6. අසිලක්ඛණජාතකවණ්ණනා 126 අට්ඨකථා
6. අසිලක්ඛණජාතකවණ්ණනා (126)
6. අසිලක්ඛණ ජාතකය (126)
තථෙවෙකස්ස කල්යාණන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරඤ්ඤො අසිලක්ඛණපාඨකං බ්රාහ්මණං ආරබ්භ කථෙසි. සො කිර කම්මාරෙහි රඤ්ඤො අසීනං ආහටකාලෙ අසිං උපසිඞ්ඝිත්වා අසිලක්ඛණං උදාහරති. සො යෙසං හත්ථතො ලාභං ලභති, තෙසං අසිං “ලක්ඛණසම්පන්නො මඞ්ගලසංයුත්තො”ති වදති. යෙසං හත්ථතො ලාභං න ලභති, තෙසං අසිං “අවලක්ඛණො”ති ගරහති. අථෙකො කම්මාරො අසිං කත්වා කොසියං සුඛුමං මරිචචුණ්ණං පක්ඛිපිත්වා රඤ්ඤො අසිං ආහරි. රාජා බ්රාහ්මණං පක්කොසාපෙත්වා “අසිං වීමංසා”ති ආහ. බ්රාහ්මණස්ස අසිං ආකඩ්ඪිත්වා උපසිඞ්ඝන්තස්ස මරිචචුණ්ණානි නාසං පවිසිත්වා ඛිපිතුකාමතං උප්පාදෙසුං. තස්ස ඛිපන්තස්ස නාසිකා අසිධාරාය පටිහතා ද්විධා ඡිජ්ජි. තස්සෙවං නාසිකාය ඡින්නභාවො භික්ඛුසඞ්ඝෙ පාකටො ජාතො. අථෙකදිවසං ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “ආවුසො, රඤ්ඤො කිර අසිලක්ඛණපාඨකො අසිං උපසිඞ්ඝන්තො නාසිකං ඡින්දාපෙසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව සො බ්රාහ්මණො අසිං උපසිඞ්ඝන්තො නාසිකාඡෙදං පත්තො, පුබ්බෙපි පත්තොයෙවා”ති වත්වා අතීතං ආහරි.
“තථෙවෙකස්ස කල්යාණන්ති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, කොසොල් රජුගේ කඩු ලකුණු දන්නා වූ බමුණකු අරබයා වදාළහ. ඔහු වනාහි කම්මල්කරුවන් විසින් රජු වෙත කඩු ගෙනා කල්හි කඩුව සිඹ කඩු ලකුණු හඳුන්වයි. ඔහු යමකුගේ අතින් ලාභයක් ලබයි ද ඔහුගේ කඩුව ලක්ෂණ සම්පන්න මංගල කරුණුවලින් යුක්තයැ යි කියයි. යමකුගේ අතින් ලාභය නො ලබයි නම් ඔහුගේ කඩුව අවලක්ෂණයැ යි ගරහයි. ඉක්බිති, එක් කම්මල්කරුවෙක් කඩුවක් තනා කොපුවෙහි සියුම් මිරිස් කුඩු දමා රජු වෙත කඩුවක් ගෙනාවේය. රජතුමා බමුණා කැඳවා කඩුව විමසව යි කීවේය. කඩුව කොපුවෙන් ඇද සිඹින්නහුගේ නාසයට මිරිස් කුඩු පිවිස කිඹිසීමට කැමැත්ත ඇති විය. ඔහුට කිඹිසනු ගමන් නාසය කඩු මුවහතින් පහරන ලද්දේ දෙකට බිඳුණේය. ඔහුගේ මෙසේ නාසය බිඳුණු බව භික්ෂු සංඝයා අතර ප්‍රකට විය. ඉක්බිති, එක් දිනක් දම් සභාවෙහි භික්ෂූහු කථාවක් මතු කළහ. ඇවැත්නි, රජතුමාගේ කඩු ලක්ෂණ ශාස්ත්‍රය කියන්නා කඩු ලකුණු කියන්නේ, නාසය කපා ගත්තේය. බුදුහු වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව හුන්නහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි, මහණෙනි, මේ බමුණා කඩු සිඹ නාසය කපා ගත්තේ දැන් පමණක් නොව, පෙරත් මේ විපතට පත් වූයේයැ යි වදාරා අතීතය ගෙනහැර දක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ තස්ස අසිලක්ඛණපාඨකො බ්රාහ්මණො අහොසීති සබ්බං පච්චුප්පන්නවත්ථුසදිසමෙව. රාජා පන තස්ස වෙජ්ජෙ දත්වා නාසිකාකොටිං ඵාසුකං කාරාපෙත්වා ලාඛාය පටිනාසිකං කාරෙත්වා පුන තං උපට්ඨාකමෙව අකාසි. බාරාණසිරඤ්ඤො පන පුත්තො නත්ථි, එකා ධීතා චෙව භාගිනෙය්යො ච අහෙසුං. සො උභොපි තෙ අත්තනො සන්තිකෙයෙව වඩ්ඪාපෙසි. තෙ එකතො වඩ්ඪන්තා අඤ්ඤමඤ්ඤං පටිබද්ධචිත්තා අහෙසුං. රාජාපි අමච්චෙ පක්කොසාපෙත්වා “මය්හං භාගිනෙය්යොපි ඉමස්ස රජ්ජස්ස සාමිකොව, ධීතරං එතස්සෙව දත්වා අභිසෙකමස්ස කරොමී”ති වත්වා පුන චින්තෙසි “මය්හං භාගිනෙය්යො සබ්බථාපි ඤාතකොයෙව, එතස්ස අඤ්ඤං රාජධීතරං ආනෙත්වා අභිසෙකං කත්වා ධීතරං අඤ්ඤස්ස රඤ්ඤො දස්සාමි, එවං නො ඤාතකා බහූ භවිස්සන්ති, ද්වින්නම්පි රජ්ජානං මයමෙව සාමිකා භවිස්සාමා”ති. සො අමච්චෙහි සද්ධිං සම්මන්තෙත්වා “උභොපෙතෙ විසුං කාතුං වට්ටතී”ති භාගිනෙය්‍යං අඤ්ඤස්මිං නිවෙසනෙ, ධීතරං අඤ්ඤස්මිං වාසෙසි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී ඔහුගේ කඩු ලකුණු කියන බමුණකු විය. සියල්ල වර්තමාන කථාවේ දැක්වූ ක්‍රමයට සමානය. රජ වනාහි ඔහුට වෙදෙකු දී නාස් කෙළවර සුවපත් කැරවා ලාකඩවලින් බොරු නාසයක් කැරවා නැවත නැවත ඔහු මෙහෙකරුවකු බවට පත් කළේය. බරණැස් රජුට පුතකු නැත. එක් දුවක් හා බෑණා කෙනකු ද විය. ඒ දෙදෙනා ම තමන්ගේ සමීපයෙහි ම ඇතිදැඩි කළේය. ඔවුන් එකට වැඩෙද්දී ඔවුනොවුන් අතර පිළිබඳ සිතක් විය. රජතුමා ද ඇමැතියන් කැඳවා මගේ බෑණා මේ රාජ්‍යයේ ස්වාමියා කොට දුවණිය ඔහුට ම දී ඔහුගේ අභිෂේකය කරමි යි කියා නැවත සිතුවේය. මගේ බෑණා හැම ආකාරයෙන් ම නෑයෙකි. ඔහුට වෙනත් රජ දුවක් ගෙන දී අභිෂේක කොට දුව වෙනත් රජ කෙනකුට දෙන්නෙමි. මෙසේ අපට බොහෝ නෑයෝ වන්නාහුය. රාජ්‍යය දෙකේ ම අපි ම ස්වාමිවරු වන්නෙමු. හෙතෙම ඇමැතියන් සමග සාකච්ඡා කොට ඒ දෙදෙනා ම වෙන් කරන්නට වටීයැ යි බෑණා අන් ගෙයක ද දුව වෙනත් ගෙයක ද වාසය කැරවීය. ඔවුන් සොළොස් වස් පිරුණු බවට පත්ව අතිසයින් ඔවුනොවුන් පිළිබඳ සිත් ඇති විය.
තෙ සොළසවස්සුද්දෙසිකභාවං පත්තා අතිවිය පටිබද්ධචිත්තා අහෙසුං. රාජකුමාරො “කෙන නු ඛො උපායෙන මාතුලධීතරං රාජගෙහා නීහරාපෙතුං සක්කා භවෙය්යා”ති චින්තෙන්තො “අත්ථෙකො උපායො”ති මහාඉක්ඛණිකං පක්කොසාපෙත්වා තස්සා සහස්සභණ්ඩිකං දත්වා “කිං මයා කත්තබ්බ”න්ති වුත්තෙ “අම්ම, තයි කරොන්තියා අනිප්ඵත්ති නාම නත්ථි, කිඤ්චිදෙව කාරණං වත්වා යථා මම මාතුලො රාජා ධීතරං අන්තොගෙහා නීහරාපෙති, තථා කරොහී”ති ආහ. සාධු, සාමි, අහං රාජානං උපසඞ්කමිත්වා එවං වක්ඛාමි “දෙව, රාජධීතාය උපරි කාළකණ්ණී අත්ථි, එත්තකං කාලං නිවත්තිත්වා ඔලොකෙන්තොපි නත්ථි, අහං රාජධීතරං අසුකදිවසෙ නාම රථං ආරොපෙත්වා බහුආවුධහත්ථෙ පුරිසෙ ආදාය මහන්තෙන පරිවාරෙන සුසානං ගන්ත්වා මණ්ඩලපීඨිකාය හෙට්ඨාමඤ්චෙ මතමනුස්සං නිපජ්ජාපෙත්වා උපරිමඤ්චෙ රාජධීතරං ඨපෙත්වා ගන්ධොදකඝටානං අට්ඨුත්තරසතෙන න්හාපෙත්වා කාළකණ්ණිං පවාහෙස්සාමී”ති එවං වත්වා රාජධීතරං සුසානං නෙස්සාමි, ත්වං අම්හාකං තත්ථ ගමනදිවසෙ අම්හෙහි පුරෙතරමෙව ථොකං මරිචචුණ්ණං ආදාය ආවුධහත්ථෙහි අත්තනො මනුස්සෙහි පරිවුතො රථං අභිරුය්හ සුසානං ගන්ත්වා රථං සුසානද්වාරෙ එකපදෙසෙ ඨපෙත්වා ආවුධහත්ථෙ මනුස්සෙ සුසානවනං පෙසෙත්වා සයං සුසානෙ මණ්ඩලපීඨිකං පසාරෙත්වා මතකො විය පටිකුජ්ජො හුත්වා නිපජ්ජ. අහං තත්ථ ආගන්ත්වා තව උපරි මඤ්චකං අත්ථරිත්වා රාජධීතරං උක්ඛිපිත්වා මඤ්චෙ සයාපෙස්සාමි, ත්වං තස්මිං ඛණෙ මරිචචුණ්ණං නාසිකාය පක්ඛිපිත්වා ද්වෙ තයො වාරෙ ඛිපෙය්යාසි. තයා ඛිපිතකාලෙ මයං රාජධීතරං පහාය පලායිස්සාම. අථ ත්වං රාජධීතරං සීසං න්හාපෙත්වා සයම්පි සීසං න්හායිත්වා තං ආදාය අත්තනො නිවෙසනං ගච්ඡෙය්යාසීති. සො “සාධු සුන්දරො උපායො”ති සම්පටිච්ඡි.
රාජ කුමාරයා කුමන හෝ උපායකින් මාමාගේ දියණිය රජ ගෙදරින් බැහැර කිරීමට හැකි වන්නේයැ යි සිතන්නේ, එක් උපායක් ඇතැ යි මහා යක් දෙස්සියක් කැඳවා ඇයට දහසින් බැඳි මල්ලක් දී මා විසින් කුමක් කළ යුතුදැ යි කී කල්හි, මෑණියන්, තී විසින් කරන ලද්දේහි ප්‍රතිඵල රහිත බවක් නම් නැත. කිසියම් කරුණක් කියා යම් සේ මගේ මාමා රජදුව රජ ගෙදරින් බැහැර කරයි ද එසේ කැරව යි කීවේය. ස්වාමීනි, යහපති. මම රජු වෙත එළැඹ මෙසේ කියමි. දේවයන් වහන්ස, රජදුවගේ මතුයෙහි වැසුණු එක් කාලකණ්ණි යක්ෂයකු නැත. මෙපමණ කලක් නැවතී බලන්නෙක් ද නැත. මම රජදුව අසවල් අසවල් දවසේ රථයකට නංවාගෙන බොහෝ ආයුධ ගත් අත් ඇති පුරුෂයන් රැගෙන මහත් පිරිවරින් සොහොනට ගොස් නාවන්නට බඳින ලද පිලෙහි යට සොහොන් ඇඳෙහි මළ මිනියක් හොවා ඇඳ උඩ රජ දුව තබා සුවඳ දිය කළ එකසිය අටකින් නහවා කාලකණ්ණි අමනුෂ්‍යයා පළවා හරින්නෙමි යි, මෙසේ කියා රජදුව සොහොනට පමුණුවන්නෙමි. නුඹ අප එහි යන දවසේ අපට කල් ඇතිව මිරිස් කුඩු ටිකක් රැගෙන ආයුධ ගත් අත් ඇතිව තමන්ගේ මිනිසුන් විසින් පිරිවරන ලද්දේ, රථයට නැඟී සොහොනට ගොස් රථය සොහොනේ දොරටුවෙහි එක් දෙසක තබා ආයුධ ගත් අත් ඇති අය සොහොන් වනයට යවා තමා සොහොනෙහි නහන්නට හළ පිළිට ගොස් මළ කෙනකු මෙන් යටිකුරු ව හිඳ ගනුව. මම එහි අවුත් නුඹේ මතුයෙහි ඇඳක් අතුරුවා රජ දුව ඔසවා ඇඳෙහි නිදි කැරවන්නෙමි. නුඹ ඒ අවස්ථාවෙහි මිරිස් කුඩු ටිකක් නාසයට දමා දෙතුන් වරක් කිඹිසෙව්. නුඹ කිඹිසූ කල්හි අපි රජ දුව හැර දමා පලා යන්නෙමු. ඉක්බිති, අවුත් රජ දුවගේ හිසේ සිට නහවා තමාත් හිස පටන් නා ඈ රැගෙන තමාගේ නිවාසයට යන්නෙහි. හෙතෙම යහපති. සුන්දර උපායක්යැ යි පිළිගත්තේය.
සාපි ගන්ත්වා රඤ්ඤො තමත්ථං ආරොචෙසි, රාජාපි සම්පටිච්ඡි. රාජධීතායපි තං අන්තරං ආචික්ඛි, සාපි සම්පටිච්ඡි. සා නික්ඛමනදිවසෙ කුමාරස්ස සඤ්ඤං දත්වා මහන්තෙන පරිවාරෙන සුසානං ගච්ඡන්තී ආරක්ඛමනුස්සානං භයජනනත්ථං ආහ – “මයා රාජධීතාය මඤ්චෙ ඨපිතකාලෙ හෙට්ඨාමඤ්චෙ මතපුරිසො ඛිපිස්සති, ඛිපිත්වා ච හෙට්ඨාමඤ්චා නික්ඛමිත්වා යං පඨමං පස්සිස්සති , තමෙව ගහෙස්සති, අප්පමත්තා භවෙය්යාථා”ති. රාජකුමාරො පුරෙතරං ගන්ත්වා වුත්තනයෙනෙව තත්ථ නිපජ්ජි. මහාඉක්ඛණිකා රාජධීතරං උක්ඛිපිත්වා මණ්ඩලපීඨිකාඨානං ගච්ඡන්තී “මා භායී”ති සඤ්ඤාපෙත්වා මඤ්චෙ ඨපෙසි. තස්මිං ඛණෙ කුමාරො මරිචචුණ්ණං නාසාය පක්ඛිපිත්වා ඛිපි. තෙන ඛිපිතමත්තෙයෙව මහාඉක්ඛණිකා රාජධීතරං පහාය මහාරවං රවමානා සබ්බපඨමං පලායි, තස්සා පලාතකාලතො පට්ඨාය එකොපි ඨාතුං සමත්ථො නාම නාහොසි, ගහිතගහිතානි ආවුධානි ඡඩ්ඩෙත්වා සබ්බෙ පලායිංසු. කුමාරො යථාසම්මන්තිතං සබ්බං කත්වා රාජධීතරං ආදාය අත්තනො නිවෙසනං අගමාසි.
ඈ ගොස් රජුට ඒ කරුණ සැල කළාය. රජතුමා එය පිළිගත්තේය. රජ දියණියට ද ඒ අතර කීවාය. ඈ ද පිළිගත්තාය. ඈ නික්මෙනු දවසේ කුමාරයාට සංඥාවක් දී මහත් පිරිවරින් සොහොනට යන්නී, ආරක්ෂක මිනිසුන්ට බය ඉපදවීමට කීවාය. මා රජ දුව ඇඳෙහි තබන කාලයෙහි ඇඳයට මළ මිනිසා කිඹිසියි. කිඹිස ද ඇඳ යටින් නික්මී යමකු පළමු ව දකින්නේ ද ඔහු ම ගන්නේය. නො පමා විය යුත්තාහ. රජ කුමරා පළමු ව ගොස් කියන ලද ක්‍රමයට එහි වැතිරුණේය. මහා යක්දෙස්සිය රජ දියණිය ඔසවාගෙන නාවන්නට බඳින ලද පිළට යන්නී, බය නො වන්නැ යි සංඥා දී ඇඳෙහි තැබුවාය. ඒ අවස්ථාවෙහි කුමාරයා මිරිස් කුඩු නාසයෙහි දමා කිඹිසියේය. ඔහු විසින් කිඹි පමණින් ම මහා යක්දෙස්සිය රජ දුව හැර මහත් නාද කැරෙමින් සියල්ලන්ට පළමු ව පබා ගියාය. ඇගේ පබායාමත් සමග එකකුදු සිටීමට සමත් කෙනකු නම් නො වීය. ගත් ගත් ආයුධ ඉවත දමා සියල්ලෝ ම පලා ගියහ. කුමාරයා කථා කැරගත් පරිදි සියල්ල කොට රජ දුවණිය ගෙන තමාගේ නිවසට ගියේය.
ඉක්ඛණිකා ගන්ත්වා තං කාරණං රඤ්ඤො ආරොචෙසි. රාජා “පකතියාපි සා මයා තස්සෙවත්ථාය පුට්ඨා, පායාසෙ ඡඩ්ඩිතසප්පි විය ජාත”න්ති සම්පටිච්ඡිත්වා අපරභාගෙ භාගිනෙය්යස්ස රජ්ජං දත්වා ධීතරං මහාදෙවිං කාරෙසි. සො තාය සද්ධිං සමග්ගවාසං වසමානො ධම්මෙන රජ්ජං කාරෙසි. සොපි අසිලක්ඛණපාඨකො තස්සෙව උපට්ඨාකො අහොසි. තස්සෙකදිවසං රාජූපට්ඨානං ආගන්ත්වා පටිසූරියං ඨත්වා උපට්ඨහන්තස්ස ලාඛා විලීයි, පටිනාසිකා භූමියං පති. සො ලජ්ජාය අධොමුඛො අට්ඨාසි. අථ නං රාජා පරිහසන්තො “ආචරිය, මා චින්තයිත්ථ, ඛිපිතං නාම එකස්ස කල්‍යාණං හොති, එකස්ස පාපකං. තුම්හෙහි ඛිපිතෙන නාසිකා ඡිජ්ජීයිත්ථ, මයං පන ඛිපන්තා මාතුලධීතරං ලභිත්වා රජ්ජං පාපුණිම්හා”ති වත්වා ඉමං ගාථමාහ –
යක්දෙස්සිය ගොස් ඒ කරුණ රජුට සැළකළාය. රජතුමා ස්වභාව වශයෙන්ම ඇය ඔහුට දී ම සඳහා ම මා විසින් පෝෂණය කරන ලද්දීයි. කිරිබතට දමන ලද ගිතෙල් මෙන් උපන්නේයැ යි ගැළපුණේයැ යි පිළිගෙන පසුකලෙක බෑණාට රාජ්‍යය දී දුව මහා දේවිය කළේය. ඒ කඩු ලකුණු කියන තැනැත්තා ඔහුගේ ම උපස්ථායකයා විය. ඔහුට එක් දිනක් රාජ උපස්ථානයට අවුත් හිරු බලා සිට උපස්ථාන කරන්නහුගේ ලාකඩ දියවී බොරු නාසය බිම වැටුණේය. හෙතෙම ලජ්ජාවෙන් බිම බලාගෙන (අධෝමුඛ ව) සිටියේය. ඉක්බිති, ඔහුට රජතුමා සිනාසෙමින් (උපහාසයෙන්) ඇදුරුතුමනි, නො සිතව. කිඹිහීම නම් එකකුට යහපත් වෙයි. එකකුට අයහපත් වෙයි. තොප විසින් කිඹිසීමෙන් නාසය සිඳ ගන්නා ලද්දේය. අපි වනාහි බෑණා, දුව ලබා රාජ්‍යයට පැමිණියෙමු යි කියා මේ ගාථාව කීවේය.
“තථෙවෙකස්ස කල්‍යාණං, තථෙවෙකස්ස පාපකං; තස්මා සබ්බං න කල්‍යාණං, සබ්බං වාපි න පාපක”න්ති.
“තථෙවෙකස්ස කල්‍යාණං තථෙවෙකස්ස පාපකං, තාස්මා සබ්බං න කල්‍යාණං සබ්බංවාපි න පාපකන්ති”
“එකෙකුට (එය ම) කල්‍යාණය, (යහපත්ය) තවකකු හට ලාමකය. එහෙයින් සියල්ල කල්‍යාණ නො වේ. සියල්ල ලාමක ද නො වේ.”
තත්ථ තථෙවෙකස්සාති තදෙවෙකස්ස. අයමෙව වා පාඨො. දුතියපදෙපි එසෙව නයො.
එහි, “තථෙවෙකස්සාති, තදෙවෙකස්ස”, මෙය තවත් පාඨයකි. දෙවැනි පදයේත් ඒ ක්‍රමය මැයි.
ඉති සො ඉමාය ගාථාය තං කාරණං ආහරිත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
මෙසේ හෙතෙම මේ ගාථාවෙන් ඒ කරුණ ගෙනහැර දක්වා දානාදී පිංකොට කම් වූ පරිදි පරලොව ගියේය.
සත්ථා ඉමාය දෙසනාය ලොකසම්මතානං කල්යාණපාපකානං අනෙකංසිකභාවං පකාසෙත්වා ජාතකං සමොධානෙසි – “තදා අසිලක්ඛණපාඨකොව එතරහි අසිලක්ඛණපාඨකො, භාගිනෙය්යරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුහු මේ දේශනාවෙන් ලෝක සම්මතය පරිදි යහපත හා පාපය ඒකාන්ත නො වන බව ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළහ. එකල කඩු ලකුණු දන්නා, දැන් කඩු ලකුණු දන්නා ම විය. බෑණ වූ රජ වනාහි මම ම වෙමි.
අසිලක්ඛණජාතකවණ්ණනා ඡට්ඨා.