝෂ කළේය. එතැන් සිට කටාහකගේ මුහුණ සෘජු ව බැලීමට පවා සමතකු නො වීය.
අථෙකදිවසං මහාසත්තො සෙට්ඨිධීතරං පක්කොසිත්‍වා “එහි, අම්ම, සීසෙ මෙ ඌකා විචිනාහී”ති වත්වා තං ආගන්ත්වා ඌකා ගහෙත්වා ඨිතං පියවචනං වත්වා “කථෙහි, අම්ම, කච්චි තෙ මම පුත්තො සුඛදුක්ඛෙසු අප්පමත්තො , උභො ජනා සම්මොදමානා සමග්ගවාසං වසථා”ති පුච්ඡි. “තාත, මහාසෙට්ඨි තුම්හාකං පුත්තස්ස අඤ්ඤො දොසො නත්ථි, කෙවලං ආහාරං ගරහතී”ති. “අම්ම, නිච්චකාලමෙස දුක්ඛසීලොව, අපිච තෙ අහං තස්ස මුඛබන්ධනමන්තං දස්සාමි, තං ත්වං සාධුකං උග්ගණ්හිත්වා මම පුත්තස්ස භොජනකාලෙ ගරහන්තස්ස උග්ගහිතනියාමෙනෙව පුරතො ඨත්වා වදෙය්යාසී”ති ගාථං උග්ගණ්හාපෙත්වා කතිපාහං වසිත්වා බාරාණසිමෙව අගමාසි. කටාහකොපි බහුං ඛාදනීයභොජනීයං ආදාය අනුමග්ගං ගන්ත්වා බහුධනං දත්වා වන්දිත්වා නිවත්ති. සො බොධිසත්තස්ස ගතකාලතො පට්ඨාය අතිරෙකමානී අහොසි. සො එකදිවසං සෙට්ඨිධීතාය නානග්ගරසභොජනං උපනෙත්වා කටච්ඡුං ආදාය පරිවිසන්තියා භත්තං ගරහිතුං ආරභි. සෙට්ඨිධීතා බොධිසත්තස්ස සන්තිකෙ උග්ගහිතනියාමෙනෙව ඉමං ගාථමාහ –
දිනක් බෝසත් සිටු, සිටු දියණිය කැඳවා, දියණිය එන්න, මගේ හිසෙහි උකුණන් ඉවත් කරන්නැ යි කියා ඇය උකුණන් ඇහිඳින අතර සිටුතුමා, දියණිය, කියන්න මගේ පුතු තී සමග සැපදුක් දෙකෙහි සම ව දෙදෙනා සතුටු ව සමගියෙන් වසන්නහුදැ යි විචාළේය. පියාණෙනි, සිටු පුතුගේ වෙන දොසක් නැත. ආහාර පිළිකුල් කරතැ යි කීවාය. කවදත් ඔහු අසුභවාදී අයෙකි. එසේ වුවත් මම තිට මුව නිහඬ කරන මන්ත්‍රයක් දෙමි. ඔබ එය මනා කොට ඉගෙන මගේ පුතු ආහාර ගන්නා කාලයෙහි ආහාරයට අවමන් කරන විට මා ඉගැන්වූ ආකාරයෙන් ම ඉදිරියෙහි සිට කියව යි ගාථාව උගන්වා කීප දිනක් එහි වැස බරණැස් නුවරට ම ගියේය. කටාහක ද බොහෝ ආහාර පාන රැගෙන පසු ගමන් කොට බොහෝ ධනය ද දී වැඳ නැවැත්තේය. ඔහු බෝසත් සිටු ගිය කල පටන් වඩාත් උඩඟු විය. ඔහු එක් දිනක් සිටු දියණිය විසින් නෙක රසයෙන් යුත් බොජුන් ගෙනවුත් හැන්දෙන් බෙදමින් වළඳවන ලද කල්හි අහර අවමන් කරන්ට වූයේය. එවිට සිටු දියණිය බෝසතුන්ගෙන් උගත් අයුරින් ම මේ ගාථාව කීවාය.
“බහුම්පි සො විකත්ථෙය්ය, අඤ්ඤං ජනපදං ගතො; අන්වාගන්ත්වාන දූසෙය්ය, භුඤ්ජ භොගෙ කටාහකා”ති.
“බහුම්පි සො විකත්ථෙය්ය අඤ්ඤං ජනපදං ගතො, අන්වාගනත්වාන දූසෙය්ය භුඤ්ජ භොගෙ කටාහකාති”
“ඒ පුරුෂ තෙමේ අනෙක් ජනපදයකට ගියේ බොහෝ කොට පරිභව වචන කියන්නේය. තමාගේ ස්වාමීනි, නැවත ඇවිත් දූෂණය කරන්නේය. එම නිසා කටාහකය, සම්පත් අනුභව කරව.”
තත්ථ බහුම්පි සො විකත්ථෙය්ය, අඤ්ඤං ජනපදං ගතොති යො අත්තනො ජාතිභූමිතො අඤ්ඤං ජනපදං ගතො හොති, යත්ථස්ස ජාතිං න ජානන්ති, සො බහුම්පි විකත්ථෙය්ය, වම්භනවචනං වඤ්චනවචනං වදෙය්ය. අන්වාගන්ත්වාන දූසෙය්යාති ඉමං තාව වාරං සාමිකස්ස පටිපථං ගන්ත්වා දාසකිච්චස්ස කතත්තා කසාහි පහරිත්වා පිට්ඨිචම්මුප්පාටනතො ච ලක්ඛණාහනනතො ච මුත්තොසි. සචෙ අනාචාරං කරොසි, පුන අඤ්ඤස්මිං ආගමනවාරෙ තව සාමිකො අන්වාගන්ත්වාන දූසෙය්ය, ඉමං ගෙහං අනුආගන්ත්වා කසාභිඝාතෙහි චෙව ලක්ඛණාහනනෙන ච ජාතිප්පකාසනෙන ච තං දූසෙය්ය උපහනෙය්ය. තස්මා ඉමං අනාචාරං පහාය භුඤ්ජ භොගෙ කටාහක, මා පච්ඡා අත්තනො දාසභාවං පාකටං කාරෙත්වා විප්පටිසාරී අහොසීති අයමෙත්ථ සෙට්ඨිනො අධිප්පායො.
එහි, “බහුම්පි සො විකත්ථෙය්ය අඤ්ඤං ජනපදං ගතො”, යමෙක් තමන් උපන් බිමෙන් අන් ජනපදයකට ගියේ වේ ද එහි දී ඔහුගේ ජාතිය ආදිය නො දනිද්ද හෙතෙම බොහෝ කොට ආත්ම වර්ණනය කරන්නේය. අනුන්ට නින්දා කරන්නේය. රැවටිලි කථා කියන්නේය. “අන්වා ගනත්‍වාන දූසෙය්ය”, මොහු තම හිමියාගේ පෙර මඟට ගොස් දාසයකු කළ යුතු දේ කළ බැවින් කසයෙන් පහර දී පිටහම උපුටා සලකුණු තැබීමෙන් මිදුණේ වෙමි. ඉදින්, ඔබ නො සිරිත් කරන්නෙහි නම් නැවත එන වාරයේ දී ඔබ ස්වාමියා දූෂණය කරන්නේය. කසයෙහි තැලීමෙන් හා ඇඟ ලකුණු කෙටීමෙන් ජාතිය පළ කිරීමෙන් ද ඔබට හිංසා කරන්නේය. එහෙයින් දුසිරිත් අතහැර “භුඤ්ජ භොගෙ කටාහකාති”, පසු ව තමාගේ දාස බව ප්‍රකට කැරවා විපිළිසර නො වෙව. මේ සිටුතුමාගේ අදහසයි.
සෙට්ඨිධීතා පන එතමත්ථං අජානන්තී උග්ගහිතනියාමෙන බ්යඤ්ජනමෙව පයිරුදාහාසි. කටාහකො “අද්ධා සෙට්ඨිනා මම කුලං ආචික්ඛිත්වා එතිස්සා සබ්බං කථිතං භවිස්සතී”ති තතො පට්ඨාය පුන භත්තං ගරහිතුං න විසහි, නිහතමානො යථාලද්ධං භුඤ්ජිත්වා යථාකම්මං ගතො.
සිටු දූ මෙහි අදහස නො දන්නී, ඉගෙනගත් අයුරින් ම අකුරු පමණක් බැහැර විය. කටාහක සිතන්නේ, සිටුතුමා විසින් සියලු පුවත් ඇයට කියන ලද්දේ වන්නේ යි නැවත අහරට අවමන් කරන්ට පොහොසත් නො වීය. උඩඟු බව නැතිව ම ලැබුණු දෙය අනුභව කොට කම් වූ පරිදි ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි “තදා කටාහකො විකත්ථකභික්ඛු අහොසි, බාරාණසිසෙට්ඨි පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතක කථාව නිම කළහ. එකල කටාහක ආත්ම වර්ණනා කළ භික්ෂුව විය. බරණැස් සිටු වනාහි මම ම වීමි.
කටාහකජාතකවණ්ණනා පඤ්චමා.