9. අග‍්ගිකභාරද‍්වාජජාතකවණ‍්ණනා 129 අට‍්ඨකථා
9. අග‍්ගිකභාරද‍්වාජජාතකවණ‍්ණනා (129)
9. අග්ගික ජාතකය (129)
නායං සිඛා පුඤ‍්ඤහෙතූති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කුහකඤ‍්ඤෙව භික‍්ඛුං ආරබ‍්භ කථෙසි.
“නායං සිඛා පුඤ්ඤහෙතූති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, කුහක භික්‍ෂුවක් ම අරබයා වදාළහ.
අතීතස‍්මිඤ‍්හි බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො මූසිකරාජා හුත්‍වා අරඤ‍්ඤෙ වසති. අථෙකො සිඞ‍්ගාලො දවඩාහෙ උට‍්ඨිතෙ පලායිතුං අසක‍්කොන‍්තො එකස‍්මිං රුක‍්ඛෙ සීසං ආහච‍්ච අට‍්ඨාසි. තස‍්ස සකලසරීරෙ ලොමානි ඣායිංසු, රුක‍්ඛං ආහච‍්ච ඨිතට‍්ඨානෙ පන මත්‍ථකෙ චූළා විය ථොකානි ලොමානි අට‍්ඨංසු. සො එකදිවසං සොණ‍්ඩියං පානීයං පිවන‍්තො ඡායං ඔලොකෙන‍්තො චූළං දිස‍්වා “උප‍්පන‍්නං දානි මෙ භණ‍්ඩමූල”න‍්ති අරඤ‍්ඤෙ විචරන‍්තො තං මූසිකාදරිං දිස‍්වා “ඉමා මූසිකා වඤ‍්චෙත්‍වා ඛාදිස‍්සාමී”ති හෙට‍්ඨා වුත‍්තනයෙනෙව අවිදූරෙ අට‍්ඨාසි. අථ නං බොධිසත‍්තො ගොචරාය චරන‍්තො දිස‍්වා “සීලවා අය”න‍්ති සඤ‍්ඤාය උපසඞ‍්කමිත්‍වා “ත්‍වං කින‍්නාමොසී”ති පුච‍්ඡි. “අහං අග‍්ගිකභාරද‍්වාජො නාමා”ති. “අථ කස‍්මා ආගතොසී”ති? “තුම‍්හාකං රක‍්ඛනත්‍ථායා”ති. “කින‍්ති කත්‍වා අම‍්හෙ රක‍්ඛිස‍්සසී”ති? “අහං අඞ‍්ගුට‍්ඨගණනං නාම ජානාමි, තුම‍්හාකං පාතොව නික‍්ඛමිත්‍වා ගොචරාය ගමනකාලෙ ‘එත‍්තකා’ති ගණෙත්‍වා පච‍්චාගමනකාලෙපි ගණෙස‍්සාමි, එවං සායං පාතං ගණෙන‍්තො රක‍්ඛිස‍්සාමී”ති. “තෙන හි රක‍්ඛ මාතුලා”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා නික‍්ඛමනකාලෙ “එකො ද‍්වෙ තයො”ති ගණෙත්‍වා පච‍්චාගමනකාලෙපි තථෙව ගණෙත්‍වා සබ‍්බපච‍්ඡිමං ගහෙත්‍වා ඛාදති. සෙසං පුරිමසදිසමෙව.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී බෝසත්හු මී රජෙක් ව වනයෙහි වසයි. ඉක්බිති, එක් හිවලෙක් ලැව් ගිනි හටගත් කල්හි පලා යාමට නො හැකි වන්නේ, එක් ගසෙක හිස ඇන ගෙන සිටියේය. නරියාගේ මුළු සිරුරේ ම ලෝම දැවුණේය. ගසෙහි හිස ඇන ගෙන සිටි තැන මුදුනෙහි සිපවක් මෙන් ලොම් ටිකක් තිබුණේය. හෙතෙම එක් දිනක් පොකුණෙන් පැන් බොන්නේ, සෙවනැල්ල බලන්නේ, සිළුව (මුදුන) දැක, මට දැන් තත්ත්වයක් ලැබුණේයැ යි වනයෙහි හැසිරෙන්නේ, ඒ මී ලෙන ද දැක මේ මීයන් වංචා කොට කන්නෙමි යි යට කියන ලද ක්‍රමයට ම නුදුරෙහි සිටියේය. ඉක්බිති, බෝසත්හු ගොදුරු සඳහා හැසිරෙන්නේ, නරියා දැක සිල්වතෙක්යැ යි හැඟීමෙන් එළැඹ නුඹ කිනම් නම් ඇත්තෙක්දැ යි විචාළේය. මම අග්ගික භාරද්වාර නමැත්තාය. ඉක්බිති, කුමක් සඳහා ආවෙහි ද? නුඹලා රක්ෂා කිරීම පිණිසයි. කුමක් කොට අප රකින්නෙහි ද? මම අඟිලිවලින් ගණන් කිරීම දනිමි. තොප උදෙන් ම නික්මී ගොදුරු පිණිස යන කාලයේ මෙපමණයැ යි ගණන්කොට ආපසු එන කාලයේ දීත් ගණින්නෙමි. මෙසේ සවස උදෑසන ගණිමින් රකින්නෙමි. එසේ නම් මාමණ්ඩිය රකින්න. නරියා යහපතැ යි පිළිගෙන නික්මෙන කල්හි එකා දනේනා තුන් දෙනායැ යි ගණන් කොට එන කල්හි ද එසේ ම ගණන් කොට හැමට පසු ව එන මීයා ගෙන කයි. සෙස්ස පෙර පරිදි මය.
ඉධ පන මූසිකරාජා නිවත‍්තිත්‍වා ඨිතො “භො අග‍්ගිකභාරද‍්වාජ, නායං තව ධම‍්මසුධම‍්මතාය මත්‍ථකෙ චූළා ඨපිතා, කුච‍්ඡිකාරණා පන ඨපිතා”ති වත්‍වා ඉමං ගාථමාහ –
මෙහි මී රජ නැවතී සිටියේ එම්බා අග්ගික භාරද්වාජ, මේ නුඹේ ධර්මතාවයක් නිසා හිසෙහි කෙස් රොදක් තැබුවේ නොව, හුදෙක් බඩ වඩා ගැනීම පිණිස තබන ලද්දකැ යි කියා මේ ගාථාව කීවේය.
“නායං සිඛා පුඤ්ඤහෙතු, ඝාසහෙතු අයං සිඛා; නාගුට‍්ඨිගණනං යාති, අලං තෙ හොතු අග‍්ගිකා”ති.
“නායං සිඛා පුඤ්ඤහෙතු ඝාසහෙතු අයං සිඛා, නඞ්ගුට්ඨගණනං යාති අලං තෙ හොතු අග්ගකාති”
“මේ සිඛාව (හිස මුදුනෙහි බැඳි කෙස් රොද) හිත් පිණිස නො වේ. මේ සිඛාව අනුන් කනු සඳහාය. (මේ මූසික සමූහයා) ඇඟිලි ගණනට නො ආයේය. අග්ගිකය, තාගේ (මීයන් ගිණීම) මේ පමණ වේවා.”
තත්‍ථ නාගුට‍්ඨිගණනං යාතීති “අඞ‍්ගුට‍්ඨිගණනා”ති අඞ‍්ගුට‍්ඨගණනා වුච‍්චති, අයං මූසිකගණො අඞ‍්ගුට‍්ඨගණනං න ගච‍්ඡති න උපෙති න පූරෙති, පරික‍්ඛයං ගච‍්ඡතීති අත්‍ථො. අලං තෙ හොතු අග‍්ගිකාති සිඞ‍්ගාලං නාමෙන ආලපන‍්තො ආහ. එත‍්තාවතා තෙ අලං හොතු, න ඉතො පරං මූසිකෙ ඛාදිස‍්සසි . අම‍්හෙහි වා තයා සද‍්ධිං සංවාසො අලං හොතු, න මයං ඉදානි තයා සද‍්ධිං වසිස‍්සාමාතිපි අත්‍ථො. සෙසං පුරිමසදිසමෙව.
එහි, “නඞ්ගුට්ඨ ගණනං යාතීති”, නඞ්ගුට්ඨ ගණන නම් ඇඟිලි ගැනීමයැ යි කියනු ලැබේ. මේ මී සමූහයා ඇඟිලිගැනීමට නො යයි. නො එළඹෙයි. නො පුරවයි. ක්‍ෂයවීමකට නො යයි. යන අර්ථයි. “අලං තෙ හොතු අග්ගකාති”, හිවලා නමින් අමතමින් කීවේය. මෙපමණකින් ඔබට සෑහේවා. මින්පසු මීයන් නො කන්නෙහිය. අප සමග හෝ තොප සමග හෝ ආශ්‍රයක් නො වේවා. අපි දැන් නුඹ සමග නො වසන්නෙමු යි යන අර්ථයි. සෙස්ස පෙර පරිදි මය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි “තදා සිඞ‍්ගාලො අයං භික‍්ඛු අහොසි, මූසිකරාජා පන අහමෙව අහොසි”න‍්ති.
බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමා කළහ. එකල හිවලා ද මේ භික්‍ෂුව විය. මී රජා වනාහි මම ම වීමි.
අග‍්ගිකභාරද‍්වාජජාතකවණ‍්ණනා නවමා.