යෙදුමෙන් කියවන්න

7. කලණ‍්ඩුකජාතකවණ‍්ණනා 127 අට‍්ඨකථා

7. කලණ‍්ඩුකජාතකවණ‍්ණනා (127)

7. කලණ්ඩුක ජාතකය (127)

තෙ දෙසා තානි වත්‍ථූනීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං විකත්‍ථකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තත්‍ථ ද‍්වෙපි වත්‍ථූනි කටාහකජාතකසදිසානෙව.

“තෙ දෙසා තානි වත්‍ථූනීති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් ආත්ම වර්ණනා කරන භික්‍ෂුවක් අරබයා වදාළහ.

ඉධ පනෙස බාරාණසිසෙට‍්ඨිනො දාසො කලණ‍්ඩුකො නාම අහොසි. තස‍්ස පලායිත්‍වා පච‍්චන‍්තවාසිසෙට‍්ඨිනො ධීතරං ගහෙත්‍වා මහන‍්තෙන පරිවාරෙන වසනකාලෙ බාරාණසිසෙට‍්ඨි පරියෙසාපෙත්‍වාපි තස‍්ස ගතට‍්ඨානං අජානන‍්තො “ගච‍්ඡ, කලණ‍්ඩුකං පරියෙසා”ති අත‍්තනා පුට‍්ඨං සුකපොතකං පෙසෙසි. සුකපොතකො ඉතො චිතො ච විචරන‍්තො තං නගරං පාපුණි. තස‍්මිඤ‍්ච කාලෙ කලණ‍්ඩුකො නදීකීළං කීළිතුකාමො බහුං මාලාගන්‍ධවිලෙපනඤ‍්චෙව ඛාදනීයභොජනීයානි ච ගාහාපෙත්‍වා නදිං ගන‍්ත්‍වා සෙට‍්ඨිධීතාය සද‍්ධිං නාවං ආරුය‍්හ උදකෙ කීළති. තස‍්මිඤ‍්ච පදෙසෙ නදීකීළං කීළන‍්තා ඉස‍්සරජාතිකා තිඛිණභෙසජ‍්ජපරිභාවිතං ඛීරං පිවන‍්ති, තෙන තෙසං දිවසභාගම‍්පි උදකෙ කීළන‍්තානං සීතං න බාධති. අයං පන කලණ‍්ඩුකො ඛීරගණ‍්ඩූසං ගහෙත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා තං ඛීරං නුට‍්ඨුභති. නුට‍්ඨුභන‍්තොපි උදකෙ අනුට‍්ඨුභිත්‍වා සෙට‍්ඨිධීතාය සීසෙ නුට‍්ඨුභති. සුකපොතකොපි නදීතීරං ගන‍්ත්‍වා එකිස‍්සා උදුම‍්බරසාඛාය නිසීදිත්‍වා ඔලොකෙත්‍වා කලණ‍්ඩුකං සඤ‍්ජානිත්‍වා සෙට‍්ඨිධීතාය සීසෙ නුට‍්ඨුභන‍්තං දිස‍්වා “අරෙ, කලණ‍්ඩුක දාස, අත‍්තනො ජාතිඤ‍්ච වසනට‍්ඨානඤ‍්ච අනුස‍්සර, ඛීරගණ‍්ඩූසං ගහෙත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා ජාතිසම‍්පන‍්නාය සුඛසංවඩ‍්ඪාය සෙට‍්ඨිධීතාය සීසෙ මා නුට‍්ඨුභි, අත‍්තනො පමාණං න ජානාසී”ති වත්‍වා ඉමං ගාථමාහ –

එහි කථා පුවත් දෙක ම කටාහක ජාතකයට සමානය. මෙහි වනාහි මේ තෙම බරණැස් සිටුතුමාගේ දාසයකු වූ කලණ්ඩක නම් විය. ඔහු පලා ගොස් පසල් දනව්වක සිටුවරයකුගේ දුවක ගෙන මහත් පිරිවරින් වසන කල්හි බරණැස් සිටුතුමා සොයා බලන්නේ, ඔහු ගිය තැනක් නො දන්නේ, යව. කලණ්ඩුක සොයා බලව යි තමා විසින් පෝෂණය කරන ලද ගිරා පෝතකයකු යැවීය. ගිරා පෝතකයා ඔබිමොබ හැසිරෙන්නේ, ඒ නගරයට පැමිණියේය. ඒ කාලයෙහි කලණ්ඩුක දිය කෙළි කෙළිනු කැමැත්තේ, බොහෝ මල්ගඳ විලවුන් ද කන බොන දෑ ද ගෙන්වාගෙන ගඟට ගොස් සිටු දුව සමග නැවකට නැඟී ජලයෙහි සෙල්ලම් කරයි. ඒ දේශයෙහි දිය කෙළි කෙළිනාහු, ඉසුරුමත්හු කැකෑරූ බෙහෙත් මුසුකරන ලද කිරි බොත්. ඒ නිසා ඔවුන්ට වරුවක් වුවත් දියෙහි ක්‍රීඩා කරන්නට ශීතලෙන් බාධා නො වේ. මේ කලණ්ඩුකයා වනාහි කිරි උගුරක් ගෙන මුඛයෙහි කළඹා ඒ කිරි දමයි. බිම දමන්නේ ද දියෙහි නො හළා සිටු දුවණියගේ හිසෙහි දමයි. ගිරා පෝතකයා ද ගං තෙරට ගොස් එක් තිඹිරි ගසක අත්තක හිඳ බලන්නේ, කලණ්ඩුකයා හැඳින ගෙන සිටු දුවණියගේ හිසෙහි දමන බව දැක එම්බල කලණ්ඩුකය, දාසය, තමාගේ ජාතිය ද වසන තැන ද සිහි කැරව. කිරි උගුරක් ගෙන මුඛය කළඹා ජාති සම්පන්න වූ සැප සේ වැඩුණු සිටු දුවණියගේ හිසෙහි නො දමව. තමාගේ ප්‍රමාණය නො දන්නෙහිදැ යි කියා මේ ගාථාව කීවේය.

“තෙ දෙසා තානි වත්‍ථූනි, අහඤ‍්ච වනගොචරො; අනුවිච‍්ච ඛො තං ගණ‍්හෙය්‍යුං, පිව ඛීරං කලණ‍්ඩුකා”ති.

“තෙ දෙසා තානි වත්‍ථූනි අහඤ්ච වනගොචරො, අනුවිච්ච ඛො තං ගණ්හෙය්‍යු පිප ඛීරං කලණ්ඩුකාති”

“(තා උපන් මව් කුස නම් වූ) දේශය ද (මව් ගැබ නම් වූ) වස්තුව ද වන ගෝචර වූ (තිරිසන් වූ) මම ද දනිමි. (ස්වාමිවරු) තා දැන හැරගන්නාහ. කලකණ්ඩුකය කිරි බොව.”

තත්‍ථ තෙ දෙසා තානි වත්‍ථූනීති මාතුකුච‍්ඡිං සන්‍ධාය වදති. අයමෙත්‍ථාධිප‍්පායො – යත්‍ථ තෙ වසිතං, න තෙ ඛත‍්තියධීතාදීනං කුච‍්ඡිදෙසා. යත්‍ථ වාසි පතිට‍්ඨිතො, න තානි ඛත‍්තියධීතාදීනං කුච‍්ඡිවත්‍ථූනි. අථ ඛො දාසිකුච‍්ඡියං ත්‍වං වසි චෙව පතිට‍්ඨිතො චාති. අහඤ‍්ච වනගොචරොති තිරච‍්ඡානභූතොපි එතමත්‍ථං ජානාමීති දීපෙති. අනුවිච‍්ච ඛො තං ගණ‍්හෙය්‍යුන‍්ති එවං අනාචාරං චරමානං මයා ගන‍්ත්‍වා ආරොචිතෙ අනුවිච‍්ච ජානිත්‍වා තව සාමිකා තාළෙත්‍වා චෙව ලක‍්ඛණාහතඤ‍්ච කත්‍වා තං ගණ‍්හෙය්‍යුං, ගහෙත්‍වා ගමිස‍්සන‍්ති, තස‍්මා අත‍්තනො පමාණං ඤත්‍වා සෙට‍්ඨිධීතාය සීසෙ අනුට‍්ඨුභිත්‍වා පිව ඛීරං. කලණ‍්ඩුකාති තං නාමෙනාලපති.

එහි, “තෙ දෙසා තානි වත්‍ථුනීති”, මව් කුස සඳහා කියයි. මේ මෙහි අදහසයි. යම් තැනක ඔවුන් විසුවේ නම් එතැන රජ දියණියන්ට සුදුසු කුසක් නො වේ. යම් තැනක ඔහු විසුවේ ද ඒවා රජ දියණියන්ට සුදුසු කුස ප්‍රදේශ නොවේ. එසේ වුව ද ඔබ දාසියකගේ කුස විසුවෙහිය. පිහිටියේය. “අහඤ්ච වන ගොචරො”, තිරිසන්හු පවා මෙකරුණ දනිති යි දක්වයි. “අනුවිච්ච ඛො තං ගණ්හෙය්‍යං”, මෙසේ නො සිරිතෙහි හැසිරෙන මා විසින් ගොස් සැලකරන ලද කල්හි පරීක්‍ෂා කොට දැන ඔබගේ සැමියෝ තලා සලකුණු ඔබ්බවා ඔබ ගන්නාහුය. ගෙන යන්නාහුය. එනිසා තමාගේ පමණ දැන සිටු දියණියගේ හිසට කෙළ නො ගසා, “පිප ඛීරං තලණ්ඩුකාති”, ඔහු නාමයෙන් අමතයි.

කලණ‍්ඩුකොපි සුවපොතකං සඤ‍්ජානිත්‍වා “මං පාකටං කරෙය්‍යා”ති භයෙන “එහි, සාමි, කදා ආගතොසී”ති ආහ. සුකො “න එස මං හිතකාමතාය පක‍්කොසති, ගීවං පන මෙ වට‍්ටෙත්‍වා මාරෙතුකාමො”ති ඤත්‍වාව “න මෙ තයා අත්‍ථො”ති තතො උප‍්පතිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා යථාදිට‍්ඨං සෙට‍්ඨිනො විත්‍ථාරෙන කථෙසි. සෙට‍්ඨි “අයුත‍්තං තෙන කත”න‍්ති වත්‍වා ගන‍්ත්‍වා තස‍්ස ආණං කාරෙත්‍වා බාරාණසිමෙව නං ආනෙත්‍වා දාසපරිභොගෙන පරිභුඤ‍්ජි.

තලණ්ඩුකයා ද ගිරා පෝතකයා හැඳිනගෙන මා ප්‍රසිද්ධ කරාවිය යන බියෙන් ස්වාමීනි, එන්න, කවදා ආවේදැ යි කීවේය. ගිරවා මොහු මා හිතවත්කමින් නො කැඳවයි. මගේ ගෙළ අඹරවා මරනු කැමැත්තේයැ යි දැන මට නුඹෙන් ප්‍රයෝජනයක් නැතැ යි එතැනින් උඩට පැන බරණැස් නුවරට ගොස් දුටුවේ යම් සේ ද සිටුතුමාට විස්තර වශයෙන් කීවේය. සිටුතුමා ඔහු විසින් අයුත්තක් කරන ලදැ යි කියා ඔහුට අණ කැරවා බරණැස් නුවරට ම ඔහු ගෙනවුත් දාසයකු ලෙසින් වැඩ ගත්තේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කලණ‍්ඩුකො අයං භික‍්ඛු අහොසි, බාරාණසිසෙට‍්ඨි පන අහමෙව අහොසි”න‍්ති.

බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළහ. එකල කලකණ්ඩුකයා මේ භික්‍ෂුව විය. බරණැස් සිටු වනාහි මම ම වෙමි.

කලණ‍්ඩුකජාතකවණ‍්ණනා සත‍්තමා.