8. බිළාරවතජාතකවණ‍්ණනා 128 අට‍්ඨකථා
8. බිළාරවතජාතකවණ‍්ණනා (128)
8. බිළාරවත ජාතකය (128)
යො වෙ ධම්මං ධජං කත්‍වාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කුහකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා තස‍්ස කුහකභාවෙ ආරොචිතෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස කුහකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.
“යො වෙ ධම්ම ධජං කත්‍වාති” යන මේ දේශනාව බුදුහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, එක් කුහක (නැති ගුණ පෙන්වන) භික්‍ෂුවක් අරබයා වදාළහ. එකල්හි බුදුහු ඔහුගේ කුහක බව සැළ කළ කල්හි මහණෙනි, දැන් පමණක් නොව, පෙරත් මේ තෙම කුහකයෙකැ යි වදාරා අතීතය ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො මූසිකයොනියං පටිසන්‍ධිං ගහෙත්‍වා වුඩ‍්ඪිමන්‍වාය මහාසරීරො සූකරච‍්ඡාපකසදිසො හුත්‍වා අනෙකසතමූසිකාහි පරිවුතො අරඤ‍්ඤෙ විහරති. අථෙකො සිඞ‍්ගාලො ඉතො චිතො ච විචරන‍්තො තං මූසිකයූථං දිස‍්වා “ඉමා මූසිකා වඤ‍්චෙත්‍වා ඛාදිස‍්සාමී”ති චින‍්තෙත්‍වා මූසිකානං ආසයස‍්ස අවිදූරෙ සූරියාභිමුඛො වාතං පිවන‍්තො එකෙන පාදෙන අට‍්ඨාසි. බොධිසත‍්තො ගොචරාය චරමානො තං දිස‍්වා “සීලවා එසො භවිස‍්සතී”ති තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “භන‍්තෙ, ත්‍වං කො නාමො”ති පුච‍්ඡි. “ධම‍්මිකො නාමා”ති. “චත‍්තාරො පාදෙ භූමියං අඨපෙත්‍වා කස‍්මා එකෙනෙව ඨිතොසී”ති. “මයි චත‍්තාරො පාදෙ පථවියං ඨපෙන‍්තෙ පථවී වහිතුං න සක‍්කොති, තස‍්මා එකෙනෙව තිට‍්ඨාමී”ති. “මුඛං විවරිත්‍වා කස‍්මා ඨිතොසී”ති? “මයං අඤ‍්ඤං න භක‍්ඛයාම, වාතමෙව භක‍්ඛයාමා”ති. “අථ කස‍්මා සූරියාභිමුඛො තිට‍්ඨසී”ති? “සූරියං නමස‍්සාමී”ති. බොධිසත‍්තො තස‍්ස වචනං සුත්‍වා “සීලවා එසො භවිස‍්සතී”ති තතො පට‍්ඨාය මූසිකගණෙන සද‍්ධිං සායං පාතං තස‍්ස උපට‍්ඨානං ගච‍්ඡති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී බෝසත්හු මී යෝනියෙහි පිළිසිඳ ගෙන වැඩිවියට පැමිණ මහත් සිරුර ඇත්තේ, ඌරු පැටියකු සමාන වී නොයෙක් සිය ගණන් මීයන් විසින් පිරිවරන ලද්දේ, වනයෙහි වාසය කරයි. ඉක්බිති, එක් හිවලෙක් ඔබිමොබ හැසිරෙන්නේ, ඒ මී රැළ දැක මේ මීයන් රවටා කන්නෙමි යි සිතා මීයන්ගේ බිලයට නුදුරෙහි හිරුට මුහුණලා හුළං බොමින් තනි පයින් සිටියේය. බෝසත්හු ගොදුරු සොයා හැසිරෙන්නේ, ඌ දැක මොහු සිල්වතෙක් වන්නේයැ යි ඌ ළඟට ගොස් ස්වාමීනි, නුඹේ නම කුමක්දැ යි විචාළේය. ධම්මික නමි යි කීය. පා හතර ම බිම නො තබා කුමක් නිසා එක කකුලකින් සිටියෙහිද? මගේ පා හතර ම පොළොවේ තබන කල්හි පොළොවට ඔසවා සිටිය නො හැකියි. ඒ නිසා තනි කකුලෙන් සිටියෙමි. මුව විවර කැරගෙන කුමක් නිසා සිටියෙහි ද? අපි අන් කිසිවක් අනුභව නො කරමු. හුළඟ පමණක් අනුභව කරමු. ඉක්බිති, ඉරට මුහුණලා සිටියේ කුමක් නිසා ද? සූර්යයා වඳින්නෙමි. බෝසත්හු ඔහුගේ වචන අසා මේ තෙමේ සිල්වතෙක් වන්නේයැ යි එතැන් පටන් මී සමූහයා සමග උදේ හවස ඔහුට උපස්ථාන පිණිස යයි.
අථස‍්ස උපට‍්ඨානං කත්‍වා ගමනකාලෙ සිඞ‍්ගාලො සබ‍්බපච‍්ඡිමං මූසිකං ගහෙත්‍වා මංසං ඛාදිත්‍වා අජ‍්ඣොහරිත්‍වා මුඛං පුඤ‍්ඡිත්‍වා තිට‍්ඨති. අනුපුබ‍්බෙන මූසිකගණො තනුකො ජාතො. මූසිකා “පුබ‍්බෙ අම‍්හාකං අයං ආසයො නප‍්පහොති, නිරන‍්තරා තිට‍්ඨාම. ඉදානි සිථිලා, එවම‍්පි ආසයො න පූරතෙව, කිං නු ඛො එත”න‍්ති බොධිසත‍්තස‍්ස තං පවත‍්තිං ආරොචෙසුං. බොධිසත‍්තො “කෙන නු ඛො කාරණෙන මුසිකා තනුත‍්තං ගතා”ති චින‍්තෙන‍්තො සිඞ‍්ගාලෙ ආසඞ‍්කං ඨපෙත්‍වා “වීමංසිස‍්සාමි න”න‍්ති උපට‍්ඨානකාලෙ සෙසමූසිකා පුරතො කත්‍වා සයං පච‍්ඡතො අහොසි. සිඞ‍්ගාලො තස‍්ස උපරි පක‍්ඛන්‍දි, බොධිසත‍්තො අත‍්තනො ගහණත්‍ථාය තං පක‍්ඛන්‍දන‍්තං දිස‍්වා නිවත‍්තිත්‍වා “භො සිඞ‍්ගාල, ඉදං තෙ වතසමාදානං න ධම‍්මසුධම‍්මතාය, පරෙසං පන විහිංසනත්‍ථාය ධම‍්මං ධජං කත්‍වා චරසී”ති වත්‍වා ඉමං ගාථමාහ –
හිවලා සියල්ලන්ට පසුව යන මීයා ගෙන මස් කා ගිල මුඛය පිසදා සිටියි. අනු පිළිවෙලින් මී සමූහයා තුනී විය. මීයෝ පෙර අපට මේ ගුල ඉඩ මදි විය. ප්‍රමාණවත් නො වීය. අතරක් නැති ව සිටියෙමු. දැන් ලිහිල්ය. මේ ගුහාව පෙර මෙන් නො වීය. මේ කුමක් නිසාදැ යි බෝසතුන්ට ඒ පුවත සැලකළාහුය. බෝසත්හු කුමන කාරණයකින් හෝ මීයෝ නැතිව ගියෝයැ යි සිතන්නේ, හිවලා ගැන සැකය ඇතිව ඔහු විමසන්නෙමි යි උපස්ථාන කරන කල්හි සෙසු මීයන් පෙරටු කොට තමා පස්සට විය. හිවලා උගේ මතුවට පැන්නේය. බෝසත්හු තමන් අල්ලා ගැනීම පිණිස පනින බව දැක නැවතී එම්බා සිඟාලය, මේ නුඹේ ව්‍රෘත සමාදානය ද? කල්‍යාණ ධර්මයාගේ සුන්‍දර ස්වභාවය ධර්මයෙහි නො පිහිටි බවයි. අනුන්ගේ හිංසනය පිණිස ධර්මය කොඩියක් කැරගෙන හැසිරෙන්නේදැ යි කියා මේ ගාථාව කීය.
“යො වෙ ධම්මං ධජං කත්‍වා, නිගූළ්හො පාපමාචරෙ; විස්සාසයිත්වා භූතානි, බිළාරං නාම තං වත”න‍්ති.
“යො වෙ ධම්මං ධජං කත්‍වා නිගූළ්හො පාපමාචරෙ, විස්සාසයිත්වා භූතානි ඛිළාරං නාම තං වතන්ති”
“යමකු ඒකාන්තයෙන් (දශ කුශල) ධර්මයන් ධජයක් කොට (මතු කොට පෙන්වා) සත්ත්වයන් (ලවා මේ සිල්වතෙකැ යි) විශ්වාස ඇති කැරවා ගෙන තමන් තත්ත්වය සඟවා ගත්තේ, පව් සිදු කෙරේ ද ඔහුගේ ඒ පැවැත්ම ඛිළාර නම් ව්‍රතයයි.”
තත්‍ථ යො වෙති ඛත‍්තියාදීසු යො කොචිදෙව. ධම‍්මං ධජං කත්‍වාති දසකුසලකම‍්මපථධම‍්මං ධජං කරිත්‍වා, කූටං කරොන‍්තො විය උස‍්සාපෙත්‍වා දස‍්සෙන‍්තොති අත්‍ථො. විස‍්සාසයිත්‍වාති “සීලවා අය”න‍්ති සඤ‍්ඤාය සඤ‍්ජාතවිස‍්සාසානි කත්‍වා. බිළාරං නාම තං වතන‍්ති තං එවං ධම‍්මං ධජං කත්‍වා රහො පාපානි කරොන‍්තස‍්ස වතං කෙරාටිකවතං නාම හොතීති අත්‍ථො.
එහි, “යො වෙති”, ක්‍ෂත්‍රිය ආදී යම් කිසි කෙනකු, “ධම්මං ධජං කත්‍වාති”, දශ කුසල කර්ම පථ ධර්මයන් කොඩියක් මෙන් කොට එය කරන්නේ, උත්සාහවත් කරන්නේ, දක්වන්නේ යන අර්ථයි. “විස්සාසයිත්‍වාති”, මේ තෙමේ සිල්වත්යැ යන හැඟීමෙන් හටගත් විශ්වාසයන් කොට “ඛිළාරං නාම තං වතන්ති”, ඔහු මෙසේ ධර්මය කොඩියක් මෙන් කොට රහසිගත ව පව් කරන්නේ ම ඒකාන්තයෙන් ම කෞරාටික ව්‍රතයක් වේ යන අර්ථයි.
මූසිකරාජා කථෙන‍්තොව උප‍්පතිත්‍වා තස‍්ස ගීවායං පතිත්‍වා හනුකස‍්ස හෙට‍්ඨා අන‍්තොගලනාළියං ඩංසිත්‍වා ගලනාළිං ඵාලෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙසි. මූසිකගණො නිවත‍්තිත්‍වා සිඞ‍්ගාලං “මුරු මුරූ”ති ඛාදිත්‍වා අගමාසි. පඨමාගතාව කිරස‍්ස මංසං ලභිංසු, පච‍්ඡා ආගතා න ලභිංසු. තතො පට‍්ඨාය මූසිකගණො නිබ‍්භයො ජාතො.
මී රජා කියත් කියත් ම උඩ පැන උගේ බෙල්ලට පැන යටි හනුවෙහි ඇතුල් ගලනාලය හපා බොටුව පලා මරණයට පත් කළේය. මී සමූහයා නැවතී හිවලා මුරු මුරු යන අනුකරණයෙන් කා ගියහ. පළමුවෙන් ආවාහු මූගේ මස් ලැබූහ. පසුව ආවාහු නො ලැබූහ. එතැන් පටන් මී සමූහයා බය නැත්තෝ වූහ.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ‍්ගාලො කුහකභික‍්ඛු අහොසි, මූසිකරාජා පන අහමෙව අහොසි”න‍්ති.
බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළහ. එකල හිවලා කුහක භික්‍ෂුව විය. මී රජ වනාහි මම ම වීමි.
බිළාරවතජාතකවණ‍්ණනා අට‍්ඨමා.